Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සසුනඹර එකලු කල මහිමි සද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සසුනඹර එකලු කල මහිමි සද

අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ ජීවිත කථාව

"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"

අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.

රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය.

රේරුකානේ චන්දවිමල හිමියන් 1897 ජූලි මස 19 දින දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන සහ මුණසිංහ පොඩි නෝනා යන අය ට දා ව රයිගම කෝරලයේ අදිකාරී පත්තුවේ බණ්ඩාරගම ආසනයේ පිහිටි රේරුකානේ නම් පුංචි ගමේ උපත ලබන ලදී.

ළමා වියෙන් බිඳක්

"මං ඉස්කෝලෙ ගියේ දෙවෙනි පන්තිය ට විතරයි. පළමුවෙනි පන්තියේ දී ඉගෙන ගත්ත කතාවක් 'මෝරුන් සහ තල්මසුන් ගේ සටනක්' මට තාම මතක යි. දෙවෙනි පන්තියේ දී ඉගෙන ගත්ත දේවල් මට මතක නෑ. නමුත් පළමුවෙනි පන්තියෙන් දෙවෙනි පන්තිය ට පාස් වුණ හැටි නම් මතක යි. විභාග දවසේ ළමයි වාදී කෙරෙව්වේ මූණ ට මූණ ලා හිටින විදියට. ගුරුතුමා ශබ්ධ නගා කීවා 'තේ වතුර බීම ගුණ යි' කියලා. ඒ වාක්‍යය ලස්සන ට අපේ ගල් ලෑලිවල ලියන්න කීවා. මට ඉතින් ඒක ලියන්න බැහැ. ඉස්සරහ බංකුවේ වාඩිවෙලා හිටිය ළමයා හොඳ ට ලියලා තිබුණා. මං එයා ගේ ගල් ලෑල්ල දිහා බලාගෙන ලිව්වා. එහෙම තමයි මං දෙවෙනි පන්තිය ට පාස් වුණේ. එතකොට මං දෙවැනි පන්තිය ට පාස් වුණේ කොපි කරලා"

පැවිදි දිවිය ට එළඹීම

"1906 බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරු නමක් ලංකාව ට වැඩියා. උන්වහන්සේ ඉපැරණි පූජනීය ස්ථාන දැක ගැනීම ට ත් වැඳපුදා ගැනීම ට ත් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කළා. එහෙම සංචාරය කරන අතර උන්වහන්සේ අපේ ප්‍රදේශය ට ත් වැඩියා. මේ ළඟ ම තියෙන 'කුළුපන' කියන කන්දේ ගල් ගුහාවක දින කීපයක් නතර වෙලා විවේකයෙන් හිටියා. මේ පළාතේ අය මේ බුරුම ජාතික හාමුදුරුවන් ගැන පුදුම විදියට පැහැදිලා දානමාන ආදියෙන් සලකන්න පටන් ගත්තා. මේ හාමුදුරුවන් ට හොඳ ට සිංහල ත් බැහැ. ඒ වුනත් එන යන අය එක්ක කැඩිච්ච සිංහලෙන් කතාබහ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හාමුදුරුවන් කැඩිච්ච සිංහලෙන් එන යන අය ට බණ ත් කියනවා.... බොහෝ විට උන්වහන්සේ පැවිදි වීමේ වටිනාකම එ හි ආනිශංස ප්‍රකාශ කළා.... අපේ තාත්තා ත් නිතර මේ බණ අහලා ගෙදර ඇවිල්ලා අප ට ත් ඒ ගැන කියනවා. දවසක් තාත්තා මගෙන් ඇහැව්වා 'පුතේ, උඹ ට ත් මහණ වුනොත් නරක ද?' කියලා. එතකොට මගේ වයස අවුරුදු නාමයක් විතර ඇති. මාත් ඉතින් කැමති වුනා මහණ වෙන්න. කුමක් නිසා මහණ වෙන්න කැමති වුනා ද කියලා කියන්න බැහැ. කොහොම වුනත් අද ට වඩා ඒ කාලයේ ළමයි කැමතියි මහණ වෙන්න....1906 ජනවාරි මාසයේ අටවැනි දා මා ඇතුළු තව ත් ළමයි විසිහය දෙනෙක් පැවිදි වුණා. අපිව පැවිදි කළේ බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරුවෝ.... 1908 ජනවාරි 27 වැනි දා අපි ඔක්කොම බුරුම රට ට එක්කරගෙන ගියා. බණ දහම් පිළිබඳ මුලික දැනුම ලැබුනේ ත් ත්‍රිපිටක ධර්මය සම්පුර්ණයෙන් ඉගෙන ගත්තේ ත් බුරුම රටේ දී.... 1917 ඔක්තෝබර් 26 දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තා. අභිධර්මය ගැන ගැඹුරු දැනුමක් මා ලබා ගත්තෙ ත් බුරුම රටේ දී.... භාවනා ක්‍රම පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තෙත් ඒවා හොඳින් ප්‍රගුණ කළේ ත් බුරුම රටේ දී."

රේරුකානේ හිමියන් ගේ සරල බව අව්‍යාජත්වය සහ උතුරු මිනිස් ගුණ දම්

උන්වහන්සේ තුළින් ප්‍රකට වූ ගුණයන් රාශියක් උන්වහන්සේ ගේ පොතපත කියවීමෙන් හා චරිතාපදානය ඇසුරින් හමු විය. චන්දවිමල හිමියන් ගේ අව්‍යාජ කතාව සහ අව්‍යාජ ලේඛනය ඉන් එකකි. ඉතා සරල ලෙස ජීවත් වීමේ ගුණය ද, උන්වහන්සේ තුළින් ප්‍රකට විය.

"මං ධර්මය ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ නිසා මට හිතුනා මේ ධර්මය මාත් හොඳ ට තේරුම අරගෙන අනෙක් අය ට ත් කියා දෙන්න ඕනෑ කියලා. බුදුහාමුදුරුවන් ගේ ධර්මය ගැඹුරු යි. මේ ගැඹුරු ධර්මය පැහැදිලි අවබෝධයකින් තොර ව ලියන්න ට කියන්න ට යාම හරි ම නිෂ්ඵල වැඩක් කියලා මට හිතුනා. සමහර ධර්ම කාරනා තේරුම ගන්න ට මං සති ගණන් මාස ගණන් කල්පනා කළා. ඒ අනුව මං හරියට තේරුම නො ගත්ත කිසි ම කාරණයක් මගේ පොත්වල ලිව්වේ නැහැ."

"හිරු එළියෙන් දවාලට ලිවීම තමයි හොඳ. ඇස්වලට ඒක හොඳ යි. මට නම් ලියන්න ඕනෑ කළේ පෑනක්, කඩදාසියක්, ලෑලි කෑල්ලක් විතරයි. වෙන වෙන දේවල් එකති කරගත්තේ නැහැ. හුඟාක් දේවල් ඕක ට එක්කාසු කරගන්න ගියාම හරි කරදර යි. ලියන්න පුංචි කර්මාන්ත ශාලාවක් ඕනෑ නෑනේ."

උන්වහන්සේ අප ට සපයන ආදර්ශයන් කොතරම් වටින්නේ ද.

"මං පොත් ලිව්වේ මුද්‍රණය කරලා විකුණලා මුදල් හම්බ කිරීමේ අදහසින් නො වේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළා ට මගේ පොත්වල කොටස් උපුටා ගත්තා ට මගේ නම ත් මකලා දාලා කොටස් උපුටා ගත්තා ට මගේ නම ත් මකලා වෙන කෙනෙකු ගේ නමින් මුද්‍රණය කළා ට මගේ නම් කිසි ම විරුද්ධකමක් නැහැ. ඒක නීති විරෝධී වුණා ට මගෙන් නම් තහනමක් නැහැ."

අද ද, ධර්මය දානයක් වශයෙන් දන් දෙන උදවිය සඳහා දුන් මේ අවවාදයන් ද, මාහැඟි ය. සාරාසංඛ්‍ය කල්ප, ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොටගත් උතුම් ශ්‍රී සද්ධර්මය අප ට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණත් එ හි හිමිකාරත්වය ඇත්තේ බුදුරජාණන් වහන්සේ ට මිස අප ට නො වේ.

බුරුමයේ සිට ලංකාව ට වැඩම කර උන්වහන්සේ වැඩසිටියේ විනයාලංකාර පන්සලේ ය. බුරුම ජාතික විනයාලංකාර හිමියන් ආරම්භ කළ විහාරස්ථානයක් බැවින් ඒ නම කියනු ලැබේ.

රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ ධර්ම ග්රන්ථ

පාරමිතා ප්‍රකරණය

"පාරමිතා ධර්ම ගැන නොයෙක් පොත්පත් ලියවිලා තියෙනවා." ගිහි පැවිදි බොහෝ දෙනෙක් ඒ ගැන ලිපි ලේඛන ත් ලියලා තියෙනවා. නමුත් ඒවා කියවීමෙන් මගේ සිතේ ප්‍රසාදයක් අති වුණේ නැහැ. ඒ නිසා මං පාරමිතා ධර්ම විස්තර කිරීම ට පාරමිතා ප්‍රකරණය කියලා පොතක් ලිව්වා.”

විනය කර්ම පොත

“විනය කර්ම පොත ලියන්න හේතු වුණේ ඔය බණ්ඩාරවෙල මහ උල්පොත න්‍යග්‍රෝධාරාමය කියලා පන්සලක් තියනවා. මං සමහර ග්‍රීස්ම කාලවල ට ගොහින් නතර වෙලත් ඉන්න තැනක්. දවසක් ඔය පන්සලේ පින්කමක් අවසාන වෙලා එතන ට රැස්වෙලා හිටිය ඇත්තන් මගෙන් ඉල්ලීමක් කළා 'මේ විනය කර්ම කිරීම ට හරියට නො දන්නා ඇත්තන් ට ඒ ගැන දැනුමක් තේරුමක් ඇති කරගන්න ට පොතක් ලියනවා නම් කොච්චර වටිනවා ද?' කියලා. අන්න ඒ ඉල්ලීම අනුව යි මං විනය කර්ම පොත ලිව්වේ. විනය කර්ම පොතේ තිබුණු පමණ ට කරන්න බැහැ. ඒ නිසා විනය කර්ම කිරීම පිළිබඳ ව ත් පැහැදිලි කරමින් තමයි ඒ පොත ලිව්වේ. ඒක දැන් තුන නිකායේ ම සංඝයා භාවිත කරන පොතක් වෙලා තියෙනවා. ඒ ගැන මං හරියට සතුටු වෙනවා.”

සූවිසි මහා ගුණය

“සූවිසි මහා ගුණය මං ලිව්වේ තුනුරුවන ට පුජාවක් වශයෙන් ම යි. මං හිතනවා ඒ පොත ලිවීමෙන් මං තුනුරුවන් ට ලොකු ම පූජාවක් කළා කියලා. ඒ වගේ ම ඒක මගේ ඕනෑකම නිසා ම යි ලිව්වේ.”

සතිපට්ඨාන භාවනා විවේචනය

“ඒ කාලයේ කඳුබොඩ කරගෙන ගිය සතිපට්ඨාන භාවනා ක්‍රමය ට විරුද්ධ ව ඇතැම් භික්ෂුන් කරුණු කියන්න ලියන්න පටන් ගත්තා. ඒ ඇත්තන් ලියන කියන දේවල් විවේචනය කරමින් යථා තත්වය පැහැදිලිකර දීම ට යි මං සතිපට්ඨාන භාවනා විවේචනය කියන පොත ලිව්වේ.”

ශාසනාවතරණය

“මං බොහොම අගය කරන පොතක්. ඒක ලිව්වේ මේ රටේ මහණකම කරන ඇත්තන් ට යි. අද මහණකම කරන සමහර ඇත්තන් ට ඒ ගැන කිසි ම දැනීමක් නැහැ. දවසක් වයස්ගත හාමුදුරු නමක් මෙහාට ආවා. ඇවිදින් මට පුද පඬුරු ත් පූජාකරලා කීවා නායක හාමුදුරුවන් ගේ පොත් ටික නැත්නම් මේ කාලයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ට කරන්න දෙයක් නෑ කියලා. දෙවෙනි දවසෙත් ඔය විදියට ම කියලා මට ගුරු පඬුරු ත් පූජා කරලා හරියට සතුටු වුණා.”

පට්ඨාන මහා ප්රකරණ සන්නය

“පට්ඨාන මහා ප්රකරණ සන්නය ලීවේ මුණසිංහ කියන නෝනා මහත්මිය ගේ ඉල්ලීම අනුව යි. එයා මගෙන් පට්ට්හානය ඉගෙන ගන්න ආවා. ඉගෙන ගන්න අතර ම මේකට සන්නයක් ලියන්න කියලත් මට ආරාධනා කළා. මුණසිංහ නෝනා ට මම පට්ට්හානය ඉගැන්වුවේ බුරුම පොත බලාගෙන යි. අන්තිමට ඒ බුරුම පොත අනුව සන්නයක් ලිව්වා. මුණසිංහ නෝනා එයා ගේ වියදමින් ඒක මුද්‍රණය කළා. ඇත්තම කියනවා නම් මං මේකට සන්නයක් ලියන්න හරි ම කම්මැලි වුණා. හේතුව මේවා ඉගෙන ගන්න අය, බලන අය, දැන් මේ රටේ නැති නිසා යි. හුඟක් මහන්සි වෙලා කරන වැඩකින් ප්‍රයෝජනයකුත් තියෙන්න එපායැ."

අභිධර්මයේ මූලික කරුණු

"අභිධර්මයේ මූලික කරුණු පොත මං ලීවේ ඒ පිළිබඳ ලියලා තියෙන පොත්පත් කිහිපයක් කියවා බැලීමෙන් පසු ව යි. මට හිතුනා ඒවා ලියා තියෙන්නේ හරිහැටි කාරනා තේරුම් අරගෙන නො වෙන බව. අභිධර්මයේ එන ගැඹුරු කාරණා ගැන ලියන්න භාෂාවේ වචන හිඟ යි. ඒ නිසා මේ පොත මං හරි ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන තමයි ලියලා තියෙන්නේ. හැබැයි මං ඒ කාරණා හොඳ ට තේරුම් අරගෙන යි ලීවේ."

චත්තාලිසාකාර විපස්සනා භාවනා

"චත්තාලිසාකාර විපස්සනා භාවනා පොත ලිව්වේ දැන් ඉතින් අප ත් ඒ සඳහා යොමු විය යුතු යි කියලා හිතාගෙන යි. භාවනා කරන අය ට ඒ පොතෙනුත් ප්‍රයෝජනයක් ලබන්න ඇති. මගේ භාවනා පිළිබඳ දැනුමත් ඒ පොත ලිවීමෙන් හුඟාක් දියුණු වුණා. දැන් ඉතින් අන්තිම කාලෙට අප ත් ඇවිදින්. ඒ නිසා මේ චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීම ට අධිෂ්ඨාන කරගෙන මාත් ඒ අනුව කල් ගෙවනවා."

බෞද්ධයා ගේ අත්පොත

"බෞද්ධයා ගේ අත්පොත බෞද්ධයකු වශයෙන් මුලින් ම කියවා දැනගත යුතු කරුණු ඇතුළත් කොට ලියූ පොතක්. බෞද්ධකම අප ට උපතින් ම ලැබුණත් එය උපතින් ම පිහිටන්නක් නො වේ. ඒ සඳහා මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. මේ පොත ඒ සඳහා උපකාර වන බව යි මගේ හැගීම."

පුණ්යේපදේශය

"පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තා ගේ හොඳ නො හොඳකම් අනුව යි. තුනුරුවන් ගැන දැනුමක් නැති ව වැඳුම් පිදුම් කලයුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැති ව ගතානුගතික ව කරන අය ට එයින් උසස් පිනක් ලැබෙන්නේ නැහැ. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුමක් ඇති ව ක්‍රමානුකුල ව පින් කරන අය ට යි. අන්න ඒ දැනුම ඇති කිරීම සඳහා තමයි පුණ්යේපදේශය කියන පොත ලිව්වේ."

මංගල ධර්ම විස්තරය

"මංගල සුත්‍රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන වෙනත් සුත්‍රයක් නැති තරම් ය. මිනිස් සමාජය විසින් අමතක කළ ගුණදහම් මංගල සුත්‍රයෙන් නැවත නැවත අප ට මතක් කර දෙනවා. මංගල සුත්‍රයේ ඇතුළත් මෙ ලොව පරලොව යහපත පිණිස හේතු වන මංගල කාරණා තිස්අටක් මංගල ධර්ම විස්තරය කියන පොතේ ඇතුළත් ව තියෙනවා. ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ආගම් භේදයකින් තොර ව හැම දෙනා විසින් ම කියවිය යුතු පොතක් වශයෙන් මෙය ලියා සකස් කළේ අපවත් වී වදාළ මගේ ශිෂ්‍ය ගොඩිගමුවේ සෝරත ස්ථවිරයන් වහන්සේ යි. පොත ලියනකොට මා ලියූ පත්‍රිකා හා අවශ්‍ය උපදෙස් මගෙනුත් ලබා ගත්තා. මංගල ධර්ම විස්තරය කාලීන වශයෙන් වැදගත් පොතක්."

චතුරාර්ය සත්‍යය

"බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහල වන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කිරීම ට යි. ලෝකෝත්තර මාර්ග ඵල ලැබීම ට නම් මෙ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතු ම යි. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරදි චතුරාර්ය සත්‍යය ධර්මය පැහැදිලි කරන්න ට මං හුඟක් උත්සාහ ගත්තා. මං හිතනවා මගේ උත්සාහය බොහෝ දුර ට ම සාර්ථක යි කියලා. මේ පොත ට ඉතා ම වටිනා ප්රස්තාවනාවක් ලීවේ අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යි. අද ත් මං උන්වහන්සේ ට ඒ ගැන පින් දෙනවා."

වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම

"අකුසල ධර්මවලින් මිදීම ට සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් අප ට තියෙන්න ඕනෑ. අන්න ඒ අවබෝධය එක්තරා පමණකට හෝ ලබා දීමේ අරමුණ ඇතුව යි වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන පොත මං ලිව්වේ. වත්ථ සුත්‍රයේ දක්වා තිබෙන චිත්තොපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් තමයි ඔය පොත ලිව්වේ. කුසල් ස්වරුපයෙන් ඉදිරිපත් වී සිත රවටන චිත්ත ස්වභාවය පැහැදිලි කිරීමක් මේ පොතෙන් කෙරෙනවා. මං හිතන විදියට මේ පිළිබඳ මෙතෙක් ලියවී තිබෙන එක ම පොත මේක යි. මේ වංචක ධර්ම පොත බොහෝ උගතුන් ගේ ප්‍රශංසාව ට ලක් වූ බව ත් මා දන්නවා."

බුද්ධ නීති සංග්‍රහය

"සත්වයා ගේ මෙ ලොව පරලොව යහපත ට ත් නිවන් ලැබීම ට ත් උපකාර වන ධර්ම විස්තර ඇතුළත් පොතක් තමයි මා විසින් සම්පාදනය කළ බුද්ධ නීති සංග්‍රහය. තුන් පිටකයේ පැතිර පවත්නා ඉතා ම වැදගත් උපදේශ ගාථා පන්සීය පනහක් මේ පොත ට ඇතුළත් වී තිබෙනවා. බුද්ධ නීති සංග්‍රහය කා හට ත් ඒක සේ ප්‍රයෝජනවත් වන පොතක් හැටියට මට කියන්න පුළුවන්. මෙ වැනි පොත් වෙනත් භාෂාවල ට පරිවර්තනය කළ හැකි නම් එයිනුත් විශාල පිරිසකට යහපතක් වෙනවා කියලා මං හිතනවා."

බෝධිපාක්ෂික ධර්ම විස්තරය

“බුදු, පසේ බුදු, මහා රහත් යනුවෙන් නිවන් දැකිය හැකි බෝධි තුනක් තියෙනවා. ඒ සත්‍යය අවබෝධ කරගැනීම ට උපකාර වන ධර්ම තිස් හතක් තියෙනවා. අන්න ඒ ධර්ම තිස්හත විස්තර කිරීම ට යි බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොත මං ලීවේ. නිවන් ප්‍රාර්ථනා කරන අය විසින් කියවිය යුතු පොතක් වශයෙන් මේ පොත හඳුන්වා දෙන්නන පුළුවන්."

“මේ හැරුණු විට එක එක වැදගත් මාතෘකා යටතේ තව ත් පොත් ගණනාවක් මං ලීවා. බෞද්ධයකු වශයෙන් දත යුතු මූලික කරුණු ඇතුළත් පොත් ලීවා වගේ ම අභිධර්මය හදාරන අය ට සහ මනෝ විද්‍යාත්මක ව බුදුදහම අගය කරන අය ට ත් වැදගත් පොත් ගණනාවක් මා විසින් ලියා තිබෙනවා. අද මේ රටේ විශාල වශයෙන් භාවනා වැඩ පිළිවෙල පැතිරිලා තියෙනවා. භාවනාව ගැන විශේෂයෙන් විදර්ශනා භාවනාව ගැන පොත් කිහිපයක් මං ලීවා. ඒ වගේ ම භික්ෂුන් වහන්සේලා ගේ ප්‍රයෝජනය සඳහා විනය කාර්ම පොත, උපසම්පදා ශීලය වගේ පොත් කිහිපයකුත් ලීවා. කිසිවක් ලියන්න කියන්න බැරි ව ඇස් දෙක ම පෙන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව ඉන්න මට කලින් සඳහන් කළ හැටියට ඔය වගේ පොත් ටිකක් ලියන්න ට ලැබීම ගැන මං හරියට සතුටු වෙනවා.”

රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ට ලැබී ඇති ගෞරව උපාධි සහ පදවි

"ඉස්කෝලේ දෙවන පන්තිය ට ගිය මට මොන පදවියක්වත් උපාදියක්වත් ලැබෙයි කියලා කවුද හිතුවේ. නමුත් ඉතින් ඔය ලැබී තියෙන්නේ. මුලදී මට මේ එකක් වත් තිබුනේ නැහැ. ලංකාව ට ආවා ට පස්සේ ඒක එක්කෙනා ගේ ඉල්ලීම් මත පොත් කිහිපයක් ලීවා. ඉන පස්සේ තමයි ඔය පදවි ලැබෙන්න පටන් ගත්තේ."

ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් සම්මාන පණ්ඩිත උපාධිය

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය

විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය (1963)

ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක පදවිය (1976)

අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන නාමය (1995)

ප්‍රවචන විශාරද නාමය (1995)

රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන් හට ලද මෙ ම සම්මාන හා පදවි ආදිය උන්වහන්සේ ගේ ගුණයන් සහ සිදු වූ මෙහෙයයන් සොයා පැමිණි ඒවා මිස උන්වහන්සේ මේවා සොයා නො ගිය උතුම් සුපේසල ශික්ෂාකාමී දිවියක් ගතකළ භික්ෂුන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ගේ චරිතාපදානයෙන් මනා ව පිළිබිඹු වේ.

ඉතා කෙටියෙන් මෙතෙක් ප්‍රකාශ කළ මෙ ම උදාරතර චරිත කතාවේ අවසානය සනිටුහන් කරන්න ට මත්තෙන් මේ කරුණ නො කිවහොත් එය විශාල අඩුවක් වනු ඇත.

රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ගේ අවසාන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ 1981 ජනවාරි මස 10 දින අත්සන් යොදා සීල තබන ලද ලිපියක සඳහන් කර ඇත.

"මරණ දැන්වීම් එපා.

මරණය ප්‍රසිද්ධ කරන්න එපා.

කොඩියක්වත් දාන්න එපා.

කිසි ම සැරසිල්ලක් එපා.

මිනිය දැනට දහවල් කාලයේ ගත කරන කුඩා අන්ද මත තබන්න.

මිනිය සමීපයේ පහන කිහිපයක් දල්වන්න.

පන්සල් වත්තේ අයිනක දර සෑයක් තනන්න.

දර සෑය හදා අවසාන වූ විගස උදේ හෝ දවල් හෝ රෑ හෝ මිනිය එ හි තබා පුච්චන්න.

මිනිය සෑයේ තැබීමට ගෙන යා යුත්තේ ලෑලි තට්ටුවක තබා ගෙන යි.

ආදාහනය අවසාන වීමෙන් පසු එය නියම කර තිබූ පරිදි කළ බව පුවත් පත්වලින් ප්‍රසිද්ධ කරන්න.

චන්දවිමල මහා නාහිමියන් අද ජීවමානව නැතත් එදා සිදුකළ ධර්ම දානය අදටත් ජීවමානව පවතී. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සැප ලබාගැනීම සඳහා එ ම සියලු ධර්ම දානයන් හේතු වේ වා! බුදුදහමේත් රටේත් පිනට කලාතුරකින් පහල වන මෙවන් පඬිවරු මතු මතුත් අප රටේ පහල වේවා!

[QUOTE="saturn, post: 20419218, member: 529032"] [b]සසුනඹර එකලු කල මහිමි සද[/b] [SIZE=5]අති පුජ්‍ය රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන්ගේ ජීවිත කථාව[/SIZE] [IMG]http://3.bp.blogspot.com/-YC0Ja9CzPR0/U_B8urvG5RI/AAAAAAAAFQ0/APrZ5Znm3qs/s1600/63328_490530267646364_322680229_n.jpg[/IMG] [SIZE=4][COLOR=#333333][FONT=Helvetica]"දුල්ලභො පුරිසාජඤ්ඤො න සො සබ්බත්ථ ජායතී"[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Helvetica]අජානීය පුද්ගලයන් ලෝකයේ දුර්ලභ ය. ඔව්හු හැමතැන් හි ම හැම කල් හි ම පහල නො වෙති.[/FONT][/COLOR] [COLOR=#333333][FONT=Helvetica]රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ මෑත යුගයේ පහල වූ ශ්‍රේෂ්ඨ පැවිදි මිණිපහනකි. සම්මා සම්බුද්ධ ශාසනය ට ත්, භාෂා ශාස්ත්‍රය ට ත්, රට ට ත්, ජාතිය ට ත්, අනුපමේය සේවාවක් සිදු කරමින් උතුම් පැවිදි දිවියක් ගත කළ හිමිනමක් වශයෙන් රේරුකානේ චන්දවිමල මහානායක හිමියන් හැඳින්විය හැකි ය. [/FONT][/COLOR][COLOR=#333333][FONT=Helvetica] රේරුකානේ චන්දවිමල හිමියන් 1897 ජූලි මස 19 දින දොන් බස්තියන් ද පවුලිස් ගුණවර්ධන සහ මුණසිංහ පොඩි නෝනා යන අය ට දා ව රයිගම කෝරලයේ අදිකාරී පත්තුවේ බණ්ඩාරගම ආසනයේ පිහිටි රේරුකානේ නම් පුංචි ගමේ උපත ලබන ලදී. [/FONT][/COLOR] ළමා වියෙන් බිඳක් "මං ඉස්කෝලෙ ගියේ දෙවෙනි පන්තිය ට විතරයි. පළමුවෙනි පන්තියේ දී ඉගෙන ගත්ත කතාවක් 'මෝරුන් සහ තල්මසුන් ගේ සටනක්' මට තාම මතක යි. දෙවෙනි පන්තියේ දී ඉගෙන ගත්ත දේවල් මට මතක නෑ. නමුත් පළමුවෙනි පන්තියෙන් දෙවෙනි පන්තිය ට පාස් වුණ හැටි නම් මතක යි. විභාග දවසේ ළමයි වාදී කෙරෙව්වේ මූණ ට මූණ ලා හිටින විදියට. ගුරුතුමා ශබ්ධ නගා කීවා 'තේ වතුර බීම ගුණ යි' කියලා. ඒ වාක්‍යය ලස්සන ට අපේ ගල් ලෑලිවල ලියන්න කීවා. මට ඉතින් ඒක ලියන්න බැහැ. ඉස්සරහ බංකුවේ වාඩිවෙලා හිටිය ළමයා හොඳ ට ලියලා තිබුණා. මං එයා ගේ ගල් ලෑල්ල දිහා බලාගෙන ලිව්වා. එහෙම තමයි මං දෙවෙනි පන්තිය ට පාස් වුණේ. එතකොට මං දෙවැනි පන්තිය ට පාස් වුණේ කොපි කරලා" පැවිදි දිවිය ට එළඹීම "1906 බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරු නමක් ලංකාව ට වැඩියා. උන්වහන්සේ ඉපැරණි පූජනීය ස්ථාන දැක ගැනීම ට ත් වැඳපුදා ගැනීම ට ත් එක්ක ලංකාවේ බොහෝ ප්‍රදේශවල සංචාරය කළා. එහෙම සංචාරය කරන අතර උන්වහන්සේ අපේ ප්‍රදේශය ට ත් වැඩියා. මේ ළඟ ම තියෙන 'කුළුපන' කියන කන්දේ ගල් ගුහාවක දින කීපයක් නතර වෙලා විවේකයෙන් හිටියා. මේ පළාතේ අය මේ බුරුම ජාතික හාමුදුරුවන් ගැන පුදුම විදියට පැහැදිලා දානමාන ආදියෙන් සලකන්න පටන් ගත්තා. මේ හාමුදුරුවන් ට හොඳ ට සිංහල ත් බැහැ. ඒ වුනත් එන යන අය එක්ක කැඩිච්ච සිංහලෙන් කතාබහ කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ හාමුදුරුවන් කැඩිච්ච සිංහලෙන් එන යන අය ට බණ ත් කියනවා.... බොහෝ විට උන්වහන්සේ පැවිදි වීමේ වටිනාකම එ හි ආනිශංස ප්‍රකාශ කළා.... අපේ තාත්තා ත් නිතර මේ බණ අහලා ගෙදර ඇවිල්ලා අප ට ත් ඒ ගැන කියනවා. දවසක් තාත්තා මගෙන් ඇහැව්වා 'පුතේ, උඹ ට ත් මහණ වුනොත් නරක ද?' කියලා. එතකොට මගේ වයස අවුරුදු නාමයක් විතර ඇති. මාත් ඉතින් කැමති වුනා මහණ වෙන්න. කුමක් නිසා මහණ වෙන්න කැමති වුනා ද කියලා කියන්න බැහැ. කොහොම වුනත් අද ට වඩා ඒ කාලයේ ළමයි කැමතියි මහණ වෙන්න....1906 ජනවාරි මාසයේ අටවැනි දා මා ඇතුළු තව ත් ළමයි විසිහය දෙනෙක් පැවිදි වුණා. අපිව පැවිදි කළේ බුරුම ජාතික විනයාලංකාර කියන හාමුදුරුවෝ.... 1908 ජනවාරි 27 වැනි දා අපි ඔක්කොම බුරුම රට ට එක්කරගෙන ගියා. බණ දහම් පිළිබඳ මුලික දැනුම ලැබුනේ ත් ත්‍රිපිටක ධර්මය සම්පුර්ණයෙන් ඉගෙන ගත්තේ ත් බුරුම රටේ දී.... 1917 ඔක්තෝබර් 26 දින බුරුම රටේ ධම්මිකාරාම සීමාවේ දී අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලබා ගත්තා. අභිධර්මය ගැන ගැඹුරු දැනුමක් මා ලබා ගත්තෙ ත් බුරුම රටේ දී.... භාවනා ක්‍රම පිළිබඳ හොඳ දැනුමක් ලබා ගත්තෙත් ඒවා හොඳින් ප්‍රගුණ කළේ ත් බුරුම රටේ දී." රේරුකානේ හිමියන් ගේ සරල බව අව්‍යාජත්වය සහ උතුරු මිනිස් ගුණ දම් උන්වහන්සේ තුළින් ප්‍රකට වූ ගුණයන් රාශියක් උන්වහන්සේ ගේ පොතපත කියවීමෙන් හා චරිතාපදානය ඇසුරින් හමු විය. චන්දවිමල හිමියන් ගේ අව්‍යාජ කතාව සහ අව්‍යාජ ලේඛනය ඉන් එකකි. ඉතා සරල ලෙස ජීවත් වීමේ ගුණය ද, උන්වහන්සේ තුළින් ප්‍රකට විය. "මං ධර්මය ඉගෙන ගත්තේ හරි අමාරුවෙන්. ඒ නිසා මට හිතුනා මේ ධර්මය මාත් හොඳ ට තේරුම අරගෙන අනෙක් අය ට ත් කියා දෙන්න ඕනෑ කියලා. බුදුහාමුදුරුවන් ගේ ධර්මය ගැඹුරු යි. මේ ගැඹුරු ධර්මය පැහැදිලි අවබෝධයකින් තොර ව ලියන්න ට කියන්න ට යාම හරි ම නිෂ්ඵල වැඩක් කියලා මට හිතුනා. සමහර ධර්ම කාරනා තේරුම ගන්න ට මං සති ගණන් මාස ගණන් කල්පනා කළා. ඒ අනුව මං හරියට තේරුම නො ගත්ත කිසි ම කාරණයක් මගේ පොත්වල ලිව්වේ නැහැ." "හිරු එළියෙන් දවාලට ලිවීම තමයි හොඳ. ඇස්වලට ඒක හොඳ යි. මට නම් ලියන්න ඕනෑ කළේ පෑනක්, කඩදාසියක්, ලෑලි කෑල්ලක් විතරයි. වෙන වෙන දේවල් එකති කරගත්තේ නැහැ. හුඟාක් දේවල් ඕක ට එක්කාසු කරගන්න ගියාම හරි කරදර යි. ලියන්න පුංචි කර්මාන්ත ශාලාවක් ඕනෑ නෑනේ." උන්වහන්සේ අප ට සපයන ආදර්ශයන් කොතරම් වටින්නේ ද. "මං පොත් ලිව්වේ මුද්‍රණය කරලා විකුණලා මුදල් හම්බ කිරීමේ අදහසින් නො වේ. මගේ පොතක් වෙන කවුරුන් හෝ මුද්‍රණය කළා ට මගේ පොත්වල කොටස් උපුටා ගත්තා ට මගේ නම ත් මකලා දාලා කොටස් උපුටා ගත්තා ට මගේ නම ත් මකලා වෙන කෙනෙකු ගේ නමින් මුද්‍රණය කළා ට මගේ නම් කිසි ම විරුද්ධකමක් නැහැ. ඒක නීති විරෝධී වුණා ට මගෙන් නම් තහනමක් නැහැ." අද ද, ධර්මය දානයක් වශයෙන් දන් දෙන උදවිය සඳහා දුන් මේ අවවාදයන් ද, මාහැඟි ය. සාරාසංඛ්‍ය කල්ප, ලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කොටගත් උතුම් ශ්‍රී සද්ධර්මය අප ට ඉදිරිපත් කිරීමේ හැකියාව තිබුණත් එ හි හිමිකාරත්වය ඇත්තේ බුදුරජාණන් වහන්සේ ට මිස අප ට නො වේ. බුරුමයේ සිට ලංකාව ට වැඩම කර උන්වහන්සේ වැඩසිටියේ විනයාලංකාර පන්සලේ ය. බුරුම ජාතික විනයාලංකාර හිමියන් ආරම්භ කළ විහාරස්ථානයක් බැවින් ඒ නම කියනු ලැබේ. රේරුකානේ චන්දවිමල හිමියන් ලියූ ධර්ම ග්රන්ථ පාරමිතා ප්‍රකරණය "පාරමිතා ධර්ම ගැන නොයෙක් පොත්පත් ලියවිලා තියෙනවා." ගිහි පැවිදි බොහෝ දෙනෙක් ඒ ගැන ලිපි ලේඛන ත් ලියලා තියෙනවා. නමුත් ඒවා කියවීමෙන් මගේ සිතේ ප්‍රසාදයක් අති වුණේ නැහැ. ඒ නිසා මං පාරමිතා ධර්ම විස්තර කිරීම ට පාරමිතා ප්‍රකරණය කියලා පොතක් ලිව්වා.” විනය කර්ම පොත “විනය කර්ම පොත ලියන්න හේතු වුණේ ඔය බණ්ඩාරවෙල මහ උල්පොත න්‍යග්‍රෝධාරාමය කියලා පන්සලක් තියනවා. මං සමහර ග්‍රීස්ම කාලවල ට ගොහින් නතර වෙලත් ඉන්න තැනක්. දවසක් ඔය පන්සලේ පින්කමක් අවසාන වෙලා එතන ට රැස්වෙලා හිටිය ඇත්තන් මගෙන් ඉල්ලීමක් කළා 'මේ විනය කර්ම කිරීම ට හරියට නො දන්නා ඇත්තන් ට ඒ ගැන දැනුමක් තේරුමක් ඇති කරගන්න ට පොතක් ලියනවා නම් කොච්චර වටිනවා ද?' කියලා. අන්න ඒ ඉල්ලීම අනුව යි මං විනය කර්ම පොත ලිව්වේ. විනය කර්ම පොතේ තිබුණු පමණ ට කරන්න බැහැ. ඒ නිසා විනය කර්ම කිරීම පිළිබඳ ව ත් පැහැදිලි කරමින් තමයි ඒ පොත ලිව්වේ. ඒක දැන් තුන නිකායේ ම සංඝයා භාවිත කරන පොතක් වෙලා තියෙනවා. ඒ ගැන මං හරියට සතුටු වෙනවා.” සූවිසි මහා ගුණය “සූවිසි මහා ගුණය මං ලිව්වේ තුනුරුවන ට පුජාවක් වශයෙන් ම යි. මං හිතනවා ඒ පොත ලිවීමෙන් මං තුනුරුවන් ට ලොකු ම පූජාවක් කළා කියලා. ඒ වගේ ම ඒක මගේ ඕනෑකම නිසා ම යි ලිව්වේ.” සතිපට්ඨාන භාවනා විවේචනය “ඒ කාලයේ කඳුබොඩ කරගෙන ගිය සතිපට්ඨාන භාවනා ක්‍රමය ට විරුද්ධ ව ඇතැම් භික්ෂුන් කරුණු කියන්න ලියන්න පටන් ගත්තා. ඒ ඇත්තන් ලියන කියන දේවල් විවේචනය කරමින් යථා තත්වය පැහැදිලිකර දීම ට යි මං සතිපට්ඨාන භාවනා විවේචනය කියන පොත ලිව්වේ.” ශාසනාවතරණය “මං බොහොම අගය කරන පොතක්. ඒක ලිව්වේ මේ රටේ මහණකම කරන ඇත්තන් ට යි. අද මහණකම කරන සමහර ඇත්තන් ට ඒ ගැන කිසි ම දැනීමක් නැහැ. දවසක් වයස්ගත හාමුදුරු නමක් මෙහාට ආවා. ඇවිදින් මට පුද පඬුරු ත් පූජාකරලා කීවා නායක හාමුදුරුවන් ගේ පොත් ටික නැත්නම් මේ කාලයේ ඉන්න භික්ෂුන් වහන්සේලා ට කරන්න දෙයක් නෑ කියලා. දෙවෙනි දවසෙත් ඔය විදියට ම කියලා මට ගුරු පඬුරු ත් පූජා කරලා හරියට සතුටු වුණා.” පට්ඨාන මහා ප්රකරණ සන්නය “පට්ඨාන මහා ප්රකරණ සන්නය ලීවේ මුණසිංහ කියන නෝනා මහත්මිය ගේ ඉල්ලීම අනුව යි. එයා මගෙන් පට්ට්හානය ඉගෙන ගන්න ආවා. ඉගෙන ගන්න අතර ම මේකට සන්නයක් ලියන්න කියලත් මට ආරාධනා කළා. මුණසිංහ නෝනා ට මම පට්ට්හානය ඉගැන්වුවේ බුරුම පොත බලාගෙන යි. අන්තිමට ඒ බුරුම පොත අනුව සන්නයක් ලිව්වා. මුණසිංහ නෝනා එයා ගේ වියදමින් ඒක මුද්‍රණය කළා. ඇත්තම කියනවා නම් මං මේකට සන්නයක් ලියන්න හරි ම කම්මැලි වුණා. හේතුව මේවා ඉගෙන ගන්න අය, බලන අය, දැන් මේ රටේ නැති නිසා යි. හුඟක් මහන්සි වෙලා කරන වැඩකින් ප්‍රයෝජනයකුත් තියෙන්න එපායැ." අභිධර්මයේ මූලික කරුණු "අභිධර්මයේ මූලික කරුණු පොත මං ලීවේ ඒ පිළිබඳ ලියලා තියෙන පොත්පත් කිහිපයක් කියවා බැලීමෙන් පසු ව යි. මට හිතුනා ඒවා ලියා තියෙන්නේ හරිහැටි කාරනා තේරුම් අරගෙන නො වෙන බව. අභිධර්මයේ එන ගැඹුරු කාරණා ගැන ලියන්න භාෂාවේ වචන හිඟ යි. ඒ නිසා මේ පොත මං හරි ප්‍රවේශමෙන් තෝරා බේරාගෙන තමයි ලියලා තියෙන්නේ. හැබැයි මං ඒ කාරණා හොඳ ට තේරුම් අරගෙන යි ලීවේ." චත්තාලිසාකාර විපස්සනා භාවනා "චත්තාලිසාකාර විපස්සනා භාවනා පොත ලිව්වේ දැන් ඉතින් අප ත් ඒ සඳහා යොමු විය යුතු යි කියලා හිතාගෙන යි. භාවනා කරන අය ට ඒ පොතෙනුත් ප්‍රයෝජනයක් ලබන්න ඇති. මගේ භාවනා පිළිබඳ දැනුමත් ඒ පොත ලිවීමෙන් හුඟාක් දියුණු වුණා. දැන් ඉතින් අන්තිම කාලෙට අප ත් ඇවිදින්. ඒ නිසා මේ චත්තාලිසාකාර විපස්සනා භාවනාවෙන් වාසය කිරීම ට අධිෂ්ඨාන කරගෙන මාත් ඒ අනුව කල් ගෙවනවා." බෞද්ධයා ගේ අත්පොත "බෞද්ධයා ගේ අත්පොත බෞද්ධයකු වශයෙන් මුලින් ම කියවා දැනගත යුතු කරුණු ඇතුළත් කොට ලියූ පොතක්. බෞද්ධකම අප ට උපතින් ම ලැබුණත් එය උපතින් ම පිහිටන්නක් නො වේ. ඒ සඳහා මූලික දැනුමක් අවශ්‍ය වෙනවා. මේ පොත ඒ සඳහා උපකාර වන බව යි මගේ හැගීම." පුණ්යේපදේශය "පින උසස් පහත් වන්නේ අඩු වැඩි වන්නේ කරන තැනැත්තා ගේ හොඳ නො හොඳකම් අනුව යි. තුනුරුවන් ගැන දැනුමක් නැති ව වැඳුම් පිදුම් කලයුතු වස්තු ගැන වැඳුම් පිදුම් කළ යුතු ආකාරය ගැන ඒවායේ අනුසස් ගැන හරි දැනුමක් නැති ව ගතානුගතික ව කරන අය ට එයින් උසස් පිනක් ලැබෙන්නේ නැහැ. උසස් පිනක් ලැබිය හැකි වන්නේ ඒවා ගැන දැනුමක් ඇති ව ක්‍රමානුකුල ව පින් කරන අය ට යි. අන්න ඒ දැනුම ඇති කිරීම සඳහා තමයි පුණ්යේපදේශය කියන පොත ලිව්වේ." මංගල ධර්ම විස්තරය "මංගල සුත්‍රය වැනි වටිනා උපදේශ මාලාවක් අනාවරණය කරන වෙනත් සුත්‍රයක් නැති තරම් ය. මිනිස් සමාජය විසින් අමතක කළ ගුණදහම් මංගල සුත්‍රයෙන් නැවත නැවත අප ට මතක් කර දෙනවා. මංගල සුත්‍රයේ ඇතුළත් මෙ ලොව පරලොව යහපත පිණිස හේතු වන මංගල කාරණා තිස්අටක් මංගල ධර්ම විස්තරය කියන පොතේ ඇතුළත් ව තියෙනවා. ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා ආගම් භේදයකින් තොර ව හැම දෙනා විසින් ම කියවිය යුතු පොතක් වශයෙන් මෙය ලියා සකස් කළේ අපවත් වී වදාළ මගේ ශිෂ්‍ය ගොඩිගමුවේ සෝරත ස්ථවිරයන් වහන්සේ යි. පොත ලියනකොට මා ලියූ පත්‍රිකා හා අවශ්‍ය උපදෙස් මගෙනුත් ලබා ගත්තා. මංගල ධර්ම විස්තරය කාලීන වශයෙන් වැදගත් පොතක්." චතුරාර්ය සත්‍යය "බුදුරජාණන් වහන්සේලා ලෝකයේ පහල වන්නේ චතුරාර්ය සත්‍යය ධර්මය දේශනා කිරීම ට යි. ලෝකෝත්තර මාර්ග ඵල ලැබීම ට නම් මෙ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළ යුතු ම යි. කාටත් පහසුවෙන් තේරුම් ගත හැකි පරදි චතුරාර්ය සත්‍යය ධර්මය පැහැදිලි කරන්න ට මං හුඟක් උත්සාහ ගත්තා. මං හිතනවා මගේ උත්සාහය බොහෝ දුර ට ම සාර්ථක යි කියලා. මේ පොත ට ඉතා ම වටිනා ප්රස්තාවනාවක් ලීවේ අතිගරු බලන්ගොඩ ආනන්ද මෛත්‍රීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ යි. අද ත් මං උන්වහන්සේ ට ඒ ගැන පින් දෙනවා." වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම "අකුසල ධර්මවලින් මිදීම ට සිත කිලිටි කරන ධර්ම ගැන අවබෝධයක් අප ට තියෙන්න ඕනෑ. අන්න ඒ අවබෝධය එක්තරා පමණකට හෝ ලබා දීමේ අරමුණ ඇතුව යි වංචක ධර්ම හා චිත්තෝපක්ලේශ ධර්ම කියන පොත මං ලිව්වේ. වත්ථ සුත්‍රයේ දක්වා තිබෙන චිත්තොපක්ලේශ ධර්ම පැහැදිලි කරමින් තමයි ඔය පොත ලිව්වේ. කුසල් ස්වරුපයෙන් ඉදිරිපත් වී සිත රවටන චිත්ත ස්වභාවය පැහැදිලි කිරීමක් මේ පොතෙන් කෙරෙනවා. මං හිතන විදියට මේ පිළිබඳ මෙතෙක් ලියවී තිබෙන එක ම පොත මේක යි. මේ වංචක ධර්ම පොත බොහෝ උගතුන් ගේ ප්‍රශංසාව ට ලක් වූ බව ත් මා දන්නවා." බුද්ධ නීති සංග්‍රහය "සත්වයා ගේ මෙ ලොව පරලොව යහපත ට ත් නිවන් ලැබීම ට ත් උපකාර වන ධර්ම විස්තර ඇතුළත් පොතක් තමයි මා විසින් සම්පාදනය කළ බුද්ධ නීති සංග්‍රහය. තුන් පිටකයේ පැතිර පවත්නා ඉතා ම වැදගත් උපදේශ ගාථා පන්සීය පනහක් මේ පොත ට ඇතුළත් වී තිබෙනවා. බුද්ධ නීති සංග්‍රහය කා හට ත් ඒක සේ ප්‍රයෝජනවත් වන පොතක් හැටියට මට කියන්න පුළුවන්. මෙ වැනි පොත් වෙනත් භාෂාවල ට පරිවර්තනය කළ හැකි නම් එයිනුත් විශාල පිරිසකට යහපතක් වෙනවා කියලා මං හිතනවා." බෝධිපාක්ෂික ධර්ම විස්තරය “බුදු, පසේ බුදු, මහා රහත් යනුවෙන් නිවන් දැකිය හැකි බෝධි තුනක් තියෙනවා. ඒ සත්‍යය අවබෝධ කරගැනීම ට උපකාර වන ධර්ම තිස් හතක් තියෙනවා. අන්න ඒ ධර්ම තිස්හත විස්තර කිරීම ට යි බෝධිපාක්ෂික ධර්ම විස්තරය කියන පොත මං ලීවේ. නිවන් ප්‍රාර්ථනා කරන අය විසින් කියවිය යුතු පොතක් වශයෙන් මේ පොත හඳුන්වා දෙන්නන පුළුවන්." “මේ හැරුණු විට එක එක වැදගත් මාතෘකා යටතේ තව ත් පොත් ගණනාවක් මං ලීවා. බෞද්ධයකු වශයෙන් දත යුතු මූලික කරුණු ඇතුළත් පොත් ලීවා වගේ ම අභිධර්මය හදාරන අය ට සහ මනෝ විද්‍යාත්මක ව බුදුදහම අගය කරන අය ට ත් වැදගත් පොත් ගණනාවක් මා විසින් ලියා තිබෙනවා. අද මේ රටේ විශාල වශයෙන් භාවනා වැඩ පිළිවෙල පැතිරිලා තියෙනවා. භාවනාව ගැන විශේෂයෙන් විදර්ශනා භාවනාව ගැන පොත් කිහිපයක් මං ලීවා. ඒ වගේ ම භික්ෂුන් වහන්සේලා ගේ ප්‍රයෝජනය සඳහා විනය කාර්ම පොත, උපසම්පදා ශීලය වගේ පොත් කිහිපයකුත් ලීවා. කිසිවක් ලියන්න කියන්න බැරි ව ඇස් දෙක ම පෙන්නේ නැතුව, කන් ඇහෙන්නේ නැතුව ඉන්න මට කලින් සඳහන් කළ හැටියට ඔය වගේ පොත් ටිකක් ලියන්න ට ලැබීම ගැන මං හරියට සතුටු වෙනවා.” රේරුකානේ චන්දවිමල මහා නාහිමියන් ට ලැබී ඇති ගෞරව උපාධි සහ පදවි "ඉස්කෝලේ දෙවන පන්තිය ට ගිය මට මොන පදවියක්වත් උපාදියක්වත් ලැබෙයි කියලා කවුද හිතුවේ. නමුත් ඉතින් ඔය ලැබී තියෙන්නේ. මුලදී මට මේ එකක් වත් තිබුනේ නැහැ. ලංකාව ට ආවා ට පස්සේ ඒක එක්කෙනා ගේ ඉල්ලීම් මත පොත් කිහිපයක් ලීවා. ඉන පස්සේ තමයි ඔය පදවි ලැබෙන්න පටන් ගත්තේ." ප්‍රාචීන භාෂෝපකාර සමාගමෙන් සම්මාන පණ්ඩිත උපාධිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් අභිධර්මය පිළිබඳ මහාචාර්ය පදවිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්තී උපාධිය (1963) ශ්‍රී ලංකා ශ්වේජින් නිකායේ මහා නායක පදවිය (1976) අමරපුර මහා මහෝපාධ්‍යාය ශාසන ශෝභන නාමය (1995) ප්‍රවචන විශාරද නාමය (1995) රේරුකානේ චන්දවිමල මහා නායක හිමියන් හට ලද මෙ ම සම්මාන හා පදවි ආදිය උන්වහන්සේ ගේ ගුණයන් සහ සිදු වූ මෙහෙයයන් සොයා පැමිණි ඒවා මිස උන්වහන්සේ මේවා සොයා නො ගිය උතුම් සුපේසල ශික්ෂාකාමී දිවියක් ගතකළ භික්ෂුන් වහන්සේ නමක් ලෙස උන්වහන්සේ ගේ චරිතාපදානයෙන් මනා ව පිළිබිඹු වේ. ඉතා කෙටියෙන් මෙතෙක් ප්‍රකාශ කළ මෙ ම උදාරතර චරිත කතාවේ අවසානය සනිටුහන් කරන්න ට මත්තෙන් මේ කරුණ නො කිවහොත් එය විශාල අඩුවක් වනු ඇත. රේරුකානේ චන්දවිමල මහා නායක ස්වාමීන් වහන්සේ ගේ අවසාන කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ 1981 ජනවාරි මස 10 දින අත්සන් යොදා සීල තබන ලද ලිපියක සඳහන් කර ඇත. "මරණ දැන්වීම් එපා. මරණය ප්‍රසිද්ධ කරන්න එපා. කොඩියක්වත් දාන්න එපා. කිසි ම සැරසිල්ලක් එපා. මිනිය දැනට දහවල් කාලයේ ගත කරන කුඩා අන්ද මත තබන්න. මිනිය සමීපයේ පහන කිහිපයක් දල්වන්න. පන්සල් වත්තේ අයිනක දර සෑයක් තනන්න. දර සෑය හදා අවසාන වූ විගස උදේ හෝ දවල් හෝ රෑ හෝ මිනිය එ හි තබා පුච්චන්න. මිනිය සෑයේ තැබීමට ගෙන යා යුත්තේ ලෑලි තට්ටුවක තබා ගෙන යි. ආදාහනය අවසාන වීමෙන් පසු එය නියම කර තිබූ පරිදි කළ බව පුවත් පත්වලින් ප්‍රසිද්ධ කරන්න. චන්දවිමල මහා නාහිමියන් අද ජීවමානව නැතත් එදා සිදුකළ ධර්ම දානය අදටත් ජීවමානව පවතී. උන්වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවන් සැප ලබාගැනීම සඳහා එ ම සියලු ධර්ම දානයන් හේතු වේ වා! බුදුදහමේත් රටේත් පිනට කලාතුරකින් පහල වන මෙවන් පඬිවරු මතු මතුත් අප රටේ පහල වේවා![/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom