Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සාසනයේ පැවැත්ම විනය යි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සාසනයේ පැවැත්ම විනය යි

බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දේශනා කරන ලද ධර්මය පිටක වශයෙන් වෙන් කරන ලද්දේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු වය.

උන්වහන්සේ විසින් දේශිත ධර්මය ප්‍රථම සංගායනාවේදී ධර්ම විනය වශයෙන් දෙකොටසකට බෙදා සාකච්ඡා කොට ඒවා සුරැකිව පවත්වාගෙන යාම සඳහා ව්‍යක්ත ප්‍රතිබල භික්ෂු කණ්ඩායම්වලට පැවරීම ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ.

බෞද්ධ චින්නතනයට බෞද්ධ ශාසනයට සංසාර විමුක්තියට අදාළ දේශනා ධර්ම කාණ්ඩ යටතේ භික්ෂූ භික්ෂුණී දෙපිරිසේ පුද්ගල පාරිශුද්ධියට හා ශ්‍රමණ ධර්මය ආරක්ෂා කර ගැනීමට අදාළ දේශනා “ විනය” කාණ්ඩයටත් ඇතුළත් විය. සූත්‍ර පිටකය, විනය පිටකය නමින් අප හඳුන්වා ඇත්තේ එසේ සංගෘහිත ධර්මය යි.

ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන විටත් විනය හා සම්බන්ධ දේශනාවලට ප්රමුඛත්වයක් ලැබී තිබිණ. එම සංගායනාවේ දී ප්‍රථමයෙන් ම විමර්ශනයට භාජනය වූයේ විනය සම්බන්ධ දේශනාවන් වීමෙන් ඒ බව තහවුරු වන්නේ ය. ප්‍රථම සංගායනාව පැවැත්වීමට ආසන්න හේතුව වූයේද භික්ෂු විනයට අදාළ ප්රශ්නයකි. එනම් සුභද්‍ර නම් භික්ෂුවක විසින් ප්‍රකාශ කරන ලද අමනෝඥ කථාවකි. බුදුරදුන් පිරිනිවන් පෑම නිසා ශෝකයට පත් පෘථග්ජන භික්ෂූන් හඬනු, වැලපෙනු දුටු සුභද්‍ර” දැන් හඬන්නේ, වැලපෙන්නේ කවර හෙයින්ද, මෙය කළ යුතුය.මෙය නොකළ යුතුය,ආදි වශයෙන් අප වෙහෙසට පත් කළ ශ්‍රමණ භවත් ගෞතමයන් දැන් නැති නිසා අප සිත්සේ කටයුතු කළ හැකි වන්නේය “ යි කියමින් හැසිරෙන්නට විය. මෙය දුටු මහ තෙරුන් වහන්සේලා දැන් තත්වය මෙසේ නම් අනාගතයේ දි කෙබඳු දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවනු ඇතිදැයි සංවේගයට පැමිණ ධර්ම සංගායනාවක් පැවැත්වීමට යුහුසුළු වූහ. ප්‍රථම ධර්ම සංගායනාව එහි ප්රතිඵලයයි. විනය සම්බන්ධ දේශනා පළමුවෙන් සංගායනා කරන්නට තීරණය වූයේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට මූලාධාර වන්නේ විනය නිසාය.

බුදුරදුන් විසින් විනයට අදාළව දේශනා කරන ලද ධර්ම කාරණා, ගිහි විනය පැවිදි විනය , වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. ගිහි විනයට අදාල කරුණු සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත වන අතර පැවිදි විනයට අදාළ කරුණු පාතිමොක්ඛ ,පාරාජිකා පාලි නමින් ද පාලි චුල්ලවග්ග, මහාවග්ග පරිවාර පාලි යන සූත්‍රවල ඇතුළත් වේ. විනය පිටකයට අයත් ග්‍රන්ථවල විද්‍යමාන වන කරුණු මූලික සුත්‍ර දේශනාවලද දැකිය හැකි වෙතත් ඒ සියල්ල වෙනම ම සංග්‍රහ කර ඇත්තේ එහි වැදගත්කම නිසාය.

ථෙරවාදීන් මෙන් ම මහා යානිකයන්ද විනය පිටකයට ප්රමුඛත්වයක් දී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ දෙපිරිසට අයත් විනය සම්ප්රදායන්හි යම් යම් වෙනස්කම් විද්‍යාමාන වෙතත් හර වශයෙන් එක හා සමානය. විස්තර වශයෙන් ථේරවාදීන්ගේ විනය පිටකයට වඩා මහායානිකයන්ගේ විනය පිටකය ඉදිරියෙන් සිටී. ඊට අයත් ග්රන්ථ සංඛ්‍යාව 25 කි.

ථෙරවාදි විනය පිටකයේ ග්‍රන්ථවල ඇතුළත් වන විනය ශික්ෂාවන් “චාරිත්‍ර ශීල” හා වාරිත්‍ර ශීල” යනුවෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. වැළැකිය යුතු කරුණු වාරිත්‍ර ශීල නමිනුත්, පිළිපැදිය යුතු කරුණු චාරිත්‍ර ශීල හෙවත් සමාදාන ශීල නමිනුත් හැඳීන්වේ.

“විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි.

විනය යන්නෙන් අදහස් කරන්නේ ශික්ෂාපද සමූහයක් හෝ නීති රීති සමුහයක් නොව භික්ෂු භික්ෂුණී දෙපිරිස තුළ පැවතිය යුතු ශික්ෂණයයි. ශික්ෂාපද නමින් හඳුන්වන්නේ එම ශික්ෂණය ඇති කර ගැනීමට ඉවහල් වන නීති රීති සමූහය යයි. එම ශික්ෂාපද පනවා ඇත්තේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සංවරය, හැදියාව සහ හික්මීම තහවුරු කරණු පිණිසය. විවිධ වූත් විශේෂ වුත් න්‍යායයන් මගින් ශ්‍රාවකයන්ගේ කාය වාග් සංවරය ඇති කරන්නේය යන අර්ථයෙන් “ විනය” යන පදය සැකසී ඇතැයි සමන්තපාසාදිකාවේ එන අර්ථ නිරූපනයෙන් ද ඒ බව තහවුරු වේ. විනය පිටකය පුරාම ඇතුළත් වන්නේ ආභි සමාචාරික හා ආදි බ්‍රහ්ම චරියක ශික්ෂාවන් සමූහයකි. ඒවා ශ්‍රාවකයන් විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවෙයි. ඒවා නොපිළිපදින්නේ නම්, ඔහු ශ්‍රාවකයෙක් නොවේ.

භික්ෂූන් වෙනුවෙන් විනය ප්රඥප්ති පැනවීම ආරම්භ වූයේ බුද්ධත්වයෙන් වසර 20 කට පසුවය. එතෙක් භික්ෂූ චර්යාවන් සකස් වූයේ ස්වයං ශික්ෂණයයෙහි මුල් යුගයේ දී. භික්ෂූන් සඳහා එබඳු නීති පැනවීමක් අවශ්‍ය නොවූයේ උන්වහන්සේලා මූලික බුද්ධ දේශනාවන්ට අනුකූලව කෙළෙස් නැසීමේ එකම අරමුණින් ශ්‍රමණ ධර්මය ආරක්ෂා කළ බැවිනි. පහාරාද සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට මුල් යුගයේ භික්ෂූන් ජීවත්වීම සඳහා හෝ විනය ශික්ෂාපද කඩ නොකළහ. ඉන්ද්‍රියයන්ට යටත් නොවූ උන්වහන්සේලා ඉන්ද්‍රියන් තමන්ට යටත් කොටගෙන ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙහි පිහිටා සිටියහ.

භික්ෂූන් වහන්සේ නමක් තුළ තිබිය යුතු ලක්ෂණ සතරක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ඒවා නම් ප්රාතිමෝක්ෂ සංවරය, ආචාර ගෝචර සම්පන්නය සුලු වරදෙහි පවා බිය දක්නා සුලු වීම හා විනය පනවා ශික්ෂාපද නොඉක්මවීමයි. සතර ඉරියව්වලදී සිහි නුවනින් යුතුව ආචාර ගෝචර සම්පන්නව, ඇසුරු කළ යුතු නොකළ යුතු ගෝචර ස්ථාන හා අගෝචර ස්ථාන පිළිපැද අවබෝධයෙන් කාය වාග් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම නිසා මුල් යුගයේ භික්ෂූන් වෙනුවෙන් විනය ශික්ෂා පද පැනවීමක් අවශ්‍ය නොවීය.උන්වහන්සේලා සංවරයෙන් යුතුව ශීල සම්පන්නව ශ්‍රමණ ධර්මය පිරූ බැවිනි.

විනය යනු ද ශීලයයි.රාග දෝස, මෝහ යන අකුසල මූලයන් යටපත් කොට පුද්ගලයා උසස් තත්ත්වයට පත් කිරීමට ඉවහල් වන්නේ ශීලයයි. එහි පදනම විනය වන නිසා එය බෞද්ධ ප්‍රතිපදාවේ ආදිචරණය ලෙස ද හැඳින්විය හැකිය. ශීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් පදනම් වන බැවින් බෞද්ධ විමුක්ති මාර්ගයෙහිදී විනයට හෙවත් ශික්ෂණයට ප්රමුඛත්වයක් හිමි වී තිබේ.විනයෙහි ඇති ප්‍රයෝජන බුදු දහමෙහි විස්තර කර ඇත්තේ මෙසේය.

“විනය කාය වාග් සංවරය සඳහා සංවරය විපිළිසර නොවීම පිණිසය. විපිළිසර නොවීම නම් පී‍්‍රතිය සඳහාය. නැවුම් පී‍්‍රතිය මහත් වූ පී‍්‍රතිය සඳහාය. පී‍්‍රතිය නාම ධර්මයන්ගේ සන්සිඳීම සඳහා ය. නාම ධර්මයන්ගේ සන්සිඳීම සැපය සඳහාය. සැපය චිත්ත ඒකාග්‍රතාව සඳහාය . සිතෙහි ඇතිවන එක¼ග බව ඇත්තා ඇති සැටියෙන් දැකීම සඳහා ය.

ඇත්ත ඇති සැටියෙන් දැකීම සසර කළකිරීම පිණිසය. සසර කළ කිරීම එහි නො ඇලීම පිණිසය. සසරෙහි නොඇලීම විමුක්තිය සඳහාත් විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය සඳහාත් විමුක්ති ඥාන දර්ශනය, උපාදාන විරහිත වූ පරිනිර්වාන ය සඳහාත් හේතු වන්නේ ය.”

මේ දේශනය අනුව සංසාර විමුක්තියේ පදනම හෙවත් කාය වාග් සංවරය බව මැනැවින් පැහැදිලිවේ.

බෞද්ධ ඉගැන්වීම් අනුව පුද්ගලයාගේ චරිත සංවර්ධනය කොටස් දෙකකින් සමන්විතය. එනම් විද්‍යාව හා චරණයයි. “විජ්ජාචරණ සම්පන්නෝ” යන පාඨයෙන් ඒ බව ප්‍රකාශිත ය. විද්‍යාව යනු දැනීමයි. චරණය යනු ශික්ෂණයයි. ශික්ෂණය හෙවත් විනය අයත් වන්නේ මරණයටය. විද්‍යාව හා චරණය සාපේක්ෂ වශයෙන් එකිනෙකට බද්ධව පැවතිය යුතු අතර පුද්ගල සංවර්ධනය ඇති වන්නේ එබඳු සමවායයකින් පමණි. විද්‍යාවෙන් තොර චරණයත් , චරණයෙන් තොර විද්‍යාවත් පුද්ගල සංවර්ධනය මෙන් ම සමාජ පැවැත්මට ද හිතකර නොවේ.වර්තමාන සමාජයේ බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ මේ සමවාය බිඳී යාමෙනි.

භික්ෂූන් උදෙසා විනය ශික්ෂාපාද පැනවීමේ අවශ්‍යතාව පැන නැගුණේ බුද්ධත්වයෙන් වසර 20 ක් ඉක්මයාමෙනි. විනය ශික්ෂාපද පැනවීමට හේතු වූ කරුණු සතරක් පාරාජිකා පාලියෙහි දැක්වේ. මේවා හඳුන්වන්නේ ආසවට්ඨානීය ධර්ම නමිනි .

1. ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම

2. සංඝයා සංඛ්‍යාත්මකව වැඩිවීම

3. සංඝයාට ලැබෙන ලාභ සත්කාර වැඩිවීම

4. සංඝයා බහුශ්‍රැත භාවයෙන් මහත් බවට පත්වීම

2වන කොටස බලන්න

කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති

රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය

ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති

ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි

[QUOTE="SeriousGuy, post: 14894378, member: 418757"] [b]සාසනයේ පැවැත්ම විනය යි[/b] [IMG]http://cdn.c.photoshelter.com/img-get/I0000_tfXW.4uvdI/s/900/900/h-14116056.jpg[/IMG] [SIZE="4"]බුදුරජාණන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දේශනා කරන ලද ධර්මය පිටක වශයෙන් වෙන් කරන ලද්දේ ප්‍රථම ධර්ම සංගායනාවේදීය. එනම් බුද්ධ පරිනිර්වාණයෙන් මාස තුනකට පසු වය. උන්වහන්සේ විසින් දේශිත ධර්මය ප්‍රථම සංගායනාවේදී ධර්ම විනය වශයෙන් දෙකොටසකට බෙදා සාකච්ඡා කොට ඒවා සුරැකිව පවත්වාගෙන යාම සඳහා ව්‍යක්ත ප්‍රතිබල භික්ෂු කණ්ඩායම්වලට පැවරීම ශාසන ඉතිහාසයෙහි සඳහන් වේ. බෞද්ධ චින්නතනයට බෞද්ධ ශාසනයට සංසාර විමුක්තියට අදාළ දේශනා ධර්ම කාණ්ඩ යටතේ භික්ෂූ භික්ෂුණී දෙපිරිසේ පුද්ගල පාරිශුද්ධියට හා ශ්‍රමණ ධර්මය ආරක්ෂා කර ගැනීමට අදාළ දේශනා “ විනය” කාණ්ඩයටත් ඇතුළත් විය. සූත්‍ර පිටකය, විනය පිටකය නමින් අප හඳුන්වා ඇත්තේ එසේ සංගෘහිත ධර්මය යි. ප්‍රථම ධර්ම සංගායනාව පවත්වන විටත් විනය හා සම්බන්ධ දේශනාවලට ප්රමුඛත්වයක් ලැබී තිබිණ. එම සංගායනාවේ දී ප්‍රථමයෙන් ම විමර්ශනයට භාජනය වූයේ විනය සම්බන්ධ දේශනාවන් වීමෙන් ඒ බව තහවුරු වන්නේ ය. ප්‍රථම සංගායනාව පැවැත්වීමට ආසන්න හේතුව වූයේද භික්ෂු විනයට අදාළ ප්රශ්නයකි. එනම් සුභද්‍ර නම් භික්ෂුවක විසින් ප්‍රකාශ කරන ලද අමනෝඥ කථාවකි. බුදුරදුන් පිරිනිවන් පෑම නිසා ශෝකයට පත් පෘථග්ජන භික්ෂූන් හඬනු, වැලපෙනු දුටු සුභද්‍ර” දැන් හඬන්නේ, වැලපෙන්නේ කවර හෙයින්ද, මෙය කළ යුතුය.මෙය නොකළ යුතුය,ආදි වශයෙන් අප වෙහෙසට පත් කළ ශ්‍රමණ භවත් ගෞතමයන් දැන් නැති නිසා අප සිත්සේ කටයුතු කළ හැකි වන්නේය “ යි කියමින් හැසිරෙන්නට විය. මෙය දුටු මහ තෙරුන් වහන්සේලා දැන් තත්වය මෙසේ නම් අනාගතයේ දි කෙබඳු දුර්භාග්‍ය සම්පන්න තත්ත්වයක් උදාවනු ඇතිදැයි සංවේගයට පැමිණ ධර්ම සංගායනාවක් පැවැත්වීමට යුහුසුළු වූහ. ප්‍රථම ධර්ම සංගායනාව එහි ප්රතිඵලයයි. විනය සම්බන්ධ දේශනා පළමුවෙන් සංගායනා කරන්නට තීරණය වූයේ සම්බුද්ධ ශාසනයේ පැවැත්මට මූලාධාර වන්නේ විනය නිසාය. බුදුරදුන් විසින් විනයට අදාළව දේශනා කරන ලද ධර්ම කාරණා, ගිහි විනය පැවිදි විනය , වශයෙන් දෙකොටසකට බෙදිය හැකිය. ගිහි විනයට අදාල කරුණු සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත වන අතර පැවිදි විනයට අදාළ කරුණු පාතිමොක්ඛ ,පාරාජිකා පාලි නමින් ද පාලි චුල්ලවග්ග, මහාවග්ග පරිවාර පාලි යන සූත්‍රවල ඇතුළත් වේ. විනය පිටකයට අයත් ග්‍රන්ථවල විද්‍යමාන වන කරුණු මූලික සුත්‍ර දේශනාවලද දැකිය හැකි වෙතත් ඒ සියල්ල වෙනම ම සංග්‍රහ කර ඇත්තේ එහි වැදගත්කම නිසාය. ථෙරවාදීන් මෙන් ම මහා යානිකයන්ද විනය පිටකයට ප්රමුඛත්වයක් දී ඇති බව මෙහිදී සිහිපත් කළ යුතුය. මේ දෙපිරිසට අයත් විනය සම්ප්රදායන්හි යම් යම් වෙනස්කම් විද්‍යාමාන වෙතත් හර වශයෙන් එක හා සමානය. විස්තර වශයෙන් ථේරවාදීන්ගේ විනය පිටකයට වඩා මහායානිකයන්ගේ විනය පිටකය ඉදිරියෙන් සිටී. ඊට අයත් ග්රන්ථ සංඛ්‍යාව 25 කි. ථෙරවාදි විනය පිටකයේ ග්‍රන්ථවල ඇතුළත් වන විනය ශික්ෂාවන් “චාරිත්‍ර ශීල” හා වාරිත්‍ර ශීල” යනුවෙන් කොටස් දෙකකට වර්ග කළ හැකිය. වැළැකිය යුතු කරුණු වාරිත්‍ර ශීල නමිනුත්, පිළිපැදිය යුතු කරුණු චාරිත්‍ර ශීල හෙවත් සමාදාන ශීල නමිනුත් හැඳීන්වේ. “විනය” යන වචනයේ සරල තේරුම හික්මීමයි. එනම් කයින් හා වචනයෙන් හික්මීමයි. කාය වාග් සංවරය නමින් දැක්වෙන්නේත් එය මය. සමාජයේ කුඩාම සංවිධානය වූ පවුලේ සිට, කවර සමාජ සංවිධානයක වුවද යහ පැවැත්මක් , චිරස්තිථියක් රඳා පවතින්නේ එම සංවිධානයේ විනය හෙවත් චර්යා ධර්ම පද්ධතිය මතය. බුද්ධ ශාසනයද සංවිධානයකි. ඊට ඓතිහාසික පදනමක් මෙන්ම පැවැත්මක් ද තිබේ. ඒ අනුව බුදු සසුනේ පැවැත්මට එහි විනය පද්ධතිය අදාළ වෙයි. “ විනයෝ නාම සාසනස්ස ආයු” (ශාසනයේ ආයුෂ විනයයි) “ විනයෝ ඨිතෙ ශාසනං ඨිතං හෝති” (විනය පවතින කල්හි ශාසනය ද පවතී) යන බුද්ධ වචනයෙන් අවධාරණය වන්නේ ශාසනයත් විනයත් අතර තිබිය යුතු අවියෝජනීය සම්බන්ධයයි. විනය යන්නෙන් අදහස් කරන්නේ ශික්ෂාපද සමූහයක් හෝ නීති රීති සමුහයක් නොව භික්ෂු භික්ෂුණී දෙපිරිස තුළ පැවතිය යුතු ශික්ෂණයයි. ශික්ෂාපද නමින් හඳුන්වන්නේ එම ශික්ෂණය ඇති කර ගැනීමට ඉවහල් වන නීති රීති සමූහය යයි. එම ශික්ෂාපද පනවා ඇත්තේ ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ සංවරය, හැදියාව සහ හික්මීම තහවුරු කරණු පිණිසය. විවිධ වූත් විශේෂ වුත් න්‍යායයන් මගින් ශ්‍රාවකයන්ගේ කාය වාග් සංවරය ඇති කරන්නේය යන අර්ථයෙන් “ විනය” යන පදය සැකසී ඇතැයි සමන්තපාසාදිකාවේ එන අර්ථ නිරූපනයෙන් ද ඒ බව තහවුරු වේ. විනය පිටකය පුරාම ඇතුළත් වන්නේ ආභි සමාචාරික හා ආදි බ්‍රහ්ම චරියක ශික්ෂාවන් සමූහයකි. ඒවා ශ්‍රාවකයන් විසින් අනිවාර්යයෙන්ම පිළිපැදිය යුතුවෙයි. ඒවා නොපිළිපදින්නේ නම්, ඔහු ශ්‍රාවකයෙක් නොවේ. භික්ෂූන් වෙනුවෙන් විනය ප්රඥප්ති පැනවීම ආරම්භ වූයේ බුද්ධත්වයෙන් වසර 20 කට පසුවය. එතෙක් භික්ෂූ චර්යාවන් සකස් වූයේ ස්වයං ශික්ෂණයයෙහි මුල් යුගයේ දී. භික්ෂූන් සඳහා එබඳු නීති පැනවීමක් අවශ්‍ය නොවූයේ උන්වහන්සේලා මූලික බුද්ධ දේශනාවන්ට අනුකූලව කෙළෙස් නැසීමේ එකම අරමුණින් ශ්‍රමණ ධර්මය ආරක්ෂා කළ බැවිනි. පහාරාද සූත්‍රයෙහි සඳහන් වන ආකාරයට මුල් යුගයේ භික්ෂූන් ජීවත්වීම සඳහා හෝ විනය ශික්ෂාපද කඩ නොකළහ. ඉන්ද්‍රියයන්ට යටත් නොවූ උන්වහන්සේලා ඉන්ද්‍රියන් තමන්ට යටත් කොටගෙන ප්රාතිමෝක්ෂ සංවර ශීලයෙහි පිහිටා සිටියහ. භික්ෂූන් වහන්සේ නමක් තුළ තිබිය යුතු ලක්ෂණ සතරක් බුදුන් වහන්සේ පෙන්වා දී තිබේ. ඒවා නම් ප්රාතිමෝක්ෂ සංවරය, ආචාර ගෝචර සම්පන්නය සුලු වරදෙහි පවා බිය දක්නා සුලු වීම හා විනය පනවා ශික්ෂාපද නොඉක්මවීමයි. සතර ඉරියව්වලදී සිහි නුවනින් යුතුව ආචාර ගෝචර සම්පන්නව, ඇසුරු කළ යුතු නොකළ යුතු ගෝචර ස්ථාන හා අගෝචර ස්ථාන පිළිපැද අවබෝධයෙන් කාය වාග් සංවරයෙන් යුක්තව කටයුතු කිරීම නිසා මුල් යුගයේ භික්ෂූන් වෙනුවෙන් විනය ශික්ෂා පද පැනවීමක් අවශ්‍ය නොවීය.උන්වහන්සේලා සංවරයෙන් යුතුව ශීල සම්පන්නව ශ්‍රමණ ධර්මය පිරූ බැවිනි. විනය යනු ද ශීලයයි.රාග දෝස, මෝහ යන අකුසල මූලයන් යටපත් කොට පුද්ගලයා උසස් තත්ත්වයට පත් කිරීමට ඉවහල් වන්නේ ශීලයයි. එහි පදනම විනය වන නිසා එය බෞද්ධ ප්‍රතිපදාවේ ආදිචරණය ලෙස ද හැඳින්විය හැකිය. ශීලය සමාධියටත් සමාධිය ප්‍රඥාවටත් පදනම් වන බැවින් බෞද්ධ විමුක්ති මාර්ගයෙහිදී විනයට හෙවත් ශික්ෂණයට ප්රමුඛත්වයක් හිමි වී තිබේ.විනයෙහි ඇති ප්‍රයෝජන බුදු දහමෙහි විස්තර කර ඇත්තේ මෙසේය. “විනය කාය වාග් සංවරය සඳහා සංවරය විපිළිසර නොවීම පිණිසය. විපිළිසර නොවීම නම් පී‍්‍රතිය සඳහාය. නැවුම් පී‍්‍රතිය මහත් වූ පී‍්‍රතිය සඳහාය. පී‍්‍රතිය නාම ධර්මයන්ගේ සන්සිඳීම සඳහා ය. නාම ධර්මයන්ගේ සන්සිඳීම සැපය සඳහාය. සැපය චිත්ත ඒකාග්‍රතාව සඳහාය . සිතෙහි ඇතිවන එක¼ග බව ඇත්තා ඇති සැටියෙන් දැකීම සඳහා ය. ඇත්ත ඇති සැටියෙන් දැකීම සසර කළකිරීම පිණිසය. සසර කළ කිරීම එහි නො ඇලීම පිණිසය. සසරෙහි නොඇලීම විමුක්තිය සඳහාත් විමුක්තිය, විමුක්ති ඥාන දර්ශනය සඳහාත් විමුක්ති ඥාන දර්ශනය, උපාදාන විරහිත වූ පරිනිර්වාන ය සඳහාත් හේතු වන්නේ ය.” මේ දේශනය අනුව සංසාර විමුක්තියේ පදනම හෙවත් කාය වාග් සංවරය බව මැනැවින් පැහැදිලිවේ. බෞද්ධ ඉගැන්වීම් අනුව පුද්ගලයාගේ චරිත සංවර්ධනය කොටස් දෙකකින් සමන්විතය. එනම් විද්‍යාව හා චරණයයි. “විජ්ජාචරණ සම්පන්නෝ” යන පාඨයෙන් ඒ බව ප්‍රකාශිත ය. විද්‍යාව යනු දැනීමයි. චරණය යනු ශික්ෂණයයි. ශික්ෂණය හෙවත් විනය අයත් වන්නේ මරණයටය. විද්‍යාව හා චරණය සාපේක්ෂ වශයෙන් එකිනෙකට බද්ධව පැවතිය යුතු අතර පුද්ගල සංවර්ධනය ඇති වන්නේ එබඳු සමවායයකින් පමණි. විද්‍යාවෙන් තොර චරණයත් , චරණයෙන් තොර විද්‍යාවත් පුද්ගල සංවර්ධනය මෙන් ම සමාජ පැවැත්මට ද හිතකර නොවේ.වර්තමාන සමාජයේ බොහෝ අර්බුද නිර්මාණය වී ඇත්තේ මේ සමවාය බිඳී යාමෙනි. භික්ෂූන් උදෙසා විනය ශික්ෂාපාද පැනවීමේ අවශ්‍යතාව පැන නැගුණේ බුද්ධත්වයෙන් වසර 20 ක් ඉක්මයාමෙනි. විනය ශික්ෂාපද පැනවීමට හේතු වූ කරුණු සතරක් පාරාජිකා පාලියෙහි දැක්වේ. මේවා හඳුන්වන්නේ ආසවට්ඨානීය ධර්ම නමිනි . 1. ශාසනය ආරම්භ වී දිගු කලක් ගතවීම 2. සංඝයා සංඛ්‍යාත්මකව වැඩිවීම 3. සංඝයාට ලැබෙන ලාභ සත්කාර වැඩිවීම 4. සංඝයා බහුශ්‍රැත භාවයෙන් මහත් බවට පත්වීම [/SIZE] 2වන කොටස බලන්න --------------------------------------------- [SIZE="3"][IMG]http://www.lakehouse.lk/budusarana/2012/02/14/z_p13-sasu.jpg[/IMG] කතරගම කිරි වෙහෙර රාජ මහා විහාරාධිපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ඌව - වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නා හිමි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom