සහරාන් මරාගෙන මැරෙන කාන්තාවන් 15ක් පුහුණු කළා – පිල්ලයාන්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    මරාගෙන මැරෙන කාන්තාවන්පුහුණු කිරීම සඳහා සහරාන් විසින් වෙනම පුහුණු පාඨමාලාවන් පවත්වන ලැබූ බවත් කාත්තන්කුඩි ප්‍රදේශයේ 2018 වසරේ දෙසැම්බර් මස සහරාන් විසින් පවත්වන ලද මෙම පාඨමාලාවට කාන්තාවන් පහළොස්දෙනෙකු පමණ සහභාගී වූ බවත්, සිවනේසතුරැයි චන්ද්‍රකාන්තන් හෙවත් “පිල්ලයන්” සඳහන් කර ඇති බව ශ්‍රී ලංකා ගාඩියන් වාර්තා කර ඇත.

    පාස්කු ප්‍රහාරය ගැන ඔහු විසින් රචනා කරනු ලැබූ, පාස්කු සංහාරය; ජාති ආගම් අතර සමගිය, වැටහීම හා අවබෝධය, නමැති කෘතියේ මේ බව සඳහන් කර තබේ. “එසේ පාඨමාලාවට සහභාගී වූ කාන්තාවක් අත්අඩංගුවට පත්වීමෙන් මෙම තොරතුරු හෙළිවිය. මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි මොහොමඩ් ඊබ්‍රහිම් සයිදා මෙලෙස අත්අඩංගුවට පත්වීමෙන් පසු මෙම තොරතුරු හෙළිවිය,” පිල්ලයාන් සිය කෘතියේ සඳහන් කර ඇත.

    “එම කාන්තාව ඇතුළු තවත් කාන්තාවන් 14 දෙනෙකු එම පුහුණුවට පැමිණි සිටි බව අත්අඩංගුවට ගත් තරුණිය ප්‍රකාශ කර තිබුණි.”

    එම තරුණියගෙන් ලද තොරතුරු වලින් වඩාත් වැදගත්ම ප්‍රකාශය වන්නේ මාරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයන් සම්බන්ධව සහ්රාන් ඉදිරියේ දිවුරුම් දීම සම්බන්ධ තොරතුරු බව එවකට පොලිස් මාධ්‍යය ප්‍රකාශක ලෙස සේවය කළ අජිත් රෝහණ සඳහන් කල බව කෘතියේ සඳහන් කොට ඇත.


    එමෙන්ම 2019 පාස්කු ප්‍රහාරයෙන් පසු සයින්දමරුදු ප්‍රදේශයේ සිදුවූ බෝම්බ ප්‍රහාරයෙන් මෙමෙ කාන්තාවන් 15 දෙනාගෙන් කාන්තාවන් පස්දෙනෙකු ජීවිතක්‍ෂයට පත්ව ඇති අතර කාන්තාවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. ඉතිරි හත්දෙනා ත්‍රස්ත විමර්ශන ඒකකයේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත්, රෝහණ මහතා පවසා ඇත.

    බියත් ලෙස පවසන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට දිවුරුම් දුන් තොරතුරු එම කාන්තාවගෙන් ලබාගත් වැදගත්ම තොරතුර බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසු බව එම කෘතියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

    වහබ්වාදයේ ව්‍යාප්තිය ගැන දීර්ඝ විශ්ලේශනයක යෙදෙන කතුවරයා, 1990 පමණ සිට නැගෙනහිර පළාතේ වහබ්වාදයෙන් ආභාෂය ලැබූ කණ්ඩයාම් විඑවිධ ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරත වූ බව සඳහන් කර ඇත.


    “පාස්කු ප්‍රහාරය යනු මා සිරගතව සිටි කාලය තුල මාගේ කිසිඳු සම්බන්ධයකින් තොරව සිදුවූ සිද්ධියකි. මෙවැනි බිහිසුණු සිදුවීමකට මා සම්බන්ධකර සිදුකර ඇති ප්‍රෝඩාව පදනම් විරහිත බවත් දේශපාලන යටි අරමුණක් ඇතිව එය සිදුකර ඇති බවත් මම තරයේ ප්‍රකාශ කිරීමට කැමැත්තෙමි, ” සිය කෘතියේ පිල්ලයාන් සඳහන් කර ඇත.

    යොමුව මෙතනින්
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඊසටර් ඇටෑක් එකෙන් පස්සේ අපේ ගමේ කෙල්ලෙකුත් ඇරස්ට් කලා
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මොකක්ද මෙයාලGay ආගම හෝ දර්ශනය?
    ninja-floss.gif