Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
Buy & Sell (Biz Product/Services)
සැන්ඩ්‍රා වඳුරාගල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැන්ඩ්‍රා වඳුරාගල

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

සභාපති - Selyn

• සැන්ඩ්‍රා වඳුරාගල... කලවම් නමක් තිබෙන ඔබ කවුද...

නමයි - ගමයි එකම වෙච්චි, රස්සා තුනක් එකවර කරන, බයක් කියන නාමයක් හඳුනන් නැති බොහෝ ම ධෛර්ය සම්පන්න හොඳ හිතක් ඇති ගැහැනියක් මම. බර්ගර් අම්මෙකුගෙයි - උඩරට තාත්තෙකුගෙයි දුවක් නිසයි නම කලවම්.

• ඔබ මේ රටේ නමක් හදාගත්තෙ Brand එකක් හදලා...

හෑන්ඩ්ලූම් රෙදි වලින් ‘Selyn’ Brand එක හැදුවා තමයි. හැබැයි ඊට කලින් මම මිනිස්සු අතරට ගියා. ඒ මගේ නීතිඥ වෘත්තිය නිසා.

• මොනවද ඔබ කරන රස්සා තුන...

මට කුරුණෑගල ජාත්‍යන්තර පාසලක් තිබෙනවා. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ විහිදුණු ව්‍යාපාරයක් තිබෙනවා. ඔය දෙකට ම වඩා මං ඔප්පු ලියලා හම්බ කරනවා.

• ඔප්පු ලිනවාට වඩා නඩු කතා කරන එක ලාභ නැද්ද...

ආරම්භක යුගයේ අවුරුදු දෙක තුනක් මං නඩු කතා කළා. වැඩිපුරම දික්කසාද නඩු. ඒක මට හරි ගියේ නැහැ. දුක් අඳෝනා සහ හිත කළකිරෙන නඩු. මං ඒක අතහැරියා. ඔප්පු ලියන්න පටන් ගත්තා.

• එතකොට බිස්නස් එක, විනෝදාංශය ද...

ඒක තමයි මගේ ජීවිතේ Mission එක. මට ජීවත් වෙන්න අවශ්‍ය බොහොම සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. නමුත් මම ව්‍යාපාරවලින් මුදල් හොයන්නෙ මේ කරන දේවල්වලට යළි ආයෝජනය කරන්න. ව්‍යාපාර පුළුල් කරන්න. සේවකයන්ට හොඳින් ගෙවන්න. ගමට රස්සා දෙන්න, මේ දේවල්වලටයි මට මුදල් අවශ්‍ය.

• ඔබේ ව්‍යාපාරයේ තිබෙන්නෙ Mission එකක් පමණද...

නැහැ. ඒකට බොහොම වර්ණවත් දැක්මක් තිබෙනවා. පාට පිරිලා. මෝස්තර පිරිලා. මිනිස්සු ලස්සන කරන්න සතුටු කරන්න අත් යන්ත්‍ර රෙදි පිළිවලට මේ තරම් ශක්තියක් තිබෙන බව දැන ගත්තෙ මේ ව්‍යාපාරයට අත ගැහුවට පස්සෙ. අපේ දැක්ම හෑන්ඩ්ලූම් රෙදි වලින් හොඳ කලාවක් නිර්මාණය කිරීම. අනාගතයට රැගෙන යාම.

• ඒ කියන්නෙ ලස්සන දේ විඳින්නත් ඔබට පුළුවන් කියන එකද...

මං වඩා සතුටු වෙන්නෙ ලස්සන දේ නිර්මාණය කිරීමෙන් සහ විඳීමෙන්. අඩුවෙන් ම කරන්න ලැබෙන්නෙත් ඒ දේ.

• හැම නිර්මාණයක් ම කරද්දි ඔබ හිතන්නෙ ලාභයද... නැතිනම් නිර්මාණශීලී බවද...

මේක විකුණගන්න පුළුවන් කොහොමද කියන තරමට ආකර්ෂණීයව සහ කොලිටියට හදන එක ගැනයි මං හිතන්නේ. ලාභ පාඩු හිතන්නෙ මල්ලි. මං මූල්‍ය පරිපාලනයෙ බිංදුවයි. ඒකෙ අති දක්ෂයා මගේ මල්ලි.

• ව්‍යාපාරික උණ ඇඟට ආවේ කොහොමද...

විවාහ වුණාට පස්සෙ. මං විවාහ වුණේ පවුලේ ව්‍යාපාරයක් හිමි කෙනෙක් එක්ක. හැබැයි එයාගේ ව්‍යාපාරවලින් අපිට ලොකු දෙයක් ලැබුණෙ නැහැ. නමුත් පිටරට ඉගෙන ගත්තු කෙනෙක් හැටියට එයාට හොඳ ව්‍යාපාරික ඥානයක් තිබුණා. එයාට කොහොමටත් ඒ වෙනකොට නෙදර්ලන්තයට හෑන්ඩ්ලූම් රෙදි යවන බිස්නස් එකක් තිබුණා. රෙදි ගත්තෙ පිටින්. ඔය අතරෙයි, රෙදි අපිම වියලා යැව්වොත් හොඳයි නේද කියන සිතුවිල්ල ආවේ.

• ඔබ කියන්නෙ අහම්බයකින් ඔබ ව්‍යාපාරිකාවක් වුණා කියලද...

නෙදර්ලන්ත රජයෙන්, හෑන්ඩ්ලූම් සැපැයුම් කරුවන් දිරිමත් කරන ව්‍යාපෘතියක් හරහා, ඔවුන් ම මට ආරාධනා කළා රෙදි විවීම අරඹන්න කියලා. ඇත්තටම ඒ අවස්ථාව ලැබුණේ මගේ මහත්තයාගේ ව්‍යාපරය ගැන මා තුළ තිබූ උනන්දුව නිසා.

• ඔබ ඒ ශිල්පය දැන ගෙන හිටියද...

අදටත් මං රෙදි වියන්න දන්නෙ නැහැ. නමුත් එදා මට අවස්ථාව ලැබුණා. නෙදර්ලන්තයට සහ ජර්මනියට ගිහින් මාකට් එක අධ්‍යයනය කරන්න. ඔවුන් දීපු ඒ අවස්ථාවෙන් තමයි, එකතැන පල්වෙන අපේ රටේ හෑන්ඩ්ලූම් රෙදි පිළිවලට කරන්න පුළුවන් වෙනස දැක්කේ. මං ව්‍යාපාරය පටන් ගනිද්දි ඒ සාම්ප්‍රදායික පෙනුම එහෙම පිටින් ම වෙනස් කළා.

• මොකක්ද ඒ වෙනස...

මළානික පැහැයන් වෙනුවට දීප්තිමත් පාට යොදන්න ගත්තා. ඒක තමයි ආකර්ෂණයට බලපෑ ප්‍රධානම හේතුව. ජර්මනියෙ නෙදර්ලන්තයේ ඉල්ලුමට සරිලන විදියෙන් අලුත් විදියකට නිර්මාණ කළා.

• ප්රාග්ධනය කොයිතරම් ගියාද...

තාත්තා මට දෑවැද්දට දීපු පර්චස් 36 ක ඉඩමකුත් එක්ක පොඩි ගෙයක් තිබුණා කොළඹ ප්‍රධාන පාර අයිනේ. මං ඒකෙ මැෂින් 15ක් දාලා වැඩ පටන් ගත්තා. රෙදි වියන්න දන්න - ඒත් රස්සා නැති කාන්තාවො හුඟක් ගමේ හිටියා. සිරිමා මැතිනියගේ කාලේ පේෂ කර්මාන්තයේ විශාල පිබිදීමක් තිබුණා. මේ හැම කෙනෙක් ම එහෙම යුගයක වැඩ කරපු, කර්මාන්තය දැනගෙන නමුත් අවස්ථාවක් නැතිව හිටි අය. ඒ නිසා, හැමෝම දන්න ශිල්පයට වෙනස් මුහුණුවරක් දෙන්න ඒ තරම් ලොකු වියදමක් ගියේ නැහැ.

• හිතුවොත් හිතූ දේ කරන එක ගැහැනියකට හොඳ ලක්ෂණයක් ද....

කරන්නෙ හොඳ දෙයක් නම් ඒකම තමයි හරි. මම එහෙමයි. ගමක ඉපදිලා අනන්ත කටුක ජීවිතයක් ගත කරලා අද මං මෙෙහම තැනෙක ඉන්නෙ ඒ හිතුවක්කාර ගතිය නිසාමයි.

• අපේ රටේ කාන්තාවො අත්යන්ත්‍ර රෙදි පිළි අඳින ප්‍රවණතාවක් යළි ගොඩනැගිලද....

ඔව්. ඒකෙ වටිනාකම දන්න කෙනා නැවත නැවත ගන්නෙ ඒකමයි. 52% ක් ගැහැණු ඉන්න මේ රටේ ඒ ප්‍රමාණයෙන් හරි අඩක්වත් අත් යන්ත්‍ර රෙදි පිළියෙන් හැඩ වෙනවා නම් ඔබ දන්නවද මේ රටේ ග්‍රාමීය කාන්තාවො කී දෙනෙක් එයින් ගොඩ එනවද කියලා. ඔවුන්ගේ ආර්ථිකයත් හැදෙන ගමන් කර්මාන්තයත් දියුණු වෙනවා.

• මේ ඇඳුම් හුඟක් මිල අධිකයි නේද...

අවුරුදු 5 - 6 ක් එක දිගට අඳින්න පුළුවන් වීම ඊට වඩා වටින්නෙ නැද්ද. ඉන්දියානු සාරියක් අරන් ඉන්දියාව පොහොසත් කරනවට වඩා අපේ රටේ කාන්තාවන් ගැන හිතලා හෑන්ඩ්ලුම් සාරියක් ගත්තොත් ඒකෙ ප්‍රතිලාභය ගමටයි. මේ රටටමයි.

• ඉන්දියාවෙන් ගේන අනේකවිධ සාරි ඔබට අභියෝගයක් නෙවෙයිද....

නැතුවා නෙවෙයි. මගේ ව්‍යාපාරයට ආපහු වෙනස් මුහුණුවරක් අවශ්‍ය වෙන්නෙ ඒ වෙලාවට. හෑන්ඩ් ලූම් වලට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි එකතු කරලා, අලුත් වෙනස් ඩයි වර්ග පාවිච්චි කරලා, නිර්මාණශීලී බව තුළින් අගය වැඩි කිරීමයි හොඳම දේ. ඔය කොයි තරම් සාරි ඉන්දියාවෙන් ආවත් එහෙම නිර්මාණය කරපු සාරියක් ෂෝරූම් එකට දාපු ගමන් ඒක කවුරුම හරි ගන්නවා.

• කුරුණෑගල විතරද රෙදි වියන්නෙ...

මඩකළපුව සහ කුරුණෑගල පළාතේ මධ්‍යස්ථාන 11ක් තිබෙනවා. වැඩිපුරම උතුරු නැඟෙනහිර පළාතේ දෙමළ කාන්තාවන් රෙදි වියන්නේ. ඒ සියල්ල එකතු කරලා කුරුණෑගලදි තමයි ඇඳුම් මහන්නේ - සෙල්ලම් බඩු හදන්නේ. වටිනා සාරි, පර්ස් - සපත්තු - බෙල්ට් - ආභරණ මොනවද මේ හෑන්ඩ්ලූම් වලින් කරන්න බැරි.

• ‘Selyn’ Brand එක විදේශිකයන් අතරත් අද ජනප්‍රියයි...

ඔව්. ඒ අය මෙහාට ආවම මේ විවීමේ මධ්‍යස්ථානය, ෆැක්ටරිය.... ඩයි ප්ලාන්ට් එක.... වැඩකරන අයගේ දරුවන් රැකෙන ‘Day care’ එක ඔවුන් බලන්න එනවා. ඔය රවුම ගිහින් නෙළුම් කොළේ කෑම වේලකුත් කාලා එන ටුවර් එකක් අපි විදේශිකයන්ට හඳුන්වා දුන්නා. ඒ ලැබෙන මුදල්වලින් උයන අම්මලා, යැපෙනවා. ‘Selyn Fund’ එකටත් යම් මුදලක් යනවා. ඒ අරමුදලින් තමයි සේවක සුබසාධනය ප්‍රවර්ධනය කරන්නේ.

• කොයිතරම් වටිනා - ලස්සන සාරියක් වුණත් හරියට ඇන්දෙ නැති වුණොත් හැඩක් නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නේ.

විලි බිය ඇතිව අඳින ඕනෑම ගැහැනියක් සාරියට ලස්සනයි. සාරිය ලස්සන වුණාට බාගෙට ඇඟ ඇරිලා නම් කවුරුවත් ඒ සාරියෙ ලස්සන ගැන නෙවෙයි බලන්නේ. අර ඇරුණු අඟ පසඟ දිහා. එතකොට තමන්ගෙ දේ පිටට පෙන්වලා හෑල්ලු වෙන්නෙ තමන්මයි.

• හෑන්ඩ් ලූම් සාරියක් හොඳින් කාලයක් අඳින්න පුළුවන් කොහොමද...

අතේ සෝදලා මඳ පවනේ වේළන්න. තද අව්වෙ දැම්මොත් පාට පිච්චෙනවා. අනික ඇඟේ වෙර දාලා මිරිකන්න එපා. එහෙම කළොත් කරදරයක් නැතිව අවුරුදු 6 - 7 ක් අඳින්න පුළුවන්.

• Selyn වෙත එන හුඟ දෙනෙක් ප්‍රභූ පැළැන්තියද...

ඒක වැරැදි මතයක්. චන්ද්‍රිකා මැතිනිය නම් නිතර එනවා ඇඳුම් ගන්න. චාල්ස් කුමාරයා ලංකාවට ආ වෙලාවෙ කැමිලා පාකර් ආර්යාව ඇඳුම් ගත්තා. පාප්තුමා මහ දිව්‍ය පූජාව පැවැත්වූ ගාලු මුවදොර අල්තාරේ සැරසූ මේස රෙද්ද හැදුවෙ මම. ඔය හැරුණුකොට හැම මට්ටමකම කාන්තාවො මෙතැනට එනවා. දෙන්න පුළුවන් සාධාරණම ගාන හැර විශාල ලෙස මිල ගණන් අය කරන්නේ නැහැ. හේතුව අපේ කාන්තාවො හදන මේ රෙදිපිළි ඉක්මණින් විකුණා ගැනීමයි අපේ අරමුණ.

• බිස්නස් හැරුණුකොට වෙන සමාජ ඇසුරක් පවත්වන්න ඔබට වෙලාවක් නැති හැඩයි...

උදේ නැගිටලා යාඥා කරලා හිත සැහැල්ලු කරගෙන මං එළියට බහින්නෙ මුලින් ම මගේ නීතිඥ කාර්යාලයට. එතැනින් ෆැක්ටරියට. ෂෝ රූම් වලට. ඔය අතරේ ඉස්කෝලෙ ගත කරන්නත් වෙලාවක් හොයා ගන්නවා. ළමයි එක්ක ගත කරන ඒ පුංචි වෙලාවත් මට මහා සතුටක්. රෙදි වියන ගම්වලට ගියාම, වයසක - තරුණ අය මාව වටකරගන්නවා. මා එක්ක කතා කරන එක ඔවුන්ට සතුටක් වග පේනවා. නිකම් ගෙවල්වල හිටි ඔවුන් දැන් කීයක් හරි හොයාගන්න හැටි කියනවා. මේවායින් මං ලබන සතුටට මිලක් නැහැ. මේ තමයි මගේ නිමක් නැති සමාජ ජීවිතය.

• ජාත්‍යන්තර පාසලක් පටන් ගන්න හිතුවේ ඇයි...

අපේ දුව ඉස්කෝලෙ දාන වයස එද්දි හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න හිතුවා. ඒත් හිතට හරියන ඉස්කෝලයක් ඒ දවස්වල කුරුණෑගල තිබුණෙ නැහැ. අපි පොඩි ගෙදරකින්, රුපියල් ලක්ෂයකින්, ළමයි 16කින් ජාත්‍යන්තර පාසලක් ඇරැඹුවා. මගේ දුව තමයි පළමු ශිෂ්‍යයාව. ඊට පස්සෙ පුතා ගියේත් ඒකටමයි. අද ඒක, ළමයි 2400 ක් ඉගෙන ගන්න සියලු පහසුකම් සහිත සුවිසල් පාසලක්.

• ඔබද විදුහල්පති...

නැහැ. මම MD. විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ස්වාධීනව කටයුතු කරනවා. කොළඹ ජාත්‍යන්තර පාසලකට වඩා මෙහි ගාස්තුව 85% ක් අඩුයි. ගමේ ළමයින්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න ඕනෙ නිසයි එහෙම අඩු ගාස්තු යටතේ අධ්‍යාපනය දෙන්නේ. විශ්ව විද්‍යාලවලට ගිය, ඉංග්‍රිසි හොඳින් කතා කරන, උසස් රැකියා කරන දරුවො විශාල ප්‍රමාණයක් මෙයින් බිහිවුණා.

• ජාත්‍යන්තර පාසලත් හොඳ ව්‍යාපාරයක් නේද...

පාසලින් යමක් ඉපැයුවා නම් ඒ දේ යෙදෙව්වෙ පාසලටමයි. ඒකයි, මේ තරම් හොඳින් සියල්ල සිදුවුණේ. ලබන අවුරුද්දට අපේ පාසලට අවුරුදු 25ක්.

• අද ඔබට ඇති තරමට සල්ලි තිබෙනවා. ජීවිතේ කවද හරි දවසක දුක් අමාරුකම් දැනිලා තියෙනවද...

අනන්තවත්. පොල් වත්තක් මැද්දෙ මහ විශාල ගෙයක් තිබුණට, තාත්තට ස්ථිර ආදායමක් තිබුණෙ නැහැ. කතෝලික - ලන්සි කෙනෙක් බැඳගත්තු නිසා තාත්තගෙ වලව්කාර පවුලෙන් තාත්තට හැම දේම ලැබුණෙ අඩුවෙන්. ළමයි හය දෙනෙක්. පොල් වත්තක ආදායමෙන් කොහොමද අට දෙනෙක් ජීවත් වෙන්නේ. ආර්ථික අමාරුකම් එක්ක අම්මා කළේ මහා සටනක්. ලස්සන ඇඳුම් - සපත්තු ඉල්ලලා අපි කවදාවත් අඬලා නැහැ. ගමක් ඇතුළේ ජීවත් වෙච්චි නිසා, අපිට වඩා අනික් අයට තියෙනවා කියලවත් අපිට කවදාවත් හිතුණෙ නැහැ.

• පුංචි කෙල්ලෙකුට ඒ දුෂ්කර ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වුණාද...

මගේ මුළු ළමා කාලෙම පිරිලා තිබුණෙ වැඩවලින්. ගෙදර ලයිට් තිබුණෙ නැහැ. පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. ඉස්කෝලෙ යන්න කලින් පාන්දරින් නැගිටලා ළිඳෙන් වතුර ඇදලා කල ගෙඩි බේසම් බාල්දි පුරවන්න වුණා. ඉස්කෝලෙ ඇරිලා ආ වෙලේ පටන් මාස ගාණක පොඩිම මල්ලි උකුළේ. ළමයෙක් උකුළේ ගහගෙන, කිරි හදලා දෙන්නයි - අඬනකොට නළවන්නයි ...... මං මොකට ලොකු ළමයා වෙලා ඉපදුණද... මට අනන්තවත් හිතුණා.

• කොහේද ඔබ පාසල් ගියේ...

කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට. ගෙදර වැඩ පිරිච්ච ජීවිතේ මට එහෙම පිටින්ම අමතක වුණේ ඉස්කෝලෙදී. මං සතුටු හැම දේම කළා. කලා - සාහිත්‍ය සංගම්... හැම දේම.

• හොඳ නායකයෙක් බිහි වෙන්නේ ළමා කාලයෙන්. මේ කතාවට ඔබ එකඟද...

මං පවුලේ ලොකු අක්කා. පැවරුණු වගකීම් කටුක වුණාට ඒ ළමා කැළතේ නායකයා මං වග තේරුණා. ගමේ ළමයි එක්ක සෙල්ලමට ගියත් මං නඩේ ගුරා වුණේ ඉබේටම. ටිකෙන් ටික ලොකු වෙද්දි මට ඕනෙ වුණේ පාර්ලිමේන්තුවට යන්න. රට හදන්න.

• ළමයෙක් වෙලා ඇයි එහෙම සිතුවිල්ලක්...

ඒ කාලෙ වෙනකොට මං ඉගෙන ගත්තෙ දේශපාලන විද්‍යාව. කියෙව්වෙ විප්ලවාදි පොත්. උසස් පෙළ කරලා නීති විද්‍යාලයට යනකල් ම හිතේ තිබුණෙ දේශපාලනය. ටික කාලයක් දේශපාලනයට සම්බන්ධ වෙලත් හිටියා. නමුත් විවාහ වෙලා බිස්නස් එක පටන් ගත්තට පස්සෙ තේරුණා, කාගෙන් හරි මුදල් ලැබිලා ගමට වැඩ කරන්න බලන් ඉන්නවට වැඩිය මම ම හම්බ කරගෙන මගේ අරමුණට යන එක සාර්ථකයි කියලා.

• ඔබේ ඔය හයිය හිත ළමා කාලයෙවත් කඩා වැටුණු - හඬපු දවසක් නැද්ද...

මං අනන්තවත් ගුටි කෑවේ නංගිලා මල්ලිලා හින්දා. දවසක් මං ලැටීෂියා බොතේජුගේ ‘වංගෙඩි - මෝල්ගස්’ පොත කියව කියවා හිටියා. පොතේ රසවත් කමට මල්ලි අඬන බව මට දැනුණෙ නැහැ. කොහෙන්දෝ ආපු අම්මා, ‘උඹට ඇහෙන්නැද්ද ළමයා අඬනවා....’ කියලා ඇහුවා, ඊළඟට ගැහුවා ගැහුවා ඇති වෙනකල් ම. ඇදගෙන ගිහින් කාමරේකට දාලා වහලා, වේලක් කන්න දුන්නෙත් නැහැ. එදා මට හුඟක් දුක හිතුණා. ඇයි මං ලොකු දුව වුණේ කියලා හිතුණා.

• ඔබ තවමත් තරහද අම්මා එක්ක...

කීයටවත් නැහැ. හැබැයි, ඒ වෙලාවෙ නම් තරහින් හිටියේ. ඒත් අම්මා හිටපු පීඩනය ඇය කරපු කැපකිරීම් වඩාත් හොඳින් දැනුණෙ මාත් අම්මෙක් වුණාට පසසේ. මට මතකයි සුදු ලස්සන අපේ අම්මා, ගිනිකූටක අව්වෙ ගොයං කැපුවා. හරක් බැලුවා. වී තැම්බුවා. ගමේ ගෑනු එක්ක හරි හරියට වැඩ කළා. අම්මගෙ පොළොස් ඇඹුලත් ඒ වගේ ම රහයි. කාලා - බීලා නටලා සැහැල්ලුවෙන් ඉන්න බර්ගර් ජාතිෙය් වෙලත් මගේ අම්මා සියල්ල අත් හැරපු ගං - ගොඩේ ගැහැනියක් වුණා. ඒ අපි නිසා. අන්තිමේ මගෙ දරුවො දෙන්නා හදද්දි මං හොඳ පුරුදුකාරියක්. පොඩි කාලෙ අත්දැකීම් තිබුණු නිසා හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වුණා.

• මොනවද ඔබට අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ...

ධෛර්යවන්ත හිත ලැබුණෙ අම්මාගෙන්. තමන්ට නැතත් දිය යුතු කෙනාට යමක් දෙන්න උදව් කරන්න කියන ගුණය ලැබුණෙ තාත්තාගෙන්.

• ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කුමක් ද...

මාව නීති විද්‍යාලයට තේරුණු දවස. තාත්තගෙ කට්ටිය කියන්න ගත්තා, ‘ගෑනු ළමයි ඕනෑවට වඩා ඉගෙන ගන්න ඕනෙ නැහැ - කාව හරි හොයලා බන්දලා දෙන්න.... ‘ කියලා. ‘එයා තව ඉගෙන ගන්න ඕනේ....’ අම්මා මං වෙනුවෙන් පෙනී හිටියා. මාත් අත්හැරියෙ නැහැ.

• ‘අභියෝග'.... ඔබේ ජීවිතයට ගෙනාවෙ කොහොම බලපෑමක් ද....

මගේ කතාව කොහොම ලියැවුණත් ඒ කොතැනකවත් මං පස්සට ගිය ගැහැනියක් කියලා නම් ලියැවෙන්නෙ නැති බව මං දන්නවා. මොකද මං කිසිදේකින් පස්සට ගියේ නැහැ. ජීවිතේ අත්හැරියෙත් නැහැ. ඒ නිසා ආපු කොයි අභියෝගයත් හොඳකට හරවා ගන්න පුළුවන් වුණා.

• නෙත් ඇදිලා යන වර්ණ හදන ඔබ, අඳින්න කැමැති මොන පාටද...

කොළ පාට. සාරියක් හැදුවත් කොහෙන් හරි කොළ පාට ටිකක් දානවා. කොළ පාට තුළ තිබෙන ජීවමය ගතියට මං හුඟක් කැමැතියි. ඒ පාට දකිද්දිත් හිතට දැනෙන්නේ ප්රබෝධයක්. මං දැන් අඳින්නේ අපේ ම කාන්තාවනගේ දෑතින් හදන මේ අත්යන්ත්‍ර සාරි විතරයි.

• දැන් ඔබේ වයස කීයද...

පනස් අටයි. මාව වයසට වඩා වැඩියෙන් පේනවා නම් ඒ වැඩ ම කරලා ආපු ජීවිත වෙහෙස නිසා. ඒ වුණාට මට ඒ ගැන දුකක් නැහැ. මං අනික් අයව ලස්සන කරනවනේ.... කියන සතුට ඊට වඩා වැඩියි.

• ‘Selyn’ අර්ථය කුමක් ද...

මගේ දුවගෙ නම සෙලිනා. එයාගෙ නමින් තමයි ‘Selyn’ නම හැදුවේ. අද මගේ පුතත් දුවත් දෙන්නම ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසෙනවා.

• ඔබ හැම වෙලාවෙ ම අනිත් අයට උදව් කරන්න කැමැති බව කියනවා...

ඔව්. ඒ නිසා තමයි අපේ ෂෝ රූම් එකේ විවිධ අත්කම් විකිණෙන්නේ. ඒවා මේ රටේ කොතැනක හෝ ජීවත්වන කාන්තාවකගේ අතින් නිමැවෙන නිර්මාණයක්. ඔවුන්ට වෙළෙඳපොළක් හොයා ගන්න මගේ මේ ප්‍රදර්ශනාගාරය ලොකු වේදිකාවක්.

• ඔබ ඔය තරම් දුරක් ආවේ තනි හයියෙන් ද මහත්තයාගේ උදව්වෙන් ද...

එයා හුඟක් කාර්යබහුල කෙනෙක්. මගේ මල්ලි මාත් එක්ක වැඩකරන්න ආවේ අවුරුදු 19 දි. එදා ඉඳන් අද වෙනකල් අපි දෙන්නා බැහැලා වැඩ කළා. එයා තමයි මං පුංචි කාලේ උකුළෙ තියං හදපු මල්ලි. අපි දෙන්නගෙ ශක්තිය දහදිය කඳුළු තමයි අද මේ තරමට ලස්සන වෙලා තිබෙන්නේ.

• ඔබෙන් කෙනකුට ගන්න පුළුවන් ලොකුම ආදර්ශය කුමක් ද...

මං මහත්තයාගෙන්වත් රුපියල් සීයක් ඉල්ලන්න කැමැති කෙනෙක් නෙවෙයි. ගැහැනියක් වුණොත් කීයක් හරි හම්බ කරන්න ඕනේ.

කාගෙන්වත් යැපෙන ජීවිතයක් මට පුරුදු නැහැ. ජීවිතේ හැම දේම මං පටන් ගත්තෙ බිංදුවෙන්. කටුක ළමාවියක් ගෙවපු මං එහෙම වුණා නම් මේ රටේ හැම දරුවකුටමත් පුළුවන්, මං වගේ ජීවිතේ ජය ගන්න පුළුවන් මාවතක් හොයා ගන්න.

ඉනෝකා පෙරේරා බණ්ඩාර

ඡායාරූප - විමල් කරුණාතිලක

[QUOTE="epgehan1, post: 21919018, member: 468157"] [b]සැන්ඩ්‍රා වඳුරාගල[/b] [SIZE="3"]මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි :love: සභාපති - Selyn • [B]සැන්ඩ්‍රා වඳුරාගල... කලවම් නමක් තිබෙන ඔබ කවුද...[/B] නමයි - ගමයි එකම වෙච්චි, රස්සා තුනක් එකවර කරන, බයක් කියන නාමයක් හඳුනන් නැති බොහෝ ම ධෛර්ය සම්පන්න හොඳ හිතක් ඇති ගැහැනියක් මම. බර්ගර් අම්මෙකුගෙයි - උඩරට තාත්තෙකුගෙයි දුවක් නිසයි නම කලවම්. • [B]ඔබ මේ රටේ නමක් හදාගත්තෙ Brand එකක් හදලා...[/B] හෑන්ඩ්ලූම් රෙදි වලින් ‘Selyn’ Brand එක හැදුවා තමයි. හැබැයි ඊට කලින් මම මිනිස්සු අතරට ගියා. ඒ මගේ නීතිඥ වෘත්තිය නිසා. • [B]මොනවද ඔබ කරන රස්සා තුන..[/B]. මට කුරුණෑගල ජාත්‍යන්තර පාසලක් තිබෙනවා. අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ විහිදුණු ව්‍යාපාරයක් තිබෙනවා. ඔය දෙකට ම වඩා මං ඔප්පු ලියලා හම්බ කරනවා. • [B]ඔප්පු ලිනවාට වඩා නඩු කතා කරන එක ලාභ නැද්ද...[/B] ආරම්භක යුගයේ අවුරුදු දෙක තුනක් මං නඩු කතා කළා. වැඩිපුරම දික්කසාද නඩු. ඒක මට හරි ගියේ නැහැ. දුක් අඳෝනා සහ හිත කළකිරෙන නඩු. මං ඒක අතහැරියා. ඔප්පු ලියන්න පටන් ගත්තා. • [B]එතකොට බිස්නස් එක, විනෝදාංශය ද...[/B] ඒක තමයි මගේ ජීවිතේ Mission එක. මට ජීවත් වෙන්න අවශ්‍ය බොහොම සීමිත මුදල් ප්‍රමාණයක් පමණයි. නමුත් මම ව්‍යාපාරවලින් මුදල් හොයන්නෙ මේ කරන දේවල්වලට යළි ආයෝජනය කරන්න. ව්‍යාපාර පුළුල් කරන්න. සේවකයන්ට හොඳින් ගෙවන්න. ගමට රස්සා දෙන්න, මේ දේවල්වලටයි මට මුදල් අවශ්‍ය. •[B] ඔබේ ව්‍යාපාරයේ තිබෙන්නෙ Mission එකක් පමණද...[/B] නැහැ. ඒකට බොහොම වර්ණවත් දැක්මක් තිබෙනවා. පාට පිරිලා. මෝස්තර පිරිලා. මිනිස්සු ලස්සන කරන්න සතුටු කරන්න අත් යන්ත්‍ර රෙදි පිළිවලට මේ තරම් ශක්තියක් තිබෙන බව දැන ගත්තෙ මේ ව්‍යාපාරයට අත ගැහුවට පස්සෙ. අපේ දැක්ම හෑන්ඩ්ලූම් රෙදි වලින් හොඳ කලාවක් නිර්මාණය කිරීම. අනාගතයට රැගෙන යාම. •[B] ඒ කියන්නෙ ලස්සන දේ විඳින්නත් ඔබට පුළුවන් කියන එකද...[/B] මං වඩා සතුටු වෙන්නෙ ලස්සන දේ නිර්මාණය කිරීමෙන් සහ විඳීමෙන්. අඩුවෙන් ම කරන්න ලැබෙන්නෙත් ඒ දේ. • [B]හැම නිර්මාණයක් ම කරද්දි ඔබ හිතන්නෙ ලාභයද... නැතිනම් නිර්මාණශීලී බවද...[/B] මේක විකුණගන්න පුළුවන් කොහොමද කියන තරමට ආකර්ෂණීයව සහ කොලිටියට හදන එක ගැනයි මං හිතන්නේ. ලාභ පාඩු හිතන්නෙ මල්ලි. මං මූල්‍ය පරිපාලනයෙ බිංදුවයි. ඒකෙ අති දක්ෂයා මගේ මල්ලි. • [B]ව්‍යාපාරික උණ ඇඟට ආවේ කොහොමද...[/B] විවාහ වුණාට පස්සෙ. මං විවාහ වුණේ පවුලේ ව්‍යාපාරයක් හිමි කෙනෙක් එක්ක. හැබැයි එයාගේ ව්‍යාපාරවලින් අපිට ලොකු දෙයක් ලැබුණෙ නැහැ. නමුත් පිටරට ඉගෙන ගත්තු කෙනෙක් හැටියට එයාට හොඳ ව්‍යාපාරික ඥානයක් තිබුණා. එයාට කොහොමටත් ඒ වෙනකොට නෙදර්ලන්තයට හෑන්ඩ්ලූම් රෙදි යවන බිස්නස් එකක් තිබුණා. රෙදි ගත්තෙ පිටින්. ඔය අතරෙයි, රෙදි අපිම වියලා යැව්වොත් හොඳයි නේද කියන සිතුවිල්ල ආවේ. • [B]ඔබ කියන්නෙ අහම්බයකින් ඔබ ව්‍යාපාරිකාවක් වුණා කියලද...[/B] නෙදර්ලන්ත රජයෙන්, හෑන්ඩ්ලූම් සැපැයුම් කරුවන් දිරිමත් කරන ව්‍යාපෘතියක් හරහා, ඔවුන් ම මට ආරාධනා කළා රෙදි විවීම අරඹන්න කියලා. ඇත්තටම ඒ අවස්ථාව ලැබුණේ මගේ මහත්තයාගේ ව්‍යාපරය ගැන මා තුළ තිබූ උනන්දුව නිසා. • [B]ඔබ ඒ ශිල්පය දැන ගෙන හිටියද...[/B] අදටත් මං රෙදි වියන්න දන්නෙ නැහැ. නමුත් එදා මට අවස්ථාව ලැබුණා. නෙදර්ලන්තයට සහ ජර්මනියට ගිහින් මාකට් එක අධ්‍යයනය කරන්න. ඔවුන් දීපු ඒ අවස්ථාවෙන් තමයි, එකතැන පල්වෙන අපේ රටේ හෑන්ඩ්ලූම් රෙදි පිළිවලට කරන්න පුළුවන් වෙනස දැක්කේ. මං ව්‍යාපාරය පටන් ගනිද්දි ඒ සාම්ප්‍රදායික පෙනුම එහෙම පිටින් ම වෙනස් කළා. • [B]මොකක්ද ඒ වෙනස...[/B] මළානික පැහැයන් වෙනුවට දීප්තිමත් පාට යොදන්න ගත්තා. ඒක තමයි ආකර්ෂණයට බලපෑ ප්‍රධානම හේතුව. ජර්මනියෙ නෙදර්ලන්තයේ ඉල්ලුමට සරිලන විදියෙන් අලුත් විදියකට නිර්මාණ කළා. •[B] ප්රාග්ධනය කොයිතරම් ගියාද...[/B] තාත්තා මට දෑවැද්දට දීපු පර්චස් 36 ක ඉඩමකුත් එක්ක පොඩි ගෙයක් තිබුණා කොළඹ ප්‍රධාන පාර අයිනේ. මං ඒකෙ මැෂින් 15ක් දාලා වැඩ පටන් ගත්තා. රෙදි වියන්න දන්න - ඒත් රස්සා නැති කාන්තාවො හුඟක් ගමේ හිටියා. සිරිමා මැතිනියගේ කාලේ පේෂ කර්මාන්තයේ විශාල පිබිදීමක් තිබුණා. මේ හැම කෙනෙක් ම එහෙම යුගයක වැඩ කරපු, කර්මාන්තය දැනගෙන නමුත් අවස්ථාවක් නැතිව හිටි අය. ඒ නිසා, හැමෝම දන්න ශිල්පයට වෙනස් මුහුණුවරක් දෙන්න ඒ තරම් ලොකු වියදමක් ගියේ නැහැ. • [B]හිතුවොත් හිතූ දේ කරන එක ගැහැනියකට හොඳ ලක්ෂණයක් ද....[/B] කරන්නෙ හොඳ දෙයක් නම් ඒකම තමයි හරි. මම එහෙමයි. ගමක ඉපදිලා අනන්ත කටුක ජීවිතයක් ගත කරලා අද මං මෙෙහම තැනෙක ඉන්නෙ ඒ හිතුවක්කාර ගතිය නිසාමයි. • [B]අපේ රටේ කාන්තාවො අත්යන්ත්‍ර රෙදි පිළි අඳින ප්‍රවණතාවක් යළි ගොඩනැගිලද....[/B] ඔව්. ඒකෙ වටිනාකම දන්න කෙනා නැවත නැවත ගන්නෙ ඒකමයි. 52% ක් ගැහැණු ඉන්න මේ රටේ ඒ ප්‍රමාණයෙන් හරි අඩක්වත් අත් යන්ත්‍ර රෙදි පිළියෙන් හැඩ වෙනවා නම් ඔබ දන්නවද මේ රටේ ග්‍රාමීය කාන්තාවො කී දෙනෙක් එයින් ගොඩ එනවද කියලා. ඔවුන්ගේ ආර්ථිකයත් හැදෙන ගමන් කර්මාන්තයත් දියුණු වෙනවා. • [B]මේ ඇඳුම් හුඟක් මිල අධිකයි නේද...[/B] අවුරුදු 5 - 6 ක් එක දිගට අඳින්න පුළුවන් වීම ඊට වඩා වටින්නෙ නැද්ද. ඉන්දියානු සාරියක් අරන් ඉන්දියාව පොහොසත් කරනවට වඩා අපේ රටේ කාන්තාවන් ගැන හිතලා හෑන්ඩ්ලුම් සාරියක් ගත්තොත් ඒකෙ ප්‍රතිලාභය ගමටයි. මේ රටටමයි. • [B]ඉන්දියාවෙන් ගේන අනේකවිධ සාරි ඔබට අභියෝගයක් නෙවෙයිද....[/B] නැතුවා නෙවෙයි. මගේ ව්‍යාපාරයට ආපහු වෙනස් මුහුණුවරක් අවශ්‍ය වෙන්නෙ ඒ වෙලාවට. හෑන්ඩ් ලූම් වලට හෑන්ඩ් එම්බ්‍රොයිඩරි එකතු කරලා, අලුත් වෙනස් ඩයි වර්ග පාවිච්චි කරලා, නිර්මාණශීලී බව තුළින් අගය වැඩි කිරීමයි හොඳම දේ. ඔය කොයි තරම් සාරි ඉන්දියාවෙන් ආවත් එහෙම නිර්මාණය කරපු සාරියක් ෂෝරූම් එකට දාපු ගමන් ඒක කවුරුම හරි ගන්නවා. • [B]කුරුණෑගල විතරද රෙදි වියන්නෙ...[/B] මඩකළපුව සහ කුරුණෑගල පළාතේ මධ්‍යස්ථාන 11ක් තිබෙනවා. වැඩිපුරම උතුරු නැඟෙනහිර පළාතේ දෙමළ කාන්තාවන් රෙදි වියන්නේ. ඒ සියල්ල එකතු කරලා කුරුණෑගලදි තමයි ඇඳුම් මහන්නේ - සෙල්ලම් බඩු හදන්නේ. වටිනා සාරි, පර්ස් - සපත්තු - බෙල්ට් - ආභරණ මොනවද මේ හෑන්ඩ්ලූම් වලින් කරන්න බැරි. • [B]‘Selyn’ Brand එක විදේශිකයන් අතරත් අද ජනප්‍රියයි...[/B] ඔව්. ඒ අය මෙහාට ආවම මේ විවීමේ මධ්‍යස්ථානය, ෆැක්ටරිය.... ඩයි ප්ලාන්ට් එක.... වැඩකරන අයගේ දරුවන් රැකෙන ‘Day care’ එක ඔවුන් බලන්න එනවා. ඔය රවුම ගිහින් නෙළුම් කොළේ කෑම වේලකුත් කාලා එන ටුවර් එකක් අපි විදේශිකයන්ට හඳුන්වා දුන්නා. ඒ ලැබෙන මුදල්වලින් උයන අම්මලා, යැපෙනවා. ‘Selyn Fund’ එකටත් යම් මුදලක් යනවා. ඒ අරමුදලින් තමයි සේවක සුබසාධනය ප්‍රවර්ධනය කරන්නේ. • [B]කොයිතරම් වටිනා - ලස්සන සාරියක් වුණත් හරියට ඇන්දෙ නැති වුණොත් හැඩක් නැහැ. මේ ගැන ඔබ මොකද කියන්නේ.[/B] විලි බිය ඇතිව අඳින ඕනෑම ගැහැනියක් සාරියට ලස්සනයි. සාරිය ලස්සන වුණාට බාගෙට ඇඟ ඇරිලා නම් කවුරුවත් ඒ සාරියෙ ලස්සන ගැන නෙවෙයි බලන්නේ. අර ඇරුණු අඟ පසඟ දිහා. එතකොට තමන්ගෙ දේ පිටට පෙන්වලා හෑල්ලු වෙන්නෙ තමන්මයි. • [B]හෑන්ඩ් ලූම් සාරියක් හොඳින් කාලයක් අඳින්න පුළුවන් කොහොමද...[/B] අතේ සෝදලා මඳ පවනේ වේළන්න. තද අව්වෙ දැම්මොත් පාට පිච්චෙනවා. අනික ඇඟේ වෙර දාලා මිරිකන්න එපා. එහෙම කළොත් කරදරයක් නැතිව අවුරුදු 6 - 7 ක් අඳින්න පුළුවන්. •[B] Selyn වෙත එන හුඟ දෙනෙක් ප්‍රභූ පැළැන්තියද...[/B] ඒක වැරැදි මතයක්. චන්ද්‍රිකා මැතිනිය නම් නිතර එනවා ඇඳුම් ගන්න. චාල්ස් කුමාරයා ලංකාවට ආ වෙලාවෙ කැමිලා පාකර් ආර්යාව ඇඳුම් ගත්තා. පාප්තුමා මහ දිව්‍ය පූජාව පැවැත්වූ ගාලු මුවදොර අල්තාරේ සැරසූ මේස රෙද්ද හැදුවෙ මම. ඔය හැරුණුකොට හැම මට්ටමකම කාන්තාවො මෙතැනට එනවා. දෙන්න පුළුවන් සාධාරණම ගාන හැර විශාල ලෙස මිල ගණන් අය කරන්නේ නැහැ. හේතුව අපේ කාන්තාවො හදන මේ රෙදිපිළි ඉක්මණින් විකුණා ගැනීමයි අපේ අරමුණ. • [B]බිස්නස් හැරුණුකොට වෙන සමාජ ඇසුරක් පවත්වන්න ඔබට වෙලාවක් නැති හැඩයි...[/B] උදේ නැගිටලා යාඥා කරලා හිත සැහැල්ලු කරගෙන මං එළියට බහින්නෙ මුලින් ම මගේ නීතිඥ කාර්යාලයට. එතැනින් ෆැක්ටරියට. ෂෝ රූම් වලට. ඔය අතරේ ඉස්කෝලෙ ගත කරන්නත් වෙලාවක් හොයා ගන්නවා. ළමයි එක්ක ගත කරන ඒ පුංචි වෙලාවත් මට මහා සතුටක්. රෙදි වියන ගම්වලට ගියාම, වයසක - තරුණ අය මාව වටකරගන්නවා. මා එක්ක කතා කරන එක ඔවුන්ට සතුටක් වග පේනවා. නිකම් ගෙවල්වල හිටි ඔවුන් දැන් කීයක් හරි හොයාගන්න හැටි කියනවා. මේවායින් මං ලබන සතුටට මිලක් නැහැ. මේ තමයි මගේ නිමක් නැති සමාජ ජීවිතය. • [B]ජාත්‍යන්තර පාසලක් පටන් ගන්න හිතුවේ ඇයි...[/B] අපේ දුව ඉස්කෝලෙ දාන වයස එද්දි හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න හිතුවා. ඒත් හිතට හරියන ඉස්කෝලයක් ඒ දවස්වල කුරුණෑගල තිබුණෙ නැහැ. අපි පොඩි ගෙදරකින්, රුපියල් ලක්ෂයකින්, ළමයි 16කින් ජාත්‍යන්තර පාසලක් ඇරැඹුවා. මගේ දුව තමයි පළමු ශිෂ්‍යයාව. ඊට පස්සෙ පුතා ගියේත් ඒකටමයි. අද ඒක, ළමයි 2400 ක් ඉගෙන ගන්න සියලු පහසුකම් සහිත සුවිසල් පාසලක්. •[B] ඔබද විදුහල්පති...[/B] නැහැ. මම MD. විදුහල්පති ඇතුළු ගුරු මණ්ඩලය ස්වාධීනව කටයුතු කරනවා. කොළඹ ජාත්‍යන්තර පාසලකට වඩා මෙහි ගාස්තුව 85% ක් අඩුයි. ගමේ ළමයින්ට හොඳ ඉංග්‍රීසි අධ්‍යාපනයක් දෙන්න ඕනෙ නිසයි එහෙම අඩු ගාස්තු යටතේ අධ්‍යාපනය දෙන්නේ. විශ්ව විද්‍යාලවලට ගිය, ඉංග්‍රිසි හොඳින් කතා කරන, උසස් රැකියා කරන දරුවො විශාල ප්‍රමාණයක් මෙයින් බිහිවුණා. •[B] ජාත්‍යන්තර පාසලත් හොඳ ව්‍යාපාරයක් නේද...[/B] පාසලින් යමක් ඉපැයුවා නම් ඒ දේ යෙදෙව්වෙ පාසලටමයි. ඒකයි, මේ තරම් හොඳින් සියල්ල සිදුවුණේ. ලබන අවුරුද්දට අපේ පාසලට අවුරුදු 25ක්. •[B] අද ඔබට ඇති තරමට සල්ලි තිබෙනවා. ජීවිතේ කවද හරි දවසක දුක් අමාරුකම් දැනිලා තියෙනවද...[/B] අනන්තවත්. පොල් වත්තක් මැද්දෙ මහ විශාල ගෙයක් තිබුණට, තාත්තට ස්ථිර ආදායමක් තිබුණෙ නැහැ. කතෝලික - ලන්සි කෙනෙක් බැඳගත්තු නිසා තාත්තගෙ වලව්කාර පවුලෙන් තාත්තට හැම දේම ලැබුණෙ අඩුවෙන්. ළමයි හය දෙනෙක්. පොල් වත්තක ආදායමෙන් කොහොමද අට දෙනෙක් ජීවත් වෙන්නේ. ආර්ථික අමාරුකම් එක්ක අම්මා කළේ මහා සටනක්. ලස්සන ඇඳුම් - සපත්තු ඉල්ලලා අපි කවදාවත් අඬලා නැහැ. ගමක් ඇතුළේ ජීවත් වෙච්චි නිසා, අපිට වඩා අනික් අයට තියෙනවා කියලවත් අපිට කවදාවත් හිතුණෙ නැහැ. • [B]පුංචි කෙල්ලෙකුට ඒ දුෂ්කර ජීවිතේ තේරුම් ගන්න පුළුවන් වුණාද...[/B] මගේ මුළු ළමා කාලෙම පිරිලා තිබුණෙ වැඩවලින්. ගෙදර ලයිට් තිබුණෙ නැහැ. පාඩම් කළේ කුප්පි ලාම්පුවෙන්. ඉස්කෝලෙ යන්න කලින් පාන්දරින් නැගිටලා ළිඳෙන් වතුර ඇදලා කල ගෙඩි බේසම් බාල්දි පුරවන්න වුණා. ඉස්කෝලෙ ඇරිලා ආ වෙලේ පටන් මාස ගාණක පොඩිම මල්ලි උකුළේ. ළමයෙක් උකුළේ ගහගෙන, කිරි හදලා දෙන්නයි - අඬනකොට නළවන්නයි ...... මං මොකට ලොකු ළමයා වෙලා ඉපදුණද... මට අනන්තවත් හිතුණා. • [B]කොහේද ඔබ පාසල් ගියේ...[/B] කුරුණෑගල ශුද්ධවූ පවුලේ කන්‍යාරාමයට. ගෙදර වැඩ පිරිච්ච ජීවිතේ මට එහෙම පිටින්ම අමතක වුණේ ඉස්කෝලෙදී. මං සතුටු හැම දේම කළා. කලා - සාහිත්‍ය සංගම්... හැම දේම. • [B]හොඳ නායකයෙක් බිහි වෙන්නේ ළමා කාලයෙන්. මේ කතාවට ඔබ එකඟද...[/B] මං පවුලේ ලොකු අක්කා. පැවරුණු වගකීම් කටුක වුණාට ඒ ළමා කැළතේ නායකයා මං වග තේරුණා. ගමේ ළමයි එක්ක සෙල්ලමට ගියත් මං නඩේ ගුරා වුණේ ඉබේටම. ටිකෙන් ටික ලොකු වෙද්දි මට ඕනෙ වුණේ පාර්ලිමේන්තුවට යන්න. රට හදන්න. •[B] ළමයෙක් වෙලා ඇයි එහෙම සිතුවිල්ලක්...[/B] ඒ කාලෙ වෙනකොට මං ඉගෙන ගත්තෙ දේශපාලන විද්‍යාව. කියෙව්වෙ විප්ලවාදි පොත්. උසස් පෙළ කරලා නීති විද්‍යාලයට යනකල් ම හිතේ තිබුණෙ දේශපාලනය. ටික කාලයක් දේශපාලනයට සම්බන්ධ වෙලත් හිටියා. නමුත් විවාහ වෙලා බිස්නස් එක පටන් ගත්තට පස්සෙ තේරුණා, කාගෙන් හරි මුදල් ලැබිලා ගමට වැඩ කරන්න බලන් ඉන්නවට වැඩිය මම ම හම්බ කරගෙන මගේ අරමුණට යන එක සාර්ථකයි කියලා. • [B]ඔබේ ඔය හයිය හිත ළමා කාලයෙවත් කඩා වැටුණු - හඬපු දවසක් නැද්ද...[/B] මං අනන්තවත් ගුටි කෑවේ නංගිලා මල්ලිලා හින්දා. දවසක් මං ලැටීෂියා බොතේජුගේ ‘වංගෙඩි - මෝල්ගස්’ පොත කියව කියවා හිටියා. පොතේ රසවත් කමට මල්ලි අඬන බව මට දැනුණෙ නැහැ. කොහෙන්දෝ ආපු අම්මා, ‘උඹට ඇහෙන්නැද්ද ළමයා අඬනවා....’ කියලා ඇහුවා, ඊළඟට ගැහුවා ගැහුවා ඇති වෙනකල් ම. ඇදගෙන ගිහින් කාමරේකට දාලා වහලා, වේලක් කන්න දුන්නෙත් නැහැ. එදා මට හුඟක් දුක හිතුණා. ඇයි මං ලොකු දුව වුණේ කියලා හිතුණා. • [B]ඔබ තවමත් තරහද අම්මා එක්ක...[/B] කීයටවත් නැහැ. හැබැයි, ඒ වෙලාවෙ නම් තරහින් හිටියේ. ඒත් අම්මා හිටපු පීඩනය ඇය කරපු කැපකිරීම් වඩාත් හොඳින් දැනුණෙ මාත් අම්මෙක් වුණාට පසසේ. මට මතකයි සුදු ලස්සන අපේ අම්මා, ගිනිකූටක අව්වෙ ගොයං කැපුවා. හරක් බැලුවා. වී තැම්බුවා. ගමේ ගෑනු එක්ක හරි හරියට වැඩ කළා. අම්මගෙ පොළොස් ඇඹුලත් ඒ වගේ ම රහයි. කාලා - බීලා නටලා සැහැල්ලුවෙන් ඉන්න බර්ගර් ජාතිෙය් වෙලත් මගේ අම්මා සියල්ල අත් හැරපු ගං - ගොඩේ ගැහැනියක් වුණා. ඒ අපි නිසා. අන්තිමේ මගෙ දරුවො දෙන්නා හදද්දි මං හොඳ පුරුදුකාරියක්. පොඩි කාලෙ අත්දැකීම් තිබුණු නිසා හැම දෙයක්ම තනියම කරගන්න පුළුවන් වුණා. • [B]මොනවද ඔබට අම්මා තාත්තාගෙන් ජීවිතයට ලැබුණු දේ...[/B] ධෛර්යවන්ත හිත ලැබුණෙ අම්මාගෙන්. තමන්ට නැතත් දිය යුතු කෙනාට යමක් දෙන්න උදව් කරන්න කියන ගුණය ලැබුණෙ තාත්තාගෙන්. • [B]ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය කුමක් ද...[/B] මාව නීති විද්‍යාලයට තේරුණු දවස. තාත්තගෙ කට්ටිය කියන්න ගත්තා, ‘ගෑනු ළමයි ඕනෑවට වඩා ඉගෙන ගන්න ඕනෙ නැහැ - කාව හරි හොයලා බන්දලා දෙන්න.... ‘ කියලා. ‘එයා තව ඉගෙන ගන්න ඕනේ....’ අම්මා මං වෙනුවෙන් පෙනී හිටියා. මාත් අත්හැරියෙ නැහැ. •[B] ‘අභියෝග'.... ඔබේ ජීවිතයට ගෙනාවෙ කොහොම බලපෑමක් ද....[/B] මගේ කතාව කොහොම ලියැවුණත් ඒ කොතැනකවත් මං පස්සට ගිය ගැහැනියක් කියලා නම් ලියැවෙන්නෙ නැති බව මං දන්නවා. මොකද මං කිසිදේකින් පස්සට ගියේ නැහැ. ජීවිතේ අත්හැරියෙත් නැහැ. ඒ නිසා ආපු කොයි අභියෝගයත් හොඳකට හරවා ගන්න පුළුවන් වුණා. • [B]නෙත් ඇදිලා යන වර්ණ හදන ඔබ, අඳින්න කැමැති මොන පාටද...[/B] කොළ පාට. සාරියක් හැදුවත් කොහෙන් හරි කොළ පාට ටිකක් දානවා. කොළ පාට තුළ තිබෙන ජීවමය ගතියට මං හුඟක් කැමැතියි. ඒ පාට දකිද්දිත් හිතට දැනෙන්නේ ප්රබෝධයක්. මං දැන් අඳින්නේ අපේ ම කාන්තාවනගේ දෑතින් හදන මේ අත්යන්ත්‍ර සාරි විතරයි. • [B]දැන් ඔබේ වයස කීයද...[/B] පනස් අටයි. මාව වයසට වඩා වැඩියෙන් පේනවා නම් ඒ වැඩ ම කරලා ආපු ජීවිත වෙහෙස නිසා. ඒ වුණාට මට ඒ ගැන දුකක් නැහැ. මං අනික් අයව ලස්සන කරනවනේ.... කියන සතුට ඊට වඩා වැඩියි. • [B]‘Selyn’ අර්ථය කුමක් ද...[/B] මගේ දුවගෙ නම සෙලිනා. එයාගෙ නමින් තමයි ‘Selyn’ නම හැදුවේ. අද මගේ පුතත් දුවත් දෙන්නම ව්‍යාපාරය වෙනුවෙන් වෙහෙසෙනවා. •[B] ඔබ හැම වෙලාවෙ ම අනිත් අයට උදව් කරන්න කැමැති බව කියනවා...[/B] ඔව්. ඒ නිසා තමයි අපේ ෂෝ රූම් එකේ විවිධ අත්කම් විකිණෙන්නේ. ඒවා මේ රටේ කොතැනක හෝ ජීවත්වන කාන්තාවකගේ අතින් නිමැවෙන නිර්මාණයක්. ඔවුන්ට වෙළෙඳපොළක් හොයා ගන්න මගේ මේ ප්‍රදර්ශනාගාරය ලොකු වේදිකාවක්. • [B]ඔබ ඔය තරම් දුරක් ආවේ තනි හයියෙන් ද මහත්තයාගේ උදව්වෙන් ද...[/B] එයා හුඟක් කාර්යබහුල කෙනෙක්. මගේ මල්ලි මාත් එක්ක වැඩකරන්න ආවේ අවුරුදු 19 දි. එදා ඉඳන් අද වෙනකල් අපි දෙන්නා බැහැලා වැඩ කළා. එයා තමයි මං පුංචි කාලේ උකුළෙ තියං හදපු මල්ලි. අපි දෙන්නගෙ ශක්තිය දහදිය කඳුළු තමයි අද මේ තරමට ලස්සන වෙලා තිබෙන්නේ. • [B]ඔබෙන් කෙනකුට ගන්න පුළුවන් ලොකුම ආදර්ශය කුමක් ද...[/B] මං මහත්තයාගෙන්වත් රුපියල් සීයක් ඉල්ලන්න කැමැති කෙනෙක් නෙවෙයි. ගැහැනියක් වුණොත් කීයක් හරි හම්බ කරන්න ඕනේ. කාගෙන්වත් යැපෙන ජීවිතයක් මට පුරුදු නැහැ. ජීවිතේ හැම දේම මං පටන් ගත්තෙ බිංදුවෙන්. කටුක ළමාවියක් ගෙවපු මං එහෙම වුණා නම් මේ රටේ හැම දරුවකුටමත් පුළුවන්, මං වගේ ජීවිතේ ජය ගන්න පුළුවන් මාවතක් හොයා ගන්න. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [/SIZE] [SIZE="2"][COLOR="Red"]ඉනෝකා පෙරේරා බණ්ඩාර ඡායාරූප - විමල් කරුණාතිලක[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom