Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අප ජීවත්වන පරිසරයේ නිතර ම දක්නට ලැබෙන සතුන් අතරට මකුළුවන් ද අයත්. සූක්ෂ ම අයුරින් වියූ දැලක් භාවිතයෙන් තම ආහාර සොයා ගැනීමට පුරුදු ව සිටින මෙම අපූරු සත්ත්වයා කෘමීන්, පණුවන්, සහ කුඩා කටුස්සන් වැඩිපුර ආහාරයට ගන්නවා. සාමාන්‍ය මකුළු විශේෂ එවැනි සරල ආහාරවලින් සිය කුස පුරවා ගත්තත් ඇතැම් වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන භයානක මකුළු විශේෂවල ආහාර රටාව තරමක් වෙනස්.

ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී ස්වරූපයක් පෙන්නුම් කරන එවැනි මකුළු විශේෂවලින් බහුතරයක් සර්පයන් පවා ආහාරයට ගන්නා බව පසුගිය කාලයේ දී අනාවරණය වුණා. ඒ පිළිබඳ ව සුවිශේෂී කරුණු කිහිපයක් මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා.

1). සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් මහද්වීප 6ක ජීවත් වෙනවා

ස්විට්සර්ලන්තයේ බාසල් විශ්වවිද්‍යාලයේ සේවය කරන ජීව විද්‍යාඥයකු වන මාටින් නයිෆෙලර් සැලකිය යුතු තරම් කාලයක සිට මකුළුවන් පිළිබඳ ව විවිධ පර්යේෂණවල නිරත වෙනවා. ඔහු පසුගිය කාලයේ දී සිදු කළ එක්තරා පර්යේෂණයකින් අනාවරණය වුණේ සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ කිහිපයක් සිටින බව යි.

එම පර්යේෂණය සඳහා ඔහු යටතේ කණ්ඩායම් කිහිපයක් සහභාගි වුණා. ඔවුන් ලෝකයේ රටවල් රැසක් ආවරණය කරමින් සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් පිළිබඳ ව ගවේෂණය කළා. එහි දී ඇන්ටාර්ටිකා මහද්වීපය හැර සෙසු මහද්වීපවලින් සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ හමු ව තිබුණා. ඒ අතුරින් වැඩි මකුළු විශේෂ ප්‍රමාණයක් අමෙරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.

ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් – eurekalert.org

2). විඩෝව් පවුලේ මකුළුවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා

සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ අතුරින් විඩෝව් පවුලේ මකුළුවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. බ්ලැක් විඩෝව්, බ්‍රවුන් විඩෝව්, ස්කවුට් බ්ලැක් විඩෝව්, ෆේල්ස් විඩෝව්, ෆේල්ස් බ්ලැක් විඩෝව්, ඉරානියන් විඩෝව්, ඊශ්‍රායෙල් විඩෝව් යන මකුළුවන් වර්ග ප්‍රධාන වශයෙන් විඩෝව් මකුළු පවුලට අයත් වෙනවා.

එම මකුළු විශේෂ ලෝකයේ සෑම මහද්වීපයක් ආශ්රිත ව ම ජීවත් වන බව පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා. විඩෝව් පවුලේ මකුළු විශේෂවලින් වැඩි ප්‍රමාණයක් උතුරු අමෙරිකා මහද්වීපය ආශ්රිත ව ජීවත් වන බවට හඳුනා ගෙන තිබෙනවා. විඩෝව් පවුලේ මකුළුවන්ට අමතර ව ඕස්ට්‍රේලියානු රෙඩ්බැක් මකුළුවන්, අප්‍රිකානු බට්න් මකුළුවන් සහ දකුණු අමෙරිකානු දිවි මකුළුවන්, සර්පයන් ආහාරයට ගන්නවා.

බ්ලැක් විඩෝව් මකුළුවෙක් – standard.net

3). මකුළුවන්ට ගොදුරු වන සර්ප විශේෂ

සර්ප පැටවුන් මකුළුවන්ගේ ප්‍රහාරවලට සාමාන්‍යයෙන් නිතර ම ලක් වෙනවා. නමුත් මීටරයක් පමණ දිගකින් යුත් සර්පයකු වුණත් මකුළුවකුගේ ගොදුරක් බවට පත්විය හැකි යි. එවැනි අවස්ථා රැසක් නිරීක්ෂණය කිරීමට ජීව විද්‍යාඥයන්ට හැකි ව තිබෙනවා. එහි දී මකුළුවන්ගේ ගොදුරු බවට සුලභව පත්වන සර්ප විශේෂ 9ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා.

දුඹුරු සර්පයන්, කොළ සර්පයන්, ක්රේෆිෂ් සර්පයන්, ගාටර් සර්පයන්, කිං සර්පයන්, රිංග්නෙක් සර්පයන්, ස්කාලට් සර්පයන්, රැට් සර්පයන් සහ රේසර්ස් සර්පයන් ඒ ආකාරයට මකුළු ප්‍රහාරවලට ලක් වී මරණයට පත්වෙනවා. සර්පයන් මකුළු ප්‍රහාරවලට ලක්වීම උතුරු අමෙරිකානු මහද්වීපයෙන් සුලබ ව වාර්තා වෙද්දී ඕස්ට්‍රේලියානු මහද්වීපයෙනුත් එවැනි සිදුවීම් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.

මකුළුවෙක් සර්පයකු මරා දැමීමට උත්සාහ කරන අවස්ථාවක් – cnet.com

4). සර්පයන් මරා දැමීමට මකුළුවන් භාවිත කරන උපක්‍රම

සර්පයන් අල්ලාගැනීම සඳහා සෑම මකුළුවකු ම එක ම උපක්‍රමය භාවිත කරන්නේ නැහැ. එහි දී එක් එක් මකුළු විශේෂය සර්පයා අල්ලා ගැනීම සඳහා උන්ට ආවේණික උපක්‍රම භාවිත කරනවා. ඒ අතුරින් බ්ලැක් විඩෝව් මකුළුවන් වඩාත් භයානක උපක්‍රමයක් අනුගමනය කරනවා.

සාමාන්‍යයෙන් බ්ලැක් විඩෝව් මකුළු විශේෂය ඉතාමත් දැඩි මකුළු දැලක් වියනවා. ඉන් අනතුරු ව උන් සිය ගොදුර එහි පැමිණෙන තුරු ඉවසීමෙන් බලා ගෙන සිටිනවා. සමහර අවස්ථාවල උන්ගේ මකුළු දැලට ගොදුර හසුවීමට දිනකටත් වඩා ගතවනවා. ඒ අයුරින් වියූ දැලට සර්පයා හසුවීමෙන් පසු ව ඌ දැලෙන් ඉවතට යාමට දඟලන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එවිට සර්පයා තව තවත් දැලෙහි පැටලෙනවා.

මකුළු දැලක පැටලී සිටින සර්පයෙක් – treehugger.com

දැලෙහි පැටලී සිටින සර්පයා අඩපණ වීමෙන් පසු බ්ලැක් විඩෝව් මකුළුවා සිය ගොදුර වෙත ළඟා වෙනවා. ඉන් පසුව මකුළුවා කිහිප වාරයක් සර්පයාට දෂ්ඨ කරනවා. එම දෂ්ඨ කිරීමෙන් පසු මාරාන්තික විසක් සර්පයාගේ ශරීරයට ඇතුළු වෙනවා. එහි බලපෑම වඩාත් තදින් දැනෙන්නේ සර්පයාගේ ස්නායු පද්ධතියට යි. ඉන් පසු ව ක්‍රමයෙන් අඩපණ වන සර්පයා අවසානයේ දී මරණයට පත්වෙනවා.

ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් සඳහන් කරන්නේ සමහර බ්ලැක් විඩෝව් මකුළුවන් උන්ට වඩා 10-30 අතර ගුණයකින් යුත් සර්පයන් මරා දමන බව යි. සාමාන්‍යයෙන් බ්ලැක් විඩෝව් මකුළු දැලක පැටලෙන සර්පයන් සිය ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වෙනවා. එවැනි අවස්ථාවක දී සර්පයකුගේ ජීවිතය බේරෙන්නේ බොහොම කලාතුරකින්.

දිවි මකුළුවකුගේ ප්‍රහාරය හමුවේ මිය ගිය සර්පයෙක් – livescience.com

බ්ලැක් විඩෝව් මකුළුවන් සර්පයන් මරා දැමීම සඳහා මකුළු දැල් භාවිතා කළත් සෑම මකුළු විශේෂයක් ම එම උපක්‍රමය භාවිත කරන්නේ නැහැ. සමහර මකුළුවන් දැල් භාවිත නො කර සර්පයන් අල්ලා ගැනීමට පුරුදු ව සිටිනවා. දකුණු අමෙරිකානු දිවි මකුළුවන් ඒ ආකාරයෙන් දැල් භාවිත නොකර සර්පයන් මරා දමන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එහි දී දිවි මකුළුවන් සර්පයාගේ හිසෙන් අල්ලාගෙන දෂ්ඨ කිරීමත් සමඟ ම මකුළු විස සර්පයාගේ සිරුරට ඇතුළු වෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් සර්පයා අඩපණ වෙනවා. නැවත නැවතත් මකුළුවා එල්ල කරන ප්‍රහාර හමුවේ සර්පයා තවත් අඩපණ වී අවසානයේ දී මරණයට පත් වෙනවා. ඒ ආකාරයට මකුළුවන් සහ සර්පයන් අතර ඇතිවන ගැටුම්වල දී සමහර මකුළු විශේෂ එල්ල කරන ප්‍රහාර හමුවේ සර්පයන් ඉක්මනින් ම මිය යනවා. සමහර අවස්ථාවල දී සර්පයා මිය යාම සඳහා සැලකිය යුතු තරම් වේලාවක් ගත වෙනවා. බොහෝ විට සර්පයා මිය යාමට ගතවන කාලය තීරණය වන්නේ එක් එක් මකුළු විශේෂය දෂ්ඨ කළ විට සර්පයාගේ සිරුරට ඇතුළු වන විස ප්‍රමාණය මත යි.

5). මියගිය සර්පයා ආහාරයට ගන්නා ආකාරය

බොහෝ සතුන් වෙහෙස මහන්සි වී ගොදුරක් සොයා ගත් විගස එය ක්ෂණික ව ආහාරයට ගන්නවා. එහි දී බහුතරයක් සතුන් ගොදුර විකා ආහාරයට ගන්නවා. තවත් සමහර සතුන් ගොදුර එක් වර ම ගිල දමනවා. මකුළුවන් සෑහෙන සටනක් සිදු කර මරා දමන සර්පයන් ආහාරයට ගැනීම සඳහා අමුතු ම ක්‍රමයක් භාවිත කරනවා. එහි දී මියගිය සර්පයාගේ ශරීරය, එන්සයිමවල ආධාරයෙන් තවදුරටත් මෘදු කර ගැනීමට මකුළුවන් පුරුදු ව සිටිනවා. එලෙස මෘදු වුණු සර්ප සිරුරේ කොටස් සුප් එකක් සේ පානය කිරීම මකුළුවන් පුරුදුව සිටින ආහාර පරිභෝජන ක්‍රමය යි.

මියගිය සර්පයකු ආහාරයට ගන්නා මකුළුවෙක් – independent.co.uk

මකුළුවන් මරා දැමූ සර්පයෙකු සම්පූර්ණයෙන් ම ආහාරයට ගන්නේ නැහැ. බොහෝ විට උන් මියගිය සර්පයාගේ සිරුරෙන් කොටසක් පමණක් ආහාරයට ගන්නවා. ඒ අයුරින් කුඩා මකුළුවකුට සැලකිය යුතු තරම් විශාල ප්‍රමාණයේ සර්පයකු මරා දැමීමට ඇති හැකියාව හරිම පුදුමාකාර බව ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් පවසනවා. ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට මාටින් නයිෆෙලර් බලාපොරොත්තුවෙන් සිටිනවා. එවිට නුදුරු අනාගතයේ දී මකුළු-සර්ප සටන පිළිබඳ ව තවත් අපූරු තොරතුරු හෙළිදරවු වනු ඇති බවට සැකයක් නැහැ.

මූලාශ්‍ර:

Blogger Nadum Liyanagedara

arstechnica.com

nationalgeographic.com

smithsonianmag.com

sciencenews.org

sciencedaily.com

sciencenewsforstudents.org

[QUOTE="NRTG, post: 29031743, member: 573158"] [SIZE=4]අප ජීවත්වන පරිසරයේ නිතර ම දක්නට ලැබෙන සතුන් අතරට මකුළුවන් ද අයත්. සූක්ෂ ම අයුරින් වියූ දැලක් භාවිතයෙන් තම ආහාර සොයා ගැනීමට පුරුදු ව සිටින මෙම අපූරු සත්ත්වයා කෘමීන්, පණුවන්, සහ කුඩා කටුස්සන් වැඩිපුර ආහාරයට ගන්නවා. සාමාන්‍ය මකුළු විශේෂ එවැනි සරල ආහාරවලින් සිය කුස පුරවා ගත්තත් ඇතැම් වනාන්තර ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන භයානක මකුළු විශේෂවල ආහාර රටාව තරමක් වෙනස්. ස්වභාවයෙන්ම ආක්‍රමණශීලී ස්වරූපයක් පෙන්නුම් කරන එවැනි මකුළු විශේෂවලින් බහුතරයක් සර්පයන් පවා ආහාරයට ගන්නා බව පසුගිය කාලයේ දී අනාවරණය වුණා. ඒ පිළිබඳ ව සුවිශේෂී කරුණු කිහිපයක් මෙම ලිපියෙන් ඔබ වෙත ඉදිරිපත් කරනවා. [IMG width="689px"]https://i.imgur.com/M0aQysK.jpg[/IMG][/SIZE] [HEADING=2][B][SIZE=5]1). සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් මහද්වීප 6ක ජීවත් වෙනවා [/SIZE][/B][/HEADING] [SIZE=4]ස්විට්සර්ලන්තයේ බාසල් විශ්වවිද්‍යාලයේ සේවය කරන ජීව විද්‍යාඥයකු වන මාටින් නයිෆෙලර් සැලකිය යුතු තරම් කාලයක සිට මකුළුවන් පිළිබඳ ව විවිධ පර්යේෂණවල නිරත වෙනවා. ඔහු පසුගිය කාලයේ දී සිදු කළ එක්තරා පර්යේෂණයකින් අනාවරණය වුණේ සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ කිහිපයක් සිටින බව යි. එම පර්යේෂණය සඳහා ඔහු යටතේ කණ්ඩායම් කිහිපයක් සහභාගි වුණා. ඔවුන් ලෝකයේ රටවල් රැසක් ආවරණය කරමින් සර්පයන් ආහාරයට ගන්නා මකුළුවන් පිළිබඳ ව ගවේෂණය කළා. එහි දී ඇන්ටාර්ටිකා මහද්වීපය හැර සෙසු මහද්වීපවලින් සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ හමු ව තිබුණා. ඒ අතුරින් වැඩි මකුළු විශේෂ ප්‍රමාණයක් අමෙරිකාවෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වුණා.[/SIZE] [SIZE=4][IMG width="686px"]https://i.imgur.com/Vnii6J8.jpg[/IMG] ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් – eurekalert.org[/SIZE] [HEADING=2][B][SIZE=5]2). විඩෝව් පවුලේ මකුළුවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා[/SIZE][/B][/HEADING] [SIZE=4]සර්පයන් ආහාරයට ගන්නා මකුළු විශේෂ අතුරින් විඩෝව් පවුලේ මකුළුවන්ට සුවිශේෂී ස්ථානයක් හිමිවනවා. බ්ලැක් විඩෝව්, බ්‍රවුන් විඩෝව්, ස්කවුට් බ්ලැක් විඩෝව්, ෆේල්ස් විඩෝව්, ෆේල්ස් බ්ලැක් විඩෝව්, ඉරානියන් විඩෝව්, ඊශ්‍රායෙල් විඩෝව් යන මකුළුවන් වර්ග ප්‍රධාන වශයෙන් විඩෝව් මකුළු පවුලට අයත් වෙනවා. එම මකුළු විශේෂ ලෝකයේ සෑම මහද්වීපයක් ආශ්රිත ව ම ජීවත් වන බව පර්යේෂණවලින් සොයා ගෙන තිබෙනවා. විඩෝව් පවුලේ මකුළු විශේෂවලින් වැඩි ප්‍රමාණයක් උතුරු අමෙරිකා මහද්වීපය ආශ්රිත ව ජීවත් වන බවට හඳුනා ගෙන තිබෙනවා. විඩෝව් පවුලේ මකුළුවන්ට අමතර ව ඕස්ට්‍රේලියානු රෙඩ්බැක් මකුළුවන්, අප්‍රිකානු බට්න් මකුළුවන් සහ දකුණු අමෙරිකානු දිවි මකුළුවන්, සර්පයන් ආහාරයට ගන්නවා.[/SIZE] [SIZE=4][IMG width="707px"]https://i.imgur.com/DO0E4IQ.jpg[/IMG][/SIZE] බ්ලැක්[SIZE=4] විඩෝව් මකුළුවෙක් – standard.net[/SIZE] [HEADING=2][B][SIZE=5]3). මකුළුවන්ට ගොදුරු වන සර්ප විශේෂ[/SIZE][/B][/HEADING] [SIZE=4]සර්ප පැටවුන් මකුළුවන්ගේ ප්‍රහාරවලට සාමාන්‍යයෙන් නිතර ම ලක් වෙනවා. නමුත් මීටරයක් පමණ දිගකින් යුත් සර්පයකු වුණත් මකුළුවකුගේ ගොදුරක් බවට පත්විය හැකි යි. එවැනි අවස්ථා රැසක් නිරීක්ෂණය කිරීමට ජීව විද්‍යාඥයන්ට හැකි ව තිබෙනවා. එහි දී මකුළුවන්ගේ ගොදුරු බවට සුලභව පත්වන සර්ප විශේෂ 9ක් පමණ මේ වන විට හඳුනාගෙන තිබෙනවා. දුඹුරු සර්පයන්, කොළ සර්පයන්, ක්රේෆිෂ් සර්පයන්, ගාටර් සර්පයන්, කිං සර්පයන්, රිංග්නෙක් සර්පයන්, ස්කාලට් සර්පයන්, රැට් සර්පයන් සහ රේසර්ස් සර්පයන් ඒ ආකාරයට මකුළු ප්‍රහාරවලට ලක් වී මරණයට පත්වෙනවා. සර්පයන් මකුළු ප්‍රහාරවලට ලක්වීම උතුරු අමෙරිකානු මහද්වීපයෙන් සුලබ ව වාර්තා වෙද්දී ඕස්ට්‍රේලියානු මහද්වීපයෙනුත් එවැනි සිදුවීම් සැලකිය යුතු ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා.[/SIZE] [SIZE=4][IMG width="719px"]https://i.imgur.com/WYlVfAD.jpg[/IMG] මකුළුවෙක් සර්පයකු මරා දැමීමට උත්සාහ කරන අවස්ථාවක් – cnet.com[/SIZE] [HEADING=2][B][SIZE=5]4). සර්පයන් මරා දැමීමට මකුළුවන් භාවිත කරන උපක්‍රම [/SIZE][/B][/HEADING] [SIZE=4]සර්පයන් අල්ලාගැනීම සඳහා සෑම මකුළුවකු ම එක ම උපක්‍රමය භාවිත කරන්නේ නැහැ. එහි දී එක් එක් මකුළු විශේෂය සර්පයා අල්ලා ගැනීම සඳහා උන්ට ආවේණික උපක්‍රම භාවිත කරනවා. ඒ අතුරින් බ්ලැක් විඩෝව් මකුළුවන් වඩාත් භයානක උපක්‍රමයක් අනුගමනය කරනවා. සාමාන්‍යයෙන් බ්ලැක් විඩෝව් මකුළු විශේෂය ඉතාමත් දැඩි මකුළු දැලක් වියනවා. ඉන් අනතුරු ව උන් සිය ගොදුර එහි පැමිණෙන තුරු ඉවසීමෙන් බලා ගෙන සිටිනවා. සමහර අවස්ථාවල උන්ගේ මකුළු දැලට ගොදුර හසුවීමට දිනකටත් වඩා ගතවනවා. ඒ අයුරින් වියූ දැලට සර්පයා හසුවීමෙන් පසු ව ඌ දැලෙන් ඉවතට යාමට දඟලන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එවිට සර්පයා තව තවත් දැලෙහි පැටලෙනවා. [IMG width="738px"]https://i.imgur.com/Z6eteGq.jpg[/IMG][/SIZE] [SIZE=4]මකුළු දැලක පැටලී සිටින සර්පයෙක් – treehugger.com දැලෙහි පැටලී සිටින සර්පයා අඩපණ වීමෙන් පසු බ්ලැක් විඩෝව් මකුළුවා සිය ගොදුර වෙත ළඟා වෙනවා. ඉන් පසුව මකුළුවා කිහිප වාරයක් සර්පයාට දෂ්ඨ කරනවා. එම දෂ්ඨ කිරීමෙන් පසු මාරාන්තික විසක් සර්පයාගේ ශරීරයට ඇතුළු වෙනවා. එහි බලපෑම වඩාත් තදින් දැනෙන්නේ සර්පයාගේ ස්නායු පද්ධතියට යි. ඉන් පසු ව ක්‍රමයෙන් අඩපණ වන සර්පයා අවසානයේ දී මරණයට පත්වෙනවා. ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් සඳහන් කරන්නේ සමහර බ්ලැක් විඩෝව් මකුළුවන් උන්ට වඩා 10-30 අතර ගුණයකින් යුත් සර්පයන් මරා දමන බව යි. සාමාන්‍යයෙන් බ්ලැක් විඩෝව් මකුළු දැලක පැටලෙන සර්පයන් සිය ජීවිතය බේරා ගැනීම සඳහා ප්‍රබල සටනක නිරත වෙනවා. එවැනි අවස්ථාවක දී සර්පයකුගේ ජීවිතය බේරෙන්නේ බොහොම කලාතුරකින්. [IMG width="757px"]https://i.imgur.com/QmW27gv.jpg[/IMG] දිවි මකුළුවකුගේ ප්‍රහාරය හමුවේ මිය ගිය සර්පයෙක් – livescience.com බ්ලැක් විඩෝව් මකුළුවන් සර්පයන් මරා දැමීම සඳහා මකුළු දැල් භාවිතා කළත් සෑම මකුළු විශේෂයක් ම එම උපක්‍රමය භාවිත කරන්නේ නැහැ. සමහර මකුළුවන් දැල් භාවිත නො කර සර්පයන් අල්ලා ගැනීමට පුරුදු ව සිටිනවා. දකුණු අමෙරිකානු දිවි මකුළුවන් ඒ ආකාරයෙන් දැල් භාවිත නොකර සර්පයන් මරා දමන ආකාරය නිරීක්ෂණය කරන්නට පුළුවන්. එහි දී දිවි මකුළුවන් සර්පයාගේ හිසෙන් අල්ලාගෙන දෂ්ඨ කිරීමත් සමඟ ම මකුළු විස සර්පයාගේ සිරුරට ඇතුළු වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් සර්පයා අඩපණ වෙනවා. නැවත නැවතත් මකුළුවා එල්ල කරන ප්‍රහාර හමුවේ සර්පයා තවත් අඩපණ වී අවසානයේ දී මරණයට පත් වෙනවා. ඒ ආකාරයට මකුළුවන් සහ සර්පයන් අතර ඇතිවන ගැටුම්වල දී සමහර මකුළු විශේෂ එල්ල කරන ප්‍රහාර හමුවේ සර්පයන් ඉක්මනින් ම මිය යනවා. සමහර අවස්ථාවල දී සර්පයා මිය යාම සඳහා සැලකිය යුතු තරම් වේලාවක් ගත වෙනවා. බොහෝ විට සර්පයා මිය යාමට ගතවන කාලය තීරණය වන්නේ එක් එක් මකුළු විශේෂය දෂ්ඨ කළ විට සර්පයාගේ සිරුරට ඇතුළු වන විස ප්‍රමාණය මත යි.[/SIZE] [HEADING=2][B][SIZE=5]5). මියගිය සර්පයා ආහාරයට ගන්නා ආකාරය [/SIZE][/B][/HEADING] [SIZE=4]බොහෝ සතුන් වෙහෙස මහන්සි වී ගොදුරක් සොයා ගත් විගස එය ක්ෂණික ව ආහාරයට ගන්නවා. එහි දී බහුතරයක් සතුන් ගොදුර විකා ආහාරයට ගන්නවා. තවත් සමහර සතුන් ගොදුර එක් වර ම ගිල දමනවා. මකුළුවන් සෑහෙන සටනක් සිදු කර මරා දමන සර්පයන් ආහාරයට ගැනීම සඳහා අමුතු ම ක්‍රමයක් භාවිත කරනවා. එහි දී මියගිය සර්පයාගේ ශරීරය, එන්සයිමවල ආධාරයෙන් තවදුරටත් මෘදු කර ගැනීමට මකුළුවන් පුරුදු ව සිටිනවා. එලෙස මෘදු වුණු සර්ප සිරුරේ කොටස් සුප් එකක් සේ පානය කිරීම මකුළුවන් පුරුදුව සිටින ආහාර පරිභෝජන ක්‍රමය යි.[/SIZE] [IMG width="750px"]https://i.imgur.com/4VuxKLo.jpg[/IMG] මියගිය සර්පයකු ආහාරයට ගන්නා මකුළුවෙක් – independent.co.uk [SIZE=4]මකුළුවන් මරා දැමූ සර්පයෙකු සම්පූර්ණයෙන් ම ආහාරයට ගන්නේ නැහැ. බොහෝ විට උන් මියගිය සර්පයාගේ සිරුරෙන් කොටසක් පමණක් ආහාරයට ගන්නවා. ඒ අයුරින් කුඩා මකුළුවකුට සැලකිය යුතු තරම් විශාල ප්‍රමාණයේ සර්පයකු මරා දැමීමට ඇති හැකියාව හරිම පුදුමාකාර බව ජීව විද්‍යාඥ මාටින් නයිෆෙලර් පවසනවා. ඒ පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වීමට මාටින් නයිෆෙලර් බලාපොරොත්තුවෙන් සිටිනවා. එවිට නුදුරු අනාගතයේ දී මකුළු-සර්ප සටන පිළිබඳ ව තවත් අපූරු තොරතුරු හෙළිදරවු වනු ඇති බවට සැකයක් නැහැ.[/SIZE] [SIZE=2]මූලාශ්‍ර: Blogger Nadum Liyanagedara arstechnica.com nationalgeographic.com smithsonianmag.com sciencenews.org sciencedaily.com sciencenewsforstudents.org[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom