Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Today at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සැබෑ පණ්ඩිතයා කවුරුන් ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සැබෑ පණ්ඩිතයා කවුරුන් ද ?

සැබෑ පණ්ඩිතයා කවුරුන් ද ?

කඩුගන්නාව, මුදලිවත්ත,

දීපාලෝක විහාරවාසී

රුවන්පුර ඤාණවිමල හිමි

ජන සමාජයේ ජීවත්වන අපට බොහෝ අවස්ථාවල විවිධාකාර පණ්ඩිතයෝ හමුවෙති. ශ්‍රී ලංකා භාෂෝපකාර සමාගම මගින් පණ්ඩිත උපාධිය සඳහා නිර්දේශිත පාඨමාලාව අවසන්කොට අදාළ පරීක්ෂණයෙන් සමත්වූවනට ‘රාජකීය පණ්ඩිත හා පණ්ඩිත’ වශයෙන් උපාධි පිරිනැමේ. පණ්ඩිත උපාධිධරයෝ බොහෝවිට ගිහි පැවිදිකම අනුව ‘ පණ්ඩිත හාමුදුරුවෝ’ ‘පණ්ඩිත මහත්මයා’ පණ්ඩිතයා ආදි වශයෙන් හඳුන්වති.

මේ අතර උපාධියක් නැති පණ්ඩිතයින් පිරිසක්ද සිටිති. සමහරු කථාබහෙන් පණ්ඩිතකම් පෙන්වති. තවත් සමහරු වැඩ කටයුතු වලින් තමා පණ්ඩිතයකු බව හැඟවීමට උත්සාහ කරති. අති පණ්ඩිත, බක පණ්ඩිත වැනි ආරූඪ නම් පටබැඳුණු පණ්ඩිතයෝද සිටිති. පුද්ගලයින් හඳුනාගැන්මට යොදන සම්මුති නාමයක් හැටියටද ‘පණ්ඩිත’ නම යොදන බැව් ධම්ම පදයේ එන ‘පණ්ඩිත සාමණේරයන්ගේ කථාවෙන් පැහැදිලි වෙයි. සම්බුද්ධ දේශනාවේ අවස්ථා රාශියකම පණ්ඩිත යන වචනය යොදා තිබේ. බාල පණ්ඩිත සූත්‍රය, මංගල සූත්‍රය, ධම්මපදයේ පණ්ඩිත වග්ගය ද ඊට නිදසුන් කිහිපයකි.

පුද්ගල ඇසුර අප හැම කෙනෙකුගේම ජීවිතවලට බලපෑම්කරන ප්‍රබල සාධකයකි. දුර්ජන අසත්පුරුෂයින් ඇසුරට නොගතයුතු බවත් සත්පුරුෂයින්ගේ ඇසුරම පැතියයුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාළේ එබැවිනි. අනෙකුත් සත්වයින් මෙන් නොව මිනිසා හඳුනාගැනීම පහසු නැත. වරෙක සාන්තුවරයකු ලෙස පෙනී සිටින තැනැත්තාම තවත් වරෙක අමනුෂ්‍යයකු ලෙස හැසිරෙයි. මිතුරුකමක් පෙන්වා පරම සතුරෙකු ලෙස ක්‍රියා කිරීමට ද පුළුවන. උපකාර කිරීමට පැමිණ අපකාරයට මගපෑදීමට ද මිනිසා සමත් වෙයි. ඇතැමුන්ගේ ජීවිත අකාලයේ අගාධයට ඇදවැටී ඇත්තේ ද ඇසුරට සුදුසු පුද්ගලයින් තෝරාගැනීමට නොහැකි වූ බැවිනි. ධම්මපදයේ පණ්ඩිත වග්ගය තුළ ඇසුරට යෝග්‍ය සැබෑ පණ්ඩිතයා සතු ලක්ෂණ මනාව විග්රහකොට ඇත. මේ ලිපියෙන් අපේක්ෂාකරනුයේ පණ්ඩිත වග්ගයේ එන පරිදි සැබෑ පණ්ඩිතයාගේ ලක්ෂණ ගෙනහැර දැක්වීමයි.

බෞද්ධ ඉගැන්වීමට අනුව පුද්ගලයෙකුගේ උසස් බව හෝ පහත් බව මනිනු ලබන්නේ ජාතිය, කුලය, ගෝත්‍රය වැනි නිර්ණායක පදනම්කරගෙන නොවේ. කිසිවෙකු උපතින් උසස් බව හෝ පහත් බව උරුමකරගෙන නූපදී. ඉපදීමෙන් පසුව ඔහු කරන ක්‍රියාවන්ට අනුව උසස් හෝ පහත් බව තීරණය වේ. ‘කම්මනා වසලො හොති, කම්මනා හොති බ්රාහ්මණො’ යැයි ඒ බව දැක්වේ. මහා මංගල සූත්‍රයේ දැක්වෙන පරිදි බාලයන් ඇසුරු නොකළ යුතුය. පණ්ඩිතයන්ගේ ඇසුර යහපත්ය. (අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා) පුද්ගලයාගේ පණ්ඩිත බව හෝ බාල බව මැනගත හැක්කේද ජාති කුල ගෝත්‍ර ආදියෙන් නොව ඔහුගේ සිතිවිලි කථාව හා හැසිරීම මගිනි.

ධනය මිනිසාට අවශ්‍ය දෙයකි. බුදු දහම ධනය හරි හම්බකිරීමට සීමා පනවා නැත. ධනය උපයාගැනීමට විවිධ ක්‍රම තිබේ.

බුදු දහම අනුමත කරන්නේ වෙර වීරිය යොදා දෑතේ ශක්තියෙන් දැහැමිව හා අසාහසිකව ධනය උපයා ගැනීමයි. සමාජයට හානිකර විසක් ගෙනදෙන වෙළෙදාම් වලින් වැළකී දැහැමිව ධනය රැස්කිරීමට උපදෙස් දී තිබේ. තමා රැස්කළ ධනය පිළිබඳව සිතා සතුටුවිය හැක්කේ එවැන්නෙකුට පමණි. ඔහු පණ්ඩිතයෙකැයි බුදු රජාණන් වහන්සේ හඳුන්වති.

‘න අත්ත හේතු න පරස්ස හේතු

න පුත්ත මිච්ඡෙ න ධනං න රටඨං

න ඉච්ඡෙය්ය අධම්මේන සමිද්ධිමත්තනො

ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා’

සිල්වතා ඤාණවන්තයා හා දැහැමි පුද්ගලයා නම් කවරෙක්ද? තමාගේ සුව පහසුව තකා හෝ අනුන්ගේ යහපත වෙනුවෙන් හෝ පව්කම් නොකරයි. නොදැහැමිව දරුවන් ලැබීම පවා නොකැමති වෙයි. කොතරම් ධනය ලැබුනත් ඒ දැහැමින් නොවේනම් එයින් සතුටු නොවෙයි. රටක බලය වුවද අයුක්තියෙන් අසාධාරණයෙන් ලැබීමට අකමැති වෙයි. හැම විටම දැහැමින් ධනය ලබනු කැමති වෙයි. ලොව බොහෝ ධනවත්තු සිටිති. එහෙත් ඔවුනට මානසික සුවයක් නැත.

ඒ තම ධනය සපයාගත් ආකාරය පිළිබඳ සතුටුවිය නොහැකි බැවිනි. ඤාණවන්තයා එසේ පසුතැවෙන්නකු නොවේ. මිනිස් චර්යාවන් ප්‍රධාන වශයෙන් වැරදි හා නිවැරදි චර්යා වශයෙන් දෙකොටසකි. වැරදි චර්යාවන් අනිටු ප්‍රතිඵල ළඟාකරන බැවින් එයින් වැළැක්වීමටත් නිවැරදි චර්යා ඉෂ්ට ප්‍රතිඵල ලබාදෙන බැවින් ඒවා කිරීමටත් බුදු දහමෙන් උපදෙස් දෙයි. සමහරු වැරදි හා නිවැරදි චර්යා තෝරාගැනීමට අපොහොසත් වෙති. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ බුදු රජාණන් වහන්සේ මේ පිළිබඳ සරල පැහැදිලි කිරීමක් කොට තිබේ. එනම් යමෙකු සිතින් කයින් වචනයෙන් සිදුකරනු ලබන ක්‍රියාවක් නිසා එය කරන්නාට හෝ එහි ප්‍රතිඵල ලබන අන් අයෙකුට හෝ යන පාර්ශ්ව දෙකටම දුකක් වේදනාවක් පසුතැවීමක් ඇතිකරවයි නම් එවැනි ක්‍රියා නොකටයුතු වැරදි සහගත ක්‍රියා බවයි. තමාගෙන් වැරදි ක්‍රියාවන් සිදුවීමට ඉඩ නොතැබීම පණ්ඩිතයාගේ ලක්ෂණයයි. වැඩි වැඩියෙන් වැරදි සහගත දේ කිරීම බාලයාගේ ලක්ෂණයකි.

මිනිසා පහසුවෙන් වරදට යොමුවේ. නිවැරදි යහපත් දේ කිරීම අපහසුය. ඒ සඳහා වීරිය කළ යුතුය. සූකරානි අසාධුනි යන බුදු වදනින් ඒ බව ප්‍රකට ෙව්. සමාජයේ බොහෝවිට සිදුවන්නේ වරදට යොමුවූවෙකු වරදින් මුදාගැනීමට වඩා තව තවත් වරදෙහි යෙදවීමයි. මහධන සිටුපුත් වත එය ප්රත්යක්ෂ කරයි. මිතුරන්ගේ බලපෑම නිසා සුරාපානයට යොමු වී සියලු ධනය විනාශකර හිඟමනට වැටීමට ඔහුට සිදුවිය. ඤාණවන්තයාගේ ලක්ෂණය තමා වරදින් වැළකී තම ඇසුරෙහි සිටින්නන්ද වරදින් වළකා ගැනීමයි. තව කෙනෙකුගේ වරදක් දුටුවිට ඔහුට නිසි ඔවදන් දී අනුශාසනා කොට යහපතෙහි පිහිටුවීමට ක්‍රියා කිරීමද නුවණැත්තාගේ ස්වභාවයයි. එය නිධානයක් පෙන්වීමකට සමාන ක්‍රියාවකුයි.

‘නිධීනං ව පවත්තාරං

යං පස්සේ වජ්ජ දස්සනං

නිග්ගය්හවාදිං මේධාවිං’

යනුවෙන් බුදු රජාණන් වහන්සේ දක්වති. ඝනව සැදුනු ගල් කන්දක් සිව් දිගින් හමන මහ සැඩ සුළඟට නොසැලෙන සේ ඤාණවන්තයා තමාවෙත එල්ලවෙන නින්දා අපවාද ආදියේදී කලකිරීමෙන් නොසන්සුන්වීමක් හෝ පැසසුමේදී උඩඟුවීමක් හෝ නොදක්වයි. හැම විටකම ප්‍රසන්නව සිටී. එද නුවණැතියා තුළ පෙනෙන ලක්ෂණයකි. ඒ ගැඹුරු මුහුදෙහි ජලය වශයෙන් හෝ මසුන්ගෙන් හෝ නොසැලී පවතින බැවින් ප්‍රසන්න වන්නා සේ අටලෝ දහම මැනවින් හැඳින එයින් කම්පා නොවන බැවිනි.

ඉඳුරන්ට වසඟව ක්‍රියා කිරීම පුහුදුන් අයගේ ස්වභාවයයි. එහෙත් පණ්ඩිතයා එසේ නොවේ. බුදු රජාණන් වහන්සේ පණ්ඩිතයාගේ හැසිරීම උපමා සහිතව මෙසේ දක්වයි.

‘උදකංහි නයන්ති නෙත්තිකා

උසුකාරා නමයන්ති තේජනං

දාරුං නමයන්ති තච්ඡකා

අත්තානං දමයන්ති පණ්ඩිතා’

දියාළුවෝ කෙත්වතුවලට දිය ගෙන යති. හී වඩුවෝ තමනට රිසි පරිදි හී දඬු නමත්. වඩුවෝ දැව දඬු ගෙන අලංකාර දෑ නිපදවත්. ඤාණවන්තයා (පණ්ඩිතයා) තම සිත කීකරු කොට කෙලෙස් වසඟයෙන් මුදා ගනී. එනිසාම ඔහුගේ කයින් වචනයෙන් වරදක් සිදු නොවේ’. එබැවින් ඔහුට සතුරෝද නැත. බොහෝ දෙනාගේ ගෞරවය ලබති. සිංහ වෙස්ගත් වෘකයන් මෙන් පණ්ඩිතමානී ලක්ෂණ පෙන්වාගෙන ඇසුරට එන්නවුන් මැනවින් හඳුනාගෙන ඔවුන් දුරස්කොට සැබෑ පණ්ඩිතයින්ගේ ඇසුර ලැබීමෙන් ඔබටද ජීවිතය ආලෝකමත් කරගත හැකිය.

සිතුවම - සරත් නන්ද කුමාර

[QUOTE="$hiñe, post: 7744999, member: 280908"] [b]සැබෑ පණ්ඩිතයා කවුරුන් ද ?[/b] [SIZE="4"]සැබෑ පණ්ඩිතයා කවුරුන් ද ? [/SIZE] [B]කඩුගන්නාව, මුදලිවත්ත, දීපාලෝක විහාරවාසී රුවන්පුර ඤාණවිමල හිමි [SIZE="3"]ජන සමාජයේ ජීවත්වන අපට බොහෝ අවස්ථාවල විවිධාකාර පණ්ඩිතයෝ හමුවෙති. ශ්‍රී ලංකා භාෂෝපකාර සමාගම මගින් පණ්ඩිත උපාධිය සඳහා නිර්දේශිත පාඨමාලාව අවසන්කොට අදාළ පරීක්ෂණයෙන් සමත්වූවනට ‘රාජකීය පණ්ඩිත හා පණ්ඩිත’ වශයෙන් උපාධි පිරිනැමේ. පණ්ඩිත උපාධිධරයෝ බොහෝවිට ගිහි පැවිදිකම අනුව ‘ පණ්ඩිත හාමුදුරුවෝ’ ‘පණ්ඩිත මහත්මයා’ පණ්ඩිතයා ආදි වශයෙන් හඳුන්වති. මේ අතර උපාධියක් නැති පණ්ඩිතයින් පිරිසක්ද සිටිති. සමහරු කථාබහෙන් පණ්ඩිතකම් පෙන්වති. තවත් සමහරු වැඩ කටයුතු වලින් තමා පණ්ඩිතයකු බව හැඟවීමට උත්සාහ කරති. අති පණ්ඩිත, බක පණ්ඩිත වැනි ආරූඪ නම් පටබැඳුණු පණ්ඩිතයෝද සිටිති. පුද්ගලයින් හඳුනාගැන්මට යොදන සම්මුති නාමයක් හැටියටද ‘පණ්ඩිත’ නම යොදන බැව් ධම්ම පදයේ එන ‘පණ්ඩිත සාමණේරයන්ගේ කථාවෙන් පැහැදිලි වෙයි. සම්බුද්ධ දේශනාවේ අවස්ථා රාශියකම පණ්ඩිත යන වචනය යොදා තිබේ. බාල පණ්ඩිත සූත්‍රය, මංගල සූත්‍රය, ධම්මපදයේ පණ්ඩිත වග්ගය ද ඊට නිදසුන් කිහිපයකි. පුද්ගල ඇසුර අප හැම කෙනෙකුගේම ජීවිතවලට බලපෑම්කරන ප්‍රබල සාධකයකි. දුර්ජන අසත්පුරුෂයින් ඇසුරට නොගතයුතු බවත් සත්පුරුෂයින්ගේ ඇසුරම පැතියයුතු බවත් බුදුරජාණන් වහන්සේ වදාළේ එබැවිනි. අනෙකුත් සත්වයින් මෙන් නොව මිනිසා හඳුනාගැනීම පහසු නැත. වරෙක සාන්තුවරයකු ලෙස පෙනී සිටින තැනැත්තාම තවත් වරෙක අමනුෂ්‍යයකු ලෙස හැසිරෙයි. මිතුරුකමක් පෙන්වා පරම සතුරෙකු ලෙස ක්‍රියා කිරීමට ද පුළුවන. උපකාර කිරීමට පැමිණ අපකාරයට මගපෑදීමට ද මිනිසා සමත් වෙයි. ඇතැමුන්ගේ ජීවිත අකාලයේ අගාධයට ඇදවැටී ඇත්තේ ද ඇසුරට සුදුසු පුද්ගලයින් තෝරාගැනීමට නොහැකි වූ බැවිනි. ධම්මපදයේ පණ්ඩිත වග්ගය තුළ ඇසුරට යෝග්‍ය සැබෑ පණ්ඩිතයා සතු ලක්ෂණ මනාව විග්රහකොට ඇත. මේ ලිපියෙන් අපේක්ෂාකරනුයේ පණ්ඩිත වග්ගයේ එන පරිදි සැබෑ පණ්ඩිතයාගේ ලක්ෂණ ගෙනහැර දැක්වීමයි. බෞද්ධ ඉගැන්වීමට අනුව පුද්ගලයෙකුගේ උසස් බව හෝ පහත් බව මනිනු ලබන්නේ ජාතිය, කුලය, ගෝත්‍රය වැනි නිර්ණායක පදනම්කරගෙන නොවේ. කිසිවෙකු උපතින් උසස් බව හෝ පහත් බව උරුමකරගෙන නූපදී. ඉපදීමෙන් පසුව ඔහු කරන ක්‍රියාවන්ට අනුව උසස් හෝ පහත් බව තීරණය වේ. ‘කම්මනා වසලො හොති, කම්මනා හොති බ්රාහ්මණො’ යැයි ඒ බව දැක්වේ. මහා මංගල සූත්‍රයේ දැක්වෙන පරිදි බාලයන් ඇසුරු නොකළ යුතුය. පණ්ඩිතයන්ගේ ඇසුර යහපත්ය. (අසේවනාච බාලානං - පණ්ඩිතානංච සේවනා) පුද්ගලයාගේ පණ්ඩිත බව හෝ බාල බව මැනගත හැක්කේද ජාති කුල ගෝත්‍ර ආදියෙන් නොව ඔහුගේ සිතිවිලි කථාව හා හැසිරීම මගිනි. ධනය මිනිසාට අවශ්‍ය දෙයකි. බුදු දහම ධනය හරි හම්බකිරීමට සීමා පනවා නැත. ධනය උපයාගැනීමට විවිධ ක්‍රම තිබේ. බුදු දහම අනුමත කරන්නේ වෙර වීරිය යොදා දෑතේ ශක්තියෙන් දැහැමිව හා අසාහසිකව ධනය උපයා ගැනීමයි. සමාජයට හානිකර විසක් ගෙනදෙන වෙළෙදාම් වලින් වැළකී දැහැමිව ධනය රැස්කිරීමට උපදෙස් දී තිබේ. තමා රැස්කළ ධනය පිළිබඳව සිතා සතුටුවිය හැක්කේ එවැන්නෙකුට පමණි. ඔහු පණ්ඩිතයෙකැයි බුදු රජාණන් වහන්සේ හඳුන්වති. ‘න අත්ත හේතු න පරස්ස හේතු න පුත්ත මිච්ඡෙ න ධනං න රටඨං න ඉච්ඡෙය්ය අධම්මේන සමිද්ධිමත්තනො ස සීලවා පඤ්ඤවා ධම්මිකො සියා’ සිල්වතා ඤාණවන්තයා හා දැහැමි පුද්ගලයා නම් කවරෙක්ද? තමාගේ සුව පහසුව තකා හෝ අනුන්ගේ යහපත වෙනුවෙන් හෝ පව්කම් නොකරයි. නොදැහැමිව දරුවන් ලැබීම පවා නොකැමති වෙයි. කොතරම් ධනය ලැබුනත් ඒ දැහැමින් නොවේනම් එයින් සතුටු නොවෙයි. රටක බලය වුවද අයුක්තියෙන් අසාධාරණයෙන් ලැබීමට අකමැති වෙයි. හැම විටම දැහැමින් ධනය ලබනු කැමති වෙයි. ලොව බොහෝ ධනවත්තු සිටිති. එහෙත් ඔවුනට මානසික සුවයක් නැත. ඒ තම ධනය සපයාගත් ආකාරය පිළිබඳ සතුටුවිය නොහැකි බැවිනි. ඤාණවන්තයා එසේ පසුතැවෙන්නකු නොවේ. මිනිස් චර්යාවන් ප්‍රධාන වශයෙන් වැරදි හා නිවැරදි චර්යා වශයෙන් දෙකොටසකි. වැරදි චර්යාවන් අනිටු ප්‍රතිඵල ළඟාකරන බැවින් එයින් වැළැක්වීමටත් නිවැරදි චර්යා ඉෂ්ට ප්‍රතිඵල ලබාදෙන බැවින් ඒවා කිරීමටත් බුදු දහමෙන් උපදෙස් දෙයි. සමහරු වැරදි හා නිවැරදි චර්යා තෝරාගැනීමට අපොහොසත් වෙති. අම්බලට්ඨික රාහුලෝවාද සූත්‍රයේ බුදු රජාණන් වහන්සේ මේ පිළිබඳ සරල පැහැදිලි කිරීමක් කොට තිබේ. එනම් යමෙකු සිතින් කයින් වචනයෙන් සිදුකරනු ලබන ක්‍රියාවක් නිසා එය කරන්නාට හෝ එහි ප්‍රතිඵල ලබන අන් අයෙකුට හෝ යන පාර්ශ්ව දෙකටම දුකක් වේදනාවක් පසුතැවීමක් ඇතිකරවයි නම් එවැනි ක්‍රියා නොකටයුතු වැරදි සහගත ක්‍රියා බවයි. තමාගෙන් වැරදි ක්‍රියාවන් සිදුවීමට ඉඩ නොතැබීම පණ්ඩිතයාගේ ලක්ෂණයයි. වැඩි වැඩියෙන් වැරදි සහගත දේ කිරීම බාලයාගේ ලක්ෂණයකි. මිනිසා පහසුවෙන් වරදට යොමුවේ. නිවැරදි යහපත් දේ කිරීම අපහසුය. ඒ සඳහා වීරිය කළ යුතුය. සූකරානි අසාධුනි යන බුදු වදනින් ඒ බව ප්‍රකට ෙව්. සමාජයේ බොහෝවිට සිදුවන්නේ වරදට යොමුවූවෙකු වරදින් මුදාගැනීමට වඩා තව තවත් වරදෙහි යෙදවීමයි. මහධන සිටුපුත් වත එය ප්රත්යක්ෂ කරයි. මිතුරන්ගේ බලපෑම නිසා සුරාපානයට යොමු වී සියලු ධනය විනාශකර හිඟමනට වැටීමට ඔහුට සිදුවිය. ඤාණවන්තයාගේ ලක්ෂණය තමා වරදින් වැළකී තම ඇසුරෙහි සිටින්නන්ද වරදින් වළකා ගැනීමයි. තව කෙනෙකුගේ වරදක් දුටුවිට ඔහුට නිසි ඔවදන් දී අනුශාසනා කොට යහපතෙහි පිහිටුවීමට ක්‍රියා කිරීමද නුවණැත්තාගේ ස්වභාවයයි. එය නිධානයක් පෙන්වීමකට සමාන ක්‍රියාවකුයි. ‘නිධීනං ව පවත්තාරං යං පස්සේ වජ්ජ දස්සනං නිග්ගය්හවාදිං මේධාවිං’ යනුවෙන් බුදු රජාණන් වහන්සේ දක්වති. ඝනව සැදුනු ගල් කන්දක් සිව් දිගින් හමන මහ සැඩ සුළඟට නොසැලෙන සේ ඤාණවන්තයා තමාවෙත එල්ලවෙන නින්දා අපවාද ආදියේදී කලකිරීමෙන් නොසන්සුන්වීමක් හෝ පැසසුමේදී උඩඟුවීමක් හෝ නොදක්වයි. හැම විටකම ප්‍රසන්නව සිටී. එද නුවණැතියා තුළ පෙනෙන ලක්ෂණයකි. ඒ ගැඹුරු මුහුදෙහි ජලය වශයෙන් හෝ මසුන්ගෙන් හෝ නොසැලී පවතින බැවින් ප්‍රසන්න වන්නා සේ අටලෝ දහම මැනවින් හැඳින එයින් කම්පා නොවන බැවිනි. ඉඳුරන්ට වසඟව ක්‍රියා කිරීම පුහුදුන් අයගේ ස්වභාවයයි. එහෙත් පණ්ඩිතයා එසේ නොවේ. බුදු රජාණන් වහන්සේ පණ්ඩිතයාගේ හැසිරීම උපමා සහිතව මෙසේ දක්වයි. ‘උදකංහි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති පණ්ඩිතා’ දියාළුවෝ කෙත්වතුවලට දිය ගෙන යති. හී වඩුවෝ තමනට රිසි පරිදි හී දඬු නමත්. වඩුවෝ දැව දඬු ගෙන අලංකාර දෑ නිපදවත්. ඤාණවන්තයා (පණ්ඩිතයා) තම සිත කීකරු කොට කෙලෙස් වසඟයෙන් මුදා ගනී. එනිසාම ඔහුගේ කයින් වචනයෙන් වරදක් සිදු නොවේ’. එබැවින් ඔහුට සතුරෝද නැත. බොහෝ දෙනාගේ ගෞරවය ලබති. සිංහ වෙස්ගත් වෘකයන් මෙන් පණ්ඩිතමානී ලක්ෂණ පෙන්වාගෙන ඇසුරට එන්නවුන් මැනවින් හඳුනාගෙන ඔවුන් දුරස්කොට සැබෑ පණ්ඩිතයින්ගේ ඇසුර ලැබීමෙන් ඔබටද ජීවිතය ආලෝකමත් කරගත හැකිය. [/SIZE] සිතුවම - සරත් නන්ද කුමාර [/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom