Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ස්වභාවික පුදුමයන් හා බැඳි පුරාවෘත්ත
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්වභාවික පුදුමයන් හා බැඳි පුරාවෘත්ත

ස්වභාව ධර්මයේ ඇතැම් නිර්මාණයන් ඇත්ත වශයෙන් ම පුදුමාකාර යි. මේ නිසා ම ඒවා බිහි වූ ආකාරය ගැන පුරාණ මිනිසුන් විවිධ අදහස් දැරුවා. රාත්‍රී අහසේ දැක ගැනීමට ලැබෙන තරු රාටවන්ට නම් ලැබුණේ පැරණි මිනිසුන්ගේ සිතේ මැවුණු කල්පනාවන් හේතුවෙන් බව ඔබ අසා ඇති බවට සැකයක් නැහැ. තරු රටා වටා ගොතන ලද පුරාවෘත්තයන් මෙන් ම දියුණු තාක්ෂණයක් යොදාගෙන මිනිසා විසින් ඉදි කළා සේ පෙනෙන ස්වභාවික නිර්මාණයන් බිහි වූ ආකාරය ගැන පවතින ජනශ්රැතීන් ද බොහෝ ම යි.

මේ ලිපිය ලොව වටා පිහිටි අරුම පුදුම ස්වභාවික නිර්මාණයන් මුල් කර ගනිමින් පැරණි මිනිසුන් විසින් ගොතන ලද එවැනි පුරාවෘත්තයන් කිහිපයක් ගැන යි.

කැපඩෝෂියා හි සුරඟන දුම් කවුළු (තුර්කිය)

© Lars Ørstavik

තුර්කියේ මධ්‍යම ඇනටෝලියා ප්‍රදේශයේ උස් සානු මැද පිහිටා ඇති ‘සුරඟන දුම් කවුළු’ ඈතට දිස් වන්නේ පොළොවෙන් මතු වූ දැවැන්ත ශෛලමය හතු ලෙස යි. සේද මාවතේ සන්ධිස්ථානයක පිහිටා ඇති ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වී ඇත්තේ අදින් වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන්. යමහල් පිපිරීමකින් පසු ව ඉතුරු වූ අළු, කාලයාගේ ඇවෑමෙන් බැසොල්ට් ස්තරයක් සහිත ජලය උරා ගන්නා පාෂාණයක් බවට පත් වී ඇති අතර ඉන් පසු ව සියවස් ගණනාවක් ගත වී ඇත්තේ පාෂාණයේ ඝන කොටස් ඉතුරු කරමින් ඒ වටා ඇති මෘදු අළු සෝදා හැරීම සඳහා යි. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස අඩි 130 ක් පමණ උසින් යුතු ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වුණා.

© Dan

නමුත් පුරාවෘත්තයන්ට අනුව බොහෝ කාලයකට පෙර දේව දූතයෙකු අල්ලා ගැනීම සඳහා සොල්දාදුවන් ඔහු පසුපස හඹා විත් ඇති අතර දේව දූතයා කුරුබිලියක් තුළ සිර වී තිබෙනවා. බේරී යාම සඳහා මගක් නොවූ බැවින් තමන් ව කුරුල්ලෙකු බවට පත් කරන ලෙස හෝ සොල්දාදුවන් ව පාෂාණ බවට හරවන ලෙස දේව දූතයා දෙවියන්ට කන්නලව් කර ඇති අතර ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වී ඇත්තේ දේව දූතයාගේ ඉල්ලීම දෙවියන් විසින් ඉටු කිරීම හේතුවෙන්. ඇතැම් ජනශ්‍රැතීන්ට අනුව පොළොව යට රහසේ ජීවත් වන සුරඟනන් විසින් ‘සුරඟන දුම් කවුළු’ ගොඩ නංවා තිබෙනවා.

මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය (යේමනය)

යේමනයේ සොකොට්රා නම් දූපත් සමූහයේ දී උල් වැනි පත්‍ර සහිත අඩි 15 ක් පමණ උසින් යුතු තුරු වියනක් දැක ගැනීමට ලැබෙනවා. විද්‍යාත්මක ව Dracaena cinnabari ලෙස හඳුන්වන මේවා සොකොට්රා දූපත්වලට ආවේණික වෘක්ෂ විශේෂයක් ලෙස යි සැලකෙන්නේ. ජනශ්රැතියේ සඳහන් වන අන්දමට මකර රුධිර වෘක්ෂ උපත ලබා ඇත්තේ මකරයෙකු සහ නිර්භීත අලියෙකු අතර ඇති වූ ද්වන්ධ සටනක දී තුවාල ලද මකරාගෙන් ගලා ගිය රුධිරයෙන්.

© Getty Images

අදටත් ගසකට තුවාල කළ විට තද රතු පැහැ රුධිරය වැනි දුම්මල ගලා එන අතර ඒවා ස්වදේශිකයන් විසින් අත් බෙහෙත් නිපදවීම සඳහා භාවිතයට ගන්නවා. එසේ ම පුරාවෘත්තයන් හි සඳහන් වන්නේ අමරණීය යැයි සැලකෙන රාජගුරුලා පක්ෂියා (phoenix) සහස්‍රයකට දෙවරක් අළු මතින් නැවත ඉපදීම සඳහා ‘මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය’ කරා පැමිණෙන බව යි.

යෝධයාගේ දියමංකඩ (උතුරු අයර්ලන්තය)

© Dariusz W.

යමහල් පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ පින්තූර ප්‍රහේලිකාවක කැබලි මෙන් පෙනෙන මුහුදෙන් උඩට මතු වූ ගණනින් 40,000 ක් වන සුවිසල් ශෛලමය ස්තම්භ සමූහයක් උතුරු අයර්ලන්තයේ පිහිටා තිබෙනවා. වසර මිලියන 60 ක් පමණ පැරණි ‘යෝධයාගේ දියමංකඩ’ නිර්මාණය වී ඇත්තේ ෆින් සහ බෙනැන්ඩොනර් නම් වූ යෝධයන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව යි ජනශ්රැතියේ සඳහන් වන්නේ. ස්කොට් ජාතික යෝධයෙකු වූ බෙනැන්ඩොනර් අයර්ලන්තයට තර්ජනය කර ඇති අතර එයින් කෝපයට පත් වූ ෆින්, මුහුදු වෙරළෙන් ගල් කුට්ටි රැගෙන ඒවා මහ සයුරට විසි කර තිබෙනවා.මේවා යෝධයින් දෙදෙනාට සටන් වැදිය හැකි වන ලෙස දියමංකඩක් තනන ලද බව යි පැවසෙන්නේ.

නිදන යූට් කඳුවැටිය (ඇමෙරිකා එක්සත් ජනපදය)

© Mike Goad

කොළරාඩෝ ප්‍රාන්තයේ නිසංසල තැනිතලා බිමක පිහිටා ඇති ‘නිදන යූට් කඳුවැටිය’ ඈතට දිස් වන්නේ දෑත් පපුව මත බැඳගෙන සාමකාමී නිදා සිටින යූට් ගෝත්‍රිකයෙක් (කොළරාඩෝ සහ යූටා ප්රාන්තයන් හි වාසය කරන ස්වදේශික ඇමෙරිකානු ගෝත්‍රිකයින් කණ්ඩායමක්) ලෙස යි. පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට ශ්‍රේෂ්ඨ රණශූර දෙවිඳුන්, නපුරට එරෙහි ව සිදු කරන ලද සටනක දී තුවාල ලබා තිබෙනවා. තුවාල හේතුවෙන් යළිත් දෙවිලොවට ළඟා වීමට නොහැකි වූ ඔහු සටනින් පසු ව දීර්ඝ නින්දකට වැටී ඇති අතර ඔහුගේ තුවාලවලින් ගලා ගිය රුධිරය, පසු කාලීන ව ගංගා බවට පත් වූ බව සඳහන්.

දෙවිවරුන්ගේ වාසස්ථානය (අයිස්ලන්තය)

© Guide to Iceland

උතුරු අයර්ලන්තයේ පිහිටා ඇති ඇස්බීගි කුරුබිලිය පුරාවෘත්තයන් හි හඳුන්වනු ලබන්නේ ‘දෙවිවරුන්ගේ වාසස්ථානය’ ලෙස යි. අඩි 300 ක් පමණ උසින් යුතු ප්‍රපාතයකින් වට වී ඇති එය හැඩයෙන් අශ්ව ලාඩමකට සමාන වෙනවා. අයිස්ලන්ත ජනශ්‍රැතීන්ට අනුව එය නිර්මාණය කර ඇත්තේ ලෝකය නිර්මාණය කළ ඕඩින් නම් නෝර්වීජියානු දෙවිඳුන්ගේ අශ්වයා විසින්. ස්ලයිප්නියර් නම් වූ ඔහුට පාද 8 ක් පැවතී ඇති අතර ඔහු දෙව්ලොව සිටි පැමිණි ගමනක දී දෙවිවරුන්ට ගිමන් නිවා ගැනීමට පහසු වනු පිණිස ඔහුගේ එක් පාදයකින් පොළොව ස්පර්ශ කර තැනිතලා බිමක් නිර්මාණය කරන ලද බව කියැවෙනවා.

මොරාකි ගල් පර්වත (නවසීලන්තය)

© Vicki Mar

නවසීලන්තයේ උතුරු ඔටාගෝ වෙරළ තීරයේ වෘත්තාකාර හැඩයෙන් යුතු දැවැන්ත ගල් පර්වත එකතුවක් දැක ගැනීමට හැකි යි. ‘මොරාකි ගල් පර්වත’ ලෙස හඳුන්වනු ලබන මේවා මීටර් 3 ක පමණ විෂ්කම්භයකින් යුතු වන අතර ටොන් කිහිපයක බරින් යුතු වෙනවා. ජනප්රවාදයේ සඳහන් වන්නේ ගිලුණු නෞකාවක ගබඩා කරන ලද ආඳන් පිර වූ විශාල කූඩ වෙරළට ගසාගෙන පැමිණීම නිසා ‘මොරාකි ගල් පර්වත’ නිර්මාණය වී ඇති බව යි. නමුත් සත්‍ය වශයෙන් ම මේවා නිර්මාණය වී ඇත්තේ වසර මිලියන 60 කට පමණ පෙර මුහුදු රොන්මඩ එකට එක් වී ඝන වීම හේතුවෙන්.

Source Roar

[QUOTE="Idias, post: 23434442, member: 556682"] [b]ස්වභාවික පුදුමයන් හා බැඳි පුරාවෘත්ත[/b] [SIZE=4]ස්වභාව ධර්මයේ ඇතැම් නිර්මාණයන් ඇත්ත වශයෙන් ම පුදුමාකාර යි. මේ නිසා ම ඒවා බිහි වූ ආකාරය ගැන පුරාණ මිනිසුන් විවිධ අදහස් දැරුවා. රාත්‍රී අහසේ දැක ගැනීමට ලැබෙන තරු රාටවන්ට නම් ලැබුණේ පැරණි මිනිසුන්ගේ සිතේ මැවුණු කල්පනාවන් හේතුවෙන් බව ඔබ අසා ඇති බවට සැකයක් නැහැ. තරු රටා වටා ගොතන ලද පුරාවෘත්තයන් මෙන් ම දියුණු තාක්ෂණයක් යොදාගෙන මිනිසා විසින් ඉදි කළා සේ පෙනෙන ස්වභාවික නිර්මාණයන් බිහි වූ ආකාරය ගැන පවතින ජනශ්රැතීන් ද බොහෝ ම යි.[/SIZE] [SIZE=4]මේ ලිපිය ලොව වටා පිහිටි අරුම පුදුම ස්වභාවික නිර්මාණයන් මුල් කර ගනිමින් පැරණි මිනිසුන් විසින් ගොතන ලද එවැනි [URL="http://www.relativelyinteresting.com/legends-behind-natural-wonders/"]පුරාවෘත්තයන් කිහිපයක්[/URL] ගැන යි.[/SIZE] [B][SIZE=4]කැපඩෝෂියා හි සුරඟන දුම් කවුළු (තුර්කිය)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-138-680x454.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Lars Ørstavik[/SIZE] [SIZE=4]තුර්කියේ මධ්‍යම ඇනටෝලියා ප්‍රදේශයේ උස් සානු මැද පිහිටා ඇති ‘[URL="https://www.smithsonianmag.com/travel/fairy-chimneys-turkey-180956654/"]සුරඟන දුම් කවුළු[/URL]’ ඈතට දිස් වන්නේ පොළොවෙන් මතු වූ දැවැන්ත ශෛලමය හතු ලෙස යි. සේද මාවතේ සන්ධිස්ථානයක පිහිටා ඇති ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වී ඇත්තේ අදින් වසර මිලියන ගණනාවක් තිස්සේ සිදු වූ භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් හේතුවෙන්. යමහල් පිපිරීමකින් පසු ව ඉතුරු වූ අළු, කාලයාගේ ඇවෑමෙන් බැසොල්ට් ස්තරයක් සහිත ජලය උරා ගන්නා පාෂාණයක් බවට පත් වී ඇති අතර ඉන් පසු ව සියවස් ගණනාවක් ගත වී ඇත්තේ පාෂාණයේ ඝන කොටස් ඉතුරු කරමින් ඒ වටා ඇති මෘදු අළු සෝදා හැරීම සඳහා යි. මෙහි අවසන් ප්‍රතිඵලය ලෙස අඩි 130 ක් පමණ උසින් යුතු ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වුණා.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-235-680x451.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Dan[/SIZE] [SIZE=4]නමුත් [URL="https://www.captivatingcappadocia.com/cappadocia-history-zelve-fairy-chimneys/"]පුරාවෘත්තයන්ට අනුව[/URL] බොහෝ කාලයකට පෙර දේව දූතයෙකු අල්ලා ගැනීම සඳහා සොල්දාදුවන් ඔහු පසුපස හඹා විත් ඇති අතර දේව දූතයා කුරුබිලියක් තුළ සිර වී තිබෙනවා. බේරී යාම සඳහා මගක් නොවූ බැවින් තමන් ව කුරුල්ලෙකු බවට පත් කරන ලෙස හෝ සොල්දාදුවන් ව පාෂාණ බවට හරවන ලෙස දේව දූතයා දෙවියන්ට කන්නලව් කර ඇති අතර ‘සුරඟන දුම් කවුළු’ නිර්මාණය වී ඇත්තේ දේව දූතයාගේ ඉල්ලීම දෙවියන් විසින් ඉටු කිරීම හේතුවෙන්. ඇතැම් ජනශ්‍රැතීන්ට අනුව පොළොව යට රහසේ ජීවත් වන සුරඟනන් විසින් ‘සුරඟන දුම් කවුළු’ ගොඩ නංවා තිබෙනවා.[/SIZE] [B][SIZE=4]මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය (යේමනය)[/SIZE][/B] [SIZE=4]යේමනයේ සොකොට්රා නම් දූපත් සමූහයේ දී උල් වැනි පත්‍ර සහිත අඩි 15 ක් පමණ උසින් යුතු තුරු වියනක් දැක ගැනීමට ලැබෙනවා. විද්‍යාත්මක ව [I]Dracaena cinnabari[/I] ලෙස හඳුන්වන මේවා සොකොට්රා දූපත්වලට ආවේණික වෘක්ෂ විශේෂයක් ලෙස යි සැලකෙන්නේ. [URL="https://www.cntraveler.com/stories/2010-10-05/in-the-land-of-the-dragon-s-blood-tree"]ජනශ්රැතියේ සඳහන් වන අන්දමට[/URL] මකර රුධිර වෘක්ෂ උපත ලබා ඇත්තේ මකරයෙකු සහ නිර්භීත අලියෙකු අතර ඇති වූ ද්වන්ධ සටනක දී තුවාල ලද මකරාගෙන් ගලා ගිය රුධිරයෙන්.[/SIZE] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-334-680x383.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Getty Images[/SIZE] [SIZE=4]අදටත් ගසකට තුවාල කළ විට [URL="http://www.escapeartist.com/blog/land-dragons-blood-tree/"]තද රතු පැහැ රුධිරය වැනි දුම්මල[/URL] ගලා එන අතර ඒවා ස්වදේශිකයන් විසින් අත් බෙහෙත් නිපදවීම සඳහා භාවිතයට ගන්නවා. එසේ ම පුරාවෘත්තයන් හි සඳහන් වන්නේ අමරණීය යැයි සැලකෙන රාජගුරුලා පක්ෂියා (phoenix) සහස්‍රයකට දෙවරක් අළු මතින් නැවත ඉපදීම සඳහා ‘මකර රුධිර වෘක්ෂයන්ගේ භූමිය’ කරා පැමිණෙන බව යි.[/SIZE] [B][SIZE=4]යෝධයාගේ දියමංකඩ (උතුරු අයර්ලන්තය)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-435-680x453.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Dariusz W.[/SIZE] [SIZE=4]යමහල් පිපිරීමක ප්‍රතිඵලයක් ලෙස බිහි වූ පින්තූර ප්‍රහේලිකාවක කැබලි මෙන් පෙනෙන මුහුදෙන් උඩට මතු වූ ගණනින් 40,000 ක් වන සුවිසල් ශෛලමය ස්තම්භ සමූහයක් උතුරු අයර්ලන්තයේ පිහිටා තිබෙනවා. වසර මිලියන 60 ක් පමණ පැරණි ‘[URL="https://www.ireland.com/what-is-available/natural-landscapes-and-sights/articles/giants-causeway-myth/"]යෝධයාගේ දියමංකඩ[/URL]’ නිර්මාණය වී ඇත්තේ ෆින් සහ බෙනැන්ඩොනර් නම් වූ යෝධයන් දෙදෙනා අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් බව යි ජනශ්රැතියේ සඳහන් වන්නේ. ස්කොට් ජාතික යෝධයෙකු වූ බෙනැන්ඩොනර් අයර්ලන්තයට තර්ජනය කර ඇති අතර එයින් කෝපයට පත් වූ ෆින්, මුහුදු වෙරළෙන් ගල් කුට්ටි රැගෙන ඒවා මහ සයුරට විසි කර තිබෙනවා.මේවා යෝධයින් දෙදෙනාට සටන් වැදිය හැකි වන ලෙස දියමංකඩක් තනන ලද බව යි පැවසෙන්නේ.[/SIZE] [B][SIZE=4]නිදන යූට් කඳුවැටිය (ඇමෙරිකා එක්සත් ජනපදය)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-527-680x455.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Mike Goad[/SIZE] [SIZE=4]කොළරාඩෝ ප්‍රාන්තයේ නිසංසල තැනිතලා බිමක පිහිටා ඇති ‘[URL="https://sites.google.com/site/rckymntntls/the-legend-of-the-sleeping-ute-mountain"]නිදන යූට් කඳුවැටිය[/URL]’ ඈතට දිස් වන්නේ දෑත් පපුව මත බැඳගෙන සාමකාමී නිදා සිටින යූට් ගෝත්‍රිකයෙක් (කොළරාඩෝ සහ යූටා ප්රාන්තයන් හි වාසය කරන ස්වදේශික ඇමෙරිකානු ගෝත්‍රිකයින් කණ්ඩායමක්) ලෙස යි. පුරාවෘත්තයන් හි සඳහන් වන ආකාරයට ශ්‍රේෂ්ඨ රණශූර දෙවිඳුන්, නපුරට එරෙහි ව සිදු කරන ලද සටනක දී තුවාල ලබා තිබෙනවා. තුවාල හේතුවෙන් යළිත් දෙවිලොවට ළඟා වීමට නොහැකි වූ ඔහු සටනින් පසු ව දීර්ඝ නින්දකට වැටී ඇති අතර ඔහුගේ තුවාලවලින් ගලා ගිය රුධිරය, පසු කාලීන ව ගංගා බවට පත් වූ බව සඳහන්.[/SIZE] [B][SIZE=4]දෙවිවරුන්ගේ වාසස්ථානය (අයිස්ලන්තය)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-616-680x297.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Guide to Iceland[/SIZE] [SIZE=4]උතුරු අයර්ලන්තයේ පිහිටා ඇති ඇස්බීගි කුරුබිලිය පුරාවෘත්තයන් හි හඳුන්වනු ලබන්නේ ‘[URL="https://guidetoiceland.is/connect-with-travel-bloggers/luke-doyle/the-shelter-of-the-gods-the-legend-behind-asbyrgi-canyon"]දෙවිවරුන්ගේ වාසස්ථානය[/URL]’ ලෙස යි. අඩි 300 ක් පමණ උසින් යුතු ප්‍රපාතයකින් වට වී ඇති එය හැඩයෙන් අශ්ව ලාඩමකට සමාන වෙනවා. අයිස්ලන්ත ජනශ්‍රැතීන්ට අනුව එය නිර්මාණය කර ඇත්තේ ලෝකය නිර්මාණය කළ ඕඩින් නම් නෝර්වීජියානු දෙවිඳුන්ගේ අශ්වයා විසින්. ස්ලයිප්නියර් නම් වූ ඔහුට පාද 8 ක් පැවතී ඇති අතර ඔහු දෙව්ලොව සිටි පැමිණි ගමනක දී දෙවිවරුන්ට ගිමන් නිවා ගැනීමට පහසු වනු පිණිස ඔහුගේ එක් පාදයකින් පොළොව ස්පර්ශ කර තැනිතලා බිමක් නිර්මාණය කරන ලද බව කියැවෙනවා.[/SIZE] [B][SIZE=4]මොරාකි ගල් පර්වත (නවසීලන්තය)[/SIZE][/B] [SIZE=4][IMG]https://assets.roar.media/Sinhala/2018/03/Picture-79-680x422.jpg?w=750[/IMG][/SIZE] [SIZE=4]© Vicki Mar[/SIZE] [SIZE=4]නවසීලන්තයේ උතුරු ඔටාගෝ වෙරළ තීරයේ වෘත්තාකාර හැඩයෙන් යුතු දැවැන්ත ගල් පර්වත එකතුවක් දැක ගැනීමට හැකි යි. ‘[URL="http://www.dailymail.co.uk/sciencetech/article-2385913/The-mysterious-Moeraki-Boulders-Maori-legend-natural-concrete-date-60-MILLION-years.html"]මොරාකි ගල් පර්වත[/URL]’ ලෙස හඳුන්වනු ලබන මේවා මීටර් 3 ක පමණ විෂ්කම්භයකින් යුතු වන අතර ටොන් කිහිපයක බරින් යුතු වෙනවා. ජනප්රවාදයේ සඳහන් වන්නේ ගිලුණු නෞකාවක ගබඩා කරන ලද ආඳන් පිර වූ විශාල කූඩ වෙරළට ගසාගෙන පැමිණීම නිසා ‘මොරාකි ගල් පර්වත’ නිර්මාණය වී ඇති බව යි. නමුත් සත්‍ය වශයෙන් ම මේවා නිර්මාණය වී ඇත්තේ වසර මිලියන 60 කට පමණ පෙර මුහුදු රොන්මඩ එකට එක් වී ඝන වීම හේතුවෙන්.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]Source Roar :yes::yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom