අනිල් ජයසේකර යහමින් මුදල්හදල් ඇත්තෙකි. සංචාරක ව්‍යාපාරය ඉහළම අයුරින් කරගෙන ගිය ඔහුට කිසිඳු අගහිඟයක් තිබුණේ නැත. ඔහුගේ නිවස පිහිටා තිබුණේ රාගම බටුවත්තේ ය. එය සියලු පහසුකම් සහිත දෙමහල් නිවසකි. ජයසේකර සිය බිරිය සමඟ එහි වාසය කළේ තනිව නොවේ. බිරියගේ දෙමාපියන් සහ නැගණිය ද සිටියේ එහියි. 2004 වර්ෂයේ නැගණිය ද විවාහයට සූදානමින් සිටියාය. එහි කටයුතු කෙරෙමින් තිබියදී තවත් ඥාති කාන්තාවක් ද ජයසේකර නිවසට පැමිණියාය. සියල්ලන්ම සිටියේ විවාහ මංගල්‍යය වෙනුවෙන් සූදානම් වෙමිනි. සංචාරකයින් රැගෙන යාමට නොතිබූ දිනවල ජයසේකර සිටියේ ද නිවසේය. දින සති ගෙවෙමින් විවාහයට දින ද ළංවෙමින් පැවතිණ. දිනක් රාත්‍රියේ නිවසේ සියල්ලෝ රැස්ව විවාහ උත්සවයේ ඉදිරි කටයුතු සාකච්ඡා කරමින් සිටියහ. එක්වරම ඉදිරිපස සීනුව නාද විය.
“කවුද?”
ඒ පැනය ජයසේකර මහත්මියගෙනි.
“අපි පොලිසියෙන්. මේක මිස්ටර් අනිල් ජයසේකරගෙ ගෙදර නේද? අපිට මේ ගේ පරීක්ෂා කරන්න වෙනවා. කරුණාකරලා ඉක්මනට දොර අරින්න.”
නිවසේ සියල්ලෝ තුෂ්ණිම්භූත වූහ. ඔවුන් එකිනෙකා මුහුණට මුහුණ බලාගත්තේ කළයුත්ත සිහි කැඳවාගත නොහැකිවය.
“අපිට රාජකාරියට පරක්කු වෙනවා. ඉක්මනට මේ දොර අරිනවා.”
ඒ අණට කීකරු වූ අනිල් වහාම ඉදිරිපස ප්‍රධාන දොරටුව විවෘත කළේය. ඒ සමඟ නිවසට පිවිසියේ හතරදෙනෙකුගේ කණ්ඩායමකි. පොලිස් නිල ඇඳුමෙන් සැරසුණු කිසිවකු එහි සිටියේ නැත. සැවොම සිවිල් ඇඳුමෙනි.
“අපිට මේ ගේ පරීක්ෂා කරන්න වෙනවා. අපිට ආරංචියක් තියෙනවා මෙයා මත්ද්‍රව්‍ය බිස්නස් කරනවා කියලා ටුවරිස්ට්ස්ලට. ඒ නිසා අපට මේ ගේම චෙක් කරන්න වෙනවා.”
ඒ ආරංචිය සමඟ නිවැසියෝ කලබලයට පත්වූහ. අභූත චෝදනාව පිළිබඳ කම්පා වනවා මිස පොලිසියේ මහත්වරුන්ගේ අනන්‍යතාව විමසීමට හෝ ඔවුන්ට කල්පනාවක් නොතිබිණ. පැමිණි පොලිස් කණ්ඩායම ආයුධ සන්නද්ධය. නිවස පුරා ඇවිද ගිය පිරිස ඊළඟට ගත් පියවර වෙනස්ම එකකි. අනිල් ජයසේකර ඇතුළු පිරිස කාමරයකට දමා අගුලු ලෑමට ඔවුහු කටයුතු කළහ. නිවැසියන්ට හොඳ සිහිය ආවේ එවිටය. මේ නම් පොලිස් මහත්වරුන් නොව, මහත් හොරුන් බව ඔවුන්ට වැටහිණ. එහෙත් අවබෝධය ලැබෙද්දී ඔවුන් බොහෝ ප්‍රමාදය. කරන්නට කිසිවක් නැත. සිදුවූයේ වෙන දේ බලා සිටීමට පමණි.
නඩු නොඅසාම නිවැසියන් කාමරයක සිරගත කළ බොරු පොලිස් කණ්ඩායමේ නියම සෙල්ලම ආරම්භ වූයේ ඊට පසුවයි. වටිනා කියන දේවල් සෙවීමේ මෙහෙයුම කඩිනමින් ක්‍රියාත්මක විය. අල්මාරිවල තිබූ රත්‍රන් භාණ්ඩවල වටිනාකම බොහෝය. ඒවා නිවැසියන්ගේම රෙදිවල ඔතා ගැනුණේ අධික ප්‍රීතියෙනි. සොරුන්ට ඇතිවූයේ නිධානයක් හිමිවූවා වැනි සතුටකි. කණ්ඩායම් නායකයා වූ ගාමිණී ඒ අතරේ ඉහළ මහලට ගියේ තවත් වස්තුව සෙවීමේ අරමුණෙනි. සෙස්සෝ පහළ මහලේම රැඳී සිටියහ. සිරිල්ගේ ඔලුවේ ඒ වෙලාවේ වැඩ කළේ වෙනත් සිතිවිල්ලකි. ඔහු නිවැසියන් රැඳී සිටි කාමරය අසලට ගියේය. වටපිට බලා තමන්ගේ ලොක්කා නැවත පහත මහලට ඉක්මනින් පැමිණෙන ලකුණු නොතිබුණු බැවින් ඔහු කාමරයේ දොර විවෘත කළේය. ඒ අතරින් ඇතුළට එබී බැලූ සිරිල් එක එල්ලේම බැලුවේ අනිල් ජයසේකරගේ බිරියගේ නැගණිය දෙසයි.
“මෙහෙ එනවා. මෙහෙ එනවා. තමුසෙගෙ රත්තරන් බඩු කොහෙද තියෙන්නෙ කියලා පෙන්නනවා. ඉක්මනට එනවා.”
ඇගේ මවත් පියාත් දියණිය තරයේ අල්ලාගත්හ. දියණිය පිටතට ගැනීමට ඔවුන් ඉඩ දුන්නේ නැත.
“උඹලා ඕන එකක් කරපල්ලා. අපිට කරදර කරන්න එපා.”
සිරිල්ට නිවැසියන්ගෙන් ලැබුණේ එවැනි පිළිතුරකි. එහෙත් සිරිල් පසුබැස්සේ නැත. ඔහු ඊළඟ අදියරට පිවිසියේ තියුණු පිහියක් ද රැගෙනය. කෙසේ හෝ ඔහු තරුණිය කාමරයෙන් පිටතට ගත්තේය. එවෙලේම තරුණිය මහහඬින් විලාප නැගුවාය. එය ඉහළ මහලේ සිටි ගාමිණීට ඇසිණ. ඔහු වහාම පහළට පැමිණියේය. තරුණිය සිරිල් සමඟින් පොරබදිමිනි. ගාමිණී අඩියට දෙකට දුවගෙන ආවේය. ඔහුගේ දෑතම ගියේ සිරිල්ගේ ගෙල වෙතයි. තරුණිය ඒ ඇසිල්ලේ ග්‍රහණයෙන් මිදී නැවත සිය සමීපතමයන් අතරට දිව්වාය. ගාමිණී සිරිල්ගේ බෙල්ලෙන් අල්ලාගෙන පහර පිට පහර කීපයක් ගැසීය.
“තෝ දැනගනිං. අපි නැතිබැරිකම්වලට කොල්ලකෑවට කුපාඩි වැඩ කරන උන් නෙමේ. ඒ නිසා මේ වගේ වැඩ කරලා ආයෙ අහුවෙන්න එපා මට.”
ගාමිණී සිරිල්ට තදින් පැවසීය. පසුව ඔහු සොරකම් කළ රත්‍රන් භාණ්ඩ පරීක්ෂා කළේය. ඒවා නැවත රෙදිකඩින් එතූ ගාමිණී අනතුරුව කාමරය දෙසට ගොස් තරුණියට කතා කළේය. ඇය පිටතට පැමිණීම ගැන දෙමාපියන් විරෝධය ප්‍රකාශ කළද ගාමිණී එය ගණනකට ගත්තේ නැත. පිටතට පැමිණි තරුණිය සමඟ ගාමිණී කතා කළේය.
“නංගී, මටත් උඹ වගේ නංගි කෙනෙක් ඉන්නවා. නැතිබැරිකම් හින්දා හොරකම්, කොල්ලකෑම් කළාට අපිත් හිතේ තෙතමනේ තියෙන අය. අපි අතින් වරදක් වුණානං සමාවෙයං.”
ගාමිණී එසේ කියද්දී තරුණියගේ ඇස් තිබුණේ රත්තරන් බඩු පොදිය දෙසය. ඇගේ දෑස් තෙත් විය. ඒ බව ගාමිණීට වැටහිණ.
“ඇයි මේකෙ උඹේ බඩු මොනවහරි තියෙනවාද?”
එය තරුණිය බලාපොරොත්තු වූ පැනයක් විය.
“මං ලබන මාසේ බඳින්න ඉන්නෙ. මං රස්සාවක් කරලා අමාරුවෙන් හොයාගත්ත සල්ලිවලින් තමයි රත්තරන් බඩු ටික ටික එකතු කරගත්තෙ. ඒ බඩුත් ඔතන තියෙනවා.”
ගාමිණී රත්‍රන් භාණ්ඩ පොට්ටනිය දිග හැරියේය. අනතුරුව මේසයක් මත තැබීය. සෙසු හොරු සේම තරුණිය ද අන්දමන්දව සිටියහ.
“මෙතන උඹේ බඩු තියෙනවනං ඒවා ගනිං.”
තරුණියට ඇතිවූයේ දැඩි ප්‍රීතියකි. ඇය වහාම පොදියේ වූ රත්‍රන් අතුරින් තමන්ට අයත් දෑ වෙන්කර ගත්තාය. අනතුරුව ඈ ගාමිණී දෙස බැලුවේ ස්තූතිපූර්වකවය.
“උඹ වෙඩින් එක හොඳට ගනිං.”
තරුණියට පැවසූ ගාමිණී සිය පිරිවර සමඟ එක් විය. ඉන්පසු සියල්ලෝ සොරාගත් භාණ්ඩ ද සමඟ නිවසින් පැන ගියහ. මේ සිදුවීම පොලිසියට වාර්තා විය. ඒ අනුව පරීක්ෂණ ආරම්භ විය. මාසයක පමණ කාලයක් ගත වූ පසු සොර කල්ලිය අල්ලාගැනීමට පොලිසිය සමත් විය. රන් භාණ්ඩ බොහොමයක් විකුණා තිබියදී සොයා ගැනීමට හැකියාව ලැබිණ.
රන් භාණ්ඩ ලැබුණද සොරුන් හඳුනාගැනීමට අවශ්‍ය විය. ඒ සඳහා හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට පියවර ගැනිණ. සොරුන් හඳුනාගැනීම සඳහා සොරකම සිදු වූ දා අනිල් ජයසේකරගේ නිවසේ සිටි සියලුදෙනා සහභාගි වූහ. පොලිස් භාරයට ගැනුණු සොරුන් සියලුදෙනා ඊට ඉදිරිපත් කිරීමට පියවර ගැනිණ. එකින් එක සෑමදෙනාම පාහේ හඳුනාගැනීමට ජයසේකර පවුලේ සාමාජිකයෝ සමත් වූහ. එහෙත් ඔවුන් කිසිවකුට පොලිස් භාරයේ සිටි අයෙකු පමණක් හඳුනාගැනීමට හැකිවූයේ නැත. ඔහු ගාමිණී ය. ගාමිණී පිළිබඳ මතකයක් කිසිවකුට තිබුණේ නැත. සැබැවින්ම මතක නොතිබුණා ද නොඑසේනම් කෘතගුණ සැලකුවේ ද යන්න දන්නේ ජයසේකර පවුල පමණි.