සිංහලෙන් මුලකුරු...

ela_buva

Member
Feb 19, 2018
2
0
0
සිංහලෙන් මුලකුරු...

සිංහලෙන් මුලකුරු....
======================
.
හිටපු කථානායක වි. ජ. මු. ලොකුංබණ්ඩාර මැතිතුමා සිංහලයෙන් මුලකුරු ලිවීම ප්රචලිත කරන්න ලොකු උවමනාවක් තිබුණ කෙනෙක්. එතුමා අධ්යාපන, සංස්කෘතික සහ දේශීය වෛද්ය අමාත්යවරයා වෙලා හිටපු කාලේ එතුමා ගේ අමාත්යංශයේ හිටියා H. K. M. ද සිල්වා කියලා ලේකම්වරයෙක්.
ලොකුබණ්ඩාර ඇමැතිතුමා කොච්චර කිව්වත් මේ ලේකම්වරයා සිංහලයෙන් මුලකුරු ලියන්නේ නැහැ.
දවසක් ඇමැතිතුමාට තරහ ගිහිල්ලා, "කියනවා බලන්න තමුසෙ ගේ සම්පූර්ණ නම. මම සිංහලයෙන් මුලකුරු හදලා දෙන්නම්" කියලා.
ලේකම්තුමා බැරි ම තැන ඇඹරි ඇඹරි නම කිව්වලු:
"හුංගම කංකානම්ගේ මුනිදාස ද සිල්වා"!
ඊට පස්සේ නම් ඇමැතිතුමා කිසි ම දාක ලේකම්වරයා ගේ නම සිංහලයෙන් ලියවන්න වද කරලා නැහැ.
( උපුටා ගැනීමකි )