සිංහල අමාරුව හා රටේ අනාගතයට කෙසේ බලපාවිද ?

Aug 31, 2011
399
43
0
සිංහල අමාරුව රටේ අනාගතයට කෙසේ බලපාවිද ?


ඇමෙරිකාව,චීනය,ඉන්දියාව,නොර්වේ හා එන්ගලන්තයට තියෙන්නෙ අපේ රට ගැන පුදුම අමාරුවක්.අනික් අතින් උතුරේ අන්තවාදි දේශපාලන කරන අයට..

අපි බලමු ලංකාවට තියෙන බලපෑම් අඩු වැඩි වශයෙන්

A-වැඩිම බලපෑමක් කරන්න පුලුවන් අර මුලින් කිව්ව බටහිර රට වලට.මොකද අපේ රට සේද මාර්ගයෙ පිහිටලා තියෙන උපායමාර්ගික ස්තානයක් එනිසා මේ ගොල්ලො අපේ රටට ඉව අල්ලනවා

B-ඊලගට ලොකුම බලපෑම තියෙන්නෙ උතුරේ දේශපාලනයෙන්..

C- ඊලගට තර්ජනය තියෙන්නෙ අන්තවාදි ඉස්ලාම් සංවිදාන වලින්

දැන් මේ බලපෑම් කන්ඩායම් 3නම ගත්තම බටහිර රටවල් එන්නෙ උතුරෙ ප්‍රශ්නෙත් එක්ක සම්බන්ද කරගෙන..A+B

මේ රජය යුධ අපරාද හොයල UNO එකට වග කියන්න බැදුන නිසා ලොකු අවාසියක් උනා රටට..දැන් ඒකෙ වාර්තාව දෙන්නම වෙනව යුද අපරාද උනා කියල..එහෙම දෙනකොට එදාට දෙමල කොටි හා අන්තවාදි ප්‍රජාව UNO එකට කියනව යුද අපරාද වෙලා කියල පිලි අරන් ඉවරයි,අපට සිංහල ආන්ඩුවලින් ආරක්ශාවක් නෑ අපිට වෙනම ස්වයන්පාලනයක් දෙන්න කියල.ඔහොම ඉල්ලන දවස් වෙනකොට උතුරෙ හමුදා ගොඩක් දකුනට ගෙන්නගෙන ඉවරයි..නාවික හමුදාවත් ටිකයි උතුරෙ රදවන්නෙ.

දැනට කවුරු හෝ සිංහල මුස්ලිම් අසමගියක් ඇතිකරමින් යනව.මේකත් ඇමරිකාවට වාසියක්.

ඇත්තටම ඉස්ලාම් අන්තවාදය සිංහල අයට තර්ජනයක්,නමුත් මේ වෙලාවෙ UNO හා දෙමල අන්තවාදය විසින් කරන්න යන දේ ඊට බරපතලයි,එනිසා ඔක්කොම එකපාර පටලවගෙන අමාරුයි මූනදෙන්න.
අපි බලමු මුස්ලිම් විරෝධය ඇත්තක්මද කියල

රටක ජාතියක් සිංහලේ සිංහලේ කියල මතක් වෙන එක වරදක් නෑ
නමුත් එහෙම සිංහල කියල දැනෙන්න තමන් ඇත්තටම සිංහලකමට සිංහල සංස්කෘතියට ආදරේද..
සිංහලකම සිංහල සංස්කෘතියෙන් වෙන් කරන්න බෑ,,ගහට පොත්ත වගේ..
සිංහල සමාජය කොච්චර පිරිහිලා කියලද අපි දන්නව
සිංහල කාන්තාව ස්ටේජ් එකට පැනල ගායකයො කිස් කරන්ව
යට ඇදුම් ගලවල විසිකරනව
කාන්තාවො විස්කි,මත්පෙති බීල පිස්සු නටනව
ඔෆිස් එකට විතරක් නෙවෙ පන්සලටත් එන්නෙ බාගෙට හෙලුවෙන් දැන්
රූපවාහිනි නාලිකා බැලුවොත් කාමුක නර්තන,සිංදු පිරිල,,කාමුක නාට්ටි,අසම්මත අනියම් සබදතා ඩිවෝස් වැඩි වෙලා..ලමා අපචාර,,ස්ත්‍රී දූශන දිනකට 50ක් 60ක් වෙනවා
ගහක් ගලක් ගානෙ සිංහල ගෑනුලමයි බාගෙට හෙලුවෙන් පොටෝ ගහන් මොඩෙල්ස් ල වෙලා,,අධ්යාපනය බල්ලට දාල මොඩෙල් වෙන්න නිලිය වෙන්න සුපර් ස්ටාර් වෙන්න දගලනව

රටේ නිලියො සිංදු හදන්නෙ දැන් ලිංගික දර්ශන දාල,,පවුල්වල අම්මල පුතාල තාත්තල දුවල මල්ලිල නන්ගිල අදුරන් නෑ..බස් එකක යන්න දැන් නෑ,,මහ පාරෙත් අවුරුදු 10 හේ 12 හේ දරුවො කිස් කරගන්නවා

ඔන්න ඔහොමයි සිංහල ස්මාජයෙ තත්වෙ අද:oo:

නමුත් මේ මුස්ලිම් මිනිස්සුන්ට ගහන්න යන සිංහල උදවිය කවදාවත් තම්න්ගෙ ජාතියො දරුවො හරිමග යවන්න සම්මන්ත්‍රයයක් තියල තියෙනව දැක්කද??
රූපවාහිනියෙ රේඩියෝ එකේ මේවගෙ පිස්සු නටන්න එපා සිංහලකම සිංහල සංස්කෘතිය ආරක්ශා කරන්න කියල මේ සිංහල ලමයි දැනුවත් කරන්ව දැක්කද...

ඒ කියන්නෙ සිංහලකම රකින්න මේ කිසිම සිංහල සංවිධානයක් කිසිම දෙයක් කරල නැතුව,,නින්දෙන් නැගිටල වගේ සිංහලකම මතක් වෙලා සිංහල ප්ච්චකොටල,,ස්ටිකර් ගහල මුස්ලිම් මිනිස්සු එක්ක ඔට්ටු වෙන්න දුවන එක අතාර්කිකයි නේද

සිංහලකම පොඩ්ඩක් වත් නොදන්න අය කොහොමද සිංහලකම රකින්න කියල අනුන්ට ගහන්න යන්නෙ ඉස්සෙල්ල
ඉස්සෙල්ලම කරන්න ඕන එහෙම සිංහලකම ගැන සිංහලයන්ට කියල් දීල සිංහලයන්ව සිංහලකමේ පිහිටුවල ඉන්න එක නේද?
මුස්ලිම් මනුස්සයට මුස්ලිම් අනන්යතාව එදත් අදත් හෙටත් තියෙනවා
සිංහල අයට සිංහල අනන්යතාව තිබ්බ එදා,,අද නෑ,,හෙටත් නෑ නේද?
මේ සිංහලයන්ව යලි සිංහලකමේ පිහිටුවන්න සිංහල සංවිධානවලට වගකීමක් නැද්



එනිසා මේ සිංහල කැක්කුම හරිම අපිලිවෙලයි,කිසිම ලොජික් එකක් නෑ..හරියට ප්‍රෝග්‍රැම් එකක මුල මැද නැතුව අන්තිම ටික ක්‍රියාත්මක කලාම ෆේල් වෙනව් වගේ මේකත්.
මුල පියවර වන සිල් බිදගත්ත සිංහල ජාතිය සිංහලකමේ පිහිටුවන්න උත්සාහ ගන්න එක,,ඒකට වැඩ සටහන් හදන එක..ඒකෙන් කාටවත් හානියක් වෙන් නෑ..මේ අතර පුලුවන් සිංහල ජාතියට වෙන අනෙක් තර්ජන වලට මූන දෙන්න

එනිසා මේ වගේ සැලසුමක් නැතුව කරල සිංහල මුස්ලිම් ගැටුමක් ආවොත් ඒකත් රටට පනින්න බලන් ඉන්න UNO සාම හමුදාවට තල්ලුවක් වෙනව.

රටේ හමුදාව බුද්ධි අංශ අද වෙනකොට අකර්මන්ය වෙලා.ඉතින් මේවගේ ගැටුම් ආවොත් අපිට පාලනය කරන්න බෑ කියල අපේ රටේ ලොක්ක UNO හමුදාව කැදවන එක වෙන්න පුලුවන් දෙයක්

මේ නිසා මොලෙන් වැඩ කරන්න මෝඩ නොවී යහපත් මනසින් දුර දිග බලල වැඩ කරන්න වෙනව.තියෙන තර්ජන වලින් වැඩිම ඒවට විතරක් දැනට ඇඩ්‍රස් කරන්න වෙනව.ඔක්කොම පටලවගෙන
අනාගන්න හොද නැ
බොදු බල එක කලින් වැඩකලා වගෙ කලොත් ,නටපු නාඩගමකුත් නෑ ,බෙරේ පලුවකුත්නෑ..ඇත්තටම සිංහලකම ඕන කියල ඒකරාශි වෙන මිනිස්සු ආයෙ අතරමන් වෙනව

SOURCE -FB
 
Last edited: