Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සල්ලි තිබිලත් පින නැති යක්කු...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සල්ලි තිබිලත් පින නැති යක්කු...

*****නෙට් එකෙන්*************

හිටපු එස්.ටී.එෆ්. නිලධාරියකු ළමා අපචාර චෝදනාවකින් බේරෙන්න කළ අපූරු සැලසුමක්

විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකුගේ දරුවකු වන තුසිත කුමාර ද උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන්නේ පියා ගිය අඩි පාරේම යමිනි. නමුත් ඒ සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නොව පොලිස් විශේෂ කාර්ය බළකායට එක්ව ත්රස්තවාදීන් සමග යුද වදින්නටය. යුද්ධය දරුණුවට පැවැති 1997 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ තුසිත පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස් වීම් ලබන්නේද විශේෂ කාර්ය බළකායේ සිටි කාලය තුළදීය. වසර දහයක් දොළහක් විශේෂ කාර්ය බළකායේ සේවය කළ තුසිත ඉන් ඉවත්ව සාමාන්‍ය පොලිස් සේවයට එක්වන්නේ යුද්ධය අවසන්වීමෙන් අනතුරුවය. ඔහු වැඩ භාර ගන්නේ්ද තම ගමේ පොලීසිය වූ කැකිරාව පොලීසියේය.

පොලිස් පරීක්ෂකවරයෙකු වූ තුසිත වැඩිකල් නොගොස් කැකිරාව පොලිස් ස්ථානයෙන් පාලනය කෙරුණු ඉපලෝගම පොලිස් මුරපොළේ Ragapamaස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ උසස් නිලධාරීන් විසිනි. එහිද ඔහුට වැඩි කාලයක් සේවයේ නිරතව සිටින්නට ඉඩක් නොවීය. අනුරාධපුරයට ඔහුව මාරු කරනු ලැබිය.

අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ කෙටි කාලයක් සේවයේ නිරතව සිටි තුසිත ඊළඟ ස්ථාන මාරුව ලැබ පැමිණෙන්නේ කොළඹටය. කොම්පඤ්ඤවීදිය සහ කොළඹ නාගරික රථවාහන පොලීසියේ ඔහු කාලයක්ම සේවය කළේය. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ නාගරික රථවාහන පොලීසියේ සේවය කරන කාලය තුළදීය. ඒ සැරයන්වරයෙකු මගින් හඳුනා ගත් ඔහුගේ ගමේම පදිංචිකරුවෙකු වන ඉන්දිකව හඳුනාගන්නට ලැබිමත් සමගිනි.

ඉන්දික කැකිරාවේ අයෙකු වූවත් ඒ වන විට ඔහු සිටියේ ධන කුවේරයෙකු බවට පත්වය. ඒ ඔහුගේ බිරිඳට පින්සිදුවන්නටය. බිරිඳ මෙරට අංක එකේ කෝටිපති වැවිලිකරුවෙකුගේ දියණියක් වන හිමාලිය. කොළඹ හතේ සුවිසල් නිවසක ජීවත් වූ ඇයට සිය දෙමාපියන්ගෙන් කෝටි ගණනක දේපළක් ද හිමිව තිබුණි. අක්කර සිය ගණනක පොල්වතු මෙන්ම තේවතු ද ඒ දේපළ අතර විය.

සැරයන්වරයා හරහා හඳුනාගත් ඉන්දිකත් තුසිතත් අතර හිතවත්කම මිත්‍රකමක් දක්වා වර්ධනය වූයේ ගමේ කමටය. ඒ නිසාම ඉන්දික තම ගමේ මිතුරා කොළඹ හතේ පිහිටි නිවසට පවා එක්කරගෙන ගියේය. බිරිඳට පවා හඳුන්වා දුන්නේය. ඉන්දිකට වැරදුණේ එතැනය. තුසිතගේ හත්මුතු පරම්පරාවම ගොඩ යන්නේද ඒත් සමගය. ඒ හිමාලි ක්‍රමයෙන් තුසිතට ළංවන්නට පටන් ගැනීමත් සමගිනි.

කරදඬුු උස්මහත් වූ පිරිමි දරුවෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඇය වැඩිකල් නොගොස්ම සිය සැමියා අතහැර තුසිත සමග විවාහ වන්නට පවා සූදානමින් හුන්නාය. තුසිතට ඇය බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි ‘ට්‍රිලියන් සිටි’ නම් වූ අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් පවා මිලට ගෙන දී තිබිණි. ඒ විතරක්ම නොවේ හැමර් වර්ගයේ මිල අධිකම ජීප් රථයක් පවා ඔහු වෙනුවෙන් ඇය මිලට ගත්තාය. හිමාලි ඔහුට ඉන්න හිටින්න තැනක් පමණක් නොව කන්න බොන්න පවා දුන්නාය. වියදමට ඔහු අත ඇය වරකට තබන්නේ රුපියල් මිලියන ගණනිනි. ඒ වෙනුවෙන් තුසිතට කරන්නට ඇත්තේ ඇයට සෙනෙහස පාමින් ඇගේ අවශ්‍යතා ඉටුකිරීම පමණි. නීතියෙන් විවාහකයන් නොවූවත් ඒ දෙදෙනා ඒ වන විටත් සිටියේ විවාහකයන් ලෙසිනි.

ඇගේ ආදරයෙන් තුසිත උපරිම ප්‍රයෝජන ගත්තේය. කැකිරාවේ පිහිටි තම නිවස මාලිගයක් සේ ඉදි කළේය. ඒ විතරක් නොව සිය නැගණියගේ විවාහ උත්සවයද ගත්තේ එතෙක් මතෛක් කැකිරාවේ කිසිවෙකුත් මගුලක් නොගත් ආකාරයකටය. මගුලට තුසිත කැකිරාවට එන්නේද කුලියට ගත් හෙලිකොප්ටරයකිනි නැගණිය සිය මනාලයා සමග දඹුල්ල ආසන්නයේ සුපිරි හෝටලයකට මධුසමයට යන්නේද එම හෙලිකොප්ටරයේ නැගීය.

මේ ආකාරයෙන් කෝටිපතිනියකගේ පහස ලබමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටි තුසිත ඉකුත් 21 වෙනිදා තම කොණ්ඩය කපා ගන්නට යන්නේ තලංගම කිට්ටුව පිහිටි බාබර් සාප්පුවකටය. ඒ ගොස් ඔහුට කොණ්ඩය කපා ගන්නවා තබා වැඩි වේලාවක් එහී රැඳී සිටීමටවත් ඉඩක් නොවීය. ඒ හදිසියේ එහි කඩා පනින පිරිසක් විසින්, දෙනෝදහක් බලා සිටියදී මහ දවාලේ ඔහු පැහැර ගැනීමකට ලක්වන බැවිනි. ඔහුව පැහැරගෙන යනු ලබන්නේ ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජිප්රථයකින් පැමිණෙන කණ්ඩායමකි.

ඒ පැහැර ගැනීම ගැන තලංගම පොලීසියට දිව ගොස් පැමිණිලි කරන්නේ තුසිතගේ රියදුරාය. “පොලිසිය එක්ක හැප්පෙන්න නේද හැදුවේ?”යැයි කියමින් මහත්තයාව සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගන්නා ලද බව ඔහු කීවේය. හැබැයි ඔහු ඒ කියූ ආකාරයට සන්නද්ධ කණ්ඩායමක පැහැර ගැනීමකට තුසිත ලක්ව නැති බව පොලිසියට පැහැදිලි වන්නේ බාබර් සාප්පුවට ගොස් ඒ වන විට එහි සිටි කරනවෑමියා ඇතුළු කොණ්ඩා සහ රැවුල් කපන්නට පැමිණි අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

ඒ අනුව තලංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු නිලධාරීන් රියදුරාගෙන් ඒ ගැන ප්‍රශ්නකරන්නට වූයේ එම පැහැර ගැනීම දැඩි සැකයකට ලක්කරමිනි. ඊට මුල්වූයේ ඇල්විටිගල සිට කිලෝ මීටර් දහයක් දොළහක් දුරකින් පිහිටි, කිසිදිනක තමන් කොණ්ඩය කපන්නට ගොස් නැති බාබර් සාප්පුවකට තුසිත හිටි හැටියේම පැමිණීමත්, සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන ඔහු කොණ්ඩය කපන්නට සාමාන්‍ය බාබර් සාප්පුවකට යාමත්ය.

“මහත්තයව පැහැරගත් අය ගාව ආයුධ තිබ්බෙ නැහැ තමයි. කලබලේටයි මට එහෙම කියැවුනේ” ප්‍රශ්න කිරීම් හමුවේ රියදුරා පවසන්නට වූයේ මුල් පැමිණිල්ල නිවැරදි කරමිනි.

ඒ වන විට තුසිත සිටියේ පොලිස් සේවයෙන් නෙරපා හැරය. ඒ ඔහුට හිමාලි මුණ ගැසුණු පසු නොදන්නවා සේවයට වාර්තා නොකිරීම නිසාය. ඒ 2011 වසරේ නොවැම්බරයේදීය. පොලීසියේ රක්ෂාව නැති වුණායැයි කියා ඔහුට ගැටලුවක් නොවීය. ඒ සල්ලි ගහක්ම ඔහු බදාගෙන සිටි බැවිනි.

කෙසේ නමුත් ඔහු පැහැර ගැනීමට ලක්වන්නේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහ කොළඹ නාගරික රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් තර්ජන ඇති බව සඳහන් කරමින් සහකාර පොලිස් අධිකාරීවරයෙකු හමුවට ගොස් පැමිණිල්ලක් කර සිව් දිනක් ගතවූ තැනය. එම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව ඔහු එවන් පැමිණිල්ලක් කර දින කිහිපයක් ගෙවී යන තැන තුසිතව පැහැර ගැනීම හරියට නාට්‍යයක් බඳු බව බැලූ බැල්මටම උපුල් පෙරේරාට පෙනී ගියේය. ඒ නිසාම ඔහු ඒ ගැන තම උසස් නිලධාරීන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ,නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමසිංහ සහ සහකාර පොලිස් අධිකාරී කමල් පලිස්කාර යන මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. අනුර සේනානායක මහතා යටතේ ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය යටතේ තුසිතට එරෙහිව ඇති ළමා අපයෝජන චෝදනාවක් විභාග වෙමින් ඇති බවත් ඊට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් අනාවරණය වන්නේ එවිටය.

ඉහත කී චෝදනාව තුසිතට එල්ල වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණු නිර්නාමික පෙත්සමකිනි. එම පෙත්සමෙන් කියැවී තිබුණේ ඉපලෝගම මුරපොළේ ස්ථානාධිපතිවරයාව සිටියදී හමුදා කෝප්රල්වරයෙකු සමග එක්ව හමුදා සාමාජිකයෙකුගේ දියණියකව තුසිත විසින් අපයෝජනයට ලක්කිරීමක් ගැනය. ඒ සම්බන්ධයෙන් කෙරුණු මූලික විමර්ශන වලින් පෙනී යන්නට වූයේ එදා කෝප්‍රල්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මකව ඇතත් තුසිත ඉන් ගැලවී තිබෙන බවය. ඉපලෝගම මුරපොළේ සිට අනුරාධපුරයට ඔහුව මාරු කෙරෙන්නේ ඒත්් සමගිනි.

තුසිත තලංගමදී අබිරහස් ලෙස පැහැර ගැනෙන්නේ ඔහු එම ළමා අපයෝජනයට සම්බන්ධ බව සාක්ෂි සහිතව හෙළිවීමත් සමග ඔහුව අත්අඩංගුවට ගැනීමට පිඹුරුපත් සකස් කෙරෙමින් තිබියදීය.

ඒ අනුව තුසිතගේ පැහැර ගැනීම සැබෑ ලෙසම සිදුවූ පැහැර ගැනීමක් නොවන බව අනුමාන කළ උපුල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ තුසිතගේ පැහැර ගැනීමේ සැබෑ තත්ත්වය හෙළි කරගන්නටය. ඒ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු, සැරයන් පුෂ්ප කුමාර සහ කොස්තාපල් නවරත්න ඇතුළු කණ්ඩායමක්ද සමග එක්වය. එහිදී දුරකථන ජාල පරීක්ෂාවක නිරතවන්නටද පොලිස් කණ්ඩායම අමතක නොකළේය. එහෙත් තුසිතගේ දුරකථනය පැවතියේ ක්රියාවිරහිතවය. එබැවින් වැඩි යමක් ඒ තුළින් සොයා ගැනීම දුෂ්කර විය. එහෙත් තුසිත පැහැර ගැනීම බාබර් සාප්පුව ආසන්නයේ ඇති වෙළෙද සලක ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේය. ඊට අනුව පෙනී ගියේ තුසිත ඒ අය සමග ජිප් රථයට ගොඩවන ආකාරයක් මිස බලහත්කාරයෙන් ජීප් රියට පටවාගෙන රැගෙන යන බවක් නොවේ. වාහනයේ අංකය ගරාජ් අංකයක් වූ බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමද එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය.

ඒ නිසාම අදාළ වාහන වර්ගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ උපුල් පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායම කොහුවල පිහිටි, වාහන කුලියට දෙන ආයතනයකට යන්නේ විමර්ශනයේදී ලද තොරතුරකට අනුවය. ඒ වර්ගයේම ජිප් රථයක් එහිද තිබුණේය. එම ජිප් රථය හරියටම 20 වෙනිදා රාත්‍රියේ, දින තුනක් සඳහා කුලියට යම් පුද්ගලයෙකු ගෙන ගොස් තිබුණේය. ඒ ප්‍රකට පෞද්ගලික ආයතනයක සේවකයෙකු බව කියූ පුද්ගලයෙකු විසිනි. අදාළ ආයතනයේ සේවයේ නිරත විධායක නිලධාරීන් පිරිසකට නුවරඑළියේ යාමට යැයි කියා ඔහු ඒ රථය කුලියට ගෙන ඇත්තේද දිනකට රුපියල් 15,000 ක කුලියකට රුපියල් 65,000 ක් තැන්පතුවක් ලෙස ගෙවාය.

අදාළ වාහන කුලි ආයතනය වාහනයක් කුලියට දෙන්නේ එය රැගෙන යන්නට පැමිණෙන පුද්ගලයා ගැන සොයා බලාය. එහිදී රියදුරු බලපත්‍රයේ ජායා පිටපතක්, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් මෙන්ම සේවා ස්ථානයේ හැඳුනුම්පතක ඡායා පිටපතක් ගන්නට අමතක නොකරති. අදාළ පුද්ගලයා වාහනය ආපසු භාර දුන්නද යම් කාලයක් එම පිටපත් සුරක්ෂිතව තබාගන්නා බැවින් ජිප් රථය කුලියට ගත් තැනැත්තාගේ සියලු තොරතුරු පොලිස් කණ්ඩායම අතට පත්විය.

එම ලියකියවිලිවලට අනුව ඒ පුද්ගලයා නවගමුව රණාලේ පදිංචිකරුවෙකි. පොලීසිය ඔහු සොයා නිවසට යන විට ඔහු නිවසේ සිටියේ නැත. කතරගම වන්දනාවේ ගොස් සිටි බැවිනි. බිරිඳගෙන් ඔහු ගැන ප්‍රශ්න කරනවිට අනාවරණය වන්නට වූයේ හිමාලි නම් වූ කෝටිපති ව්‍යාපාරික කාන්තාවකගේ රියදුරෙකු ලෙස සේවය කරන බවකි. ඒ අනුව බිරිඳ ඇමක් ලෙස යොදාගත් පොලිස් කණ්ඩායම වැඩි වෙහෙසකින් තොරවම මෙම රියදුරාව කොටුකරගත්තේය.

“අපේ සර් කියපු විදිහටයි මම වැඩ කළේ. මම මේ මුකුත්ම දන්නේ නැහැ” පොලීසියට කොටුවීමෙන් අනතුරුව අදාළ රියදුරා එසේ පවසන්නට විය. සියල්ල සිදුවී ඇත්තේ ඔහු ‘සර්’ යනුවෙන් හඳුන්වන පුද්ගලයාගේ වුවමනාව මත බව පොලීසියට පෙනී ගියේය.

“සර් මට රුපියල්

ලක්ෂයක් අතට දීල කිව්වා කොහුවල අහවල් තැනට ගිහින් ජිප් එක ගන්න කියල. මගේ අයිඩෙන්ටිය පෙන්නල, මහත්තුරු කට්ටියකට නුවරඑළියේ යන්න කියල වාහනේ ගන්න කියල කිව්වෙත් අපේ සර් තමයි.” පොලිස් නිලධාරීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසන්නට විය.

“ මට සර් කිව්වේ 21 වෙනිදා උදේ 10.00 වෙන කොට පාර්ලිමේන්තුව ඉස්සරහට යන්න කියලයි. එතැන සුදුයි කළුයි ඇඳගත්තු හතර දෙනෙක් ඉන්නව, ඒ අයව වාහනේට නග්ගගෙන ඇල්විටිගල මාවතට එන්න කියල කිව්ව. මම ඒ විදිහට ආවා. ඒ වෙලාවේ වාහනේ අංක තහඩු ගලවල එක මහත්තයෙක් ගැරෙජ් අංකයක් හයි කළා. ටික වේලාවකට පස්සේ අපේ සර් එයාගේ ජීප් එකෙන් ගෙදර ඉඳන් පාරට ආවා. අපි ජීප් එක පස්සේ ගියා. පැලවත්ත හංදියේ අපි ටිකක් නැවතිලා හිටියා. මහත්තයා දිගටම ගියා. ඊට පස්සෙයි අපි බාබර් සාප්පුව තියෙන තැනට ගියේ. එතනදී දෙන්නෙක් වාහනෙන් බැහැල ගියා. ඒ දෙන්න ආපහු මහත්තයා එක්ක සැලුන් එකේ ඉඳන් එළියට ආවා.” රියදුරා කිසිවක් නොසඟවා සියල්ල වමාරන්නට වූයේ එසේය.

එතැන් සිට ඔවුන් ගමන් ගන්නේ තුසිතගේ උපදෙස්වලට අනුවය. බත්තරමුල්ල පාලම් තුන හංදියෙන් මාලබේ පැත්තට ගිය ඔවුහු අතුරු පාරකට හරවා වාහනය නතර කළෝය. ඒ ගරාජ් අංකය ගලවා ඒ වෙනුවට වාහනයේ ලියාපදිංචි අංකය සවිකරන්නටය.

අනතුරුව වාහනය ගමන් ගන්නේ අතුරුගිරිය ‘මිලේනියම් සිටි’ පැත්තෙන් කඩුවෙලටය. එතැනින් අවිස්සාවේල්ලට යන ඔවුන් ගිනිගත්හේනේදී රියදුරාව නිදහස් කරන්නේ නැවත කොළඹ ගොස් වාහනය භාරදී මේ ගැන කිසිවක් කාටවත් නොකියන ලෙසට තදින්ම අවවාද කරමිනි. ඊට පෙර තුසිත ඔහුගේ ජංගම දුරකථනය ඇතුළු ඒ සෑම අයෙකු ළගම තිබූ දුරකථන සියල්ල ගෙන පොට්ටනියක බහා පොළොවේ ගසා කුඩුකර විසිකරන්නටද අමතක නොකළේය. ඒ ආරක්ෂක පියවරක් වශයෙනි. රියදුරා විසින් කරන ලද මේ හෙළිදරව්වත් සමග තුසිතගේ බොරු පැහැරගැනීම ගැන සියල්ල පොලීසියට අවබෝධ කරගත හැකි විය. ඔහු ඒ සියල්ල කර තිබුණේ ළමා අපචාර චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් බේරීමට බවද පැහැදිලි විය. ඔහු මේ සැලසුම දියත්කරන්නට පෙර හිමාලිගෙන් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලමින් කරදර කරමින් සිට ඇති බවද සඳහන්ය. ඒ මුදල ඇය තුසිතට ලබා දුන්නේදැයි පැහැදිලි නැතත් තුසිත නැමැති මෙම තැනැත්තා මේ වන විට රටේ සිටිනවාදැයි ඇත්තේ සැකයකි. එය එසේ වූවත් දැන් පොලිසිය ලුහුබැඳ යන්නේ තුසිතව පමණක් නොවේ.

ඔහුව පැහැරගත් බවට රඟපෑමක් කළ කළු සහ සුදු ඇඳුම් හැඳගත් ඔහුගේ මිතුරන් සිව් දෙනාද කොටුකරගන්නට පොලීසිය සැලසුම් සකස් කරමින් සිටියි. ඒ අය ඇතැම් විට පොලිස් නිලධාරීන් වීමටද ඉඩ ඇති බව විමර්ශන කණ්ඩායමේ විශ්වාසයයි.

[QUOTE="HANDY.MERLIN, post: 15480576, member: 484769"] [b]සල්ලි තිබිලත් පින නැති යක්කු...[/b] *****නෙට් එකෙන්************* [SIZE="5"]හිටපු එස්.ටී.එෆ්. නිලධාරියකු ළමා අපචාර චෝදනාවකින් බේරෙන්න කළ අපූරු සැලසුමක් විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයකුගේ දරුවකු වන තුසිත කුමාර ද උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක්වන්නේ පියා ගිය අඩි පාරේම යමිනි. නමුත් ඒ සාමාන්‍ය පොලිස් රාජකාරි සඳහා නොව පොලිස් විශේෂ කාර්ය බළකායට එක්ව ත්රස්තවාදීන් සමග යුද වදින්නටය. යුද්ධය දරුණුවට පැවැති 1997 වසරේදී පොලිස් විශේෂ කාර්ය බළකායට එක්වූ තුසිත පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස උසස් වීම් ලබන්නේද විශේෂ කාර්ය බළකායේ සිටි කාලය තුළදීය. වසර දහයක් දොළහක් විශේෂ කාර්ය බළකායේ සේවය කළ තුසිත ඉන් ඉවත්ව සාමාන්‍ය පොලිස් සේවයට එක්වන්නේ යුද්ධය අවසන්වීමෙන් අනතුරුවය. ඔහු වැඩ භාර ගන්නේ්ද තම ගමේ පොලීසිය වූ කැකිරාව පොලීසියේය. පොලිස් පරීක්ෂකවරයෙකු වූ තුසිත වැඩිකල් නොගොස් කැකිරාව පොලිස් ස්ථානයෙන් පාලනය කෙරුණු ඉපලෝගම පොලිස් මුරපොළේ Ragapamaස්ථානාධිපතිවරයා ලෙස පත්කරනු ලැබුවේ උසස් නිලධාරීන් විසිනි. එහිද ඔහුට වැඩි කාලයක් සේවයේ නිරතව සිටින්නට ඉඩක් නොවීය. අනුරාධපුරයට ඔහුව මාරු කරනු ලැබිය. අනුරාධපුර පොලිස් කොට්ඨාසයේ කෙටි කාලයක් සේවයේ නිරතව සිටි තුසිත ඊළඟ ස්ථාන මාරුව ලැබ පැමිණෙන්නේ කොළඹටය. කොම්පඤ්ඤවීදිය සහ කොළඹ නාගරික රථවාහන පොලීසියේ ඔහු කාලයක්ම සේවය කළේය. ඔහුගේ ජීවිතය උඩු යටිකුරු වන්නේ නාගරික රථවාහන පොලීසියේ සේවය කරන කාලය තුළදීය. ඒ සැරයන්වරයෙකු මගින් හඳුනා ගත් ඔහුගේ ගමේම පදිංචිකරුවෙකු වන ඉන්දිකව හඳුනාගන්නට ලැබිමත් සමගිනි. ඉන්දික කැකිරාවේ අයෙකු වූවත් ඒ වන විට ඔහු සිටියේ ධන කුවේරයෙකු බවට පත්වය. ඒ ඔහුගේ බිරිඳට පින්සිදුවන්නටය. බිරිඳ මෙරට අංක එකේ කෝටිපති වැවිලිකරුවෙකුගේ දියණියක් වන හිමාලිය. කොළඹ හතේ සුවිසල් නිවසක ජීවත් වූ ඇයට සිය දෙමාපියන්ගෙන් කෝටි ගණනක දේපළක් ද හිමිව තිබුණි. අක්කර සිය ගණනක පොල්වතු මෙන්ම තේවතු ද ඒ දේපළ අතර විය. සැරයන්වරයා හරහා හඳුනාගත් ඉන්දිකත් තුසිතත් අතර හිතවත්කම මිත්‍රකමක් දක්වා වර්ධනය වූයේ ගමේ කමටය. ඒ නිසාම ඉන්දික තම ගමේ මිතුරා කොළඹ හතේ පිහිටි නිවසට පවා එක්කරගෙන ගියේය. බිරිඳට පවා හඳුන්වා දුන්නේය. ඉන්දිකට වැරදුණේ එතැනය. තුසිතගේ හත්මුතු පරම්පරාවම ගොඩ යන්නේද ඒත් සමගය. ඒ හිමාලි ක්‍රමයෙන් තුසිතට ළංවන්නට පටන් ගැනීමත් සමගිනි. කරදඬුු උස්මහත් වූ පිරිමි දරුවෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකුගේ මවක වූ ඇය වැඩිකල් නොගොස්ම සිය සැමියා අතහැර තුසිත සමග විවාහ වන්නට පවා සූදානමින් හුන්නාය. තුසිතට ඇය බොරැල්ල ඇල්විටිගල මාවතේ පිහිටි ‘ට්‍රිලියන් සිටි’ නම් වූ අධිසුඛෝපභෝගී නිවාස සංකීර්ණයෙන් නිවසක් පවා මිලට ගෙන දී තිබිණි. ඒ විතරක්ම නොවේ හැමර් වර්ගයේ මිල අධිකම ජීප් රථයක් පවා ඔහු වෙනුවෙන් ඇය මිලට ගත්තාය. හිමාලි ඔහුට ඉන්න හිටින්න තැනක් පමණක් නොව කන්න බොන්න පවා දුන්නාය. වියදමට ඔහු අත ඇය වරකට තබන්නේ රුපියල් මිලියන ගණනිනි. ඒ වෙනුවෙන් තුසිතට කරන්නට ඇත්තේ ඇයට සෙනෙහස පාමින් ඇගේ අවශ්‍යතා ඉටුකිරීම පමණි. නීතියෙන් විවාහකයන් නොවූවත් ඒ දෙදෙනා ඒ වන විටත් සිටියේ විවාහකයන් ලෙසිනි. ඇගේ ආදරයෙන් තුසිත උපරිම ප්‍රයෝජන ගත්තේය. කැකිරාවේ පිහිටි තම නිවස මාලිගයක් සේ ඉදි කළේය. ඒ විතරක් නොව සිය නැගණියගේ විවාහ උත්සවයද ගත්තේ එතෙක් මතෛක් කැකිරාවේ කිසිවෙකුත් මගුලක් නොගත් ආකාරයකටය. මගුලට තුසිත කැකිරාවට එන්නේද කුලියට ගත් හෙලිකොප්ටරයකිනි නැගණිය සිය මනාලයා සමග දඹුල්ල ආසන්නයේ සුපිරි හෝටලයකට මධුසමයට යන්නේද එම හෙලිකොප්ටරයේ නැගීය. මේ ආකාරයෙන් කෝටිපතිනියකගේ පහස ලබමින් සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සිටි තුසිත ඉකුත් 21 වෙනිදා තම කොණ්ඩය කපා ගන්නට යන්නේ තලංගම කිට්ටුව පිහිටි බාබර් සාප්පුවකටය. ඒ ගොස් ඔහුට කොණ්ඩය කපා ගන්නවා තබා වැඩි වේලාවක් එහී රැඳී සිටීමටවත් ඉඩක් නොවීය. ඒ හදිසියේ එහි කඩා පනින පිරිසක් විසින්, දෙනෝදහක් බලා සිටියදී මහ දවාලේ ඔහු පැහැර ගැනීමකට ලක්වන බැවිනි. ඔහුව පැහැරගෙන යනු ලබන්නේ ලෑන්ඩ් කෲෂර් වර්ගයේ ජිප්රථයකින් පැමිණෙන කණ්ඩායමකි. ඒ පැහැර ගැනීම ගැන තලංගම පොලීසියට දිව ගොස් පැමිණිලි කරන්නේ තුසිතගේ රියදුරාය. “පොලිසිය එක්ක හැප්පෙන්න නේද හැදුවේ?”යැයි කියමින් මහත්තයාව සන්නද්ධ කණ්ඩායමක් විසින් පැහැරගන්නා ලද බව ඔහු කීවේය. හැබැයි ඔහු ඒ කියූ ආකාරයට සන්නද්ධ කණ්ඩායමක පැහැර ගැනීමකට තුසිත ලක්ව නැති බව පොලිසියට පැහැදිලි වන්නේ බාබර් සාප්පුවට ගොස් ඒ වන විට එහි සිටි කරනවෑමියා ඇතුළු කොණ්ඩා සහ රැවුල් කපන්නට පැමිණි අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය. ඒ අනුව තලංගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක උපුල් පෙරේරා ඇතුළු නිලධාරීන් රියදුරාගෙන් ඒ ගැන ප්‍රශ්නකරන්නට වූයේ එම පැහැර ගැනීම දැඩි සැකයකට ලක්කරමිනි. ඊට මුල්වූයේ ඇල්විටිගල සිට කිලෝ මීටර් දහයක් දොළහක් දුරකින් පිහිටි, කිසිදිනක තමන් කොණ්ඩය කපන්නට ගොස් නැති බාබර් සාප්පුවකට තුසිත හිටි හැටියේම පැමිණීමත්, සුඛෝපභෝගී ජීවිතයක් ගතකරන ඔහු කොණ්ඩය කපන්නට සාමාන්‍ය බාබර් සාප්පුවකට යාමත්ය. “මහත්තයව පැහැරගත් අය ගාව ආයුධ තිබ්බෙ නැහැ තමයි. කලබලේටයි මට එහෙම කියැවුනේ” ප්‍රශ්න කිරීම් හමුවේ රියදුරා පවසන්නට වූයේ මුල් පැමිණිල්ල නිවැරදි කරමිනි. ඒ වන විට තුසිත සිටියේ පොලිස් සේවයෙන් නෙරපා හැරය. ඒ ඔහුට හිමාලි මුණ ගැසුණු පසු නොදන්නවා සේවයට වාර්තා නොකිරීම නිසාය. ඒ 2011 වසරේ නොවැම්බරයේදීය. පොලීසියේ රක්ෂාව නැති වුණායැයි කියා ඔහුට ගැටලුවක් නොවීය. ඒ සල්ලි ගහක්ම ඔහු බදාගෙන සිටි බැවිනි. කෙසේ නමුත් ඔහු පැහැර ගැනීමට ලක්වන්නේ කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් සහ කොළඹ නාගරික රථවාහන පොලිසියේ ස්ථානාධිපතිවරයාගෙන් තර්ජන ඇති බව සඳහන් කරමින් සහකාර පොලිස් අධිකාරීවරයෙකු හමුවට ගොස් පැමිණිල්ලක් කර සිව් දිනක් ගතවූ තැනය. එම පොලිස් නිලධාරීන් දෙදෙනාට එරෙහිව ඔහු එවන් පැමිණිල්ලක් කර දින කිහිපයක් ගෙවී යන තැන තුසිතව පැහැර ගැනීම හරියට නාට්‍යයක් බඳු බව බැලූ බැල්මටම උපුල් පෙරේරාට පෙනී ගියේය. ඒ නිසාම ඔහු ඒ ගැන තම උසස් නිලධාරීන් වන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ,නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ , ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මර්වින් වික්‍රමසිංහ සහ සහකාර පොලිස් අධිකාරී කමල් පලිස්කාර යන මහත්වරුන් දැනුවත් කිරීමට පියවර ගත්තේය. අනුර සේනානායක මහතා යටතේ ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ශන ඒකකය යටතේ තුසිතට එරෙහිව ඇති ළමා අපයෝජන චෝදනාවක් විභාග වෙමින් ඇති බවත් ඊට ඔහුව අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවත් අනාවරණය වන්නේ එවිටය. ඉහත කී චෝදනාව තුසිතට එල්ල වී ඇත්තේ ආරක්ෂක අමාත්‍යංශයට ලැබුණු නිර්නාමික පෙත්සමකිනි. එම පෙත්සමෙන් කියැවී තිබුණේ ඉපලෝගම මුරපොළේ ස්ථානාධිපතිවරයාව සිටියදී හමුදා කෝප්රල්වරයෙකු සමග එක්ව හමුදා සාමාජිකයෙකුගේ දියණියකව තුසිත විසින් අපයෝජනයට ලක්කිරීමක් ගැනය. ඒ සම්බන්ධයෙන් කෙරුණු මූලික විමර්ශන වලින් පෙනී යන්නට වූයේ එදා කෝප්‍රල්වරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මකව ඇතත් තුසිත ඉන් ගැලවී තිබෙන බවය. ඉපලෝගම මුරපොළේ සිට අනුරාධපුරයට ඔහුව මාරු කෙරෙන්නේ ඒත්් සමගිනි. තුසිත තලංගමදී අබිරහස් ලෙස පැහැර ගැනෙන්නේ ඔහු එම ළමා අපයෝජනයට සම්බන්ධ බව සාක්ෂි සහිතව හෙළිවීමත් සමග ඔහුව අත්අඩංගුවට ගැනීමට පිඹුරුපත් සකස් කෙරෙමින් තිබියදීය. ඒ අනුව තුසිතගේ පැහැර ගැනීම සැබෑ ලෙසම සිදුවූ පැහැර ගැනීමක් නොවන බව අනුමාන කළ උපුල් පෙරේරා මහතා ඒ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කරන්නේ තුසිතගේ පැහැර ගැනීමේ සැබෑ තත්ත්වය හෙළි කරගන්නටය. ඒ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කොඩිතුවක්කු, සැරයන් පුෂ්ප කුමාර සහ කොස්තාපල් නවරත්න ඇතුළු කණ්ඩායමක්ද සමග එක්වය. එහිදී දුරකථන ජාල පරීක්ෂාවක නිරතවන්නටද පොලිස් කණ්ඩායම අමතක නොකළේය. එහෙත් තුසිතගේ දුරකථනය පැවතියේ ක්රියාවිරහිතවය. එබැවින් වැඩි යමක් ඒ තුළින් සොයා ගැනීම දුෂ්කර විය. එහෙත් තුසිත පැහැර ගැනීම බාබර් සාප්පුව ආසන්නයේ ඇති වෙළෙද සලක ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබුණේය. ඊට අනුව පෙනී ගියේ තුසිත ඒ අය සමග ජිප් රථයට ගොඩවන ආකාරයක් මිස බලහත්කාරයෙන් ජීප් රියට පටවාගෙන රැගෙන යන බවක් නොවේ. වාහනයේ අංකය ගරාජ් අංකයක් වූ බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ පැවැත්වීමද එතරම් ලෙහෙසි පහසු කටයුත්තක් නොවීය. ඒ නිසාම අදාළ වාහන වර්ගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකළ උපුල් පෙරේරා ඇතුළු පොලිස් කණ්ඩායම කොහුවල පිහිටි, වාහන කුලියට දෙන ආයතනයකට යන්නේ විමර්ශනයේදී ලද තොරතුරකට අනුවය. ඒ වර්ගයේම ජිප් රථයක් එහිද තිබුණේය. එම ජිප් රථය හරියටම 20 වෙනිදා රාත්‍රියේ, දින තුනක් සඳහා කුලියට යම් පුද්ගලයෙකු ගෙන ගොස් තිබුණේය. ඒ ප්‍රකට පෞද්ගලික ආයතනයක සේවකයෙකු බව කියූ පුද්ගලයෙකු විසිනි. අදාළ ආයතනයේ සේවයේ නිරත විධායක නිලධාරීන් පිරිසකට නුවරඑළියේ යාමට යැයි කියා ඔහු ඒ රථය කුලියට ගෙන ඇත්තේද දිනකට රුපියල් 15,000 ක කුලියකට රුපියල් 65,000 ක් තැන්පතුවක් ලෙස ගෙවාය. අදාළ වාහන කුලි ආයතනය වාහනයක් කුලියට දෙන්නේ එය රැගෙන යන්නට පැමිණෙන පුද්ගලයා ගැන සොයා බලාය. එහිදී රියදුරු බලපත්‍රයේ ජායා පිටපතක්, ජාතික හැඳුනුම්පතේ ඡායා පිටපතක් මෙන්ම සේවා ස්ථානයේ හැඳුනුම්පතක ඡායා පිටපතක් ගන්නට අමතක නොකරති. අදාළ පුද්ගලයා වාහනය ආපසු භාර දුන්නද යම් කාලයක් එම පිටපත් සුරක්ෂිතව තබාගන්නා බැවින් ජිප් රථය කුලියට ගත් තැනැත්තාගේ සියලු තොරතුරු පොලිස් කණ්ඩායම අතට පත්විය. එම ලියකියවිලිවලට අනුව ඒ පුද්ගලයා නවගමුව රණාලේ පදිංචිකරුවෙකි. පොලීසිය ඔහු සොයා නිවසට යන විට ඔහු නිවසේ සිටියේ නැත. කතරගම වන්දනාවේ ගොස් සිටි බැවිනි. බිරිඳගෙන් ඔහු ගැන ප්‍රශ්න කරනවිට අනාවරණය වන්නට වූයේ හිමාලි නම් වූ කෝටිපති ව්‍යාපාරික කාන්තාවකගේ රියදුරෙකු ලෙස සේවය කරන බවකි. ඒ අනුව බිරිඳ ඇමක් ලෙස යොදාගත් පොලිස් කණ්ඩායම වැඩි වෙහෙසකින් තොරවම මෙම රියදුරාව කොටුකරගත්තේය. “අපේ සර් කියපු විදිහටයි මම වැඩ කළේ. මම මේ මුකුත්ම දන්නේ නැහැ” පොලීසියට කොටුවීමෙන් අනතුරුව අදාළ රියදුරා එසේ පවසන්නට විය. සියල්ල සිදුවී ඇත්තේ ඔහු ‘සර්’ යනුවෙන් හඳුන්වන පුද්ගලයාගේ වුවමනාව මත බව පොලීසියට පෙනී ගියේය. “සර් මට රුපියල් ලක්ෂයක් අතට දීල කිව්වා කොහුවල අහවල් තැනට ගිහින් ජිප් එක ගන්න කියල. මගේ අයිඩෙන්ටිය පෙන්නල, මහත්තුරු කට්ටියකට නුවරඑළියේ යන්න කියල වාහනේ ගන්න කියල කිව්වෙත් අපේ සර් තමයි.” පොලිස් නිලධාරීන්ගේ දැඩි ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසන්නට විය. “ මට සර් කිව්වේ 21 වෙනිදා උදේ 10.00 වෙන කොට පාර්ලිමේන්තුව ඉස්සරහට යන්න කියලයි. එතැන සුදුයි කළුයි ඇඳගත්තු හතර දෙනෙක් ඉන්නව, ඒ අයව වාහනේට නග්ගගෙන ඇල්විටිගල මාවතට එන්න කියල කිව්ව. මම ඒ විදිහට ආවා. ඒ වෙලාවේ වාහනේ අංක තහඩු ගලවල එක මහත්තයෙක් ගැරෙජ් අංකයක් හයි කළා. ටික වේලාවකට පස්සේ අපේ සර් එයාගේ ජීප් එකෙන් ගෙදර ඉඳන් පාරට ආවා. අපි ජීප් එක පස්සේ ගියා. පැලවත්ත හංදියේ අපි ටිකක් නැවතිලා හිටියා. මහත්තයා දිගටම ගියා. ඊට පස්සෙයි අපි බාබර් සාප්පුව තියෙන තැනට ගියේ. එතනදී දෙන්නෙක් වාහනෙන් බැහැල ගියා. ඒ දෙන්න ආපහු මහත්තයා එක්ක සැලුන් එකේ ඉඳන් එළියට ආවා.” රියදුරා කිසිවක් නොසඟවා සියල්ල වමාරන්නට වූයේ එසේය. එතැන් සිට ඔවුන් ගමන් ගන්නේ තුසිතගේ උපදෙස්වලට අනුවය. බත්තරමුල්ල පාලම් තුන හංදියෙන් මාලබේ පැත්තට ගිය ඔවුහු අතුරු පාරකට හරවා වාහනය නතර කළෝය. ඒ ගරාජ් අංකය ගලවා ඒ වෙනුවට වාහනයේ ලියාපදිංචි අංකය සවිකරන්නටය. අනතුරුව වාහනය ගමන් ගන්නේ අතුරුගිරිය ‘මිලේනියම් සිටි’ පැත්තෙන් කඩුවෙලටය. එතැනින් අවිස්සාවේල්ලට යන ඔවුන් ගිනිගත්හේනේදී රියදුරාව නිදහස් කරන්නේ නැවත කොළඹ ගොස් වාහනය භාරදී මේ ගැන කිසිවක් කාටවත් නොකියන ලෙසට තදින්ම අවවාද කරමිනි. ඊට පෙර තුසිත ඔහුගේ ජංගම දුරකථනය ඇතුළු ඒ සෑම අයෙකු ළගම තිබූ දුරකථන සියල්ල ගෙන පොට්ටනියක බහා පොළොවේ ගසා කුඩුකර විසිකරන්නටද අමතක නොකළේය. ඒ ආරක්ෂක පියවරක් වශයෙනි. රියදුරා විසින් කරන ලද මේ හෙළිදරව්වත් සමග තුසිතගේ බොරු පැහැරගැනීම ගැන සියල්ල පොලීසියට අවබෝධ කරගත හැකි විය. ඔහු ඒ සියල්ල කර තිබුණේ ළමා අපචාර චෝදනාවට පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් බේරීමට බවද පැහැදිලි විය. ඔහු මේ සැලසුම දියත්කරන්නට පෙර හිමාලිගෙන් රුපියල් ලක්ෂ දහයක් ඉල්ලමින් කරදර කරමින් සිට ඇති බවද සඳහන්ය. ඒ මුදල ඇය තුසිතට ලබා දුන්නේදැයි පැහැදිලි නැතත් තුසිත නැමැති මෙම තැනැත්තා මේ වන විට රටේ සිටිනවාදැයි ඇත්තේ සැකයකි. එය එසේ වූවත් දැන් පොලිසිය ලුහුබැඳ යන්නේ තුසිතව පමණක් නොවේ. ඔහුව පැහැරගත් බවට රඟපෑමක් කළ කළු සහ සුදු ඇඳුම් හැඳගත් ඔහුගේ මිතුරන් සිව් දෙනාද කොටුකරගන්නට පොලීසිය සැලසුම් සකස් කරමින් සිටියි. ඒ අය ඇතැම් විට පොලිස් නිලධාරීන් වීමටද ඉඩ ඇති බව විමර්ශන කණ්ඩායමේ විශ්වාසයයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom