Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සාදු කාරය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාමන්‍යයෙන් බෞද්ධ දරුවකු පූජා ස්ථානයකට එක්කගෙන ගිය දෙමව්පියො පිළිම වහන්සේ පෙන්නලා “මේන්න පුතේ බුදුහාමුදුරුවෝ, සාදු! කියන්න” කියළා කියනවා අපි ඕන තරම් අහලා ඇති. ඒ වගේම සාදු කාර තුනක් දෙනවත් අහලා ඇති. තවත් අහල ඇති සාදු කාර තුනකට පස්සේ හතරවෙනි දිගට එක ඇදලා කියන සාදු කාරයකුත්. නිකමට හරි කවුරු හරි ඇහුවොත් ඇයි උඹලා සාදු කාර දෙන්නෙ කියලා, අපි දෙන උත්තරෙ මොකද්ද ? අපි බුදුහාමදුරුවන්ට, ස්වාමින්වහන්සේට වදින්නෙ සාදු කියල තමයි කියලා කියන්න පුළුවන්ද. බෞද්ධයන් හැටියට අපි කරන වැඩක් හෝ කියන කතාවක් ඇත්නම් එහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියල අපි ඒ කරණය හොදින් ඤාණවන්තව දැනගෙන තියෙන්නෙ ඕනෙ. එතකොටයි ඒක ඤාණ සම්ප්රයුක්තව කරන කටයුත්ත වෙන්නෙ. ඒක නිසා ඒවගෙ උත්තරයක් දීලා පැනලා යන්න බැහැ.

ඉතින් අපි බලමු මේ සාදුකාරයෙ ඇති වටිනාකම, ඇයි අපි සාදු කාර දෙන්නෙ, කුමන යාථාර්තයක්ද මේ සාදු කාරයෙ තියෙන්නෙ කියලා. ඊට කලින් බලන්න වෙනවා අපි සාදු කාර දෙන්නෙ කාටද කියලා, මොන වෙලාවකදි කියලා. කාටද කියලා බැලූවාම පෙනෙනවා බුදුපියාණන් වහන්සේගෙන් පටන් ගෙන සුපටිපන්න ආදි ගුණ ඇති සංඝයා වහන්සේට සහ උන්වහන්සේලා වෙනුවෙන් කරන පූජෝපහාර වලදි තමයි අපි සාදු කාර දෙන්නෙ. එතකොට හොඳින්ම පෙනෙනවා අපි මේ සාදුකාර දෙන්න ගුණවත් උතුමන්ට හෝ උන්වහන්සේලා උදෙසා කරන පුජෝපහාර අනුමෝදන් වීමටයි කියලා. කෙටියෙන් කියනවා නම් ගුණයක් මුල් කරගෙන කරන ඉතාමත් වටිනා කාර්යයකට කියලා.

ඉතින් අපි සාදු කාර තුනක් දෙන්නෙ ඇයි ? සහ දිගට ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියන්නෙ ඇයි ?

කායේන සංවරෝ සාධු

සාධු වාචාය සංවරෝ

මනසා සංවරෝ සාධු

සාධු සබ්බත්ත සංවරෝ

පලමු සාදුකාරය කුමක් සඳහාද….”කායේන සංවරෝ සාධූ” . කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. ඒවාගේම “මනසා සංවරෝ සාධූ” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.”සාධු සබ්බත්ත සංවරෝ” අන්න අර හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ ශාසන මාර්ගයට බහින කොටම. කුමක්ද කයින් සංවර වෙනවා කියන්නේ. මොනවද කයින් කෙරෙන දුසිරිත්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යචාරය කියන මේ කාරණා තුනකින් පෙන්වා දි තිබෙනවා. මෙන්න මේවායින් වැලකිලා ඉන්නව නම් කයින් සංවර භාවයට පත් වුනා. අන්න පළමු සාදුකාරය දෙන කොට මේ ගුණය මතක් වෙන්න ඕන. තමන් ලඟත් මේ ගුණය තියෙනව නම් තමා කෙරෙහිද සාදු කාරයක් දීගන්න පුළුවන් ඒවගේම බාහිරෙන් මේ ගුණය පෙනෙන්න තියෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදේසා සාදුකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට , ගුණ සංකේතවත් කිරීමට ප්‍රතිමා වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, එබඳු වන්නා වූ ප්රණ ඝාතයන් නොකෙරන ප්‍රදේශයක්, සොරකමක්, කාමමිත්‍යචාරය නොකරන ප්‍රදේශයකට ගිහාම සාධු ගුණය තියෙන ප්‍රදේශයක් කියන ගුණය මතක් වුනාම සාදු කාරය හිතට එන්න ඕනෙ. මෙන්න මේක තමයි පෙර කාලයේ සාදුකාරයක් නැගෙන්න හේතුව.

දෙවෙනි සාදු කාරය අරගෙන බලමු, ”සාධු වාචාය සංවරෝ”. වචනයෙන් සංවර වීම සාධු ගුණයක්. කොහොමද ඒ ගුණය ඇති කර ගන්නෙ, මුසාවාදයෙන් වෙන් වුනාම, පිසුනාවාචාවෙන් වෙන් වුනා නම්, පරුෂාවාචාවෙන් වෙන් වුනා නම්, සම්ප්‍රපලාපයෙන් වෙන් වුනා නම්, අන්න වචනයෙන් සංවරයි, වචනය සුචරිතයි, ඒ ගුණය යම් තැනක දැක්කා නම් දෙවෙනි සාදුකාරය මතක් වෙනවා. දෙවෙනි සාධුකාරය දෙන්න සුදුසු තැනක් දකින්න ලැබෙනවා.

තුන්වෙනි සාධුකාරය මොකක්ද “මනසා සංවරෝ සාධූ”. මනසින් සංවර වීම සාධු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිතය්‍යාදෘෂ්ඨි කියන මනසින් සිද්ධ වෙන පාප තුනක් තියෙනවා. අසංවරතාවන්, දුෂ්චරිතතාවයන් තුනක්. මෙන්න මේ කියන තුන දැන ගෙන ඇලිමෙන් , ගැටීමෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වුනු කෙනෙක්ගෙ චිත්ත පාරිශුද්ධිය නැගිලා හිතේ සංවරත්වය හට ගන්නවා. අන්න මනසින් සංවරත්වය හට ගත්තහම ඒක සාධු ගුණයක්.

එහෙනම් තමා තුල හෝ අන් අයෙක් තුල හෝ, ඊට ගැලපෙන ප්‍රදේශයක් දැකලා එවැනි ගුණයක් දැක්කා නම් මෙන්න මෙතනදි තුන් වන සාධුකාරය මතුවෙනවා. කයෙන් , වචනයෙන්, මනසින් යන තුනෙන්ම සංවර තැනක් දැක්කාම “සාධු සබ්බත්ත සංවරෝ” කියල සියලු ආකාරයෙන් සංවරත්වය නිසා සාදු කියනව කියල හතරවෙනි සාදු කාරය දුන්නා. ඉතින් මේ සාදු කාර හතර දුන්නේ ඔය කියන්නා වූ ගුණ තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන් වුනා වූ සුචරිතය තේරුම් අරගෙන, අන්න ඒ සුචරිතගාමී ගුණය මේකයි කියල දැක්කා නම් මෙන්න මේ දැකීම ඔප්නංවන්න තමයි අපි මේ සාදු කාර තුනක් දුන්නේ. හතරවෙනි සාධුකාරයක් දීල සියලු ආකාරයෙන් සංවරයි කියල චිත්තප්‍රසාදයක් ඇති කරගත්තා.

එහෙනම් යථාර්තවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා, පැහැදීමක් ඇති වෙන්න නම් ගුණ දැක පැහැදෙන්න ඕනෙ. එහෙනම් අපි බුදුගුණ දකින්නේ, ඉස්සෙල්ලාම මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වීම සුචරිතයක් කියල තේරුම් අරගෙන. එහෙනම් සාධු කියල විතරක් මදි. සාධු ගුණයට පත් වෙන්න ඕනෙ.

එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා, ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම.

උපුටා ගැනීම මෙම වටිනා ධර්ම දේශනාව ඇසුරෙනි.

[QUOTE="themiyabandara, post: 7748276, member: 67380"] සාමන්‍යයෙන් බෞද්ධ දරුවකු පූජා ස්ථානයකට එක්කගෙන ගිය දෙමව්පියො පිළිම වහන්සේ පෙන්නලා “මේන්න පුතේ බුදුහාමුදුරුවෝ, සාදු! කියන්න” කියළා කියනවා අපි ඕන තරම් අහලා ඇති. ඒ වගේම සාදු කාර තුනක් දෙනවත් අහලා ඇති. තවත් අහල ඇති සාදු කාර තුනකට පස්සේ හතරවෙනි දිගට එක ඇදලා කියන සාදු කාරයකුත්. නිකමට හරි කවුරු හරි ඇහුවොත් ඇයි උඹලා සාදු කාර දෙන්නෙ කියලා, අපි දෙන උත්තරෙ මොකද්ද ? අපි බුදුහාමදුරුවන්ට, ස්වාමින්වහන්සේට වදින්නෙ සාදු කියල තමයි කියලා කියන්න පුළුවන්ද. බෞද්ධයන් හැටියට අපි කරන වැඩක් හෝ කියන කතාවක් ඇත්නම් එහෙම කරන්නේ මෙන්න මේ හේතුවටයි කියල අපි ඒ කරණය හොදින් ඤාණවන්තව දැනගෙන තියෙන්නෙ ඕනෙ. එතකොටයි ඒක ඤාණ සම්ප්රයුක්තව කරන කටයුත්ත වෙන්නෙ. ඒක නිසා ඒවගෙ උත්තරයක් දීලා පැනලා යන්න බැහැ. ඉතින් අපි බලමු මේ සාදුකාරයෙ ඇති වටිනාකම, ඇයි අපි සාදු කාර දෙන්නෙ, කුමන යාථාර්තයක්ද මේ සාදු කාරයෙ තියෙන්නෙ කියලා. ඊට කලින් බලන්න වෙනවා අපි සාදු කාර දෙන්නෙ කාටද කියලා, මොන වෙලාවකදි කියලා. කාටද කියලා බැලූවාම පෙනෙනවා බුදුපියාණන් වහන්සේගෙන් පටන් ගෙන සුපටිපන්න ආදි ගුණ ඇති සංඝයා වහන්සේට සහ උන්වහන්සේලා වෙනුවෙන් කරන පූජෝපහාර වලදි තමයි අපි සාදු කාර දෙන්නෙ. එතකොට හොඳින්ම පෙනෙනවා අපි මේ සාදුකාර දෙන්න ගුණවත් උතුමන්ට හෝ උන්වහන්සේලා උදෙසා කරන පුජෝපහාර අනුමෝදන් වීමටයි කියලා. කෙටියෙන් කියනවා නම් ගුණයක් මුල් කරගෙන කරන ඉතාමත් වටිනා කාර්යයකට කියලා. ඉතින් අපි සාදු කාර තුනක් දෙන්නෙ ඇයි ? සහ දිගට ඇදලා හතරවෙනි වතාවටත් සාදු කියන්නෙ ඇයි ? කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ත සංවරෝ පලමු සාදුකාරය කුමක් සඳහාද….”කායේන සංවරෝ සාධූ” . කයින් සංවර වීම සුහද ගුණයක්, සාධු ගුණයක්. “සාධු වාචාය සංවරෝ” වචනයෙන් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්. ඒවාගේම “මනසා සංවරෝ සාධූ” මනසින් සංවර වීම තවත් සුචරිත ගුණයක්, සාධු ගුණයක්.”සාධු සබ්බත්ත සංවරෝ” අන්න අර හතර වෙනියට ඇදල දුන්නු සාධුකාරය. සියලු ආකාරයෙන්ම සංවර වීම සාධු ගුණයක්. මෙන්න මේ ටික තමයි අපි ඉස්සෙල්ලාම කියන්න පටන් ගත්තේ ශාසන මාර්ගයට බහින කොටම. කුමක්ද කයින් සංවර වෙනවා කියන්නේ. මොනවද කයින් කෙරෙන දුසිරිත්. ප්‍රාණඝාතය, සොරකම, කාම මිත්‍යචාරය කියන මේ කාරණා තුනකින් පෙන්වා දි තිබෙනවා. මෙන්න මේවායින් වැලකිලා ඉන්නව නම් කයින් සංවර භාවයට පත් වුනා. අන්න පළමු සාදුකාරය දෙන කොට මේ ගුණය මතක් වෙන්න ඕන. තමන් ලඟත් මේ ගුණය තියෙනව නම් තමා කෙරෙහිද සාදු කාරයක් දීගන්න පුළුවන් ඒවගේම බාහිරෙන් මේ ගුණය පෙනෙන්න තියෙන භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වනක් පිරිස උදේසා සාදුකාරයක් දෙන්න පුළුවන්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ගුණ මෙනෙහි කිරීමට , ගුණ සංකේතවත් කිරීමට ප්‍රතිමා වහන්සේ, බෝධිරාජයාණන් වහන්සේ, එබඳු වන්නා වූ ප්රණ ඝාතයන් නොකෙරන ප්‍රදේශයක්, සොරකමක්, කාමමිත්‍යචාරය නොකරන ප්‍රදේශයකට ගිහාම සාධු ගුණය තියෙන ප්‍රදේශයක් කියන ගුණය මතක් වුනාම සාදු කාරය හිතට එන්න ඕනෙ. මෙන්න මේක තමයි පෙර කාලයේ සාදුකාරයක් නැගෙන්න හේතුව. දෙවෙනි සාදු කාරය අරගෙන බලමු, ”සාධු වාචාය සංවරෝ”. වචනයෙන් සංවර වීම සාධු ගුණයක්. කොහොමද ඒ ගුණය ඇති කර ගන්නෙ, මුසාවාදයෙන් වෙන් වුනාම, පිසුනාවාචාවෙන් වෙන් වුනා නම්, පරුෂාවාචාවෙන් වෙන් වුනා නම්, සම්ප්‍රපලාපයෙන් වෙන් වුනා නම්, අන්න වචනයෙන් සංවරයි, වචනය සුචරිතයි, ඒ ගුණය යම් තැනක දැක්කා නම් දෙවෙනි සාදුකාරය මතක් වෙනවා. දෙවෙනි සාධුකාරය දෙන්න සුදුසු තැනක් දකින්න ලැබෙනවා. තුන්වෙනි සාධුකාරය මොකක්ද “මනසා සංවරෝ සාධූ”. මනසින් සංවර වීම සාධු ගුණයක්. කොහොමද මනසින් සංවර වෙන්නේ. අභිජ්ජා, ව්‍යාපාද, මිතය්‍යාදෘෂ්ඨි කියන මනසින් සිද්ධ වෙන පාප තුනක් තියෙනවා. අසංවරතාවන්, දුෂ්චරිතතාවයන් තුනක්. මෙන්න මේ කියන තුන දැන ගෙන ඇලිමෙන් , ගැටීමෙන් අයින් වෙලා ඉන්න කෙනෙක්. එහෙම නැත්නම් ලෝභයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් වෙන් වුනු කෙනෙක්ගෙ චිත්ත පාරිශුද්ධිය නැගිලා හිතේ සංවරත්වය හට ගන්නවා. අන්න මනසින් සංවරත්වය හට ගත්තහම ඒක සාධු ගුණයක්. එහෙනම් තමා තුල හෝ අන් අයෙක් තුල හෝ, ඊට ගැලපෙන ප්‍රදේශයක් දැකලා එවැනි ගුණයක් දැක්කා නම් මෙන්න මෙතනදි තුන් වන සාධුකාරය මතුවෙනවා. කයෙන් , වචනයෙන්, මනසින් යන තුනෙන්ම සංවර තැනක් දැක්කාම “සාධු සබ්බත්ත සංවරෝ” කියල සියලු ආකාරයෙන් සංවරත්වය නිසා සාදු කියනව කියල හතරවෙනි සාදු කාරය දුන්නා. ඉතින් මේ සාදු කාර හතර දුන්නේ ඔය කියන්නා වූ ගුණ තේරුම් අරගෙන. දස අකුසලයෙන් වෙන් වුනා වූ සුචරිතය තේරුම් අරගෙන, අන්න ඒ සුචරිතගාමී ගුණය මේකයි කියල දැක්කා නම් මෙන්න මේ දැකීම ඔප්නංවන්න තමයි අපි මේ සාදු කාර තුනක් දුන්නේ. හතරවෙනි සාධුකාරයක් දීල සියලු ආකාරයෙන් සංවරයි කියල චිත්තප්‍රසාදයක් ඇති කරගත්තා. එහෙනම් යථාර්තවත් ශ්‍රද්ධාවක් ඇති වෙලා, පැහැදීමක් ඇති වෙන්න නම් ගුණ දැක පැහැදෙන්න ඕනෙ. එහෙනම් අපි බුදුගුණ දකින්නේ, ඉස්සෙල්ලාම මෙන්න මේ දස අකුසලයෙන් වෙන් වීම සුචරිතයක් කියල තේරුම් අරගෙන. එහෙනම් සාධු කියල විතරක් මදි. සාධු ගුණයට පත් වෙන්න ඕනෙ. එහෙනම් අපිට තේරුම් ගන්න දෙයක් තියෙනවා, ඕන එකටයි එපා එකටයි කිසිම තේරුම්ක් නැතුව “සාදු ! සාදු !! සාදු !!!” කියන්නේ නැතුව ගුණයක් දැකලා ගුණයක පිහිටලා දෙන සාදු කාරයේ වටිනාකම. උපුටා ගැනීම මෙම වටිනා ධර්ම දේශනාව ඇසුරෙනි. [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom