Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Yesterday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සවුදි හාම්පුතාලාගේ ඇඟේ පතේ හිරි ඇර ගැනීමට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රිසානා පරපුරේ නසූරා පුරුක...

* නසුරාගේ මිනිය පින්තූරයක්වත් ගන්න දුන්නේ නෑ!

ඉබතුල් නසුරාත් වැලිකතරේ වැළලිණි. කාත්කවුරුවත් නැති කොදෙව්වක ඇය පිළිස්සී මිය පරළොව ගියාය. ඇයගේ ඥතීන්ගේ අදහස අනුව නම් ඒ මරණයත් වැලිකතරේ සැඟවුණු තවත් එක් අභිරහසකි. මෙතැන් සිට පෙළගැසෙන්නේ නසූරාගේ ඉරණම් කතාවය.

වාහීද් ඉබතුල් නසූරා පුත්තලමේ පදිංචිකාරියකි. පස් දරු මවකි. ඇයගේ සැමියා වන අබුතාහීර් මොහොමඩ් නිස්තාර්ට හරි හැටි රැකියාවක් නොතිබූ හෙයින් නිවසේ අගහිඟ ඉහවහා ගියේය. දිනෙන් දින ණය තුරුස්වල නිස්තාර් පැටලිණි. තම පවුලේ අනාගතය ගැන නසූරාට බියක් දැනිණි. දුප්පත් පැල්පතේ පිරී ඉතිරි ගිය සතුට ඉහිරි යාදොa බියෙන් නසූරා කම්පාවට පත් විය. තම පවුල තුළ ගැට ගැසෙන ප්‍රශ්න ලිහා දැමීමට නම් අනිවාර්යයෙන්ම ඇයත් කුමක් හෝ රැකියාවක් කළ යුතු බව ඇයට දැනිණි. එහෙත් ඇයට රැකියාවක් සොයාගැනීමට ඇයගේ වයස සහ දැන උගත්කම පරාවළල්ලක් විය. අවසානයේ ඇය තීරණයක් ගත්තාය. අකැමැත්තෙන් හෝ තම කූඩුවෙන් ඉගිලී දුර රටක ගෘහ සේවයට යැමටය.

රට රැකියා සිහිනය ගැන නසූරා තම සැමියාට ද පැවසුවාය. 'දැන් මොන රස්සාද. ඔන්න ඔය තියෙන විදිහකට කාලා බීලා ඉමු...' නිස්තාර්ගෙන් ඇයට පැහැදිළි ප්‍රතිචාරයක් නොලැබිණි. අගහිඟකම් ගොඩ වැඩි විය. අන්තිමේ නිස්තාර්ට අකැමැත්තෙන් හෝ නසූරාගේ යෝජනාවට කැමති වීමට සිදු විය.

තම බිරිඳ රට රැකියාවකට යෑවීමට නිස්තාර් විදේශ රැකියා ආයතන සොයන්නට විය. හතළිස් විය පසු වි සිටි නසූරාට රට රැකියාවක් සොයාගැනීමත් තරමක් අසීරු කාර්යයකි. අවසානයේ කෙසේ හෝ විදේශ රැකියා ආයතනයක තැරැව්කරුවකු හරහා ඔවුහු කොළඹ මරදානේ විදේශ රැකියා ආයතනයක් වෙත පැමිණියහ. උප්පැන්න සහතිකයෙන් නසූරා වියපත් වුවද පෙනුමෙන් තවමත් තරුණය. ගෘහ සේවයට යැමට කැමැති කාන්තාවන්ගේ වයස අඩු වැඩි කිරීමට ඒජන්සිකාරයෝ ද සූරයෝය.

සෞදි රාජ්‍යයේ ගෘහ සේවිකා ඇබෑර්තුවක් ඇති බව මරදානේ විදේශ රැකියා ආයතනයෙන් නසූරාව දැනුවත් කළේය. නසුරාගේ ගමන සඳහා අවශ්‍ය ලිපි ලේඛන ද සකස් විය. විදේශගත වන දිනය ද තීරණය විය. දින, සති ගෙවී ගියේය. 2014 සැප්තැම්බර් මස 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණි නසූරා ගමන් බලපත්‍ර භ 4003075 අංකයෙන් සෞදිය බලා පිටත්ව ගියාය.

'කසාද බැඳපු දවසේ ඉඳලා එක දවසක්වත් අපි දෙපළක ඉඳලා නෑ. ලොකු පුතාලා දෙන්නා බැඳලා වෙන් වෙලා හිටියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් තනියෙන් එක රැයක් ඒ ගෙදරකවත් ඉඳලා නෑ. නසූරා ගුවන් තොටුපළෙන් ඇතුළට යනකොට මට දරා ගන්න බැරි වුණා. චූටි කෙල්ලව බදාගෙන මම කෑගහලා ඇඩුවා. නසූරාත් ඔය ගමන යන්න හිත හදාගත්තේ දරුවන්ගේ අනාගතය ගැන හිතලම තමයි...'' අප ඉදිරියේ නිස්තාර්ගේ දෑස් බොඳ වී ගියේය. උපන් කතරේ මොහොතකටවත් නසූරාව සිතින් තනි නොකෙරූ නිස්තාර්ගේ සිතේ නැඟෙන විලාපය අපට දැනේ.

දින කිහිපයකට පසු නසූරාගෙන් නිස්තාර්ට දුරකථන ඇමතුමක් ලැබිණි. සෞදි අරාබියේ දමාම් නගරයේ නිවසක මෙහෙකාර සේවයට යොමු කළ බව ඇය දැනුම් දුන්නාය. තම දරුවන්ගේ දුක සැප විමසූ නසූරා දුක වැඩිකමට දුරකථන ඇමතුම වචන කිහිපයකට සීමා කළාය. ලැබෙන පුංචි විරාමයේදී පවා ගෙදරට කතා කිරීමට නසූරා අමතක නොකළාය.

''වැඩ ටිකක් වැඩියි. ඒත් කරන්න තියෙන වැඩ කොටස අකුරට කරනවා. හැම වේලකටම හත්අට දෙනෙක් කෑමට ඉන්නවා. පිටින් එන ගොඩක් අය මගේ වැඩ ගැන හොඳ කියනවා. වෙනත් ගෙවල්වල ගෑනු මට වැඩට කතා කරනවා. සමහර දවස්වලට ගෙදර මහා මනුස්සයා අර ගෙදර වැඩට යන්න... මේ ගෙදර වැඩට යන්න කියලා කියනවා. ඒ ගෙවල්වල වැඩ කරලා මේ ගෙදරත් වැඩ කරනකොට නම් අමාරුයි. කන්න වේලාවක්වත් නෑ...'' නසූරා ගෙදරට කතා කරන බොහෝ අවස්ථාවල ඇයට පැවරී ඇති රාජකාරි ගැන එසේ විස්තර කළාය.

කාලය ගෙවී ගියේය. විටින් විට නිවසේ හාම්පුතා නසූරාට බැණ වදින්න පටන් ගත්තේය. ඔහු විසින් ඇයව වෙනත් ගෙවල්වල මුදලට මෙහෙකාර සේවයේ යෙදවීමට පටන් ගත්තේය. කොපමණ වැඩ කළ ද තම හාම්පුතා සෑහීමකට පත් නොවිණි. ස්වාමි දියණිය ද එසේමය. පසුව කම්මුල් පහරින් ආරම්භ කළ පහරදීම දින සති ගෙවී යන විට නසූරාට සිහිසුන් වන තරමට පහරදීමට තරම් හාම්පුතා අළුගෝසුවකු විය. ඒ වධකාගාරයේදී නසූරා දිනපතාම මහා මිනිහාගේ හෝ මහ ගෑනිගේ වදහිංසාවලට ලක් විය.

''අනේ මහත්තයෝ මේ දුක මට තවත් ඉවසන්න බෑ. මාව මැරෙයි. ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න...'' ඇය ලැබෙන පුංචි විරාමයට නිස්තාර්ට කතා කර එසේ ඇවිටිලි කළාය. නිස්තාර්ගේ ඉහ මොළ රත් විය. ඔහු තම දරුවන්ට ද ඒ බව දැනුම් දුන්නේය. අනතුරුව නිස්තාර් නසූරාව රට යෑවූ විදේශ රැකියා ආයතන තැරැව්කරු සොයාගෙන ගියේය. නසූරාට සිදුව ඇති වින්නැහිය ගැන අකුරක් නෑර නිස්තාර් ඔහුට පැහැදිළි කළේය.

නසූරාව ලංකාවට ගෙන්වීමට රුපියල් ලක්ෂයක් පමණ වැය වන බව තැරැව්කරු විසින් නිස්තාර්ට පවසා තිබිණි. බුලත් විට විකුණා ජීවිතය ගැටගසාගෙන සිටි නිස්තාර්ට රුපියල් ලක්ෂයක් යනු කෝටියකටත් වඩා වැඩිය. එහෙත් තම ජීවිතයට මෙන්ම නසූරාටත් නිස්තාර් ආදරය කළේය. ඔහු නිවසේ ඔප්පුව උකස් කර රුපියල් ලක්ෂයක් ගෙන විදේශ රැකියා ආයතන තැරැව්කරුට දුන්නේය. මුදල අතට ගත් තැරැව්කරු ගිජු ලිහිණියකු සේ ඉඟිලී ගියේ පැදුරටත් නොකියාය. නිස්තාර්ට අදටවත් ඔහුව දැකගැනීමට නොහැකිව ඇත.

රුපියල් ලක්ෂයත් මකර කටට වැටිණි. සෞදියේ වදකාගාරයෙන් ගලා එන නසූරාගේ හඩත් ටිකෙන් ටික දුබල විය. කර කියාගත හැකි කිසිවක් නොමැතිව නිස්තාර් අසරණ විය. 2015 මාර්තු මාසයේ පළමු සතියෙන් පසු නසූරාගේ දුරකථනය ද විසන්ධි විය. තම බිරිඳගේ දුක-සැප හෝ සොයාබැලීමට නොහැකි වී යැමේ සොවින් නිස්තාර් තැවුණේය. හිටි තැනින් අඩියක් එසවීමට දුර රටකට ගිය නසූරා ජීවිතයේ පතුලට වැටී ඇති බව ඔහු නොදැන සිටියේය. දිනක් නිස්තාර් පුත්තලම නගරයේ වෙළෙඳාමේ නිරතව සිටියදී පුවත්පතක පළ වී තිබූ නසූරාගේ ඡායාරූපයක් අහඹු ලෙස ඇස ගැටුණේය. ඔහු ක්ෂණයෙන් පුවපත්පත අතට ගෙන තම බිරිඳගේ ඡායාරූපයට අදාළ පුවත හොඳින් බැලුවේය. නිස්තාර්ගේ ගත දහඩියෙන් තෙත්a විය. දෑඟිලි වෙව්ලා පුවත්පත බිමට වැටිණි. ඔහු හිස බදාගෙන එතැනම ගුලි විය. මොහොතකින් ඔහු මහ හඩින් විලාප නැඟුවේය. කාලයත් සමග කඳුළින් දුක තුනී කර ගත් ඔහු තම ආදරණීය බිරිඳගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෝ ලංකාවට ගෙනඒමට විශාල අරගලයක නිරත විය.

''මම බිරිඳව රට යවපු ඒජන්සියට කතා කළහම ඒ අය කිව්වා පුත්තලමේ තැරැව්කරුවට සිද්ධිය දැනුම් දුන්නා කියලා. ඒ මිනිහව ඇහැකටවත් දකින්න නෑ. මම ඒ මිනිහට සල්ලි දීපු වේලාවේ බිරිඳව ලංකාවට ගෙන්නුවා නම් අදටත් මගේ බිරිඳ අපිත් එක්ක ඉන්නවා. එයා රට ගිහින් සතුටින් හිටියේ මාස දෙකයි. ඒ දවස්වල හරි සතුටින් කතා කළේ. පස්සේ කතා කරන හැම වෙලාවකම කිව්වේ ඉන්න බෑ ඉක්මනට ගෙන්න ගන්න කියලයි...

ඒජන්සියත් අපිට බොරු කළා. මගේ බිරිඳව යවනවා කිව්වේ දමාමිවලට. ඒත් නසූරා පිච්චිලා වැටිලා ඉඳලා තියෙන්නේ සෞදියේ අසීර් රෝහල ආසන්නයේ. ඒ ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් දැකලා තමයි මගේ බිරිඳව අසීර් රෝහලට භාර දීලා තියෙන්නේ...

මම සල්ලි හොයාගෙන නසූරාගේ මිනිය ගේන්න සෞදියේ අසීර් රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ රටේ අදාළ ආයතනවලට ගිහින් අපිට වෙච්ච අසාධාරණය ගැන කිව්වා. ඒ හැම තැනකින්ම කිව්වේ මගේ බිරිඳ ගිනි තියාගෙන මැරිලා කියලයි. එතකොට මම ඇහුවා එහෙම නම් ඇයි මඟ ගිහින් දාලා තියෙන්නේ කියලා. මගේ කතාව කවුරුවත් ඇහුවේ නෑ.

'උඹ කොහොමද එහෙම කියන්නේ. එහෙම නම් නඩු දාපන් කියලා' ඒ රටේ පොලිසිය මට බැන්නා.

ඒ වෙලාවේ මගේ නෝනා වැඩ කරපු ගෙදර අයත් එතැන හිටියා. 'නීති මාර්ගයෙන් කටයුතු කරන්න හැදුවොත් මිනිය දෙන්නේ නෑ' කියලා ඒ ගෙදර අයත් මට බලපෑම් කළා.

මගේ නසූරාගේ මිනියවත් මට පොටෝ ගන්න දුන්නේ නෑ. ඉස්පිරිතාලෙ ඇතුළට පෝන් එකවත් ගෙනියන්න දුන්නේ නෑ. මම දවස් පහළොවක් සෞදියේ ඉඳගෙන බිරිඳගේ මරණයට සාධාරණයක් ඉටුකරගන්න බැලුවා. ඒත් වැඩක් වුණේ නෑ. ඒ රජයෙන්වත්, මේ රජයෙන්වත් අපිට සාධාරණයක් ඉටු වුණේ නෑ. අඩුම තරමින් මගේ බිරිඳගේ මිනියවත් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නෑ. අන්තිමේ මම බිරිඳගේ දේහය සෞදියේ අබා අල් සරප් සුසාන භූමියේ භුමදාන කරලා ලංකාවට ආවා.

නසූරා වැඩ කරපු ගෙදරින් මාස දෙකක පඩිය කියලා රියාද් 1600 ක් මගේ අතට දුන්නා. ඒ ඇරරෙන්න වෙන කිසිම වන්දියක් නෑ. මගේ බිරිඳට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කර දෙන්න කියලා මම විදේශ සේවා කාර්යංශයට ගිහින් කිව්වා. ඒත් කවුරුවත් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. රට යනකොට රක්ෂණය කළා ඒත් රක්ෂණ වන්දියක් ලැබුණේ නෑ. අදාළ ආයතනවලට ගිහාම එහාට යන්න මෙහාට යන්න කියනවා. වැඩක් වෙන්නේ නෑ. අන්තිමටම විදේශ සේවා කාර්යාංශයට ගිය දවසේ කිව්වේ 'ඔයාගේ බිරිඳගේ පාස්පෝට් එක තවම ලංකාවට ඇවිත් නෑ. ඒ ආවහම මොනවහරි කරමු කිව්වා. කවදද පාස්පෝට් එක එන්නේ කියලා ඇහුවම ඒක කියන්න බෑ කියනවා...' නිස්තාර් එක දිගට කතා කරන්නේය. නිස්තාර්ගේ කතාව අනුව නසූරා සියදිවි හානි කරගෙන නැත. සාහසිකයන් පිරිසක් අතින් ඝාතනයට ලක් වී ඇත. සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු නසූරාගේ මරණය ගැන අපට කියූ කතාවෙන් ඒ බව තවත් හොඳින් තහවුරු වන්නේය.

සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයා කියන කතාව අනුව කිසියම් පිරිසක් නසූරාගේ සිරුරට ගිනි තබා පුළුස්සා අසීර් රෝහල ආසන්නයට ගෙනැවිත් දමා ඇත. රෝහල් නිලධාරියකු ඒ ආසන්නයෙන් යන විට නසූරාගේ කෙඳිරිය ඇසී, පසුව විපරම් කර බලා පිළිස්සුණු නසූරාව අසීර් රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම නසූරා මිය යැමට දින කිහිපයකට පෙර ලබාදී ඇති කටඋත්තරයකට සහ ඇඟිලි සලකුණුවලින් වෛද්‍ය වාර්තාවේ නිගමනය වි ඇත්තේ ද එය මිනී මැරුමක් බවය. එමෙන්ම ඇය මිය යැමට පෙර එම රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු ඇයගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදි නසූරා පිළිස්සී ඇති ආකාරයත්, ඇයට කරන ලද හිරිහැර පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත. නසූරා මිය යැමට පෙර කිසියම් පුද්ගලයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිපියකට ඇයගෙන් අත්සන් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. දැන් මොන දේ කතා කළත් නසූරාට පණ දීමට නොහැකිය. නසූරාගේ මරණයත් සමාජයට තවත් එක් පාඩමක් පමණි.

ගෘහ සේවා වෘත්තීය යනු අපහාසාත්මක, හෙළාදැකිය යුතු පහත් වෘත්තියක් නොවේ. දියුණු සමාජවල මෙහෙකාර වෘත්තිය ගෞරවනීය රැකියාවක් ලෙස එයට ලබාදිය යුතු ඉහළම තැන ලබාදී ඇත. එහෙත් අමනුස්ස දේශයකදී එය වහල් සේවයකි. එකී අමනුස්සයන්ට ජාති, ආගම් වැඩක් නැත. වහල් සේවයට යන කාහටත් උන්ගේ ම්ලේච්ඡ ගති පැවතුම් එකය. එවැනි යකුන් සමග 'ඩීල් දාන ගෝත්‍රික විදේශ සේවා බලධාරීන් සහ නිලධාරීන් සිටින රටක මීට වඩා යමක් අපට බලාපොරොත්තු විය නොහැකිය. අප තේරුම්ගත යුත්තේ එපමණක් පමණි.

තරංග රත්නවීර

රුවනි පෙරේරා

http://www.divaina.com/2015/07/19/feature07.html

[QUOTE="bohokal, post: 18687960, member: 10276"] [SIZE="4"]රිසානා පරපුරේ නසූරා පුරුක... * නසුරාගේ මිනිය පින්තූරයක්වත් ගන්න දුන්නේ නෑ! ඉබතුල් නසුරාත් වැලිකතරේ වැළලිණි. කාත්කවුරුවත් නැති කොදෙව්වක ඇය පිළිස්සී මිය පරළොව ගියාය. ඇයගේ ඥතීන්ගේ අදහස අනුව නම් ඒ මරණයත් වැලිකතරේ සැඟවුණු තවත් එක් අභිරහසකි. මෙතැන් සිට පෙළගැසෙන්නේ නසූරාගේ ඉරණම් කතාවය. වාහීද් ඉබතුල් නසූරා පුත්තලමේ පදිංචිකාරියකි. පස් දරු මවකි. ඇයගේ සැමියා වන අබුතාහීර් මොහොමඩ් නිස්තාර්ට හරි හැටි රැකියාවක් නොතිබූ හෙයින් නිවසේ අගහිඟ ඉහවහා ගියේය. දිනෙන් දින ණය තුරුස්වල නිස්තාර් පැටලිණි. තම පවුලේ අනාගතය ගැන නසූරාට බියක් දැනිණි. දුප්පත් පැල්පතේ පිරී ඉතිරි ගිය සතුට ඉහිරි යාදොa බියෙන් නසූරා කම්පාවට පත් විය. තම පවුල තුළ ගැට ගැසෙන ප්‍රශ්න ලිහා දැමීමට නම් අනිවාර්යයෙන්ම ඇයත් කුමක් හෝ රැකියාවක් කළ යුතු බව ඇයට දැනිණි. එහෙත් ඇයට රැකියාවක් සොයාගැනීමට ඇයගේ වයස සහ දැන උගත්කම පරාවළල්ලක් විය. අවසානයේ ඇය තීරණයක් ගත්තාය. අකැමැත්තෙන් හෝ තම කූඩුවෙන් ඉගිලී දුර රටක ගෘහ සේවයට යැමටය. රට රැකියා සිහිනය ගැන නසූරා තම සැමියාට ද පැවසුවාය. 'දැන් මොන රස්සාද. ඔන්න ඔය තියෙන විදිහකට කාලා බීලා ඉමු...' නිස්තාර්ගෙන් ඇයට පැහැදිළි ප්‍රතිචාරයක් නොලැබිණි. අගහිඟකම් ගොඩ වැඩි විය. අන්තිමේ නිස්තාර්ට අකැමැත්තෙන් හෝ නසූරාගේ යෝජනාවට කැමති වීමට සිදු විය. තම බිරිඳ රට රැකියාවකට යෑවීමට නිස්තාර් විදේශ රැකියා ආයතන සොයන්නට විය. හතළිස් විය පසු වි සිටි නසූරාට රට රැකියාවක් සොයාගැනීමත් තරමක් අසීරු කාර්යයකි. අවසානයේ කෙසේ හෝ විදේශ රැකියා ආයතනයක තැරැව්කරුවකු හරහා ඔවුහු කොළඹ මරදානේ විදේශ රැකියා ආයතනයක් වෙත පැමිණියහ. උප්පැන්න සහතිකයෙන් නසූරා වියපත් වුවද පෙනුමෙන් තවමත් තරුණය. ගෘහ සේවයට යැමට කැමැති කාන්තාවන්ගේ වයස අඩු වැඩි කිරීමට ඒජන්සිකාරයෝ ද සූරයෝය. සෞදි රාජ්‍යයේ ගෘහ සේවිකා ඇබෑර්තුවක් ඇති බව මරදානේ විදේශ රැකියා ආයතනයෙන් නසූරාව දැනුවත් කළේය. නසුරාගේ ගමන සඳහා අවශ්‍ය ලිපි ලේඛන ද සකස් විය. විදේශගත වන දිනය ද තීරණය විය. දින, සති ගෙවී ගියේය. 2014 සැප්තැම්බර් මස 22 වැනිදා කටුනායක ගුවන් තොටුපළට පැමිණි නසූරා ගමන් බලපත්‍ර භ 4003075 අංකයෙන් සෞදිය බලා පිටත්ව ගියාය. 'කසාද බැඳපු දවසේ ඉඳලා එක දවසක්වත් අපි දෙපළක ඉඳලා නෑ. ලොකු පුතාලා දෙන්නා බැඳලා වෙන් වෙලා හිටියත් අපි දෙන්නගෙන් එක්කෙනෙක් තනියෙන් එක රැයක් ඒ ගෙදරකවත් ඉඳලා නෑ. නසූරා ගුවන් තොටුපළෙන් ඇතුළට යනකොට මට දරා ගන්න බැරි වුණා. චූටි කෙල්ලව බදාගෙන මම කෑගහලා ඇඩුවා. නසූරාත් ඔය ගමන යන්න හිත හදාගත්තේ දරුවන්ගේ අනාගතය ගැන හිතලම තමයි...'' අප ඉදිරියේ නිස්තාර්ගේ දෑස් බොඳ වී ගියේය. උපන් කතරේ මොහොතකටවත් නසූරාව සිතින් තනි නොකෙරූ නිස්තාර්ගේ සිතේ නැඟෙන විලාපය අපට දැනේ. දින කිහිපයකට පසු නසූරාගෙන් නිස්තාර්ට දුරකථන ඇමතුමක් ලැබිණි. සෞදි අරාබියේ දමාම් නගරයේ නිවසක මෙහෙකාර සේවයට යොමු කළ බව ඇය දැනුම් දුන්නාය. තම දරුවන්ගේ දුක සැප විමසූ නසූරා දුක වැඩිකමට දුරකථන ඇමතුම වචන කිහිපයකට සීමා කළාය. ලැබෙන පුංචි විරාමයේදී පවා ගෙදරට කතා කිරීමට නසූරා අමතක නොකළාය. ''වැඩ ටිකක් වැඩියි. ඒත් කරන්න තියෙන වැඩ කොටස අකුරට කරනවා. හැම වේලකටම හත්අට දෙනෙක් කෑමට ඉන්නවා. පිටින් එන ගොඩක් අය මගේ වැඩ ගැන හොඳ කියනවා. වෙනත් ගෙවල්වල ගෑනු මට වැඩට කතා කරනවා. සමහර දවස්වලට ගෙදර මහා මනුස්සයා අර ගෙදර වැඩට යන්න... මේ ගෙදර වැඩට යන්න කියලා කියනවා. ඒ ගෙවල්වල වැඩ කරලා මේ ගෙදරත් වැඩ කරනකොට නම් අමාරුයි. කන්න වේලාවක්වත් නෑ...'' නසූරා ගෙදරට කතා කරන බොහෝ අවස්ථාවල ඇයට පැවරී ඇති රාජකාරි ගැන එසේ විස්තර කළාය. කාලය ගෙවී ගියේය. විටින් විට නිවසේ හාම්පුතා නසූරාට බැණ වදින්න පටන් ගත්තේය. ඔහු විසින් ඇයව වෙනත් ගෙවල්වල මුදලට මෙහෙකාර සේවයේ යෙදවීමට පටන් ගත්තේය. කොපමණ වැඩ කළ ද තම හාම්පුතා සෑහීමකට පත් නොවිණි. ස්වාමි දියණිය ද එසේමය. පසුව කම්මුල් පහරින් ආරම්භ කළ පහරදීම දින සති ගෙවී යන විට නසූරාට සිහිසුන් වන තරමට පහරදීමට තරම් හාම්පුතා අළුගෝසුවකු විය. ඒ වධකාගාරයේදී නසූරා දිනපතාම මහා මිනිහාගේ හෝ මහ ගෑනිගේ වදහිංසාවලට ලක් විය. ''අනේ මහත්තයෝ මේ දුක මට තවත් ඉවසන්න බෑ. මාව මැරෙයි. ඉක්මනට ලංකාවට ගෙන්න ගන්න...'' ඇය ලැබෙන පුංචි විරාමයට නිස්තාර්ට කතා කර එසේ ඇවිටිලි කළාය. නිස්තාර්ගේ ඉහ මොළ රත් විය. ඔහු තම දරුවන්ට ද ඒ බව දැනුම් දුන්නේය. අනතුරුව නිස්තාර් නසූරාව රට යෑවූ විදේශ රැකියා ආයතන තැරැව්කරු සොයාගෙන ගියේය. නසූරාට සිදුව ඇති වින්නැහිය ගැන අකුරක් නෑර නිස්තාර් ඔහුට පැහැදිළි කළේය. නසූරාව ලංකාවට ගෙන්වීමට රුපියල් ලක්ෂයක් පමණ වැය වන බව තැරැව්කරු විසින් නිස්තාර්ට පවසා තිබිණි. බුලත් විට විකුණා ජීවිතය ගැටගසාගෙන සිටි නිස්තාර්ට රුපියල් ලක්ෂයක් යනු කෝටියකටත් වඩා වැඩිය. එහෙත් තම ජීවිතයට මෙන්ම නසූරාටත් නිස්තාර් ආදරය කළේය. ඔහු නිවසේ ඔප්පුව උකස් කර රුපියල් ලක්ෂයක් ගෙන විදේශ රැකියා ආයතන තැරැව්කරුට දුන්නේය. මුදල අතට ගත් තැරැව්කරු ගිජු ලිහිණියකු සේ ඉඟිලී ගියේ පැදුරටත් නොකියාය. නිස්තාර්ට අදටවත් ඔහුව දැකගැනීමට නොහැකිව ඇත. රුපියල් ලක්ෂයත් මකර කටට වැටිණි. සෞදියේ වදකාගාරයෙන් ගලා එන නසූරාගේ හඩත් ටිකෙන් ටික දුබල විය. කර කියාගත හැකි කිසිවක් නොමැතිව නිස්තාර් අසරණ විය. 2015 මාර්තු මාසයේ පළමු සතියෙන් පසු නසූරාගේ දුරකථනය ද විසන්ධි විය. තම බිරිඳගේ දුක-සැප හෝ සොයාබැලීමට නොහැකි වී යැමේ සොවින් නිස්තාර් තැවුණේය. හිටි තැනින් අඩියක් එසවීමට දුර රටකට ගිය නසූරා ජීවිතයේ පතුලට වැටී ඇති බව ඔහු නොදැන සිටියේය. දිනක් නිස්තාර් පුත්තලම නගරයේ වෙළෙඳාමේ නිරතව සිටියදී පුවත්පතක පළ වී තිබූ නසූරාගේ ඡායාරූපයක් අහඹු ලෙස ඇස ගැටුණේය. ඔහු ක්ෂණයෙන් පුවපත්පත අතට ගෙන තම බිරිඳගේ ඡායාරූපයට අදාළ පුවත හොඳින් බැලුවේය. නිස්තාර්ගේ ගත දහඩියෙන් තෙත්a විය. දෑඟිලි වෙව්ලා පුවත්පත බිමට වැටිණි. ඔහු හිස බදාගෙන එතැනම ගුලි විය. මොහොතකින් ඔහු මහ හඩින් විලාප නැඟුවේය. කාලයත් සමග කඳුළින් දුක තුනී කර ගත් ඔහු තම ආදරණීය බිරිඳගේ ප්‍රාණය නිරුද්ධ සිරුර හෝ ලංකාවට ගෙනඒමට විශාල අරගලයක නිරත විය. ''මම බිරිඳව රට යවපු ඒජන්සියට කතා කළහම ඒ අය කිව්වා පුත්තලමේ තැරැව්කරුවට සිද්ධිය දැනුම් දුන්නා කියලා. ඒ මිනිහව ඇහැකටවත් දකින්න නෑ. මම ඒ මිනිහට සල්ලි දීපු වේලාවේ බිරිඳව ලංකාවට ගෙන්නුවා නම් අදටත් මගේ බිරිඳ අපිත් එක්ක ඉන්නවා. එයා රට ගිහින් සතුටින් හිටියේ මාස දෙකයි. ඒ දවස්වල හරි සතුටින් කතා කළේ. පස්සේ කතා කරන හැම වෙලාවකම කිව්වේ ඉන්න බෑ ඉක්මනට ගෙන්න ගන්න කියලයි... ඒජන්සියත් අපිට බොරු කළා. මගේ බිරිඳව යවනවා කිව්වේ දමාමිවලට. ඒත් නසූරා පිච්චිලා වැටිලා ඉඳලා තියෙන්නේ සෞදියේ අසීර් රෝහල ආසන්නයේ. ඒ ඉස්පිරිතාලේ වැඩ කරන කෙනෙක් දැකලා තමයි මගේ බිරිඳව අසීර් රෝහලට භාර දීලා තියෙන්නේ... මම සල්ලි හොයාගෙන නසූරාගේ මිනිය ගේන්න සෞදියේ අසීර් රෝහලට ගියා. ඒ වෙලාවේ ඒ රටේ අදාළ ආයතනවලට ගිහින් අපිට වෙච්ච අසාධාරණය ගැන කිව්වා. ඒ හැම තැනකින්ම කිව්වේ මගේ බිරිඳ ගිනි තියාගෙන මැරිලා කියලයි. එතකොට මම ඇහුවා එහෙම නම් ඇයි මඟ ගිහින් දාලා තියෙන්නේ කියලා. මගේ කතාව කවුරුවත් ඇහුවේ නෑ. 'උඹ කොහොමද එහෙම කියන්නේ. එහෙම නම් නඩු දාපන් කියලා' ඒ රටේ පොලිසිය මට බැන්නා. ඒ වෙලාවේ මගේ නෝනා වැඩ කරපු ගෙදර අයත් එතැන හිටියා. 'නීති මාර්ගයෙන් කටයුතු කරන්න හැදුවොත් මිනිය දෙන්නේ නෑ' කියලා ඒ ගෙදර අයත් මට බලපෑම් කළා. මගේ නසූරාගේ මිනියවත් මට පොටෝ ගන්න දුන්නේ නෑ. ඉස්පිරිතාලෙ ඇතුළට පෝන් එකවත් ගෙනියන්න දුන්නේ නෑ. මම දවස් පහළොවක් සෞදියේ ඉඳගෙන බිරිඳගේ මරණයට සාධාරණයක් ඉටුකරගන්න බැලුවා. ඒත් වැඩක් වුණේ නෑ. ඒ රජයෙන්වත්, මේ රජයෙන්වත් අපිට සාධාරණයක් ඉටු වුණේ නෑ. අඩුම තරමින් මගේ බිරිඳගේ මිනියවත් ලංකාවට ගේන්න ඉඩ දුන්නේ නෑ. අන්තිමේ මම බිරිඳගේ දේහය සෞදියේ අබා අල් සරප් සුසාන භූමියේ භුමදාන කරලා ලංකාවට ආවා. නසූරා වැඩ කරපු ගෙදරින් මාස දෙකක පඩිය කියලා රියාද් 1600 ක් මගේ අතට දුන්නා. ඒ ඇරරෙන්න වෙන කිසිම වන්දියක් නෑ. මගේ බිරිඳට වෙච්ච අසාධාරණයට සාධාරණයක් ඉටු කර දෙන්න කියලා මම විදේශ සේවා කාර්යංශයට ගිහින් කිව්වා. ඒත් කවුරුවත් ඒ ගැන සැලකිලිමත් වුණේ නෑ. රට යනකොට රක්ෂණය කළා ඒත් රක්ෂණ වන්දියක් ලැබුණේ නෑ. අදාළ ආයතනවලට ගිහාම එහාට යන්න මෙහාට යන්න කියනවා. වැඩක් වෙන්නේ නෑ. අන්තිමටම විදේශ සේවා කාර්යාංශයට ගිය දවසේ කිව්වේ 'ඔයාගේ බිරිඳගේ පාස්පෝට් එක තවම ලංකාවට ඇවිත් නෑ. ඒ ආවහම මොනවහරි කරමු කිව්වා. කවදද පාස්පෝට් එක එන්නේ කියලා ඇහුවම ඒක කියන්න බෑ කියනවා...' නිස්තාර් එක දිගට කතා කරන්නේය. නිස්තාර්ගේ කතාව අනුව නසූරා සියදිවි හානි කරගෙන නැත. සාහසිකයන් පිරිසක් අතින් ඝාතනයට ලක් වී ඇත. සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයකු නසූරාගේ මරණය ගැන අපට කියූ කතාවෙන් ඒ බව තවත් හොඳින් තහවුරු වන්නේය. සෞදියේ ශ්‍රී ලාංකික සමාජ සේවකයා කියන කතාව අනුව කිසියම් පිරිසක් නසූරාගේ සිරුරට ගිනි තබා පුළුස්සා අසීර් රෝහල ආසන්නයට ගෙනැවිත් දමා ඇත. රෝහල් නිලධාරියකු ඒ ආසන්නයෙන් යන විට නසූරාගේ කෙඳිරිය ඇසී, පසුව විපරම් කර බලා පිළිස්සුණු නසූරාව අසීර් රෝහලට ඇතුළත් කර ඇත. එමෙන්ම නසූරා මිය යැමට දින කිහිපයකට පෙර ලබාදී ඇති කටඋත්තරයකට සහ ඇඟිලි සලකුණුවලින් වෛද්‍ය වාර්තාවේ නිගමනය වි ඇත්තේ ද එය මිනී මැරුමක් බවය. එමෙන්ම ඇය මිය යැමට පෙර එම රෝහලේ සේවය කළ ශ්‍රී ලාංකික කාන්තාවන් කිහිපදෙනකු ඇයගේ සුවදුක් බැලීමට ගිය අවස්ථාවේදි නසූරා පිළිස්සී ඇති ආකාරයත්, ඇයට කරන ලද හිරිහැර පිළිබඳවත් තොරතුරු අනාවරණය කරගෙන ඇත. නසූරා මිය යැමට පෙර කිසියම් පුද්ගලයකු විසින් අරාබි භාෂාවෙන් ලියන ලද ලිපියකට ඇයගෙන් අත්සන් ලබාගෙන ඇති බව ද වාර්තා වේ. දැන් මොන දේ කතා කළත් නසූරාට පණ දීමට නොහැකිය. නසූරාගේ මරණයත් සමාජයට තවත් එක් පාඩමක් පමණි. ගෘහ සේවා වෘත්තීය යනු අපහාසාත්මක, හෙළාදැකිය යුතු පහත් වෘත්තියක් නොවේ. දියුණු සමාජවල මෙහෙකාර වෘත්තිය ගෞරවනීය රැකියාවක් ලෙස එයට ලබාදිය යුතු ඉහළම තැන ලබාදී ඇත. එහෙත් අමනුස්ස දේශයකදී එය වහල් සේවයකි. එකී අමනුස්සයන්ට ජාති, ආගම් වැඩක් නැත. වහල් සේවයට යන කාහටත් උන්ගේ ම්ලේච්ඡ ගති පැවතුම් එකය. එවැනි යකුන් සමග 'ඩීල් දාන ගෝත්‍රික විදේශ සේවා බලධාරීන් සහ නිලධාරීන් සිටින රටක මීට වඩා යමක් අපට බලාපොරොත්තු විය නොහැකිය. අප තේරුම්ගත යුත්තේ එපමණක් පමණි. තරංග රත්නවීර රුවනි පෙරේරා [/SIZE] [url]http://www.divaina.com/2015/07/19/feature07.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom