Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්පා එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙටිකතාව ( කිව්වට ටිකක් දිගයි ඉතිං).... ලක්මාල් දර්මරත්නගේ FB එකෙන් ගත්තේ..

'සුදූ , ඔයාලගෙ අයියට අම්මා හම්බවෙලා 'ස්පා' එකකදී......'

යයි කියා මගේ පාසල් පෙම්වතා වූ අපේ අයියාගෙ හොඳම යාළුවා චාමර, මට මම තනියම ඉන්න නිසා අම්ම බයටම අරං දුන්නු චනීස් ෆෝන් එකට එස්.එම්.එස් එකක් එවල තිබ්බ. මේ පාර ලැබුණ දහය වසරේ විද්යාපොතේ රූපවලින්ම ඇඳල තියෙන මගේ ඇඟේ හැම නහරයක්ම, හැම පේෂියක්ම, හැම හැම හංදියක්ම පුංචි පුංචි ගින්දර බෝලවලින් ගිනිගන්න ගත්තා. මොනවා,

'අයියට අම්ම හම්බෙලා ඉස්පා එකේදි....?

හවස්වනවිට අරක්කු ගඳ එක්ක අයියා කෝපයෙන් ගෙදර ආව. දාඩිය ගලද්දී එයා කුස්සියට ගිහිල්ල වතුර එකක් බීගෙන බීගෙන ගියා. මම බිරාන්ත වෙලා උන්න. අයියාට අවුරුදු දාහතක් උණාට මම එයාට හරි බයයි. මොකෝ අයියේ උණේ කියා ඇහුවම අතේ තිබුණ වතුර වීදුරුව කුඩුවෙන්ඩ ජනේලයේ ගහල ඇස්වල කඳුළු පුරෝගෙන කාමරේට ගිහිල්ල දොරවහගත්ත. එතකල්ම මම විස්වාස නොකළ යමක් මට ප්රත්යක්ෂවම තේරුණා, ඒ කියන්නෙ,

'අයියාට අම්මා 'ඉස්පා' එකේදී හම්බෙලා'...

මම පාර දිහා බලං උන්න. අම්මා එනපැත්තට නැතුව අනෙක් පැත්තට හැරිල මම බලාඋන්න. මම හැමදාම එහෙමයි. හෑන්ඩ්බෑග් එක එල්ලාගෙන හැමවෙලේම මොනවදෝ ගෑවුණා වගේ එක අතකින් අනෙක් 'අත' පිහිමින් ඔහේ වැනි වැනී අම්මා එන ගමන මම දකින්නට ආසා නෑ. ඉතිං මම අම්මා එන දිහාවට නැතුව අනෙක් පැත්තට හැරිල වාඩිවෙලා ඉන්නව. එතකොට මම අම්මා දකින්නට කලිං වංගුවෙදිම එයා මාව දකිනව. එතකොට එයා එයාගෙ ලස්සනම හිණා මූණ දාගන්නව. එතනදි එයා ඒක දාගන්න බව දැන දැනම ඒක දන්නැති විදියට ඉන්ඩ මම පුරුදුවෙලා. ඒ උණාට අද තත්වය වෙනස්. අද,

'අයියාට අම්මා 'ඉස්පා' එකේදී හම්බුවෙලානෙ...'

කඳුළු ගිහිල්ල ඉවර නිසා වේළුණු කඳුළු ග්රන්ථිවලට පින්සිද්දවෙන්න අම්මාට දැන් නිතර ඇඬෙන්නේනං නෑ. ඒත් කාලෙකිං අද කඳුළු උණල කියල පේනව ඒ ඇස්වලට. ඒ උණල තියෙන්නේ එයා වෙනුවෙන්ද, අයිය වෙනුවෙංද, දෙන්නම වෙනුවෙන්ද දන්නෑ......අම්මා වෙව්ල වෙව්ල වගේ ගෙට ආව. බෑක්එක පුටුව උඩට දැම්ම. ඇස් ඇතුලෙ බයයි තරහයි කව්ද කඳුළුවෙලා එළියට පයින්නෙ කියලා පොරයක්. හැමදාම ඒ වෙලාවට මම තියල තියෙන වතුර කෝප්පය එක හුස්මට බීව. ඒත් වෙනදා වගේ මම හදා ඇති තේ එකනං ගත්තේ නෑ...... සුරංග උඹ මොකා එක්කද ඉස්පා ගානේ යන්නේ කියල එකපාරටම කෑගල ඇහුව. දැන්නම් ෂුවර්,

'අයියාට අම්මා 'ඉස්පා' එකේදී මූණටම හම්බෙලා...'

යකෙක් වගේ කම්මරෙන් එළියට ආපු අයියා අම්මාට වේසියද, බඩුවද, පට්ට බැල්ලිද, තොට හෙණගහන්නද, තෝ මැරියංද කිය කිය බැන්නා. ඒ මොකුත් ඇහුන්නැති අම්මා ඒ ප්‍රශ්නෙම ආයෙම යක්ෂණියක් වගේ ඇහුවා..... සුරංග දැන් තෝ බොනව මදිවට ඉස්පා ගානේ යන්ඩ පටන්ගත්තද...?. වචන ඉවරවෙලා හරි, වචන හිරවෙලා හරි තප්පරයක් බලං හිටපු අයියා පුටුවකට කෑලිවිසිවෙන්ඩ පයින් පාරක් ගහල ආපහු කාමරයට ගියා. එතන සිමෙන්ති කැඩිච්ච තැන ලේ බිංදු කීපයක් තියෙන්නේ මිනිහගෙ කකුල කැපෙන්ඩ ඇති.... අයියාට අම්ම අහපු එකට නෑ කියන්න බෑනෙ, මොකද

'අයියට අම්මව ඉස්පා එකේදිම හම්බුවෙලානෙ'

කාමරයට ගියපු අයියා අම්මාට අමුතිත්ත කුණුහර්පයෙන් බයින්ඩ ගත්තා. තාත්තා වෙලාවට අපට මේ අක්කරබාගෙවත් උගසක් එක්ක හරි ඉතුරුකරල මැරුණෙ. එහෙම නැත්තං අයියා කියන කුණුහර්ප අහල පහල ගෙවල්වලටත් ඇහෙනවානෙ. ඒකෙනං ගාණකුත් නෑ. මොකද අයිය නොදන්නවා උණාට අම්මා වැඩකරන්නෙ ඉස්පා එකක කියලා අනික් ඔක්කොම දන්නව ඇතිනෙ. ගංවල එහෙමනෙ. ගෙදර එවුං විතරයිනෙ ගෙදර එවුංගෙ ඕනෙ නරක දෙයක් නොදන්නෙ. ඉතිං උං දැනටමත් හිනාවෙවීත්, පුදුමෙන් ඇස් ලොකුකරගෙනත්, කම්මුල් වල අත් ගසාගෙනත්, හූල්ලමිනුත් කියනව ඇති,

'අද සුරංගට අනෝමක්කව ඉස්පා එකේදි හම්බෙලාලුනේ...'

අයියා තවම බයිනව. අයියා දිගටම අම්මාට බනින්නේ බඩුව කියල. ඒ බඩුව කියන වචනෙට මාර තේරුං තියෙන්නෙ. අයියගේ තවත් හොඳම යාළුවෙක් වෙච්චි රොෂාන්ලගේ තාත්ත ටවුමේ 'බඩු පොට්' එකක ඉඳල පොලීසියට අහුවෙච්චි දා අයියාගේ කාමරයේ අයියාගෙ යාළුවෝ හිනාවුණේ 'අඩෝ ඌ මාර බඩුවක්නෙ' කියල. එතන බඩුව කියන එකට තිබ්බේ පොඩි ගෞරවාර්තයක්. අද අම්මට 'බඩුවක්' කියා කෑගහන අයියාගේ බඩුවේ අර්තය වෙනස් වෙලා තියෙන්නෙ මොන අදහසකින්ද කියල පස්සේ වෙලාවක අහන්ඩ ඕනෙ. අදනං බෑ..... මොකද

'අද අයියාට අම්මා ඉස්පා එකේදී හම්බුවෙලානෙ'

අනුරාධපුරේ ටවුමට අපේ ගෙදර ඉඳල හැතැක්ම පනස්දෙකයි. උදේට බස්එකේ යන අම්මා එන්නේ රෑට රෑවෙලා. අයියාත් මමත් අනුරාධපුරේට යන්නේ මාස කීපයකට සැරයක්. ෂුවර් එකටම අද අයියා තඹුත්තේගම සාමාන්‍යපෙළ ටියුෂන් පංතියෙන් කට්ටි පැනල යාළුවන් එක්ක 'ඉස්පා' එකකට යන්ඩ ඇති. සමාන්‍යපෙළ වැඩ පහක්වත් නැතිව දුමින්දට, චන්ද්‍රසේනට තියා ජොනීටවත් කම්කරු හෝ සිකුරිටි රස්සාවකට අයියාව දැමීමට බැරිබව චන්ද රැස්වීම් වලට අයියාව අරං ගිය අටේ පන්තියේදී අයියලාගේ පංතිභාරව උන් ගල්කුලමේ ඉන්ද්‍රරතන සර් අම්මාට කියා ඇත්තේත් 'ඉස්පා' එකේදීමය. ඉතිං අම්මා ණය තුරුස් ඔක්කොම ගෙවන්නටත්, මේ ඉඩමේ උකස් පොළිය ගෙවන්නටත්, කිරිඅම්මාගේ බෙහෙත් අරං දෙන්ඩත්, අම්මගේ පිළිකාවට බෙහෙත් ගන්ඩත් අමතරව අයියා බලෙංම පංති යැව්ව. ඔව්ව ඔක්කොම අම්මගෙ වැරදිනෙ බැලුවම. අයියා 'ඉස්පා' ගියේ පංති ගියනිසානෙ, ඉතිං ඒ නිසානෙ අද

'අයියට අම්මව ඉස්පා එකේදිම හම්බුණේ....'

ඔව්ව හිත හිත ඉද්දී අයියගේ කාමරේ ඇතුලේ පිච්චෙන ගඳක් එක්ක දුමක් එන්න ගත්ත එකපාරටම. දෙයියො සිහිඋණා..... අම්මයි මායි යටිගිරියෙන් හූ කියාගෙන පැන්න කාමරේට. ඔත්පොලම අවුරුදු තුනක් ඇඳේ ඉන්න කිරිඅම්මත් අපි හූ කියන සද්දෙට හේතුවක් නැතුවම ඇඳේ ඉඳං වචන නොතේරෙන්ඩ කෑගැහුවා. අපි කාමරේට යනකොට අයියා කාමරේ ගහල තිබ්බ මහින්ද මහත්තයාගෙ පෝස්ටර් ඔක්කොම ගලවලා ගිනිතියනවා. මහින්ද මහත්තයගේ රූපෙත් එක්කම නිල්පාට, දම්පාට, රතුපාට අකුරු ගිනිගන්නව හෝ ගාල........මූ යුද්දෙ ඉවරකෙරුවෙ නැත්තං අපූරුවට අපිට යන්ඩ රස්සා තිබ්බා..., හැට හැත්තෑදාහක් ගන්ඩ තිබ්බා නිකංම. කම්කරු වෙන්ඩත් මුංගෙ කකුල්වලට වඳින්ඩ ඕන්නෑ එහෙනං. යුනිපෝම් ඇඳල පොරක් වගේ ඉන්ඩ තිබ්බු එක මූ නැතිකෙරුවේ... එහෙනං උඹල ඉස්පාගානෙ ගිහිං හැමණෙන්ඩ ඕන්නෑ....කියලා අයියා මහින්ද මහත්තය බයිනවා හොඳටම. අම්ම දුන්න අත්දිගෑරල අයියට කම්බුල් පාරක් ඇඟිලි තුනක් මූණෙ හිටින්ඩ. තමන්ට වේසි, බඩුව කිය කිය බයිනකොට වචනයක්වත් නොකියපු අම්මා මහින්ද මහත්තයට වචනයක් කියපු අයියගෙ කම්බුලට අතදිගෑරල ගහන්ඩතරං උතුම් ආදරයක්, ගෞරවයක් තමයි අම්මගෙ හිතේ මහින්ද මහත්තයටනං තියෙන්නෙ. ඒ උණාට අයිය කිව්වෙනං ඇත්ත. එහෙනං මේ ප්‍රශ්ණ මෙච්චර ලොකුවෙන්ඩ කලිංම අයිය හමුදාවේ. එහෙම උණානං අයිය මේ වෙනකොට රණවිරුවෙක් උණත්, සොහොං කොතක් උණත්, බස්හෝල්ට් එකක් උණත්, මකර තොරණක් උණත්, පහන් වැටක් උණත්, රණවිරු සෙවණෙ උන්නත් අපිට තුන්වේල කාල ඉන්ඩ පඩිය ලැබෙනවනෙ. අපරාදෙ එහෙම නොවුණෙ, මොකද එහෙමනං,

'අද අයියට අම්මව 'ඉස්පා' එකේදී හම්බුවෙන්නෙත් නෑනෙ...'

තාත්ත මැරුණේ අයිය අටේ පංතියෙ ඉද්දි. තාත්තගෙ මල්ලි 'තෝ මගෙ අයිය මරාගත්ත වගේ මේ කොල්ලත් මරාගනී' කියලා අම්මට බැණල තාත්ත වලදාපුදාම අයියව අරංගියා කඹුරුපිටියට... ඒ කියන්නේ මාතර. මං නැවතුණා අම්ම එක්ක. අයිය ඉන්නගමං ආව ගියා..... වැඩි කතාබහ නෑ මිනිහ. බාප්පගෙ දුව එක්ක අයිය එක කාමරේක ඉඳල අහුවෙලා පුංචි අම්මගෙ අතටම. ඒ බාප්ප කකුල් අතපය හමයනකල් ගහල අයියව එව්ව ගමට. ඕ ලෙවල් ලිව්වේ මෙහේ ඉස්කොලෙං. ඉතිං අහන්න දෙයක් නෑ, ඕලෙවල් පේල්. මිනිහ මෙහෙට ඇවිත් මාස අටක් විතර. වැඩිපුර යාළුවෝ නෑ. කීපදෙනයි ඉන්නෙ. මගෙ කොල්ල චාමර අයිය එක්කෙනෙක්. තව කීපදෙනෙක් ඉන්නව..... ගමේ අය එච්චරම කැමති නෑ එයාලගෙ ළමයි අපි එක්ක ගැවසෙනවට. ඒක හිංදම අයිය ඔය ඉස්පා කතාව දැනගෙන උන්නෙ නැතුව ඇති. මං උණත් කොහොම කියන්ඩද...... අන්තිමට සිද්ද උණේ වෙනකාගෙංවත් ඕපදූපයක් විදියට නොඅහා....

'අයියට අම්මව ඉස්පා එකේදිම හම්බුවෙච්ච එක.....'

කවුරුවත් රෑට කෑවෙ නෑ. මං කෑවෙත් නෑ. ලෝකෙට නොකිව්වට මට සුදුමැණිකෙ මගෙ පණ කිය කිය එස් එම් එස් එවන මගෙ කොල්ල චාමරත් අයිය එක්කම ඉස්පා ගිහිල්ලනෙ කියල මට මතක් නොවුණ නෙවෙයි. ඒකනෙ ඌ දන්නෙ වෙච්ච දේ. ඒත් මෙව්ව එක්ක බලනකොට එව්ව මොනාද...? අම්ම ඉස්පා එකක වැඩකරනව කියල මම ඉස්සරලාම දැනගත්තේ චන්දිමාගෙන්. චන්දිමාගෙ අක්කත් ඒකෙම වැඩ. චන්දිමාගෙ අක්ක බඳින්ඩලු ඉන්නෙ ඉස්පා එක කරන ලොක්ක. චන්දිමාගෙ අක්කලු එතන බිල් ලියන්නෙ. එයා රූම් කරන්නෑලු. ගමේ උං අම්මට ලෑම්මාස්ටරේ කියන්නේ ඒකලු.... මම චන්දිමාගෙන් ඇහුවා ඒ මොකෝ කියලා. චන්දිමා හයියෙන් හිනාවෙවී කිව්ව ලෑම්මාස්ටරේ ඇත්ත නම අත්ටැට්ටරේනෙ කියල. මට තේරෙන්නේ නෑ ඕව.... මම අම්මගෙන් ඇහුවෙ නෑ ඒක ඇත්තද කියලා. මොකටද නේද...? ගාමන්ට් එකේ වැඩකරනව කියලනෙ කියන්නෙ. ඉතිං ගාමන්ට් වල කතා ගමේ කියන තරං ඉස්පා ගැන කියන්නෑනෙ. අඩුම ඒක හොඳයිනෙ කියල මම හිත හදාගත්ත.... මාසෙකට අසූපන්දාහක් වෙන කොහොමද අප්ප අම්ම හොයන්නෙ ඔය ණය කන්දරාව ගෙවන්න. ඕව හිත හිත මට පුටුව උඩම නින්ද ගියා. හීනෙනුත් පේන්නෙ,

'අද අයියට අම්මව ඉස්පා එකේදි හම්බුණ එක...'.

එකපාරටම රෑ ඇහුරුණා මට. විශාල හුස්ම සද්දයකට මම හිතන්නෙ,... එතකොට එළිවෙන්න ළඟයි. ඊයෙ වෙච්චි දේ හීනයක් නෙවෙයි කියලා මතක්වෙලා බයහිතුණා. මොකද කැඩිච්ච පුටුවයි, වැටිලා වේලිච්ච අයියගෙ ලේ බිංදු කීපයයි එතන එහෙම්ම තියෙනවා පෙනුනා. ඔරලෝසුවෙ වෙලාව යාන්තම් පේනව. දෙකයි හතලිස්පහයි. එතකොට ඇයි මං ඇහැරුණේ. මොකක් හරි සද්දෙකට මං ඇහැරුණේ. ක්‍රීක් ක්‍රීක් ක්‍රීක් ගාල යමක් පැද්දෙනව ඇහුණ. ලණුවකට ලීයක් කැපෙන සද්දයක්..... මං අහගෙන උන්න. ඒ සද්දෙ හොඳට හුරුයි මගෙ කණට. මොකද්ද ඒ සද්දෙ.... හරි මතක් උණා...... තාත්තා එල්ලිච්ච දවසේ පරක්කුවෙච්චි පොලීසිය මිනිය බාන්ඩ එනකල් හුළඟට තාත්ත වැනෙනකොට ගේ පිටිපස්සෙ අඹ ගහෙන් ඇහුණ සද්දේ ඒක..... ඇඟේ මොකුත්ම වැඩකරන්නේ නෑ ගල් ගැහිල....හිතට විතරයි වැඩකරන්න පුළුවන්.... එතකොට ඒ අම්මද... නැත්තං අයියද...... කොහොම උණත් දෙන්නගෙන් එක්කෙනෙක් මොනාහරි කරගන්නම එපැයි. නැත්තං කොහොමද අද උදේ ඉඳල මූණ බලන්න්නෙ.... ඇයි ඉතිං,

'අද අයියට අම්මව හම්බුණානෙ ඉස්පා එකේදි...'

එකකොට ඔය අයියද... අම්මද.......

- Laka Darmarathna-

[QUOTE="teen_wolf, post: 26671459, member: 528505"] කෙටිකතාව ( කිව්වට ටිකක් දිගයි ඉතිං).... ලක්මාල් දර්මරත්නගේ FB එකෙන් ගත්තේ.. 'සුදූ , ඔයාලගෙ අයියට අම්මා හම්බවෙලා 'ස්පා' එකකදී......' යයි කියා මගේ පාසල් පෙම්වතා වූ අපේ අයියාගෙ හොඳම යාළුවා චාමර, මට මම තනියම ඉන්න නිසා අම්ම බයටම අරං දුන්නු චනීස් ෆෝන් එකට එස්.එම්.එස් එකක් එවල තිබ්බ. මේ පාර ලැබුණ දහය වසරේ විද්යාපොතේ රූපවලින්ම ඇඳල තියෙන මගේ ඇඟේ හැම නහරයක්ම, හැම පේෂියක්ම, හැම හැම හංදියක්ම පුංචි පුංචි ගින්දර බෝලවලින් ගිනිගන්න ගත්තා. මොනවා, 'අයියට අම්ම හම්බෙලා ඉස්පා එකේදි....? හවස්වනවිට අරක්කු ගඳ එක්ක අයියා කෝපයෙන් ගෙදර ආව. දාඩිය ගලද්දී එයා කුස්සියට ගිහිල්ල වතුර එකක් බීගෙන බීගෙන ගියා. මම බිරාන්ත වෙලා උන්න. අයියාට අවුරුදු දාහතක් උණාට මම එයාට හරි බයයි. මොකෝ අයියේ උණේ කියා ඇහුවම අතේ තිබුණ වතුර වීදුරුව කුඩුවෙන්ඩ ජනේලයේ ගහල ඇස්වල කඳුළු පුරෝගෙන කාමරේට ගිහිල්ල දොරවහගත්ත. එතකල්ම මම විස්වාස නොකළ යමක් මට ප්රත්යක්ෂවම තේරුණා, ඒ කියන්නෙ, 'අයියාට අම්මා 'ඉස්පා' එකේදී හම්බෙලා'... මම පාර දිහා බලං උන්න. අම්මා එනපැත්තට නැතුව අනෙක් පැත්තට හැරිල මම බලාඋන්න. මම හැමදාම එහෙමයි. හෑන්ඩ්බෑග් එක එල්ලාගෙන හැමවෙලේම මොනවදෝ ගෑවුණා වගේ එක අතකින් අනෙක් 'අත' පිහිමින් ඔහේ වැනි වැනී අම්මා එන ගමන මම දකින්නට ආසා නෑ. ඉතිං මම අම්මා එන දිහාවට නැතුව අනෙක් පැත්තට හැරිල වාඩිවෙලා ඉන්නව. එතකොට මම අම්මා දකින්නට කලිං වංගුවෙදිම එයා මාව දකිනව. එතකොට එයා එයාගෙ ලස්සනම හිණා මූණ දාගන්නව. එතනදි එයා ඒක දාගන්න බව දැන දැනම ඒක දන්නැති විදියට ඉන්ඩ මම පුරුදුවෙලා. ඒ උණාට අද තත්වය වෙනස්. අද, 'අයියාට අම්මා 'ඉස්පා' එකේදී හම්බුවෙලානෙ...' කඳුළු ගිහිල්ල ඉවර නිසා වේළුණු කඳුළු ග්රන්ථිවලට පින්සිද්දවෙන්න අම්මාට දැන් නිතර ඇඬෙන්නේනං නෑ. ඒත් කාලෙකිං අද කඳුළු උණල කියල පේනව ඒ ඇස්වලට. ඒ උණල තියෙන්නේ එයා වෙනුවෙන්ද, අයිය වෙනුවෙංද, දෙන්නම වෙනුවෙන්ද දන්නෑ......අම්මා වෙව්ල වෙව්ල වගේ ගෙට ආව. බෑක්එක පුටුව උඩට දැම්ම. ඇස් ඇතුලෙ බයයි තරහයි කව්ද කඳුළුවෙලා එළියට පයින්නෙ කියලා පොරයක්. හැමදාම ඒ වෙලාවට මම තියල තියෙන වතුර කෝප්පය එක හුස්මට බීව. ඒත් වෙනදා වගේ මම හදා ඇති තේ එකනං ගත්තේ නෑ...... සුරංග උඹ මොකා එක්කද ඉස්පා ගානේ යන්නේ කියල එකපාරටම කෑගල ඇහුව. දැන්නම් ෂුවර්, 'අයියාට අම්මා 'ඉස්පා' එකේදී මූණටම හම්බෙලා...' යකෙක් වගේ කම්මරෙන් එළියට ආපු අයියා අම්මාට වේසියද, බඩුවද, පට්ට බැල්ලිද, තොට හෙණගහන්නද, තෝ මැරියංද කිය කිය බැන්නා. ඒ මොකුත් ඇහුන්නැති අම්මා ඒ ප්‍රශ්නෙම ආයෙම යක්ෂණියක් වගේ ඇහුවා..... සුරංග දැන් තෝ බොනව මදිවට ඉස්පා ගානේ යන්ඩ පටන්ගත්තද...?. වචන ඉවරවෙලා හරි, වචන හිරවෙලා හරි තප්පරයක් බලං හිටපු අයියා පුටුවකට කෑලිවිසිවෙන්ඩ පයින් පාරක් ගහල ආපහු කාමරයට ගියා. එතන සිමෙන්ති කැඩිච්ච තැන ලේ බිංදු කීපයක් තියෙන්නේ මිනිහගෙ කකුල කැපෙන්ඩ ඇති.... අයියාට අම්ම අහපු එකට නෑ කියන්න බෑනෙ, මොකද 'අයියට අම්මව ඉස්පා එකේදිම හම්බුවෙලානෙ' කාමරයට ගියපු අයියා අම්මාට අමුතිත්ත කුණුහර්පයෙන් බයින්ඩ ගත්තා. තාත්තා වෙලාවට අපට මේ අක්කරබාගෙවත් උගසක් එක්ක හරි ඉතුරුකරල මැරුණෙ. එහෙම නැත්තං අයියා කියන කුණුහර්ප අහල පහල ගෙවල්වලටත් ඇහෙනවානෙ. ඒකෙනං ගාණකුත් නෑ. මොකද අයිය නොදන්නවා උණාට අම්මා වැඩකරන්නෙ ඉස්පා එකක කියලා අනික් ඔක්කොම දන්නව ඇතිනෙ. ගංවල එහෙමනෙ. ගෙදර එවුං විතරයිනෙ ගෙදර එවුංගෙ ඕනෙ නරක දෙයක් නොදන්නෙ. ඉතිං උං දැනටමත් හිනාවෙවීත්, පුදුමෙන් ඇස් ලොකුකරගෙනත්, කම්මුල් වල අත් ගසාගෙනත්, හූල්ලමිනුත් කියනව ඇති, 'අද සුරංගට අනෝමක්කව ඉස්පා එකේදි හම්බෙලාලුනේ...' අයියා තවම බයිනව. අයියා දිගටම අම්මාට බනින්නේ බඩුව කියල. ඒ බඩුව කියන වචනෙට මාර තේරුං තියෙන්නෙ. අයියගේ තවත් හොඳම යාළුවෙක් වෙච්චි රොෂාන්ලගේ තාත්ත ටවුමේ 'බඩු පොට්' එකක ඉඳල පොලීසියට අහුවෙච්චි දා අයියාගේ කාමරයේ අයියාගෙ යාළුවෝ හිනාවුණේ 'අඩෝ ඌ මාර බඩුවක්නෙ' කියල. එතන බඩුව කියන එකට තිබ්බේ පොඩි ගෞරවාර්තයක්. අද අම්මට 'බඩුවක්' කියා කෑගහන අයියාගේ බඩුවේ අර්තය වෙනස් වෙලා තියෙන්නෙ මොන අදහසකින්ද කියල පස්සේ වෙලාවක අහන්ඩ ඕනෙ. අදනං බෑ..... මොකද 'අද අයියාට අම්මා ඉස්පා එකේදී හම්බුවෙලානෙ' අනුරාධපුරේ ටවුමට අපේ ගෙදර ඉඳල හැතැක්ම පනස්දෙකයි. උදේට බස්එකේ යන අම්මා එන්නේ රෑට රෑවෙලා. අයියාත් මමත් අනුරාධපුරේට යන්නේ මාස කීපයකට සැරයක්. ෂුවර් එකටම අද අයියා තඹුත්තේගම සාමාන්‍යපෙළ ටියුෂන් පංතියෙන් කට්ටි පැනල යාළුවන් එක්ක 'ඉස්පා' එකකට යන්ඩ ඇති. සමාන්‍යපෙළ වැඩ පහක්වත් නැතිව දුමින්දට, චන්ද්‍රසේනට තියා ජොනීටවත් කම්කරු හෝ සිකුරිටි රස්සාවකට අයියාව දැමීමට බැරිබව චන්ද රැස්වීම් වලට අයියාව අරං ගිය අටේ පන්තියේදී අයියලාගේ පංතිභාරව උන් ගල්කුලමේ ඉන්ද්‍රරතන සර් අම්මාට කියා ඇත්තේත් 'ඉස්පා' එකේදීමය. ඉතිං අම්මා ණය තුරුස් ඔක්කොම ගෙවන්නටත්, මේ ඉඩමේ උකස් පොළිය ගෙවන්නටත්, කිරිඅම්මාගේ බෙහෙත් අරං දෙන්ඩත්, අම්මගේ පිළිකාවට බෙහෙත් ගන්ඩත් අමතරව අයියා බලෙංම පංති යැව්ව. ඔව්ව ඔක්කොම අම්මගෙ වැරදිනෙ බැලුවම. අයියා 'ඉස්පා' ගියේ පංති ගියනිසානෙ, ඉතිං ඒ නිසානෙ අද 'අයියට අම්මව ඉස්පා එකේදිම හම්බුණේ....' ඔව්ව හිත හිත ඉද්දී අයියගේ කාමරේ ඇතුලේ පිච්චෙන ගඳක් එක්ක දුමක් එන්න ගත්ත එකපාරටම. දෙයියො සිහිඋණා..... අම්මයි මායි යටිගිරියෙන් හූ කියාගෙන පැන්න කාමරේට. ඔත්පොලම අවුරුදු තුනක් ඇඳේ ඉන්න කිරිඅම්මත් අපි හූ කියන සද්දෙට හේතුවක් නැතුවම ඇඳේ ඉඳං වචන නොතේරෙන්ඩ කෑගැහුවා. අපි කාමරේට යනකොට අයියා කාමරේ ගහල තිබ්බ මහින්ද මහත්තයාගෙ පෝස්ටර් ඔක්කොම ගලවලා ගිනිතියනවා. මහින්ද මහත්තයගේ රූපෙත් එක්කම නිල්පාට, දම්පාට, රතුපාට අකුරු ගිනිගන්නව හෝ ගාල........මූ යුද්දෙ ඉවරකෙරුවෙ නැත්තං අපූරුවට අපිට යන්ඩ රස්සා තිබ්බා..., හැට හැත්තෑදාහක් ගන්ඩ තිබ්බා නිකංම. කම්කරු වෙන්ඩත් මුංගෙ කකුල්වලට වඳින්ඩ ඕන්නෑ එහෙනං. යුනිපෝම් ඇඳල පොරක් වගේ ඉන්ඩ තිබ්බු එක මූ නැතිකෙරුවේ... එහෙනං උඹල ඉස්පාගානෙ ගිහිං හැමණෙන්ඩ ඕන්නෑ....කියලා අයියා මහින්ද මහත්තය බයිනවා හොඳටම. අම්ම දුන්න අත්දිගෑරල අයියට කම්බුල් පාරක් ඇඟිලි තුනක් මූණෙ හිටින්ඩ. තමන්ට වේසි, බඩුව කිය කිය බයිනකොට වචනයක්වත් නොකියපු අම්මා මහින්ද මහත්තයට වචනයක් කියපු අයියගෙ කම්බුලට අතදිගෑරල ගහන්ඩතරං උතුම් ආදරයක්, ගෞරවයක් තමයි අම්මගෙ හිතේ මහින්ද මහත්තයටනං තියෙන්නෙ. ඒ උණාට අයිය කිව්වෙනං ඇත්ත. එහෙනං මේ ප්‍රශ්ණ මෙච්චර ලොකුවෙන්ඩ කලිංම අයිය හමුදාවේ. එහෙම උණානං අයිය මේ වෙනකොට රණවිරුවෙක් උණත්, සොහොං කොතක් උණත්, බස්හෝල්ට් එකක් උණත්, මකර තොරණක් උණත්, පහන් වැටක් උණත්, රණවිරු සෙවණෙ උන්නත් අපිට තුන්වේල කාල ඉන්ඩ පඩිය ලැබෙනවනෙ. අපරාදෙ එහෙම නොවුණෙ, මොකද එහෙමනං, 'අද අයියට අම්මව 'ඉස්පා' එකේදී හම්බුවෙන්නෙත් නෑනෙ...' තාත්ත මැරුණේ අයිය අටේ පංතියෙ ඉද්දි. තාත්තගෙ මල්ලි 'තෝ මගෙ අයිය මරාගත්ත වගේ මේ කොල්ලත් මරාගනී' කියලා අම්මට බැණල තාත්ත වලදාපුදාම අයියව අරංගියා කඹුරුපිටියට... ඒ කියන්නේ මාතර. මං නැවතුණා අම්ම එක්ක. අයිය ඉන්නගමං ආව ගියා..... වැඩි කතාබහ නෑ මිනිහ. බාප්පගෙ දුව එක්ක අයිය එක කාමරේක ඉඳල අහුවෙලා පුංචි අම්මගෙ අතටම. ඒ බාප්ප කකුල් අතපය හමයනකල් ගහල අයියව එව්ව ගමට. ඕ ලෙවල් ලිව්වේ මෙහේ ඉස්කොලෙං. ඉතිං අහන්න දෙයක් නෑ, ඕලෙවල් පේල්. මිනිහ මෙහෙට ඇවිත් මාස අටක් විතර. වැඩිපුර යාළුවෝ නෑ. කීපදෙනයි ඉන්නෙ. මගෙ කොල්ල චාමර අයිය එක්කෙනෙක්. තව කීපදෙනෙක් ඉන්නව..... ගමේ අය එච්චරම කැමති නෑ එයාලගෙ ළමයි අපි එක්ක ගැවසෙනවට. ඒක හිංදම අයිය ඔය ඉස්පා කතාව දැනගෙන උන්නෙ නැතුව ඇති. මං උණත් කොහොම කියන්ඩද...... අන්තිමට සිද්ද උණේ වෙනකාගෙංවත් ඕපදූපයක් විදියට නොඅහා.... 'අයියට අම්මව ඉස්පා එකේදිම හම්බුවෙච්ච එක.....' කවුරුවත් රෑට කෑවෙ නෑ. මං කෑවෙත් නෑ. ලෝකෙට නොකිව්වට මට සුදුමැණිකෙ මගෙ පණ කිය කිය එස් එම් එස් එවන මගෙ කොල්ල චාමරත් අයිය එක්කම ඉස්පා ගිහිල්ලනෙ කියල මට මතක් නොවුණ නෙවෙයි. ඒකනෙ ඌ දන්නෙ වෙච්ච දේ. ඒත් මෙව්ව එක්ක බලනකොට එව්ව මොනාද...? අම්ම ඉස්පා එකක වැඩකරනව කියල මම ඉස්සරලාම දැනගත්තේ චන්දිමාගෙන්. චන්දිමාගෙ අක්කත් ඒකෙම වැඩ. චන්දිමාගෙ අක්ක බඳින්ඩලු ඉන්නෙ ඉස්පා එක කරන ලොක්ක. චන්දිමාගෙ අක්කලු එතන බිල් ලියන්නෙ. එයා රූම් කරන්නෑලු. ගමේ උං අම්මට ලෑම්මාස්ටරේ කියන්නේ ඒකලු.... මම චන්දිමාගෙන් ඇහුවා ඒ මොකෝ කියලා. චන්දිමා හයියෙන් හිනාවෙවී කිව්ව ලෑම්මාස්ටරේ ඇත්ත නම අත්ටැට්ටරේනෙ කියල. මට තේරෙන්නේ නෑ ඕව.... මම අම්මගෙන් ඇහුවෙ නෑ ඒක ඇත්තද කියලා. මොකටද නේද...? ගාමන්ට් එකේ වැඩකරනව කියලනෙ කියන්නෙ. ඉතිං ගාමන්ට් වල කතා ගමේ කියන තරං ඉස්පා ගැන කියන්නෑනෙ. අඩුම ඒක හොඳයිනෙ කියල මම හිත හදාගත්ත.... මාසෙකට අසූපන්දාහක් වෙන කොහොමද අප්ප අම්ම හොයන්නෙ ඔය ණය කන්දරාව ගෙවන්න. ඕව හිත හිත මට පුටුව උඩම නින්ද ගියා. හීනෙනුත් පේන්නෙ, 'අද අයියට අම්මව ඉස්පා එකේදි හම්බුණ එක...'. එකපාරටම රෑ ඇහුරුණා මට. විශාල හුස්ම සද්දයකට මම හිතන්නෙ,... එතකොට එළිවෙන්න ළඟයි. ඊයෙ වෙච්චි දේ හීනයක් නෙවෙයි කියලා මතක්වෙලා බයහිතුණා. මොකද කැඩිච්ච පුටුවයි, වැටිලා වේලිච්ච අයියගෙ ලේ බිංදු කීපයයි එතන එහෙම්ම තියෙනවා පෙනුනා. ඔරලෝසුවෙ වෙලාව යාන්තම් පේනව. දෙකයි හතලිස්පහයි. එතකොට ඇයි මං ඇහැරුණේ. මොකක් හරි සද්දෙකට මං ඇහැරුණේ. ක්‍රීක් ක්‍රීක් ක්‍රීක් ගාල යමක් පැද්දෙනව ඇහුණ. ලණුවකට ලීයක් කැපෙන සද්දයක්..... මං අහගෙන උන්න. ඒ සද්දෙ හොඳට හුරුයි මගෙ කණට. මොකද්ද ඒ සද්දෙ.... හරි මතක් උණා...... තාත්තා එල්ලිච්ච දවසේ පරක්කුවෙච්චි පොලීසිය මිනිය බාන්ඩ එනකල් හුළඟට තාත්ත වැනෙනකොට ගේ පිටිපස්සෙ අඹ ගහෙන් ඇහුණ සද්දේ ඒක..... ඇඟේ මොකුත්ම වැඩකරන්නේ නෑ ගල් ගැහිල....හිතට විතරයි වැඩකරන්න පුළුවන්.... එතකොට ඒ අම්මද... නැත්තං අයියද...... කොහොම උණත් දෙන්නගෙන් එක්කෙනෙක් මොනාහරි කරගන්නම එපැයි. නැත්තං කොහොමද අද උදේ ඉඳල මූණ බලන්න්නෙ.... ඇයි ඉතිං, 'අද අයියට අම්මව හම්බුණානෙ ඉස්පා එකේදි...' එකකොට ඔය අයියද... අම්මද....... - Laka Darmarathna- [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom