සාෆිගේ ඇත්ත කතාව

athal eka

Member
Oct 29, 2018
418
32
0
සාෆිගේ ඇත්ත කතාව

සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වඳභාවයට පත් කරන ලදැයි කුරුණෑගල රෝහලේ වෛද්‍ය සියාබ්දීන් සාෆිට එරෙහිව චෝදනා එල්ල කිරීමට හේතුව වී ඇත්තේ කෝටි ගණනක් වටිනා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමට තිබූ තරඟයයක් බව කුරුණෑගල DIG කිත්සිරි ජයලත් මහතා රහස් පොලිසියේදී ප්‍රකාශ කර ඇත.
සාෆි වෛද්‍යවරයා විසින් මෑතකදී කුරුණෑගල වැව රවුමේ ගොඩනැගිල්ලක් මිලදී ගෙන තිබිණි. මෙම ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා තවත් පාර්ශ්වයක් ද ඉදිරිපත්ව සිට ඇති අතර ඔවුන් කුරුණෑගල සිංහල වෙළඳ සංගමය නියෝජනය කරන පිරිසක් බවත් පැවසේ.

ගොඩනැගිල්ල මිලදී ගැනීම සඳහා දෙපාර්ශ්වය තරගයක නියැළෙද්දී රුපියල් කෝටි 13ක පමණ මුදලකට සාෆි වෛද්‍යවරයා විසින් එය මිලදී ගෙන තිබේ. මෙහිදී උරණ වූ අනෙක් පාර්ශ්වය වෛද්‍යවරයාගෙන් පළිගැනීම සඳහා කුරුණෑගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහාය ඉල්ලා ඇති අතර ඒ වෙනුවෙන් මුදලක් ගෙවීමටද පොරොන්දුවී ඇත. එකම පාසලේකමට හා ලබා දෙනවා යැයි පැවසූ මුදල නිසා ඊට එකඟ වී ඇති නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අණින්, සාෆි වෛද්‍යවරයා අයථා ලෙස වත්කම් උපයා ඇති බවට චෝදනාවක් යටතේ අත් අඩංගුවට ගෙන ඇත.

එහෙත් අයථා වත්කම් පිළිබඳ විමර්ශනය කිරීම පොලිස් දෙපාර්තමේන්තුවට අයත් වගකීමක් නොවන අතර එය අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ වගකීමකි. එම චෝදනා යටතේ පුද්ගලයින් අත් අඩංගුවට ගැනීමේ අධිකරණ බලය ඇත්තේ ද පොලිසියට නොව අල්ලස් කොමිසමටය. එහෙයින් වෛද්‍යවරයා අත් අඩංගුවට ගැනීමට හැකියාවක් පොලිසියට නොවුණි.

ඒ අනුව, වෛද්‍යවරයා කොටු කරගැනීම සඳහා එතෙක් කිසිදු පැමිණිල්ලක් ලැබී නොතිබුණු, විමර්ශනයක් ද සිදු නොවුණු සිංහල බෞද්ධ මවුවරුන් 4000ක් වඳකිරීමේ චෝදනාව දිවයින පුවත්පත හරහා සමාජගත කෙරුණු අතර එය බරපතළ ලෙස සමාජය මත බලපාන තත්වයකට ගෙන එනු ලැබුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක්‍රියාකාරිකයින් වන මහාචාර්ය චන්න ජයසුමන සහ රෝහල් අධ්‍යක්ෂ සරත් වීර බණ්ඩාර විසිනි. මේ වෙනුවෙන් කුරුණෑගල මහ රෝහලේ අධ්‍යක්ෂක සරත් වීර බණ්ඩාර මහතාටද වාසියක් වන ආකාරයට මුදල් ගනුදෙනුවක් සිදු වී ඇති බව හෙලිවී ඇත.

ඉතාම සංවේදී කරුණක් පිළිබඳව බරපතළ සැකයක් අවුළුවා, පැමිණිලි කරන ලෙස මාධ්‍ය හරහා ජනතාවට ආයචනා කරනු ලදුවත් තවමත් දින දෙකක් තිස්සේ වෛද්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වී ඇත්තේ පැමිණිලි 139 කි.එයද ඇතැම් මවුවරුන්ට ඇවිටිලි කිරීමෙන් පසුව බව කියැවේ. මවුවරුන් 4000ක් වඳකිරීමේ කතාව අතේ බොරුවක් බව දැනටමත් ඔප්පු වී තිබේ. පැමිණිලි කල මවුවරුන්ගේ පැලෝපිය නාල පරීක්ෂණයෙන් පසුව මෙම සිදුවීමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහිව චෝදනා ගොනු කර නඩු පැවරීමට නියමිතයි. සිද්දිය සම්බන්ධයෙන් රහස් පොලිසිය තව දුරටත් පරීක්ෂණ පවත්වයි.
 

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    ඉහත පළවූ පුවත සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමයේ සභාපති ඩයස් රත්නායක මහතා අප වෙත කියා සිටියේ කුරුණෑගල සිංහල වෙළෙඳ සංගමය දේපළ මිලදී ගැනීම් සම්බන්ධ කටයුතු වලට සම්බන්ධ නොවන සංවිධානයක් බවත් සුබසාධන කටයුතු සඳහා පමණක් කටයුතු සිදු කරන සංවිධානයක් බවත්ය.

    මේ කියන වෛද්‍යවරයා සමග ඉඩමක් සම්බන්ධ ගැටලුවකට හෝ වෙනත් කිසිදු ගැටුමකට සම්බන්ධ බවට වාර්තාවීම ගැන කනගාටුව පළකරන බවත් එවැන්නක් සිදුව නැති බව දන්වා සිටින රත්නායක මහතා සිංහල- මුස්ලිම් ආරවුල් සඳහා කිසිසේත් අනුබල සැපයීමට තම කණ්ඩායම කටයුතු කර නැතිබවත් දන්වා සිටියි.



    :dull::dull:


    Source: Gossiplanka
     

    wayo

    Active member
  • Nov 10, 2018
    231
    40
    28
    දිවයින පත්තරේ හේමන්ත රන්‍දුනු පත්තරේට ලිවුවේ සල්ලි ගන්න වෙන්න ඇති.