Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
45 minutes ago
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
47 minutes ago
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
49 minutes ago
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
51 minutes ago
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල අකුරු ලිවීම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල අකුරු ලිවීම

සිංහල අකුරු ලිවීම

පුෂ්පානන්ද ඒකනායක

'සිංහල' කියන්නේ භාෂාවක් තමයි. ඉංග්‍රීසි - හින්දි - ප්‍රංශ වගේ. හැබැයි ඉංග්‍රීසි භාෂාව ලියන්නේ 'ලතින්' අකුරුවලින්. හින්දි බස ලියන අකුරුවලට කියන්නේ 'දේවනාගරී' අකුරු කියලා. ඒ අකුරු වර්ග දෙකම තවත් භාෂා පාවිච්චි කරනවා. ඒත් 'සිංහල' බස නම් ලියන්නේ 'සිංහල' අකුරුවලින්මයි. නමුත් සිංහල අකුරුත් අද අපි දකින තත්ත්වයට ඇවිත් තියෙන්නේ ශත වර්ෂ ගණනාවක විකාශනයකින් පස්සේ. අපේ රටේ බොහෝ සෙල්ලිපිවල දකින්න ලැබෙන 'බ්රාහ්මී' අක්ෂරවල ඉඳලා ඇවිත්, දැන් තියෙන අකුරු හැඩවල මූලික ලක්ෂණ පටන් අරන් තියෙන්නේ 12 වන ශතවර්ෂයේ විතර ඉඳලා කියලයි ඉතිහාසඥයන් කියන්නේ. ඒ අකුරුවල, දැන් අකුරුවල මූලික හැඩ තිබුණා වුණත් 'වචන', 'උච්චාරණය' සහ 'තේරුම්' නම් අදට වඩා හුඟාක් වෙනස්. අකුරු කියවා ගත්තා වුණත්, සෙනරත් පරණවිතාන උන්නැහැලට ඒ සෙල්ලිපි 'භාෂාව' කියවා ගන්නත්, ඒවායේ ලියලා තියෙන දේවල් තේරුම් ගන්නත් හුඟාක් පර්යේෂණ කරන්න සිද්ධ වුණේ ඒකයි. එහෙම ගත්තා ම සිංහල 'අකුරුවල' විකාශනයට වඩා බරපතළ වෙනස්කම්, සිංහල 'භාෂාවේ' වෙලා තියෙන බවයි පේන්නේ.

සෙල්ලිපියෙන් පුස්කොළයට

අකුරුවල හැඩයේ විකාශනයට බලපාන ප්‍රධානම සාධකයක් තමයි ලිවීමේ තාක්ෂණය. සෙල්ලිපිවල දී කරන්න ඇත්තේ ගලේ අකුරු කොටන එකනේ. මුල් ම කාලේ ටිකක් හතරැස්වට මේ අකුරු කොටලා තිබුණාට, පස්සේ ගලේ දීම සිංහල අකුරු රවුම් වෙලා තියෙනවා. ඉන් පස්සේ අතින් ලියන තත්ත්වයට ආවාට පස්සේ තමයි හොඳටම රවුම් වෙන්න ඇත්තේ. පන්සල්වලින් පටන් ගත්තු 'පුස්කොළවල ලිවීම' තුළ, සමහර අකුරු සහ පිල්ලම් දිගට විහිදී යන අමුතු ම ආරක සිංහල අකුරු හැඩ - රටා බිහි වුණා වගේම, පුස්කොළයේ ලියන තාක්ෂණය හින්දා ම අකුරක කොටස් කීපයක් එකතු වෙලා එකට ම ලියන තත්ත්වයකුත් ඇති වුණා. 'දා' යන්නේ ඇලපිල්ල වෙනම නොලියා 'ද' යන්නේ උඩ කොටසට එකතු කරලා පහතින් දාලා ලියුවේ මේ වෙලාවේ. ඒක 'දා' යන්නෙන් නැවතුණේ නෑ. 'ෆ', 'ෆා' වලටත් ගිහින් 'ෆෝ' ලියනකොට කොම්බුව ඇර ඉතුරු ඔක්කොම එකටම ලියන තත්ත්වයට පත් වුණා. පන්හිඳෙන් පුස්කොළේ ලියන කොට ඒකේ තියෙන ඉරි රටාවත් එක්ක ඇති වුණ අපහසුතා වළක්වා ගන්න, මේ අකුරු එකටම ලිවීම සිද්ධ වෙන්න ඇති කියලත් අදහසක් තියෙනවා.

ඒ වගේම බැඳි අකුරු කියලා අපි කියන (ඇත්තටම මේවා බැඳි අකුරු නෙමෙයි. අකුරු දෙකක් එකතු කරපු තනි අකුරු) අදටත් සමහර තැන්වල දකින්න ලැබෙන, ක්ෂ, Jද, Fව වගේ අකුරු විතරක් නෙමෙයි ඊටත් එහා ගිය ඬ, `ඨ වගේ අකුරුත්, පාලි භාවිතයත් එක්ක ආපු නන, තත, සස වගේ 'ඇත්තම බැඳි අකුරු' ත් මේ පුස්කොළ සිංහල ලියවිල්ලේ බහුලව දකින්න ලැබෙනවා.

පුස්කොළයෙන් කඩදාසියට

ලිවීම පුස්කොළයෙන් කඩදාසියට ආවට පස්සේ නම් සිංහල අකුරුවල මූලික හැඩතල හුඟක් වෙනස් වුණේ නෑ. කටු පෑනෙන්, උල්පත් පෑනෙන් ලිවීම වඩා පහසු වුණ නිසා අකුරු විධිමත් බවට පත් වුණා වගේම නිශ්චිත ඉරි දිගේ සමාන පරතරවල ලියන්න පටන් ගත්ත නිසා ජ්‍යාමිතික ලක්ෂණ හොඳින් තහවුරු වුණ බවයි පේන්නේ. ඊළඟට පෘතුගීසීන් මුද්‍රණය හඳුන්වා දීමෙන් පස්සේ අකුරුවල දිග - පළල, උස - මහත නිශ්චිත අනුපාත ගත වුණා. පුස්කොළයේ දී පමණ ඉක්මවා දිගට ඇදුණු සමහර අකුරු සහ පිල්ලම් ජ්‍යාමිතික ගත වුණා. හැබැයි ඒත් පුස්කොළයේ දී කෙරුණු දා, ෆෝ, ක්ෂ ගණයේ වෙනස්කම් එහෙමම තහවුරු වුණා. මුද්‍රණය වෙනස් නිදහස් තාක්ෂණයක් වුණත්, පෙර කී වෙනස්කම් යළි නිරවුල් කරන්නට කිසිවෙකු පෙලඹී තිබුණේ නෑ. ජ්‍යාමිතික ලක්ෂණවලින් යම් තරමකට පොහොසත් වුණත් ඊට අනුරූපව අකුරු නිවැරදි ලෙස හැඩ ගැන්වීම සිදු වුණේ නෑ. ඇත්තටම මේ කාරණය යම් තරමකට පිරිසිදු වුණේ ටයිප් රයිටරය හෙවත් යතුරු ලියනය ආවාට පස්සේ. ඒකත් හිතලාම කරපු දෙයක් නොවෙයි. ටයිප් රයිටරයේ සීමිත පහසුකම් මත 'දා' යන්න ආපස්සට ගන්න සිදු වීම තමයි සිද්ධ වුණේ. එතැන දී දැන් අපි ලියන zෆෝ' යන්නට නැවත එළඹෙන්නට හැකි වුණා. 'හැකි වුණා' නොවෙයි ඇත්තට ම 'සිදු වුණා.' ඒ වුණත් ටයිප් රයිටරයේ අකුරු ලිවීම මුද්‍රණයට බලපෑමක් කළේ නෑ. ඉතින් ඒ නිසා පුස්කොළ අකුරුවල කිට්ටු විකාශනයම, 1737 මුල් ම සිංහල මුද්‍රිත පොතේ ඉඳන් පහුගිය 2000 වසර විතර වෙනකන්ම එක දිගට පැවතුණා.

මුද්‍රණය ඔස්සේ ජ්යාමිතිකගත අකුරු තහවුරු වීම

මේ මුද්‍රණ අකුරු හැඩ මෙසේ පැවතීම ඔස්සේ රට වැසියන්ගේ අතින් අකුරු ලිවීම ද කෙරුණේ ඒ ආකාරයෙන්මයි. කවුරුත් 'දා' යන්න ලියුවේ පුස්කොළ ක්‍රමයටමයි. 'ක්ෂ' වගේ යෙදුම් තවමත් සමහරුන් අතින්, පුරුද්දට ලියවෙන්නේ පැරණි විදියටමයි. තාක්ෂණයත් එක්ක හුඟක් දේ වෙනස් කිරීමේ හැකියාව ඇතත් ඒ 'පරිවර්තන මොහොතේ' ක්රියාකාරිකයන් නිසි අවබෝධයෙන් කටයුතු නොකළොත් සිදුවන්නේ අනර්ථයක්. උවමනා සම්ප්රදාය රැකීම මෙන් ම නුවුවමනා සම්ප්රදාය බැහැර කිරීමත් මේ වගේ කඩඉමක දී සිදු විය යුත්තක්.

පරිගණක ආගමනයෙන් අකුරු අංගවිකල වීම

විශේෂයෙන් ම ඊළඟට එළඹුණ පරිගණක තාක්ෂණ කඩඉමේ දී වඩා සුබවාදී - විධිමත් වෙනස්කම්වලට එකවර ම එළඹීමේ පහසුව ඕනෑ තරම් තිබුණු බවයි මගේ අදහස. ඒ වුණත් 1990 - 95 කාලයේ දී සිදු වුණ පරිගණක සිංහල අකුරු ආගමනය අපේ රටේ සිංහල අකුරුවලට කළේ මහත් හානියක්. පැරණි මුද්‍රණ ක්රමයේ ඊයම් අකුරු නිර්මාණයේ දී දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමයෙන් පොහොසත් ව පැවැති සිංහල අකුරුවල හැඩතලවලට, මේ පරිගණකය ඔස්සේ කෙරුණු ක්ෂණික හුවමාරුව අයහපත් ලෙස බලපෑවා. මුල් පරිගණක සිංහල අකුරුවල දී 'ඤ' යන්න ආවේ එහි ඇති සඤ්ඤක කොක්ක නැතිව 'ඤ' යනුවෙන්. 1998 දක්වා ම 'පඤ්ඤානන්ද' යන්න අපිට දකින්න සිද්ධ වුණේ 'පඤඤනන්ද' යනුවෙන්. එවිට උච්චාරණය කුමක් ද? සමහර අකුරු අංගවිකල ආකාරයෙන් නිර්මාණය වී තිබුණා. පරිගණකය ඔස්සේ මෙසේ පැමිණි සිංහල ෙෆානුරූ (Fonts) සමහරක් අදටත් භාවිතයේ පවතිනවා. පරිගණක තාක්ෂණයේ දී යමක ව්‍යාප්තිය පුදුමාකාර බව අපි දන්නවා. හරි දේ වගේ ම වැරදි දේත් සමාජගත වන්නේ එක් මොහොතක් තුළ.

අංගවිකල අකුරු නිරවුල් කිරීම

මෙසේ වැරදි පරිගණක අකුරුවලින් මුද්‍රණය කළ පොත් - පුවත්පත් එකල බහුල වුණා. පාසල් පෙළපොත් පවා මුද්‍රණය වුණේ ඒ අකුරුවලින්. ඒ ආභාසයෙන් දරුවන් වැරදි ලෙස අකුරු ලියන්නට පෙලඹුණා දැයි නම් මා දන්නේ නෑ. කෙසේ වෙතත් මගේ කලා කටයුතුවල දී මේ අංගවිකල අකුරු භාවිතයෙන් මිදී නිවැරැදි - සුන්දර සිංහල අකුරු භාවිතයකට එන්නට මට උවමනා වීම, මගේ 'පරිගණක සිංහල ෙෆානුරූ නිර්මාණයේ' ආරම්භයයි. 1998 වන විට එකලට අනුරූප ව හැකිතාක් පිරිසිදු සිංහල ෙෆානුරූ පෙළක් මුදාහරින්නට මට හැකි වුණා. අද ඉන් විසි වසරකට පසු ව මගේ නිර්මාණ එදාට වඩා බොහෝ ඉදිරියෙන් පවතිනවා වුවත්, එදා නිකුත් කළ නිර්මාණවල ප්‍රමිතිය අදටත් රට පුරා ප්‍රායෝගික ව පිළිගැනීම මට මහත් සතුටක්.

මෙසේ පරිගණක ෙෆානුරූ ඔස්සේ මුද්‍රණය උදෙසා නිරවුල් සිංහල අකුරු මුදාහරින්නට මට හැකි වුණත්, 'අතින් අකුරු ලිවීම' උදෙසා අවශ්‍ය මෙහෙයක් මා අතින් සිදු වූයේ නෑ. ඇත්තෙන් ම මේ කාරණය පැහැදිලි කිරීම අමුතු කටයුත්තක්. ඒ, 'අතින් අකුරු ලිවීම' කියන කාරණය ගැන අපේ රටේ තියෙන 'සාවද්‍ය අදහස්' නිසයි. දැන් අපි ජාත්‍යන්තර භාෂාවක් හැටියට ඉංග්‍රීසිය ගත්තොත්, එය ලියන්නේ ලතින් අකුරුවලින්නේ. ඒ අකුරුවල අතින් ලියන ආකාරයත්, මුද්‍රණ අකුරුවල හැඩයත් අතර වෙනසක් නෑ. අතින් ලියන කොට තනි ඉරකින් ලියවෙන අතරේ මුද්‍රණයේ දී සමහර ෙෆානුරූවල අකුරේ කඳ මහත තැන් - හීනි තැන් තිබීමේ වෙනස විතරයි තියෙන්නේ. සමහර මුද්‍රණ අකුරුවල ආකාරයටම අතින් ලියන්නත් පුළුවන්. 'කැලිග්රැෆs පෙන්' නමින් හඳුන්වන තුඩ පැතැලි තීන්ත පෑනකින් ලියුවාම මුද්‍රණ අකුරේ මෙන්ම කඳ මහත් වන තැන්, හීනි වන තැන් සහිතවම ලියන්නත් පුළුවන්. මුද්‍රණය සඳහා ෙෆානුරූ නිර්මාණය අතින් ලියනවාට වඩා සියුම් සහ බැරෑරුම් කටයුත්තක් බව ඇත්ත. ඒත් අකුරේ මූලික ලක්ෂණ මේ කිසිවක දී වෙනස් වන්නේ නෑ.

අකුරු ලිවීම සරල, පහසු කටයුත්තක් වීම

ඉංග්‍රීසි මුද්‍රණ අකුරුවලදීත් අකුරක ආරම්භ වන තැන යම් පිරුණු ගැටයකින් වගේ නිර්මාණය වී තිබීම දකින්නට පුළුවන්. එහෙම වුණත් අතින් ලිවීමේ දී එහෙම කරන්නේ නෑ. සිංහල අකුරු අතින් ලිවීමේ දී සමහර අය හිතනවා අකුර ආරම්භයේ දී රවුමක් වැනි දෙයක් ඇතිව ම ආරම්භ විය යුතුමයි කියලා. එහෙම එකක් නෑ. එතකොට 'ග' යන්න, 'ර' යන්න, 'ය' යන්න වගේ අකුරු කොහොමද ලියන්නේ? භාවිතයේ පවතින තත්ත්වයට විවිධ අර්ථකථන තම තම නැණ පමණින් නිර්මාණය කිරීම මිස මේවා සත්‍යයම නොවෙයි. මම සිංහල අකුරු ලියන්නට පටන් අරන් දැන් අවුරුදු 50 ක් වෙනවා. හෝඩියේ දී - දෙකේ පන්තියේ දී - පාසලේ දී සමහර විට මාත් මෙලෙස බෝලයකින් පටන් ගත් අකුරු අතින් ලියන්නට ඇති. ඒත් මට මතක ඇති ලෙසට නම් මම කවදාවත් අතින් ලියන විට එබඳු ආරම්භයක් අකුරක් වෙනුවෙන් ගෙන නෑ. ඒ විතරක් නොවෙයි, මගේ පියාගේ අත් අකුරු සහිත මීට වසර 60 කට පෙර ලියූ, මා ළඟ සුරැකිව ඇති පොත්වලත් එහෙම ලිවීමක් දකින්නට නෑ. එහෙම ලියපු අයත් ඉන්න ඇති සමහර විට. කොහොම වුණත් දැන් නම් කවුරුවත් එහෙම ලියන්නේ නෑ. මුද්‍රණ අකුරු නිර්මාණයේ දී ඇති වුණු අකුරේ ආරම්භක කළු ගැටය, අතින් ලිවීමේ දී කවුරුන් හෝ අතින්, කුඩා රවුමක් ලෙස හැඩ ගැන්වෙන්නට ඇති. ඒත් එය භාවිත වී ඇත්තේ නම් පාසලේ දී - ඉගැන්වීමේ දී පමණයි. ප්‍රායෝගික ලිවීම තුළ කිසිවකු මෙබඳු ගැටයක් යොදන්නේ නැති බව අමුතුවෙන් කියන්නට උවමනා නෑ.

කෙසේ වෙතත් අකුරක් ලිවීම විධිමත් ව ඉගෙන ගැනීම කරන විට, යම් අකුරක ආරම්භක අවස්ථාව නිරවුල්ව පැහැදිලි කර ගැනුම උදෙසා මෙබඳු ගැටයක් සහිත ව ලියන්නට දරුවන් පෙලඹවීම නරකක් ලෙස මම දකින්නේ නෑ. එය තරමක හොඳ උපක්‍රමයක් ලෙස ද ගැනිය හැකියි. ඒ නිසා 'සිංහල අකුරු ලියන හැටි' නම් වූ මගේ පොතේ ද ඒ ක්‍රමය අනුගමනය කළා.

අකුරු ලිවීමට තාක්ෂණික මැදිහත් වීම

දෙවැනි කාරණය ඊට වඩා බරපතළයි. ඒ තමයි අකුරක් 'ජ්‍යාමිතික දිග පළල' යන කාරණයට අනුගත වන අවස්ථාව. සෙල්ලිපි සහ පුස්කොළවල ලිවීමට වඩා කඩදාසියේ ලිවීම, පහසු විධිමත් එකක් බව ඇත්ත. අතින් ලිවීම අදටත් කෙරෙන්නේ එතැන බවත් ඇත්ත. ඒත් මුද්‍රණයත්, ඉන් අනතුරු ව පරිගණකයත් ආවාට පස්සේ දැන් ඒ තාක්ෂණික ශිල්ප භාවිතාවේ ඇති දියුණුව මත වඩාත් ම සුපිරි තත්ත්වය පවතින්නේ පරිගණකය තුළ. ලෝකයේ සියලුම භාෂාවල අකුරු මනා හැඩ ගැන්වුම් සහිතව - වඩා නිරවුල් ආකාරයකට ගෙන ඇත්තේ පරිගණක තාක්ෂණය ඔස්සේ. අප මතක තබා ගැනිය යුතු මූලික සිද්ධාන්තයක් තමයි දැන් සියලු කාරණාවල ගුරුවරයා පරිගණකය බව. ඉතින් අකුරු ලිවීමේදීත් පරිගණකය ගුරු කොට ගැනීම අප කැමති වුවත් අකමැති වුවත් සිද්ධ වෙන හැබෑ තත්ත්වය බව තේරුම් ගැනීම වැදගත්. සිනමාවෙන් ගුරුහරුකම් ලත් රූපවාහිනිය අවසානයේ දී එය අබිබවා ගොස් මනා තාක්ෂණික ඉදිරි ගමන් මඟකට ගිය පසු එයින් ගුරුහරුකම් ගන්නට සිනමාවට සිදු වී ඇති බව සැබෑ යථාර්ථයක්. අද පරිගණක තාක්ෂණය සහ මෘදුකාංග භාවිත නොකළ එක් සිනමා පටයක් හෝ නිර්මාණය වනවා ද යන්න තේරුම් ගැනිය යුතුයි.

අකුරු ලිවීමේ දී ද, අද තාක්ෂණික වශයෙන් සුපිරි තැනක තිබෙන පරිගණකයෙන් ඒ සඳහා ලැබී ඇති පිටිවහල අතිමහත්. අකුරක නියමිත අනන්‍යතාව රැක ගනිමින්, නිශ්චිත ජ්‍යාමිතික ලක්ෂණ තුළ පවතිමින්, සරල හැඩැති අකුරු මෙන්ම සොඳුරු කලාත්මක අකුරු නිර්මාණයට ද මේ නවීන තාක්ෂණය මහත් අනුබලයක් වී දැන් සෑහෙන කලක්. පසක් කර ගැනිය යුතු විශේෂම කාරණයක් තමයි මේ තාක්ෂණය තුළ අකුරක ජ්‍යාමිතික ලක්ෂණ සමඟ පෑහීමේ දී අකුරේ මූලික ලක්ෂණ රකිමින් එහි ව්‍යාකූල බව අඩු, සරල ලිවීමකට අපට යන්නට හැකි වීම. මේ අනුව අකුරක දිග පළල වගේ ම එහි අනුකොටස් වෙනුවෙන් අනුපාතගත හරස් ඉරි ගණන අඩු කර ගන්නටත්, ඒ කොටස් දරුවන්ට කරදරකාරී නොවන ලෙස සහ පෙනුමෙන් සිංහල අකුරුවල රවුම් වටකුරු බව දක්වන්නට හැකි ලෙස වඩා විධිමත් බවට පත් කර ගන්නටත් අපට හැකි වුණ බව පැහැදිලියි. සාමාන්‍යයෙන් අකුරේ මූලික හැඩය වෙනුවෙන් හරස් ඉරි දෙකකුත්, උඩට යටට යන කොටස් වෙනුවෙන් ඉහළ පහළ සීමා ගැන්වෙන තවත් ඉරි දෙකකුත් හැර සිංහල අකුරුවල දී අපට අවශ්‍ය වන්නේ අපේ අකුරුවල මූලික හැඩය ඇතුළේ තියෙන ආරම්භක කොටස වෙනුවෙන් අවැසි තවත් එක් ඉරකුත් පමණයි. මේ ඉරි පහ තුළ පමණක් ම සිටිමින් සිංහල අකුර මනා ලෙස ලියන ආකාරය උගන්වන්නට අපට හැකියාව තිබෙනවා. ඉන් එහා ගොස් මනරම් හැඩැති අකුරු නිර්මාණ ද අප අතින් සිදුවන්නේ මේ ඉරි පහ තුළ ම හිඳිමින්.

අතින් අකුරු ලිවීම රැක ගැනීම

විශේෂයෙන් කියන්නට අවැසි කාරණයක් තමයි පරිගණක තාක්ෂණයත් සමඟ 'අතින් අකුරු ලිවීම' කියන දේ ක්‍රමයෙන් අඩු වී ගෙන යන බව. ඇත්තෙන් ම පරිගණකයේ මුල් අවස්ථාව වන යතුරු පුවරුව ඔස්සේ ටයිප් කිරීම මෙන් ම ඉන් පසු දෙවනුවට පැමිණි, තිරය මත යන්තම් ඇඟිලි තුඩු තැබීම මඟින් අකුරු තිරයේ දිස්වීම පවා දැන් පරණයි. අප කතා කරන විට එය අකුරු බවට පරිවර්තනය වී තිරයේ දිස්වන නවීන මෘදුකාංගත් දැන් ඇවිත්. මෙබඳු තැනක ලෝකය පවතිද්දී අපේ සිංහල අකුරු අතින් ලිවීම යම් තාක් දුරකට, අඩු තරමින් පාසල් කාලය තුළ දී වත් පවතින්නට නම් එය දරුවන්ට වෙහෙසක් නොවන පහසු සරල එකක් වීම අත්‍යවශ්‍යයි. නැති නම් දරුවන්ට එය වදයක් වනු නොඅනුමානයි. අකුරක විවිධ කොටස් වැඩි වැඩියෙන් වර්ග කර හුවා දක්වමින්, නොයෙකුත් අනුපාත දක්වා, කිසි දින කිසිවෙකු අතින් නොලියෑවෙන, ප්‍රායෝගික නොවන ව්‍යාකූල කිරීම් තුළින් සිදු වන්නේ 'සිංහල අකුරු ලිවීම' අභාවයට යැමයි. අකුරු ලිවීම යනු පහසු, සරල මෙන්ම, ප්‍රිය උපදවන දෙයක් බවට දරුවන්ට හැඟී යැම අත්‍යවශ්‍යයි. මගේ 'සිංහල අකුරු ලියන හැටි' පොත එළි දැක්වීමේ ප්‍රධාන අරමුණ වුණේ එය බව කියන්න කැමතියි.

[QUOTE="araki, post: 23424602, member: 360239"] [b]සිංහල අකුරු ලිවීම[/b] [SIZE=5]සිංහල අකුරු ලිවීම [/SIZE] [SIZE=5][COLOR=#800000]පුෂ්පානන්ද ඒකනායක[/COLOR] [IMG]http://divaina.com/daily/images/Paper/2018/07/18/akuru.jpg[/IMG]'සිංහල' කියන්නේ භාෂාවක් තමයි. ඉංග්‍රීසි - හින්දි - ප්‍රංශ වගේ. හැබැයි ඉංග්‍රීසි භාෂාව ලියන්නේ 'ලතින්' අකුරුවලින්. හින්දි බස ලියන අකුරුවලට කියන්නේ 'දේවනාගරී' අකුරු කියලා. ඒ අකුරු වර්ග දෙකම තවත් භාෂා පාවිච්චි කරනවා. ඒත් 'සිංහල' බස නම් ලියන්නේ 'සිංහල' අකුරුවලින්මයි. නමුත් සිංහල අකුරුත් අද අපි දකින තත්ත්වයට ඇවිත් තියෙන්නේ ශත වර්ෂ ගණනාවක විකාශනයකින් පස්සේ. අපේ රටේ බොහෝ සෙල්ලිපිවල දකින්න ලැබෙන 'බ්රාහ්මී' අක්ෂරවල ඉඳලා ඇවිත්, දැන් තියෙන අකුරු හැඩවල මූලික ලක්ෂණ පටන් අරන් තියෙන්නේ 12 වන ශතවර්ෂයේ විතර ඉඳලා කියලයි ඉතිහාසඥයන් කියන්නේ. ඒ අකුරුවල, දැන් අකුරුවල මූලික හැඩ තිබුණා වුණත් 'වචන', 'උච්චාරණය' සහ 'තේරුම්' නම් අදට වඩා හුඟාක් වෙනස්. අකුරු කියවා ගත්තා වුණත්, සෙනරත් පරණවිතාන උන්නැහැලට ඒ සෙල්ලිපි 'භාෂාව' කියවා ගන්නත්, ඒවායේ ලියලා තියෙන දේවල් තේරුම් ගන්නත් හුඟාක් පර්යේෂණ කරන්න සිද්ධ වුණේ ඒකයි. එහෙම ගත්තා ම සිංහල 'අකුරුවල' විකාශනයට වඩා බරපතළ වෙනස්කම්, සිංහල 'භාෂාවේ' වෙලා තියෙන බවයි පේන්නේ. සෙල්ලිපියෙන් පුස්කොළයට අකුරුවල හැඩයේ විකාශනයට බලපාන ප්‍රධානම සාධකයක් තමයි ලිවීමේ තාක්ෂණය. සෙල්ලිපිවල දී කරන්න ඇත්තේ ගලේ අකුරු කොටන එකනේ. මුල් ම කාලේ ටිකක් හතරැස්වට මේ අකුරු කොටලා තිබුණාට, පස්සේ ගලේ දීම සිංහල අකුරු රවුම් වෙලා තියෙනවා. ඉන් පස්සේ අතින් ලියන තත්ත්වයට ආවාට පස්සේ තමයි හොඳටම රවුම් වෙන්න ඇත්තේ. පන්සල්වලින් පටන් ගත්තු 'පුස්කොළවල ලිවීම' තුළ, සමහර අකුරු සහ පිල්ලම් දිගට විහිදී යන අමුතු ම ආරක සිංහල අකුරු හැඩ - රටා බිහි වුණා වගේම, පුස්කොළයේ ලියන තාක්ෂණය හින්දා ම අකුරක කොටස් කීපයක් එකතු වෙලා එකට ම ලියන තත්ත්වයකුත් ඇති වුණා. 'දා' යන්නේ ඇලපිල්ල වෙනම නොලියා 'ද' යන්නේ උඩ කොටසට එකතු කරලා පහතින් දාලා ලියුවේ මේ වෙලාවේ. ඒක 'දා' යන්නෙන් නැවතුණේ නෑ. 'ෆ', 'ෆා' වලටත් ගිහින් 'ෆෝ' ලියනකොට කොම්බුව ඇර ඉතුරු ඔක්කොම එකටම ලියන තත්ත්වයට පත් වුණා. පන්හිඳෙන් පුස්කොළේ ලියන කොට ඒකේ තියෙන ඉරි රටාවත් එක්ක ඇති වුණ අපහසුතා වළක්වා ගන්න, මේ අකුරු එකටම ලිවීම සිද්ධ වෙන්න ඇති කියලත් අදහසක් තියෙනවා. ඒ වගේම බැඳි අකුරු කියලා අපි කියන (ඇත්තටම මේවා බැඳි අකුරු නෙමෙයි. අකුරු දෙකක් එකතු කරපු තනි අකුරු) අදටත් සමහර තැන්වල දකින්න ලැබෙන, ක්ෂ, Jද, Fව වගේ අකුරු විතරක් නෙමෙයි ඊටත් එහා ගිය ඬ, `ඨ වගේ අකුරුත්, පාලි භාවිතයත් එක්ක ආපු නන, තත, සස වගේ 'ඇත්තම බැඳි අකුරු' ත් මේ පුස්කොළ සිංහල ලියවිල්ලේ බහුලව දකින්න ලැබෙනවා. පුස්කොළයෙන් කඩදාසියට ලිවීම පුස්කොළයෙන් කඩදාසියට ආවට පස්සේ නම් සිංහල අකුරුවල මූලික හැඩතල හුඟක් වෙනස් වුණේ නෑ. කටු පෑනෙන්, උල්පත් පෑනෙන් ලිවීම වඩා පහසු වුණ නිසා අකුරු විධිමත් බවට පත් වුණා වගේම නිශ්චිත ඉරි දිගේ සමාන පරතරවල ලියන්න පටන් ගත්ත නිසා ජ්‍යාමිතික ලක්ෂණ හොඳින් තහවුරු වුණ බවයි පේන්නේ. ඊළඟට පෘතුගීසීන් මුද්‍රණය හඳුන්වා දීමෙන් පස්සේ අකුරුවල දිග - පළල, උස - මහත නිශ්චිත අනුපාත ගත වුණා. පුස්කොළයේ දී පමණ ඉක්මවා දිගට ඇදුණු සමහර අකුරු සහ පිල්ලම් ජ්‍යාමිතික ගත වුණා. හැබැයි ඒත් පුස්කොළයේ දී කෙරුණු දා, ෆෝ, ක්ෂ ගණයේ වෙනස්කම් එහෙමම තහවුරු වුණා. මුද්‍රණය වෙනස් නිදහස් තාක්ෂණයක් වුණත්, පෙර කී වෙනස්කම් යළි නිරවුල් කරන්නට කිසිවෙකු පෙලඹී තිබුණේ නෑ. ජ්‍යාමිතික ලක්ෂණවලින් යම් තරමකට පොහොසත් වුණත් ඊට අනුරූපව අකුරු නිවැරදි ලෙස හැඩ ගැන්වීම සිදු වුණේ නෑ. ඇත්තටම මේ කාරණය යම් තරමකට පිරිසිදු වුණේ ටයිප් රයිටරය හෙවත් යතුරු ලියනය ආවාට පස්සේ. ඒකත් හිතලාම කරපු දෙයක් නොවෙයි. ටයිප් රයිටරයේ සීමිත පහසුකම් මත 'දා' යන්න ආපස්සට ගන්න සිදු වීම තමයි සිද්ධ වුණේ. එතැන දී දැන් අපි ලියන zෆෝ' යන්නට නැවත එළඹෙන්නට හැකි වුණා. 'හැකි වුණා' නොවෙයි ඇත්තට ම 'සිදු වුණා.' ඒ වුණත් ටයිප් රයිටරයේ අකුරු ලිවීම මුද්‍රණයට බලපෑමක් කළේ නෑ. ඉතින් ඒ නිසා පුස්කොළ අකුරුවල කිට්ටු විකාශනයම, 1737 මුල් ම සිංහල මුද්‍රිත පොතේ ඉඳන් පහුගිය 2000 වසර විතර වෙනකන්ම එක දිගට පැවතුණා. මුද්‍රණය ඔස්සේ ජ්යාමිතිකගත අකුරු තහවුරු වීම මේ මුද්‍රණ අකුරු හැඩ මෙසේ පැවතීම ඔස්සේ රට වැසියන්ගේ අතින් අකුරු ලිවීම ද කෙරුණේ ඒ ආකාරයෙන්මයි. කවුරුත් 'දා' යන්න ලියුවේ පුස්කොළ ක්‍රමයටමයි. 'ක්ෂ' වගේ යෙදුම් තවමත් සමහරුන් අතින්, පුරුද්දට ලියවෙන්නේ පැරණි විදියටමයි. තාක්ෂණයත් එක්ක හුඟක් දේ වෙනස් කිරීමේ හැකියාව ඇතත් ඒ 'පරිවර්තන මොහොතේ' ක්රියාකාරිකයන් නිසි අවබෝධයෙන් කටයුතු නොකළොත් සිදුවන්නේ අනර්ථයක්. උවමනා සම්ප්රදාය රැකීම මෙන් ම නුවුවමනා සම්ප්රදාය බැහැර කිරීමත් මේ වගේ කඩඉමක දී සිදු විය යුත්තක්. පරිගණක ආගමනයෙන් අකුරු අංගවිකල වීම විශේෂයෙන් ම ඊළඟට එළඹුණ පරිගණක තාක්ෂණ කඩඉමේ දී වඩා සුබවාදී - විධිමත් වෙනස්කම්වලට එකවර ම එළඹීමේ පහසුව ඕනෑ තරම් තිබුණු බවයි මගේ අදහස. ඒ වුණත් 1990 - 95 කාලයේ දී සිදු වුණ පරිගණක සිංහල අකුරු ආගමනය අපේ රටේ සිංහල අකුරුවලට කළේ මහත් හානියක්. පැරණි මුද්‍රණ ක්රමයේ ඊයම් අකුරු නිර්මාණයේ දී දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රමයෙන් පොහොසත් ව පැවැති සිංහල අකුරුවල හැඩතලවලට, මේ පරිගණකය ඔස්සේ කෙරුණු ක්ෂණික හුවමාරුව අයහපත් ලෙස බලපෑවා. මුල් පරිගණක සිංහල අකුරුවල දී 'ඤ' යන්න ආවේ එහි ඇති සඤ්ඤක කොක්ක නැතිව 'ඤ' යනුවෙන්. 1998 දක්වා ම 'පඤ්ඤානන්ද' යන්න අපිට දකින්න සිද්ධ වුණේ 'පඤඤනන්ද' යනුවෙන්. එවිට උච්චාරණය කුමක් ද? සමහර අකුරු අංගවිකල ආකාරයෙන් නිර්මාණය වී තිබුණා. පරිගණකය ඔස්සේ මෙසේ පැමිණි සිංහල ෙෆානුරූ (Fonts) සමහරක් අදටත් භාවිතයේ පවතිනවා. පරිගණක තාක්ෂණයේ දී යමක ව්‍යාප්තිය පුදුමාකාර බව අපි දන්නවා. හරි දේ වගේ ම වැරදි දේත් සමාජගත වන්නේ එක් මොහොතක් තුළ. අංගවිකල අකුරු නිරවුල් කිරීම මෙසේ වැරදි පරිගණක අකුරුවලින් මුද්‍රණය කළ පොත් - පුවත්පත් එකල බහුල වුණා. පාසල් පෙළපොත් පවා මුද්‍රණය වුණේ ඒ අකුරුවලින්. ඒ ආභාසයෙන් දරුවන් වැරදි ලෙස අකුරු ලියන්නට පෙලඹුණා දැයි නම් මා දන්නේ නෑ. කෙසේ වෙතත් මගේ කලා කටයුතුවල දී මේ අංගවිකල අකුරු භාවිතයෙන් මිදී නිවැරැදි - සුන්දර සිංහල අකුරු භාවිතයකට එන්නට මට උවමනා වීම, මගේ 'පරිගණක සිංහල ෙෆානුරූ නිර්මාණයේ' ආරම්භයයි. 1998 වන විට එකලට අනුරූප ව හැකිතාක් පිරිසිදු සිංහල ෙෆානුරූ පෙළක් මුදාහරින්නට මට හැකි වුණා. අද ඉන් විසි වසරකට පසු ව මගේ නිර්මාණ එදාට වඩා බොහෝ ඉදිරියෙන් පවතිනවා වුවත්, එදා නිකුත් කළ නිර්මාණවල ප්‍රමිතිය අදටත් රට පුරා ප්‍රායෝගික ව පිළිගැනීම මට මහත් සතුටක්. මෙසේ පරිගණක ෙෆානුරූ ඔස්සේ මුද්‍රණය උදෙසා නිරවුල් සිංහල අකුරු මුදාහරින්නට මට හැකි වුණත්, 'අතින් අකුරු ලිවීම' උදෙසා අවශ්‍ය මෙහෙයක් මා අතින් සිදු වූයේ නෑ. ඇත්තෙන් ම මේ කාරණය පැහැදිලි කිරීම අමුතු කටයුත්තක්. ඒ, 'අතින් අකුරු ලිවීම' කියන කාරණය ගැන අපේ රටේ තියෙන 'සාවද්‍ය අදහස්' නිසයි. දැන් අපි ජාත්‍යන්තර භාෂාවක් හැටියට ඉංග්‍රීසිය ගත්තොත්, එය ලියන්නේ ලතින් අකුරුවලින්නේ. ඒ අකුරුවල අතින් ලියන ආකාරයත්, මුද්‍රණ අකුරුවල හැඩයත් අතර වෙනසක් නෑ. අතින් ලියන කොට තනි ඉරකින් ලියවෙන අතරේ මුද්‍රණයේ දී සමහර ෙෆානුරූවල අකුරේ කඳ මහත තැන් - හීනි තැන් තිබීමේ වෙනස විතරයි තියෙන්නේ. සමහර මුද්‍රණ අකුරුවල ආකාරයටම අතින් ලියන්නත් පුළුවන්. 'කැලිග්රැෆs පෙන්' නමින් හඳුන්වන තුඩ පැතැලි තීන්ත පෑනකින් ලියුවාම මුද්‍රණ අකුරේ මෙන්ම කඳ මහත් වන තැන්, හීනි වන තැන් සහිතවම ලියන්නත් පුළුවන්. මුද්‍රණය සඳහා ෙෆානුරූ නිර්මාණය අතින් ලියනවාට වඩා සියුම් සහ බැරෑරුම් කටයුත්තක් බව ඇත්ත. ඒත් අකුරේ මූලික ලක්ෂණ මේ කිසිවක දී වෙනස් වන්නේ නෑ. අකුරු ලිවීම සරල, පහසු කටයුත්තක් වීම ඉංග්‍රීසි මුද්‍රණ අකුරුවලදීත් අකුරක ආරම්භ වන තැන යම් පිරුණු ගැටයකින් වගේ නිර්මාණය වී තිබීම දකින්නට පුළුවන්. එහෙම වුණත් අතින් ලිවීමේ දී එහෙම කරන්නේ නෑ. සිංහල අකුරු අතින් ලිවීමේ දී සමහර අය හිතනවා අකුර ආරම්භයේ දී රවුමක් වැනි දෙයක් ඇතිව ම ආරම්භ විය යුතුමයි කියලා. එහෙම එකක් නෑ. එතකොට 'ග' යන්න, 'ර' යන්න, 'ය' යන්න වගේ අකුරු කොහොමද ලියන්නේ? භාවිතයේ පවතින තත්ත්වයට විවිධ අර්ථකථන තම තම නැණ පමණින් නිර්මාණය කිරීම මිස මේවා සත්‍යයම නොවෙයි. මම සිංහල අකුරු ලියන්නට පටන් අරන් දැන් අවුරුදු 50 ක් වෙනවා. හෝඩියේ දී - දෙකේ පන්තියේ දී - පාසලේ දී සමහර විට මාත් මෙලෙස බෝලයකින් පටන් ගත් අකුරු අතින් ලියන්නට ඇති. ඒත් මට මතක ඇති ලෙසට නම් මම කවදාවත් අතින් ලියන විට එබඳු ආරම්භයක් අකුරක් වෙනුවෙන් ගෙන නෑ. ඒ විතරක් නොවෙයි, මගේ පියාගේ අත් අකුරු සහිත මීට වසර 60 කට පෙර ලියූ, මා ළඟ සුරැකිව ඇති පොත්වලත් එහෙම ලිවීමක් දකින්නට නෑ. එහෙම ලියපු අයත් ඉන්න ඇති සමහර විට. කොහොම වුණත් දැන් නම් කවුරුවත් එහෙම ලියන්නේ නෑ. මුද්‍රණ අකුරු නිර්මාණයේ දී ඇති වුණු අකුරේ ආරම්භක කළු ගැටය, අතින් ලිවීමේ දී කවුරුන් හෝ අතින්, කුඩා රවුමක් ලෙස හැඩ ගැන්වෙන්නට ඇති. ඒත් එය භාවිත වී ඇත්තේ නම් පාසලේ දී - ඉගැන්වීමේ දී පමණයි. ප්‍රායෝගික ලිවීම තුළ කිසිවකු මෙබඳු ගැටයක් යොදන්නේ නැති බව අමුතුවෙන් කියන්නට උවමනා නෑ. කෙසේ වෙතත් අකුරක් ලිවීම විධිමත් ව ඉගෙන ගැනීම කරන විට, යම් අකුරක ආරම්භක අවස්ථාව නිරවුල්ව පැහැදිලි කර ගැනුම උදෙසා මෙබඳු ගැටයක් සහිත ව ලියන්නට දරුවන් පෙලඹවීම නරකක් ලෙස මම දකින්නේ නෑ. එය තරමක හොඳ උපක්‍රමයක් ලෙස ද ගැනිය හැකියි. ඒ නිසා 'සිංහල අකුරු ලියන හැටි' නම් වූ මගේ පොතේ ද ඒ ක්‍රමය අනුගමනය කළා. අකුරු ලිවීමට තාක්ෂණික මැදිහත් වීම දෙවැනි කාරණය ඊට වඩා බරපතළයි. ඒ තමයි අකුරක් 'ජ්‍යාමිතික දිග පළල' යන කාරණයට අනුගත වන අවස්ථාව. සෙල්ලිපි සහ පුස්කොළවල ලිවීමට වඩා කඩදාසියේ ලිවීම, පහසු විධිමත් එකක් බව ඇත්ත. අතින් ලිවීම අදටත් කෙරෙන්නේ එතැන බවත් ඇත්ත. ඒත් මුද්‍රණයත්, ඉන් අනතුරු ව පරිගණකයත් ආවාට පස්සේ දැන් ඒ තාක්ෂණික ශිල්ප භාවිතාවේ ඇති දියුණුව මත වඩාත් ම සුපිරි තත්ත්වය පවතින්නේ පරිගණකය තුළ. ලෝකයේ සියලුම භාෂාවල අකුරු මනා හැඩ ගැන්වුම් සහිතව - වඩා නිරවුල් ආකාරයකට ගෙන ඇත්තේ පරිගණක තාක්ෂණය ඔස්සේ. අප මතක තබා ගැනිය යුතු මූලික සිද්ධාන්තයක් තමයි දැන් සියලු කාරණාවල ගුරුවරයා පරිගණකය බව. ඉතින් අකුරු ලිවීමේදීත් පරිගණකය ගුරු කොට ගැනීම අප කැමති වුවත් අකමැති වුවත් සිද්ධ වෙන හැබෑ තත්ත්වය බව තේරුම් ගැනීම වැදගත්. සිනමාවෙන් ගුරුහරුකම් ලත් රූපවාහිනිය අවසානයේ දී එය අබිබවා ගොස් මනා තාක්ෂණික ඉදිරි ගමන් මඟකට ගිය පසු එයින් ගුරුහරුකම් ගන්නට සිනමාවට සිදු වී ඇති බව සැබෑ යථාර්ථයක්. අද පරිගණක තාක්ෂණය සහ මෘදුකාංග භාවිත නොකළ එක් සිනමා පටයක් හෝ නිර්මාණය වනවා ද යන්න තේරුම් ගැනිය යුතුයි. අකුරු ලිවීමේ දී ද, අද තාක්ෂණික වශයෙන් සුපිරි තැනක තිබෙන පරිගණකයෙන් ඒ සඳහා ලැබී ඇති පිටිවහල අතිමහත්. අකුරක නියමිත අනන්‍යතාව රැක ගනිමින්, නිශ්චිත ජ්‍යාමිතික ලක්ෂණ තුළ පවතිමින්, සරල හැඩැති අකුරු මෙන්ම සොඳුරු කලාත්මක අකුරු නිර්මාණයට ද මේ නවීන තාක්ෂණය මහත් අනුබලයක් වී දැන් සෑහෙන කලක්. පසක් කර ගැනිය යුතු විශේෂම කාරණයක් තමයි මේ තාක්ෂණය තුළ අකුරක ජ්‍යාමිතික ලක්ෂණ සමඟ පෑහීමේ දී අකුරේ මූලික ලක්ෂණ රකිමින් එහි ව්‍යාකූල බව අඩු, සරල ලිවීමකට අපට යන්නට හැකි වීම. මේ අනුව අකුරක දිග පළල වගේ ම එහි අනුකොටස් වෙනුවෙන් අනුපාතගත හරස් ඉරි ගණන අඩු කර ගන්නටත්, ඒ කොටස් දරුවන්ට කරදරකාරී නොවන ලෙස සහ පෙනුමෙන් සිංහල අකුරුවල රවුම් වටකුරු බව දක්වන්නට හැකි ලෙස වඩා විධිමත් බවට පත් කර ගන්නටත් අපට හැකි වුණ බව පැහැදිලියි. සාමාන්‍යයෙන් අකුරේ මූලික හැඩය වෙනුවෙන් හරස් ඉරි දෙකකුත්, උඩට යටට යන කොටස් වෙනුවෙන් ඉහළ පහළ සීමා ගැන්වෙන තවත් ඉරි දෙකකුත් හැර සිංහල අකුරුවල දී අපට අවශ්‍ය වන්නේ අපේ අකුරුවල මූලික හැඩය ඇතුළේ තියෙන ආරම්භක කොටස වෙනුවෙන් අවැසි තවත් එක් ඉරකුත් පමණයි. මේ ඉරි පහ තුළ පමණක් ම සිටිමින් සිංහල අකුර මනා ලෙස ලියන ආකාරය උගන්වන්නට අපට හැකියාව තිබෙනවා. ඉන් එහා ගොස් මනරම් හැඩැති අකුරු නිර්මාණ ද අප අතින් සිදුවන්නේ මේ ඉරි පහ තුළ ම හිඳිමින්. අතින් අකුරු ලිවීම රැක ගැනීම විශේෂයෙන් කියන්නට අවැසි කාරණයක් තමයි පරිගණක තාක්ෂණයත් සමඟ 'අතින් අකුරු ලිවීම' කියන දේ ක්‍රමයෙන් අඩු වී ගෙන යන බව. ඇත්තෙන් ම පරිගණකයේ මුල් අවස්ථාව වන යතුරු පුවරුව ඔස්සේ ටයිප් කිරීම මෙන් ම ඉන් පසු දෙවනුවට පැමිණි, තිරය මත යන්තම් ඇඟිලි තුඩු තැබීම මඟින් අකුරු තිරයේ දිස්වීම පවා දැන් පරණයි. අප කතා කරන විට එය අකුරු බවට පරිවර්තනය වී තිරයේ දිස්වන නවීන මෘදුකාංගත් දැන් ඇවිත්. මෙබඳු තැනක ලෝකය පවතිද්දී අපේ සිංහල අකුරු අතින් ලිවීම යම් තාක් දුරකට, අඩු තරමින් පාසල් කාලය තුළ දී වත් පවතින්නට නම් එය දරුවන්ට වෙහෙසක් නොවන පහසු සරල එකක් වීම අත්‍යවශ්‍යයි. නැති නම් දරුවන්ට එය වදයක් වනු නොඅනුමානයි. අකුරක විවිධ කොටස් වැඩි වැඩියෙන් වර්ග කර හුවා දක්වමින්, නොයෙකුත් අනුපාත දක්වා, කිසි දින කිසිවෙකු අතින් නොලියෑවෙන, ප්‍රායෝගික නොවන ව්‍යාකූල කිරීම් තුළින් සිදු වන්නේ 'සිංහල අකුරු ලිවීම' අභාවයට යැමයි. අකුරු ලිවීම යනු පහසු, සරල මෙන්ම, ප්‍රිය උපදවන දෙයක් බවට දරුවන්ට හැඟී යැම අත්‍යවශ්‍යයි. මගේ 'සිංහල අකුරු ලියන හැටි' පොත එළි දැක්වීමේ ප්‍රධාන අරමුණ වුණේ එය බව කියන්න කැමතියි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom