Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සෑම නිවෙසකම පහනක් දල්වන්න.🌸🌿🌸
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සෑම නිවෙසකම පහනක් දල්වන්න.

කාරුණික පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොවේ පහළ වන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප ගණනක් බුදුවරු නැහැ. එවැනි කාල බුද්ධ ශූන්‍ය කාලය යනුවෙන් සඳහන් කරනවා.

බුද්ධාන්තරයකින් පසුව මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනවා, දඹදිව කේතුමතී නම් රාජධානියේ. බොහොම සශ්‍රීක, ආනුභාව සම්පන්න රාජධානියක්. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව කල්ප විනාශයක් එනවා. බුද්ධ ශූන්‍ය කාලයක්. ඉන් අනතුරු ව කොපමණ කලෙකින් බුදුවරු පහළ වේ විදැ’යි අපට කියන්නට බැහැ. ඒ බව හොඳට සිතට කාවද්දාගෙන සමඟියෙන් සමාදානයෙන් ජීවත් ව පංච ශීලය ආරක්ෂා කරගෙන, තුනුරුවන්ට වන්දනා, පූජා පින්කම් බහුල ව කළ යුතු යි.

සෑම නිවසක ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්විය යුතු යි. ඒ බුදු ගුණ සිහි කරමින් ම පහන් පූජාව කළ යුතු යි. පහන පිවිතුරු කරගෙන තෙල් යොදා, දැල්විය යුතු යි. ඒ මොහොතේ ඉතිපි සෝ ගාථාව සිහි කරමින් වතාවත් කර ගන්න. ඉන් සිතට පහළවන චිත්ත වීති සංඛ්‍යාව අප්‍රමාණයි. එය ඥාන සම්ප්‍රයුක්ත චිත්ත වීති සංඛ්‍යාවක් කරගන්නට තමන් මහන්සි ගත යුතු යි. එවිට මහා ආනිශංස ලබන්නට පුළුවන්කම තියෙනවා.

බුද්ධ ශාසනයේ සිටියා පංච දීපිකා යනුවෙන් රහත් මෙහෙණින් වහන්සේ නමක්. ඇය පහන් පූජාවේ අනුසස් මෙසේ යැ’යි වදාළා. එතුමිය ඉහත එක්තරා ආත්ම භාවයක පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින්, උන්වහන්සේගේ සෑයට පහන් පූජාවක් සිදු කළා. මෙලෙස සිදු කළ පහන් පූජාව එතුමිය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, නිවන් සුව පතාගෙන, බලවත් ඕනෑකමකින් බුදු ගුණ සජ්ඣායනා කරමින් සිදු කළ පින්කමක්. එතුමිය සිදු කරගත්තා වූ පින, ඒ ජීවිතයේ සිදු කරගත්තා වූ තුනුරුවන්ට වැඳීම, දාන මාන ආදිය පින්කම් හේතු කරගෙන එ දවස පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වා ම කල්ප ලක්ෂයක් තිබුණා. මේ කල්ප ලක්ෂය පුරාවට මේ තැනැත්තිය සතර අපාගාමී වී නැහැ. අන්ධයෙක් , ගොළුවෙක්, බිහිරෙක්, මන්ද බුද්ධික කෙනෙක් වශයෙන් උපත ලබා නැහැ. මනුලොව මනුෂ්‍ය සම්පත් ද දෙව්ලොව දිව්‍ය සම්පත් ද ලබාගෙන තියෙනවා. සෑම තැනක දී ම සියලු ලෞකික සම්පත් ලබාගෙන ඔබ මොබ සැරිසරමින් පැමිණ, ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි ව, රහත් ව මේ කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. පහන් පූජාවේ පින රහත් වීම දක්වා ම උපනිශ්‍රය වූ බව පංචදීපිකා රහත් මෙහෙණින් වහන්සේ වදාළා.

මේ බව හොඳින් වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින තුරා මේ කාලය සාපරාධී ලෙස නොගෙවා, තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, දෛනික වැඩ කටයුතු නිම වුණහම පරලොව වෙනුවෙන්, නිවන් සම්පත් වෙනුවෙන් තමන්ගේ කාල සටහනෙන් කොටසක් වෙන් කරවාගෙන තුනුරුවන් වන්දනා මාන කිරීම, පන්සිල් සමාදන් ව ආරක්ෂා කිරීම, පෝයට අටසිල් ගැනීම, බණ භාවනා කිරීම ආදිය පින්කම් කරගෙන ජීවිතය වාසනාවන්ත කරගත යුතු යි.

අනුරුද්ධ මහ රහතන් වහන්සේ අති විශාල පහන් පූජාවක් සිදු කළා. ඒ අනුහසින් දිවැස් නුවණ ලැබෙන්නට ඇති. උන්වහන්සේ රහත් වන තුරාවට අපාගාමී වුණේ නැහැ. සුගතියක ම වාසය කර, ලෞකික, ලෝකෝත්තර සම්පත් විඳ, දිවැස් නුවණ ඇති රහතන් වහන්සේලාගෙන් අග්‍රස්ථානයට පත් වූ වා.

බුදු පියාණන් වහන්සේ ද බොහෝ ම ඈත පුරාණ දීපංකර සම්බුද්ධ ශාසන කාලයේ කාන්තා භවයක උපත ලබා සිටියා. එතුමියගේ නිවසට ස්වාමීන් වහන්සේ නමක් පහන් පූජාවක් වෙනුවෙන් තෙල් පිණ්ඩපාතයේ වැඩම කළා. එතුමිය ස්වාමීන්වහන්සේගේ පාත්‍රය අබ තෙලින් පුරවා දෝතට ගෙනවිත් පූජා කළා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පහන් පූජාවට මේ තෙල් ටික පූජා කරමින්, මගේ පැතුම් කිහිපයක් ද ඉටු වේවා’යි පැතුවා. ‘මම කාන්තාවක් මි. කාන්තාවකට කවදාකවත් ලොවුතුරා බුද්ධත්වය ලබන්නට බැහැ. ඒ නිසා මගේ පළමු පැතුම අද පටන් බුද්ධත්වයට පත්වන තුරා කාන්තාවක් වශයෙන් නූපදීවා යනුයි. එසේම අබ තෙල් වල නම වූයේ සිදුහත්. මට ලොවුතුරා බුදුවන ආත්මයේ ‘සිදුහත්’ නාමය ලැබේවා. බුද්ධත්වයට පත්වන තුරා සුවසේ පාරමී පුරාගන්නට ලැබේවා, බුද්ධත්වය ලැබේවා යන පැතුමෙන් යුක්තව යි, අබ තෙල් පාත්‍රය පූජා කළේ. එතුමිය පහන් පූජාවට උදව් කිරීමේ පිනෙන්, කවදාකවත් කාන්තාවක් වුණේ නැහැ. සිදුහත් නාමය ලැබුණා. බුද්ධත්වය දක්වාම පාරමී දියුණු කර උන් වහන්සේ ගෞතම බුදු රජාණන් වහන්සේ වශයෙන් සූවිසි අසංඛ්‍යෙයක් ජනතාවට දහම් ආලෝකය ලබා දුන්නා.

නිවන් සුව පතාගෙන පහන් පූජාව ආදී සියලු පූජාවන් කළ විට එය ප්‍රතිපත්ති පූජාව යනුවෙන් සඳහන් කරයි. දෙව්ලොව, ලෞකික සම්පත් පතාගෙන කරන පහන් පූජාව ආදී පූජාවන්වලට කියන්නේ ආමිස පූජා යනුවෙනි. එසේනම්, අප නිවන් සුව පතා කුමන පූජාවක් කළත්, එය ලෞකික සම්පත්වලට මෙන් ම නිවන් සම්පත් වලට ද හේතු වෙයි. මෙවැනි උතුම් අදහස් සිතෙහි තබාගෙන පහන් පූජාවට ගෞරවය පුද කරමින්, සිතෙහි සන්තෝෂයෙන් කරගත යුතු යි. අඳුර දුරු වී ආලෝකය ලැබෙයි. එනම් සිතෙහි ඇති කෙලෙස් අඳුර පහවී සිතට ප්‍රඥා ලෝකය පහළ වෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ප්‍රඥා සතර බොහොම ප්‍රභලයි. ඒ ප්‍රඥා සතර ලබාගත් ඕනෑම කෙනෙක් නිවනට ප්රවිශ්ට වෙනවා. නිවන අවබෝධ කරගෙන තිබෙන්නේ. නිවන් සම්පත් අවබෝධ කරගන්නා තුරුම සියලු පින්කම් පූජා කරගත යුතු යි.

ඇතැමුන් ආමිස පූජා වැඩකට නැතැ’යි පැවසුව ද එවැන්නන්ගේ ආමිසය ද, ප්‍රතිපත්තිය ද නැත. ඒ නිසා කාගෙවත් කියමන්වලට නොරැවටී තුනුරුවන් සරණ ගොස්, තුනුරුවන් වන්දනා මාන පූජා කර ගන්න. පහන් පූජාව ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් කර ගන්න. එහි විපාක තමන්ට ලැබෙන විට සංසාර ගමන ම ආලෝකවත් වෙයි. අවිදු අඳුර පහවී යයි. ප්‍රඥා ආලෝකය ලැබෙයි. මාරක , බාධක, අපල සංසිඳී යයි. සෙත, ශාන්තිය, යහපත සැලසෙයි. එහෙමනම් කෙතරම් අගය ඇති වන්දනාවක් ද? කෙතරම් අගය ඇති පූජාවක් ද තුනුරුවන් වන්දනාව? සංසාරෙවත් කළ නොහැකි පූජාවක් මෙලෙස කර ගෙන යන්නේ. සැවොම එකතුවෙන්, පළාතම ඒකාලෝක කරගෙන මෙවැනි ශ්‍රේෂ්ඨතම පින්කම කරගන්න.

ඇතැම් වෙහෙර විහාරස්ථාන පුරාවට ම විදුලි පහන් , තෙල් පහන් දල්වා තිබෙනවා. මේවා දකින අයත් සිදු කරගන්නේ මහා පිනක්. දායකත්වය ලැබූ අයත්, පූජාවන් කරන අයත් ආලෝක පූජාවෙන් සීමාවක් නැති පින් රැස් කර ගන්නවා. මේ ගැන කල්පනාවෙන් කවුුරුත් තමන්ගේ පූජා විධි ශ්‍රද්ධාවෙන් ම කරගත යුතු යි, නිවන් සුව පතාගෙන. එහි විපාක අනන්ත ජාතිවල සැප විපාක ලබා දෙන්නේ. ලංකාවාසී ජනතාව, ථෙරවාදී බුදු දහම තිබෙන ජනතාව මේ ආලෝක පූජාවෝ ඉහළින් ම සිද්ධ කරනවා. බුද්ධ පූජාවෝ ඉහළින් ම කරනවා. ඒ අයට පුළුවන්කම තියෙනවා, සිහි නුවණින් යුක්ත ව කරගනු ලැබූ පින්කම් තුළින් ම වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන, බුද්ධ ශාසනයත් රැකගෙන මේ සංසාර ගමනේ කෙළවරක් දකින්නට.

ඒ නිසා කවුරුත් මේ කියන කරුණු කාරණා සිතෙහි දරාගෙන පහන් ආලෝක පූජාව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්, ඕනෑකමින් කළොත් පංචදීපිකා රහත් මෙහෙණින් වහන්සේට , අනුරුද්ධ මහ රහතන් වහන්සේට සේ කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නැති වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ගුණ ධර්ම ද හොඳින් දියුණුවෙන්, මාර්ගාංග අටකින් සමන්වාගත වන නිවන් මඟට බැසගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට නම්, අවශ්‍ය කරන පින යි , මෙලෙස දියුණු තියුණු කරගත යුත්තේ. එසේනම් මෙලොව ජීවිතය ද හොඳින් හදාගෙන, පරලොව ද සුගතිගාමී ව, අවසානයේ අමා මහා නිවන් පසක් කරගන්නට හේතු වාසානා වේවා!

අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි.

(උපුටාගැනීමකි)

[QUOTE="asliyanage, post: 29518973, member: 8764"] සෑම නිවෙසකම පහනක් දල්වන්න.🌸🌿🌸 🌸🌿🌸කාරුණික පින්වත, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් ලොවේ පහළ වන්නේ බොහොම කලාතුරකින්. සමහර විට කල්ප ගණනක් බුදුවරු නැහැ. එවැනි කාල බුද්ධ ශූන්‍ය කාලය යනුවෙන් සඳහන් කරනවා. බුද්ධාන්තරයකින් පසුව මෛත්‍රී සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනවා, දඹදිව කේතුමතී නම් රාජධානියේ. බොහොම සශ්‍රීක, ආනුභාව සම්පන්න රාජධානියක්. උන්වහන්සේගේ පිරිනිවීමෙන් පසුව කල්ප විනාශයක් එනවා. බුද්ධ ශූන්‍ය කාලයක්. ඉන් අනතුරු ව කොපමණ කලෙකින් බුදුවරු පහළ වේ විදැ’යි අපට කියන්නට බැහැ. ඒ බව හොඳට සිතට කාවද්දාගෙන සමඟියෙන් සමාදානයෙන් ජීවත් ව පංච ශීලය ආරක්ෂා කරගෙන, තුනුරුවන්ට වන්දනා, පූජා පින්කම් බහුල ව කළ යුතු යි. සෑම නිවසක ම බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පහනක් දැල්විය යුතු යි. ඒ බුදු ගුණ සිහි කරමින් ම පහන් පූජාව කළ යුතු යි. පහන පිවිතුරු කරගෙන තෙල් යොදා, දැල්විය යුතු යි. ඒ මොහොතේ ඉතිපි සෝ ගාථාව සිහි කරමින් වතාවත් කර ගන්න. ඉන් සිතට පහළවන චිත්ත වීති සංඛ්‍යාව අප්‍රමාණයි. එය ඥාන සම්ප්‍රයුක්ත චිත්ත වීති සංඛ්‍යාවක් කරගන්නට තමන් මහන්සි ගත යුතු යි. එවිට මහා ආනිශංස ලබන්නට පුළුවන්කම තියෙනවා. බුද්ධ ශාසනයේ සිටියා පංච දීපිකා යනුවෙන් රහත් මෙහෙණින් වහන්සේ නමක්. ඇය පහන් පූජාවේ අනුසස් මෙසේ යැ’යි වදාළා. එතුමිය ඉහත එක්තරා ආත්ම භාවයක පියුමතුරා බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිපත් කරමින්, උන්වහන්සේගේ සෑයට පහන් පූජාවක් සිදු කළා. මෙලෙස සිදු කළ පහන් පූජාව එතුමිය ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන්, නිවන් සුව පතාගෙන, බලවත් ඕනෑකමකින් බුදු ගුණ සජ්ඣායනා කරමින් සිදු කළ පින්කමක්. එතුමිය සිදු කරගත්තා වූ පින, ඒ ජීවිතයේ සිදු කරගත්තා වූ තුනුරුවන්ට වැඳීම, දාන මාන ආදිය පින්කම් හේතු කරගෙන එ දවස පටන් ගෞතම බුද්ධ ශාසනය දක්වා ම කල්ප ලක්ෂයක් තිබුණා. මේ කල්ප ලක්ෂය පුරාවට මේ තැනැත්තිය සතර අපාගාමී වී නැහැ. අන්ධයෙක් , ගොළුවෙක්, බිහිරෙක්, මන්ද බුද්ධික කෙනෙක් වශයෙන් උපත ලබා නැහැ. මනුලොව මනුෂ්‍ය සම්පත් ද දෙව්ලොව දිව්‍ය සම්පත් ද ලබාගෙන තියෙනවා. සෑම තැනක දී ම සියලු ලෞකික සම්පත් ලබාගෙන ඔබ මොබ සැරිසරමින් පැමිණ, ගෞතම බුද්ධ ශාසනයේ පැවිදි ව, රහත් ව මේ කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කළා. පහන් පූජාවේ පින රහත් වීම දක්වා ම උපනිශ්‍රය වූ බව පංචදීපිකා රහත් මෙහෙණින් වහන්සේ වදාළා. මේ බව හොඳින් වටහාගෙන බුදුරජාණන් වහන්සේගේ ශාසනය පවතින තුරා මේ කාලය සාපරාධී ලෙස නොගෙවා, තමන්ගේ රැකියාව, අධ්‍යාපනය, දෛනික වැඩ කටයුතු නිම වුණහම පරලොව වෙනුවෙන්, නිවන් සම්පත් වෙනුවෙන් තමන්ගේ කාල සටහනෙන් කොටසක් වෙන් කරවාගෙන තුනුරුවන් වන්දනා මාන කිරීම, පන්සිල් සමාදන් ව ආරක්ෂා කිරීම, පෝයට අටසිල් ගැනීම, බණ භාවනා කිරීම ආදිය පින්කම් කරගෙන ජීවිතය වාසනාවන්ත කරගත යුතු යි. අනුරුද්ධ මහ රහතන් වහන්සේ අති විශාල පහන් පූජාවක් සිදු කළා. ඒ අනුහසින් දිවැස් නුවණ ලැබෙන්නට ඇති. උන්වහන්සේ රහත් වන තුරාවට අපාගාමී වුණේ නැහැ. සුගතියක ම වාසය කර, ලෞකික, ලෝකෝත්තර සම්පත් විඳ, දිවැස් නුවණ ඇති රහතන් වහන්සේලාගෙන් අග්‍රස්ථානයට පත් වූ වා. බුදු පියාණන් වහන්සේ ද බොහෝ ම ඈත පුරාණ දීපංකර සම්බුද්ධ ශාසන කාලයේ කාන්තා භවයක උපත ලබා සිටියා. එතුමියගේ නිවසට ස්වාමීන් වහන්සේ නමක් පහන් පූජාවක් වෙනුවෙන් තෙල් පිණ්ඩපාතයේ වැඩම කළා. එතුමිය ස්වාමීන්වහන්සේගේ පාත්‍රය අබ තෙලින් පුරවා දෝතට ගෙනවිත් පූජා කළා. ලොවුතුරා බුදුරජාණන් වහන්සේට පහන් පූජාවට මේ තෙල් ටික පූජා කරමින්, මගේ පැතුම් කිහිපයක් ද ඉටු වේවා’යි පැතුවා. ‘මම කාන්තාවක් මි. කාන්තාවකට කවදාකවත් ලොවුතුරා බුද්ධත්වය ලබන්නට බැහැ. ඒ නිසා මගේ පළමු පැතුම අද පටන් බුද්ධත්වයට පත්වන තුරා කාන්තාවක් වශයෙන් නූපදීවා යනුයි. එසේම අබ තෙල් වල නම වූයේ සිදුහත්. මට ලොවුතුරා බුදුවන ආත්මයේ ‘සිදුහත්’ නාමය ලැබේවා. බුද්ධත්වයට පත්වන තුරා සුවසේ පාරමී පුරාගන්නට ලැබේවා, බුද්ධත්වය ලැබේවා යන පැතුමෙන් යුක්තව යි, අබ තෙල් පාත්‍රය පූජා කළේ. එතුමිය පහන් පූජාවට උදව් කිරීමේ පිනෙන්, කවදාකවත් කාන්තාවක් වුණේ නැහැ. සිදුහත් නාමය ලැබුණා. බුද්ධත්වය දක්වාම පාරමී දියුණු කර උන් වහන්සේ ගෞතම බුදු රජාණන් වහන්සේ වශයෙන් සූවිසි අසංඛ්‍යෙයක් ජනතාවට දහම් ආලෝකය ලබා දුන්නා. නිවන් සුව පතාගෙන පහන් පූජාව ආදී සියලු පූජාවන් කළ විට එය ප්‍රතිපත්ති පූජාව යනුවෙන් සඳහන් කරයි. දෙව්ලොව, ලෞකික සම්පත් පතාගෙන කරන පහන් පූජාව ආදී පූජාවන්වලට කියන්නේ ආමිස පූජා යනුවෙනි. එසේනම්, අප නිවන් සුව පතා කුමන පූජාවක් කළත්, එය ලෞකික සම්පත්වලට මෙන් ම නිවන් සම්පත් වලට ද හේතු වෙයි. මෙවැනි උතුම් අදහස් සිතෙහි තබාගෙන පහන් පූජාවට ගෞරවය පුද කරමින්, සිතෙහි සන්තෝෂයෙන් කරගත යුතු යි. අඳුර දුරු වී ආලෝකය ලැබෙයි. එනම් සිතෙහි ඇති කෙලෙස් අඳුර පහවී සිතට ප්‍රඥා ලෝකය පහළ වෙයි. සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අර්හත් ප්‍රඥා සතර බොහොම ප්‍රභලයි. ඒ ප්‍රඥා සතර ලබාගත් ඕනෑම කෙනෙක් නිවනට ප්රවිශ්ට වෙනවා. නිවන අවබෝධ කරගෙන තිබෙන්නේ. නිවන් සම්පත් අවබෝධ කරගන්නා තුරුම සියලු පින්කම් පූජා කරගත යුතු යි. ඇතැමුන් ආමිස පූජා වැඩකට නැතැ’යි පැවසුව ද එවැන්නන්ගේ ආමිසය ද, ප්‍රතිපත්තිය ද නැත. ඒ නිසා කාගෙවත් කියමන්වලට නොරැවටී තුනුරුවන් සරණ ගොස්, තුනුරුවන් වන්දනා මාන පූජා කර ගන්න. පහන් පූජාව ගෞරවයෙන්, ශ්‍රද්ධාවෙන්, භක්තියෙන් කර ගන්න. එහි විපාක තමන්ට ලැබෙන විට සංසාර ගමන ම ආලෝකවත් වෙයි. අවිදු අඳුර පහවී යයි. ප්‍රඥා ආලෝකය ලැබෙයි. මාරක , බාධක, අපල සංසිඳී යයි. සෙත, ශාන්තිය, යහපත සැලසෙයි. එහෙමනම් කෙතරම් අගය ඇති වන්දනාවක් ද? කෙතරම් අගය ඇති පූජාවක් ද තුනුරුවන් වන්දනාව? සංසාරෙවත් කළ නොහැකි පූජාවක් මෙලෙස කර ගෙන යන්නේ. සැවොම එකතුවෙන්, පළාතම ඒකාලෝක කරගෙන මෙවැනි ශ්‍රේෂ්ඨතම පින්කම කරගන්න. ඇතැම් වෙහෙර විහාරස්ථාන පුරාවට ම විදුලි පහන් , තෙල් පහන් දල්වා තිබෙනවා. මේවා දකින අයත් සිදු කරගන්නේ මහා පිනක්. දායකත්වය ලැබූ අයත්, පූජාවන් කරන අයත් ආලෝක පූජාවෙන් සීමාවක් නැති පින් රැස් කර ගන්නවා. මේ ගැන කල්පනාවෙන් කවුුරුත් තමන්ගේ පූජා විධි ශ්‍රද්ධාවෙන් ම කරගත යුතු යි, නිවන් සුව පතාගෙන. එහි විපාක අනන්ත ජාතිවල සැප විපාක ලබා දෙන්නේ. ලංකාවාසී ජනතාව, ථෙරවාදී බුදු දහම තිබෙන ජනතාව මේ ආලෝක පූජාවෝ ඉහළින් ම සිද්ධ කරනවා. බුද්ධ පූජාවෝ ඉහළින් ම කරනවා. ඒ අයට පුළුවන්කම තියෙනවා, සිහි නුවණින් යුක්ත ව කරගනු ලැබූ පින්කම් තුළින් ම වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන, බුද්ධ ශාසනයත් රැකගෙන මේ සංසාර ගමනේ කෙළවරක් දකින්නට. ඒ නිසා කවුරුත් මේ කියන කරුණු කාරණා සිතෙහි දරාගෙන පහන් ආලෝක පූජාව ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන්, ඕනෑකමින් කළොත් පංචදීපිකා රහත් මෙහෙණින් වහන්සේට , අනුරුද්ධ මහ රහතන් වහන්සේට සේ කුමන දෙයකින්වත් අඩු පාඩුවක් නැති වාසනාවන්ත ජීවිත පෙළක් ලබාගෙන පාරමී ගුණ ධර්ම ද හොඳින් දියුණුවෙන්, මාර්ගාංග අටකින් සමන්වාගත වන නිවන් මඟට බැසගෙන ඉදිරියට යන්න පුළුවන්කම තියෙනවා. නිර්වාණ ධර්මය සාක්ෂාත් කරගන්නට නම්, අවශ්‍ය කරන පින යි , මෙලෙස දියුණු තියුණු කරගත යුත්තේ. එසේනම් මෙලොව ජීවිතය ද හොඳින් හදාගෙන, පරලොව ද සුගතිගාමී ව, අවසානයේ අමා මහා නිවන් පසක් කරගන්නට හේතු වාසානා වේවා! අතිපූජනීය කහගොල්ලේ සෝමවංශ හිමි.🌸🌿🌸 (උපුටාගැනීමකි) [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom