Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිංහල අලුත් අවුරුද්දේ ආරම්භය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර ප්‍රකට සමාජ විද්යාඥයකි, ප්‍රවීණ ගත් කතුවරයෙකි, සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජය වෙත රැගෙන යැමේ පුරෝගාමී මෙහෙවරක නියෑලි විද්වතෙකි.

අලුත් අවුරුද්ද අපේ ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නෙ කොහොමද?

අපි මේ පවත්වන අවුරුදු උළෙල පිළිබඳව අපේ ජාතියේ ඉතිහාසය ලියෑවී තිබෙන මහාවංශයෙහි කිසිම සඳහනක් නෑ. ඊට පසුකාලීනව ලියවුණු වංසත්තපකාසිනී කියන මහාවංශ ටීකාවේවත් මේ ගැන කිසිම සාක්ෂියක් සාධකයක් නෑ. ඒ වගේම අපේ ප්‍රධාන ධර්ම ශාස්ත්‍රීය පොත් වන ධර්මප්රදීපිකාව, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, ථූපවංශය වැනි පොත්වලත් අවුරුදු උළෙල පිළිබඳ සඳහනක් නෑ. අවුරුදු උත්සවයක් පිළිබඳ අපේ ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ මහනුවර රජ කළ කීර්තිසිංහ රාජසිංහ (1747-1781) රජ සමයේ. එම රජතුමා නොනගත කාලය තුළදී ග්රහයින්ගේ ආරක්ෂාවක් නැති නිසා දළදා මාලිගාවේ සිටි බවත්, හිසතෙල් ගෑමට අවශ්‍ය ශාක පත්‍ර නානු සෑදීමට අවශ්‍ය හැලිවළන් ආදිය අස්ගිරි මල්වතු විහාරවලට සැපයූ බවත් ඓතිහාසික ලේඛනවල සඳහන් වෙනවා. ක්ලිµර්ඩ් හෝල්ඩ් නමැති ලේඛකයා ලියූ ද රිලිජස් වර්ල්ඩ් ඔµa කීර්ති ශ්‍රී නම් පොතේ මෙය පැහැදිලිව තිබෙනවා. නමුත් එදා මේ රජුගේ කාලෙ සිදු කළ අවුරුදු ක්‍රියාකාරකම් අද අපි අලුත් අවුරුද්ද ලෙස කරන කියන දේවල් නෙමෙයි.

පොළොන්නරුවේ රජ කළ මහ පැරකුම් රජුගේ ළමා කාලයේදී පැවැත්වූ වසන්ත සැණකෙළියක් පිළිබඳව තොරතුරු මහවංශයේ 64 වන පරිච්ඡේදයේ සඳහන් වුවත් එය සිංහල අලුත් අවුරුද්ද ගැන නෙමෙයි. 1681 දී රොබට් නොක්ස් ද අලුත් අවුරුද්ද ගැන යම් විස්තරයක් ලියා තිබෙනවා. රජතුමාගේ මූලිකත්වයෙන් ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් මත මාර්තු 26-28-29 දිනවල පැවැත්වූ උත්සවයක් ගැනයි ඔහු ලියා තිබෙන්නේ.

කෙසේ හෝ අද අපි පවත්වන අලුත් අවුරුදු උළෙල අපේ ජාතික ඉතිහාසය තුළ එහි ආරම්භයේ සිටම දක්නට නොලැබුණු බව පැහැදිලියි. එනම් මේ උළෙල තුළ ශක්තිමත් ඓතිහාසික පදනමක් නොමැති බව පැහැදිලියි.

සිංහල අලුත් අවුරුද්ද අද පවතින තත්ත්වයට ආවෙ කොහොමද?

සිංහල අලුත් අවුරුද්ද විදිහට දැන් අපි සලකන්නෙ ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය මාස ක්‍රමය අනුව සකස් කරගත් ලිත් ක්‍රමයයි. ඒ අනුවයි සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට එනවයි කියන්නෙ. මේ ශකවර්ෂ ක්‍රමය අපේ සමාජය තුළ භාවිතයට ආවේ 14 වන සියවසේ පමණ කාලයේ. 14 වැනි සියවසේ ලියවුණු දළදා සිරිත නමැති පොතේ එන zසකවසින් 1247 වැන්නZ කියන සාධකය එකක්. එම සියවසටම අයත් ගඩලාදෙණිය සෙල් ලිපියේ zශ්‍රී ශක වර්ෂයෙන් එක්වා දහස් දෙසිට සැට අවුරුද්දක් පිරුණුZ යන යෙදුමත් වැදගත්.

16 වන සියවස වනවිට කන්දඋඩරට රාජධානිය ආරම්භ වෙලා දකුණු ඉන්දීය රජවරුන් මදුරාපුර රාජාවලියක් මහනුවර පටන්ගැනීමත් සමග දකුණු ඉන්දියානු චාරිත්‍ර ඇදහිලි වගේම විශ්වාස රජුගේ අනුග්‍රහය ලබාගෙන ව්‍යාප්ත වුණා. ඒ දවස්වල රජුගෙ මූලිකත්වයෙන් තිබුණෙ ප්‍රධාන මංගල්ල හතරයි. ජනවාරි මාසෙ අලුත් සහල් මංගල්ලෙ, බක්මාසෙ අවුරුදු මංගල්ලෙ, ඇසළ මාසෙ පෙරහැර මංගල්ලෙ, ඉල් මාසෙ කාර්තික මංගල්ලෙ. මේ මංගල්ල හතරටම තියෙන්නෙ හින්දු පසුබිමක්. මේ හින්දු චාරිත්‍ර රජවාසල ඇසුරු කරගෙන දළදා මාලිගාව තුළට පිවිසිලා අද දක්වාම පවතිනවා. මෙයිනුත් පෙනෙන්නේ මේ උළෙල දේශීය පසුබිමක් නැති එකක් බවයි.

- http://www.divaina.com/2016/04/10/feature16.html

[QUOTE="monson, post: 19981000, member: 30005"] [SIZE="4"]පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ මහාචාර්ය දයා අමරසේකර ප්‍රකට සමාජ විද්යාඥයකි, ප්‍රවීණ ගත් කතුවරයෙකි, සමාජ විද්‍යාත්මක දැනුම පොදු ජන සමාජය වෙත රැගෙන යැමේ පුරෝගාමී මෙහෙවරක නියෑලි විද්වතෙකි. [B]අලුත් අවුරුද්ද අපේ ඉතිහාසය සමඟ බැඳී තිබෙන්නෙ කොහොමද?[/B] [COLOR="Blue"]අපි මේ පවත්වන අවුරුදු උළෙල පිළිබඳව අපේ ජාතියේ ඉතිහාසය ලියෑවී තිබෙන මහාවංශයෙහි කිසිම සඳහනක් නෑ. ඊට පසුකාලීනව ලියවුණු වංසත්තපකාසිනී කියන මහාවංශ ටීකාවේවත් මේ ගැන කිසිම සාක්ෂියක් සාධකයක් නෑ. ඒ වගේම අපේ ප්‍රධාන ධර්ම ශාස්ත්‍රීය පොත් වන ධර්මප්රදීපිකාව, සද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාරය, පූජාවලිය, ථූපවංශය වැනි පොත්වලත් අවුරුදු උළෙල පිළිබඳ සඳහනක් නෑ.[/COLOR] අවුරුදු උත්සවයක් පිළිබඳ අපේ ඉතිහාසයේ මුලින්ම සඳහන් වන්නේ මහනුවර රජ කළ කීර්තිසිංහ රාජසිංහ (1747-1781) රජ සමයේ. එම රජතුමා නොනගත කාලය තුළදී ග්රහයින්ගේ ආරක්ෂාවක් නැති නිසා දළදා මාලිගාවේ සිටි බවත්, හිසතෙල් ගෑමට අවශ්‍ය ශාක පත්‍ර නානු සෑදීමට අවශ්‍ය හැලිවළන් ආදිය අස්ගිරි මල්වතු විහාරවලට සැපයූ බවත් ඓතිහාසික ලේඛනවල සඳහන් වෙනවා. ක්ලිµර්ඩ් හෝල්ඩ් නමැති ලේඛකයා ලියූ ද රිලිජස් වර්ල්ඩ් ඔµa කීර්ති ශ්‍රී නම් පොතේ මෙය පැහැදිලිව තිබෙනවා. නමුත් එදා මේ රජුගේ කාලෙ සිදු කළ අවුරුදු ක්‍රියාකාරකම් අද අපි අලුත් අවුරුද්ද ලෙස කරන කියන දේවල් නෙමෙයි. පොළොන්නරුවේ රජ කළ මහ පැරකුම් රජුගේ ළමා කාලයේදී පැවැත්වූ වසන්ත සැණකෙළියක් පිළිබඳව තොරතුරු මහවංශයේ 64 වන පරිච්ඡේදයේ සඳහන් වුවත් එය සිංහල අලුත් අවුරුද්ද ගැන නෙමෙයි. 1681 දී රොබට් නොක්ස් ද අලුත් අවුරුද්ද ගැන යම් විස්තරයක් ලියා තිබෙනවා. රජතුමාගේ මූලිකත්වයෙන් ජ්‍යෙතිෂවේදීන්ගේ උපදෙස් මත මාර්තු 26-28-29 දිනවල පැවැත්වූ උත්සවයක් ගැනයි ඔහු ලියා තිබෙන්නේ. කෙසේ හෝ අද අපි පවත්වන අලුත් අවුරුදු උළෙල අපේ ජාතික ඉතිහාසය තුළ එහි ආරම්භයේ සිටම දක්නට නොලැබුණු බව පැහැදිලියි. එනම් මේ උළෙල තුළ ශක්තිමත් ඓතිහාසික පදනමක් නොමැති බව පැහැදිලියි. [B]සිංහල අලුත් අවුරුද්ද අද පවතින තත්ත්වයට ආවෙ කොහොමද?[/B] සිංහල අලුත් අවුරුද්ද විදිහට දැන් අපි සලකන්නෙ ශක වර්ෂ ක්‍රමය හෙවත් සූර්ය මාස ක්‍රමය අනුව සකස් කරගත් ලිත් ක්‍රමයයි. ඒ අනුවයි සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට එනවයි කියන්නෙ. මේ ශකවර්ෂ ක්‍රමය අපේ සමාජය තුළ භාවිතයට ආවේ 14 වන සියවසේ පමණ කාලයේ. 14 වැනි සියවසේ ලියවුණු දළදා සිරිත නමැති පොතේ එන zසකවසින් 1247 වැන්නZ කියන සාධකය එකක්. එම සියවසටම අයත් ගඩලාදෙණිය සෙල් ලිපියේ zශ්‍රී ශක වර්ෂයෙන් එක්වා දහස් දෙසිට සැට අවුරුද්දක් පිරුණුZ යන යෙදුමත් වැදගත්. 16 වන සියවස වනවිට කන්දඋඩරට රාජධානිය ආරම්භ වෙලා දකුණු ඉන්දීය රජවරුන් මදුරාපුර රාජාවලියක් මහනුවර පටන්ගැනීමත් සමග දකුණු ඉන්දියානු චාරිත්‍ර ඇදහිලි වගේම විශ්වාස රජුගේ අනුග්‍රහය ලබාගෙන ව්‍යාප්ත වුණා. ඒ දවස්වල රජුගෙ මූලිකත්වයෙන් තිබුණෙ ප්‍රධාන මංගල්ල හතරයි. ජනවාරි මාසෙ අලුත් සහල් මංගල්ලෙ, බක්මාසෙ අවුරුදු මංගල්ලෙ, ඇසළ මාසෙ පෙරහැර මංගල්ලෙ, ඉල් මාසෙ කාර්තික මංගල්ලෙ. මේ මංගල්ල හතරටම තියෙන්නෙ හින්දු පසුබිමක්. මේ හින්දු චාරිත්‍ර රජවාසල ඇසුරු කරගෙන දළදා මාලිගාව තුළට පිවිසිලා අද දක්වාම පවතිනවා. මෙයිනුත් පෙනෙන්නේ මේ උළෙල දේශීය පසුබිමක් නැති එකක් බවයි.[/SIZE] - [url]http://www.divaina.com/2016/04/10/feature16.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom