සැළලිහිණිය පල මුලතිව් පුරවරට

Apr 27, 2010
44
6
0
සැළලිහිණිය පල මුලතිව් පුරවරට

p-ab3gTb8xb3dLg.gif

හෙන වන් රුදුරු නද දෙන මල්ටි බැරල් දුට
සිහිසන් මෙමා කරවන නඳ ඇසුන විට
දිවි සුන් කරන සයනයිඩය ගෙන අතට
දිව යනු හැර අන් සරණය නැත අපට


වලලන අදහසින් මෙන් දහසින් යතුවු දන
බල බල සසල වූ ජන රල මර බියෙන
පෙල ගැසි ගැසී රළ පෙල තරණය කරන
බල මහ මුහුද හඬනා, උතුරෙන් පෙනන


උදේ සැපත් හමුදා අලු කැරැ අවට
ඉරේ මුදුන් පත නොපෙනෙන ලෙස අවට
දුමින් පිරුනු පසු වැරහැලි තුරුළු කොට
යෙදේ ගමන් යහළුව මෙපුරෙන් එපිට


සොරුවු ඩයස්පෝරා පිටරට සිටින
පරවු පිට රටට කඹුරන කැත සිතින
වතුර පොදක් නැති සිය දන බිම වැටෙන
උතුරු කරය විකුණා එපුර වැජඹෙන

කළුවැල් කපුරු දුම තුළ ලෙළෙන දද පෙළ
සුවිසල් මිහිඟු සක් සන් මිණි හඬ පතළ
කැරැ ලොල් සතන් පවසන දුක් ගී දෙමළ
සිහලුනි ඉසුරු කෝවිලැ ගොස් එව ලකළ


පැහැ සරණිය නැති සෑදූ මඩු අවට
හද කකියණ හිත හඬවන ළමුන් දුට
වුණු අසරන මව මරණින් මේ ලොවට
සැළලිහිණිය පල මුලතිව් පුරවරට








 
Last edited:
  • Like
Reactions: dilrasan
Apr 27, 2010
44
6
0
niyamata oya liyanwa habey aparade background image ekak dala me kaviya danaman thawath godak lassanay wey saho. :)


මගේ ලැපේ ග්‍රැපික්ස් කරන්න බෑ....පස්සෙ මම කරන්නම්...ස්තූතිය් කොමෙන්ටුවට..
 

chandi_mendis

Member
Jan 5, 2010
407
44
0
64
Borlesgamuwa.
ලස්සනයි. අද කාලයටම ගැලපෙන නිර්මානයක්. සැළලිහිණිය ඒදා දැක්ක සොදුරු බව දකින්නෙ කොහොමද ? මුලතිව් පුරවරයෙ. අැත්තටම හරිම සේචනීයයි. අයෙත් කවදාවත් මෙම සාපය අපරටට අැතිනොෙව්වා!
 
Apr 27, 2010
44
6
0
ලස්සනයි. අද කාලයටම ගැලපෙන නිර්මානයක්. සැළලිහිණිය ඒදා දැක්ක සොදුරු බව දකින්නෙ කොහොමද ? මුලතිව් පුරවරයෙ. අැත්තටම හරිම සේචනීයයි. අයෙත් කවදාවත් මෙම සාපය අපරටට අැතිනොෙව්වා!

චන්දි..... මං යාපනේ ගියා. සතියක් විතර කිටියා. මං සිංහල තමයි...ඒත් මගේ පපපුව රිදෙන තරමට දුකයි....ඒක කියා ගන්න බෑ...ඒ වෙච්ච දේවල් ඒකරම් රිදෙනවා..
 
Apr 27, 2010
44
6
0
අංඇවිත්;7383852 said:
චන්දි..... මං යාපනේ ගියා. සතියක් විතර කිටියා. මං සිංහල තමයි...ඒත් මගේ පපපුව රිදෙන තරමට දුකයි....ඒක කියා ගන්න බෑ...ඒ වෙච්ච දේවල් ඒකරම් රිදෙනවා..


මං කවියෙන් කියන්නේ කොළඔ තියෙන බහු බූත නැතිව ඒ මිනිස්සුන්ගෙ දේවල් පෙන්නන රෑපවාහිනියෙ අයට මුලතිවි යන්න කියලයි.

ඇත්ත කවියෙ කවි පදේ තියෙන්නේ "සැළලිහිනිය යව කැළනිය පුරවරට" කියලයි ( එහේ ඉන්නෙ ඉතින් මර්වින් නෙ....අම්මෝ....