Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසර දුක සහ අනිච්ඡතාවය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර දුක සහ අනිච්ඡතාවය

උපන්නා වූ සෑම සියළු සත්ත්වයෙක්ම සසර දුකෙන් පීඩිතයි. වැඩියෙන්ම දුක් විඳින්නේ සතර අපාගත සත්ත්වයන්ය. ලේනෙක්, කුරුල්ලෙක් කෑම කනවා ඔබ දැක ඇත. සෑම කෑම කටකට ම සැරයක් ඌ වටපිට බලන්නේ ඇයි? තමා ගොදුරු කරගැනීමට තවෙකෙක් බලා සිටින නිසයි. එක් සතෙක් තවෙකෙක් ගිල දැමීමේදී කොටසක් දඟලද්දී තව කොටසක් අනෙකාගේ උදරය තුළය. තමාගේ නෑදෑයින්, දරුවන් තමා ඉදිරියේම තවෙකෙකු විසින් අමු අමුවේම ගිල දමනවා. සත්ත්ව ලෝකයේ රෝගී වුවහොත් පිළිසරණක් නෑ. තමාගේම දරුවන් මරාගෙන කෑම සමහර සතුන් අතර ප්‍රචලිතයි. මනුෂ්‍යයන් මරාගෙන කෑමට මාන බලන සතුන් නැද්ද? මරණ භය සෑම සත්ත්වයෙක් පසු පසම හඹා එනවා.

මනුෂ්‍ය ශරීරය වුවද සිදුරු වුවහොත් බැක්ටීරියා, වෛරස් ආදිය සිරුරට ඇතුළු වී ආක්‍රමණය කර මිනිසා මරාගෙන කනවා. මේ, සත්ත්වයන් මුහුණ දෙන අපට විද්‍යමාන දුක්වලින් සමහරකි. මේ දුක්වලට ඉක්මනින් ඉතාමත්ම අසරණව මුහුණ දීමට සිදුවී ඇත්තේ විශේෂයෙන් තිරිසන් ලොව ඇතුළු දුගතිවල සත්ත්වයන්ටය. අනෙක් සතුන් ද දුකින් බැහැර වූවන් නොවෙයි. ලෝකයේ වැඩිම සත්ත්වයින් සංඛ්‍යාවක් ඇත්තේ කොහිද? ඔබගේ ගෙදර වත්ත ගැන සිතන්න. මනුෂ්‍යයන් කීදෙනා ද? කුහුඹුවන්, පළඟැටියන්, වේයන් ඇතුළු සතුන් එම වත්තේ කොපමණද? එසේනම් ලෝකයේ දුගතියට පත් සතුන්ගේ ගණන මනුෂ්‍ය සංඛ්‍යාව හා සසඳන්න වත් බැරි තරම් විශාලයි. අති විශාලයි.

මනුෂ්‍යභාවයෙන් චුත වී නැවත මිනිසුන් බවට පත් වන්නේ ඉතාම අල්ප වූ ප්රමාණයකි. මෙය බුදුපියාණන් වහන්සේ සැසඳුවේ නිය පිඬට ගත් පස් ප්‍රමාණයක් හා සමානවය. පොළවේ පස් හා සමාන මිනිසුන් ප්‍රමාණයක් නැවත දුගතිවල ඉපදෙනවා. මෙය මනුෂ්‍ය චුති සූත්‍රය, සංයුක්ත නිකාය, 5-2, 351 වන පිටුවේ සඳහන් වෙනවා. මෙයින් පෙනී යන්නේ අප අතර සිටින අපේම දරුවන්, මාපියන්, නෑදෑයින්, ඔබගේ දුව, ඔබගේ මව, පියා, ඔබගේ සහකරු තව අවුරුදු 20 කින් 30 කින් අතිශය දුක්ඛිත දුගතිවල ඉපදෙනවා කියන එක නම් එය මොන තරම් කම්පාවක් ද?

සසර භය මේ ආකාරයෙන් තේරුම් ගත යුතුය. ඒ භයානක සසරින් මිදීමට ඇති එකම ක්‍රමය මාර්ග ඵලයකට පත්වීම පමණයි, නිවන් දැකීම පමණයි. මිනිසුන් නිවන් දැකීමක් ගැන සිතන්නට පෙළඹෙන්නේ ඇයි? නිවන් දැකීම යනු දුකින් නිදහස් වීමයි. දුකින් නිදහස් වීමට යමෙකුට අවශ්‍ය වන්නේ දුක පිළිබඳ හැඟීමක් ඇති වුවහොත් පමණයි. අනන්ත වූ සසරේ දුක් විඳිමින් ආ ගමනේ දුක විඳින බව සියළු සත්වයන්ට නොදැනෙන්නේ ඇයි? තමන් ආස්වාද සොයමින් මොහොතක් පාසා ගතකරමින් යන ගමනේ දුක පසක් නොකිරීමට හේතුව ආස්වාදය දෙස අවධානය යොමු කිරීම හා එම ආස්වාද මාත්‍රයන් විසින් එම ගමනේ දුක්ඛ දාහය අමතක වීමට සැලැස්වීම නිසාය.

සත්ත්වයන් සසරේ දුක් විඳින බව බුදු පියාණන් බුදු වීමටත් පෙර එනම් බෝධි සත්ත්ව කාලයේදීම පසක් කරගෙන සිටි බව පෙනෙන කරුණක්. උන්වහන්සේම දුකින් මිදීම සඳහා බෝධිසත්ත්ව කාලයේදී ම විවිධ පිළිවෙත් අනුගමනය කළා. උපරිම වශයෙන් තමා සතු සියල්ල දන් දීමෙන් දුකින් මිදීමට හැකි දැයි සොයා බැලූවා. උපරිම වශයෙන් සිල් වතක් අනුගමනය කරමින් දුකින් මිදීමේ මාර්ගය සොයා බැලූවා. උපරිමයෙන් අනාර්ය භාවනා ක්‍රමවල නියැලෙමින් විමුක්තිය සෙව්වා. මේ බව උන්වහන්සේගේ බෝධිසත්ත්ව කාලය පුරාවටම විහිදී ඇති දාන, ශීල… ආදී පාරමිතාවන් වැඩූ හැටි සැලකූ විට පැහැදිලි වෙනවා. සිද්ධාර්ථ කුමරු වශයෙන් ඉපිද ගිහි ගෙයින් නික්මුනාට පසුවද නොයෙකුත් ගුරුවරුන් හමුවෙමින් විමුක්තිය සෙවූවද එ් සියළු පිළිවෙත්වලින් විමුක්තිය හමු නොවී තමන් විසින්ම දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය සොයාගනු ලැබුවා.

බුද්ධත්වයෙන් පසු පළමු ධර්ම දේශනාවේදී උන්වහන්සේ දුක පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කළා.

ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්රියෙහි සම්ප්රයෝගෝ දුක්ඛෝ, ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යං පිච්චං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා

වශයෙන් සත්ත්වයන් විඳින දුක් ගොනු කොට ප්‍රකාශ කළා. එසේනම් මේ දුක් කොටස්වලට සත්ත්වයන් විඳින දුක් සියල්ල ඇතුලත් විය යුතුයි. මින් බැහැර වෙනත් දුකක් කිසිවෙකුට ප්‍රකාශ කරන්න බෑ. බුදුපියාණන්ට අත්හැරුන දුකක් තිබිය නොහැකියි. එසේම මජ්ජිම නිකාය (3) 512 පිටුවේ එන සච්ච විභංග සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් බුදුන් වදාළ දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව කෙරෙන විග්‍රහය තවදුරටත් මෙසේ පැහැදිළි කළා.

කථමංචාවුසෝ දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණංපි දුක්ඛං, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසාපි දුක්ඛා, යංපිච්ඡුං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා.

මෙම සච්ච විභංග සූත්‍රයෙන් “යංපිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන්න විස්තර වී ඇති සැටි බලමු. අහෝ අපි ජාති ස්වභාවය ඇත්තෝ නොවන්නමෝ නම් මැනවි. උප්පත්තිය අප වෙත නොඑන්නේ නම් මැනවි. තෙල ඉච්චායෙන් නොලැබිය හැක්කකි. මෙයද යං පිච්ඡං (යම්පි ඉච්ඡං) නොලබති, මෙයද යම් ඉච්ඡාවක් නොලබානම් එය දුකය යන්නයි. මෙසේම ජරා, මරණ, ශෝක, පරිදේව ආදිය ගැන ද අපට එම දුක් නොඑන්නේ නම් මැනවි වශයෙන් අප කැමැත්තක් ඇතිකර ගත්තාට, එනම් ඉච්ඡාවක් ඇතිකර ගත්තාට එම ඉච්ඡුාව අපට නොලැබෙන්නේමය. සච්ච් විභංග සූත්‍රයේ ඉහත දක්වා ඇති පරිදි ලෝකයේ ඇති සියළුම දුක් මෙම “යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන කොටසට ඇතුලත් වන බව ප්‍රවේශමෙන් කියවන්නෙකුට තේරුම් ගන්න පුලුවන්. පෙර විස්තර කළ පරිදි අහෝ අපි ජාති ස්වභාවය ඇත්තෝ නොවන්නමෝ නම් මැනවි. ඒ වගේම අහෝ අපි ජරාවට පත් නොවන්නමෝ නම් මැනවි. අහෝ අපි ශෝකයට පත් නොවන්නමෝ නම් මැනවි… ආදී වශයෙන් ගත් කළ ලෝකයේ ඇති සියළුම දුක් මෙම යම් පිච්ඡුං නලබති තම්පි දුක්ඛං යන කොටසට ඇතුලත් වන බව ප්‍රවේශමෙන් කියවන්නෙකුට තේරුම් ගන්න පුලුවන්. යම් පිච්ඡුං නලබති වෙනුවට අනිච්ච (අන් + ඉච්ච) යන පදය හරියටම ගැලපෙනවා. එසේනම් ලෝකයේ ඇති සියළුම දුක් අනිච්චතාවය හෙවත් කැමති සේ නොලැබීම නිසා හටගන්නා බව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා නොවේද? “යද නිච්චං තං දුක්ඛං” යන පදයට මෙය හරියටම ගැලපෙන බව දැකගන්න. මෙම සච්ච විභංග සූත්‍රය නොයෙක් විට මා කියවා ඇතත්, “යං පිච්චං නලබති තම්පි දුක්ඛං” යන්නට මුළු ලෝකයේම දුක් අඩංගු කළ හැකි බව මට පසක් කර ගැනීමට නොහැකි වුනා. මට එය ඒත්තු ගියේ අපේ වහරක ගරු ලොකුහාමුදුරුවන් වහන්සේ මෙම කරුණ මතුකර පෙන්වා දුන් පසුවයි. මෙන්න දහමේ සැඟවුණු වැදගත් තැනක්. ලෝකයේ සියලූ දුක් “යං පිච්ඡුං නලබති තංපි දුක්ඛං” හෙවත් “අනිච්චතාවය” නිසා හටගන්නා බව නිවන් දක්නා කැමති සියල්ලෝ විසින් අවබෝධ කර ගනිත්වා! මෙවන් අනිච්ච වූ ලෝකයක තමාගේ ප්‍රාර්ථනාවන් (ඉච්ඡාවන්) නොලැබීමෙන් සියලූ දුක් හටගන්නා බව තේරුම් ගත යුතුය. සසර දුක් නිවාගන්නා ක්‍රම ගැන ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු.

නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති

වෛද්‍ය ආර්. පී. වීරසිංහ

MBBS/DFM/MCGP/MPFAM

උපුටාගැනීම

http://www.helabodhupiyuma.net/archives/43

[QUOTE="බකුනා, post: 14526312, member: 400277"] [b]සසර දුක සහ අනිච්ඡතාවය[/b] [SIZE=4][B][COLOR=RoyalBlue]උපන්නා වූ සෑම සියළු සත්ත්වයෙක්ම සසර දුකෙන් පීඩිතයි. වැඩියෙන්ම දුක් විඳින්නේ සතර අපාගත සත්ත්වයන්ය. ලේනෙක්, කුරුල්ලෙක් කෑම කනවා ඔබ දැක ඇත. සෑම කෑම කටකට ම සැරයක් ඌ වටපිට බලන්නේ ඇයි? තමා ගොදුරු කරගැනීමට තවෙකෙක් බලා සිටින නිසයි. එක් සතෙක් තවෙකෙක් ගිල දැමීමේදී කොටසක් දඟලද්දී තව කොටසක් අනෙකාගේ උදරය තුළය. තමාගේ නෑදෑයින්, දරුවන් තමා ඉදිරියේම තවෙකෙකු විසින් අමු අමුවේම ගිල දමනවා. සත්ත්ව ලෝකයේ රෝගී වුවහොත් පිළිසරණක් නෑ. තමාගේම දරුවන් මරාගෙන කෑම සමහර සතුන් අතර ප්‍රචලිතයි. මනුෂ්‍යයන් මරාගෙන කෑමට මාන බලන සතුන් නැද්ද? මරණ භය සෑම සත්ත්වයෙක් පසු පසම හඹා එනවා.[/COLOR][/B][/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]මනුෂ්‍ය ශරීරය වුවද සිදුරු වුවහොත් බැක්ටීරියා, වෛරස් ආදිය සිරුරට ඇතුළු වී ආක්‍රමණය කර මිනිසා මරාගෙන කනවා. මේ, සත්ත්වයන් මුහුණ දෙන අපට විද්‍යමාන දුක්වලින් සමහරකි. මේ දුක්වලට ඉක්මනින් ඉතාමත්ම අසරණව මුහුණ දීමට සිදුවී ඇත්තේ විශේෂයෙන් තිරිසන් ලොව ඇතුළු දුගතිවල සත්ත්වයන්ටය. අනෙක් සතුන් ද දුකින් බැහැර වූවන් නොවෙයි. ලෝකයේ වැඩිම සත්ත්වයින් සංඛ්‍යාවක් ඇත්තේ කොහිද? ඔබගේ ගෙදර වත්ත ගැන සිතන්න. මනුෂ්‍යයන් කීදෙනා ද? කුහුඹුවන්, පළඟැටියන්, වේයන් ඇතුළු සතුන් එම වත්තේ කොපමණද? එසේනම් ලෝකයේ දුගතියට පත් සතුන්ගේ ගණන මනුෂ්‍ය සංඛ්‍යාව හා සසඳන්න වත් බැරි තරම් විශාලයි. අති විශාලයි.[/COLOR][/SIZE] [COLOR=DarkRed] [/COLOR][SIZE=4][COLOR=DarkRed]මනුෂ්‍යභාවයෙන් චුත වී නැවත මිනිසුන් බවට පත් වන්නේ ඉතාම අල්ප වූ ප්රමාණයකි. මෙය බුදුපියාණන් වහන්සේ සැසඳුවේ නිය පිඬට ගත් පස් ප්‍රමාණයක් හා සමානවය. පොළවේ පස් හා සමාන මිනිසුන් ප්‍රමාණයක් නැවත දුගතිවල ඉපදෙනවා. මෙය මනුෂ්‍ය චුති සූත්‍රය, සංයුක්ත නිකාය, 5-2, 351 වන පිටුවේ සඳහන් වෙනවා. මෙයින් පෙනී යන්නේ අප අතර සිටින අපේම දරුවන්, මාපියන්, නෑදෑයින්, ඔබගේ දුව, ඔබගේ මව, පියා, ඔබගේ සහකරු තව අවුරුදු 20 කින් 30 කින් අතිශය දුක්ඛිත දුගතිවල ඉපදෙනවා කියන එක නම් එය මොන තරම් කම්පාවක් ද?[/COLOR] [/SIZE] [B][SIZE=4]සසර භය මේ ආකාරයෙන් තේරුම් ගත යුතුය. ඒ භයානක සසරින් මිදීමට ඇති එකම ක්‍රමය මාර්ග ඵලයකට පත්වීම පමණයි, නිවන් දැකීම පමණයි. මිනිසුන් නිවන් දැකීමක් ගැන සිතන්නට පෙළඹෙන්නේ ඇයි? නිවන් දැකීම යනු දුකින් නිදහස් වීමයි. දුකින් නිදහස් වීමට යමෙකුට අවශ්‍ය වන්නේ දුක පිළිබඳ හැඟීමක් ඇති වුවහොත් පමණයි. අනන්ත වූ සසරේ දුක් විඳිමින් ආ ගමනේ දුක විඳින බව සියළු සත්වයන්ට නොදැනෙන්නේ ඇයි? තමන් ආස්වාද සොයමින් මොහොතක් පාසා ගතකරමින් යන ගමනේ දුක පසක් නොකිරීමට හේතුව ආස්වාදය දෙස අවධානය යොමු කිරීම හා එම ආස්වාද මාත්‍රයන් විසින් එම ගමනේ දුක්ඛ දාහය අමතක වීමට සැලැස්වීම නිසාය.[/SIZE][/B] [B][SIZE=4]සත්ත්වයන් සසරේ දුක් විඳින බව බුදු පියාණන් බුදු වීමටත් පෙර එනම් බෝධි සත්ත්ව කාලයේදීම පසක් කරගෙන සිටි බව පෙනෙන කරුණක්. උන්වහන්සේම දුකින් මිදීම සඳහා බෝධිසත්ත්ව කාලයේදී ම විවිධ පිළිවෙත් අනුගමනය කළා. උපරිම වශයෙන් තමා සතු සියල්ල දන් දීමෙන් දුකින් මිදීමට හැකි දැයි සොයා බැලූවා. උපරිම වශයෙන් සිල් වතක් අනුගමනය කරමින් දුකින් මිදීමේ මාර්ගය සොයා බැලූවා. උපරිමයෙන් අනාර්ය භාවනා ක්‍රමවල නියැලෙමින් විමුක්තිය සෙව්වා. මේ බව උන්වහන්සේගේ බෝධිසත්ත්ව කාලය පුරාවටම විහිදී ඇති දාන, ශීල… ආදී පාරමිතාවන් වැඩූ හැටි සැලකූ විට පැහැදිලි වෙනවා. සිද්ධාර්ථ කුමරු වශයෙන් ඉපිද ගිහි ගෙයින් නික්මුනාට පසුවද නොයෙකුත් ගුරුවරුන් හමුවෙමින් විමුක්තිය සෙවූවද එ් සියළු පිළිවෙත්වලින් විමුක්තිය හමු නොවී තමන් විසින්ම දුක, දුක ඇතිවීමට හේතුව, දුක නැති කිරීම, දුක නැති කිරීමේ මාර්ගය සොයාගනු ලැබුවා.[/SIZE][/B] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]බුද්ධත්වයෙන් පසු පළමු ධර්ම දේශනාවේදී උන්වහන්සේ දුක පිළිබඳව පැහැදිලි ප්‍රකාශයක් කළා.[/SIZE] [INDENT][SIZE=4]ජාති, ජරා, ව්‍යාධි, මරණ, අප්රියෙහි සම්ප්රයෝගෝ දුක්ඛෝ, ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ, යං පිච්චං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා[/SIZE] [/INDENT] [SIZE=4]වශයෙන් සත්ත්වයන් විඳින දුක් ගොනු කොට ප්‍රකාශ කළා. එසේනම් මේ දුක් කොටස්වලට සත්ත්වයන් විඳින දුක් සියල්ල ඇතුලත් විය යුතුයි. මින් බැහැර වෙනත් දුකක් කිසිවෙකුට ප්‍රකාශ කරන්න බෑ. බුදුපියාණන්ට අත්හැරුන දුකක් තිබිය නොහැකියි. එසේම මජ්ජිම නිකාය (3) 512 පිටුවේ එන සච්ච විභංග සූත්‍රයේ සැරියුත් මහරහතන් වහන්සේ විසින් බුදුන් වදාළ දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳව කෙරෙන විග්‍රහය තවදුරටත් මෙසේ පැහැදිළි කළා.[/SIZE] [INDENT][SIZE=4]කථමංචාවුසෝ දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා, ජරාපි දුක්ඛා, මරණංපි දුක්ඛං, සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්සුපායාසාපි දුක්ඛා, යංපිච්ඡුං නලබති තම්පි දුක්ඛං, සංකිත්තේන පංච උපාදානක්ඛන්දා දුක්ඛා.[/SIZE] [/INDENT] [SIZE=4]මෙම සච්ච විභංග සූත්‍රයෙන් “යංපිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන්න විස්තර වී ඇති සැටි බලමු. අහෝ අපි ජාති ස්වභාවය ඇත්තෝ නොවන්නමෝ නම් මැනවි. උප්පත්තිය අප වෙත නොඑන්නේ නම් මැනවි. තෙල ඉච්චායෙන් නොලැබිය හැක්කකි. මෙයද යං පිච්ඡං (යම්පි ඉච්ඡං) නොලබති, මෙයද යම් ඉච්ඡාවක් නොලබානම් එය දුකය යන්නයි. මෙසේම ජරා, මරණ, ශෝක, පරිදේව ආදිය ගැන ද අපට එම දුක් නොඑන්නේ නම් මැනවි වශයෙන් අප කැමැත්තක් ඇතිකර ගත්තාට, එනම් ඉච්ඡාවක් ඇතිකර ගත්තාට එම ඉච්ඡුාව අපට නොලැබෙන්නේමය. සච්ච් විභංග සූත්‍රයේ ඉහත දක්වා ඇති පරිදි ලෝකයේ ඇති සියළුම දුක් මෙම “යං පිච්ඡං නලබති තම්පි දුක්ඛං” යන කොටසට ඇතුලත් වන බව ප්‍රවේශමෙන් කියවන්නෙකුට තේරුම් ගන්න පුලුවන්. පෙර විස්තර කළ පරිදි අහෝ අපි ජාති ස්වභාවය ඇත්තෝ නොවන්නමෝ නම් මැනවි. ඒ වගේම අහෝ අපි ජරාවට පත් නොවන්නමෝ නම් මැනවි. අහෝ අපි ශෝකයට පත් නොවන්නමෝ නම් මැනවි… ආදී වශයෙන් ගත් කළ ලෝකයේ ඇති සියළුම දුක් මෙම යම් පිච්ඡුං නලබති තම්පි දුක්ඛං යන කොටසට ඇතුලත් වන බව ප්‍රවේශමෙන් කියවන්නෙකුට තේරුම් ගන්න පුලුවන්. යම් පිච්ඡුං නලබති වෙනුවට අනිච්ච (අන් + ඉච්ච) යන පදය හරියටම ගැලපෙනවා. එසේනම් ලෝකයේ ඇති සියළුම දුක් අනිච්චතාවය හෙවත් කැමති සේ නොලැබීම නිසා හටගන්නා බව සැරියුත් මහරහතන් වහන්සේ දේශනා කළා නොවේද? “යද නිච්චං තං දුක්ඛං” යන පදයට මෙය හරියටම ගැලපෙන බව දැකගන්න. මෙම සච්ච විභංග සූත්‍රය නොයෙක් විට මා කියවා ඇතත්, “යං පිච්චං නලබති තම්පි දුක්ඛං” යන්නට මුළු ලෝකයේම දුක් අඩංගු කළ හැකි බව මට පසක් කර ගැනීමට නොහැකි වුනා. මට එය ඒත්තු ගියේ අපේ වහරක ගරු ලොකුහාමුදුරුවන් වහන්සේ මෙම කරුණ මතුකර පෙන්වා දුන් පසුවයි. මෙන්න දහමේ සැඟවුණු වැදගත් තැනක්. ලෝකයේ සියලූ දුක් “යං පිච්ඡුං නලබති තංපි දුක්ඛං” හෙවත් “අනිච්චතාවය” නිසා හටගන්නා බව නිවන් දක්නා කැමති සියල්ලෝ විසින් අවබෝධ කර ගනිත්වා! මෙවන් අනිච්ච වූ ලෝකයක තමාගේ ප්‍රාර්ථනාවන් (ඉච්ඡාවන්) නොලැබීමෙන් සියලූ දුක් හටගන්නා බව තේරුම් ගත යුතුය. සසර දුක් නිවාගන්නා ක්‍රම ගැන ඉදිරියේදී තවදුරටත් සාකච්ඡා කරමු.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]නුගේගොඩ වින්සර් රෝහලේ සභාපති වෛද්‍ය ආර්. පී. වීරසිංහ MBBS/DFM/MCGP/MPFAM[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]උපුටාගැනීම[/SIZE] [SIZE=4]http://www.helabodhupiyuma.net/archives/43[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom