Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
සිංගප්පූරුවේ දින 5ක්.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංගප්පූරුවේ දින 5ක්. -- එක පොකුරට

ලංකාවෙන් පිට නිවාඩුවක් ගත කරන්න හොදම තැන තමයි සිංගප්පූරුව. මටත් පැණි හද ගතකරන්න එහේ යන්න පුදුම ආසාවක් තිබ්බත් ගෙදරින් බර බරේ දාපු නිසා ඒ අදහස අත ඇර ගත්තා. ඉතින් අපේ පලවෙනි ඇනිවසරියට සිංගප්පූරු යන්න තීරණය කලා. තීරණය කලේ අප්‍රේල් 18, යන්න දින දාගත්තේ අප්‍රේල් 27. දවස් 9යි ලෑස්ති වෙන්න තිබ්ඛේ. එදාම findmyfair එකෙන් ටිකට් එකක් බුක්කර ගත්තා. දෙන්නාටම 62යි. booking.com එකෙන් හොටෙල් එකක් බුක්කලා. fragrance hotel. දවස් 5ටම 30ක් විතර උනා. මූලික වියදම් එච්චරයි.

Flight එක තිබ්ඛේ 27 රෑ 12.55ට. කෝකටත් කියලා අපි 10.20 වෙනකොට එයාපෝට් එකට ගියා. එතනනම් කිසිම කරදරයක් උනේ නෑ. එතන ඉදන් මැලේසියාවට යන්න MH 616 ෆලයිට් එකට නැග්ගා. හැබැයි නැග්ගේනම් පට්ට බයෙන්. කීයක් කියලනම් ඒ වෙනකොට කඩන් වැටුනද?

කටුනායකින් පිටත්වෙලා පැය තුනහමාරකින් අපි මැලේසියාවට ගොඩ බැස්සා. එතකොට එහේ වෙලාව උදේ 7.15යි. අපිට එතන ඉදන් සිංගප්පූරුවට පිටත්වෙන්න තිබ්ඛේ 8.15ට. ගොඩ වෙලාවක් නැති නිසා අපි ඉක්මනින්ම ඊලග terminal එකට ආවා.

මැලේසියාවේ ඉදන් සිංගප්පුරුවට පැයක ගමනක් තිබ්ඛේ. ඒ වෙලාව යනවා දැනුනේ නෑ. කලින් පැය තුනනම් film එකක් බැලුවා. මේ පැයට මොනවා කියලා කරන්නද?

බැස්සාට පස්සේ තමා වීසා ගහන්නේ. පොඩි ඇප්ලිකේෂන් එකක් තියනවා පුරවන්න. ඒක මැලේසියාවෙන් පිටත්වෙන කොටම දුන්නා. වෙලාවට ඒක පුරවාගෙන බාර දුන්නම අහනවා කීයක් ගෙනාවද, හොටෙල් එකේ නම මොකක්ද, අරවද මේවද විස්තර ටිකක්. ඒ ටිකට උත්තර දුන්නම සීල් එක ගහලා වීසා දෙනවා. එතනදි කොල කෑල්ලක් දෙනවා ඒද නැතිකරගන්නැතිව තියාගන්න ඔන යද්දී ඒක ඉල්ලනවා. නැතිඋනොත් බඩුම තමා.

වීසා ගහගෙන එලියට ආවාම එයාපෝට් එක ඇතුලෙම ෂොපින් මොල් එකක් තියෙනවා. එහෙම කිව්වට කඩවල් ටිකක්. උදේට එතනින් ලාවට වගේ කෑම කාලා, SMRT කාඩ් දෙකකුයි, Universal Studio යන්න ටිකට් දෙකකුයි ගත්තා.SMRT කාඩ් එකනම් ඩොලර් 7ක් උනේ. Universal Studio ටිකට් එක 68ට හම්බුනා. දෙකටම 136යි. පිටින් ගත්තනම් 74ක් විතර වෙනවා.

එතනින් MRT එකට ගියා. අපිට එතන ඉදන් කෙලින්ම හොටෙල් එකට යන්න විදිහක් තිබුනේ නෑ. Tanar Merah වලින් බැහැලා වෙන එකක Paya Lebar වලට යන්න උනා. එතන ඉදලා යන්න විදිහක් දැනගෙන තිබුනේ නෑ. Paya Lebar වලින් බැහැලා සිම් එකක් ගත්තා. කෑමත්,කාලා වටපිට ඇවිදලා මැප්එක බැලුවා. බලද්දී පයින් යන්න පුලුවන් දුර. රට බලන්නත් එක්ක අපි පයින්ම හොටෙල් එකට ගියා.

මේ තියෙන්නෙ හොටෙල් එක.

12.30ට විතර අපි හොටෙල් එකට ගියේ. චෙකින් ටයිම් එක තිබ්ඛේ 2ට. ඒත් අපිව හොදට පිළිගෙන කාමරේට යන්නත් දුන්නා. ඇගේ මහන්සියටත් එක්ක පොඩි ඇලට් එකක් දැම්මා. ඇහැරිලා බලද්දී 7ත් වෙලා. ඉතින් රෑට කන්නත් එක්ක අපි එලියට ආවා. එතන ඉදන් අපි Katong වලට පයින්ම ගියා. ලස්සන බලන්නත් එක්ක.

මේහරියෙත් තනිකරම Club තමයි තියෙන්නේ. කාටවත් කරදර කරන්නේ නෑ. තමන්ගේ පාඩුවේ බිස්නස් එක කරගෙන ඉන්න සෙට් එකක් තමයි මෙහේ ඉන්නේ.

මේ තියෙන්නේ අපේ පාරක්.

කොවිලකුත් තිබ්බා.

රෑට කලා ශොපින් පාරකුත් දාලා රෑ11ට විතර ආයෙමත් හොටෙල් එකට ආවා. අපේ plan එකේ හැටියට ඊලග දවසේ සෙන්තෝසා යන්න හිටියේ. උදේම යන්න කියලා හිතලා නිදාගත්තා.

දෙවන දවසේ වෙච්ච දේ වලින් නැවත හමුවෙමු.

දෙවන දවස

උදේ පාන්දර නැගිටින්න කියලා හිතාගෙන නිදාගත්තට හොදටම නිනද ගියා. නැගිටිනකොට උදේ 8යි. මොනවා කියලා කරන්නද? ටකස් ගාලා ලෑස්තිවුනා. 8.30 වෙනකොට හොටෙල් එකෙන් පිටත්වෙන්න ඉස්සරහට ගිහිල්ලා රිසිප්ෂන් අක්කගෙන් විස්තර ටිකක් ඇහුවා. පලවෙනි දවසේ අපි පයින්මනේ ආවේ. හොටෙල් එක ඉස්සරහයින් බස් එකේ නැගලා ඩාකෝටාDakota Train Station එක ගාවින් බැහැලා පාර පැනලා Station එක ඇතුලට ගියා.

බහින්න කලින් මම ලංකාවෙ විදිහට කොන්දා අංකල් නැති නිසා ඩයිවර් අංකල්ගෙන් ඇහුවා ගාන කීයද කියලා. ඩයල් එකට ඩොලර් 2ක් දුන්නම සල්ලී එපාම කියනවා. මම හිතුවා මෙහේ බස් දුවන්නේ නිකන් කියලා. සල්ලිත් නොදීම එක ලගට ආවා. හවස තමයි සිරාම සිද්දිය උනේ.

එතන ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Harbour Front වලට යන්න ඔන.

මේ තියෙන්නේ Dakota Station එක. පොඩි පාර්ක් එකකුත් තියෙනවා.

Harbour Frontවල ඉදලා සෙන්තෝසා දූපතට යන්න වෙනම Train එක්ක තියෙනවා. ඒකට වෙනම ටිකට් එකක් ගන්න ඔන. ඒක කලින් දැනන් හිටියේ නෑ. ඔන්න ඉතින් අරගෙන Universal Studio බලන්න පිටත් උනා.

මම සිංගප්පූරුවේ ගත කරපු හොදම දවස තමයි මේක.

Roller Coasters 6ක විතර ගියා

පටන් ගත්තේ Transformers එකෙන්.

මේකේ තමයි යන්න තියෙන්නේ...... ත්‍රාසය භීතිය කුතුහලය කැටිකරගත් ගමනක්.

ඊටපස්සේ Mummy

මේ තියෙන්නේ අවට විසිතුරු.......

සිගිති ආතලුත් නැතුව නෙමෙයි...

මේක දැකලනම් හිතට බයක් ආවා. ඩයිනෝසරයෙක් යකෝ හොරෙන් බලං හිටියේ. අපි ඌට නොපෙනෙන්න හිමීට මාරු උනා. වැරදිලා හරි ඌ දැක්කනම් බඩුම තමා.

ඔලුව කැරකෙන රොලර් කෝස්ටර් එක තමා මේක. අපිට සෙට් උනෙත් පලවෙනි පේලිය. දෙයියන් බුදුන් සිහිකරගෙන ගියා. මේකෙ යන්න සල්ලි ගන්නේ නෑ. හැබැයි කිසිම බඩුවක් ගෙනියන්න බෑ. අඩුම තරමේ කාසියක් වත්. බඩුටික ලොකර් එකක දාලා යන්න ඔන. දෙකක් තියෙනවා. දෙකේම යන්න.

දවස ගියා දැනුනේම නෑ. සෙන්තෝසා ලයින් එකේ කේබල් කාර් වල යන්න ටිකට් එකක් ගත්තා. අන්තිමට එතනට යන්න පිටත් උනා.

සෙන්තෝසා මලයන් පිලිමෙ ගාවින් තමා ගමන පටන් ගත්තේ.

මුලු දූපතම පෙනුනා. පට්ටම ලස්සනයි.

රෑ 8.30ට විතර අපි ආයෙත් හොටෙල් එකට එන්න පිටත් උනා.

Dakota වලට ඇවිල්ලා උදේ පාර පැනලා ආපු නිසා එක ගාවම තියෙන බස් නැවතුමෙන් බස් එකට නැග්ගා. ටික වෙලාවක් යනකොට මට තේරුනා පාර උදේ ආපු එක නෙමේ වගේ. කෝකටත් කියලා මැප් එක බලද්දී දෙයියන් බුදුන් සිහිඋනා. බස්එක යන්නේ වෙන පැත්තකට.  කෝකටත් කියලා මම ඩයිවර් අංකල්ට ටෝක් කලා. මෑන්ට මල පැනලා බැනපි මට. පාරවල් දැනගෙන එන්න කියලා. මම කිව්වා ඉස්සරහා හෝල්ට් එකෙන් බස්සන්න කියලා.

බැස්සට පස්සේ ඩයල් එක ආයෙත් බනිනවා. මම කාඩ් එක ටච් කලේ නෑ කියලා. මම හිතුවෙ ඔටෝ කැපෙනවා කියලා. මොකද උදේ එහෙම කලේ නෑනේ.

දවසම ඇවිද්දත් පොඩ්ඩක්වත් දාඩිය දැම්මේ නෑ. කාලගුණය නම් පට්ට.

කාලා බීලා හොටෙල් එකට එනකොට රෑ12.30ට විතර ඇති.

තුන්වෙනි දවසෙ යන්න හිටියේ Little India වලට

තුන්වෙනි දවසේ වෙච්ච දේ වලින් නැවත හමුවෙමු.

තුන්වෙනි දවස

කලින් දවසේ නිදා ගන්න පරක්කු වෙච්ච නිසා සුපුරුදු පරිදි උදේ ඇහැරුනේ නෑ. නැගිටින කොට 9ට විතර ඇති. උදේට කාලා ලෑස්තිවෙනකොට 10 පහු උනා. කොහොමත් එදා දවස වෙන් කරලා තිබ්ඛේ ශොපින් වලට. ශොපින් නම් ඉතින් ලිටිල් ඉන්දියා තමයි. කැමරාවයි බඩු දාගෙන එන්න තවත් බෑග් එකකුත් අරගෙන ලිට්ල් ඉන්දියා යන්න පිටත් උනා.

ගමන් මාර්ගය උනේ Dakota Station එකේ ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Little India වලට යන්න ඔනග ඉතාමත්ම පිලිවලට තියෙන Station එකෙන් බැහැලා කොරිඩෝ එකෙන් එලියට එනකොට දැකපු දර්ශනයෙන් මට දවසම එපා උනා.

සිංගප්පූරුව කියන්නේ ඉතාමත් පිලිවලට තියෙන රටක් වගේම ඉතාමත් විනයගරුක ජනතාවක් ඉන්න රටක්. පාරේ වාහන මොකක් වත් නැති උනත් රතුපාට ලයිට් එක වැටිලනම් තියෙන්නේ කවුරුවත් පාර මාරු වෙන්නේ නෑ, කොළ පාට වැටෙනකම්.

ඒ වුනාව ලිටිල් ඉන්දියා කියන කොලනියේ උන්ට ඔන ඔන විදිහට පාර මාරූ වෙනවා. කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ. පාර හැමතැනම කෙල ගහනවා. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ.

අඩුවට බඩු ගන්නවානම් ඉතින් මෙහෙන් තමා. හැමෝම යන්නේ මුස්තෆා එකට. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ.

ෂැම්පු ජාති පට්ටම ලාබයි. ලොකුම බොට්ල් එක ඩොලර් 7ක් විතර උනේ. මෙහේ 2800ක් විතර වෙනවා. චොකලට් වල ගනනුත් ඒ වගේ. ගේන්න ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා. දවසෙම ඇවිදලා ඇවිදලා බඩු අරගෙන ඉවර වෙනකොට ගේනාපු බෑග් එක හොදටෝම මදී. පස්සේ එලියෙන් තව බෑග් එකක් ගත්තා. ලංකාවේ සල්ලිවලින් රුපියල් 3000කට හොද බෑග් එකක් ගත්තා.

හොද බුරියානි කන්න ඔන නම් මෙහේ එන්න කියලා කියන නිසා ඒක ඇත්තද කියලා බලන්න කෑමත් කෑවා.

කොහොම හරි හවස 6 වෙනකොට ආයෙමත් හොටෙල් එකට යන්න පිටත්වුනා.

දවස අපරාදෙ කියලත් හිතුණා. ශොපින් කරපු නිසා ටිකක් හිත හැදුණා. මේවිදිහට ඉන්දියානු කොලණියෙන් පිටත් වෙලා ආයෙමත් හොටෙල් එකට ආවා.

[QUOTE="rajasaba, post: 21527455, member: 210430"] [b]සිංගප්පූරුවේ දින 5ක්. -- එක පොකුරට[/b] [CENTER][SIZE="4"][COLOR="Navy"]ලංකාවෙන් පිට නිවාඩුවක් ගත කරන්න හොදම තැන තමයි සිංගප්පූරුව. මටත් පැණි හද ගතකරන්න එහේ යන්න පුදුම ආසාවක් තිබ්බත් ගෙදරින් බර බරේ දාපු නිසා ඒ අදහස අත ඇර ගත්තා. ඉතින් අපේ පලවෙනි ඇනිවසරියට සිංගප්පූරු යන්න තීරණය කලා. තීරණය කලේ අප්‍රේල් 18, යන්න දින දාගත්තේ අප්‍රේල් 27. දවස් 9යි ලෑස්ති වෙන්න තිබ්ඛේ. එදාම findmyfair එකෙන් ටිකට් එකක් බුක්කර ගත්තා. දෙන්නාටම 62යි. booking.com එකෙන් හොටෙල් එකක් බුක්කලා. fragrance hotel. දවස් 5ටම 30ක් විතර උනා. මූලික වියදම් එච්චරයි.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="navy"]Flight එක තිබ්ඛේ 27 රෑ 12.55ට. කෝකටත් කියලා අපි 10.20 වෙනකොට එයාපෝට් එකට ගියා. එතනනම් කිසිම කරදරයක් උනේ නෑ. එතන ඉදන් මැලේසියාවට යන්න MH 616 ෆලයිට් එකට නැග්ගා. හැබැයි නැග්ගේනම් පට්ට බයෙන්. කීයක් කියලනම් ඒ වෙනකොට කඩන් වැටුනද? කටුනායකින් පිටත්වෙලා පැය තුනහමාරකින් අපි මැලේසියාවට ගොඩ බැස්සා. එතකොට එහේ වෙලාව උදේ 7.15යි. අපිට එතන ඉදන් සිංගප්පූරුවට පිටත්වෙන්න තිබ්ඛේ 8.15ට. ගොඩ වෙලාවක් නැති නිසා අපි ඉක්මනින්ම ඊලග terminal එකට ආවා. මැලේසියාවේ ඉදන් සිංගප්පුරුවට පැයක ගමනක් තිබ්ඛේ. ඒ වෙලාව යනවා දැනුනේ නෑ. කලින් පැය තුනනම් film එකක් බැලුවා. මේ පැයට මොනවා කියලා කරන්නද? බැස්සාට පස්සේ තමා වීසා ගහන්නේ. පොඩි ඇප්ලිකේෂන් එකක් තියනවා පුරවන්න. ඒක මැලේසියාවෙන් පිටත්වෙන කොටම දුන්නා. වෙලාවට ඒක පුරවාගෙන බාර දුන්නම අහනවා කීයක් ගෙනාවද, හොටෙල් එකේ නම මොකක්ද, අරවද මේවද විස්තර ටිකක්. ඒ ටිකට උත්තර දුන්නම සීල් එක ගහලා වීසා දෙනවා. එතනදි කොල කෑල්ලක් දෙනවා ඒද නැතිකරගන්නැතිව තියාගන්න ඔන යද්දී ඒක ඉල්ලනවා. නැතිඋනොත් බඩුම තමා. වීසා ගහගෙන එලියට ආවාම එයාපෝට් එක ඇතුලෙම ෂොපින් මොල් එකක් තියෙනවා. එහෙම කිව්වට කඩවල් ටිකක්. උදේට එතනින් ලාවට වගේ කෑම කාලා, SMRT කාඩ් දෙකකුයි, Universal Studio යන්න ටිකට් දෙකකුයි ගත්තා.SMRT කාඩ් එකනම් ඩොලර් 7ක් උනේ. Universal Studio ටිකට් එක 68ට හම්බුනා. දෙකටම 136යි. පිටින් ගත්තනම් 74ක් විතර වෙනවා. එතනින් MRT එකට ගියා. අපිට එතන ඉදන් කෙලින්ම හොටෙල් එකට යන්න විදිහක් තිබුනේ නෑ. Tanar Merah වලින් බැහැලා වෙන එකක Paya Lebar වලට යන්න උනා. එතන ඉදලා යන්න විදිහක් දැනගෙන තිබුනේ නෑ. Paya Lebar වලින් බැහැලා සිම් එකක් ගත්තා. කෑමත්,කාලා වටපිට ඇවිදලා මැප්එක බැලුවා. බලද්දී පයින් යන්න පුලුවන් දුර. රට බලන්නත් එක්ක අපි පයින්ම හොටෙල් එකට ගියා. මේ තියෙන්නෙ හොටෙල් එක.[/COLOR][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/16463579_10212498127107358_7460956275089274072_o.jpg?oh=49f98e2b87d397b4af8e91b4cfdfbae4&oe=590F7F9F[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16386948_10212498130987455_5575825814685644498_n.jpg?oh=97d8f1fbd2e0926b4233456ceedc37f5&oe=5907A1A3[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16427511_10212498135147559_5351415232507876410_n.jpg?oh=e66c031b48b65338349b15fcf5326edd&oe=58FF71F3[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/16463298_10212498127067357_185774406382159619_o.jpg?oh=806ad925890fc6c782fa17a825dc5a8e&oe=5911FAFE[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/16403091_10212498129747424_5182174064060402221_o.jpg?oh=8be2781cd152d05ab2d1ed3035d40a15&oe=59059068[/IMG] [SIZE="4"][COLOR="navy"]12.30ට විතර අපි හොටෙල් එකට ගියේ. චෙකින් ටයිම් එක තිබ්ඛේ 2ට. ඒත් අපිව හොදට පිළිගෙන කාමරේට යන්නත් දුන්නා. ඇගේ මහන්සියටත් එක්ක පොඩි ඇලට් එකක් දැම්මා. ඇහැරිලා බලද්දී 7ත් වෙලා. ඉතින් රෑට කන්නත් එක්ක අපි එලියට ආවා. එතන ඉදන් අපි Katong වලට පයින්ම ගියා. ලස්සන බලන්නත් එක්ක. [/COLOR][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16473349_10212498062585745_602471970244413636_n.jpg?oh=e01cbfaf635eef5a41f7ad08d1d17bd9&oe=590C7A9C[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16426096_10212498050865452_6618239640655860546_n.jpg?oh=3da05ccd3f71858f0fdc365d5e2ed401&oe=5906E63F[/IMG] [SIZE="4"][COLOR="navy"]මේහරියෙත් තනිකරම Club තමයි තියෙන්නේ. කාටවත් කරදර කරන්නේ නෑ. තමන්ගේ පාඩුවේ බිස්නස් එක කරගෙන ඉන්න සෙට් එකක් තමයි මෙහේ ඉන්නේ.:yes::yes: මේ තියෙන්නේ අපේ පාරක්.:shocked::shocked: [/COLOR][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16473529_10212498047025356_7283985555151083410_n.jpg?oh=ec9fa10b8318f147ea31f55af55ba5c2&oe=590894E2[/IMG] [SIZE="4"][COLOR="navy"]කොවිලකුත් තිබ්බා. [/COLOR][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/16423075_10212498058465642_2734372192485467740_o.jpg?oh=ba1288774941aaf0e4fc4040cc2acede&oe=5944ADEE[/IMG] [SIZE="4"][COLOR="navy"]රෑට කලා ශොපින් පාරකුත් දාලා රෑ11ට විතර ආයෙමත් හොටෙල් එකට ආවා. අපේ plan එකේ හැටියට ඊලග දවසේ සෙන්තෝසා යන්න හිටියේ. උදේම යන්න කියලා හිතලා නිදාගත්තා. දෙවන දවසේ වෙච්ච දේ වලින් නැවත හමුවෙමු.[/COLOR][/SIZE][/CENTER];);) [CENTER] [SIZE="4"][COLOR="Navy"]දෙවන දවස උදේ පාන්දර නැගිටින්න කියලා හිතාගෙන නිදාගත්තට හොදටම නිනද ගියා. නැගිටිනකොට උදේ 8යි. මොනවා කියලා කරන්නද? ටකස් ගාලා ලෑස්තිවුනා. 8.30 වෙනකොට හොටෙල් එකෙන් පිටත්වෙන්න ඉස්සරහට ගිහිල්ලා රිසිප්ෂන් අක්කගෙන් විස්තර ටිකක් ඇහුවා. පලවෙනි දවසේ අපි පයින්මනේ ආවේ. හොටෙල් එක ඉස්සරහයින් බස් එකේ නැගලා ඩාකෝටාDakota Train Station එක ගාවින් බැහැලා පාර පැනලා Station එක ඇතුලට ගියා. බහින්න කලින් මම ලංකාවෙ විදිහට කොන්දා අංකල් නැති නිසා ඩයිවර් අංකල්ගෙන් ඇහුවා ගාන කීයද කියලා. ඩයල් එකට ඩොලර් 2ක් දුන්නම සල්ලී එපාම කියනවා. මම හිතුවා මෙහේ බස් දුවන්නේ නිකන් කියලා. සල්ලිත් නොදීම එක ලගට ආවා. හවස තමයි සිරාම සිද්දිය උනේ. එතන ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Harbour Front වලට යන්න ඔන. මේ තියෙන්නේ Dakota Station එක. පොඩි පාර්ක් එකකුත් තියෙනවා.[/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16472880_10212498079706173_2154776336728630770_n.jpg?oh=10eb64bc1e806f44f3d4070ee9b9418e&oe=59062087[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16508925_10212498119907178_3180955317699663812_n.jpg?oh=c06fb1aede780d24b15837eb0ac576e9&oe=5948EF36[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16406815_10212498082306238_1212716705422284738_n.jpg?oh=ce43dd57d86da2666b90d8acd9022eac&oe=590B23B0[/IMG] [SIZE="4"][COLOR="navy"]Harbour Frontවල ඉදලා සෙන්තෝසා දූපතට යන්න වෙනම Train එක්ක තියෙනවා. ඒකට වෙනම ටිකට් එකක් ගන්න ඔන. ඒක කලින් දැනන් හිටියේ නෑ. ඔන්න ඉතින් අරගෙන Universal Studio බලන්න පිටත් උනා.[/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16388354_10212498071985980_4467679017445723169_n.jpg?oh=21dafac77418fe2745cb8b0c518e046b&oe=590B29B9[/IMG] [COLOR="navy"][SIZE="4"]මම සිංගප්පූරුවේ ගත කරපු හොදම දවස තමයි මේක. Roller Coasters 6ක විතර ගියා පටන් ගත්තේ Transformers එකෙන්.[/SIZE][/COLOR] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16473017_10212498064585795_8640232832361276023_n.jpg?oh=e4da7afc18b277ad942e62e5faa2612a&oe=59476A97[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16473868_10212498058865652_7036846663636826442_n.jpg?oh=62cabed7bc7e80a29507c23acc5ef5e2&oe=59087CA2[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16473466_10212498043865277_1115885790357098868_n.jpg?oh=daaaf9d3ff49eb42a7659fb60ebddc27&oe=590A0A7F[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16386921_10212498088866402_3869552904062874935_n.jpg?oh=81e95be16891e77d093ff9db0fc6db67&oe=5905F60D[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16508403_10212498061145709_2557669963579503877_n.jpg?oh=f6c9ce42ec2f011d25f1b5dcc31c0c53&oe=594B2FE2[/IMG] [SIZE="4"][COLOR="navy"]මේකේ තමයි යන්න තියෙන්නේ...... ත්‍රාසය භීතිය කුතුහලය කැටිකරගත් ගමනක්.:yes::yes::yes:[/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16426044_10212498055825576_7891104755348426294_n.jpg?oh=ea8bf6eb1b5bd80c938ce05ff34b05f4&oe=59492C10[/IMG] [SIZE="4"][COLOR="navy"]ඊටපස්සේ Mummy[/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/16423199_10212498058345639_8408353014065306281_o.jpg?oh=d7bd081eeba1fef00d7388d064e679a8&oe=58FDC8D6[/IMG] [SIZE="4"]මේ තියෙන්නේ අවට විසිතුරු.......[/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16473627_10212498081266212_7407789817463343547_n.jpg?oh=5c20aa5adb23250104366e8438536e7e&oe=590767FC[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16406453_10212498057585620_4420443127073832907_n.jpg?oh=7b6760e290710665ffbd18ea669528f4&oe=59090D2F[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16406559_10212498072705998_3618652658232397644_n.jpg?oh=c0bac48f139d983fb886e424b3576b34&oe=594C413B[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16426041_10212498065185810_6226100484057341904_n.jpg?oh=2650478ef176fa506c4fdb99918c7f8d&oe=590C5F61[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16473575_10212498094506543_9202663077611136551_n.jpg?oh=60327712f54112b9486df9759d17e1a8&oe=5939A515[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16388124_10212498046545344_5529690378595471837_n.jpg?oh=9e6cb94efc2f1a68d6bac879c3a40116&oe=5906AD47[/IMG] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16386910_10212498092946504_524109041464850939_n.jpg?oh=c470b7b20ebc84b1a5b12fb3d4236e5a&oe=5903A156[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16473977_10212498051425466_6103808786214727938_n.jpg?oh=5f142756b2fb20689e7ec0ae58eda687&oe=58FF8E1F[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16473546_10212498064465792_6476947370887114525_n.jpg?oh=f354ae9a9ecc4cd311577ba214a574cc&oe=5946EC32[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16406522_10212498063305763_7997671864745894621_n.jpg?oh=bf7ae8e688a88b81ddcf009ca13edc9b&oe=5900811D[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16427751_10212498081186210_1073585189474849365_n.jpg?oh=ca2daa8ad4c924e0c18be2836a888eda&oe=59005855[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16406858_10212498053905528_604846155296622404_n.jpg?oh=70465c450b7a90f0712787e720e7615e&oe=5948B12E[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16508102_10212498081346214_4376401389118791647_n.jpg?oh=1a2405bbe143befd10862e345a371659&oe=594586F1[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16387290_10212498056905603_5115047167783286389_n.jpg?oh=4a5ca5486e2356ad4c2e3dd876d8ff5b&oe=593DD601[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16387240_10212498079866177_7617727950770189375_n.jpg?oh=9a5cd577d99ed9c121da4967b4db8823&oe=59068E51[/IMG] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16472907_10212498123627271_6495836120889223950_n.jpg?oh=87f993428b76e3048d97ad352b134708&oe=593AD01C[/IMG] [SIZE="4"][COLOR="navy"]සිගිති ආතලුත් නැතුව නෙමෙයි... [/COLOR][/SIZE] [IMG]https://scontent.xx.fbcdn.net/v/t1.0-9/16388107_10212498133067507_1329279657268070303_n.jpg?oh=03562b9219d08ec27d6caadb8ad1c945&oe=59404AD3[/IMG] [SIZE="4"][COLOR="navy"]මේක දැකලනම් හිතට බයක් ආවා. ඩයිනෝසරයෙක් යකෝ හොරෙන් බලං හිටියේ. අපි ඌට නොපෙනෙන්න හිමීට මාරු උනා. වැරදිලා හරි ඌ දැක්කනම් බඩුම තමා. [/COLOR][/SIZE] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/16406636_10212498061065707_5429579183252123615_n.jpg?oh=14905a2a5c66a25750d6e4c2327c01c1&oe=594180F7[/IMG] [SIZE="4"][COLOR="navy"]ඔලුව කැරකෙන රොලර් කෝස්ටර් එක තමා මේක. අපිට සෙට් උනෙත් පලවෙනි පේලිය. දෙයියන් බුදුන් සිහිකරගෙන ගියා. මේකෙ යන්න සල්ලි ගන්නේ නෑ. හැබැයි කිසිම බඩුවක් ගෙනියන්න බෑ. අඩුම තරමේ කාසියක් වත්. බඩුටික ලොකර් එකක දාලා යන්න ඔන. දෙකක් තියෙනවා. දෙකේම යන්න.[/COLOR][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16299276_10212498059905678_3650119681131766033_n.jpg?oh=118a50e7030fb67b68d6d8e8f01eb3be&oe=593B9E97[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16507882_10212498063345764_8692790720008677876_n.jpg?oh=2c2d100a06cd900d4d04c4c9ae6b4efd&oe=593A365F[/IMG] [SIZE="4"][COLOR="navy"]දවස ගියා දැනුනේම නෑ. සෙන්තෝසා ලයින් එකේ කේබල් කාර් වල යන්න ටිකට් එකක් ගත්තා. අන්තිමට එතනට යන්න පිටත් උනා. සෙන්තෝසා මලයන් පිලිමෙ ගාවින් තමා ගමන පටන් ගත්තේ. මුලු දූපතම පෙනුනා. පට්ටම ලස්සනයි. [/COLOR][/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t31.0-8/s960x960/16403028_10212498069865927_6519140266875052033_o.jpg?oh=3fbc51971c54c1ca122bf8b47d08d23e&oe=593D7443[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16472936_10212498082266237_224483001200469906_n.jpg?oh=f71e6364d8da2762e212b783acd6104e&oe=5943C6E1[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16406797_10212498067985880_356618266147008296_n.jpg?oh=dff1d464d68dfd595e409f977bbc23dc&oe=594467F9[/IMG] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/16473933_10212498061585720_2467534374434368719_n.jpg?oh=29af2949d3084853140d8c7b4c3c7fe9&oe=5947F927[/IMG] [SIZE="4"][COLOR="navy"]රෑ 8.30ට විතර අපි ආයෙත් හොටෙල් එකට එන්න පිටත් උනා. Dakota වලට ඇවිල්ලා උදේ පාර පැනලා ආපු නිසා එක ගාවම තියෙන බස් නැවතුමෙන් බස් එකට නැග්ගා. ටික වෙලාවක් යනකොට මට තේරුනා පාර උදේ ආපු එක නෙමේ වගේ. කෝකටත් කියලා මැප් එක බලද්දී දෙයියන් බුදුන් සිහිඋනා. බස්එක යන්නේ වෙන පැත්තකට. :confused::confused: කෝකටත් කියලා මම ඩයිවර් අංකල්ට ටෝක් කලා. මෑන්ට මල පැනලා බැනපි මට. පාරවල් දැනගෙන එන්න කියලා. මම කිව්වා ඉස්සරහා හෝල්ට් එකෙන් බස්සන්න කියලා. බැස්සට පස්සේ ඩයල් එක ආයෙත් බනිනවා. මම කාඩ් එක ටච් කලේ නෑ කියලා. මම හිතුවෙ ඔටෝ කැපෙනවා කියලා. මොකද උදේ එහෙම කලේ නෑනේ. දවසම ඇවිද්දත් පොඩ්ඩක්වත් දාඩිය දැම්මේ නෑ. කාලගුණය නම් පට්ට. කාලා බීලා හොටෙල් එකට එනකොට රෑ12.30ට විතර ඇති. තුන්වෙනි දවසෙ යන්න හිටියේ Little India වලට තුන්වෙනි දවසේ වෙච්ච දේ වලින් නැවත හමුවෙමු.[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Navy"]තුන්වෙනි දවස කලින් දවසේ නිදා ගන්න පරක්කු වෙච්ච නිසා සුපුරුදු පරිදි උදේ ඇහැරුනේ නෑ. නැගිටින කොට 9ට විතර ඇති. උදේට කාලා ලෑස්තිවෙනකොට 10 පහු උනා. කොහොමත් එදා දවස වෙන් කරලා තිබ්ඛේ ශොපින් වලට. ශොපින් නම් ඉතින් ලිටිල් ඉන්දියා තමයි. කැමරාවයි බඩු දාගෙන එන්න තවත් බෑග් එකකුත් අරගෙන ලිට්ල් ඉන්දියා යන්න පිටත් උනා. ගමන් මාර්ගය උනේ Dakota Station එකේ ඉදන් Serangoon වලට ගිහිල්ලා එතන ඉදලා North East Line එකේ Train එකකින් Little India වලට යන්න ඔනග ඉතාමත්ම පිලිවලට තියෙන Station එකෙන් බැහැලා කොරිඩෝ එකෙන් එලියට එනකොට දැකපු දර්ශනයෙන් මට දවසම එපා උනා. සිංගප්පූරුව කියන්නේ ඉතාමත් පිලිවලට තියෙන රටක් වගේම ඉතාමත් විනයගරුක ජනතාවක් ඉන්න රටක්. පාරේ වාහන මොකක් වත් නැති උනත් රතුපාට ලයිට් එක වැටිලනම් තියෙන්නේ කවුරුවත් පාර මාරු වෙන්නේ නෑ, කොළ පාට වැටෙනකම්:yes::yes::yes:. ඒ වුනාව ලිටිල් ඉන්දියා කියන කොලනියේ උන්ට ඔන ඔන විදිහට පාර මාරූ වෙනවා.:angry::angry: කලර් ලයිට් වලට කිසිම ගරු කිරීමක් නෑ:angry::angry:. පාර හැමතැනම කෙල ගහනවා:angry::angry:. පට්ටම ජරාවක්. මම එහෙන්මම කැමරාව බෑග් එකට දාගත්තා. ඒ නිසා අද මට දාන්න ෆොටෝ එකක් නම් නෑ:sorry::sorry:. අඩුවට බඩු ගන්නවානම් ඉතින් මෙහෙන් තමා;);). හැමෝම යන්නේ මුස්තෆා එකට:yes::yes:. සමහර අයිටම් පට්ටම ලාබයි. සමහර ඒවානම් එහෙම නෑ. සපත්තුනම් ටිකක් විතර ගනන්. මට අල්ලපු නැති නිසා මම සපත්තු ගන්නේ නෑ. ෂැම්පු ජාති පට්ටම ලාබයි. ලොකුම බොට්ල් එක ඩොලර් 7ක් විතර උනේ. මෙහේ 2800ක් විතර වෙනවා. චොකලට් වල ගනනුත් ඒ වගේ. ගේන්න ලොකු බඩු ලිස්ට් එකක් තිබුනා. දවසෙම ඇවිදලා ඇවිදලා බඩු අරගෙන ඉවර වෙනකොට ගේනාපු බෑග් එක හොදටෝම මදී. පස්සේ එලියෙන් තව බෑග් එකක් ගත්තා. ලංකාවේ සල්ලිවලින් රුපියල් 3000කට හොද බෑග් එකක් ගත්තා. හොද බුරියානි කන්න ඔන නම් මෙහේ එන්න කියලා කියන නිසා ඒක ඇත්තද කියලා බලන්න කෑමත් කෑවා. කොහොම හරි හවස 6 වෙනකොට ආයෙමත් හොටෙල් එකට යන්න පිටත්වුනා. දවස අපරාදෙ කියලත් හිතුණා. ශොපින් කරපු නිසා ටිකක් හිත හැදුණා. මේවිදිහට ඉන්දියානු කොලණියෙන් පිටත් වෙලා ආයෙමත් හොටෙල් එකට ආවා.[/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom