Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය

සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය

දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්‍ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සතු වස්ත්‍රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම වස්ත්‍ර දාන නම් වේ. මෙසේ සලකා සිදු කරන වස්ත්‍ර දානය සසර පුරා සැප විපාක උදාකරයි.

“වස්ත්‍ර” යනු මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන්ගෙන් ප්‍රධාන එකකි. දානය අතර කඨින වස්ත්‍ර පූජාව අටමහ පින්කම් අතර පළමුවැන්න වේ. එමෙන්ම චීවර දානය සිව්පසයෙහි පළමුවැන්න ද වේ. සීතෝෂ්ණ නැසීම පිණිස, මැසි,මදුරු අව්, සුළඟ සර්ප ආදීන්ගේ ස්පර්ශය නැසීම පිණිස විලිබිය රඳවා සංවරය පිණිස වස්ත්‍ර භාවිතය අවශ්‍ය කරන බව සියලු දෙනා දන්නා කරුණු අතර වේ. මෙම අවශ්‍යතා සපිරෙන පරිදි යමෙක් සිල්වත් කෙනෙකුට හෝ දුසිල්වත් කෙනෙකුට යම් වස්ත්‍ර පූජාවක් සිදු කරයි ද, එය ඔහුට සසර පුරා පින් වැඩෙන මහඟු පුණ්‍ය කර්මයකි.

වස්ත්‍ර පූජාවක් සිදු නොකර කෘතපුණ්යානුභාවයේ දේව භවයක ඉපිද දේව සම්පත් ලැබුවද වස්ත්‍ර අහිමිව යා හැකි බව බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් පිළිබඳ කතා පුවත් විමසීමෙන් පැහැදිලි වේ. අතීතයේ පටන් සැදැහැති බෞද්ධයෝ මිය ගිය ඤාතීන් උදෙසා සිදු කරන දානමය පින්කම් අවස්ථාවකදී එයටම වස්ත්‍ර පූජාවක් ද එකතු කරති. එලෙස සිදු කරනුයේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන බව පැහැදිලි වේ.

වස්ත්‍ර පිදීමේ ආනිසංස අපදාන පාලියේ ස්ථවිරස්ථවීරී අපදානයන්හි දැකිය හැකිය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයාට ද වස්ත්‍ර අටක් පුදා ඵලානිසංස අටක් ලැබූ බව අපදානපාලිය තුළ දක්වා ඇත.

තමන්ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාවූ උන්වහන්සේ වස්ත්‍ර දානයේ ඵලානිශංසයක් වෙන වෙනම ප්‍රකාශ කළහ. ඒ අනුව උන්වහන්සේට උපන් සෑම භවයකදීම රන්වන් සිරුරක් ද, රජස් රහිත සිරුරක් ද, රැස් විහිදෙන සිරුරක් ද, ප්රතාපවත් සිරුරක් ද, සිනිඳු සිරුරක් ද හිමි වූහ. තවද භවයෙහි සැරිසරන උන්වහන්සේගේ හිස මත සුදු පැහැය ඇත්තාවූද, කහ පැහැය ඇත්තාවූ ද, රතු පැහැය ඇත්තාවූ ද ලක්ෂ ගණන් වස්ත්‍ර දැරූහ. එසේම උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට පි‍්‍රයමනාප පුද්ගලයන් අතුරෙන් අගතනතුරට ද පත් වූහ.

එසේම උප්පලදායිකා මෙහෙණ තමන් පෙර භවයකදී කරන ලද වස්ත්‍ර දානය ආනිසංස පිළිබඳව මෙසේ අපදානපාලියේ දක්වා ඇත. ‘මම ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති මහණකුගේ පාත්‍රය’ ගෙන උතුම් අහරින් පුරවා දහසක් අගනා වස්ත්‍රයක් පූජා කළෙමි.

ඒ පින්කමෙන් මිනිස් කය හැරපියා තව්තිසා දෙව් ලොව ගියෙමි. දහසක් දෙව් රජුන්ට මෙහෙසි බව කළෙමි. දහසක් සක්විති රජවරුන්ට මෙහෙසි බව කළෙමි. මාගේ පැහැය උපුලකට බඳු වෙයි. අභිරූප වූ දැකුම්කලු වූ සර්වාංග සම්පන්න අභිජාත වූ සෝභාවන් ස්ත්‍රියක් වීමි.

ශාසනයේ පැවිදිව සත්වැනි රාත්‍රියට නොපැමිණ චතුස්සත්යාවබෝධයට පැමිණියෙමි. යනුවෙන් දක්වා ඇත. එසේම මහාප්‍රජාපතී ගෝතමී පටාචාරා ආදී ස්ථවිරී අපදානයන්හි වස්ත්‍ර පූජාවක් හා ලැබූ ඵලානිසංසයන් ගැන විස්තර දක්වා ඇත.

එමෙන්ම ඒතදස්ස තෙරුන් වහන්සේ පෙර භවයක දී තමා සතු එකම වස්ත්‍රය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුදා ආනිසංස අටක් ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. උන්වහන්සේ සිදු කළ එකම වස්ත්‍ර දානයේ ආනිසංස බලයෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොගියහ. ශක්රදේවේන්ද්රව සතිස් වරක් ද, සක්විති රජව තෙතිස් වරක් ද, ප්‍රදේශ රාජ්යව මෙතෙකැයි ගිණිය නොහැකි වාර ගණනක් ද ඉපදුනහ. මිනිස් ලොවෙහි හා දෙව්ලොවෙහි පමණක් සැරි සැරූ උන්වහන්සේ රූප සම්පත්තිය ද මැඬලිය නොහැකි ප්රතාපවත් සිරුරු සම්පත්තිය ද ගිණිය නොහැකි අපමණ වූ වස්ත්‍ර සම්පත්තිය ද සිත් වූ පරිදි ලැබූහ.

සසර පුරාවට සැප විපාක උදාකරවන වස්ත්‍ර දානයට අතීතයේ මෙන්ම අදද සැදැහැති බොහෝ බෞද්ධයෝ මහත් අභිරුචියක් දක්වති. ජීවිතයේ කවරම හෝ අවස්ථාවකදී තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් පැවතුම් ඇති උතුමෙකුට වස්ත්‍රයක් පිදීමට ලැබීම පින් කැමති බෞද්ධයෝ මහත් භාග්‍යයක් කොට සලකති. ඒ අනුව භික්ෂූන් වහන්සේලා උදෙසා චීවර දානය ද, සිල්වත් උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදිද පූජා කරති.

දුගී මගී යාචක ආදීන් උදෙසා ද ඇඳුම් පැලඳුම් ලබාදෙති. වස්ත්‍ර දානයේ දී වඩාත් ආනිශංස දායක වන්නේ බොහෝ දෙනෙකුට සැදැහැ සිත් ඇති කරවන වස්ත්‍ර පිදීමෙන් ය. ඒ ආකාරයෙන් බැලූ විට මහත්ඵල මහානිසංස උදාකරවන චීවර දානය හැරුණු කොට වස්ත්‍ර පිදීම වඩාත් ආනිසංස දායක වන බව පැහැදිලි වේ.

මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා!

මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!!

පොල්ගස්ඕවිට,

අම්බලන්ගොඩ,

ශ්‍රී සුධර්මාරාම විහාරවාසී,

දේවාලේගම ඤාණරතන හිමි

[QUOTE="THARANGA.TC, post: 16487720, member: 477878"] [b]සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය[/b] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-ash3/t1.0-9/1959805_512296865546382_132456432_n.jpg[/IMG] [SIZE="4"]සසර පුරා සැප ගෙන දෙන වස්ත්‍ර දානය[/SIZE] දානයෙහි අනුසස් පිළිබඳව බෞද්ධ ජනතාව පැහැදිලිව කරුණු දනිති. දානයන් අතර මෙහිදී අපගේ අවධානය යොමුවන්නේ වස්ත්‍ර දානය හා එහි ආනිසංස පිළිබඳවය. පූජා වශයෙන් හෝ අනුග්‍රහ වශයෙන් හෝ තමා සතු වස්ත්‍රයක් කර්මඵල සලකා දීම හෙවත් පූජා කිරීම වස්ත්‍ර දාන නම් වේ. මෙසේ සලකා සිදු කරන වස්ත්‍ර දානය සසර පුරා සැප විපාක උදාකරයි. “වස්ත්‍ර” යනු මනුෂ්‍ය ජීවිතයට අවශ්‍ය කරන මූලික අවශ්‍යතාවයන්ගෙන් ප්‍රධාන එකකි. දානය අතර කඨින වස්ත්‍ර පූජාව අටමහ පින්කම් අතර පළමුවැන්න වේ. එමෙන්ම චීවර දානය සිව්පසයෙහි පළමුවැන්න ද වේ. සීතෝෂ්ණ නැසීම පිණිස, මැසි,මදුරු අව්, සුළඟ සර්ප ආදීන්ගේ ස්පර්ශය නැසීම පිණිස විලිබිය රඳවා සංවරය පිණිස වස්ත්‍ර භාවිතය අවශ්‍ය කරන බව සියලු දෙනා දන්නා කරුණු අතර වේ. මෙම අවශ්‍යතා සපිරෙන පරිදි යමෙක් සිල්වත් කෙනෙකුට හෝ දුසිල්වත් කෙනෙකුට යම් වස්ත්‍ර පූජාවක් සිදු කරයි ද, එය ඔහුට සසර පුරා පින් වැඩෙන මහඟු පුණ්‍ය කර්මයකි. වස්ත්‍ර පූජාවක් සිදු නොකර කෘතපුණ්යානුභාවයේ දේව භවයක ඉපිද දේව සම්පත් ලැබුවද වස්ත්‍ර අහිමිව යා හැකි බව බෞද්ධ සාහිත්‍යයේ දෙවියන් පිළිබඳ කතා පුවත් විමසීමෙන් පැහැදිලි වේ. අතීතයේ පටන් සැදැහැති බෞද්ධයෝ මිය ගිය ඤාතීන් උදෙසා සිදු කරන දානමය පින්කම් අවස්ථාවකදී එයටම වස්ත්‍ර පූජාවක් ද එකතු කරති. එලෙස සිදු කරනුයේ ඉහත කරුණු සැලකිල්ලට ගෙන බව පැහැදිලි වේ. වස්ත්‍ර පිදීමේ ආනිසංස අපදාන පාලියේ ස්ථවිරස්ථවීරී අපදානයන්හි දැකිය හැකිය. පිළින්දවච්ඡ මහරහතන් වහන්සේ පෙර භවයක බුදුරජාණන් වහන්සේට සහ මහා සංඝයාට ද වස්ත්‍ර අටක් පුදා ඵලානිසංස අටක් ලැබූ බව අපදානපාලිය තුළ දක්වා ඇත. තමන්ගේ අතීත චරිතය ප්‍රකාශ කරන්නාවූ උන්වහන්සේ වස්ත්‍ර දානයේ ඵලානිශංසයක් වෙන වෙනම ප්‍රකාශ කළහ. ඒ අනුව උන්වහන්සේට උපන් සෑම භවයකදීම රන්වන් සිරුරක් ද, රජස් රහිත සිරුරක් ද, රැස් විහිදෙන සිරුරක් ද, ප්රතාපවත් සිරුරක් ද, සිනිඳු සිරුරක් ද හිමි වූහ. තවද භවයෙහි සැරිසරන උන්වහන්සේගේ හිස මත සුදු පැහැය ඇත්තාවූද, කහ පැහැය ඇත්තාවූ ද, රතු පැහැය ඇත්තාවූ ද ලක්ෂ ගණන් වස්ත්‍ර දැරූහ. එසේම උන්වහන්සේ ගෞතම බුද්ධ ශාසනයේ ශ්‍රාවකයෙක් වී දේවතාවන්ට පි‍්‍රයමනාප පුද්ගලයන් අතුරෙන් අගතනතුරට ද පත් වූහ. එසේම උප්පලදායිකා මෙහෙණ තමන් පෙර භවයකදී කරන ලද වස්ත්‍ර දානය ආනිසංස පිළිබඳව මෙසේ අපදානපාලියේ දක්වා ඇත. ‘මම ශ්‍රද්ධාදී ඉඳුරන් ඇති මහණකුගේ පාත්‍රය’ ගෙන උතුම් අහරින් පුරවා දහසක් අගනා වස්ත්‍රයක් පූජා කළෙමි. ඒ පින්කමෙන් මිනිස් කය හැරපියා තව්තිසා දෙව් ලොව ගියෙමි. දහසක් දෙව් රජුන්ට මෙහෙසි බව කළෙමි. දහසක් සක්විති රජවරුන්ට මෙහෙසි බව කළෙමි. මාගේ පැහැය උපුලකට බඳු වෙයි. අභිරූප වූ දැකුම්කලු වූ සර්වාංග සම්පන්න අභිජාත වූ සෝභාවන් ස්ත්‍රියක් වීමි. ශාසනයේ පැවිදිව සත්වැනි රාත්‍රියට නොපැමිණ චතුස්සත්යාවබෝධයට පැමිණියෙමි. යනුවෙන් දක්වා ඇත. එසේම මහාප්‍රජාපතී ගෝතමී පටාචාරා ආදී ස්ථවිරී අපදානයන්හි වස්ත්‍ර පූජාවක් හා ලැබූ ඵලානිසංසයන් ගැන විස්තර දක්වා ඇත. එමෙන්ම ඒතදස්ස තෙරුන් වහන්සේ පෙර භවයක දී තමා සතු එකම වස්ත්‍රය පදුමුත්තර බුදුරජාණන් වහන්සේට පුදා ආනිසංස අටක් ලැබූ බව බෞද්ධ සාහිත්‍යයේ දැක්වේ. උන්වහන්සේ සිදු කළ එකම වස්ත්‍ර දානයේ ආනිසංස බලයෙන් කල්ප ලක්ෂයක් මුළුල්ලෙහි දුගතියකට නොගියහ. ශක්රදේවේන්ද්රව සතිස් වරක් ද, සක්විති රජව තෙතිස් වරක් ද, ප්‍රදේශ රාජ්යව මෙතෙකැයි ගිණිය නොහැකි වාර ගණනක් ද ඉපදුනහ. මිනිස් ලොවෙහි හා දෙව්ලොවෙහි පමණක් සැරි සැරූ උන්වහන්සේ රූප සම්පත්තිය ද මැඬලිය නොහැකි ප්රතාපවත් සිරුරු සම්පත්තිය ද ගිණිය නොහැකි අපමණ වූ වස්ත්‍ර සම්පත්තිය ද සිත් වූ පරිදි ලැබූහ. සසර පුරාවට සැප විපාක උදාකරවන වස්ත්‍ර දානයට අතීතයේ මෙන්ම අදද සැදැහැති බොහෝ බෞද්ධයෝ මහත් අභිරුචියක් දක්වති. ජීවිතයේ කවරම හෝ අවස්ථාවකදී තමාට වඩා සීලයෙන් ගුණයෙන් උසස් පැවතුම් ඇති උතුමෙකුට වස්ත්‍රයක් පිදීමට ලැබීම පින් කැමති බෞද්ධයෝ මහත් භාග්‍යයක් කොට සලකති. ඒ අනුව භික්ෂූන් වහන්සේලා උදෙසා චීවර දානය ද, සිල්වත් උපාසක උපාසිකාවන් උදෙසා සිල් රෙදිද පූජා කරති. දුගී මගී යාචක ආදීන් උදෙසා ද ඇඳුම් පැලඳුම් ලබාදෙති. වස්ත්‍ර දානයේ දී වඩාත් ආනිශංස දායක වන්නේ බොහෝ දෙනෙකුට සැදැහැ සිත් ඇති කරවන වස්ත්‍ර පිදීමෙන් ය. ඒ ආකාරයෙන් බැලූ විට මහත්ඵල මහානිසංස උදාකරවන චීවර දානය හැරුණු කොට වස්ත්‍ර පිදීම වඩාත් ආනිසංස දායක වන බව පැහැදිලි වේ. මේ දහම් කරුණු ඔබ හැමදෙනාටම උතුම් ධර්ම අවබෝධ කරගැනීම පිණිස දහම් පඬුරක්ම වේවා! මේ පින් අප සෑම සියලු දෙනාට උතුම් නිවන් අවබෝධය පිණිස හේතු වේවා…වාසනා වේවා...තෙරුවන් සරණයි…!!!! පොල්ගස්ඕවිට, අම්බලන්ගොඩ, ශ්‍රී සුධර්මාරාම විහාරවාසී, දේවාලේගම ඤාණරතන හිමි [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom