Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
සිංහල සිනමාවේ දෛව ස්ත්‍රීය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිංහල සිනමාවේ දෛව ස්ත්‍රීය

පීඩිතයාගේ රංග ප්‍රතිමූර්තිය ‘ස්වර්ණා‘

"මෙවන් බුද්ධිමය රංගන ශිල්පිනියක් අපට ලැබුණේ වාසනාවකටය. එහෙත් එය ඇගේ නම් අවාසනාවමය. අසෝක හඳගමගේ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයට සම්බන්ධ වන තුරුම, වසර විසි තුනක් ඇයට කිසිදු සිනමා නිර්මාණයකට දායක වීමට ඉඩහසර නොලැබිණි. ඇය වැනි බුද්ධිමය රංගන ශිල්පිනියකට රඟපෑමේ අවශ්ථාව අහිමි කළ මෙරට සිනමා කර්මාන්තය පශ්චාත්තාප විය යුත්තේ එබැවිණි. ඇගේ සිනමා දිවියට වසර පනහක් සපිරෙන මේ මොහොතේ ඇගෙන් උදුරාගත් එම කාලය ඇයට නැවත ලබාදිය හැක්කේ කාහටද? ඇගේ වසර පනහක සිනමා දිවිය අගයනුවස් මෙවන් උපහාර උලෙළක් පැවැත්වීම ප්‍රශංසනීය කටයුත්තකි. එහෙත් මෙවන් අග්‍රගන්‍ය නිළියකට කළ එම අපරාධය මෙවන් උපහාර උලෙළවල් කප්කරක් කළ ද මකා දැමීමට නොහැකි වනු ඇත."

ස්වර්ණා කියූ සැනින් මගේ මතකයට නැගෙන්නේ මගේ මවගේ නාමයයි. අනතුරුව ස්වර්ණා මල්ලවාරච්චිය. අමරදේවයන් ගයන ‘ඔබේ නමින් සෑයබඳිමි විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ.. රූ බර ස්වර්ණමාලියේ..‘ ගීතය හා ස්වර්ණමාලි චෛත්‍යය ද ඒ අතර වේ. ස්වරණමාලී හා ස්වර්ණා අතර කිසියම් සාම්‍යක් දැකිය හැකිය. ඒ මේ ස්ත්‍රීන් දෙදෙනාම පීඩිතයාගේ භූමිකාව නියෝජනය කරන නිසාය. ස්වර්ණා ගේ පනස්වසරක සිනමා දිවිය පිළිබඳව ලියන මේ මොහොතේ අහඹුවකින් මෙන් ස්වර්ණමාලී සමානවන්නේ කෙසේදැයි දැනගනු රිසියන්ට ස්වර්ණමාලි පිළිබඳව ලහුඬින් හෝ යමක් පැවසිය යුතුය.

ස්වර්ණමාලී රොඩී කුලයට අයිති දේවතාවකි. ඇය පරාක්‍රමබාහු රජුගේ දියණිය වන රත්නවල්ලී කුමරියයි. ඇයට රජු දුන් දඬුවමක් හේතුවෙන් රොඩියකු සරණ පාවාගන්නට සිදුවිය. මාතෘ මූලික වූ රොඩී කුලය සමාජ ස්තරයේ අතිශය පිඩාවටපත් සමාජ කුලකයක් විය. ඔවුන් මුහුණ පෑ නොයෙන් අතවරයන්වලදී ඇය ඔවුන්ට පිහිට වූවාය. එසේ හෙයින් ඈ නිබඳවම ඔවුන්ගේ අතිශය ගෞරවාදරයට පාත්රවූවාය. මරණින් මතු රොඩී ජනයා විසින් පුදනු ලැබූවේ ද ඔවුන් මුහුණ පෑ නොයෙක් පිරිපත හමුවේ ඇය ඔවුන් ආරක්ෂා කළ නිසා යැයි සිතිය හැකිය. පසුකාලිනව ඔවුන්ගේ සන්හිඳ වූ රන්තෙලඹු ගසට අරක්ගත් දේවතාවිය බවට පත්වූ ඕතමෝ ස්වර්ණමාලී නම් වූවාය.

මෙලෙසින්ම ලාංකේය සිනමාවේ පනස් වස් පුරණ ස්වරණා ද පීඩිත ජනසමාජය මොනවට ප්‍රතිනිර්මාණය කළ සිනමාත්මක රූපකාය බවට පත්වීම අහඹුවක් දැයි නොදනිමි. එම පිළිබිඹුව ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයෙත් ‘සාගර ජලය’ චිත්‍රපටයෙත් මනාව නිරූපණය විය. නොයෙක් පිරිපත ඉවසන වියළි කලාපයේ වෙසෙන සියලු ස්ත්රින් මේ තුළින් ඇය අතින් නියොජනය විය. මෙහි දී ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ චරිතය මඳක් හෝ වෙනස් වන්නේ ඇය නගරයේ සිට ගමට ආ ගැහැනියක වීමෙන් පමණය. එහෙත් ඔවුනොවුන් වළඳමින් සිටින පීඩාව එකක්මය. මෙම චරිතවල සාම්‍යක් පැවතියද, ද්විත්ව රූපකායන් ඇය අප දෑස් අග රඳවන්නේ සිය රංග ප්‍රතිභාව මොනවට පසක්කරමිනි. ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ එන රොමියෙල් (සිරිල් වික්‍රමගේ) විසින් සුද්දී (ස්වර්ණා) මරා දමන අවස්ථාවේ ඇතැම් ප්‍රේක්ෂකයන් අත් පොළසන් දුන් බව අසන්නට ලැබේ. එයින් සාක්ෂාත් වන්නේ ස්වර්ණා එම සදාචාරයේ කඩතුරාවෙන් මූවාකළ පීඩිත ‘ස්ත්‍රි‘ ස්වභාවය මොනව නිරූපණය කළ බවයි. ‘ඔබ මේ චිත්‍රපටයේ සුද්දී ලෙස මේ තරම් හොඳින් රඟ නොපෑවා නම් මේ චිත්‍රපටය මට මේ තරම් තිත්ත වන්නේ නැහැ’යි මහාචාර්ය කාලෝපොන්සේකා කී බව අප අසා ඇත්තෙමු. සත්‍ය වශයෙන් එකී රංගනය එතරම් තාත්විකය. පුරුෂාධිපත්යෙන් මඩනාලද ලාංකේය පිරිමියා රොමියල් අනුමත කරමින් එසේ අත්පුඩි ගසන්නේ එනිසාය.

එසේම ඇය ‘බවදුක’ හා ‘බවකර්ම’ යන චිත්‍රපට දෙකේ ද මෙකී නියෝජනය මොනවට පෑවේය.‘සිංහල’ රිදී තිරයේ පීඩිතයාගේ (ස්ත්‍රී) ආත්මය සිය ආත්මය ලෙස ගනිමින් වෙසෙස් සිනමා සළකුණක් ස්වර්ණා තැබූවායැයි පැවසීම අතිශයෝතියක් නොවේ.

ස්වර්ණාස්වර්ණා මල්ලවආරච්චි 1948 දී කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී දී උපත ලැබුවාය. ස්වර්ණා මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා විදුහලෙන් හා බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයෙනි. 1973 දී විදේශගත වන ඈ එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණු අතර, 1978 දී ඇය පෙරලා ලංකාවට පැමිණියේ ය. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපෑම සඳහාය. ඇය එලෙස පැමිණ ඇත්තේ එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්රමයන්ගෙන් ලද ඇරියුමක් අනුව බවයි සඳහන් වන්නේ. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය.

ස්වර්ණාට කිසිලෙසකින්වත් චිත්‍රපට නිළියක වීමේ අභිලාශයක් තිබී නැත. ඇයට වුවමනා වි ඇත්තේ තම සාහිත්‍ය ලෝකයේ වීරයා වූ මහාචාර්ය සිරි ගුණසිංහ දැක ගැනීමටය. එකී අදහසින් ඇය ‘සත් සමුදුර’ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයට සහබාගි වුවත්, එහිදී කැමරා ශිල්පී ලෙස කටයුතු කළ ඩි.බී නිහල්සිංහගේ අදහස වී ඇත්තේ ඇගේ සුවිශේෂී රූපස්වභාවය මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උච්ත බවයි. විශේෂයෙන්ම ඇගේ නාසයේ පිහිටීම, කෘෂ වූ ශරීර ස්වභාවය ඊට හේතු වී ඇත. එය අනුමත කළ සිරි ගුණසිංහ චිත්‍රපටය සඳහා ඇයව තෝරාගෙන ඇත. තම සාහිත්‍ය ලෝකයේ වීරයාගේ ප්‍රථම සිනමාකාව්යෙයහි ප්‍රධාන නිලිය බවට තමන් පත්විම ඇයට අදහගත නොහැකි විය. ඇයව මේතාක් සිනමාවේ රැඳවීමේ රහස එය විය හැකිය.

එවක සිනමා නිළියක සතු විය යුතුව තිබූ සම්මත රූපකාය ස්වර්ණා සතු නොවීය. එසේම ඒ සංයමය ඒ යටහත් පහත් බමුණුකුල පුද සිරිත් ඈ සතු නොවීය. එහෙත් ඇගේ අසම්මත රංගනය, උතුරා හැලෙන සිනාහව මෙරට ප්‍රෙක්ෂකාගාරය තුළ වෙනස්ම සංවේදනයක් උත්පාදනය කළේය. ඇය සම්මතවාදී ස්ත්‍රී භූමිකාව පුපුරවා හැරියේය. එය සිනමාවට පමණක් සීමාවූවක් නොවිය. ඇගේ ජීවන විලාසිතාව විසින්ම ඇය වෙසෙස් ගැහැණියක බව විද්යාමනවූවාය. ඇය වරක් මෙසේ කීය.

‘මූණ පුරහඳ වගේ නං, පිටිපස්ස කරත්ත රෝදේ වගේ නං (පෑඩ්ස් දාලා වුණත් කමක් නෑ) ඉටි රූපයක් වගේ ඇඟ බේරිලා තියෙනව නං, අපේ රටේ ජනකාන්ත සිනමා තරුවක් වෙන්න පුළුවන්’ (දීපශිකා 1972 අගෝස්තු 20).

මේ කියමන සමඟ ඩබ්.ජයසිරි නම් රංගවේදියා කියූ කතාවක් මතකයට නැගේ “ මල්ලි ඉස්සර නිළියක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිළියක්. හරිම දක්ෂ රංගන ශිල්පිණියන්. පස්සේ ඒ අය වෙන වෙන දේවල් කරන එක වෙනම කාරණාවක්. ඒත් අද ගණිකාවො තමයි නිළියොවෙලා ඉන්නේ. මං මේ ගණීකාව හෑල්ලුවට ලක්කරනව නෙමෙයි. දැන් ඉන්න හූඟක් අයගෙ මූලික සුදුසුකම ගණිකා වෘත්තිය. ඒක නිළියක් වීමට සුදුසුකමක් ද කියන්න මං දන්නෑ. හැබැයි ඒක දැං සුදුසු කමක් බවට පත්වෙලා.ඉස්සර නිළියොයි දැන් ඉන්න නිළියොයි අතර වෙනස අන්න ඒකයි “

ස්වර්ණා සිනමාවට ප්‍රවිෂ්ට වන යුගය වන විට අපේ සිනමා විචාරය ඉන්දීය සිනමා විචාරයේ බලපෑමට හසුව තිබුණි. මේ හේතුවෙන් ස්වර්ණා කියවීමට ඔවුන් අපොහොසත් විය. ඉන්දීය බ්‍රාහ්මණ පුරුෂාර්තයේ ගිලී තිබූ සිනමා විචාර කලාව ස්වර්ණාගේ රංගය තුළින් වෙනස් මගකට යොමුවිය. එකල ප්‍රභලතම දෘෂ්ටිවාදය බවට පත්ව තිබූ මාක්ස්වාදී දෘෂ්ටිවාදය ඔස්සේ සිනමාව කියැවීමේ මූලාරම්භයට ස්වර්ණාගේ රංග විදික්රමය ප්‍රභල බලපෑමක් වූවායැයි පැවසීම අසත්‍යක් නොවනු ඇත.

හැටේ දශකය අග භාගයත් හැත්තෑව දශකය මුල් භාගයත් අතර සිනමාවට පිවිසි එකල නවක අධ්‍යක්ෂවරුන්ට ස්වර්ණා අවශ්‍ය වූවා සේම අනූව දශකයේ සිනමාවට ප්‍රවිෂ්ට වූ අලුත් පරපුරේ අධ්‍යක්ෂවරුන්ට ස්වර්ණා අවශ්‍ය වීම අහඹුවක් නොවේ. විශේෂයෙන්ම ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම වැනි විකල්ප ධාරාවේ සිනමාවක් සොයා ගිය අධ්‍යක්ෂවරුන්ට ස්වරණා ස්වර්ණමය නිළියක් වූවාය.

ඇය එසේ රඟ පෑ සිනමා කාව්‍ය අතරින් ’අනන්ත රාත්‍රිය’ සුවිශේෂීය. එහි දී අතිශය භාවාත්මක රංගනයක නිරත වූ ස්වර්ණාට ජපානයේ ෆුකෝකා අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ තිරගත වූ අවස්ථාවේ එය නැරඹූ සුප්‍රකට සිනමා විචාරක ඩොනල්ඩ් රිචි ස්වර්ණාට කිසියම් සටහනක් ලියා එවීය.

‘ස්වර්ණා ඔබේ රංගනය ඉතා විශිෂ්ටයි,අතිශයින් බුද්ධිමත්. ’

‘හංස විලක්’ ස්වර්ණාගේ රංග ප්‍රතිභාව මැනවින් ඉස්මතු වූ සිනමා කාව්‍යයයි. ඇය එහි ඇය මිරැන්ඩාගේ චරිතය අද්විතීය අයුරින් නිරූපණය කළා පමණක් නොව බොහෝ විට සම්මත කාන්තාවන් ප්‍රතික්ෂේප කරන්නා වූ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයට අනුව. චපල, දුදන, පාපතර ස්ත්‍රියකගේ ස්වභාවය නිරූපණය කළාය. එහි බලපෑම කෙතෙක් ද යත් අසම්මත ස්ත්‍රියගේ සංඛේතය බවට ස්වර්ණා අභිෂේක ලැබුවාය. මෙරට ස්ත්‍රීවාදී කථිකාවේ නිරූපණ ශිල්පිනිය ඇය වූවය. ඇග් ප්රතිරාව නංවන සුළු සිනහව පිරිමි අංගජාතය හකුලුවා දැම්මේය. කොටින්ම හංස විලක් නරඹා පැමිණි ඇතැම් ප්‍රේක්ෂකයින් වික්ෂිප්තව සිටියේලු.

ස්වර්ණාගේ රංග කලා භාවිතාවේ හැරවුම් ලක්ෂය ලෙස ‘දඩයම’ විචාරක අවධානයට පාත්රවිය. ඇය එහි රඟපෑවේ පුරුෂාධිපත්‍යයෙන් දරුණු ලෙස බැටකමින් ඊට එරෙහිව අරගලකරන ස්ත්‍රියකගේ භූමිකාවයි. මේ සඳහා ඇයට කිසිදු පූර්වාදර්ශයක් ඒ වනවිට සිංහල සිනමාවේ නොතිබුණු බව ප්රත්යක්ෂය. එහිදී ඇගේ රංග ප්‍රතිභාව මොනවට කුලුගැන්වී තීබූ බව එය නරඹන කා තුළත් විවාදයක් මතු නොවේ.

‘දඩයම’ නවදිල්ලි අන්තර් ජාතිත චිත්‍රපට උළෙලට නියෝජනය වූ අවස්ථාවේ හොඳම නිළිය සඳහා වන සම්මානය හිමි වූයේ ‘ඕපන් හාට්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එහි රඟපෑ සෝවියට් නිළි එරිනා ස්ටාරික් හටය. ඇයට එම සම්මානය පිළිගැන්වීමට හේතු වූයේ දේශපාලන කරුණු බව පසුව හෙළිදරව් විණි. එසේ නොවන්නට එහිදී නිසැක වශයෙන්ම හොඳම නිළිය වන්නට වරම් හිමිව තිබුණේ ස්වර්ණාටය.

සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ මලයාලම් සිනමාවේදී ‘අධූර් ගෝපාල ක්‍රිෂ්ණන්‘ පසු අවස්ථාවක ස්වර්ණාට කියා ඇත්තේ ‘SWARNA, I WANT YOU TO WIN THE AWARD FOR DADAYAMA’ කියාය.

කැඩපතක ඡායා’ චිත්‍රපටයේ ලිංගික සූරා කෑමට හසු වන ස්ත්‍රියකගේ චරිතය නිරූපණය කළ ස්වර්ණා මා පෙර සඳහන් කළාක් මෙන් නිළියක වශයෙන් සිය රංගභූමිකාව තුළ කෙතරම් සමාන චරිත ලැබුණද සිය නිසග රංගහැකියාවෙන් ඒවා වෙසෙස් රංගයන් බවට පත් කළේය. එනිසා ඈ රඟපෑ අහවල් චරිතය අහවල් චරිතයට සමාන යැයි පැවසීමට හැකියාවක් නැත.

මෙවන් බුද්ධිමය රංගන ශිල්පිනියක් අපට ලැබුණේ වාසනාවකටය. එහෙත් එය ඇගේ නම් අවාසනාවමය. අසෝක හඳගමගේ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයට සම්බන්ධ වන තුරුම, වසර විසි තුනක් ඇයට කිසිදු සිනමා නිර්මාණයකට දායක වීමට ඉඩහසර නොලැබිණි. ඇය වැනි බුද්ධිමය රංගන ශිල්පිනියකට රඟපෑමේ අවශ්ථාව අහිමි කළ මෙරට සිනමා කර්මාන්තය පශ්චාත්තාප විය යුත්තේ එබැවිණි. ඇගේ සිනමා දිවියට වසර පනහක් සපිරෙන මේ මොහොතේ ඇගෙන් උදුරාගත් එම කාලය ඇයට නැවත ලබාදිය හැක්කේ කාහටද? ඇගේ වසර පනහක සිනමා දිවිය අගයනුවස් මෙවන් උපහාර උලෙළක් පැවැත්වීම ප්‍රශංසනීය කටයුතකි. එහෙත් මෙවන් අග්‍රගන්‍ය නිළියකට කළ එම අපහාසය මෙවන් උපහාර උලෙළවල් කප්කරක් කළද මකා දැමීය නොහැකි වනු ඇත

එනිසා යට සඳහන් කළ ස්වර්ණාත් වත්මනෙහි අප ඇස අග ගැවසෙන ස්වර්ණාත් නියෝජනය කරන්නේ එකම භූමිකාව නොවන්නේ ද? අතීත ස්වර්ණමාලාත් වර්තමාන ස්වර්ණාත් අතර අවියෝජනීය සම්බන්ධයක් දැකිය නොහැකිද.

(සටහන රසික කොටුදුරගේ)

[QUOTE="asksajee, post: 21151455, member: 10848"] [b]සිංහල සිනමාවේ දෛව ස්ත්‍රීය[/b] [IMG]https://scontent-sit4-1.xx.fbcdn.net/v/t1.0-9/15977806_1628780224085332_3459756439225264345_n.jpg?oh=143d56145737cac29da4d522d13ab517&oe=5915F007[/IMG] [SIZE="6"][B][COLOR="Blue"]පීඩිතයාගේ රංග ප්‍රතිමූර්තිය ‘ස්වර්ණා‘[/COLOR][/B][/SIZE] [SIZE="5"]"මෙවන් බුද්ධිමය රංගන ශිල්පිනියක් අපට ලැබුණේ වාසනාවකටය. එහෙත් එය ඇගේ නම් අවාසනාවමය. අසෝක හඳගමගේ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයට සම්බන්ධ වන තුරුම, වසර විසි තුනක් ඇයට කිසිදු සිනමා නිර්මාණයකට දායක වීමට ඉඩහසර නොලැබිණි. ඇය වැනි බුද්ධිමය රංගන ශිල්පිනියකට රඟපෑමේ අවශ්ථාව අහිමි කළ මෙරට සිනමා කර්මාන්තය පශ්චාත්තාප විය යුත්තේ එබැවිණි. ඇගේ සිනමා දිවියට වසර පනහක් සපිරෙන මේ මොහොතේ ඇගෙන් උදුරාගත් එම කාලය ඇයට නැවත ලබාදිය හැක්කේ කාහටද? ඇගේ වසර පනහක සිනමා දිවිය අගයනුවස් මෙවන් උපහාර උලෙළක් පැවැත්වීම ප්‍රශංසනීය කටයුත්තකි. එහෙත් මෙවන් අග්‍රගන්‍ය නිළියකට කළ එම අපරාධය මෙවන් උපහාර උලෙළවල් කප්කරක් කළ ද මකා දැමීමට නොහැකි වනු ඇත." ස්වර්ණා කියූ සැනින් මගේ මතකයට නැගෙන්නේ මගේ මවගේ නාමයයි. අනතුරුව ස්වර්ණා මල්ලවාරච්චිය. අමරදේවයන් ගයන ‘ඔබේ නමින් සෑයබඳිමි විමානයෙන් බසිනු මැනවි ස්වර්ණමාලියේ.. රූ බර ස්වර්ණමාලියේ..‘ ගීතය හා ස්වර්ණමාලි චෛත්‍යය ද ඒ අතර වේ. ස්වරණමාලී හා ස්වර්ණා අතර කිසියම් සාම්‍යක් දැකිය හැකිය. ඒ මේ ස්ත්‍රීන් දෙදෙනාම පීඩිතයාගේ භූමිකාව නියෝජනය කරන නිසාය. ස්වර්ණා ගේ පනස්වසරක සිනමා දිවිය පිළිබඳව ලියන මේ මොහොතේ අහඹුවකින් මෙන් ස්වර්ණමාලී සමානවන්නේ කෙසේදැයි දැනගනු රිසියන්ට ස්වර්ණමාලි පිළිබඳව ලහුඬින් හෝ යමක් පැවසිය යුතුය. ස්වර්ණමාලී රොඩී කුලයට අයිති දේවතාවකි. ඇය පරාක්‍රමබාහු රජුගේ දියණිය වන රත්නවල්ලී කුමරියයි. ඇයට රජු දුන් දඬුවමක් හේතුවෙන් රොඩියකු සරණ පාවාගන්නට සිදුවිය. මාතෘ මූලික වූ රොඩී කුලය සමාජ ස්තරයේ අතිශය පිඩාවටපත් සමාජ කුලකයක් විය. ඔවුන් මුහුණ පෑ නොයෙන් අතවරයන්වලදී ඇය ඔවුන්ට පිහිට වූවාය. එසේ හෙයින් ඈ නිබඳවම ඔවුන්ගේ අතිශය ගෞරවාදරයට පාත්රවූවාය. මරණින් මතු රොඩී ජනයා විසින් පුදනු ලැබූවේ ද ඔවුන් මුහුණ පෑ නොයෙක් පිරිපත හමුවේ ඇය ඔවුන් ආරක්ෂා කළ නිසා යැයි සිතිය හැකිය. පසුකාලිනව ඔවුන්ගේ සන්හිඳ වූ රන්තෙලඹු ගසට අරක්ගත් දේවතාවිය බවට පත්වූ ඕතමෝ ස්වර්ණමාලී නම් වූවාය. මෙලෙසින්ම ලාංකේය සිනමාවේ පනස් වස් පුරණ ස්වරණා ද පීඩිත ජනසමාජය මොනවට ප්‍රතිනිර්මාණය කළ සිනමාත්මක රූපකාය බවට පත්වීම අහඹුවක් දැයි නොදනිමි. එම පිළිබිඹුව ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයෙත් ‘සාගර ජලය’ චිත්‍රපටයෙත් මනාව නිරූපණය විය. නොයෙක් පිරිපත ඉවසන වියළි කලාපයේ වෙසෙන සියලු ස්ත්රින් මේ තුළින් ඇය අතින් නියොජනය විය. මෙහි දී ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ චරිතය මඳක් හෝ වෙනස් වන්නේ ඇය නගරයේ සිට ගමට ආ ගැහැනියක වීමෙන් පමණය. එහෙත් ඔවුනොවුන් වළඳමින් සිටින පීඩාව එකක්මය. මෙම චරිතවල සාම්‍යක් පැවතියද, ද්විත්ව රූපකායන් ඇය අප දෑස් අග රඳවන්නේ සිය රංග ප්‍රතිභාව මොනවට පසක්කරමිනි. ‘සුද්දිලාගේ කතාව’ චිත්‍රපටයේ එන රොමියෙල් (සිරිල් වික්‍රමගේ) විසින් සුද්දී (ස්වර්ණා) මරා දමන අවස්ථාවේ ඇතැම් ප්‍රේක්ෂකයන් අත් පොළසන් දුන් බව අසන්නට ලැබේ. එයින් සාක්ෂාත් වන්නේ ස්වර්ණා එම සදාචාරයේ කඩතුරාවෙන් මූවාකළ පීඩිත ‘ස්ත්‍රි‘ ස්වභාවය මොනව නිරූපණය කළ බවයි. ‘ඔබ මේ චිත්‍රපටයේ සුද්දී ලෙස මේ තරම් හොඳින් රඟ නොපෑවා නම් මේ චිත්‍රපටය මට මේ තරම් තිත්ත වන්නේ නැහැ’යි මහාචාර්ය කාලෝපොන්සේකා කී බව අප අසා ඇත්තෙමු. සත්‍ය වශයෙන් එකී රංගනය එතරම් තාත්විකය. පුරුෂාධිපත්යෙන් මඩනාලද ලාංකේය පිරිමියා රොමියල් අනුමත කරමින් එසේ අත්පුඩි ගසන්නේ එනිසාය. එසේම ඇය ‘බවදුක’ හා ‘බවකර්ම’ යන චිත්‍රපට දෙකේ ද මෙකී නියෝජනය මොනවට පෑවේය.‘සිංහල’ රිදී තිරයේ පීඩිතයාගේ (ස්ත්‍රී) ආත්මය සිය ආත්මය ලෙස ගනිමින් වෙසෙස් සිනමා සළකුණක් ස්වර්ණා තැබූවායැයි පැවසීම අතිශයෝතියක් නොවේ. ස්වර්ණාස්වර්ණා මල්ලවආරච්චි 1948 දී කොළඹ ග්‍රෑන්ඩ්පාස් හී දී උපත ලැබුවාය. ස්වර්ණා මූලික අධ්‍යාපනය ලැබුවේ ග්‍රෑන්ඩ්පාස් විජයබා විදුහලෙන් හා බොරැල්ල යශෝධරා බාලිකා විද්‍යාලයෙනි. 1973 දී විදේශගත වන ඈ එංගලන්තයේත් ඕස්ට්‍රේලියාවෙත් විවිධ වෘත්තීන් හී යෙදුණු අතර, 1978 දී ඇය පෙරලා ලංකාවට පැමිණියේ ය. ඒ ‘සිංහබාහු’ චිත්‍රපටයේ රඟපෑම සඳහාය. ඇය එලෙස පැමිණ ඇත්තේ එහි ප්‍රධාන චරිතය නිරූපණය කළ ජෝ අබේවික්රමයන්ගෙන් ලද ඇරියුමක් අනුව බවයි සඳහන් වන්නේ. එය ස්වර්ණාගේ රංග කලා ජීවිතයේ දෙවැනි යුගයක ඇරඹුම ලෙස සටහන් කළ හැකිය. ස්වර්ණාට කිසිලෙසකින්වත් චිත්‍රපට නිළියක වීමේ අභිලාශයක් තිබී නැත. ඇයට වුවමනා වි ඇත්තේ තම සාහිත්‍ය ලෝකයේ වීරයා වූ මහාචාර්ය සිරි ගුණසිංහ දැක ගැනීමටය. එකී අදහසින් ඇය ‘සත් සමුදුර’ චිත්‍රපටයේ සම්මුඛ පරීක්ෂණයට සහබාගි වුවත්, එහිදී කැමරා ශිල්පී ලෙස කටයුතු කළ ඩි.බී නිහල්සිංහගේ අදහස වී ඇත්තේ ඇගේ සුවිශේෂී රූපස්වභාවය මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උච්ත බවයි. විශේෂයෙන්ම ඇගේ නාසයේ පිහිටීම, කෘෂ වූ ශරීර ස්වභාවය ඊට හේතු වී ඇත. එය අනුමත කළ සිරි ගුණසිංහ චිත්‍රපටය සඳහා ඇයව තෝරාගෙන ඇත. තම සාහිත්‍ය ලෝකයේ වීරයාගේ ප්‍රථම සිනමාකාව්යෙයහි ප්‍රධාන නිලිය බවට තමන් පත්විම ඇයට අදහගත නොහැකි විය. ඇයව මේතාක් සිනමාවේ රැඳවීමේ රහස එය විය හැකිය. එවක සිනමා නිළියක සතු විය යුතුව තිබූ සම්මත රූපකාය ස්වර්ණා සතු නොවීය. එසේම ඒ සංයමය ඒ යටහත් පහත් බමුණුකුල පුද සිරිත් ඈ සතු නොවීය. එහෙත් ඇගේ අසම්මත රංගනය, උතුරා හැලෙන සිනාහව මෙරට ප්‍රෙක්ෂකාගාරය තුළ වෙනස්ම සංවේදනයක් උත්පාදනය කළේය. ඇය සම්මතවාදී ස්ත්‍රී භූමිකාව පුපුරවා හැරියේය. එය සිනමාවට පමණක් සීමාවූවක් නොවිය. ඇගේ ජීවන විලාසිතාව විසින්ම ඇය වෙසෙස් ගැහැණියක බව විද්යාමනවූවාය. ඇය වරක් මෙසේ කීය. ‘මූණ පුරහඳ වගේ නං, පිටිපස්ස කරත්ත රෝදේ වගේ නං (පෑඩ්ස් දාලා වුණත් කමක් නෑ) ඉටි රූපයක් වගේ ඇඟ බේරිලා තියෙනව නං, අපේ රටේ ජනකාන්ත සිනමා තරුවක් වෙන්න පුළුවන්’ (දීපශිකා 1972 අගෝස්තු 20). මේ කියමන සමඟ ඩබ්.ජයසිරි නම් රංගවේදියා කියූ කතාවක් මතකයට නැගේ “ මල්ලි ඉස්සර නිළියක් කියන්නේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිළියක්. හරිම දක්ෂ රංගන ශිල්පිණියන්. පස්සේ ඒ අය වෙන වෙන දේවල් කරන එක වෙනම කාරණාවක්. ඒත් අද ගණිකාවො තමයි නිළියොවෙලා ඉන්නේ. මං මේ ගණීකාව හෑල්ලුවට ලක්කරනව නෙමෙයි. දැන් ඉන්න හූඟක් අයගෙ මූලික සුදුසුකම ගණිකා වෘත්තිය. ඒක නිළියක් වීමට සුදුසුකමක් ද කියන්න මං දන්නෑ. හැබැයි ඒක දැං සුදුසු කමක් බවට පත්වෙලා.ඉස්සර නිළියොයි දැන් ඉන්න නිළියොයි අතර වෙනස අන්න ඒකයි “ ස්වර්ණා සිනමාවට ප්‍රවිෂ්ට වන යුගය වන විට අපේ සිනමා විචාරය ඉන්දීය සිනමා විචාරයේ බලපෑමට හසුව තිබුණි. මේ හේතුවෙන් ස්වර්ණා කියවීමට ඔවුන් අපොහොසත් විය. ඉන්දීය බ්‍රාහ්මණ පුරුෂාර්තයේ ගිලී තිබූ සිනමා විචාර කලාව ස්වර්ණාගේ රංගය තුළින් වෙනස් මගකට යොමුවිය. එකල ප්‍රභලතම දෘෂ්ටිවාදය බවට පත්ව තිබූ මාක්ස්වාදී දෘෂ්ටිවාදය ඔස්සේ සිනමාව කියැවීමේ මූලාරම්භයට ස්වර්ණාගේ රංග විදික්රමය ප්‍රභල බලපෑමක් වූවායැයි පැවසීම අසත්‍යක් නොවනු ඇත. හැටේ දශකය අග භාගයත් හැත්තෑව දශකය මුල් භාගයත් අතර සිනමාවට පිවිසි එකල නවක අධ්‍යක්ෂවරුන්ට ස්වර්ණා අවශ්‍ය වූවා සේම අනූව දශකයේ සිනමාවට ප්‍රවිෂ්ට වූ අලුත් පරපුරේ අධ්‍යක්ෂවරුන්ට ස්වර්ණා අවශ්‍ය වීම අහඹුවක් නොවේ. විශේෂයෙන්ම ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම වැනි විකල්ප ධාරාවේ සිනමාවක් සොයා ගිය අධ්‍යක්ෂවරුන්ට ස්වරණා ස්වර්ණමය නිළියක් වූවාය. ඇය එසේ රඟ පෑ සිනමා කාව්‍ය අතරින් ’අනන්ත රාත්‍රිය’ සුවිශේෂීය. එහි දී අතිශය භාවාත්මක රංගනයක නිරත වූ ස්වර්ණාට ජපානයේ ෆුකෝකා අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ තිරගත වූ අවස්ථාවේ එය නැරඹූ සුප්‍රකට සිනමා විචාරක ඩොනල්ඩ් රිචි ස්වර්ණාට කිසියම් සටහනක් ලියා එවීය. ‘ස්වර්ණා ඔබේ රංගනය ඉතා විශිෂ්ටයි,අතිශයින් බුද්ධිමත්. ’ ‘හංස විලක්’ ස්වර්ණාගේ රංග ප්‍රතිභාව මැනවින් ඉස්මතු වූ සිනමා කාව්‍යයයි. ඇය එහි ඇය මිරැන්ඩාගේ චරිතය අද්විතීය අයුරින් නිරූපණය කළා පමණක් නොව බොහෝ විට සම්මත කාන්තාවන් ප්‍රතික්ෂේප කරන්නා වූ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයට අනුව. චපල, දුදන, පාපතර ස්ත්‍රියකගේ ස්වභාවය නිරූපණය කළාය. එහි බලපෑම කෙතෙක් ද යත් අසම්මත ස්ත්‍රියගේ සංඛේතය බවට ස්වර්ණා අභිෂේක ලැබුවාය. මෙරට ස්ත්‍රීවාදී කථිකාවේ නිරූපණ ශිල්පිනිය ඇය වූවය. ඇග් ප්රතිරාව නංවන සුළු සිනහව පිරිමි අංගජාතය හකුලුවා දැම්මේය. කොටින්ම හංස විලක් නරඹා පැමිණි ඇතැම් ප්‍රේක්ෂකයින් වික්ෂිප්තව සිටියේලු. ස්වර්ණාගේ රංග කලා භාවිතාවේ හැරවුම් ලක්ෂය ලෙස ‘දඩයම’ විචාරක අවධානයට පාත්රවිය. ඇය එහි රඟපෑවේ පුරුෂාධිපත්‍යයෙන් දරුණු ලෙස බැටකමින් ඊට එරෙහිව අරගලකරන ස්ත්‍රියකගේ භූමිකාවයි. මේ සඳහා ඇයට කිසිදු පූර්වාදර්ශයක් ඒ වනවිට සිංහල සිනමාවේ නොතිබුණු බව ප්රත්යක්ෂය. එහිදී ඇගේ රංග ප්‍රතිභාව මොනවට කුලුගැන්වී තීබූ බව එය නරඹන කා තුළත් විවාදයක් මතු නොවේ. ‘දඩයම’ නවදිල්ලි අන්තර් ජාතිත චිත්‍රපට උළෙලට නියෝජනය වූ අවස්ථාවේ හොඳම නිළිය සඳහා වන සම්මානය හිමි වූයේ ‘ඕපන් හාට්’ චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් එහි රඟපෑ සෝවියට් නිළි එරිනා ස්ටාරික් හටය. ඇයට එම සම්මානය පිළිගැන්වීමට හේතු වූයේ දේශපාලන කරුණු බව පසුව හෙළිදරව් විණි. එසේ නොවන්නට එහිදී නිසැක වශයෙන්ම හොඳම නිළිය වන්නට වරම් හිමිව තිබුණේ ස්වර්ණාටය. සම්මාන උළෙලේ විනිශ්චය මණ්ඩලයේ සිටි ප්‍රවීණ මලයාලම් සිනමාවේදී ‘අධූර් ගෝපාල ක්‍රිෂ්ණන්‘ පසු අවස්ථාවක ස්වර්ණාට කියා ඇත්තේ ‘SWARNA, I WANT YOU TO WIN THE AWARD FOR DADAYAMA’ කියාය. කැඩපතක ඡායා’ චිත්‍රපටයේ ලිංගික සූරා කෑමට හසු වන ස්ත්‍රියකගේ චරිතය නිරූපණය කළ ස්වර්ණා මා පෙර සඳහන් කළාක් මෙන් නිළියක වශයෙන් සිය රංගභූමිකාව තුළ කෙතරම් සමාන චරිත ලැබුණද සිය නිසග රංගහැකියාවෙන් ඒවා වෙසෙස් රංගයන් බවට පත් කළේය. එනිසා ඈ රඟපෑ අහවල් චරිතය අහවල් චරිතයට සමාන යැයි පැවසීමට හැකියාවක් නැත. මෙවන් බුද්ධිමය රංගන ශිල්පිනියක් අපට ලැබුණේ වාසනාවකටය. එහෙත් එය ඇගේ නම් අවාසනාවමය. අසෝක හඳගමගේ ‘ඇගේ ඇස අග‘ චිත්‍රපටයට සම්බන්ධ වන තුරුම, වසර විසි තුනක් ඇයට කිසිදු සිනමා නිර්මාණයකට දායක වීමට ඉඩහසර නොලැබිණි. ඇය වැනි බුද්ධිමය රංගන ශිල්පිනියකට රඟපෑමේ අවශ්ථාව අහිමි කළ මෙරට සිනමා කර්මාන්තය පශ්චාත්තාප විය යුත්තේ එබැවිණි. ඇගේ සිනමා දිවියට වසර පනහක් සපිරෙන මේ මොහොතේ ඇගෙන් උදුරාගත් එම කාලය ඇයට නැවත ලබාදිය හැක්කේ කාහටද? ඇගේ වසර පනහක සිනමා දිවිය අගයනුවස් මෙවන් උපහාර උලෙළක් පැවැත්වීම ප්‍රශංසනීය කටයුතකි. එහෙත් මෙවන් අග්‍රගන්‍ය නිළියකට කළ එම අපහාසය මෙවන් උපහාර උලෙළවල් කප්කරක් කළද මකා දැමීය නොහැකි වනු ඇත එනිසා යට සඳහන් කළ ස්වර්ණාත් වත්මනෙහි අප ඇස අග ගැවසෙන ස්වර්ණාත් නියෝජනය කරන්නේ එකම භූමිකාව නොවන්නේ ද? අතීත ස්වර්ණමාලාත් වර්තමාන ස්වර්ණාත් අතර අවියෝජනීය සම්බන්ධයක් දැකිය නොහැකිද.[/SIZE] (සටහන රසික කොටුදුරගේ) [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom