Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ටීවන් හෝකින්ස්, දෙවියන් නැති බව කියයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ විද්‍යාවෙන් යථාර්තය දැනගන්නව කියල උපකල්පනය කරල ඕක කියන්නෙ. සමස්තය කුඩා කොටස් වලට වෙන් කල්ල කරන්නෙ දැනගැනීමක් නෙමේ. කරන්නෙ ප්‍රවාද නිර්මාණය කිරීමක්. ඒ ප්‍රවාදෙන් ප්‍රතිඵල අපෝහණය කරනව. ඒ ප්‍රතිඵල වලට යථාර්තයේ නිරීක්ශණ ගැලපෙනවද බලනව. උදාහරණෙකට ගුරුත්වාකර්ශණ ප්‍රවාදෙ ගනිං. ඒකෙ නියම වලිං අපෝහනය වෙනව වස්තු මෙච්චර උසකිං වැටුනාම මෙච්චර දුරක් එන්න මෙච්චර කාලයක් යනව වගේ මිනිය හැකි ප්‍රතිඵල. ඊට පස්සෙ ඇත්තටම එහෙම වෙනවද කියල බලලයි ප්‍රවාදය සත්‍යයි කියන්නෙ. ඒකෙන් කියවෙන්නෑ ප්‍රතිඵලය අපෝහනය කරන්න පාවිච්චි කරපු ප්‍රවාදය සත්‍යයි කියල.

p->q (p implies q)

මේකෙන් අපිට කියන්න බෑ q සත්‍ය වුන නිසා p සත්‍යයි කියල. truth table එක ගහල බලන්න. එහෙම වෙන්න බැරි වග තේරෙයි.

හැබැයි ~q -> ~p කියන්නෙ p -> q මයි.

ඒ අනුව කිව්වෑකි ප්‍රවාදයෙන් දීපු ප්‍රතිඵලේ ඇත්තටම පරීක්ශණයෙදි ලැබුනෙ නැත්තං ~p හෙවත් p (ප්‍රවාදය) අසත්‍යයි කියල.

විද්‍යාවෙ වෙන්නෙ ඕක.

එතකොට තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද ? තේරුම් ගන්නව කියන්නෙ අපි මේ වගේ නිරීක්ශණය කරන දේවල් අපෝහනය කරන්න පුලුවන් ප්‍රවාදයක්/ප්රවාදයන් නිර්මාණය කරන එක. ඒ ප්‍රවාදයෙන් අපි නිරීක්ශණය කරපු දේ අපෝහනය වෙන්න ඕනෙ. ඒත් උඩ කියපු උදාහරණෙන් පැහැදිලි ඇති මෙහෙම අවස්ථා කෝටියකට ප්‍රතිඵල දුන්නත්, q කොච්චර සත්‍ය වුනත්, ඒකෙන් ප්‍රවාදය සත්‍යයි කියල ගම්‍ය වෙන්නෑ කියල, p සත්‍යයි කියල ගම්‍ය වෙන්නෑ.

හැබැයි එක ~q අවස්ථාවක් ඇති ~p කියල තීරණය කරන්න.

ඒක තමා කිව්වෙ විද්‍යාවෙන් පරීක්ශණ වලට කරන්න පුලුවන් ප්‍රවාදයක් අසත්‍යකරණයට (falsify) ලක් කරන එක විතරයි කියල. කිසිම දෙයක් සත්‍යයි කියල ඔප්පු කරන්න බෑ. විද්‍යාවෙ වෙන්නෙ එක ප්‍රවාදයක් කාලයක් තිස්සෙ බොහෝ නිරීක්ශණ නිවැරදිව පුරෝකථනය කිරීම නිසා ඒක නිවැරදි ප්‍රවාදය කියල විද්‍යා සමාජෙ පිලිගැනීමට ලක් වෙන එක විතරයි. ඒත් කෝටියක් පිලිගත්තත් p->q = q->p වෙන්නෙ නෑ.

තේරුම් ගැනීම කියල විද්‍යාවෙ කියන්නෙ මේ වගේ නිරීක්ශණ පැහැදිලි කල හැකි ප්‍රවාදයක් හොයාගන්න එකට.

අනික් කාරණේ එකම සිදුවීම් ටික විස්තර කරන්න A B කියල ප්‍රවාද දෙකක් තියෙනව කියල ගනිංකො.

A වලිං එකම සිදුවීම එක විදිහකට පුරෝකථනය කෙරෙද්දි B වලිං ඒ ටිකම ඒ අගයන්ම සහිතව අරකට හාත්පසින්ම වෙනස් විදිහකට පුරෝකථනය කෙරෙනව.

කොටිංම පුරෝකථනය කරන්න යන අතරෙ A උපකල්පනය කරන දේවල් බොරුයි කියල B උපකල්පනය කරනව, B උපකල්පනය කරන දේවල් බොරුයි කියල A උපකල්පනය කරනව. A හා B එකකට එකක් පරස්පර පැහැදිලි කිරීම් හැබැයි ප්‍රතිඵල සමානයි.

මෙහෙම අවස්ථාවකදි විද්‍යාවට කිසිම ක්‍රමයක් නෑ මේ දෙකෙන් හරි Aද Bද කියල දැනගන්න. මේක ගැන විස්තර කරන richard feynman ගෙ ලෙක්චර් එකක් තියෙනව youtube එකේ හොයාගෙන බලපං මට title එක හරියටම මතක නෑ.

විද්‍යාත්මකව තේරුම් ගන්නව කියන්නෙ ඇත්තද කියල හරියටම දැනගන්න බැරි ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියල දැන් තේරෙනව ඇති කියල හිතෙනව. දැන් එතකොට තේරුම් අරං තියෙන්නෙ සිදුවීමද ? සිදුවීම පැහැදිලි කල හැකි ඇත්තද කියල දැනගන්නවත් බැරි ප්‍රවාදයක් තේරුම් අරං තියෙන්නෙ. එතකොට ඒක තේරුම් ගැනීමක්ද ?

ඒක තේරුම් ගැනීමක් වෙන්නෙ ඒක තමා තේරුම් ගැනීම කියල ඉගැන්වෙන චින්තනයක් තියෙන සංස්කෘතියක හැදුන කෙනෙක්ට. ලෝකෙ සියලු සංස්කෘති ලෝකය එකම විදිහට තේරුම් ගත යුතු නෑ. ඒත් අපිට පොඩි කාලෙ ඉඳන් අධ්‍යාපනය කියල brain wash කල්ල තියෙන්නෙ මේක තමා තේරුම් ගැනීම කියල. ඉතිං අපිත් ඒක ප්‍රශ්න කරන්නැතුව ඔහේ අර පොඩි කාලෙ ඉඳන් උගන්නපු නිසා ඒ විදිහෙ තේරුම් ගැනීමක්ම හොයනව. සමහර චින්තන තියෙනව විශ්වය/ලෝකය/යථාර්තය කියන්නෙ තේරුම් ගන්න බැරි දේවල් හොයල වැඩක් නෑ කෙලවරක් දකින්න බෑ කියල උගන්නන. මේ කියන්නෙ මොන චින්තන ගැනද කියල පැහැදිලි ඇති කියල හිතෙනව. එහෙම චින්තනේක හැදෙන මිනිස්සු උඩ පෙන්නපු විදිහෙ ප්‍රවාද ගොඩනඟන්න යන්නෙ නෑ එහෙම චින්තනයක් තියෙන සංස්කෘතියක මිනිස්සුන්ගෙ අවධානය ඉබේම යොමු වෙන්නෙ ප්‍රායෝගික ප්‍රායෝජනයක් ගන්න පුලුවන්ද කියන කාරෙණ්ට. එතනිං එහාට ගිය තේරුම් ගැනීමක් කියල දේකට එහෙම චින්තනේක තේරුමක් නෑ.

කවදාවත් එක සංස්කෘතියක චින්තනේ හැදෙන මිනිහෙක්ට කවදාවත් තමන්ගෙ චින්තනේ තවත් එක චින්තනයක් කියල තේරෙන්නෙ නෑ. අපිට කරල තියෙන්නෙ මේක. ප්‍රවාදයක් ගොඩනඟල ප්‍රවාදය තේරුම් ගැනීම තමා සිදුවීම තේරුම් ගැනීම කියන දේ පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවට දාල අපිට ඒක තවත් එක ක්‍රමයක් කියන දේවත් පේන්නැතුව ගිහිං. මේක කවදාවත් විද්‍යා සමාජෙ ප්‍රශ්න කිරීමට ලක් වෙන්නෙ නෑ. මේක තමා විද්‍යාවෙ තේරුම් ගැනීම කියන දේ පදනමේ තියෙන්නෙ.

දැන් ඕක සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය, නිවන, කර්මය ප්‍රශ්න කරනවද කියල.

විද්‍යාවෙන් කවදාවත් ලෝකය තේරුම් ගැනීමේ ක්‍රමය ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියන දේ ප්‍රශ්න නොකෙරුණාට, ඒ විදිහට නිර්මාණය කෙරෙන ප්‍රවාදය ප්‍රශ්න කෙරෙනව.

දැන් ඕකම සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය නිවන කර්මය ප්‍රශ්න නොකෙරුවට ඒව ක්‍රියා කරන විදිහ ප්‍රශ්න කරනව නේද කියල.

දැන් පුලුවන්නං කොහොමද ප්‍රවාද නිර්මාණය තමා තේරුම් ගැනීමේ හරි ක්‍රමය කියල විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ කියල හිතල බලපං. එහෙම දෙයක් කාටවත් කරන්න බෑ.

කිසිම දැනුම් පද්ධතියකිං ඒ දැනුම් පද්ධතියෙ පදනම ප්‍රශ්න කෙරෙන්නෙ නෑ.

හැම දැනුම් පද්ධතියකිංම ඒ දැනුම් පද්ධතියෙන් නිර්මාණය කෙරෙන දැනුම ඒ දැනුම් පද්ධතියේ පදනමේ ඉඳගෙන ප්‍රශ්න කෙරෙනව.

මෙතන වෙලා තියෙන්නෙ හැමෝම තමන් පිළිගන්න දැනුම් පද්ධතියෙත් පදනමක් තියෙනව කියල තේරුම් ගන්නැතුව ඒ දැනුම් පද්ධතිය තමා මේ ලෝකෙ තියෙන එකම නිවැරදි දැනුම් පද්ධතිය ඒකට එකඟ නොවෙන දැනුම් පද්ධති සියල්ල වැරදියි කියල හිතාගෙන අනික් දැනුම් පද්ධති වල දැනුම බොරුයි කියල කෑගහන එක.

ප්‍රශ්නෙ තියෙන්නෙ අර කලිං කිව්ව වගේ කවදාවත් එක චින්තනේක හැදුන කෙනෙක්ට තමන්ගෙ චින්තනේ තවත් එක චින්තනයක් විතරයි, මේක එකම ක්‍රමේ නෙමේ කියල තේරෙන්නෙ නෑ. තමන්ගෙ චින්තනේ ඇරෙන්න වෙන චින්තනේක දැනුමක් ලැබුන ගමං පේන්නෙ මෝඩයන්ගෙ මෝඩ වැඩ ටිකක් විදිහට. වෙන චින්තනේක දැනුමෙ ප්‍රායෝගික ප්‍රයෝජනයක් තිබ්බත් ඒ චින්තනේ තේරුම් ගන්න විදිහට වඩා වෙනස් විදිහට තමන්ගෙ චින්තනේ තේරුම් ගන්න (හෝ නොගන්න) නිසා අර විස්තරේ පේන්නෙත් අනික් චින්තනේ මිනිස්සුන්ට වැඩි අවබෝධයක් තිබිල නෑ, ඒ නිසා නිකං හිතිච්ච දේවල් ටිකක් විතරයි කියල.

කවදාවත් එක චින්තනයක කකුල් දෙක තියාගෙන වෙන චින්තනේක පීනන්න බෑ. වෙනස් චින්තනේක දැනුම තේරුම් ගන්න ඒ චින්තනේට බැහැල ඒ චින්තනේ පීනන්නම වෙනව. මේක කරන්න අමාරුයි. පොඩි කාලෙ ඉඳන් හුරු කල හිතන රටාව ලොකු වෙලා වෙනස් කරන්න සෑහෙන්න අමාරුයි. තමන්ගෙ චින්තනේට වෙනස් චින්තනේක දැනුම නිර්මාණය කරන ක්‍රමය විකාරයක් වගේ පෙනුන කියන්නෙ, ඒක විකාරයක් නෙමේ. ඒ තමන්ගෙ චින්තනේට පේන හැටි. ඒ වගේම තමන්ගෙ චින්තනේ දැනුම නිර්මාණය කරන ක්‍රමේ විකාරයක් වගේ පේන තවත් චින්තන තියෙනව කියල තේරුම් ගැනීම විතරයි කරන්න පුලුවන්.

කාට හරි මේ ගැන වැඩිදුර කියවන්න ආසාවක් තියෙනවනං මේ පොත් ටික කියවන්න. ebook තියෙනව net එකේ හොයාගන්න.

The Structure of Scientific Revolutions - Thomas Kuhn

The Logic of Scientific Discovery - Karl Popper

The metaphysical foundations of modern physical science - Edwin Arthur Burtt

The Patterning Instinct: A Cultural History of Humanity's Search for Meaning - Jeremy Lent

The Systems View of Life: A Unifying Vision - Fritjof Capra and Pier Luigi Luisi

[QUOTE="Pessimist, post: 23775660, member: 566496"] [SIZE="3"]උඹ විද්‍යාවෙන් යථාර්තය දැනගන්නව කියල උපකල්පනය කරල ඕක කියන්නෙ. සමස්තය කුඩා කොටස් වලට වෙන් කල්ල කරන්නෙ දැනගැනීමක් නෙමේ. කරන්නෙ ප්‍රවාද නිර්මාණය කිරීමක්. ඒ ප්‍රවාදෙන් ප්‍රතිඵල අපෝහණය කරනව. ඒ ප්‍රතිඵල වලට යථාර්තයේ නිරීක්ශණ ගැලපෙනවද බලනව. උදාහරණෙකට ගුරුත්වාකර්ශණ ප්‍රවාදෙ ගනිං. ඒකෙ නියම වලිං අපෝහනය වෙනව වස්තු මෙච්චර උසකිං වැටුනාම මෙච්චර දුරක් එන්න මෙච්චර කාලයක් යනව වගේ මිනිය හැකි ප්‍රතිඵල. ඊට පස්සෙ ඇත්තටම එහෙම වෙනවද කියල බලලයි ප්‍රවාදය සත්‍යයි කියන්නෙ. ඒකෙන් කියවෙන්නෑ ප්‍රතිඵලය අපෝහනය කරන්න පාවිච්චි කරපු ප්‍රවාදය සත්‍යයි කියල. p->q (p implies q) මේකෙන් අපිට කියන්න බෑ q සත්‍ය වුන නිසා p සත්‍යයි කියල. truth table එක ගහල බලන්න. එහෙම වෙන්න බැරි වග තේරෙයි. හැබැයි ~q -> ~p කියන්නෙ p -> q මයි. ඒ අනුව කිව්වෑකි ප්‍රවාදයෙන් දීපු ප්‍රතිඵලේ ඇත්තටම පරීක්ශණයෙදි ලැබුනෙ නැත්තං ~p හෙවත් p (ප්‍රවාදය) අසත්‍යයි කියල. විද්‍යාවෙ වෙන්නෙ ඕක. එතකොට තේරුම් ගන්නව කියන්නෙ මොකක්ද ? තේරුම් ගන්නව කියන්නෙ අපි මේ වගේ නිරීක්ශණය කරන දේවල් අපෝහනය කරන්න පුලුවන් ප්‍රවාදයක්/ප්රවාදයන් නිර්මාණය කරන එක. ඒ ප්‍රවාදයෙන් අපි නිරීක්ශණය කරපු දේ අපෝහනය වෙන්න ඕනෙ. ඒත් උඩ කියපු උදාහරණෙන් පැහැදිලි ඇති මෙහෙම අවස්ථා කෝටියකට ප්‍රතිඵල දුන්නත්, q කොච්චර සත්‍ය වුනත්, ඒකෙන් ප්‍රවාදය සත්‍යයි කියල ගම්‍ය වෙන්නෑ කියල, p සත්‍යයි කියල ගම්‍ය වෙන්නෑ. හැබැයි එක ~q අවස්ථාවක් ඇති ~p කියල තීරණය කරන්න. ඒක තමා කිව්වෙ විද්‍යාවෙන් පරීක්ශණ වලට කරන්න පුලුවන් ප්‍රවාදයක් අසත්‍යකරණයට (falsify) ලක් කරන එක විතරයි කියල. කිසිම දෙයක් සත්‍යයි කියල ඔප්පු කරන්න බෑ. විද්‍යාවෙ වෙන්නෙ එක ප්‍රවාදයක් කාලයක් තිස්සෙ බොහෝ නිරීක්ශණ නිවැරදිව පුරෝකථනය කිරීම නිසා ඒක නිවැරදි ප්‍රවාදය කියල විද්‍යා සමාජෙ පිලිගැනීමට ලක් වෙන එක විතරයි. ඒත් කෝටියක් පිලිගත්තත් p->q = q->p වෙන්නෙ නෑ. [IMG]https://i.postimg.cc/NfL2fdRR/image.png[/IMG] තේරුම් ගැනීම කියල විද්‍යාවෙ කියන්නෙ මේ වගේ නිරීක්ශණ පැහැදිලි කල හැකි ප්‍රවාදයක් හොයාගන්න එකට. අනික් කාරණේ එකම සිදුවීම් ටික විස්තර කරන්න A B කියල ප්‍රවාද දෙකක් තියෙනව කියල ගනිංකො. A වලිං එකම සිදුවීම එක විදිහකට පුරෝකථනය කෙරෙද්දි B වලිං ඒ ටිකම ඒ අගයන්ම සහිතව අරකට හාත්පසින්ම වෙනස් විදිහකට පුරෝකථනය කෙරෙනව. කොටිංම පුරෝකථනය කරන්න යන අතරෙ A උපකල්පනය කරන දේවල් බොරුයි කියල B උපකල්පනය කරනව, B උපකල්පනය කරන දේවල් බොරුයි කියල A උපකල්පනය කරනව. A හා B එකකට එකක් පරස්පර පැහැදිලි කිරීම් හැබැයි ප්‍රතිඵල සමානයි. මෙහෙම අවස්ථාවකදි විද්‍යාවට කිසිම ක්‍රමයක් නෑ මේ දෙකෙන් හරි Aද Bද කියල දැනගන්න. මේක ගැන විස්තර කරන richard feynman ගෙ ලෙක්චර් එකක් තියෙනව youtube එකේ හොයාගෙන බලපං මට title එක හරියටම මතක නෑ. විද්‍යාත්මකව තේරුම් ගන්නව කියන්නෙ ඇත්තද කියල හරියටම දැනගන්න බැරි ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියල දැන් තේරෙනව ඇති කියල හිතෙනව. දැන් එතකොට තේරුම් අරං තියෙන්නෙ සිදුවීමද ? සිදුවීම පැහැදිලි කල හැකි ඇත්තද කියල දැනගන්නවත් බැරි ප්‍රවාදයක් තේරුම් අරං තියෙන්නෙ. එතකොට ඒක තේරුම් ගැනීමක්ද ? ඒක තේරුම් ගැනීමක් වෙන්නෙ ඒක තමා තේරුම් ගැනීම කියල ඉගැන්වෙන චින්තනයක් තියෙන සංස්කෘතියක හැදුන කෙනෙක්ට. ලෝකෙ සියලු සංස්කෘති ලෝකය එකම විදිහට තේරුම් ගත යුතු නෑ. ඒත් අපිට පොඩි කාලෙ ඉඳන් අධ්‍යාපනය කියල brain wash කල්ල තියෙන්නෙ මේක තමා තේරුම් ගැනීම කියල. ඉතිං අපිත් ඒක ප්‍රශ්න කරන්නැතුව ඔහේ අර පොඩි කාලෙ ඉඳන් උගන්නපු නිසා ඒ විදිහෙ තේරුම් ගැනීමක්ම හොයනව. සමහර චින්තන තියෙනව විශ්වය/ලෝකය/යථාර්තය කියන්නෙ තේරුම් ගන්න බැරි දේවල් හොයල වැඩක් නෑ කෙලවරක් දකින්න බෑ කියල උගන්නන. මේ කියන්නෙ මොන චින්තන ගැනද කියල පැහැදිලි ඇති කියල හිතෙනව. එහෙම චින්තනේක හැදෙන මිනිස්සු උඩ පෙන්නපු විදිහෙ ප්‍රවාද ගොඩනඟන්න යන්නෙ නෑ එහෙම චින්තනයක් තියෙන සංස්කෘතියක මිනිස්සුන්ගෙ අවධානය ඉබේම යොමු වෙන්නෙ ප්‍රායෝගික ප්‍රායෝජනයක් ගන්න පුලුවන්ද කියන කාරෙණ්ට. එතනිං එහාට ගිය තේරුම් ගැනීමක් කියල දේකට එහෙම චින්තනේක තේරුමක් නෑ. කවදාවත් එක සංස්කෘතියක චින්තනේ හැදෙන මිනිහෙක්ට කවදාවත් තමන්ගෙ චින්තනේ තවත් එක චින්තනයක් කියල තේරෙන්නෙ නෑ. අපිට කරල තියෙන්නෙ මේක. ප්‍රවාදයක් ගොඩනඟල ප්‍රවාදය තේරුම් ගැනීම තමා සිදුවීම තේරුම් ගැනීම කියන දේ පොඩි කාලෙ ඉඳන් අපේ ඔලුවට දාල අපිට ඒක තවත් එක ක්‍රමයක් කියන දේවත් පේන්නැතුව ගිහිං. මේක කවදාවත් විද්‍යා සමාජෙ ප්‍රශ්න කිරීමට ලක් වෙන්නෙ නෑ. මේක තමා විද්‍යාවෙ තේරුම් ගැනීම කියන දේ පදනමේ තියෙන්නෙ. දැන් ඕක සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය, නිවන, කර්මය ප්‍රශ්න කරනවද කියල. විද්‍යාවෙන් කවදාවත් ලෝකය තේරුම් ගැනීමේ ක්‍රමය ප්‍රවාදයක් නිර්මාණය කරල ඒ ප්‍රවාදය තේරුම් ගැනීම කියන දේ ප්‍රශ්න නොකෙරුණාට, ඒ විදිහට නිර්මාණය කෙරෙන ප්‍රවාදය ප්‍රශ්න කෙරෙනව. දැන් ඕකම සංසන්දනය කරල බලපං බෞද්ධයො කවදාවත් සංසාරය නිවන කර්මය ප්‍රශ්න නොකෙරුවට ඒව ක්‍රියා කරන විදිහ ප්‍රශ්න කරනව නේද කියල. දැන් පුලුවන්නං කොහොමද ප්‍රවාද නිර්මාණය තමා තේරුම් ගැනීමේ හරි ක්‍රමය කියල විද්‍යාත්මකව ඔප්පු කරන්නෙ කියල හිතල බලපං. එහෙම දෙයක් කාටවත් කරන්න බෑ. කිසිම දැනුම් පද්ධතියකිං ඒ දැනුම් පද්ධතියෙ පදනම ප්‍රශ්න කෙරෙන්නෙ නෑ. හැම දැනුම් පද්ධතියකිංම ඒ දැනුම් පද්ධතියෙන් නිර්මාණය කෙරෙන දැනුම ඒ දැනුම් පද්ධතියේ පදනමේ ඉඳගෙන ප්‍රශ්න කෙරෙනව. මෙතන වෙලා තියෙන්නෙ හැමෝම තමන් පිළිගන්න දැනුම් පද්ධතියෙත් පදනමක් තියෙනව කියල තේරුම් ගන්නැතුව ඒ දැනුම් පද්ධතිය තමා මේ ලෝකෙ තියෙන එකම නිවැරදි දැනුම් පද්ධතිය ඒකට එකඟ නොවෙන දැනුම් පද්ධති සියල්ල වැරදියි කියල හිතාගෙන අනික් දැනුම් පද්ධති වල දැනුම බොරුයි කියල කෑගහන එක. ප්‍රශ්නෙ තියෙන්නෙ අර කලිං කිව්ව වගේ කවදාවත් එක චින්තනේක හැදුන කෙනෙක්ට තමන්ගෙ චින්තනේ තවත් එක චින්තනයක් විතරයි, මේක එකම ක්‍රමේ නෙමේ කියල තේරෙන්නෙ නෑ. තමන්ගෙ චින්තනේ ඇරෙන්න වෙන චින්තනේක දැනුමක් ලැබුන ගමං පේන්නෙ මෝඩයන්ගෙ මෝඩ වැඩ ටිකක් විදිහට. වෙන චින්තනේක දැනුමෙ ප්‍රායෝගික ප්‍රයෝජනයක් තිබ්බත් ඒ චින්තනේ තේරුම් ගන්න විදිහට වඩා වෙනස් විදිහට තමන්ගෙ චින්තනේ තේරුම් ගන්න (හෝ නොගන්න) නිසා අර විස්තරේ පේන්නෙත් අනික් චින්තනේ මිනිස්සුන්ට වැඩි අවබෝධයක් තිබිල නෑ, ඒ නිසා නිකං හිතිච්ච දේවල් ටිකක් විතරයි කියල. කවදාවත් එක චින්තනයක කකුල් දෙක තියාගෙන වෙන චින්තනේක පීනන්න බෑ. වෙනස් චින්තනේක දැනුම තේරුම් ගන්න ඒ චින්තනේට බැහැල ඒ චින්තනේ පීනන්නම වෙනව. මේක කරන්න අමාරුයි. පොඩි කාලෙ ඉඳන් හුරු කල හිතන රටාව ලොකු වෙලා වෙනස් කරන්න සෑහෙන්න අමාරුයි. තමන්ගෙ චින්තනේට වෙනස් චින්තනේක දැනුම නිර්මාණය කරන ක්‍රමය විකාරයක් වගේ පෙනුන කියන්නෙ, ඒක විකාරයක් නෙමේ. ඒ තමන්ගෙ චින්තනේට පේන හැටි. ඒ වගේම තමන්ගෙ චින්තනේ දැනුම නිර්මාණය කරන ක්‍රමේ විකාරයක් වගේ පේන තවත් චින්තන තියෙනව කියල තේරුම් ගැනීම විතරයි කරන්න පුලුවන්. කාට හරි මේ ගැන වැඩිදුර කියවන්න ආසාවක් තියෙනවනං මේ පොත් ටික කියවන්න. ebook තියෙනව net එකේ හොයාගන්න. The Structure of Scientific Revolutions - Thomas Kuhn The Logic of Scientific Discovery - Karl Popper The metaphysical foundations of modern physical science - Edwin Arthur Burtt The Patterning Instinct: A Cultural History of Humanity's Search for Meaning - Jeremy Lent The Systems View of Life: A Unifying Vision - Fritjof Capra and Pier Luigi Luisi[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom