Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්තුතියි ගොඨාභය රාජපක්ෂ ...
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්තුතියි ගොඨාභය රාජපක්ෂ ...

අද දිනය ලාංකිකයන්ට කිසිදා අමතක නොවන දිනයක් වනු ඇත. මේ සටහන ලියන මොහොත වන විට රට පුරා ඇදිරි නීතිය පනවමින්ද, රට පුරා හදිසි නීතිය බලාත්මක කරමින්ද, සියලු සන්නද්ධ සේවාවන් බලාත්මක කරමින් රාජකාරියට කැදවා ඇති මොහොතකි.

ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, වසර පහලොවකට ආසන්න කාලයක් මෙරට රාජ්‍ය බලය හොබවන ඔබ ඇතුළු ඔබේ පවුලේ සාමාජිකයන් විසින් මෙරටට අත්කර දුන් ඉතාම ඛේදනීය ඉරණමෙහි කූඨාප්රාත්තියට මේ මොහොත වන විට ළගා වෙමින් පවතින බව ඔප්පු කරමින් පවතී, නමුත් බල තණ්හාවෙන් වියරු වැටී සිටින ඔබ ඇතුළු ඔබ වටා සිටින පිරිස් බලය අතහැර යන බවක් තවම අපිට නොපෙනේ. නමුත් සියල්ල සිදුවෙමින් පවතින්නේ ඔබ ඇතුළු කල්ලියට ඉතාම අවාසිදායක මට්ටමකින් බව පැහැදිලිය.. දැන් සටන ගල උඩ සටනක් බවට පත් වී හමාර බව නම් පැහැදිලිය.

ගෝඨාබය රාජපක්ෂ මහතාණෙනි, ඔබ ඇතුළු ඔබේ පවුල සහ ඔබට සමීප කල්ලි කණ්ඩායම් මෙරට ජනතාවට අත් කර දුන් ඉරණම ගැන හෝ ඒ පිළිබදව කතා කිරීම මේ සටහනේ අරමුණ නොවන බව අවධාරණය කරමි.

නමුත් ඔබලා විසින් වසර පහලවකට අධික කාලයක් තුළ ඔබලාගේ බල ව්‍යාපෘති වෙනුවෙන් මේ රටේ ජනතාව ගොනාට අන්දමින් සිදු කළ මහා බරපතල අපරාධ පිළිබදව විශේෂයෙන් ජනතාවට ජන විඥානයට සිදු කළ බලපෑම පිළිබදව මෙහිදී කරුණු කිහිපයක් ගැන අදහස් පළ කරමි..

ඔබලා විසින සිදුකළ සියල්ලක්ම දැන් ඔබලාටම පාරාවලල්ලක් වී ඇති බව නම් පැහැදිලිය. ඔබලා විසින් මිලට ගත හැකි සියල්ලුම පුද්ගලයන් කණ්ඩායම් මිලදී ගත්තාය, බියට පත් කර මර්දනය කර නිහඩ කළ යුතු සියලුම දෙනා නිහඩ කර දැමූහ , එසේ නිහඩ කරන්නට නොහැකි බොහෝ අයව මරා දැමූ බව අපි දනිමු, එසේම ඔබට අවනත නොවන ඔබව පිළි ගැනීමට මැලි වූ සියලුම දෙනාව මතවාදීව හෝ වෙනත් ක්‍රම මගින් අවනත කර ගන්නට හෝ හීලෑ කර ගන්නට නොකළ දෙයක් නැති තරම් බව ඒ ඉතිහාසය සාක්ෂි දරනු ඇත..

යුධ ජයග්‍රහණය මෙරට ජනතාවගේ සාමූහික ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බව ඔබලා රටට ජනතාවට ඒත්තු ගැන්වීමට සිදු නොකල දෙයක් නැත, එම ජයග්‍රහණය ඔබේ පවුලට සින්නක්කරව ලියා ගත්තාය. එය ඔබේ පවුලේ සුවිශේෂී හැකියාවන් දක්ෂතාවයන් සහ කැපවීම මතම ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට පමණක් හැකි වූ බවට ඔබලා පුල පුලා රටට කීවේය. එසේම එම ජයග්‍රහණයට හිමිකමක් ඇති ප්‍රධාන පෙළේ පුද්ගලයින්ට එහි නිසි ගෞරවය ලබා දීමට කටයුතු නොකළා පමණක් නොව , එම පුද්ගලයින් පිළිබදව ඉතිහාසයේවත් ලිය නොවීමට වග බලා ගත්හ, ඒ බව ඔබට හිතවත් ජනතාව වෙතින්ද නැවත නැවත කියවා ගන්නට තරම් ඔබේ ජනප්‍රියතාවය ප්‍රභල විය.. නමුත් ඔබලා විසින් අද මේ රටට සිදු කර ඇති මහා විනාශය සහ රට පත් කර ඇති අර්බුදය හමුවේ ඔබලාට සහය දැක්වූ ඔබලාව උත්කර්ෂයට නැංවූ, කොටින්ම ඔබලාව ඇදහූ ,ඔබලා මෙරට ජනතාවගේ එකම ගැලවුම් කරුවන් බව විශ්වාස කළ සියලුම දෙනා අද ඔබගෙන් අසන පැණයක් ඇත.. එය නම් ඔබලා යුද්දය කරෙත් මෙහෙමද යනුවෙන් අසන පැනයයි, එය විහිලුවක් නොවේ, එයින් ඔබලා මෙරට ජනතාව අතර කොතරම්ම විහිලුවක් බවට පත්ව ඇතිද යන්න පැහැදිලි කෙරේ..

මෙරට ජනයාගේ ගෞරවාදරයට පත් බොහෝ සමාජ සංවිධාන , බලපෑම් කණ්ඩායම් , විශේෂයෙන් සංඝ සමාජය ජනමාධ්‍ය මේ සියල්ල ඉතාම නින්දිත ආකාරයට ඔබලාගේ බල ව්‍යාපෘති සදහා නිර්ලජ්ජිත ලෙස භාවිතයට ගත්තාය, අද එම ආයතන සහ කණ්ඩායම්ද ජනතාවගේ වෛරයට හාස්‍යයට පත් වී හමාරය. ඔබ ඔබලාට අවනත සහාය දක්වන සියලුම කණ්ඩායම් සහ සංවිධාන උත්කර්ෂයට නංවා එයින් වැඩ ගත්තාය, එහිදී ඔබලාට අවශ්‍ය ඌයේ බලයේ සිටීමට ඔවුන්ව පාවිච්චි කිරීමටයි, ඔවුන්ට ආරක්ෂාව රැකවරණය ලබා දීමට ඔබලා පසුබට නොවූ අතර , රටට සමාජයට රටේ ආර්ථිකයට ඕනෑම විනාශයක් සිදු කිරීමට සහ එසේ කරන අවස්ථාවල නිහඩව සිටීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීමටත් ඔබලා පියවර ගත්තාය,

ඔබලා විසින් ඔබලාට සහාය දැක්වූ චීවර ධාරීන් සංඝ සමාජයේ සාමාජිකයන් පූජ්‍ය පක්ෂයේ අයවලුන් අතිශෝක්තියෙන් උත්කර්ෂයට නංවා තැබූහ, ඔවුන් ඔබලා වෙනුවෙන් අනෙක් සියල්ල පසෙකලා යහමින් කඩේ යමින් මෙරට ජනයා ගොනාට ඇන්දවීය, ආගම ජාතියට මුවා වෙමින් මෙරට බහුතර ජනයා නිද්‍රාවකට පත් කර දැමූහ,,

ගෝඨාබය මහතාණෙනි, ඔබලා විසින් නිද්‍රාවට සහ තාවකාලික සුවයකට පත් කළ ජනතාවට දැන් ඇහැරෙමින් ඇත,, තවම ඔවුහූ නිදි ගැට කඩමින් සිටී,

මෙරට ජනතාව තුළ, සොල්දාදුවන්ට රණවිරු ලේබලය අලවමින් වැටුප් ලබන සෙබලුන්ව දැඩි උත්කර්ෂයට නංවමින් ඔවුන්ට මුවා වෙමින් මෙරට ජනයා මුසපත් කර තැබූ කාලය හමාර වෙමින් පවතී, අද ජනතාව තේරුම් ගනිමින් සිටී කිසිවක් පරම පූජනීය නොවන බවත් සියලුම දෙනා සිදු කරන්නේ ඉටු කරන්නේ තමන්ට අයත් රාජකාරිය සහ සේවාව බවත්,, ඔබලා විසින් අතිශෝක්තියට උත්කර්ෂයට නැංවූ සහ ජනතාව තුළ ඇති කළ රණවිරු ගාය රණවිරු උන්මාදය ඔබලා විසින්ම සුව කිරීම පිළිබදව ස්තුති වන්ත වෙමි, එය ජනතාව තේරුම් ගනිමින් පවතී,

පසුගියදා මිරිහනේ පිහිටි ඔබගේ නිවස අසල රැස් වූ ජනතාවට පොලිස් හමුදා සන්නද්ධ සේවාවල සාමාජිකයන් එල්ල කළ මිලේච්ච ප්‍රහාරය විසින් ජනතාවට ඒත්තු ගන්නවන ලද සත්‍ය වන්නේ එම සේවාවල සැබෑ තත්වයයි.

ඔබලා මෙරටට සිදු කළ ඉතාම බරපතල අනෙක් හානිය ඌයේ මෙරට තුළ දැඩි ආගමික , ජාතිවාදි , ජනතාවක් නිර්මාණය කිරීමයි, සැබෑ ජනතා ප්‍රශ්න අර්බුද වලට විසදුම් ඉදිරිපත් කිරීමට ඔබලා අපොහොසත්වීම නිසා ඔබලා ආගම්වාදය ජාතිවාදය ඇති කර දැමූහ. ජනතාවගේ අතිශය පෞද්ගලික කාරණා වන ජාති ආලය ආගමික ජීවිතය සංස්කෘතිය මේ සියල්ල එළි පිටට ගෙනවිත් එය ඔබලාගේ බල ව්‍යාපෘති වෙනුවෙන් දැඩි ඕනෑ කමින් කළමනාකරණය කර ඒ සියල්ල මහා දවාලේ අපයෝජනයට ලක් කර දැමූහ, දැන් ජනතාව තේරුම් ගනිමින් සිටී මේ සියල්ල පිටුපස ඔබලාගේ නින්දිත බල උවමනාවන් ක්‍රියාත්මක ඌ බව..

ගෑස් ලබා ගැනීමට පෝලිමේ සිටි එක තරුණයෙක් කළ ප්‍රකාශයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්,

සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට එකතු වෙලා ඉන්නේ දැන්,,

වද කොත්තු වද බෙහෙත් වද සාපිලා වැනි සාවද්‍ය මතවාද හරහා ඔබලා තවදුරටත් මේ ජාතිවාදය ආගම්වාදය නඩත්තු කරමින් කටයුතු කරා, ඒවයින් රැවැටුණු ජනතාවම අද ඔබලාගෙන් ප්‍රශ්න කරන්නේය ඒ පිළිබදව ,

ගෝඨාබය මහතාණෙනි ඔබලා වැපිරූ මජර තුප්පහි ජාතිවාදි ආගම්වාදී මතවාද වල සත්‍යා අසත්‍යතාවය පිළිබදව මේ මොහොතේ බලයේ සිටින බලය හොබවන එම මතවාදවල නිර්මාතෘ පීතෟවරුන් වන ඔබලාගෙන්ම ප්‍රශ්න කිරීම සරදමක් නෙවේද..

ඔබලා විසින් ඇති කර සමාජගත කරනු ලැබූ උග්‍ර විෂ සහිත අධි මාත්‍රික ගෝත්‍රික මතවාද ඔබලාට පක්ෂපාත ඌ ජනයා වැළද ගන්නා පිළිගන්නා කාලයක් තිබූ බව ඔබට මතකද , ඒ සියල්ල ඔබලාට පක්ෂපාත ජනයා පිළි ගත්තේ කිසිදු සොයා බැලීමකින් තොරවය, කිසිදු බුද්දිමත් භාවයකින් තොරවය, නමුත් එම ජනයාම ඒ පිළිබදව ඔබලාගෙන් ප්‍රශ්න කිරීම දක්වා පත් කිරීම පිළිබදව ඔබට ස්තුතියි.

බලය හොබවන ඔබ පවුලේ මුල් පෙල සාමාජිකයන් මේ වන විට ගත කරන්නේ ජීවිතේ අවසාන කාලයයි, ඔබලා ඉදිරියට රාජ්‍ය පාලනය සදහා ඔබලාගේ පවුලේ දෙවැනි පෙළක් ධූරාවලි ගත කර ඇත, ඔටුන්න හිමි කුමාරුවරුන් බොහෝ පිරිසක් නම් කර ඇත, නමුත් ඔවුන්ගේ රජ වීමේ සිහින කුඩු පට්ටම් වීම දක්වා ඔබලා රටට කල විනාශය හේතුවක් විය, මන්ද එම කුමාරවරු දක්වා මෙරට පාලනය හුවමාරු උනානම් මෙරටට අත්වන ඉරණම හිතා ගත නොහැකිය, අර්බුදය මේ මොහොතේම සිදු වීම හරහා එම කුමාරවරුන් වේදිකාවෙන් ඉවත් වීම මෙරටට සිදුවූ සුවිශාල සේවයකි,

ගෝඨාබය රාජපක්ෂ මහතාණෙනි ඒ පිළිබදවද ඔබට ස්තුති වන්ත වෙමි, මන්ද ඔබ පමණක් නොව ඔබලාගේ ධූරාවලිගත ඔටුන්න හිමි විය යුතු බවට සමජගත කළ පුත් කුමාරවරුන්ටත් එම සිහින අතහැර දැමීමට තරම් ඔබලා විසින් ඇති කළ අර්බුදය හේතුවක් වීමයි.

බොහෝ දේ ඔබලා ඇති කළ ඔබලා විසින්ම නිර්මාණය කළ කී දේවල්ය, අවසනයේ අර්බුදය විසින්ම ඔබ ඇතුළු කල්ලිය බිත්තියටම හේත්තු කර දමා ඇති, ඔබලා විසින් පිළිතුරු නැති විකල්ප නැති විසදුම් නැති ප්‍රශ්න අර්බුද රාශියක් මෙරටට උදා කර ඇත, සියල්ල ඔබලාගේ බල තෘෂ්ණාව නිසා බව ඔබ තේරුම් ගනීද නැද්ද යන්න පිළිබදව මා නොදනිමි, එය තේරුම් ගැනීමට තරම් පරිචයක් සහිත අයෙකු ඔබලාගේ පවුලේ සිටිනවා යන්න පිළි ගැනීමට අපහසුය.. අඩුම තරමේ ඔබ වටා සිටින අය පවා එසේ යයි සිතීම නිශ්ඵලය.

මේ මොහොතේ රටට අත්ව ඇති ඉරණමට ඔබලාට කිසිදු විසදුමක් නැති බව පැහැදිලිය,

අවසාන වශයෙන් කිව යුතු දෙය නම් , රටට තියන එකම විකල්පය රටට ආදරේ එකම පවුල වැඩ කරණ විරුවා ජාතියේ අප්පච්චි වැනි විවිධ ආකර්ෂණීය නාමකරණයන් තුළින් ඔබ පවුල හැඩ ගැන් වූ උත්කර්ෂයට නැංවූ ජනතාවට එය මිත්‍යාවක් බව ඒත්තු ගැන්වූ ඔබේ පවුලේ ඔබ ඇතුළු සියලුම දෙනාට ස්තුති ...

කසුන් තාරක රාජපක්ෂ

[ATTACH=full]165786[/ATTACH]

[QUOTE="mylanka58, post: 27547473, member: 556429"] ස්තුතියි ගොඨාභය රාජපක්ෂ ... අද දිනය ලාංකිකයන්ට කිසිදා අමතක නොවන දිනයක් වනු ඇත. මේ සටහන ලියන මොහොත වන විට රට පුරා ඇදිරි නීතිය පනවමින්ද, රට පුරා හදිසි නීතිය බලාත්මක කරමින්ද, සියලු සන්නද්ධ සේවාවන් බලාත්මක කරමින් රාජකාරියට කැදවා ඇති මොහොතකි. ගෝඨාභය රාජපක්ෂ මහතාණෙනි, වසර පහලොවකට ආසන්න කාලයක් මෙරට රාජ්‍ය බලය හොබවන ඔබ ඇතුළු ඔබේ පවුලේ සාමාජිකයන් විසින් මෙරටට අත්කර දුන් ඉතාම ඛේදනීය ඉරණමෙහි කූඨාප්රාත්තියට මේ මොහොත වන විට ළගා වෙමින් පවතින බව ඔප්පු කරමින් පවතී, නමුත් බල තණ්හාවෙන් වියරු වැටී සිටින ඔබ ඇතුළු ඔබ වටා සිටින පිරිස් බලය අතහැර යන බවක් තවම අපිට නොපෙනේ. නමුත් සියල්ල සිදුවෙමින් පවතින්නේ ඔබ ඇතුළු කල්ලියට ඉතාම අවාසිදායක මට්ටමකින් බව පැහැදිලිය.. දැන් සටන ගල උඩ සටනක් බවට පත් වී හමාර බව නම් පැහැදිලිය. ගෝඨාබය රාජපක්ෂ මහතාණෙනි, ඔබ ඇතුළු ඔබේ පවුල සහ ඔබට සමීප කල්ලි කණ්ඩායම් මෙරට ජනතාවට අත් කර දුන් ඉරණම ගැන හෝ ඒ පිළිබදව කතා කිරීම මේ සටහනේ අරමුණ නොවන බව අවධාරණය කරමි. නමුත් ඔබලා විසින් වසර පහලවකට අධික කාලයක් තුළ ඔබලාගේ බල ව්‍යාපෘති වෙනුවෙන් මේ රටේ ජනතාව ගොනාට අන්දමින් සිදු කළ මහා බරපතල අපරාධ පිළිබදව විශේෂයෙන් ජනතාවට ජන විඥානයට සිදු කළ බලපෑම පිළිබදව මෙහිදී කරුණු කිහිපයක් ගැන අදහස් පළ කරමි.. ඔබලා විසින සිදුකළ සියල්ලක්ම දැන් ඔබලාටම පාරාවලල්ලක් වී ඇති බව නම් පැහැදිලිය. ඔබලා විසින් මිලට ගත හැකි සියල්ලුම පුද්ගලයන් කණ්ඩායම් මිලදී ගත්තාය, බියට පත් කර මර්දනය කර නිහඩ කළ යුතු සියලුම දෙනා නිහඩ කර දැමූහ , එසේ නිහඩ කරන්නට නොහැකි බොහෝ අයව මරා දැමූ බව අපි දනිමු, එසේම ඔබට අවනත නොවන ඔබව පිළි ගැනීමට මැලි වූ සියලුම දෙනාව මතවාදීව හෝ වෙනත් ක්‍රම මගින් අවනත කර ගන්නට හෝ හීලෑ කර ගන්නට නොකළ දෙයක් නැති තරම් බව ඒ ඉතිහාසය සාක්ෂි දරනු ඇත.. යුධ ජයග්‍රහණය මෙරට ජනතාවගේ සාමූහික ක්‍රියාවක ප්‍රතිඵලයක් නොවන බව ඔබලා රටට ජනතාවට ඒත්තු ගැන්වීමට සිදු නොකල දෙයක් නැත, එම ජයග්‍රහණය ඔබේ පවුලට සින්නක්කරව ලියා ගත්තාය. එය ඔබේ පවුලේ සුවිශේෂී හැකියාවන් දක්ෂතාවයන් සහ කැපවීම මතම ජයග්‍රහණයකින් කෙළවර කර ගැනීමට පමණක් හැකි වූ බවට ඔබලා පුල පුලා රටට කීවේය. එසේම එම ජයග්‍රහණයට හිමිකමක් ඇති ප්‍රධාන පෙළේ පුද්ගලයින්ට එහි නිසි ගෞරවය ලබා දීමට කටයුතු නොකළා පමණක් නොව , එම පුද්ගලයින් පිළිබදව ඉතිහාසයේවත් ලිය නොවීමට වග බලා ගත්හ, ඒ බව ඔබට හිතවත් ජනතාව වෙතින්ද නැවත නැවත කියවා ගන්නට තරම් ඔබේ ජනප්‍රියතාවය ප්‍රභල විය.. නමුත් ඔබලා විසින් අද මේ රටට සිදු කර ඇති මහා විනාශය සහ රට පත් කර ඇති අර්බුදය හමුවේ ඔබලාට සහය දැක්වූ ඔබලාව උත්කර්ෂයට නැංවූ, කොටින්ම ඔබලාව ඇදහූ ,ඔබලා මෙරට ජනතාවගේ එකම ගැලවුම් කරුවන් බව විශ්වාස කළ සියලුම දෙනා අද ඔබගෙන් අසන පැණයක් ඇත.. එය නම් ඔබලා යුද්දය කරෙත් මෙහෙමද යනුවෙන් අසන පැනයයි, එය විහිලුවක් නොවේ, එයින් ඔබලා මෙරට ජනතාව අතර කොතරම්ම විහිලුවක් බවට පත්ව ඇතිද යන්න පැහැදිලි කෙරේ.. මෙරට ජනයාගේ ගෞරවාදරයට පත් බොහෝ සමාජ සංවිධාන , බලපෑම් කණ්ඩායම් , විශේෂයෙන් සංඝ සමාජය ජනමාධ්‍ය මේ සියල්ල ඉතාම නින්දිත ආකාරයට ඔබලාගේ බල ව්‍යාපෘති සදහා නිර්ලජ්ජිත ලෙස භාවිතයට ගත්තාය, අද එම ආයතන සහ කණ්ඩායම්ද ජනතාවගේ වෛරයට හාස්‍යයට පත් වී හමාරය. ඔබ ඔබලාට අවනත සහාය දක්වන සියලුම කණ්ඩායම් සහ සංවිධාන උත්කර්ෂයට නංවා එයින් වැඩ ගත්තාය, එහිදී ඔබලාට අවශ්‍ය ඌයේ බලයේ සිටීමට ඔවුන්ව පාවිච්චි කිරීමටයි, ඔවුන්ට ආරක්ෂාව රැකවරණය ලබා දීමට ඔබලා පසුබට නොවූ අතර , රටට සමාජයට රටේ ආර්ථිකයට ඕනෑම විනාශයක් සිදු කිරීමට සහ එසේ කරන අවස්ථාවල නිහඩව සිටීමටත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීම වැලැක්වීමටත් ඔබලා පියවර ගත්තාය, ඔබලා විසින් ඔබලාට සහාය දැක්වූ චීවර ධාරීන් සංඝ සමාජයේ සාමාජිකයන් පූජ්‍ය පක්ෂයේ අයවලුන් අතිශෝක්තියෙන් උත්කර්ෂයට නංවා තැබූහ, ඔවුන් ඔබලා වෙනුවෙන් අනෙක් සියල්ල පසෙකලා යහමින් කඩේ යමින් මෙරට ජනයා ගොනාට ඇන්දවීය, ආගම ජාතියට මුවා වෙමින් මෙරට බහුතර ජනයා නිද්‍රාවකට පත් කර දැමූහ,, ගෝඨාබය මහතාණෙනි, ඔබලා විසින් නිද්‍රාවට සහ තාවකාලික සුවයකට පත් කළ ජනතාවට දැන් ඇහැරෙමින් ඇත,, තවම ඔවුහූ නිදි ගැට කඩමින් සිටී, මෙරට ජනතාව තුළ, සොල්දාදුවන්ට රණවිරු ලේබලය අලවමින් වැටුප් ලබන සෙබලුන්ව දැඩි උත්කර්ෂයට නංවමින් ඔවුන්ට මුවා වෙමින් මෙරට ජනයා මුසපත් කර තැබූ කාලය හමාර වෙමින් පවතී, අද ජනතාව තේරුම් ගනිමින් සිටී කිසිවක් පරම පූජනීය නොවන බවත් සියලුම දෙනා සිදු කරන්නේ ඉටු කරන්නේ තමන්ට අයත් රාජකාරිය සහ සේවාව බවත්,, ඔබලා විසින් අතිශෝක්තියට උත්කර්ෂයට නැංවූ සහ ජනතාව තුළ ඇති කළ රණවිරු ගාය රණවිරු උන්මාදය ඔබලා විසින්ම සුව කිරීම පිළිබදව ස්තුති වන්ත වෙමි, එය ජනතාව තේරුම් ගනිමින් පවතී, පසුගියදා මිරිහනේ පිහිටි ඔබගේ නිවස අසල රැස් වූ ජනතාවට පොලිස් හමුදා සන්නද්ධ සේවාවල සාමාජිකයන් එල්ල කළ මිලේච්ච ප්‍රහාරය විසින් ජනතාවට ඒත්තු ගන්නවන ලද සත්‍ය වන්නේ එම සේවාවල සැබෑ තත්වයයි. ඔබලා මෙරටට සිදු කළ ඉතාම බරපතල අනෙක් හානිය ඌයේ මෙරට තුළ දැඩි ආගමික , ජාතිවාදි , ජනතාවක් නිර්මාණය කිරීමයි, සැබෑ ජනතා ප්‍රශ්න අර්බුද වලට විසදුම් ඉදිරිපත් කිරීමට ඔබලා අපොහොසත්වීම නිසා ඔබලා ආගම්වාදය ජාතිවාදය ඇති කර දැමූහ. ජනතාවගේ අතිශය පෞද්ගලික කාරණා වන ජාති ආලය ආගමික ජීවිතය සංස්කෘතිය මේ සියල්ල එළි පිටට ගෙනවිත් එය ඔබලාගේ බල ව්‍යාපෘති වෙනුවෙන් දැඩි ඕනෑ කමින් කළමනාකරණය කර ඒ සියල්ල මහා දවාලේ අපයෝජනයට ලක් කර දැමූහ, දැන් ජනතාව තේරුම් ගනිමින් සිටී මේ සියල්ල පිටුපස ඔබලාගේ නින්දිත බල උවමනාවන් ක්‍රියාත්මක ඌ බව.. ගෑස් ලබා ගැනීමට පෝලිමේ සිටි එක තරුණයෙක් කළ ප්‍රකාශයක් මම ඔබට ඉදිරිපත් කරන්නම්, සිංහල දෙමළ මුස්ලිම් අපි හැමෝම එකට එකතු වෙලා ඉන්නේ දැන්,, වද කොත්තු වද බෙහෙත් වද සාපිලා වැනි සාවද්‍ය මතවාද හරහා ඔබලා තවදුරටත් මේ ජාතිවාදය ආගම්වාදය නඩත්තු කරමින් කටයුතු කරා, ඒවයින් රැවැටුණු ජනතාවම අද ඔබලාගෙන් ප්‍රශ්න කරන්නේය ඒ පිළිබදව , ගෝඨාබය මහතාණෙනි ඔබලා වැපිරූ මජර තුප්පහි ජාතිවාදි ආගම්වාදී මතවාද වල සත්‍යා අසත්‍යතාවය පිළිබදව මේ මොහොතේ බලයේ සිටින බලය හොබවන එම මතවාදවල නිර්මාතෘ පීතෟවරුන් වන ඔබලාගෙන්ම ප්‍රශ්න කිරීම සරදමක් නෙවේද.. ඔබලා විසින් ඇති කර සමාජගත කරනු ලැබූ උග්‍ර විෂ සහිත අධි මාත්‍රික ගෝත්‍රික මතවාද ඔබලාට පක්ෂපාත ඌ ජනයා වැළද ගන්නා පිළිගන්නා කාලයක් තිබූ බව ඔබට මතකද , ඒ සියල්ල ඔබලාට පක්ෂපාත ජනයා පිළි ගත්තේ කිසිදු සොයා බැලීමකින් තොරවය, කිසිදු බුද්දිමත් භාවයකින් තොරවය, නමුත් එම ජනයාම ඒ පිළිබදව ඔබලාගෙන් ප්‍රශ්න කිරීම දක්වා පත් කිරීම පිළිබදව ඔබට ස්තුතියි. බලය හොබවන ඔබ පවුලේ මුල් පෙල සාමාජිකයන් මේ වන විට ගත කරන්නේ ජීවිතේ අවසාන කාලයයි, ඔබලා ඉදිරියට රාජ්‍ය පාලනය සදහා ඔබලාගේ පවුලේ දෙවැනි පෙළක් ධූරාවලි ගත කර ඇත, ඔටුන්න හිමි කුමාරුවරුන් බොහෝ පිරිසක් නම් කර ඇත, නමුත් ඔවුන්ගේ රජ වීමේ සිහින කුඩු පට්ටම් වීම දක්වා ඔබලා රටට කල විනාශය හේතුවක් විය, මන්ද එම කුමාරවරු දක්වා මෙරට පාලනය හුවමාරු උනානම් මෙරටට අත්වන ඉරණම හිතා ගත නොහැකිය, අර්බුදය මේ මොහොතේම සිදු වීම හරහා එම කුමාරවරුන් වේදිකාවෙන් ඉවත් වීම මෙරටට සිදුවූ සුවිශාල සේවයකි, ගෝඨාබය රාජපක්ෂ මහතාණෙනි ඒ පිළිබදවද ඔබට ස්තුති වන්ත වෙමි, මන්ද ඔබ පමණක් නොව ඔබලාගේ ධූරාවලිගත ඔටුන්න හිමි විය යුතු බවට සමජගත කළ පුත් කුමාරවරුන්ටත් එම සිහින අතහැර දැමීමට තරම් ඔබලා විසින් ඇති කළ අර්බුදය හේතුවක් වීමයි. බොහෝ දේ ඔබලා ඇති කළ ඔබලා විසින්ම නිර්මාණය කළ කී දේවල්ය, අවසනයේ අර්බුදය විසින්ම ඔබ ඇතුළු කල්ලිය බිත්තියටම හේත්තු කර දමා ඇති, ඔබලා විසින් පිළිතුරු නැති විකල්ප නැති විසදුම් නැති ප්‍රශ්න අර්බුද රාශියක් මෙරටට උදා කර ඇත, සියල්ල ඔබලාගේ බල තෘෂ්ණාව නිසා බව ඔබ තේරුම් ගනීද නැද්ද යන්න පිළිබදව මා නොදනිමි, එය තේරුම් ගැනීමට තරම් පරිචයක් සහිත අයෙකු ඔබලාගේ පවුලේ සිටිනවා යන්න පිළි ගැනීමට අපහසුය.. අඩුම තරමේ ඔබ වටා සිටින අය පවා එසේ යයි සිතීම නිශ්ඵලය. මේ මොහොතේ රටට අත්ව ඇති ඉරණමට ඔබලාට කිසිදු විසදුමක් නැති බව පැහැදිලිය, අවසාන වශයෙන් කිව යුතු දෙය නම් , රටට තියන එකම විකල්පය රටට ආදරේ එකම පවුල වැඩ කරණ විරුවා ජාතියේ අප්පච්චි වැනි විවිධ ආකර්ෂණීය නාමකරණයන් තුළින් ඔබ පවුල හැඩ ගැන් වූ උත්කර්ෂයට නැංවූ ජනතාවට එය මිත්‍යාවක් බව ඒත්තු ගැන්වූ ඔබේ පවුලේ ඔබ ඇතුළු සියලුම දෙනාට ස්තුති ... කසුන් තාරක රාජපක්ෂ [IMG alt="❤️"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/ted/2/16/2764.png[/IMG] [ATTACH type="full"]165786[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom