Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
සැප උපදන උල්පත හඳුනා ගනිමු
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැප උපදන උල්පත හඳුනා ගනිමු

නුවණින් කල්පනා කරනවා කියන එක අද්භූත එකක් නෙවෙයි. පවට ලැජ්ජාව, පවට භය, වීරිය, ප්‍රඥාව ආදී දේ තමා තුළ තියෙනවද, ඒවා වැඩෙනවද? පිරිහෙනවද? ආදී වශයෙන් විමසා බැලීම, නුවණින් කල්පනා කිරීමට අයිති දෙයක්. අපිට අපි ගැනම නිගමනයකට එන්ට තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ප්රත්යවේක්ෂා කිරීම.

ඒ විදියට අපි ගැන අපි ම හොයල බැලූවොත්, අපිට පී‍්‍රති සිතින් වාසයකරන්ට පුළුවන්කම තියෙනවා. එතකොට එයා සිල් රකින්නෙ සතුටින්ද? කණස්සල්ලෙන්ද? එයා සතුටින් සිල් රකිනවා. දවසින් දවස අපේ වයස ගතවෙන්ට ගතවෙන්ට අපේ සීලය ගැන අපිට සතුටුවෙන්ට පුළුවන්ද බැරිද? සතුටුවෙන්න පුළුවන්. ඇයි සේඛ ධර්ම දියුණු කරමින් තමයි අපි ඉන්නෙ. එහෙනම් සීලය පරිපූර්ණ කරගනිමින් ඉන්නෙ. එතෙකාට අපිට කණස්සල්ලෙන් ඉන්ට කාරණා තියෙනවද? නෑ නේද? එහෙනම් බලන්න, මේ ප්රත්යවේක්ෂා කිරීම කියන එක, සැප උපද්දන උල්පතක් වගේ නේද? ප්රත්යවේක්ෂා කරනව කියන එක සැප උපද්දන, සතුට උපද්දන, උල්පතක් වගේ එකක්. අන්න ඒ උල්පත පාදා ගන්ට අපි දක්ෂවෙන්ට ඕන. එහෙම නැත්නම් අන්ධකාරේ ඉන්න අය වගේ. කිසි දෙයක් පේන්නෙ නෑ. එයාට ඇස් තියෙනවා, හැබැයි පේන්නෙ නෑ. ඇයි ඒ? ආලෝකයක් නෑ. එහෙනම් අපේ ජීවිතටයට අලෝකය ඇතිකරන, ඇතිකර ගන්න විදිය තමයි ප්රත්යවේක්ෂා කිරීම.

ප්රත්යවේක්ෂා කරන කෙනාට, තමාගේ ජීවිතයේ සතුට උපද්දවගන්ට පුළුවන්කම තියෙනවා. සතුටින් පී‍්‍රති සිතින් යුක්තව සිල්රකින කෙනාට, බණ භාවනා කරන්න අමාරුද? එයාට ප්‍රීති සිතින් බණ භාවනා කරගන්ට පුළුවන්. ඒ විදියට බණ භාවනා කරනකෙනා තුළ සමාධිය වැඩෙයිද? නැද්ද? සමාධිය වැඩෙනවා. ඇයි? එයා කණස්සල්ලෙන් නෙවෙයි ඉන්නෙ. එයා තමන්ගෙ සීලය ආරක්ෂා වෙන නිසා සතුටුවෙන කෙනෙක්. දවසින් දවස සතුටුවෙනවා. එයා දවස ගෙවනකොට සතුටු වෙනවා ”මම අද දවසෙ සිල් පද රැක ගත්තා” කියල. උදේට සතුටු වෙනවා ”සිල් පද රැක ගත්තා” කියල. දවසින් දවස එයා “තමා සිල් පද රකින කෙනෙක්” කියල සතුටු වෙනවා.ඒ විදිහට සිල් පද රැකගත්ත කියල සතුටුවෙන කෙනාට, සේඛ ධර්ම තමා තුළ දියුණුවෙනවා තේරුම් ගන්න කෙනාට, සතුටු සිතින් වාසයකරන්ට පුළුවන්. එයාට බණ භාවනා කිරීම පහසුයි. එසේ බණ භාවනා කරන කෙනා තුළ සමාධිය වැඩෙනවා. සමාධිය පිරෙනවා. සමාධිමත් කෙනා ප්‍රඥාව උපදවා ගන්නවා. ප්‍රඥාව පරිපූර්ණ කරගන්නවා. බලන්න එතකොට අපිට ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම පිණිස බොහෝ උපකාරවුනේ කුමක්ද? ප්රත්යවේක්ෂා කිරීම. එහෙනම් ඒ ප්රත්යවේක්ෂා කිරීම හොඳින් තේරුම් අරගෙන, නිතර නිතර පුරුදුකරන්න. එතකොට අපිට ඒක අපේ ජීවිතයට බොහෝ යහපත උපද්දවන දෙයක් බවට පත්වෙනවා. අපි යම් විදිහකින් නිවන් මග තේරුම් අරගෙන හොඳින් ප්රත්යවේක්ෂා නොකළොත්, ඒ කියන්නේ අපි කළයුතු දේ කරනවද? නැද්ද? කියල හොයල බැලූවෙ නැත්නම්, ටික කාලෙකදී සමහර විට අපි ප්‍රමාදයට ගොදුරුවෙන්ට පුළුවන්.

යම් කෙනෙක් කල්‍යාණ මිත්‍ර ඇසුරේ, ගරු සරු ඇතිව වාසය කරනවා නම් එයා එකිනෙකාට උපකාර කරන්ට පුරුදු වෙනවා. ගරු සරු ඇතිව ධර්මය පුරුදු කරනවා, අවවාද අනුශාසනා අනුව කටයුතු කරනවා, වත් පිළිවෙත් කරනවා, මේවා තමයි ආභිසමාචාර සීලයට අයිති වෙන්නෙ. මේ තුළින් එයා තුළ සංවර භාවය ඇති වෙනවා. ඒ කියන්නේ කායික,වාචසික, මානසික කි‍්‍රයා යහපත් වෙන්ට පටන් ගන්නවා. එතකොට යමෙක් තුල සංවර බව ඉපදීම පිණිස මූලික වශයෙන් තිබිය යුතු ගුණයක් තමයි එකිනෙකා කෙරෙහි ගරුසරු බවින් යුතු වීම. අපි එකිනෙකාට ගරුසරු බව සහිතව, ඒ කියන්නෙ එකනෙකාට ගරු කරන කෙනෙක් විදියට, අන් අයට උපකාර කරනවා නම්, ධර්මය පුරුදුකරනවා නම් අපි තුළ සංවර බවක් ඇති වෙයිද? අසංවර බවක් ඇති වෙයිද? අපි තුළ සංවර බවක් ඇති වෙනවා.

කෙනෙක් කල්‍යාණ මිතුරු ඇසුරේ ඉඳගෙන අන් අයට ගරු කරන සිතින් යුක්තව වාසය කරනවා. අන් අයට ගරු සරු භාවයෙන් යුක්තව ඇසුරු කරනවා. එතකොට අනිත් අයට ගරු සරු දක්වමින්, එයා ධර්මය ඉගෙනගන්නවා. උපකාර කරනවා. ධර්මය කියාදෙනවා. මේ විදියට කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරන කෙනා තුළ සංවර බව උපදිනවා. ඇයි සංවර බව උපදින්නෙ? එයා කැමතියි අනිත් අයට ගරු කරන්න, අනිත් අයට ගරු කරමින් තමයි, එයා කටයුතු කරන්නෙ. එතකොට එයා තුළ උපදින්නෙ නිහතමානි බව. එයා සංවරයි. ඒ කියන්නේ සංවර සිතකින් ඉන්ට එයාට පුළුවන්. අන්න එයා තුළ ඉගෙනගත්තා වු ධර්මය මුල්කරගෙන ශ්‍රද්ධාව උපදිනවා. එකිනෙකාට ගරුකිරීම ආදී දේ මුල්කරගෙන, නිහතමානි බව මුල්කරගෙන, හිරි ඔතප් උපදිනවා. එතකොට ශ්‍රද්ධාව, හිරි ඔතප් මුල් කරගෙන වීර්ය උපදිනවා. ශ්‍රද්ධාව, හිරි ඔතප්, වීර්ය ආදී දේ මුල් කරගෙන, ප්‍රඥාව උපදිනවා.

ඔන්න කෙනෙක් ඉන්නව, එයා කල්‍යාණ මිත්‍ර ඇසුරෙ ඉන්න පුරුදු වෙනවා. හැබැයි එයා එකිනෙකාට ගරුසරු ඇතුව වාසය කරන්ට පුරුදු වෙන්නෙ නෑ. එතකොට එයා කල්‍යාණ මිතුරු ඇසුර හොඳින් පවත්වයිද? හොඳින් පවත්වන්නෙ නෑ. ඇයි ඒ? ගරුසරු නැති නිසා. අන් අයට ගරුකරන්ට එයා කැමති වෙන්නෙ නෑ. දැන් එයා ධර්මය ඉගෙන ගන්නවා. බණ භාවනා කරනවා. ධර්මය අනිත් අයට කියලත් දෙනවා. හැබැයි මෙයා තමන්ට ගෞරවය බලාපොරොත්තු වෙනවා. තමාට ගෞරවය බලාපෙරොත්තුවෙන කෙනා, ධර්මය ඉගෙනගත්තත්, ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ තමාට ගෞරවයක්. ධර්මය කියාදුන්නත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ තමාට ගෞරවයක්. අන් අයට උපකාර කළත්, එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් තමාට ගෞරවය. වැටහුනාද කාරණාව? අන්න එයා තුළ ධර්මය ඉගෙනගත්ත කියල, ධර්මය කියාදුන්න කියල, අන් අයට උපකාර කළා කියල, සංවරබව ඇතිවෙයිද? සංවර බව ඇතිවෙන්නෙ නෑ. ඇයි ඒ? තමාට ගෞරවයක් බලාපොරෙත්තුවෙන කෙනා තුළ, නිහතමානීබව ඇතිවෙන්නෙ නෑ. ආඩම්බරය ඇතිවෙනවා. එතකොට එයාට සංසුන් සිතකින් ඉනට බෑ. එතකොට එයා තුළ සේඛ ධර්ම ඇතිවෙයිද? ශ්‍රද්ධාව, හිරි ඔතප්, විරිය, උපදීද? ඉපදුනා වූ ශ්‍රද්ධාව, හරි ඔතප්, වීර්ය ආදී දේ වැඩි දියුණු වෙයිද? වැඩිදියුණු වෙන්නෙ නෑ. එයා තුළ ලැජ්ජාව, භය වැඩි දියුණු වෙයිද? වැඩි දියුණු වෙන්නෙ නෑ. එයා තුළ වීර්ය දියුණුවෙන්නෙ නෑ. ඒ නිසා ම, ප්‍රඥාව දියුණුවෙන්නෙ නෑ. සේඛ ධර්ම පිරෙන්නෙ නෑ. ප්‍රමාදයට ගොදුරුවෙනවා. සේඛ ධර්ම පිරෙන්නෙ නැති තැන, සීලය පරිපූර්ණ වෙන්නෙ නෑ. එතකොට සමාධිය පරිපූර්ණ කරගන්න බැරුවයනවා. සමාධිය පරිපූර්ණ කරගන්ට බැරි තැන, ප්‍රඥාව පරිපූර්ණ කරගන්න බැරිවෙනවා.

අපි ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වා ම, මේ නිවන් මග වඩන්ට, පුරුදු කරන්ට, කැමතිවෙන්ට ඕන. එහෙම නම් මතක තියාගන්න,, ඒ නිවන් මගේ ආරම්භය කල්‍යාණ මිත්‍ර ඇසුරේ, එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදුවීම. ඒක ටික දවසක් පුරුදු කරල, අතහරින එකක්ද? නෑ. කවදද ඒක ඉවර වෙන්නෙ? ඒක අවසන්වන්නේ පිරිනිවන් පැමෙන්.

ඔන්න ආරම්භයේදී කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරුසරු ඇතුව වාසය කරනවා. එතකොට එයා ධර්මය ඉගෙනගන්නවා. එකිනෙකාට උපකාරකරනවා. ධර්මය කියාදෙනවා. වත් පිළිවෙත් කරනවා. මේ කටයුතු නිසා සංවර වෙනවා. එතකොට සේඛ ධර්ම යම් ප්‍රමාණයකින් ඇති වෙනවා. ඒ සේඛ ධර්ම ඇතිවෙන ප්‍රමාණයට සරිලන විදියට සීලය පිරෙනවා. යම් සමාධියක් ඇතිවෙනවා. යම් ප්‍රඥාවක් ඇතිවෙනවා. ඔන්න ටික කාලෙකින් එයා කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරු සරු ඇතිව වාසය කිරීම අතහරිනවා. එයා කල්පනාකරනව, ”දැන් ඉතින් මම ධර්මය දන්නකෙනා, දැන් ඉතින් මම බණ භාවනා ටිකක් පුළුවන් කෙනා. දැන් ඉතින් මම ධර්මය අනිත් අයට කියලදෙන කෙනා. දැන් මමයි ගරු සරු ලැබිය යුතු කෙනා. මම මේ විදියට කටයුතු කරන නිසා, මම ගරුසරු ලැබියයුතු කෙනා” කියල, යම් කාලෙක එයාට හිතෙනවා. දැන් එතකොට එයා මාර්ගයෙන් පැත්තකට පැන්න නේද? එයා මාර්ගයෙන් පැත්තකට පැන්න.

මේ දේවල් තෝර බේරාගන්න පුළුවන් වෙන්නෙ කොහොම කළොත්ද? ප්රත්යවේක්ෂා කළොත්. ”මම කළ යුතු දේ ද කරන්නේ, නොකළ යුතු දෙයක්ද කරන්නේ?” කියල අපි හොයල බැලූවොත්, අපිට තෙරේයි, ”මට වැරදුනා” කියල. අන්න එතකොට ආපහු එයාට පුළුවන්කම තියෙනවා නිවැරදි වෙන්න. එතකෙට බලන්න මේ නිවන් මගේ කොතනකවත් අපට ඉඩක් තියෙනවද තමාට ගෞරව ලබාගැනීම පිණිස. කොතනකවත්, කවදාවත් නෑ. තමාට ගෞරවය අපේක්ෂාකිරීමක් කොතනකවත් නෑ. අන් අයට ගරුකරන්න හිත නැමෙනවනම්, එයාට නිවන් මග විවෘතවෙන්ට පටන් ගන්නවා. එහෙනම් හොඳට තමා ගැන නුවණින් කල්පනා කරල බලන්න, මම අන් අයගෙන් ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්ද? මම අන් අයට ගරු කරන්ට කැමති කෙනෙක්ද? කියල. අන්න එතන අපිට නිවන් මගට ප්‍රවේශ වෙන්ට පුළුවන් ඉඩ කඩක් තියෙනවා.

අපේ හිත කැමතියි නම් අන් අයට ගරු කරන්න, නිවන් මගට පිවිසෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ හිත කමැතිනම්, අන් අයගෙ ගෞරවය ලබන්න, අපිට නිවන් මගට පිවිසෙන්ට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. අපි ආරම්භයේදී අන් අයට ගරු සරුව වාසය කළා කියල, ටික කලකින් ඒ ගරුසරුභාවය අත්හැරියොත්, අපි ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒ නිසා ආරම්භයේ සිට, පිරිනිවන්පාන තෙක්, අපි අන් අයට ගරු සරු ඇතුව වාසයකරන අය බවට පත්වෙන්ට ඕන. අන් අයගෙන් ගෞරවය අපේක්ෂා නොකරන අය බවට පත්වෙන්ට ඕන. අපි අන් අයට උපකාරයක් කරල, ප්‍රතිඋපකාර විදිහට ගෞරවය බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් අපි ඉගෙනගත්තු දෙයක් මුල්කරල, අපි ගෞරවය බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් අපි තුළ තියෙන යම් දෙයක් හේතුකොටගෙන, අපි ගෞරවය බලාපොරොත්තු වෙනවානම් අපි නිවන් මගින් ඈතට යනවා, ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒනිසා කුමන කරුණක් මුල් කරගෙන හෝ වේවා, තමන්ට ගෞරවයක් අපේක්ෂා කරන හිතක්, ඇතිකර ගන්ට එපා. ඒ ගෞරවය කියන එක අපිට නිවන පිණිස උපකාර වෙන්නෙ නෑ. නිවන පිණිස උපකාර වෙන්නේ අන් අයට ගරු කරන හිතක් ඇති කරගැනීමයි.

එහෙමනම් අපි කවුරුත් හොඳට කල්පනා කරල, ඒ නිවන් මග නුවණින් තේරුම්ගන්ට ඕනැ. ඒ වගේ ම, ”ඒ නිවන් මග අපි පුරුදු වෙනවද” කියල තේරුම්ගන්ට ඕනැ. ඒ සඳහා අපිට ප්රත්යවේක්ෂා කිරීම බොහෝ උපකාරීවන දෙයක්. අපි යම් කාලෙක ප්රත්යවේක්ෂා කිරීම අතහැරියොත්, අපි දන්නෙ ම නැතුව ප්‍රමාදයට ගොදුරු වෙන්ට පුළුවන්. අපි නිතරම මාරයගෙ හමුදාව එක්කයි වාසය කරන්නෙ. ඒ මාර සේනාවට කොටුවෙලා අපි හිටියොත්, අපිව නොමගට යන්න පුළුවන්. ඒ මාර සේනාවෙන් අපිට නිදහස්වෙන්න, ගැලවෙන්න බොහෝ උපකාරවෙන්නේ නුවණින් කල්පනා කිරිම ම යි. නුවණින් කල්පනාකරන කොට, ඒ මාර සේනාවෙන් නිදහස් වෙන්ට අවස්ථාව පැදෙනවා. ප්රත්යවේක්ෂාව ඒ තරම් බලවත් දෙයක්. ප්රත්යවේක්ෂා කිරීම මත තමයි නිවන් මග පිරිසිඳු කරගනිමින් ඉස්සරහට යන්ට පුළුවන්කම තියෙන්නෙ. ප්රත්යවේක්ෂාවෙන් ඈත්වුන ගමන් අපි මාරසේනාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා තමයි “ප්රත්යවේක්ෂාව කියන්නේ මේ ජීවිතයට ආලෝකය සපයන දෙයක්” කියල කිව්වේ.

ඒ නිසා ප්රත්යවේක්ෂා කිරීම හොඳට පුරුදු කරගන්න කෙනාට, ප්‍රඥාව පරිපුර්ණ කරගැනීම දක්වා ම, නිවන් මග දියුණු කරගන්ට පුළුවන්කම තියෙනවා. අද දවසේ ඉගෙනගත්ත කාරණා මුල්කරගෙන, සියලූ දෙනාට ම, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදුන්, නිවන් මගට බොහෝ උපකාර වන්නා වූ, ප්රත්යවේක්ෂා කිරීම හොඳින් පුරුදු කරගැනිමට වාසනාව, ධෛර්ය, හැකියාව, ඉපදේවා. එමගින් ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වා ම, නිවන් මග ගමන් කරන්නට, සියලූ දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා! කියල ප්‍රර්ථනා කරනවා.

http://dhammamedicine.net/2011/10/26/sapa_upadana_ulpatha_haduna_ganimu/

(Mage 1st thread 1,,,, hnda num rep denna...repost num sorry.. thanks!!!)

[QUOTE="sl_m, post: 12207789, member: 374179"] [b]සැප උපදන උල්පත හඳුනා ගනිමු[/b] නුවණින් කල්පනා කරනවා කියන එක අද්භූත එකක් නෙවෙයි. පවට ලැජ්ජාව, පවට භය, වීරිය, ප්‍රඥාව ආදී දේ තමා තුළ තියෙනවද, ඒවා වැඩෙනවද? පිරිහෙනවද? ආදී වශයෙන් විමසා බැලීම, නුවණින් කල්පනා කිරීමට අයිති දෙයක්. අපිට අපි ගැනම නිගමනයකට එන්ට තියෙන හොඳම ක්‍රමයක් තමයි මේ ප්රත්යවේක්ෂා කිරීම. ඒ විදියට අපි ගැන අපි ම හොයල බැලූවොත්, අපිට පී‍්‍රති සිතින් වාසයකරන්ට පුළුවන්කම තියෙනවා. එතකොට එයා සිල් රකින්නෙ සතුටින්ද? කණස්සල්ලෙන්ද? එයා සතුටින් සිල් රකිනවා. දවසින් දවස අපේ වයස ගතවෙන්ට ගතවෙන්ට අපේ සීලය ගැන අපිට සතුටුවෙන්ට පුළුවන්ද බැරිද? සතුටුවෙන්න පුළුවන්. ඇයි සේඛ ධර්ම දියුණු කරමින් තමයි අපි ඉන්නෙ. එහෙනම් සීලය පරිපූර්ණ කරගනිමින් ඉන්නෙ. එතෙකාට අපිට කණස්සල්ලෙන් ඉන්ට කාරණා තියෙනවද? නෑ නේද? එහෙනම් බලන්න, මේ ප්රත්යවේක්ෂා කිරීම කියන එක, සැප උපද්දන උල්පතක් වගේ නේද? ප්රත්යවේක්ෂා කරනව කියන එක සැප උපද්දන, සතුට උපද්දන, උල්පතක් වගේ එකක්. අන්න ඒ උල්පත පාදා ගන්ට අපි දක්ෂවෙන්ට ඕන. එහෙම නැත්නම් අන්ධකාරේ ඉන්න අය වගේ. කිසි දෙයක් පේන්නෙ නෑ. එයාට ඇස් තියෙනවා, හැබැයි පේන්නෙ නෑ. ඇයි ඒ? ආලෝකයක් නෑ. එහෙනම් අපේ ජීවිතටයට අලෝකය ඇතිකරන, ඇතිකර ගන්න විදිය තමයි ප්රත්යවේක්ෂා කිරීම. ප්රත්යවේක්ෂා කරන කෙනාට, තමාගේ ජීවිතයේ සතුට උපද්දවගන්ට පුළුවන්කම තියෙනවා. සතුටින් පී‍්‍රති සිතින් යුක්තව සිල්රකින කෙනාට, බණ භාවනා කරන්න අමාරුද? එයාට ප්‍රීති සිතින් බණ භාවනා කරගන්ට පුළුවන්. ඒ විදියට බණ භාවනා කරනකෙනා තුළ සමාධිය වැඩෙයිද? නැද්ද? සමාධිය වැඩෙනවා. ඇයි? එයා කණස්සල්ලෙන් නෙවෙයි ඉන්නෙ. එයා තමන්ගෙ සීලය ආරක්ෂා වෙන නිසා සතුටුවෙන කෙනෙක්. දවසින් දවස සතුටුවෙනවා. එයා දවස ගෙවනකොට සතුටු වෙනවා ”මම අද දවසෙ සිල් පද රැක ගත්තා” කියල. උදේට සතුටු වෙනවා ”සිල් පද රැක ගත්තා” කියල. දවසින් දවස එයා “තමා සිල් පද රකින කෙනෙක්” කියල සතුටු වෙනවා.ඒ විදිහට සිල් පද රැකගත්ත කියල සතුටුවෙන කෙනාට, සේඛ ධර්ම තමා තුළ දියුණුවෙනවා තේරුම් ගන්න කෙනාට, සතුටු සිතින් වාසයකරන්ට පුළුවන්. එයාට බණ භාවනා කිරීම පහසුයි. එසේ බණ භාවනා කරන කෙනා තුළ සමාධිය වැඩෙනවා. සමාධිය පිරෙනවා. සමාධිමත් කෙනා ප්‍රඥාව උපදවා ගන්නවා. ප්‍රඥාව පරිපූර්ණ කරගන්නවා. බලන්න එතකොට අපිට ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම පිණිස බොහෝ උපකාරවුනේ කුමක්ද? ප්රත්යවේක්ෂා කිරීම. එහෙනම් ඒ ප්රත්යවේක්ෂා කිරීම හොඳින් තේරුම් අරගෙන, නිතර නිතර පුරුදුකරන්න. එතකොට අපිට ඒක අපේ ජීවිතයට බොහෝ යහපත උපද්දවන දෙයක් බවට පත්වෙනවා. අපි යම් විදිහකින් නිවන් මග තේරුම් අරගෙන හොඳින් ප්රත්යවේක්ෂා නොකළොත්, ඒ කියන්නේ අපි කළයුතු දේ කරනවද? නැද්ද? කියල හොයල බැලූවෙ නැත්නම්, ටික කාලෙකදී සමහර විට අපි ප්‍රමාදයට ගොදුරුවෙන්ට පුළුවන්. යම් කෙනෙක් කල්‍යාණ මිත්‍ර ඇසුරේ, ගරු සරු ඇතිව වාසය කරනවා නම් එයා එකිනෙකාට උපකාර කරන්ට පුරුදු වෙනවා. ගරු සරු ඇතිව ධර්මය පුරුදු කරනවා, අවවාද අනුශාසනා අනුව කටයුතු කරනවා, වත් පිළිවෙත් කරනවා, මේවා තමයි ආභිසමාචාර සීලයට අයිති වෙන්නෙ. මේ තුළින් එයා තුළ සංවර භාවය ඇති වෙනවා. ඒ කියන්නේ කායික,වාචසික, මානසික කි‍්‍රයා යහපත් වෙන්ට පටන් ගන්නවා. එතකොට යමෙක් තුල සංවර බව ඉපදීම පිණිස මූලික වශයෙන් තිබිය යුතු ගුණයක් තමයි එකිනෙකා කෙරෙහි ගරුසරු බවින් යුතු වීම. අපි එකිනෙකාට ගරුසරු බව සහිතව, ඒ කියන්නෙ එකනෙකාට ගරු කරන කෙනෙක් විදියට, අන් අයට උපකාර කරනවා නම්, ධර්මය පුරුදුකරනවා නම් අපි තුළ සංවර බවක් ඇති වෙයිද? අසංවර බවක් ඇති වෙයිද? අපි තුළ සංවර බවක් ඇති වෙනවා. කෙනෙක් කල්‍යාණ මිතුරු ඇසුරේ ඉඳගෙන අන් අයට ගරු කරන සිතින් යුක්තව වාසය කරනවා. අන් අයට ගරු සරු භාවයෙන් යුක්තව ඇසුරු කරනවා. එතකොට අනිත් අයට ගරු සරු දක්වමින්, එයා ධර්මය ඉගෙනගන්නවා. උපකාර කරනවා. ධර්මය කියාදෙනවා. මේ විදියට කටයුතු කරනවා. අන්න එහෙම කටයුතු කරන කෙනා තුළ සංවර බව උපදිනවා. ඇයි සංවර බව උපදින්නෙ? එයා කැමතියි අනිත් අයට ගරු කරන්න, අනිත් අයට ගරු කරමින් තමයි, එයා කටයුතු කරන්නෙ. එතකොට එයා තුළ උපදින්නෙ නිහතමානි බව. එයා සංවරයි. ඒ කියන්නේ සංවර සිතකින් ඉන්ට එයාට පුළුවන්. අන්න එයා තුළ ඉගෙනගත්තා වු ධර්මය මුල්කරගෙන ශ්‍රද්ධාව උපදිනවා. එකිනෙකාට ගරුකිරීම ආදී දේ මුල්කරගෙන, නිහතමානි බව මුල්කරගෙන, හිරි ඔතප් උපදිනවා. එතකොට ශ්‍රද්ධාව, හිරි ඔතප් මුල් කරගෙන වීර්ය උපදිනවා. ශ්‍රද්ධාව, හිරි ඔතප්, වීර්ය ආදී දේ මුල් කරගෙන, ප්‍රඥාව උපදිනවා. ඔන්න කෙනෙක් ඉන්නව, එයා කල්‍යාණ මිත්‍ර ඇසුරෙ ඉන්න පුරුදු වෙනවා. හැබැයි එයා එකිනෙකාට ගරුසරු ඇතුව වාසය කරන්ට පුරුදු වෙන්නෙ නෑ. එතකොට එයා කල්‍යාණ මිතුරු ඇසුර හොඳින් පවත්වයිද? හොඳින් පවත්වන්නෙ නෑ. ඇයි ඒ? ගරුසරු නැති නිසා. අන් අයට ගරුකරන්ට එයා කැමති වෙන්නෙ නෑ. දැන් එයා ධර්මය ඉගෙන ගන්නවා. බණ භාවනා කරනවා. ධර්මය අනිත් අයට කියලත් දෙනවා. හැබැයි මෙයා තමන්ට ගෞරවය බලාපොරොත්තු වෙනවා. තමාට ගෞරවය බලාපෙරොත්තුවෙන කෙනා, ධර්මය ඉගෙනගත්තත්, ඒකෙන් බලාපොරොත්තු වෙන්නෙ තමාට ගෞරවයක්. ධර්මය කියාදුන්නත් ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ තමාට ගෞරවයක්. අන් අයට උපකාර කළත්, එකෙන් බලාපොරොත්තු වෙන්නෙත් තමාට ගෞරවය. වැටහුනාද කාරණාව? අන්න එයා තුළ ධර්මය ඉගෙනගත්ත කියල, ධර්මය කියාදුන්න කියල, අන් අයට උපකාර කළා කියල, සංවරබව ඇතිවෙයිද? සංවර බව ඇතිවෙන්නෙ නෑ. ඇයි ඒ? තමාට ගෞරවයක් බලාපොරෙත්තුවෙන කෙනා තුළ, නිහතමානීබව ඇතිවෙන්නෙ නෑ. ආඩම්බරය ඇතිවෙනවා. එතකොට එයාට සංසුන් සිතකින් ඉනට බෑ. එතකොට එයා තුළ සේඛ ධර්ම ඇතිවෙයිද? ශ්‍රද්ධාව, හිරි ඔතප්, විරිය, උපදීද? ඉපදුනා වූ ශ්‍රද්ධාව, හරි ඔතප්, වීර්ය ආදී දේ වැඩි දියුණු වෙයිද? වැඩිදියුණු වෙන්නෙ නෑ. එයා තුළ ලැජ්ජාව, භය වැඩි දියුණු වෙයිද? වැඩි දියුණු වෙන්නෙ නෑ. එයා තුළ වීර්ය දියුණුවෙන්නෙ නෑ. ඒ නිසා ම, ප්‍රඥාව දියුණුවෙන්නෙ නෑ. සේඛ ධර්ම පිරෙන්නෙ නෑ. ප්‍රමාදයට ගොදුරුවෙනවා. සේඛ ධර්ම පිරෙන්නෙ නැති තැන, සීලය පරිපූර්ණ වෙන්නෙ නෑ. එතකොට සමාධිය පරිපූර්ණ කරගන්න බැරුවයනවා. සමාධිය පරිපූර්ණ කරගන්ට බැරි තැන, ප්‍රඥාව පරිපූර්ණ කරගන්න බැරිවෙනවා. අපි ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වා ම, මේ නිවන් මග වඩන්ට, පුරුදු කරන්ට, කැමතිවෙන්ට ඕන. එහෙම නම් මතක තියාගන්න,, ඒ නිවන් මගේ ආරම්භය කල්‍යාණ මිත්‍ර ඇසුරේ, එකිනෙකා කෙරෙහි ගරු සරු ඇතිව වාසය කරන්ට පුරුදුවීම. ඒක ටික දවසක් පුරුදු කරල, අතහරින එකක්ද? නෑ. කවදද ඒක ඉවර වෙන්නෙ? ඒක අවසන්වන්නේ පිරිනිවන් පැමෙන්. ඔන්න ආරම්භයේදී කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරුසරු ඇතුව වාසය කරනවා. එතකොට එයා ධර්මය ඉගෙනගන්නවා. එකිනෙකාට උපකාරකරනවා. ධර්මය කියාදෙනවා. වත් පිළිවෙත් කරනවා. මේ කටයුතු නිසා සංවර වෙනවා. එතකොට සේඛ ධර්ම යම් ප්‍රමාණයකින් ඇති වෙනවා. ඒ සේඛ ධර්ම ඇතිවෙන ප්‍රමාණයට සරිලන විදියට සීලය පිරෙනවා. යම් සමාධියක් ඇතිවෙනවා. යම් ප්‍රඥාවක් ඇතිවෙනවා. ඔන්න ටික කාලෙකින් එයා කල්‍යාණ මිත්‍ර ඇසුරේ එකිනෙකාට ගරු සරු ඇතිව වාසය කිරීම අතහරිනවා. එයා කල්පනාකරනව, ”දැන් ඉතින් මම ධර්මය දන්නකෙනා, දැන් ඉතින් මම බණ භාවනා ටිකක් පුළුවන් කෙනා. දැන් ඉතින් මම ධර්මය අනිත් අයට කියලදෙන කෙනා. දැන් මමයි ගරු සරු ලැබිය යුතු කෙනා. මම මේ විදියට කටයුතු කරන නිසා, මම ගරුසරු ලැබියයුතු කෙනා” කියල, යම් කාලෙක එයාට හිතෙනවා. දැන් එතකොට එයා මාර්ගයෙන් පැත්තකට පැන්න නේද? එයා මාර්ගයෙන් පැත්තකට පැන්න. මේ දේවල් තෝර බේරාගන්න පුළුවන් වෙන්නෙ කොහොම කළොත්ද? ප්රත්යවේක්ෂා කළොත්. ”මම කළ යුතු දේ ද කරන්නේ, නොකළ යුතු දෙයක්ද කරන්නේ?” කියල අපි හොයල බැලූවොත්, අපිට තෙරේයි, ”මට වැරදුනා” කියල. අන්න එතකොට ආපහු එයාට පුළුවන්කම තියෙනවා නිවැරදි වෙන්න. එතකෙට බලන්න මේ නිවන් මගේ කොතනකවත් අපට ඉඩක් තියෙනවද තමාට ගෞරව ලබාගැනීම පිණිස. කොතනකවත්, කවදාවත් නෑ. තමාට ගෞරවය අපේක්ෂාකිරීමක් කොතනකවත් නෑ. අන් අයට ගරුකරන්න හිත නැමෙනවනම්, එයාට නිවන් මග විවෘතවෙන්ට පටන් ගන්නවා. එහෙනම් හොඳට තමා ගැන නුවණින් කල්පනා කරල බලන්න, මම අන් අයගෙන් ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්ද? මම අන් අයට ගරු කරන්ට කැමති කෙනෙක්ද? කියල. අන්න එතන අපිට නිවන් මගට ප්‍රවේශ වෙන්ට පුළුවන් ඉඩ කඩක් තියෙනවා. අපේ හිත කැමතියි නම් අන් අයට ගරු කරන්න, නිවන් මගට පිවිසෙන්න අවස්ථාවක් තියෙනවා. අපේ හිත කමැතිනම්, අන් අයගෙ ගෞරවය ලබන්න, අපිට නිවන් මගට පිවිසෙන්ට තියෙන ඉඩකඩ ඇහිරෙනවා. අපි ආරම්භයේදී අන් අයට ගරු සරුව වාසය කළා කියල, ටික කලකින් ඒ ගරුසරුභාවය අත්හැරියොත්, අපි ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒ නිසා ආරම්භයේ සිට, පිරිනිවන්පාන තෙක්, අපි අන් අයට ගරු සරු ඇතුව වාසයකරන අය බවට පත්වෙන්ට ඕන. අන් අයගෙන් ගෞරවය අපේක්ෂා නොකරන අය බවට පත්වෙන්ට ඕන. අපි අන් අයට උපකාරයක් කරල, ප්‍රතිඋපකාර විදිහට ගෞරවය බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් අපි ඉගෙනගත්තු දෙයක් මුල්කරල, අපි ගෞරවය බලාපොරොත්තු වෙනවා නම්, එහෙම නැත්නම් අපි තුළ තියෙන යම් දෙයක් හේතුකොටගෙන, අපි ගෞරවය බලාපොරොත්තු වෙනවානම් අපි නිවන් මගින් ඈතට යනවා, ප්‍රමාදයට ගොදුරු වෙනවා. ඒනිසා කුමන කරුණක් මුල් කරගෙන හෝ වේවා, තමන්ට ගෞරවයක් අපේක්ෂා කරන හිතක්, ඇතිකර ගන්ට එපා. ඒ ගෞරවය කියන එක අපිට නිවන පිණිස උපකාර වෙන්නෙ නෑ. නිවන පිණිස උපකාර වෙන්නේ අන් අයට ගරු කරන හිතක් ඇති කරගැනීමයි. එහෙමනම් අපි කවුරුත් හොඳට කල්පනා කරල, ඒ නිවන් මග නුවණින් තේරුම්ගන්ට ඕනැ. ඒ වගේ ම, ”ඒ නිවන් මග අපි පුරුදු වෙනවද” කියල තේරුම්ගන්ට ඕනැ. ඒ සඳහා අපිට ප්රත්යවේක්ෂා කිරීම බොහෝ උපකාරීවන දෙයක්. අපි යම් කාලෙක ප්රත්යවේක්ෂා කිරීම අතහැරියොත්, අපි දන්නෙ ම නැතුව ප්‍රමාදයට ගොදුරු වෙන්ට පුළුවන්. අපි නිතරම මාරයගෙ හමුදාව එක්කයි වාසය කරන්නෙ. ඒ මාර සේනාවට කොටුවෙලා අපි හිටියොත්, අපිව නොමගට යන්න පුළුවන්. ඒ මාර සේනාවෙන් අපිට නිදහස්වෙන්න, ගැලවෙන්න බොහෝ උපකාරවෙන්නේ නුවණින් කල්පනා කිරිම ම යි. නුවණින් කල්පනාකරන කොට, ඒ මාර සේනාවෙන් නිදහස් වෙන්ට අවස්ථාව පැදෙනවා. ප්රත්යවේක්ෂාව ඒ තරම් බලවත් දෙයක්. ප්රත්යවේක්ෂා කිරීම මත තමයි නිවන් මග පිරිසිඳු කරගනිමින් ඉස්සරහට යන්ට පුළුවන්කම තියෙන්නෙ. ප්රත්යවේක්ෂාවෙන් ඈත්වුන ගමන් අපි මාරසේනාවට ගොදුරු වීමේ ඉඩකඩ වැඩියි. ඒ නිසා තමයි “ප්රත්යවේක්ෂාව කියන්නේ මේ ජීවිතයට ආලෝකය සපයන දෙයක්” කියල කිව්වේ. ඒ නිසා ප්රත්යවේක්ෂා කිරීම හොඳට පුරුදු කරගන්න කෙනාට, ප්‍රඥාව පරිපුර්ණ කරගැනීම දක්වා ම, නිවන් මග දියුණු කරගන්ට පුළුවන්කම තියෙනවා. අද දවසේ ඉගෙනගත්ත කාරණා මුල්කරගෙන, සියලූ දෙනාට ම, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් පෙන්වාදුන්, නිවන් මගට බොහෝ උපකාර වන්නා වූ, ප්රත්යවේක්ෂා කිරීම හොඳින් පුරුදු කරගැනිමට වාසනාව, ධෛර්ය, හැකියාව, ඉපදේවා. එමගින් ප්‍රඥාව පරිපූර්ණ කරගැනීම දක්වා ම, නිවන් මග ගමන් කරන්නට, සියලූ දෙනාට ම දුර්ලභ වූ භාග්‍ය උදාවේවා! කියල ප්‍රර්ථනා කරනවා. [url]http://dhammamedicine.net/2011/10/26/sapa_upadana_ulpatha_haduna_ganimu/[/url] (Mage 1st thread 1,,,, hnda num rep denna...repost num sorry.. thanks!!!:yes:) [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom