ස්වයං රැකියාවකට අලුත් අදහසක්

nishi_gurl

Member
Jun 12, 2018
924
193
0
ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට අලුත් අදහසක්

ස්වයං රැකියාවකට සිහින මවන කාන්තාවකට පහසුවෙන් නිරත විය හැකි රැකියාවකි මේ. පිසීම සඳහා හෝ කෑමට ගැනීම සඳහා එලවාලු , පලතුරු,කපා සකස් කර වෙළඳපොළට සැපයීම හොඳ අදායමක් ලබා ගත හැකි කර්මාන්තයක්. මෙහි තියෙන වාසිය තමයි ඉතාම අඩු වියදමකින් ආරම්භ කිරීමට ඇති හැකියාව. අද තියෙන කාර්ය බහුල ජිවන රටාවත් එක්ක කපා සකස් කරන ලද එලවාලු හා පලතුරු වලට හොඳ ඉල්ලුමක් තියෙනවා.

නැවුම් බව ආරක්ෂා වීම, පිළියෙළ කිරීමට ඇති පහසුව , හොඳ ඇසුරුමක බහා තිබීම, සෞඛ්‍ය ආරක්ෂිත බව මෙම එළවලු පලතුරු මිශ්‍රණ වල අනිවාර්යෙන් තිබිය යුතු ගුණාංග වනවා.

වෙළඳපොළට ඉදිරිපත් කල හැකි කපා පිළියෙළ කිරීමට වඩාත් සුදුසු වන්නේ,

මැල්ලුම් සඳහා පොලොස්
පලා වර්ග (කන්කුන්, ගොටුකොල, මුකුණුවැන්න)
අඹ, අන්නාසි, ගස්ලබු, පෙර, වෙරළු අච්චාරු
කොස් මදුළු
කැරට්
බණ්ඩක්කා
වට්ටක්කා
හතු
කෙසෙල් වැල / වරකා

නිෂ්පාදන ක්‍රියාවලිය

පළමුව එළවලු පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි. ඉන්පසු ක්ලොරිනිකෘත ජලයෙහි මිනිත්තු 5ක් පමණ ගිල්වා තබා පසුව ජලය වියලීමට හැර කපා සකස් කල යුතුය. පසුව සිට්‍රික් ඇසිඩ් / අස්කොබික් ඇසිඩ් තනුක ද්‍රවණයේ දිලවා තිබිම සිදු කල යුතුය. පසුව හොඳින් ජලය සිදීමට හැර බර කිරා ඇසුරුම් කල යුතුය.

කපා සකස් කරන ලද අහාර වල ගුණාත්මක බව ආරක්ෂා කිරීමට නම් එළවලු, පලතුරු සඳහා හොඳ තත්වයේ අමුද්‍රව්‍ය භාවිතා කල යුතුය. කැපීමේදී සිදුවන තැලීම්, පොඩිවීම් වලක්වා ගැනීමට හොඳින් කැපෙන පිහි භාවිතා කල යුතු අතර ඒවා විශබීජ හරණය කල යුතුය.


Source http://thewoman.lk/self-employement-ideas-for-start-ups/
 

Janith1994

Member
Jul 31, 2016
2,280
181
0

නිෂ්පාදන ක්‍රියාවලිය

පළමුව එළවලු පිරිසිදු ජලයෙන් සේදිය යුතුයි. ඉන්පසු ක්ලොරිනිකෘත ජලයෙහි මිනිත්තු 5ක් පමණ ගිල්වා තබා පසුව ජලය වියලීමට හැර කපා සකස් කල යුතුය. පසුව සිට්‍රික් ඇසිඩ් / අස්කොබික් ඇසිඩ් තනුක ද්‍රවණයේ දිලවා තිබිම සිදු කල යුතුය. පසුව හොඳින් ජලය සිදීමට හැර බර කිරා ඇසුරුම් කල යුතුය. හොඳින් කැපෙන පිහි භාවිතා කල යුතු අතර ඒවා විශබීජ හරණය කල යුතුය.


Source http://thewoman.lk/self-employement-ideas-for-start-ups/

Lankawe ewun owa karalama dei. :D
 

Bump1

Banned
Oct 19, 2017
247
22
0
ස්වයං වින්දනේ ගැන කියල හිතන් thread එකට ආවෙ