Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
සිංහළ වෙදකම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*පංචකර්ම චිකිත්සාව.

*පූර්විකාව.

*පාරම්පරික හෝ ආයූර්වේද වෙදකම කිව්ව ගමන් බොහෝ උදවියට මතක් වෙන දෙයක් තමයි පංචකර්ම.

*පංචකර්ම ලෙස වර්තමානයේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ නිවැරදි පංචකර්ම ප්‍රතිකාර ක්‍රම නොවේ.

*ඒ නිසා නිවැරදි පංචකර්ම යනු කුමක්ද යන්න විමසා බැලීම වැදගත්.

*බටහිර වෙදක්රමය ලෝකය තුළ ස්ථාපිතව දේශීය වෙදකම තම ග්‍රහණයට ගනිමින් සියුම් ලෙස එය විනාශ කරමින් සිටී.

*දේශීය දැනුමේ මුලිකාංග වැඩි දියුණු කරමින් ඒවා බටහිර සිද්ධාන්ත ලෙස ලෝකයාට නව ආකාරයෙන් ඉදිරිපත් කරයි.

*නගරයක් පාසා ඇති ‘පංචකර්ම‘ මධ්යිස්ථාන බිහි වෙමින් මුදල් ගරන නමුත් ඒවායේ නියම නිවැරදි පංචකර්ම චිකිස්තාවලිය සිදුවන්නේද...?.

*මොනවද මේ පංචකර්ම....?.

*පංචකර්ම යනු කුමක්ද...?

*වෙදකමේ ප්‍රධාන අරමුණු දෙකයි.ඒ රෝගී පුද්ගලයෙකු නීරෝගි කිරීම සහ නීරෝගි පුද්ගලයෙකුගේ නීරෝගි බව රැක ගැනීම.

*පංච කර්ම කියන්නේ මේ අරමුණු දෙක සඳහාම යොදා ගත හැකි සුවිශේෂි චිකිත්සා ක්රමයක එක් අංගයක්.

*‘පංචකර්ම‘ ලෙස හඳුන්වන්නේ ශරීරය තුළ සිදුවන පිරිසිදු කිරීමේ ක්රිියාවලි පහකි.

*ශරීරයේ විෂ කායිකව මෙන්ම මානසිකව ද බැහැර කරවීමේ හොඳම සහ පැරැණිම ක්‍රමයක් ලෙස පංච කර්මය හඳුන්වනවා.

*ඉන්දියාවේ යෝගිවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇසුරෙහි වර්ධනය වූ මේ ප්‍රතිකාර ක්‍රමය මගින් අවසාන පලයේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණය සවිමත් වී ශරීරයේ සියලු වේග සමතුලිතතාවකට පත්වෙනවා.

*ශෝධන කර්ම ලෙස හැඳින්වෙන මෙම සුවිශේෂි චිකිත්සා ක්‍රමය පූර්ව කර්ම,ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම ලෙස පියවර තුනකින් සමන්විත වෙනවා.

*පුර්ව කර්ම මගින් සිදු කරන්නේ රෝගියා ප්‍රධාන කර්ම සඳහා යොමු කිරීමට පෙර ඔහු හෝ අැයව ඒ සඳහා සූදානම් කිරීමයි.

*පුර්ව කර්ම ස්නිග්ධ කර්ම සහ ස්වේද කර්ම ලෙස අාකාර දෙකකින් යුක්ත වෙනවා.

*තව දුරටත් පැහැදිලි කරනවා නම් ස්නිග්ධ කර්ම වලින් සිදු කරන්නේ තෙල් වර්ග කසාය වර්ග කිරි වර්ග අාදිය සිරුරේ අාලේප කිරීම.

*ස්වේද කර්ම මගින් සිදු කරන්නේ දුම් අැල්ලීම පොට්ටනි වලින් තැවීම අාදිය මගින් රෝගියාට දහඩිය පිටවීමට සැලැස්වීම.

*පූර්ව කර්ම වලින් අනතුරුව රෝගියාට ප්‍රධාන කර්ම සිදු කරනවා.ප්‍රධාන කර්ම අාකාර පහක් තියෙනවා.

*මේ ප්‍රධාන කර්ම අාකාර පහ තමයි පංචකර්ම ලෙස හඳුන්වන්නේ.

1.වමන කර්ම

2.විරේචන කර්ම

3.නස්‍ය කර්ම

4.වස්ති කර්ම

5.රක්ත මෝක්ෂන කර්ම.

*දේශීය පංචකර්ම මොනවාද...?.

1.නස්‍ය

2.වමන

3.විරේචන

4. වස්ති

5. රක්තමෝක්ෂ.

*පංචකර්ම කියන සංස්කෘත වචනයේ තේරුම වන්නේ ක්‍රියා පහක් හෙවත් ප්‍රතිකාර පහ යන්නයි.

*ලෙඩ රෝග සහ මන්ද පෝෂණය නිසා හටගන්නා විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් තුරන් කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් සිදුවන්නේ.

*අපද්‍රව්‍ය තුරන් කිරීම සඳහා සාමාන්‍ය නිරෝගී ශරීරයකට එයටම ආවේණික වූ ක්‍රමවේදයක් තිබෙනවා.

*එහෙත් සමහර අවස්ථාවලදී මේ ක්‍රමවේදය බිඳ වැටෙනවා. එය ප්‍රතිසංවිධානය කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් මූලික වශයෙන් සිදුවන්නේ.

*වෛද්‍යවරයකු වෙත කිසියම් රෝගියෙක් පැමිණි විට රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කර බලා එම රෝගයට අනුව බොන බෙහෙත්, ආලේපන වර්ග නියම කරනු ලබනවා.

*පංචකර්ම යනු විශේෂිත රෝග අවස්ථාවලදී සහ රෝග වලින් වැළකී සිටීම සඳහා යොදා ගත හැකි චිකිත්සා ක්රමයක එක් කොටසක්.

*මෙම චිකිත්සා ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදනවා.

*පූර්ව කර්ම, ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම වශයෙන්.

*මෙහිදී පූර්ව කර්ම ලෙස හැඳින්වෙන කොටස තවත් කොටස් දෙකකට බෙදෙනවා.

*ඒ “ස්නික්ධ “ සහ “ ස්වේධ” වශයෙන්.

*“ පංචකර්ම” අයත්වන්නේ ප්‍රධාන කර්ම කොටසට .

*ඉහත කී චිකිත්සා ක්‍රමයේදී පංචකර්ම වලට ලක්කිරීමෙන් පසුව රෝගියා මුලින් සිටි තත්ත්වයට ගෙන ඒම පශ්චාත් කර්ම ලෙස හැඳින්වෙනවා.

*මෙම චිකිත්සා ක්‍රමය රෝග වැළැක්වීම සඳහාත් රෝග සුව කිරීම සඳහාත් යොදා ගත හැකියි.

*විශේෂයෙන්ම රෝග ඇතිවීම වළක්වා ගැනීමට,ශරීරය රෝග වලට ඔරොත්තු දෙන ආකාරයෙන් සකසා ගැනීමට උපකාරී වන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පංචකර්ම ප්‍රතිකාර හැඳින්විය හැකියි.

*පූර්ව කර්ම.

*මුලින්ම අප පූර්ව කර්ම වලට එන ‘ස්නික්ධ’ සහ ‘ ස්වේධ’ යනුවෙන් දැක්වෙන කරුණු පිළිබඳව තොරතුරු සොයා බලමු.

*1.ස්නික්ධ කර්ම.

*ස්නික්ධ කර්ම යනු තෙල් ආලේප කිරීමයි. මෙහිදී විවිධ ක්‍රමවලට තෙල් ආලේප කරනු ලබනවා.

*ස්නික්ධ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ යම් රෝගියකුගේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍යයයන්,අපද්රව්යයයන් මෙන්ම සෙම් කොටස් ඒවා බැඳි ඇති ස්ථාන වලින් බුරුල් කර ගැනීමයි.

*එමෙන්ම තෙල් ආලේපකර විවිධ ඖෂධ පොට්ටනි වලින් ශරීරය තැවීම සම්භාහනය කිරීම ස්නික්ධ යටතට ගැනෙනවා.

*‘ස්නික්ධ ‘කිරීමේදී තෙල් වර්ග කසාය වර්ග මෙන්ම කිරිවැනි ද්‍රව්‍ය ද භාවිතා වෙනවා.

*අද බහුලව අවභාවිතයේ යෙදෙන "සම්භාහන" ක්‍රියාවලිය අයත් වන්නේ මෙම කොටසටයි.

*2.ස්වේධ කර්ම.

*ස්වේධ කිරීම යනු දහදිය පිටවීමට සැලැස්වීමයි. ඒ සඳහා විවිධ ක්‍රමවලට රෝගියාට දුම් අල්ලනවා.

*‘ස්වේධ ‘ කිරිම මගින් ශරීරයේ විවිධ ස්ථානවල ඝනවී ඇති එම අප ද්‍රව්‍ය ලිහිල් තත්ත්වයකට මෙන්ම ගලායාමේ ස්වභාවයකට පත් කර ගනු ලබනවා.

*දුම් ඇල්ලීම සඳහා යොදා ගන්නේ විවිධ ඖෂධ වර්ග .

*පුර්ව කර්ම වලට අයත්වන මෙම ‘ස්නික්ධ’ කිරීම සහ ‘ ස්වේධ කිරීම’ ප්‍රධාන කර්ම වලට පහසුවක් වෙනවා.

*ස්වේධ කිරීමේදී කිරිබත් සහිත පොට්ටනි වලින් තැවීමද රස්නය සහිත ස්ථානවල රඳවා තැබීම ද සිදුවෙනවා.

*සම්භාහනය.

*නිසි සම්භාහනය ඇති රෝග නැති කරයි-අනිසි සම්භාහනය නැති රෝග ඇති කරයි.

*අද වනවිට හතු පිපෙන්නාක් මෙන් බිහිවී තිබෙන සම්භාහන කඩ තුළ කෙරෙන්නේ "පංච කර්මයක්" නොව "පංච කරුමයකි".

*ඉහතින් දක්වා තිබෙන පරිදි සම්භාහනය යනු පූර්ව කර්ම හෙවත් පංච කර්මයේ පෙර ක්‍රියාවක් වන "සීනීක්ධ" කර්මයේ එක් කොටසකි,නමුත් අද වනවිට එය පංච කර්මය බවට පත්වී ඇත,කොටින්ම අද බොහෝ දෙනෙකුට අනුව පංච කර්මය යනු සම්භාහනයයි,එයත් උචිත සම්භාහනය නොව හුදෙක් මුදල් ගැරීම සදහා පමණක් අටවා ගත් ලිංගික වෙළෙදාම් සම්භාහනයයි.

*නිවැරැදි සම්භාහනය යනු කුමක්ද...?.

*නිවැරැදි සම්භාහනය යනු සිරුරේ දෝෂ පහ කිරීම සදහා යොදා ගත හැකි හා යොදා ගත යුතු ශිල්පීය ක්රමයකි.

*එහිදී නිසි ආකාරව සිරුරේ නිසි නිලස්ථාන තෙරපමින් හා උත්තේජනය කරමින් උචිත හා නිසි ප්‍රමිතියකින් යුතු තෙල් වර්ග ආලේප කරමින් මුලු සිරුරම සුවපත් වන ලෙසට එය නිසි පුහුණුවක් සහිත මනා හික්මීමකින් යුතු චිකිත්සකයෙක් විසින් විසින් කරනු ලැබිය යුතුය.

*නිසි සම්භාහනය නිරෝගී බව උදා කරනවාක් මෙන්ම අනිසි සම්භාහනය නැති රෝග ඇති කිරීමට හේතු වේ.

*සම්භාහනයේ පූර්ව කර්ම.

*නිසි සම්භාහනයට පෙර ඒ සදහා සිරුර සූදානම් කිරීමට පූර්ව කර්ම හෙවත් පෙර ක්‍රියා සිදු කළ යුතුය.

*සිරුර උනුසුම් කර ඩහ ගැන්වීම,ශෝධක ඔසු කල්ක ආලේපය,ඔසු පැන් ස්නානය හෙවත් බෙහෙත් කොල තැම්බූ වතුර නෑම,ඔසු තෙල් ආලේපනය ආදිය ඉන් ප්‍රධාන වේ.

**සිරුර උනුසුම් කර ඩහ ගැන්වීම.

*මෙහිදී ඒ ඒ පුද්ගලයාගේ ශාරීරික තත්ත්වයට උචිත පරිදි සරල ශාරීරික වියායාම කීපයක් ලබා දී සිරුර උනුසුම් කර ඩහදිය පිටවීමට සැලැස්විය යුතුය.

*එම ක්‍රියාවලියේදී සිරුර උනුසුම් වෙනවාක් මෙන්ම සිරුරේ බාහිර චර්මයේ බැදී තිබෙන මළ කොටස් හෙවත් කුනු ඉවත්වී සම්භාහනය වඩාත් පලවත් වීමට වුවමනා මූලික සැකැස්ම හෙවත් පදනම සකස් වීම සිදු වේ.

*නිසි පරිදි ඩහදිය පිට වුවහොත් සිරුරේ සියලු රෝමකූප පිරිසිදුවී ඉන් පසුව සිදුකරන සියලු ක්‍රියා වඩාත් පහසු හා පලවත් කරයි.

*චර්ම ශෝධක ඔසු කල්ක ආලේපය.

*සිරුර ඩහ ගැන්වීමෙන් පසුව නිසි ආකාරව සකස් කර ගත් ඔසු කල්කයක් සිරුරේ ආලේප කළ හැකිය,ඒ සදා ඔසු යොදා ගත හැකි ඔසු වර්ග බොහෝ.පොදුවේ සුදුසු කිහිපයක් පහත දක්වනු ලැබේ.

*අරළු,කොකුම් පොතු,වෙනිවැල්,සුදු හදුන්,කහ,කොහොඹ කොල,සියඹලා කොල,සියඹලා බොර,කෝමාරිකා.

*ආලේපයක්.

*අරළු කොටස්-4,

*කොකුම් පොතු කොටස්-3,

*වෙනිවැල් කොටස්-2,

*සුදු හදුන් කොටස්-1 යොදා කුඩක් සාදා එය පිරිසිදු ජලයෙන් කල්කයක් ලෙස සකසා ගෙන පාවිච් කිරීම සුදුසුය.එය සිරුරේ ආලේප කර වේලෙන්නට හැර හෙවත් සිරුරට උරා ගන්නට හැර ඉන් පසුව ඔසු පැන් ස්නානය කළ යුතුය.

*ඔසු පැන් ස්නානය.

*ඉහතින් දැක්වූ පරිදි ඔසු කල්ක ආලේප කිරීමෙන් පසුව සුදුසු ඔසු පත්‍ර යොදා සකසා ගත් ඔසු පැනකින් ස්නානය කළ යුතුය.

*ඒ සදහා යොදා ගත හැකි කොල වර්ග කීපයක්ම වේ.

*පොදුවේ යොදා ගත හැකි කොල වර්ග.

*කොහොඹ කොල,බෙහෙත් අනෝදා කොල,සියඹලා කොල,නිදි කුම්බා කොල,අඹ කොල,පේර කොල,ගොනු කෑ වැල් කොල,පාවට්ටා කොල,බෙලි කොල,දොඩම් කොල,යකි නාරම් කොල,නස්නාරම් කොල,දිවුල් කොල,දෙහි කොල,රසකිද කොල,නික කොල,නුග කොල,දෙලුම් කොල,ඇත් දෙඹට කොල,දොඹ කොල,බෙහෙත් එඩරු කොල,හීං බෝවිටියා කොල ආදිය පොදුවේ එකක් හෝ කීපයක් ලෙස යොදා ගත හැකිය.

*මෙසේ ඔසු පැන් ස්නානයෙන් සිරුරේ බාහිරින් පවතින චර්ම රෝග් ඇතුලු බොහෝ දොස් සමනය වී සිරුර ප්‍රාණවත් කරයි,දාහය සමනය කර උනුසුම් සිරුරු සිසිල් කරයි.

*සිරුර ඇතුළට උරා ගන්නා ඔසු මගින් සිරුර තුළ දෝෂ සමනය කරයි.

*එක් එක් රෝග තත්ත්ව සදහා විශේෂිත කොල වර්ග වට්ටෝරු තිබෙන නමුත් පොදුවේ ඉහත දැක් වූ කොල වර්ග කාටත් යොදා ගත හැකිය.

*මෙසේ ඔසු පැන් ස්නානය මින් පසුව යෙදෙන තෙල් ආලේපන සම්භාහනය වඩාත් පලවත් කරයි.

*තද පීණස් හා ඇදුම රෝගීන් මෙන්මැ තද සෙම් අමාරු කාරයින්ද ඔසු පැන් ස්නානයේදී වෙද උපදෙස් අනුවම සියලු තීරණ ගත යුතුය.

*තෙල් සහිත සම්භාහනය.

*මෙහිදී සිදු කළ යුතු වන්නේ ඒ ඒ රෝග තත්ත්ව හා රෝගීන්ගේ තත්ත්වයට වඩාත් උචිත බෙහෙත් තෙල් වර්ගයක් යොදා ගෙන අදාළ නිලස්ථාන හෙවත් මර්මස්ථාන වෙද ශිල්පීය ක්‍රමය අනුව නිසි පරිදි උත්තේජනය කරමින් නිසි පීඩය යොදමින් සම්භාහනය කිරීමයි.එය විශේෂ රෝග පීඩාවක් නැති අයට වුවත් කළ හැකියැ නමුත් නිසි ශිල්පය නොදත් උදවිය විසින් මෙම සම්භාහන ප්රතිකර්මය සිදු කිරීම ඉතා අහිතකර ප්රතීපාක ඇති කරන බවද දැඩි සේ සිහි තබා ගත යුතුය.

*නිසි සම්භාහනය ඇති රෝග නැති කරයි-අනිසි සම්භාහනය නැති රෝග ඇති කරයි.

*අනිසි සම්භාහනය.

*ඉහතින්ද පෙන්වූ පරිදි සම්භාහනය වනාහී සිරුරේ මර්මස්ථාන හා දෝෂ පිළිබදව මනා වැටහීමක් ඇතිව ඒ දොස් සමනය කිරීමේ ශිල්ප ක්‍රම මනාව හදාරා නිසි පළපුරුදක් ඇතිව කළ යුතු කාර්යයකි,එසේ නොමැතිව අතට අහුවෙන අහුවෙන දේ මිරිකමින් හා තලමින් "ලොක්කා මැටි තලන්නාක් මෙන්" හෝ "බක්කරේ පිටි අනන්නාක් මෙන් අඩ නිරුවතින් මස් විකිණීම නිසි සම්භාහනය නොවේ.අනිසි සම්භාහනයෙන් සිරුරේ ස්නායු පද්ධතිය දුර්වලවී අංශභාග තත්ත්ව පවා ඇතිවිය හැකිය.හිසේ මර්ම වැරැදියට තෙරපුව හොත් උග්‍ර මානසික රෝඅ පවා ඇතිවිය හැකිය කොටින්ම ඉන් නැති රෝග ඇති කෙරේ ඇති රෝග වැඩි කෙරේ.

*නිසි සම්භාහනයේදී යොදා ගත හැකි තෙල් වර්ග.

*සම්භාහනය කරන්නේ යම් නිශ්චිත රෝග තත්ත්වයකට නම් ඒ රෝගයට අදාළ බෙහෙත් තෙලක් යොදා ගත හැකිය.එසේ නොමැතිව පොදු සම්භාහනයක් නම් වෙනත් සුදුසු සරල සැහැල්ලු තෙලක් යොදා ගත හැකිය.

*සුදුසු බෙහෙත් තෙල්.

*සිද්ධාර්ථ,නාරායන,වාත විදුරංග,සන්නි කෝල,අංගං රාජ,නීල්‍යාදී,නීලකාදී,පිණ්ඩ ආදී තෙල් වර්ග ඒ ඒ රෝගියාගේ දෝෂ තත්ත්ව අනුව යොදා ගත හැකිය.

*වෙනත් තෙල්.

*තල තෙල්,තැඹිලි තෙල්,පිරිසිදු පොල් තෙල් වුවද මදක් රත් කර යොදා ගත හැකිය.වුවමනා නම් එම තෙල් වලට සොබාවික සුගන්ධ කාරකයක් මුසු කර ගත හැකිය.

*මෙසේ තෙල් යොදා සම්භාහනයෙන් පසුව සිරුර නිවෙන්න හැර මද උණුසුම් බෙහෙත් කොල තැම්බූ ජලයකින් නැවත ස්නානය වඩා යහපති.

*ප්‍රධාන කර්ම.

*ප්‍රධාන කර්ම යටතට චිකිත්සා ක්‍රම පහක් අයත් වෙනවා.

*පංචකර්ම ලෙස හැඳින්වෙන්නේ එම ක්‍රම පහයි.

*නස්‍ය කර්ම , වමන කර්ම, විරේචන කර්ම, වස්ති කර්ම සහ රක්ත මෝක්ෂණ කර්ම.

*නස්‍ය කර්ම.

*නස්‍ය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ හිස ආශි‍්‍රත ප්‍රදේශයේ පවතින්නා වු දෝෂ බැහැර කිරීමයි. නස්‍ය කිරීම ඉතා පරීක්ෂාකාරීව සහ නිවැරදිව කළ යුතුයි.

*නස්‍ය කර්ම යනු මුඛය නාසය සහ හිස අාශ්‍රිත එක් රැස් වී අැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නාසය තුලට යම් යම් ඔෟෂධ වර්ග අැතුලත් කිරීමේ ප්‍රතිකාර ක්රමයකි.

*ඉරුවාරදය අකලට හිස කෙස් වැටීම පීනස අාදී රෝගි තත්ව සඳහා මේ නස්‍ය කර්මය සිදු කරන්න පුලුවන්.

*නස්‍ය කිරීමෙන් හිසේ හටගන්නා වු බොහෝ රෝග සුවකර ගත හැකියි.

*අපගේ හිස ආශි‍්‍රතව විශාල ස්වෝතස් ප්‍රමාණයක් තිබෙනවා. රුධිර නාල, ස්නායු අධික ලෙස හිස ආශි‍්‍රතව පිහිටන අතර කන් සිඳුරු, නාස් සිඳුරු, ඇස්, මුඛය සහ මොළය පිහිටන්නේත් හිස ආශ්‍රිතවයි.

*මෙම ප්‍රදේශය ඉක්මනින් දූෂ්‍ය විය හැකියි.

*නස්‍ය කර්මය සඳහා ගනු ලබන ඖෂධ , නස්‍ය කර්මය කරනු ලබන ආකාරය ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වය, ශරීර ස්වභාවය අනුව වෙනස් වෙනවා.

*මුඛය ආශි‍්‍රතව නාසය ආශි‍්‍රතව විශේෂයෙන්ම කන් ඇසීම සම්බන්ධව ඇතිවන රෝග,නින්ද නොයාම,ඉරුවාරදය,අකලට හිස කෙස් පැසීම,හිස් කෙස් වැටීම,පීනස වැනි රෝගාබාධයන්ගෙන් මිදීමට සහ වැළැකී සිටීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා.

*එසේම සමේ ඇතිවන වෙනස්කම් සම දුර්වර්ණ වීම,(යම් ආසාදන තත්ත්වයන් වැනි)ආදියත් නස්‍ය කර්ම මගින් සුව කර ගත හැකියි. වළක්වා ගත හැකියි. හොඳින් පෙනෙන, හොඳින් ඇසෙන , හොඳින් ගඳ සුවඳ දැනෙන තත්ත්වයක් ඇති කර ගැනීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා.

*වමන කර්ම.

*වමන කර්මය සිදු කරන්නේ විශේෂයෙන් උරස් කුහරය සහ ඒ අාශ්‍රිත රෝග විශේෂයෙන්ම අපද්‍රව්‍ය සහ දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි.

*ශරීරය තුළට ඖෂධ ලබාදීමෙන් වමනය කරවීමට සැලැස්වීම මෙහිදී සිදුවෙයි. ශරීරයට අහිතකර ආහාරයක් හෝ විසක් ඇතුළු වූ විට කඩිනමින් සිදුකළ හැකි වන්නේ වමනය කරවීමයි.

*එමෙන්ම දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමට පෙර ඒ සඳහා රෝගියාගේ ශරීරය සුදානම් කිරීමටද වෙද නිර්දේශය මත වමන කර්මය සිදු කල හැකිය.

*නමුත් වමන කර්මය කුඩා දරුවන්ට ගර්භනී මව්වරුන්ට හෘද රෝග අැති පුද්ගලයන්ට සහ අධිරුධිර පීඩනය අැති පුද්ගලයන්ට සුදුසු වන්නෙ නැහැ.

*මෙයින් බලාපොරොත්තු වන්නේ අපගේ ශරීරයේ උරස් කුහරයේ ඇති දූෂිත සෙම සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමයි.

*වමන කර්මයක් කිරීමට සූදානම් වීමේදීත් “ පූර්ව කර්ම “ කළ යුතුයි.

*එසේම වමන කර්ම කිරීමට පෙර රෝගියාගේ ශරීරයේ සෙම වර්ධනය කළ යුතුයි.

*වර්තමානයේ දී එක් දිනකින් වමන කර්මය කළත් එයින් නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නෑ.

*වමන කර්මය සඳහා රෝගියා නේවාසිකව දින 7 ක් තබාගෙන සෙම වඩන ආහාර දිය යුතුයි.

*වමන කර්මය මගින් ශරීරයේ දෝෂ රැසක්ම පහව යනවා.වමන කර්මය සෑම පුද්ගලයකුටම සුදුසු වන්නේ නෑ.

*වයස්ගත උදවිය, කුඩා ළමයින් ගර්භනී මව්වරුන් සහ හෘදරෝග අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ වලින් පෙළෙන අය සඳහා වමන කර්මය සුදුසු වන්නේ නෑ.

*වමන කර්මයක් මගින් අපගේ ශරීරයට ප්රතිලාභ රැසක්ම ලබාගත හැකියි.

*උරස් කුහරය තුළ තිබෙන අක්මාව,ප්ලීහාව,අග්න්‍යාසය,පෙනහලු , හෘදය වැනි ශරීරයේ ප්‍රධාන අවයවයන් ශක්තිමත් වීමට වමන කර්මය උපකාර වෙනවා.

*විශේෂයෙන්ම පෙනහලුවල තිබෙන දූෂිත කොටස් මේ මගින් බැහැර වෙනවා. සමේ ඇති දූෂිත ද්‍රව්‍ය බැහැර වී දීප්තිමත් සමක් ඇතිවීමට ද වමන කර්මය උපකාරී වෙනවා.

*විරේචන කර්ම.

*බීමට ඖෂධ ලබා දී විරේක කරවීමයි. නැතිනම් මළ පිට කරවීමයි. කුඩා අන්ත්රුය, මහ අන්ත්රනයේ ඇති අනවශ්යක ආහාර කොටස් ඉවත් කිරිම, මළපහ කිරීමට අසීරු රෝගීන්ට ඖෂධ මඟින් මළපහ කරවීම මෙමඟින් සිදු වේ.

*මෙයින් බලාපොරොත්තු වන්නේ උදරයේ ඉහළ ප්‍රදේශය ආශි‍්‍රතව තිබෙන දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි.

*විරේචන කර්මය සිදු කරන්නේ උදර කුහරයේ එක් රැස් වී අැති අපද්‍රව්‍ය සහ දූෂිත ද්‍රව්‍ය ඉවත් කර ශරීරය ශෝධනයට ලක් කරන්න.අාහාර ජීරණය සහා අාහාර ද්‍රව්‍ය අවශෝෂනය ක්‍රමවත් කිරීමට විරේචන කර්මය ඉතා ප්‍රයෝජනවත්.

*මෙහිදී විශේෂයෙන්ම කුඩා සහ මහ අනුත්රවල තිබෙන අපද්‍රව්‍ය බැහැර වෙනවා.

*හොඳින් ආහාර ජීර්ණයවීමට සහ අවශෝෂණය කර ගැනීමට ශරීරය සකස් කර ගැනීම සඳහා විරේචන කර්මය ඉතා ප්‍රයෝජනවත්.

*වස්ති කර්ම.

*වස්ති කර්ම වලදී ගුද මාර්ගයට ඔෟෂධ වර්ග අැතුලු කිරීම මගින් ගුද මාර්ගය අාශ්‍රිතව අැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරනවා.

*ඒ වගේම මුලු ශරීරයම උද්දීපනය කිරීමේ හැකියාවක් වස්ති කර්ම වලට තියෙනවා.

*ඒ නිසාම ස්නායු රෝගීන්ට අංශබාග රෝගීන්ට වස්ති කර්ම සිදු කරනවා.මුත්‍ර මාර්ගය අාශ්‍රිතව අවහිරතා අැත්නම් ඔෟෂධ වර්ග මුත්‍ර මාර්ගට අැතුලු කර ප්‍රතිකාර කිරීමේ විශේෂ වස්ති ක්රමයක්ද පවතිනවා.

*ඒ සඳහා ගුද මාර්ගයෙන් යම් යම් ඖෂධ ශරීරයට ඇතුළු කරනවා. එමගින් ශරීරයේ එම ප්‍රදේශයේ තිබෙන දෝෂ බැහැර කරගත හැකියි.

*අංශභාග රෝගීන් සඳහාත් ස්නායු ආබාධ සහිත රෝගීන් සඳහාත් වස්ති කර්ම වලින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි.

*මුළු ශරීරය උද්දීපනය කිරීමේ හැකියාවක් වස්ති කර්ම සතුයි. සමේ හටගන්නා කුෂ්ට,වන,දද වැනි රෝග සුවපත් කොට දීප්තිමත් සමක් අැති කිරීමේ හැකියාවක් ද වස්ති කර්ම වලට තියෙනවා.

.*රක්තමෝක්ෂණ කර්ම.

*පංචකර්ම වල අවසාන කර්මය රක්තමෝක්ෂණයයි.

*මෙහෙදී සිරුරේ අැති අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමක් සිදුවෙනවා.

*මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කළත් වර්තමානය වන විට බහුලම සහ ප්‍රසිද්ධම ක්‍රමය වන්නේ කූඩැල්ලන් යොදාගෙන සිදු කරන ලබන රක්තමෝක්ෂණයයි.

*පශ්චාත් කර්ම.

*ප්‍රධාන කර්ම වන පංච කර්ම එකක් හෝ කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව රෝගියාට පශ්චාත් කර්ම සිදු කරනවා.

*මෙහෙදි සිදු කරන්නේ අාහාර විහරණ මගින් රෝගියාව මුල් තත්වයය පත් කිරීමයි.එහිදී කැඳ වැනි සරල අාහාර ලබා දෙමින් රෝගියාව ක්‍රමක්‍රමයෙන් පුරුදු අහාර රටාවට ගෙන එනවා.

*පංචකර්ම ප්‍රතිකාර ක්‍රම.

*කේරලීය පංචකර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්රමයක්ද පවතිනවා.

*එයට ශිරෝධාරා (හිසට තෙල් වැක් කිරීම),පිචිඡිල්(තෙල් නෑවීම),ඥවර කිඡි(ඖෂධීමය කිරිබත් පෙට්ටනිවලින් තැවීම),අන්නාලේප(ඖෂධීමය කිරිබත් ඇඟේ ගෑම)සහ ශිරෝලේප (ඖෂධ හිසේ ආලේප කිරීම) අයත්ය.

*මීට අමතරව ක්ෂුද්‍ර කර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමද භාවිත වේ. මෙම ක්‍රමවලින් බොහෝ ආබාධවලට ඉක්මන් වූත් හොඳින් දැනෙන සුවතාවක් සහනයක් ලබාගත හැකියි.

*විශේෂයෙන්ම පංචකර්ම ප්‍රතිකාර ලබාගන්නා විට පළපුරුදු හොඳ දැනුමක් ඇති දක්ෂ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්.

*මන්ද පංචකර්ම ප්‍රතිකාර යෙදීමේදී අඩු ලුහුඬු හා වරදීම් ඇති වුවහොත් බොහෝ අතුරු ආබාධ ඇතිවිය හැකි නිසයි.

*මේ සුවිශේෂි චිකිත්සා ක්රමයේ විශේෂ කරුණු තමයි සෑම රෝගියෙක්ටම මේ පංචකර්ම සියල්ලම සිදු කළ යුතු නැහැ.

*ඒ ඒ රෝගියාට අදාල පංචකර්ම වර්ගය තීරණය කළ යුතු වන්නේ පළපුරුදු වෙෙද්‍යවරයෙක් විසින්ම පමණි.

*මේ චිකිත්සාව එක් දිනකින් නිම කල හැක්කක් නෙමෙයි.ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වන නිසා රෝගියාගේ මෙන්ම වෙෙද්යවරයාගේත් ඉවසීම චිකිත්සාව සාර්ථකව නිම කිරීමට අත්‍යවශ්‍ය වෙනවා.

Yasathilaka Wayidyarathna Bandara

[QUOTE="බෙන් 10, post: 23548791, member: 512836"] [B][SIZE="4"][COLOR="DarkGreen"]*[COLOR="DarkRed"]පංචකර්ම චිකිත්සාව. =================[/COLOR] *පූර්විකාව. ========= *පාරම්පරික හෝ ආයූර්වේද වෙදකම කිව්ව ගමන් බොහෝ උදවියට මතක් වෙන දෙයක් තමයි පංචකර්ම. *පංචකර්ම ලෙස වර්තමානයේ බොහෝ දෙනෙක් හඳුනාගෙන තිබෙන්නේ නිවැරදි පංචකර්ම ප්‍රතිකාර ක්‍රම නොවේ. *ඒ නිසා නිවැරදි පංචකර්ම යනු කුමක්ද යන්න විමසා බැලීම වැදගත්. *බටහිර වෙදක්රමය ලෝකය තුළ ස්ථාපිතව දේශීය වෙදකම තම ග්‍රහණයට ගනිමින් සියුම් ලෙස එය විනාශ කරමින් සිටී. *දේශීය දැනුමේ මුලිකාංග වැඩි දියුණු කරමින් ඒවා බටහිර සිද්ධාන්ත ලෙස ලෝකයාට නව ආකාරයෙන් ඉදිරිපත් කරයි. *නගරයක් පාසා ඇති ‘පංචකර්ම‘ මධ්යිස්ථාන බිහි වෙමින් මුදල් ගරන නමුත් ඒවායේ නියම නිවැරදි පංචකර්ම චිකිස්තාවලිය සිදුවන්නේද...?. *මොනවද මේ පංචකර්ම....?. *පංචකර්ම යනු කුමක්ද...? ==================== *වෙදකමේ ප්‍රධාන අරමුණු දෙකයි.ඒ රෝගී පුද්ගලයෙකු නීරෝගි කිරීම සහ නීරෝගි පුද්ගලයෙකුගේ නීරෝගි බව රැක ගැනීම. *පංච කර්ම කියන්නේ මේ අරමුණු දෙක සඳහාම යොදා ගත හැකි සුවිශේෂි චිකිත්සා ක්රමයක එක් අංගයක්. *‘පංචකර්ම‘ ලෙස හඳුන්වන්නේ ශරීරය තුළ සිදුවන පිරිසිදු කිරීමේ ක්රිියාවලි පහකි. *ශරීරයේ විෂ කායිකව මෙන්ම මානසිකව ද බැහැර කරවීමේ හොඳම සහ පැරැණිම ක්‍රමයක් ලෙස පංච කර්මය හඳුන්වනවා. *ඉන්දියාවේ යෝගිවරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇසුරෙහි වර්ධනය වූ මේ ප්‍රතිකාර ක්‍රමය මගින් අවසාන පලයේදී ශරීරයේ ප්‍රතිශක්තිකරණය සවිමත් වී ශරීරයේ සියලු වේග සමතුලිතතාවකට පත්වෙනවා. *ශෝධන කර්ම ලෙස හැඳින්වෙන මෙම සුවිශේෂි චිකිත්සා ක්‍රමය පූර්ව කර්ම,ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම ලෙස පියවර තුනකින් සමන්විත වෙනවා. *පුර්ව කර්ම මගින් සිදු කරන්නේ රෝගියා ප්‍රධාන කර්ම සඳහා යොමු කිරීමට පෙර ඔහු හෝ අැයව ඒ සඳහා සූදානම් කිරීමයි. *පුර්ව කර්ම ස්නිග්ධ කර්ම සහ ස්වේද කර්ම ලෙස අාකාර දෙකකින් යුක්ත වෙනවා. *තව දුරටත් පැහැදිලි කරනවා නම් ස්නිග්ධ කර්ම වලින් සිදු කරන්නේ තෙල් වර්ග කසාය වර්ග කිරි වර්ග අාදිය සිරුරේ අාලේප කිරීම. *ස්වේද කර්ම මගින් සිදු කරන්නේ දුම් අැල්ලීම පොට්ටනි වලින් තැවීම අාදිය මගින් රෝගියාට දහඩිය පිටවීමට සැලැස්වීම. *පූර්ව කර්ම වලින් අනතුරුව රෝගියාට ප්‍රධාන කර්ම සිදු කරනවා.ප්‍රධාන කර්ම අාකාර පහක් තියෙනවා. *මේ ප්‍රධාන කර්ම අාකාර පහ තමයි පංචකර්ම ලෙස හඳුන්වන්නේ. 1.වමන කර්ම 2.විරේචන කර්ම 3.නස්‍ය කර්ම 4.වස්ති කර්ම 5.රක්ත මෝක්ෂන කර්ම. *දේශීය පංචකර්ම මොනවාද...?. ======================== 1.නස්‍ය 2.වමන 3.විරේචන 4. වස්ති 5. රක්තමෝක්ෂ. *පංචකර්ම කියන සංස්කෘත වචනයේ තේරුම වන්නේ ක්‍රියා පහක් හෙවත් ප්‍රතිකාර පහ යන්නයි. *ලෙඩ රෝග සහ මන්ද පෝෂණය නිසා හටගන්නා විෂ සහිත ද්‍රව්‍ය ශරීරයෙන් තුරන් කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් සිදුවන්නේ. *අපද්‍රව්‍ය තුරන් කිරීම සඳහා සාමාන්‍ය නිරෝගී ශරීරයකට එයටම ආවේණික වූ ක්‍රමවේදයක් තිබෙනවා. *එහෙත් සමහර අවස්ථාවලදී මේ ක්‍රමවේදය බිඳ වැටෙනවා. එය ප්‍රතිසංවිධානය කිරීම තමයි පංචකර්ම ප්‍රතිකාර මගින් මූලික වශයෙන් සිදුවන්නේ. *වෛද්‍යවරයකු වෙත කිසියම් රෝගියෙක් පැමිණි විට රෝගියාගේ තත්ත්වය පරීක්ෂා කර බලා එම රෝගයට අනුව බොන බෙහෙත්, ආලේපන වර්ග නියම කරනු ලබනවා. *පංචකර්ම යනු විශේෂිත රෝග අවස්ථාවලදී සහ රෝග වලින් වැළකී සිටීම සඳහා යොදා ගත හැකි චිකිත්සා ක්රමයක එක් කොටසක්. *මෙම චිකිත්සා ක්‍රමය ප්‍රධාන වශයෙන් කොටස් 3 කට බෙදනවා. *පූර්ව කර්ම, ප්‍රධාන කර්ම සහ පශ්චාත් කර්ම වශයෙන්. *මෙහිදී පූර්ව කර්ම ලෙස හැඳින්වෙන කොටස තවත් කොටස් දෙකකට බෙදෙනවා. *ඒ “ස්නික්ධ “ සහ “ ස්වේධ” වශයෙන්. *“ පංචකර්ම” අයත්වන්නේ ප්‍රධාන කර්ම කොටසට . *ඉහත කී චිකිත්සා ක්‍රමයේදී පංචකර්ම වලට ලක්කිරීමෙන් පසුව රෝගියා මුලින් සිටි තත්ත්වයට ගෙන ඒම පශ්චාත් කර්ම ලෙස හැඳින්වෙනවා. *මෙම චිකිත්සා ක්‍රමය රෝග වැළැක්වීම සඳහාත් රෝග සුව කිරීම සඳහාත් යොදා ගත හැකියි. *විශේෂයෙන්ම රෝග ඇතිවීම වළක්වා ගැනීමට,ශරීරය රෝග වලට ඔරොත්තු දෙන ආකාරයෙන් සකසා ගැනීමට උපකාරී වන ප්‍රතිකාර ක්‍රමයක් ලෙස පංචකර්ම ප්‍රතිකාර හැඳින්විය හැකියි. *පූර්ව කර්ම. ========== *මුලින්ම අප පූර්ව කර්ම වලට එන ‘ස්නික්ධ’ සහ ‘ ස්වේධ’ යනුවෙන් දැක්වෙන කරුණු පිළිබඳව තොරතුරු සොයා බලමු. *1.ස්නික්ධ කර්ම. ============== *ස්නික්ධ කර්ම යනු තෙල් ආලේප කිරීමයි. මෙහිදී විවිධ ක්‍රමවලට තෙල් ආලේප කරනු ලබනවා. *ස්නික්ධ කිරීම මගින් බලාපොරොත්තු වන්නේ යම් රෝගියකුගේ ශරීරයේ ඇති විෂ ද්‍රව්‍යයයන්,අපද්රව්යයයන් මෙන්ම සෙම් කොටස් ඒවා බැඳි ඇති ස්ථාන වලින් බුරුල් කර ගැනීමයි. *එමෙන්ම තෙල් ආලේපකර විවිධ ඖෂධ පොට්ටනි වලින් ශරීරය තැවීම සම්භාහනය කිරීම ස්නික්ධ යටතට ගැනෙනවා. *‘ස්නික්ධ ‘කිරීමේදී තෙල් වර්ග කසාය වර්ග මෙන්ම කිරිවැනි ද්‍රව්‍ය ද භාවිතා වෙනවා. *අද බහුලව අවභාවිතයේ යෙදෙන "සම්භාහන" ක්‍රියාවලිය අයත් වන්නේ මෙම කොටසටයි. *2.ස්වේධ කර්ම. ============= *ස්වේධ කිරීම යනු දහදිය පිටවීමට සැලැස්වීමයි. ඒ සඳහා විවිධ ක්‍රමවලට රෝගියාට දුම් අල්ලනවා. *‘ස්වේධ ‘ කිරිම මගින් ශරීරයේ විවිධ ස්ථානවල ඝනවී ඇති එම අප ද්‍රව්‍ය ලිහිල් තත්ත්වයකට මෙන්ම ගලායාමේ ස්වභාවයකට පත් කර ගනු ලබනවා. *දුම් ඇල්ලීම සඳහා යොදා ගන්නේ විවිධ ඖෂධ වර්ග . *පුර්ව කර්ම වලට අයත්වන මෙම ‘ස්නික්ධ’ කිරීම සහ ‘ ස්වේධ කිරීම’ ප්‍රධාන කර්ම වලට පහසුවක් වෙනවා. *ස්වේධ කිරීමේදී කිරිබත් සහිත පොට්ටනි වලින් තැවීමද රස්නය සහිත ස්ථානවල රඳවා තැබීම ද සිදුවෙනවා. *සම්භාහනය. =========== *නිසි සම්භාහනය ඇති රෝග නැති කරයි-අනිසි සම්භාහනය නැති රෝග ඇති කරයි. ============================================= *අද වනවිට හතු පිපෙන්නාක් මෙන් බිහිවී තිබෙන සම්භාහන කඩ තුළ කෙරෙන්නේ "පංච කර්මයක්" නොව "පංච කරුමයකි". *ඉහතින් දක්වා තිබෙන පරිදි සම්භාහනය යනු පූර්ව කර්ම හෙවත් පංච කර්මයේ පෙර ක්‍රියාවක් වන "සීනීක්ධ" කර්මයේ එක් කොටසකි,නමුත් අද වනවිට එය පංච කර්මය බවට පත්වී ඇත,කොටින්ම අද බොහෝ දෙනෙකුට අනුව පංච කර්මය යනු සම්භාහනයයි,එයත් උචිත සම්භාහනය නොව හුදෙක් මුදල් ගැරීම සදහා පමණක් අටවා ගත් ලිංගික වෙළෙදාම් සම්භාහනයයි. *නිවැරැදි සම්භාහනය යනු කුමක්ද...?. ============================ *නිවැරැදි සම්භාහනය යනු සිරුරේ දෝෂ පහ කිරීම සදහා යොදා ගත හැකි හා යොදා ගත යුතු ශිල්පීය ක්රමයකි. *එහිදී නිසි ආකාරව සිරුරේ නිසි නිලස්ථාන තෙරපමින් හා උත්තේජනය කරමින් උචිත හා නිසි ප්‍රමිතියකින් යුතු තෙල් වර්ග ආලේප කරමින් මුලු සිරුරම සුවපත් වන ලෙසට එය නිසි පුහුණුවක් සහිත මනා හික්මීමකින් යුතු චිකිත්සකයෙක් විසින් විසින් කරනු ලැබිය යුතුය. *නිසි සම්භාහනය නිරෝගී බව උදා කරනවාක් මෙන්ම අනිසි සම්භාහනය නැති රෝග ඇති කිරීමට හේතු වේ. *සම්භාහනයේ පූර්ව කර්ම. ==================== *නිසි සම්භාහනයට පෙර ඒ සදහා සිරුර සූදානම් කිරීමට පූර්ව කර්ම හෙවත් පෙර ක්‍රියා සිදු කළ යුතුය. *සිරුර උනුසුම් කර ඩහ ගැන්වීම,ශෝධක ඔසු කල්ක ආලේපය,ඔසු පැන් ස්නානය හෙවත් බෙහෙත් කොල තැම්බූ වතුර නෑම,ඔසු තෙල් ආලේපනය ආදිය ඉන් ප්‍රධාන වේ. **සිරුර උනුසුම් කර ඩහ ගැන්වීම. ---------------------------------------- *මෙහිදී ඒ ඒ පුද්ගලයාගේ ශාරීරික තත්ත්වයට උචිත පරිදි සරල ශාරීරික වියායාම කීපයක් ලබා දී සිරුර උනුසුම් කර ඩහදිය පිටවීමට සැලැස්විය යුතුය. *එම ක්‍රියාවලියේදී සිරුර උනුසුම් වෙනවාක් මෙන්ම සිරුරේ බාහිර චර්මයේ බැදී තිබෙන මළ කොටස් හෙවත් කුනු ඉවත්වී සම්භාහනය වඩාත් පලවත් වීමට වුවමනා මූලික සැකැස්ම හෙවත් පදනම සකස් වීම සිදු වේ. *නිසි පරිදි ඩහදිය පිට වුවහොත් සිරුරේ සියලු රෝමකූප පිරිසිදුවී ඉන් පසුව සිදුකරන සියලු ක්‍රියා වඩාත් පහසු හා පලවත් කරයි. *චර්ම ශෝධක ඔසු කල්ක ආලේපය. ------------------------------------------ *සිරුර ඩහ ගැන්වීමෙන් පසුව නිසි ආකාරව සකස් කර ගත් ඔසු කල්කයක් සිරුරේ ආලේප කළ හැකිය,ඒ සදා ඔසු යොදා ගත හැකි ඔසු වර්ග බොහෝ.පොදුවේ සුදුසු කිහිපයක් පහත දක්වනු ලැබේ. *අරළු,කොකුම් පොතු,වෙනිවැල්,සුදු හදුන්,කහ,කොහොඹ කොල,සියඹලා කොල,සියඹලා බොර,කෝමාරිකා. *ආලේපයක්. ---------------- *අරළු කොටස්-4, *කොකුම් පොතු කොටස්-3, *වෙනිවැල් කොටස්-2, *සුදු හදුන් කොටස්-1 යොදා කුඩක් සාදා එය පිරිසිදු ජලයෙන් කල්කයක් ලෙස සකසා ගෙන පාවිච් කිරීම සුදුසුය.එය සිරුරේ ආලේප කර වේලෙන්නට හැර හෙවත් සිරුරට උරා ගන්නට හැර ඉන් පසුව ඔසු පැන් ස්නානය කළ යුතුය. *ඔසු පැන් ස්නානය. ----------------------- *ඉහතින් දැක්වූ පරිදි ඔසු කල්ක ආලේප කිරීමෙන් පසුව සුදුසු ඔසු පත්‍ර යොදා සකසා ගත් ඔසු පැනකින් ස්නානය කළ යුතුය. *ඒ සදහා යොදා ගත හැකි කොල වර්ග කීපයක්ම වේ. *පොදුවේ යොදා ගත හැකි කොල වර්ග. --------------------------------------------- *කොහොඹ කොල,බෙහෙත් අනෝදා කොල,සියඹලා කොල,නිදි කුම්බා කොල,අඹ කොල,පේර කොල,ගොනු කෑ වැල් කොල,පාවට්ටා කොල,බෙලි කොල,දොඩම් කොල,යකි නාරම් කොල,නස්නාරම් කොල,දිවුල් කොල,දෙහි කොල,රසකිද කොල,නික කොල,නුග කොල,දෙලුම් කොල,ඇත් දෙඹට කොල,දොඹ කොල,බෙහෙත් එඩරු කොල,හීං බෝවිටියා කොල ආදිය පොදුවේ එකක් හෝ කීපයක් ලෙස යොදා ගත හැකිය. *මෙසේ ඔසු පැන් ස්නානයෙන් සිරුරේ බාහිරින් පවතින චර්ම රෝග් ඇතුලු බොහෝ දොස් සමනය වී සිරුර ප්‍රාණවත් කරයි,දාහය සමනය කර උනුසුම් සිරුරු සිසිල් කරයි. *සිරුර ඇතුළට උරා ගන්නා ඔසු මගින් සිරුර තුළ දෝෂ සමනය කරයි. *එක් එක් රෝග තත්ත්ව සදහා විශේෂිත කොල වර්ග වට්ටෝරු තිබෙන නමුත් පොදුවේ ඉහත දැක් වූ කොල වර්ග කාටත් යොදා ගත හැකිය. *මෙසේ ඔසු පැන් ස්නානය මින් පසුව යෙදෙන තෙල් ආලේපන සම්භාහනය වඩාත් පලවත් කරයි. *තද පීණස් හා ඇදුම රෝගීන් මෙන්මැ තද සෙම් අමාරු කාරයින්ද ඔසු පැන් ස්නානයේදී වෙද උපදෙස් අනුවම සියලු තීරණ ගත යුතුය. *තෙල් සහිත සම්භාහනය. ------------------------------ *මෙහිදී සිදු කළ යුතු වන්නේ ඒ ඒ රෝග තත්ත්ව හා රෝගීන්ගේ තත්ත්වයට වඩාත් උචිත බෙහෙත් තෙල් වර්ගයක් යොදා ගෙන අදාළ නිලස්ථාන හෙවත් මර්මස්ථාන වෙද ශිල්පීය ක්‍රමය අනුව නිසි පරිදි උත්තේජනය කරමින් නිසි පීඩය යොදමින් සම්භාහනය කිරීමයි.එය විශේෂ රෝග පීඩාවක් නැති අයට වුවත් කළ හැකියැ නමුත් නිසි ශිල්පය නොදත් උදවිය විසින් මෙම සම්භාහන ප්රතිකර්මය සිදු කිරීම ඉතා අහිතකර ප්රතීපාක ඇති කරන බවද දැඩි සේ සිහි තබා ගත යුතුය. *නිසි සම්භාහනය ඇති රෝග නැති කරයි-අනිසි සම්භාහනය නැති රෝග ඇති කරයි. *අනිසි සම්භාහනය. ------------------------ *ඉහතින්ද පෙන්වූ පරිදි සම්භාහනය වනාහී සිරුරේ මර්මස්ථාන හා දෝෂ පිළිබදව මනා වැටහීමක් ඇතිව ඒ දොස් සමනය කිරීමේ ශිල්ප ක්‍රම මනාව හදාරා නිසි පළපුරුදක් ඇතිව කළ යුතු කාර්යයකි,එසේ නොමැතිව අතට අහුවෙන අහුවෙන දේ මිරිකමින් හා තලමින් "ලොක්කා මැටි තලන්නාක් මෙන්" හෝ "බක්කරේ පිටි අනන්නාක් මෙන් අඩ නිරුවතින් මස් විකිණීම නිසි සම්භාහනය නොවේ.අනිසි සම්භාහනයෙන් සිරුරේ ස්නායු පද්ධතිය දුර්වලවී අංශභාග තත්ත්ව පවා ඇතිවිය හැකිය.හිසේ මර්ම වැරැදියට තෙරපුව හොත් උග්‍ර මානසික රෝඅ පවා ඇතිවිය හැකිය කොටින්ම ඉන් නැති රෝග ඇති කෙරේ ඇති රෝග වැඩි කෙරේ. *නිසි සම්භාහනයේදී යොදා ගත හැකි තෙල් වර්ග. ==================================== *සම්භාහනය කරන්නේ යම් නිශ්චිත රෝග තත්ත්වයකට නම් ඒ රෝගයට අදාළ බෙහෙත් තෙලක් යොදා ගත හැකිය.එසේ නොමැතිව පොදු සම්භාහනයක් නම් වෙනත් සුදුසු සරල සැහැල්ලු තෙලක් යොදා ගත හැකිය. *සුදුසු බෙහෙත් තෙල්. -------------------------- *සිද්ධාර්ථ,නාරායන,වාත විදුරංග,සන්නි කෝල,අංගං රාජ,නීල්‍යාදී,නීලකාදී,පිණ්ඩ ආදී තෙල් වර්ග ඒ ඒ රෝගියාගේ දෝෂ තත්ත්ව අනුව යොදා ගත හැකිය. *වෙනත් තෙල්. ------------------ *තල තෙල්,තැඹිලි තෙල්,පිරිසිදු පොල් තෙල් වුවද මදක් රත් කර යොදා ගත හැකිය.වුවමනා නම් එම තෙල් වලට සොබාවික සුගන්ධ කාරකයක් මුසු කර ගත හැකිය. *මෙසේ තෙල් යොදා සම්භාහනයෙන් පසුව සිරුර නිවෙන්න හැර මද උණුසුම් බෙහෙත් කොල තැම්බූ ජලයකින් නැවත ස්නානය වඩා යහපති. *ප්‍රධාන කර්ම. ============ *ප්‍රධාන කර්ම යටතට චිකිත්සා ක්‍රම පහක් අයත් වෙනවා. *පංචකර්ම ලෙස හැඳින්වෙන්නේ එම ක්‍රම පහයි. *නස්‍ය කර්ම , වමන කර්ම, විරේචන කර්ම, වස්ති කර්ම සහ රක්ත මෝක්ෂණ කර්ම. . *නස්‍ය කර්ම. ----------------- *නස්‍ය කිරීමෙන් බලාපොරොත්තු වන්නේ හිස ආශි‍්‍රත ප්‍රදේශයේ පවතින්නා වු දෝෂ බැහැර කිරීමයි. නස්‍ය කිරීම ඉතා පරීක්ෂාකාරීව සහ නිවැරදිව කළ යුතුයි. *නස්‍ය කර්ම යනු මුඛය නාසය සහ හිස අාශ්‍රිත එක් රැස් වී අැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සඳහා නාසය තුලට යම් යම් ඔෟෂධ වර්ග අැතුලත් කිරීමේ ප්‍රතිකාර ක්රමයකි. *ඉරුවාරදය අකලට හිස කෙස් වැටීම පීනස අාදී රෝගි තත්ව සඳහා මේ නස්‍ය කර්මය සිදු කරන්න පුලුවන්. *නස්‍ය කිරීමෙන් හිසේ හටගන්නා වු බොහෝ රෝග සුවකර ගත හැකියි. *අපගේ හිස ආශි‍්‍රතව විශාල ස්වෝතස් ප්‍රමාණයක් තිබෙනවා. රුධිර නාල, ස්නායු අධික ලෙස හිස ආශි‍්‍රතව පිහිටන අතර කන් සිඳුරු, නාස් සිඳුරු, ඇස්, මුඛය සහ මොළය පිහිටන්නේත් හිස ආශ්‍රිතවයි. *මෙම ප්‍රදේශය ඉක්මනින් දූෂ්‍ය විය හැකියි. *නස්‍ය කර්මය සඳහා ගනු ලබන ඖෂධ , නස්‍ය කර්මය කරනු ලබන ආකාරය ඒ ඒ රෝගියාගේ රෝග තත්ත්වය, ශරීර ස්වභාවය අනුව වෙනස් වෙනවා. *මුඛය ආශි‍්‍රතව නාසය ආශි‍්‍රතව විශේෂයෙන්ම කන් ඇසීම සම්බන්ධව ඇතිවන රෝග,නින්ද නොයාම,ඉරුවාරදය,අකලට හිස කෙස් පැසීම,හිස් කෙස් වැටීම,පීනස වැනි රෝගාබාධයන්ගෙන් මිදීමට සහ වැළැකී සිටීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා. *එසේම සමේ ඇතිවන වෙනස්කම් සම දුර්වර්ණ වීම,(යම් ආසාදන තත්ත්වයන් වැනි)ආදියත් නස්‍ය කර්ම මගින් සුව කර ගත හැකියි. වළක්වා ගත හැකියි. හොඳින් පෙනෙන, හොඳින් ඇසෙන , හොඳින් ගඳ සුවඳ දැනෙන තත්ත්වයක් ඇති කර ගැනීමට නස්‍ය කර්මය උපකාරී වෙනවා. *වමන කර්ම. ---------------- *වමන කර්මය සිදු කරන්නේ විශේෂයෙන් උරස් කුහරය සහ ඒ අාශ්‍රිත රෝග විශේෂයෙන්ම අපද්‍රව්‍ය සහ දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි. *ශරීරය තුළට ඖෂධ ලබාදීමෙන් වමනය කරවීමට සැලැස්වීම මෙහිදී සිදුවෙයි. ශරීරයට අහිතකර ආහාරයක් හෝ විසක් ඇතුළු වූ විට කඩිනමින් සිදුකළ හැකි වන්නේ වමනය කරවීමයි. *එමෙන්ම දේශීය හෝ ආයුර්වේද ප්‍රතිකාර කිරීමට පෙර ඒ සඳහා රෝගියාගේ ශරීරය සුදානම් කිරීමටද වෙද නිර්දේශය මත වමන කර්මය සිදු කල හැකිය. *නමුත් වමන කර්මය කුඩා දරුවන්ට ගර්භනී මව්වරුන්ට හෘද රෝග අැති පුද්ගලයන්ට සහ අධිරුධිර පීඩනය අැති පුද්ගලයන්ට සුදුසු වන්නෙ නැහැ. *මෙයින් බලාපොරොත්තු වන්නේ අපගේ ශරීරයේ උරස් කුහරයේ ඇති දූෂිත සෙම සහ වෙනත් අපද්‍රව්‍ය බැහැර කිරීමයි. *වමන කර්මයක් කිරීමට සූදානම් වීමේදීත් “ පූර්ව කර්ම “ කළ යුතුයි. *එසේම වමන කර්ම කිරීමට පෙර රෝගියාගේ ශරීරයේ සෙම වර්ධනය කළ යුතුයි. *වර්තමානයේ දී එක් දිනකින් වමන කර්මය කළත් එයින් නිවැරදි ප්‍රතිඵල ලැබෙන්නේ නෑ. *වමන කර්මය සඳහා රෝගියා නේවාසිකව දින 7 ක් තබාගෙන සෙම වඩන ආහාර දිය යුතුයි. *වමන කර්මය මගින් ශරීරයේ දෝෂ රැසක්ම පහව යනවා.වමන කර්මය සෑම පුද්ගලයකුටම සුදුසු වන්නේ නෑ. *වයස්ගත උදවිය, කුඩා ළමයින් ගර්භනී මව්වරුන් සහ හෘදරෝග අධිරුධිර පීඩනය වැනි රෝගාබාධ වලින් පෙළෙන අය සඳහා වමන කර්මය සුදුසු වන්නේ නෑ. *වමන කර්මයක් මගින් අපගේ ශරීරයට ප්රතිලාභ රැසක්ම ලබාගත හැකියි. *උරස් කුහරය තුළ තිබෙන අක්මාව,ප්ලීහාව,අග්න්‍යාසය,පෙනහලු , හෘදය වැනි ශරීරයේ ප්‍රධාන අවයවයන් ශක්තිමත් වීමට වමන කර්මය උපකාර වෙනවා. *විශේෂයෙන්ම පෙනහලුවල තිබෙන දූෂිත කොටස් මේ මගින් බැහැර වෙනවා. සමේ ඇති දූෂිත ද්‍රව්‍ය බැහැර වී දීප්තිමත් සමක් ඇතිවීමට ද වමන කර්මය උපකාරී වෙනවා. *විරේචන කර්ම. -------------------- *බීමට ඖෂධ ලබා දී විරේක කරවීමයි. නැතිනම් මළ පිට කරවීමයි. කුඩා අන්ත්රුය, මහ අන්ත්රනයේ ඇති අනවශ්යක ආහාර කොටස් ඉවත් කිරිම, මළපහ කිරීමට අසීරු රෝගීන්ට ඖෂධ මඟින් මළපහ කරවීම මෙමඟින් සිදු වේ. *මෙයින් බලාපොරොත්තු වන්නේ උදරයේ ඉහළ ප්‍රදේශය ආශි‍්‍රතව තිබෙන දූෂ්‍ය කොටස් බැහැර කිරීමයි. *විරේචන කර්මය සිදු කරන්නේ උදර කුහරයේ එක් රැස් වී අැති අපද්‍රව්‍ය සහ දූෂිත ද්‍රව්‍ය ඉවත් කර ශරීරය ශෝධනයට ලක් කරන්න.අාහාර ජීරණය සහා අාහාර ද්‍රව්‍ය අවශෝෂනය ක්‍රමවත් කිරීමට විරේචන කර්මය ඉතා ප්‍රයෝජනවත්. *මෙහිදී විශේෂයෙන්ම කුඩා සහ මහ අනුත්රවල තිබෙන අපද්‍රව්‍ය බැහැර වෙනවා. *හොඳින් ආහාර ජීර්ණයවීමට සහ අවශෝෂණය කර ගැනීමට ශරීරය සකස් කර ගැනීම සඳහා විරේචන කර්මය ඉතා ප්‍රයෝජනවත්. *වස්ති කර්ම. ---------------- *වස්ති කර්ම වලදී ගුද මාර්ගයට ඔෟෂධ වර්ග අැතුලු කිරීම මගින් ගුද මාර්ගය අාශ්‍රිතව අැති අපද්‍රව්‍ය ඉවත් කිරීම සිදුකරනවා. *ඒ වගේම මුලු ශරීරයම උද්දීපනය කිරීමේ හැකියාවක් වස්ති කර්ම වලට තියෙනවා. *ඒ නිසාම ස්නායු රෝගීන්ට අංශබාග රෝගීන්ට වස්ති කර්ම සිදු කරනවා.මුත්‍ර මාර්ගය අාශ්‍රිතව අවහිරතා අැත්නම් ඔෟෂධ වර්ග මුත්‍ර මාර්ගට අැතුලු කර ප්‍රතිකාර කිරීමේ විශේෂ වස්ති ක්රමයක්ද පවතිනවා. *ඒ සඳහා ගුද මාර්ගයෙන් යම් යම් ඖෂධ ශරීරයට ඇතුළු කරනවා. එමගින් ශරීරයේ එම ප්‍රදේශයේ තිබෙන දෝෂ බැහැර කරගත හැකියි. *අංශභාග රෝගීන් සඳහාත් ස්නායු ආබාධ සහිත රෝගීන් සඳහාත් වස්ති කර්ම වලින් හොඳ ප්‍රතිඵල ලබාගත හැකියි. *මුළු ශරීරය උද්දීපනය කිරීමේ හැකියාවක් වස්ති කර්ම සතුයි. සමේ හටගන්නා කුෂ්ට,වන,දද වැනි රෝග සුවපත් කොට දීප්තිමත් සමක් අැති කිරීමේ හැකියාවක් ද වස්ති කර්ම වලට තියෙනවා. .*රක්තමෝක්ෂණ කර්ම. ------------------------------- *පංචකර්ම වල අවසාන කර්මය රක්තමෝක්ෂණයයි. *මෙහෙදී සිරුරේ අැති අපවිත්‍ර රුධිරය ඉවත් කිරීමක් සිදුවෙනවා. *මේ සඳහා විවිධ ක්‍රම භාවිතා කළත් වර්තමානය වන විට බහුලම සහ ප්‍රසිද්ධම ක්‍රමය වන්නේ කූඩැල්ලන් යොදාගෙන සිදු කරන ලබන රක්තමෝක්ෂණයයි. *පශ්චාත් කර්ම. ============= *ප්‍රධාන කර්ම වන පංච කර්ම එකක් හෝ කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව රෝගියාට පශ්චාත් කර්ම සිදු කරනවා. *මෙහෙදි සිදු කරන්නේ අාහාර විහරණ මගින් රෝගියාව මුල් තත්වයය පත් කිරීමයි.එහිදී කැඳ වැනි සරල අාහාර ලබා දෙමින් රෝගියාව ක්‍රමක්‍රමයෙන් පුරුදු අහාර රටාවට ගෙන එනවා. *පංචකර්ම ප්‍රතිකාර ක්‍රම. =================== *කේරලීය පංචකර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්රමයක්ද පවතිනවා. *එයට ශිරෝධාරා (හිසට තෙල් වැක් කිරීම),පිචිඡිල්(තෙල් නෑවීම),ඥවර කිඡි(ඖෂධීමය කිරිබත් පෙට්ටනිවලින් තැවීම),අන්නාලේප(ඖෂධීමය කිරිබත් ඇඟේ ගෑම)සහ ශිරෝලේප (ඖෂධ හිසේ ආලේප කිරීම) අයත්ය. *මීට අමතරව ක්ෂුද්‍ර කර්ම නමින් හැඳින්වෙන ප්‍රතිකාර ක්‍රමද භාවිත වේ. මෙම ක්‍රමවලින් බොහෝ ආබාධවලට ඉක්මන් වූත් හොඳින් දැනෙන සුවතාවක් සහනයක් ලබාගත හැකියි. *විශේෂයෙන්ම පංචකර්ම ප්‍රතිකාර ලබාගන්නා විට පළපුරුදු හොඳ දැනුමක් ඇති දක්ෂ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගැනීම ඉතා වැදගත්. *මන්ද පංචකර්ම ප්‍රතිකාර යෙදීමේදී අඩු ලුහුඬු හා වරදීම් ඇති වුවහොත් බොහෝ අතුරු ආබාධ ඇතිවිය හැකි නිසයි. *මේ සුවිශේෂි චිකිත්සා ක්රමයේ විශේෂ කරුණු තමයි සෑම රෝගියෙක්ටම මේ පංචකර්ම සියල්ලම සිදු කළ යුතු නැහැ. *ඒ ඒ රෝගියාට අදාල පංචකර්ම වර්ගය තීරණය කළ යුතු වන්නේ පළපුරුදු වෙෙද්‍යවරයෙක් විසින්ම පමණි. *මේ චිකිත්සාව එක් දිනකින් නිම කල හැක්කක් නෙමෙයි.ඒ සඳහා යම් කාලයක් අවශ්‍ය වන නිසා රෝගියාගේ මෙන්ම වෙෙද්යවරයාගේත් ඉවසීම චිකිත්සාව සාර්ථකව නිම කිරීමට අත්‍යවශ්‍ය වෙනවා.[/COLOR][/SIZE][/B] [B][COLOR="darkred"]Yasathilaka Wayidyarathna Bandara[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom