Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්ත්‍රී දූෂණයක චූදිතයෙක්ට ඇප දෙන්නෙ ඇයි?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපරාධයක් කියන්නෙ මොකක්ද? ආණ්ඩුව සම්බන්ධ වෙන්නෙ කොහොමද?

යම් රටක අපරාධයක් කියන්නෙ, ඒ රාජ්‍යයට එරෙහිව කරන වරදකට. ස්ත්‍රී දූෂණ, මිනී මැරීම් ආදිය සැළකෙන්නෙ අදාල වින්දිතයාට එරෙහි වරදක් විදිහට නෙවෙයි. සමස්ථ රාජ්‍යයටම එරෙහිව කරපු වරදක් විදිහට. ඒකයි, අපරාධ වරදකදි, වින්දිතයාට තනියෙන් පෙනී ඉන්න දෙන්නැත්තෙ. ඒ වෙනුවෙන් රජය පෙනී ඉන්නෙ. රාජ්‍ය ආයතන ටික නඩුවට එන්නෙ ඒකයි.

රාජ්‍ය ආයතන නඩුව එන්නෙ රජය නියෝජනය කරමින්ද?

ඔව්. ඒ හින්දා එහෙම එන රාජ්‍ය ආයතනවල වැරදි කියන්නෙ රජයේ වැරදි. මේ සිදුවීමේදී ළමාරක්ෂක අධිකාරිය කියන රාජ්‍ය ආයතනය අතිශය දැවැන්ත පලිහක්. මොකද වින්දිතයා අයිති එයාලගෙ විෂය පථයට. රජය එතැනදී ඕනෑවටත් වඩා සමත්. හැබැයි පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් රජයට සිද්ධ වෙනවා ඉතාම ඉක්මනින් හරිම පියවර ගන්න.

මොනවද මේ ආයතනවල දුර්වලතා හින්දා වෙන්න පුළුවන්?

අභිචෝදනාව අසම්පූර්ණ වෙන්න පුළුවන්. අභිචෝදනාව කියන්නෙ අපරාධයක චෝදනාව. එහෙම නඩු ලේසියෙන් පරදිනවා. ඒ හින්දා ඉදිරි දින කීපයේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තමයි තීරණය කරන්න ඕන, දැරියට යුක්තිය ඉටු කරන්න පියවර ගන්නවාද නැද්ද කියන එක. වෙන කාටවත් ම බෑ. මහජන විරෝධයට නම් කොහෙත්ම බෑ.

මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්?

විමර්ශන විධිමත් කිරීම. සාක්ෂිවල අඩුපාඩු සැකසීම. තාක්ෂණික සාක්ෂි රැස් කිරීම. මේවා කෙරුවාට මදි. කෙරෙන බව මහජනයා තුළ විශ්වාසය ඇති කරවීම. විනිවිදභාවයකින් වැඩ කිරීම. නිල ඇඳුමින් අටමස්ථානයට පිරිකර අරන් ගිහින් නම් ඒක කරන්න බෑ. එතකොට විනිවිද බව නැති වෙනවා.

ඇයි විනිවිද බව ඕනි?

මේක තවත් නීති සංකල්පයක්. ඒකට කියන්නෙ Legitimate expectation කියලා. යම් රාජ්‍ය ආයතනයක්, තමන්ගේ උපරිම අයිතිවාසිකම් රකිමින්, යුක්තිය ඉටු කරාවි යැයි මහජනයා තුළ තියෙන විශ්වාසය තමයි Legitimate expectation කියන්නෙ. රටක සෑම පරිපාලන ආයතනයක්ම මේ විශ්වාසය ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. ඒ හින්දා, විනිවිද බව ඕනි වෙන්නෙත් මහජන විරෝධයක් එන හින්දා නෙවෙයි. මේ නීති සංකල්පය හින්දා.

එතකොට මේ වගේ වෙලාවට රජයේ ඇමතිලා මොකද කරන්න ඕන?

මන්ත්‍රීලා වගේ නෙවෙයි. ඇමතිලාව සළකන්නෙ පොදු මහජන අධිකාරීන් විදිහට. ලංකාවෙ නීතිය අනුව මේ අය වහාම මැදිහත් වෙන්න ඕන. රටක ඇමති කෙනෙක් කියන්නෙ පාටකට පක්ෂයකට අදාල නැති මහජන ආයතන. එයාලට පුළුවන් තමන් යටතෙ තියෙන ආයතන වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා මේකට මැදිහත් වෙන්න. පුළුවන් නෙවෙයි. ඒක අනිවාර්යයි. මේක අධිකරණ කටයුත්තක් ය කියලා පොදු මහජනයා සහ මන්ත්‍රීවරු කර ඇරියාට, ඇමතිලාට ඒක කරන්න බෑ. සෘජුව එයාලට බලය තිබෙනවා මැදිහත් වෙන්න. අධිකරණයට නෙවෙයි. මේ ක්‍රියාවලියට. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමාරක්ෂක අධිකාරිය කියන ආයතනවල සෑම වරදක්ම “අදාල ඇමතිගේ“ වරදක්. ඔව්. ඒක තමයි ඇත්ත.

දැන් පොදු මහජන අපි මොකද කරන්න ඕන?

මුලින්ම කරන්න ඕන දේ උඩින්ම කිව්වා. නීතිය ගැන දැනුවත් වීම. ඇප දුන්නා කියන්නෙ ලංකාවෙ නීති අහෝ! කියලා හිතුනා නම් ඒක නිවැරදි කරගන්න එක. මොකද ඇප නොදුන්නා නම් අපි කවුරුවත් විරුද්ධ වෙන්නෑ. හැබැයි එතකොට පොඩි ‘අහෝ!‘ එකක් තිබෙනවා.

ඒ වගේම, පොලිසියට සහ නීතිපතිට පුළුවන් මේ ඇපය අහෝසි කරවන තැනට වැඩ හදන්න. නීතියට අනුව, කරුණු කාරණා සම්පූර්ණ වූ ගමන් ඇප අහෝසි වෙනවා. එතකොටත් ඇප අහෝසි කරද්දි අධිකරණය “සංවේදී“ වෙන්නෙ නෑ. ඒක කරනවා.

දැන් එතකොට අපේ ද වරද?

නෑ නෑ. කොහෙත්ම නෑ. ඇප දීපු ගමන් අපේ අවධානය වෙනස් කරගන්නෙපා කියලා මේ කිව්වෙ.

මොනවටද අවධානය ඕනි?

පොලිසිය සහ නීතිපති කරන ඉදිරි වැඩ ගැන. සාක්ෂි ගැන. වින්දිත දැරිය ගැන. සමාජය අවධානයෙන් ඉන්න වෙනවා. පල්ලේගම හේමරතන ඊළඟ නඩු දිනයේදී නැවත පන්සලට හෝ බන්ධනාගාරයට යයි. එයා වරද කරලා නම්, අන්තිම නඩු දිනයේදී නිදහස් නොවුනාම අපිට ඇති. අතරමැදින් පන්සලේ සිටීම නෙවෙයි ප්රශ්නය. අවසන් නඩු දිනයෙන් පසුව යන තැනයි ප්රශ්නය. ඒ වෙනුවෙන් දැන්ම මහජන විරෝධය සහ ආකල්පය හදන්න වෙනවා. අධිකරණය එතකන් ගන්න හැම තීරණයක් පස්සේම නීතියත් නොදැන ඉබාගාතේ හැරි හැරී දුවලා හති වැටෙන එක නිස්කාරණයක්.

මොනවද ඒ පියවර?

ඔබ මහජන ක්‍රියාකාරිකයෙක් නම් විතරයි ඒ පියවර ගන්න පුළුවන්. හුදු බලා සිටින්නෙක් නම් බලා සිටීම තමයි පියවර. ඔබ මහජන ක්‍රියාකාරිකයෙක් නම්, මෙවැනි වෙලාවට ඔබ මැණිකක්. තනිවම හෝ අපිට පුළුවන්,

-නීතිය ගැන විශ්වාසය තහවුරු කරවන්න. එතකොට මෙවැනි සිදුවීම් නීතිය හමුවට එනවා. නැතිනම් මේ වෙද්දි දැරියන් කෙලෙසි කෙලෙසී ඉන්නවා. ඔබ නීතියට ගරහන හැම වචනයක් ගානේ ඔවුන්ගෙ විශ්වාසය බිඳිලා අසරණ වෙනවා. ඇප ගන්න හරි දූෂකයින් අධිකරණය ගේන එක නවතිනවා. ඒ දූෂකයින් තව තවත් දැරියන්ට මේකම කරනවා. ඔබ නීතිය නොදැන හැසිරීම විසින්, ඔබගේම දරුවා ළඟට දූෂකයාට එන්න විශ්වාසය හදනවා.

-මම සමහර නීති දන්නෑනෙ? මොකද කරන්නෙ ඒකට? නීතිය තියෙන්නෙ අධිකරණයට, විනිසුරන්ට හෝ නීතීඥයින්ට නෙවෙයි. පොදු මහජනයාට. නෛතික ආයතන ඉන්නෙ පොදු මහජනයා වෙනුවෙන් සේවයට. ඒ හින්දා කොහෙන් කොහෙන් හෝ “අපිට අදාල අපේ නීතිය“ ගැන දැනුවත් වෙන්න.

-ළමුන්ට ලිංගික අධ්‍යාපනය දීම සහ, ගෙදර වැඩිහිටියන් හැර අනෙක් සියළු දෙනා සමඟ සම්බන්ධ වියයුතු ආකාර ගැන උගන්වන්න වෙනවා. මේක රජයෙන් කළත් නොකළත් ඔබ ගුරුවරයෙක් නම්, උපදේශකයෙක් නම් පහසුවෙන්ම කරන්න පුළුවන්. කරුණාකර ඔබේ ගුරු වෘත්තිය මේ වෙලාවේ දූෂකයින්ට සහායක් ලෙස ව්‍යංගයෙන් හෝ භාවිත කරන්න එපා.

-රාජ්‍ය ආයතන සහ අමාත්‍යවරුන්ව ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්. හැබැයි ඇප දුන්නෙ ඇයි? ඒක නම් ලැජ්ජයි කියන එක නෙවෙයි ඒ ක්‍රමය. අවසාන තීන්දුව දිහා බලන එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. අවසාන තීන්දුව “සැබෑ යුක්තිය ඉටුවන තීන්දුවක්“ කරන්න රජයට බල කරන එක.

-ජනප්‍රිය තීන්දු ගන්න එපා. හෘද සංවේදී වෙන්න එපා. වැරැද්ද ආගමේ නම්, ඒක නිවැරදි කිරීම තමයි ඔබ ඔබේ ආගමට කරන ලොකුම සේවය. ඔබ බෞද්ධයෙක් නම්, මේ වෙලාවෙ සැබෑ වරදකරු හොයාගන්න ඔබ මැදිහත්වීම අවශ්‍යයි.

-නෑ මම ක්‍රිස්තියානි. ඒ හින්දා නිකන් ඉන්නද? මම ඊළඟට ලියන්න සැළසුම් කළ ලිපිය තමයි, පසුගිය ජනවාරි 31 වැනිදා ක්‍රිස්තියානි පූජකයෙකු විසින් කුඩා දරුවෙකු ලිංගික දූෂණයට ලක් කිරීම ගැන දීපු අධිකරණ තීරණය. ඒ හින්දා ඔබ මේකෙන් මුක්ත නෑ. ආගමික ලෙස අපරාධ දිහා බලන්න බෑ.

අන්තිම එක,

ළමයි මේවා කැමැත්තෙන් කරා වෙන්න බැරි ද?

නීතියේදි ළමයින්ට “කැමැත්ත“ කියා දෙයක් නෑ. ළමයෙක් සමඟ වැඩිහිටියෙක් වරදකට සම්බන්ධ උනා නම්, වැඩිහිටියා වරදකරු. ළමයෙක්ට “කැමැත්ත“ නෑ. ළමයෙක්ට ඒ වෙනුවට තියෙන්න “උපරිම යහපත“. ඒ වෙනුවෙන් තමයි සියලු දේ වෙන්නෙ.

“ඔබ ළඟ ඉන්න ළමයා පරෙස්සම් කරන්න. එයාව පරෙස්සම් කරන්න රාජ්‍යයට මැදිහත් වෙන්න දෙන්න එපා. ඒක දුෂ්කරයි. අපහසුයි. අසීරුයි. ඔබ ළඟ ඉන්න ළමයා වෙනුවෙන් අනෙක් සෑම ළමයෙක්ම රැකගන්න. ඔබේ දරුවාගේ ඇස් දෙක දිහා බලන්න. එයාගෙ යාලුවන් වෙනුවෙන් එයා නිහඬව කතා කරාවි“

සටහන: Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ

#LawAndJustice #lawnotes #LegalEducation

[QUOTE="හෙළයෙක්, post: 31422316, member: 503645"] අපරාධයක් කියන්නෙ මොකක්ද? ආණ්ඩුව සම්බන්ධ වෙන්නෙ කොහොමද? යම් රටක අපරාධයක් කියන්නෙ, ඒ රාජ්‍යයට එරෙහිව කරන වරදකට. ස්ත්‍රී දූෂණ, මිනී මැරීම් ආදිය සැළකෙන්නෙ අදාල වින්දිතයාට එරෙහි වරදක් විදිහට නෙවෙයි. සමස්ථ රාජ්‍යයටම එරෙහිව කරපු වරදක් විදිහට. ඒකයි, අපරාධ වරදකදි, වින්දිතයාට තනියෙන් පෙනී ඉන්න දෙන්නැත්තෙ. ඒ වෙනුවෙන් රජය පෙනී ඉන්නෙ. රාජ්‍ය ආයතන ටික නඩුවට එන්නෙ ඒකයි. රාජ්‍ය ආයතන නඩුව එන්නෙ රජය නියෝජනය කරමින්ද? ඔව්. ඒ හින්දා එහෙම එන රාජ්‍ය ආයතනවල වැරදි කියන්නෙ රජයේ වැරදි. මේ සිදුවීමේදී ළමාරක්ෂක අධිකාරිය කියන රාජ්‍ය ආයතනය අතිශය දැවැන්ත පලිහක්. මොකද වින්දිතයා අයිති එයාලගෙ විෂය පථයට. රජය එතැනදී ඕනෑවටත් වඩා සමත්. හැබැයි පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව පැත්තෙන් රජයට සිද්ධ වෙනවා ඉතාම ඉක්මනින් හරිම පියවර ගන්න. මොනවද මේ ආයතනවල දුර්වලතා හින්දා වෙන්න පුළුවන්? අභිචෝදනාව අසම්පූර්ණ වෙන්න පුළුවන්. අභිචෝදනාව කියන්නෙ අපරාධයක චෝදනාව. එහෙම නඩු ලේසියෙන් පරදිනවා. ඒ හින්දා ඉදිරි දින කීපයේ පොලිසිය සහ නීතිපති දෙපාර්තමේන්තුව තමයි තීරණය කරන්න ඕන, දැරියට යුක්තිය ඉටු කරන්න පියවර ගන්නවාද නැද්ද කියන එක. වෙන කාටවත් ම බෑ. මහජන විරෝධයට නම් කොහෙත්ම බෑ. මොනවද ඒ වෙනුවෙන් කරන්න පුළුවන්? විමර්ශන විධිමත් කිරීම. සාක්ෂිවල අඩුපාඩු සැකසීම. තාක්ෂණික සාක්ෂි රැස් කිරීම. මේවා කෙරුවාට මදි. කෙරෙන බව මහජනයා තුළ විශ්වාසය ඇති කරවීම. විනිවිදභාවයකින් වැඩ කිරීම. නිල ඇඳුමින් අටමස්ථානයට පිරිකර අරන් ගිහින් නම් ඒක කරන්න බෑ. එතකොට විනිවිද බව නැති වෙනවා. ඇයි විනිවිද බව ඕනි? මේක තවත් නීති සංකල්පයක්. ඒකට කියන්නෙ Legitimate expectation කියලා. යම් රාජ්‍ය ආයතනයක්, තමන්ගේ උපරිම අයිතිවාසිකම් රකිමින්, යුක්තිය ඉටු කරාවි යැයි මහජනයා තුළ තියෙන විශ්වාසය තමයි Legitimate expectation කියන්නෙ. රටක සෑම පරිපාලන ආයතනයක්ම මේ විශ්වාසය ආරක්ෂා කරන්න බැඳී ඉන්නවා. ඒ හින්දා, විනිවිද බව ඕනි වෙන්නෙත් මහජන විරෝධයක් එන හින්දා නෙවෙයි. මේ නීති සංකල්පය හින්දා. එතකොට මේ වගේ වෙලාවට රජයේ ඇමතිලා මොකද කරන්න ඕන? මන්ත්‍රීලා වගේ නෙවෙයි. ඇමතිලාව සළකන්නෙ පොදු මහජන අධිකාරීන් විදිහට. ලංකාවෙ නීතිය අනුව මේ අය වහාම මැදිහත් වෙන්න ඕන. රටක ඇමති කෙනෙක් කියන්නෙ පාටකට පක්ෂයකට අදාල නැති මහජන ආයතන. එයාලට පුළුවන් තමන් යටතෙ තියෙන ආයතන වෙනුවෙන් දිවා රෑ වෙහෙසිලා මේකට මැදිහත් වෙන්න. පුළුවන් නෙවෙයි. ඒක අනිවාර්යයි. මේක අධිකරණ කටයුත්තක් ය කියලා පොදු මහජනයා සහ මන්ත්‍රීවරු කර ඇරියාට, ඇමතිලාට ඒක කරන්න බෑ. සෘජුව එයාලට බලය තිබෙනවා මැදිහත් වෙන්න. අධිකරණයට නෙවෙයි. මේ ක්‍රියාවලියට. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව, ළමාරක්ෂක අධිකාරිය කියන ආයතනවල සෑම වරදක්ම “අදාල ඇමතිගේ“ වරදක්. ඔව්. ඒක තමයි ඇත්ත. දැන් පොදු මහජන අපි මොකද කරන්න ඕන? මුලින්ම කරන්න ඕන දේ උඩින්ම කිව්වා. නීතිය ගැන දැනුවත් වීම. ඇප දුන්නා කියන්නෙ ලංකාවෙ නීති අහෝ! කියලා හිතුනා නම් ඒක නිවැරදි කරගන්න එක. මොකද ඇප නොදුන්නා නම් අපි කවුරුවත් විරුද්ධ වෙන්නෑ. හැබැයි එතකොට පොඩි ‘අහෝ!‘ එකක් තිබෙනවා. ඒ වගේම, පොලිසියට සහ නීතිපතිට පුළුවන් මේ ඇපය අහෝසි කරවන තැනට වැඩ හදන්න. නීතියට අනුව, කරුණු කාරණා සම්පූර්ණ වූ ගමන් ඇප අහෝසි වෙනවා. එතකොටත් ඇප අහෝසි කරද්දි අධිකරණය “සංවේදී“ වෙන්නෙ නෑ. ඒක කරනවා. දැන් එතකොට අපේ ද වරද? නෑ නෑ. කොහෙත්ම නෑ. ඇප දීපු ගමන් අපේ අවධානය වෙනස් කරගන්නෙපා කියලා මේ කිව්වෙ. මොනවටද අවධානය ඕනි? පොලිසිය සහ නීතිපති කරන ඉදිරි වැඩ ගැන. සාක්ෂි ගැන. වින්දිත දැරිය ගැන. සමාජය අවධානයෙන් ඉන්න වෙනවා. පල්ලේගම හේමරතන ඊළඟ නඩු දිනයේදී නැවත පන්සලට හෝ බන්ධනාගාරයට යයි. එයා වරද කරලා නම්, අන්තිම නඩු දිනයේදී නිදහස් නොවුනාම අපිට ඇති. අතරමැදින් පන්සලේ සිටීම නෙවෙයි ප්රශ්නය. අවසන් නඩු දිනයෙන් පසුව යන තැනයි ප්රශ්නය. ඒ වෙනුවෙන් දැන්ම මහජන විරෝධය සහ ආකල්පය හදන්න වෙනවා. අධිකරණය එතකන් ගන්න හැම තීරණයක් පස්සේම නීතියත් නොදැන ඉබාගාතේ හැරි හැරී දුවලා හති වැටෙන එක නිස්කාරණයක්. මොනවද ඒ පියවර? ඔබ මහජන ක්‍රියාකාරිකයෙක් නම් විතරයි ඒ පියවර ගන්න පුළුවන්. හුදු බලා සිටින්නෙක් නම් බලා සිටීම තමයි පියවර. ඔබ මහජන ක්‍රියාකාරිකයෙක් නම්, මෙවැනි වෙලාවට ඔබ මැණිකක්. තනිවම හෝ අපිට පුළුවන්, -නීතිය ගැන විශ්වාසය තහවුරු කරවන්න. එතකොට මෙවැනි සිදුවීම් නීතිය හමුවට එනවා. නැතිනම් මේ වෙද්දි දැරියන් කෙලෙසි කෙලෙසී ඉන්නවා. ඔබ නීතියට ගරහන හැම වචනයක් ගානේ ඔවුන්ගෙ විශ්වාසය බිඳිලා අසරණ වෙනවා. ඇප ගන්න හරි දූෂකයින් අධිකරණය ගේන එක නවතිනවා. ඒ දූෂකයින් තව තවත් දැරියන්ට මේකම කරනවා. ඔබ නීතිය නොදැන හැසිරීම විසින්, ඔබගේම දරුවා ළඟට දූෂකයාට එන්න විශ්වාසය හදනවා. -මම සමහර නීති දන්නෑනෙ? මොකද කරන්නෙ ඒකට? නීතිය තියෙන්නෙ අධිකරණයට, විනිසුරන්ට හෝ නීතීඥයින්ට නෙවෙයි. පොදු මහජනයාට. නෛතික ආයතන ඉන්නෙ පොදු මහජනයා වෙනුවෙන් සේවයට. ඒ හින්දා කොහෙන් කොහෙන් හෝ “අපිට අදාල අපේ නීතිය“ ගැන දැනුවත් වෙන්න. -ළමුන්ට ලිංගික අධ්‍යාපනය දීම සහ, ගෙදර වැඩිහිටියන් හැර අනෙක් සියළු දෙනා සමඟ සම්බන්ධ වියයුතු ආකාර ගැන උගන්වන්න වෙනවා. මේක රජයෙන් කළත් නොකළත් ඔබ ගුරුවරයෙක් නම්, උපදේශකයෙක් නම් පහසුවෙන්ම කරන්න පුළුවන්. කරුණාකර ඔබේ ගුරු වෘත්තිය මේ වෙලාවේ දූෂකයින්ට සහායක් ලෙස ව්‍යංගයෙන් හෝ භාවිත කරන්න එපා. -රාජ්‍ය ආයතන සහ අමාත්‍යවරුන්ව ප්‍රශ්න කරන්න ඔබට පුළුවන්. හැබැයි ඇප දුන්නෙ ඇයි? ඒක නම් ලැජ්ජයි කියන එක නෙවෙයි ඒ ක්‍රමය. අවසාන තීන්දුව දිහා බලන එක. ඒ වෙනුවෙන් වැඩ කරන එක. අවසාන තීන්දුව “සැබෑ යුක්තිය ඉටුවන තීන්දුවක්“ කරන්න රජයට බල කරන එක. -ජනප්‍රිය තීන්දු ගන්න එපා. හෘද සංවේදී වෙන්න එපා. වැරැද්ද ආගමේ නම්, ඒක නිවැරදි කිරීම තමයි ඔබ ඔබේ ආගමට කරන ලොකුම සේවය. ඔබ බෞද්ධයෙක් නම්, මේ වෙලාවෙ සැබෑ වරදකරු හොයාගන්න ඔබ මැදිහත්වීම අවශ්‍යයි. -නෑ මම ක්‍රිස්තියානි. ඒ හින්දා නිකන් ඉන්නද? මම ඊළඟට ලියන්න සැළසුම් කළ ලිපිය තමයි, පසුගිය ජනවාරි 31 වැනිදා ක්‍රිස්තියානි පූජකයෙකු විසින් කුඩා දරුවෙකු ලිංගික දූෂණයට ලක් කිරීම ගැන දීපු අධිකරණ තීරණය. ඒ හින්දා ඔබ මේකෙන් මුක්ත නෑ. ආගමික ලෙස අපරාධ දිහා බලන්න බෑ. අන්තිම එක, ළමයි මේවා කැමැත්තෙන් කරා වෙන්න බැරි ද? නීතියේදි ළමයින්ට “කැමැත්ත“ කියා දෙයක් නෑ. ළමයෙක් සමඟ වැඩිහිටියෙක් වරදකට සම්බන්ධ උනා නම්, වැඩිහිටියා වරදකරු. ළමයෙක්ට “කැමැත්ත“ නෑ. ළමයෙක්ට ඒ වෙනුවට තියෙන්න “උපරිම යහපත“. ඒ වෙනුවෙන් තමයි සියලු දේ වෙන්නෙ. ⚖️ “ඔබ ළඟ ඉන්න ළමයා පරෙස්සම් කරන්න. එයාව පරෙස්සම් කරන්න රාජ්‍යයට මැදිහත් වෙන්න දෙන්න එපා. ඒක දුෂ්කරයි. අපහසුයි. අසීරුයි. ඔබ ළඟ ඉන්න ළමයා වෙනුවෙන් අනෙක් සෑම ළමයෙක්ම රැකගන්න. ඔබේ දරුවාගේ ඇස් දෙක දිහා බලන්න. එයාගෙ යාලුවන් වෙනුවෙන් එයා නිහඬව කතා කරාවි“ • සටහන: ©️Nuwan Ishara Mahagamage | නුවන් ඉෂාර මහගමගේ #LawAndJustice #lawnotes #LegalEducation [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom