සැකකාර දඟකාරි

ncbrando

Member
Jan 31, 2014
838
115
0
සැකකාර දඟකාරි

නුඹට හැකි නම් මගේ පුංචි නංගා වෙන්න
නංගියෙක් නැති ලොවේ දඟකාර කෙල්ල වී
පුදන්නම් සෙනෙහසක් සහෝදර පෙම් ලොවේ
දොරඟුලුත් විවරයි එන්න මට එළිය දී

ඇස්වලට නොවේ මං පෙම් කළේ නුඹගේ
තොල්පෙතිත් නොවේ මං පෙම් කළේ නුඹගේ
සුන්දරම කෙළි කවට සිනා මල් නුඹගේ
යදින්නේ හදවතයි නොකියාම මාගේ

පින්බරම පෙම් කැකුළ නංගියේ නුඹමයි
ඒත් එය පීදි නොඑන්නේ මටමයි
පෙම් මලට පණ දෙන්නෙ මං තවම කොහොමෙයි
නොදන්නේ කොහොමදැයි අහන්නේ හදවතයි

- මාලන් විදානපතිරණ
 
  • Like
Reactions: .::J@S::.