Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිතේ අවුල් අරින හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතේ අවුල් අරින හැටි

ඔබේ සිත නොසන්සුන් ද? පීඩාවට හසු ව ඇද්ද? අවුල් ද? මේ හිමියෝ සිත හඳුනාගැනීමට උපදෙස් දෙති.

(පූජ්‍ය නාලන්දේ විමලවංස හිමි)

අපගේ මනස වැරදි අයුරින් හසුරවයි නම් දිවි පැවැත්ම අස්වාභාවික බවට පත් වෙයි. එයින් මුළු ජීවිතයට ම විශාල බලපෑමක් ඇති විය හැකි ය. වැරදි දෙය ගැන මනස යෙදවූ විට එයින් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු වෙයි. පාලනය නොකළ සිත ඇතැම් විට ඉතාමත් දරුණු බවට පත් වෙයි. එබැවින් අප සිතන සිතුවිලි යහපත් සිතුවිලි විය යුතුය. කෙනකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ මිල-මුදල් ඉඩ-කඩම්වලින් නො වේ. කෙනකු ශ්‍රේෂ්ඨයකු බවට පත් වන්නේ ඔහුගේ මනසෙහි ස්වභාවය අනුව ම ය.

පෘථග්ජන පුද්ගලයාගේ මනස නිතර ම පවතින්නේ සැලෙන තත්ත්වයේ ය. මනස නිතර ම වෙනස් වන ස්වභාවයේ පවතියි. ඇතැම් විට ශාන්ත ව පවතින අතර, ඇතැම් විට අවුල් සහගත තත්ත්වයට පත් වෙයි. අපේ මනස

කිලිටි නොවන බව සිතුව ද අපට හොරෙන් මනස කිලුටු වන අවස්ථා දැකිය හැකි ය. මනසෙහි ඇති චපල බව හෙවත් වෙනස් වනසුලු බව නිසා ම සත්ත්වයාට තව-තවත් සසරෙහි ගමන් කිරීමට සිදු වෙයි.

මනස රැකගැනීම තරමක අපහසු කාර්යයකි. ඒ සඳහා මහා උත්සාහයක් අවශ්‍ය වෙයි. එලෙස මනස රැකගන්නේ නුවණ තිබෙන අය යි. නුවණ තිබෙන පුද්ගලයා යහපත් දෙය හඳුනාගනියි. අයහපත් දෙය හඳුනාගනියි. අයහපත් දෙය ඉවත් කර, යහපත් දෙය තව තවත් දියුණු කරගැනීමට උත්සාහ කරයි. මනස හෙවත් සිත එකඟ කරගැනීම මගින් අපගේ හදවත පවිත්‍ර කරගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනසකින් යුතු ව, සත්‍යය සහ යථාර්ථය වටහාගැනීමට හැකියාව ලැබෙයි. නිරන්තරයෙන් ම අපගේ සිත නොයෙකුත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රැසකින් පිරී පවතියි. නින්දේ දී වුව ද අපේ සිත කිසියම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක ව පවතියි.

නින්දේ දී ඇති වන හැඟීම් සහ සිතිවිලිවලට උපවිඥානය ක්‍රියාත්මක වීමයි කියනු ලැබේ. එම උපවිඥානයේ ඇති වන සිතිවිලි දහරාවක් වශයෙන් නිරන්තරයෙන් ම පවතියි. සිතට නැග එන අප්‍රමාණ සිිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, අපට පීඩාවක් ගෙන දෙන සිතිවිලිවලින් මිදීමට අවශ්‍යතාවක් ඇති වෙයි. එවිට අප කරන්නේ කුමක් ද? ඒ සඳහා විවිධ පුද්ගලයෝ තම-තමන් කැමති පරිදි එක් එක් ක්‍රියාමාර්ග අනුගමනය කරති. ඇතැම්හු කලා නිර්මාණවලට යොමු වෙති. ඇතැම්හු හුදු විනෝදාස්වාදයට ම යොමු වෙති. තවත් අයෙක් මත් වතුර, මත් ද්‍රව්‍ය ලබාගැනීමෙන් අසහනය තාවකාලික ව යටපත් කරගැනීමට උත්සාහ දරති. ඇතැම්හු සිතෙහි ඇති වන අසහනය දුරු කරගනු වස් සියදිවි හානි කරගැනීමට පවා පෙලඹෙති.

ජීවිතයට අවශ්‍ය කරන සියලු භෞතික සැප-සම්පත් කොතෙක් සම්පූර්ණ වී තිබුණත් බොහෝ දෙන මානසික වශයෙන් සහනයක් අත් නොවිඳිති. මනසෙහි සැහැල්ලු බව, සැනසීම නැති ව විඳවමින් සිටින බොහෝ දෙනකු වත්මන් සමාජයේ දැකගත හැකි ය. සියලු භෞතික සැප-සම්පත්වලින් සපිරි අමෙරිකාව වැනි බහිර රටවල පාසල් සිසුහු පවා සමූහ වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදු කරති.

මානසික සැහැල්ලුව සමග සතුට බැඳී පවතියි. කුරුල්ලන් වැනි සතුන් අත්විඳීන මානසික සතුට අපට ද ආදර්ශයට ගත හැකි ය. හිමිදිරියේ අවදි වන කුරුල්ලෝ මිහිරි ගීත ගායනා කරති; එහෙ-මෙහෙ පියාඹමින් අත්තටුවලටත්, සිරුරටත් හොඳ ව්‍යායාමයක් ලබා දෙති; තුඩගින් අත්තටු පිරිමදිති. හිරු රැස් හොඳින් ස්නානය කරමින්, තම සහකරු හෝ සහකාරිය සමග ආදරය හුවමාරු කරගනිති. අනතුරු ව මිහිරි ගීතයක් ගයමින් ආහාර සොයා පියාඹති. එහෙත් මනුෂ්‍යයන්ට එවන් සැහැල්ලු බවක් තිබෙන බව නො පෙනෙයි. වැඩ-කටයුතු කන්දරාවක් හිස මත තබාගෙන අප්‍රසන්න මුහුණින් නික්ම යන මිනිසුන් ආපසු නිවෙසට එන්නේ ද අප්‍රසන්න හැඟීමෙන් ය. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රසන්න වූත්, කලකිරීමට පත් වූත් මුහුණු ය. මනස කොතෙක් අවුල් සහගත ද යත්: තාවකාලික තෘප්තිය උදෙසා ඉහත සඳහන් විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරති.

සිතෙහි ඇති වන අසහනය දුරු කරගනු පිණිස ඔබ ඉහත සඳහන් කිසියම් නිරර්ථක ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු ද? කිසි සේත් ම නැත. ඔබ ඔබගේ මනසෙහි ශක්තිය වටහාගත යුතුª ය. සියලු දෙයට ප්‍රධාන වන්නේ ඔබගේ මනස බව වටහාගත යුතු ය. එම කරුණ අපගේ බුදු රජාණන් වහන්සේ ද දේශනා කර ඇත. ‘මනුෂ්‍ය’ යන වචනයෙහි අර්ථය ද මනසින් උසස් යන්න යි. මනස පැහැදිලි නම්, මනස නිරවුල් නම් ඔබට දැනෙන සැහැල්ලුව, සහනය මෙතෙකැයි කිව නොහැකි ය. ඔබ කරන කුමන කාර්යයක් වුව ද මැනවින්, සාර්ථක කිරීමට නම් මානසික ඒකාග්‍රතාව අනිවාර්යෙන් ම අවශ්‍ය වෙයි. ඔබ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ව්‍යාපාරිකයෙක්, ගොවියෙක්, ඇමැති කෙනෙක්, මන්ත්‍රි කෙනෙක්, ඉගෙනගන්නා ශිෂ්‍යයෙක්, ක්‍රීඩකයෙක් වන්නට පිළිවන. කුමන තරාතිරමක අයකු වුව ද ඔබ කරන කාර්යය සාර්ථක ව කරගැනීමට නම් පළමු කොට ම තිබිය යුත්තේ ඔබගේ මානසික ඒකාග්‍රතාව යි. එය නැති නම් ඔබ කරන කාර්යය නිවැරදි ව, නිරවුල් ව, ක්රමානුකූල ව කිරීමෙහි හැකියාව නැති වෙයි. මෙයට පුංචි උදාහරණයක් ඉදිරිපත් කරමි. කළගෙඩියක වතුර පිරී ඇති අවස්ථාවක, එයට තව-තවත් වතුර දැමීම නිෂ්ඵල ක්‍රියාවකි. එමෙන් ම මනස නොයෙකුත් කුණු-කන්දල්වලින් පිරී ඇත් නම් අවුල් ජාලයක් බවට පත් වී ඔබ කරන කාර්යයන් නිෂ්ඵල වන්නට පිළිවන.

ඔබ මානසික ඒකාග්‍රතාව ඇති කරගෙන, මනසට සහනයක් ලබාගැනීමට කැමති වන්නෙහි නම් බෞද්ධ භාවනා ක්රමයන් හැර වෙනත් ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු නැත. එමගින් ඔබට ඔබේ මානසික ශක්තියත්, සහජ කුශලතාත්, හඳුනාගැනීමට හැකියාව ලැබෙයි. මානසික පසුබෑමත්, හීන වූ උද්යෝගයත් ඇත් නම් භාවනා ක්‍රම මගින් යථා තත්ත්වයට පත් වීමේ හැකියාව ලැබෙයි. එවිට ඔබගේ මනසෙහි තිබෙන නොයෙකුත් අපවිත්‍ර දෑ ඉවත් ව, එය පළිඟු මිණක් මෙන්, එසේ නැත හොත් පිරිසිදු ජලාශයක් මෙන්, එසේත් නැත හොත් ඔප දමන ලද කැටපතක් මෙන් පැහැදිලි බවට පත් වෙයි. දුහුවිලි කුණු-රොඩු පිරුණ කාමරයක් අතුගා පිරිසිදු කළාක් මෙන්, එසේත් නැත හොත් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ නගරයක් සුන්බුන් ඉවත් කර පිරිසිදු කළාක් මෙන් තණ්හා, ආශා, වෛරය, ක්‍රෝධය වැනි නරක සිතුවිලි ඉවත් ව ගොස් මනස පවිත්‍ර බවට පත් වෙයි; සිතෙහි බයක්, තැතිගැන්මක්, හීනමානයක් ඇත් නම් ඉවත් වෙයි.

ඇතැම් විට ඔබේ මනස තුළ මිථ්‍යා අදහස්, විශ්වාස තැන්පත් කරගෙන සිටිනවා විය හැකි ය. ඔබ කෙනකු කී පළියට, ඇත්ත නැත්ත සොයා නොබලා ක්‍රියා කරන්නෙහි ද? යමෙක් පැවසූ තරමින්, පොත්පත්වල තිබූ තරමින්, පරම්පරාවෙන් පැමිණි තරමින් විශ්වාස නොකළ යුතු බව බුදු රජාණන් වහන්සේ ද දේශනා කළහ. මානසක කුණු-රොඩු අපේ මනසට ඇතුළු වන්නේ අප අවට පරිසරයෙන් ම බව පෙනෙයි. අප ඇසුරු කරන සමාජයෙන්, ඇතැම් විට අපේ ම නිවෙසින්, පාසලෙන්, පන්සලෙන්, ආගමික ස්ථානයෙන් වුව ද මිථ්‍යා අදහස් ඔබේ සිතට ඇතුළු වීමට පිළිවන. කිසි ම විද්‍යාත්මක පදනමක් නැති දේවල් ඔබේ මනස තුළට දමා, ඔබව අන්ද-මන්ද කිරීමට හැකි අනාවැකිකරුවන්, ශාස්ත්රකරුවන් අප අවට සමාජයේ සුලභ ව සිටිති. එවැනි මිථ්‍යා විශ්වාස හිස තුළ පුරවාගෙන අවිදු අඳුරෙහි යා යුතු නැත. එබැවින් ඔබ ඔබේ සිත නිදහස් ව නිරවුල් ව තබාගන්න. යක්කු, හොල්මන්, හදි-හූනියම්, යන්ත්‍ර-මන්ත්‍ර, වශීගුරුකම් ඉනා වැනි දෙය හිත තුළින් ඉවත් කළ විට සිත ශක්තිමත් ව තබාගත හැකි වනු ඇත.

අපගේ මනස තුළ විශාල ශක්තීන් සමූහයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ආදරය, ආශාව, වෛරය, බලාපොරොත්තු, ආත්ම විශ්වාස, උත්සාහය, මේ සියල්ලක් ම එකී ශක්තීන් ගොන්නට අයත් වෙයි. උත්සාහය ද ඉතා ප්‍රබල ශක්තියකි. මට යම් කිසි දෙයක් කළ හැකි යි, එම කාර්යය කෙසේ හෝ කරන්නෙමි යි කියන, බලවත් ආත්ම විශ්වාසය සහ උත්සාහය තිබෙන කිසිවකුට එම කාර්යය කෙසේ හෝ කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව ද කිරීමට හැකියාව ලැබෙයි. ඇතැම් ශිෂ්‍යයන් දුර්වල විෂයයන් උත්සාහයෙන් හැදෑරීමෙන් උසස් ප්‍රතිඵල ලබන අවස්ථා ඇත. භූමිකම්පා, න්‍යෂ්ටික ව්‍යසන වැනි ඛේදවාචකවලින් විනාශ වූ රටවල් ද උත්සාහයෙන් කටයුතු කර දියුණු වී ඇත. එබැවින් කළ යුතු වන්නේ මනස තව-තවත් ශක්තිමත් කරගැනීම යි.

සිදුහත් බෝසතුන් බවුන් වඩද්දී දසවිධ මාර සේනාවක් පැමිණ බාධා කළ බව ප්‍රසිද්ධ කරුණකි. පංච කාම සම්පත් අත්හැර, ගිහි ගෙයින් නික්මෙන විට ද අතරමග දී මාරයා පැමිණ ගමන වළක්වා ලීමට උත්සාහ කළේ ය. බුදු බව ලබන දින භාවනා කරමින් සිටින අවස්ථාවේ මාර දූවරු පැමිණ උන් වහන්සේට බාධා කළහ. එම සියලු මාරයන් සහ මාර දූවරුන් පරාජය කර, ජයග්‍රණය කිරීමට උන් වහන්සේට හැකියාව ලැබුණි. එම මාරයන් යනු විහාරස්ථානවල බිතුසිතුවම්වල දක්වා ඇති පරිදි පුද්ගල සමූහයක් නො වේ. ඒවා බෝසතුන්ට ඇති වූ සිතිවිලි සමූහයකි. එම සිතිවිලිවලට ඉඩ දුන්නේ නම් උන් වහන්සේට බුදු බව ලැබීමට හැකියාව නොලැබීමට ඉඩ තිබුණි. එම සිතිවිලි මාරයන් වශයෙන් හඳුන්වන ලදි. අප සිත් තුළ ද එවැනි මාරයෝ නොයෙකුත් වේශයෙන් ක්‍රියාත්මක වෙති. එම මාරයන් පරාජය කරන ඇතැම් දෙන තම ජීවිත ආලෝකවත් කරගනිති. ඇතැම් අය එවැනි මාරයන්ගේ වසඟයට පත් වී ජීවිත අඳුරට පත් කරගනිති. ඔබට එම මාරයන්ගෙන් මිදිය හැකි නම් ඒකාන්තයෙන් ජයග්‍රහණය ලැබිය හැකි ය.

තරුණ-තරුණියන් අතරින් බොහෝ දෙන මානසික ආතතියෙන් පීඩාවට පත් වෙති. ඇතැම් තරුණ-තරුණියෝ විශාදයෙන් පීඩාවට පත් ව සිටිති. මේ හේතුව නිසා ඔවුන්ට තම අරමුණු කරා පහසුවෙන් ගමන් කිරීමට හැකියාව නොලැබෙයි. මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වශයෙන් දැක්වියහැකි වන්නේ මානසික සහනය නැති වීම යි.

එබැවින් සියල්ලට ම පළමු ව තම-තමන්ගේ මානසික සැහැල්ලු භාවය ඇති කරගැනිමට උත්සාහ කිරීම බෙහෙවින් ම වැදගත් වෙයි. ඒ සඳහා මානසික අසහනය දුරු කරන යහපත් පුරුදු ඇති කරගැනීම බෙහෙවින් වැදගත් වෙයි. ඔබ තුළ වර්ධනය කරගත යුතු යහපත් පුරුදු කිහිපයක් ඇත. මෙම පුරුදු ඇති කරගැනීම මගින් අත්හදා බැලීමක් කළ හැකි ය. ටික කාලයකට හෝ මෙම පුරුදු අනුගමනය කරන්න. ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබේවි.

1. ඔබ අදහන ආගමෙහි ඉගැන්වීම් ඔබේ ජීවිතයට සමීප කරගන්න.

2. සිත සමාධිගත කරගැනීමට (කිසියම් භාවනාවක් වැඩීමට) උත්සාහ කරන්න.

3. දිනපතා ශාරීරික ව්‍යායාමයක් කරන්න.

4. ගොරහැඩි කඨෝර සංගීතයෙන් මිදී සම්භාව්‍ය සෞම්‍ය සංගීතය පි‍්‍රය කරන්න.

5. ස්වභාව සෞන්දර්යය අත්විඳින්න.

6. පෝෂණ ගුණයෙන් උසස්, සරල, පි‍්‍රය මනාප, ආහාර පිළිවෙතක් ඇති කරගන්න.

7. අසීමිත ආශාවන්, බලාපොරොත්තු සීමා සහිත බවට පත් කරගන්න.

8. යහපත් මිතුරන් ඇසුරු කරන්න.

9. අසභ්‍ය ප්‍රකාශන, පොත්පත් වැනි දෙයින් දුරු වන්න.

10. අසභ්‍ය සහ බියකරු දර්ශන ඇතුළත් චිත්‍රපට, ටෙලි නාට්‍ය වැනි දේවලින් වළකින්න.

මෙවැනි යහපත් ක්‍රියා අනුගමනය නොකර, තව-තවත් මේවාට ඇබ්බැහි වීමෙන් ඔබට අනිවාර්යයෙන් නරක ප්‍රතිඵල අත්විඳීමට සිදු වනු ඇත. ඒ අනුව ඔබ,

1. මානසික අසහනයට පත් වනු ඇත

2. මානසික ආතතියට පත් වනු ඇත

3. කිසිදු සතුටක් නොලබන, කලකිරීමට සහ ඉච්ඡා භංගත්වයට පත් අයකු බවට පත් වනු ඇත.

4. තරුණ බව යටපත් ව, මහලු බව ඉක්මන් වනු ඇත.

5. විවිධ ශාරීරික රෝගාබාධවලට ගොදුරු වෙයි (අංශභාගය, රුධිරපීඩනය, දියවැඩියාව වැනි).

6. මිතුරන් ඔබෙන් ඉවත් වන අතර, ඔබ සමාජයේ හුදෙකලා තත්ත්වයට ඇදවැටෙනු ඇත.

7. ජීවිතය පිළිබඳ කලකිරීමට පත් වෙයි.

8. මෙලොව පිරිහෙයි, පරලොව ද පිරිහීමට පත් වෙයි.

මෙවැනි අනිටු ප්‍රතිඵලවලට අනිවාර්යයෙන් ම ගොදුරු වනු ඇත. එබැවින් සරල වූත් සැහැල්ලු වූත් දිවි පැවැත්මකට හුරු වීම අතිශය වැදගත් වේ. ආධ්‍යාත්මික සැනසුම අත් කරගනු පිණිස තමන් අදහස ආගම අනුව දිනපතා වත්-පිළිවෙත්වල යෙදීමත්, ආගමික ශාස්තෘවරුන් නැමදීම, ගාථා, පිරිත්, ගීතිකා, ස්තෝත්ර වැනි දෙය ගායනා කිරීම බෙහෙවින් වැදගත් වෙයි. බෞද්ධ ඔබට දිනපතා සවස් භාගයේ මල් පහන් පුදා තෙරුවන් නැමදිය හැකි ය. අඩු තරමින් සතියකට වරක් හෝ සිද්ධස්ථානයට ගොස් බෝධි පූජාවක් පවත්වා තෙරුවන් නැමදීමට හැකි ය. බෝධි පූජාවක් කිරීමට විශාල මුදලක් අවශ්‍ය නො වේ. බොහෝ දෙනා හිතන්නේ බෝධිපූජාවක් කිරීමට විශාල මුදලක් තිබිය යුතු බව යි. එහෙත් මල් ස්වල්පයක්, එක් පහනක්, සුවඳකූරක් තිබුණත් බෝ්ධි පූජාවක් කළ හැකි ය. මනස සන්සුන් කරගනු පිණිස ඔබේ ආගම කුමක් වුව ද භාවනාවක නිරත වීමට පිළිවන.

එසේ ම ඔබේ බාහිර කටයුතු ද යහපත් විය යුතු ය. ඇඳුම්-පැලඳුම් හැකි තාක් දුරට චාම්, පි‍්‍රය මනාප, සැහැල්ලු ඒවා විය යුතු ය. ඔබ පරිහරණය කරන සියලු භාණ්ඩ උපකරණ ඔබ නිදන කාමරය, මේසය ඇසුරේ ඇති සියල්ල අනවශ්‍ය දෙය ඉවත් කර, අත්‍යවශ්‍ය දේ පමණක් පිළිවෙළකට, ක්රමානුකූල ව තබාගැනීම මගින් මානසික සහනය උදා කරගත හැකි ය. ආහාර-පාන වුව ද ශරීර සෞඛ්‍යයට ගැළපෙන, පෝෂ්‍යදායක ඒවා වීම වැදගත් වෙයි. බොහෝ දෙන අධික තෙල්, මිරිස් රසකාරක යෙදූ ආහාරවලට රුචිකමක් දක්වති. එහෙත් ඒවා මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් පිරිහෙනු ඇත. එය මානසික සහනයට බාධාවකි. එසේ ම මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි වැනි අහිතකර දේවලින් පූර්ණ වශයෙන් වැළකිය යුතු ය. මෙම කරුණු අනුගමනය කරන ඔබට මෙලෝ වශයෙන් ම සැනසිල්ල උදා කරගත හැකි ය.

අපේ සිත කිලිටි වුව හොත් එය පිරිසිදු කරගැනීමට හැකියාව ඇත්තේ අපට ම පමණි. වෙනත් කිසිවකුට එය කළ නොහැකි ය. ‘අත්තාහි අත්තනෝ නාථෝ - කෝහි නාථෝ පරෝසියා’ තමාට පිහිට තමා ම ය. අනෙකකුට එය කළ නොහැකි ය, යනුවෙන් බුදු හිමියෝ වදාළහ. අකුසල්වලින් වැරදිවලින් මනස මුදාගත යුත්තේ තමා ම ය. එසේ ම මනස කුසල්හි පිහිටුවාගත යුතු වන්නේත් තමා විසින් ම ය. අනෙකකුට එය කළ නොහැකි ය. අප අපිරිසිදු මනසක් ඇති කරගෙන, අපිරිසිදු මනසින් අකුශල් කර්ම සිදු කරගත හොත් එහි විපාක අත්විඳිය යුත්තේ ද අප ම ය. අප වැරදි දේවල් එසේ නැත හොත් අකුශල කර්ම සිදු කරගෙන එහි විපාක අත්විඳින විට කිසිවකුටත් අප බේරාගැනීමට හැකියාවක් නැත.

මනස සුරක්ෂිත කරගත හොත්, මනස ධර්මය තුළ පිහිටුවාගත හොත් අපගේ සිත, කය, වදන යන තිදොරින් සිදු වන අකුසල් වළක්වා, කුසල් සිදු කරගැනීමට හැකියාව ලැබෙයි. එයින් මෙලොව ජීවිතය වාසනාවන්ත කරගැනීමේ හැකියාව ලැබෙයි. මරණින් පසු සුගතියෙහි ඉපදීමට හැකියාව ලැබෙයි. එබැවින් මෙලොව-පරලොව දෙලොව සුභසිද්ධිය සඳහා පළමුවෙන් ම කළ යුත්තේ මනස සංවර කරගැනීම යි.

[QUOTE="kk97, post: 17887886, member: 520013"] [b]සිතේ අවුල් අරින හැටි[/b] [CENTER][SIZE="7"][COLOR="Blue"]ඔබේ සිත නොසන්සුන් ද? පීඩාවට හසු ව ඇද්ද? අවුල් ද? මේ හිමියෝ සිත හඳුනාගැනීමට උපදෙස් දෙති.[SIZE="4"][/SIZE][/COLOR][/SIZE][/CENTER][SIZE="7"][COLOR="Blue"][SIZE="4"][I](පූජ්‍ය නාලන්දේ විමලවංස හිමි)[/I][/SIZE] [/COLOR][/SIZE] [SIZE="5"][COLOR="RoyalBlue"]අපගේ මනස වැරදි අයුරින් හසුරවයි නම් දිවි පැවැත්ම අස්වාභාවික බවට පත් වෙයි. එයින් මුළු ජීවිතයට ම විශාල බලපෑමක් ඇති විය හැකි ය. වැරදි දෙය ගැන මනස යෙදවූ විට එයින් භයානක ප්‍රතිඵල අත්විඳීමට සිදු වෙයි. පාලනය නොකළ සිත ඇතැම් විට ඉතාමත් දරුණු බවට පත් වෙයි. එබැවින් අප සිතන සිතුවිලි යහපත් සිතුවිලි විය යුතුය. කෙනකු ශ්‍රේෂ්ඨත්වයට පත් වන්නේ මිල-මුදල් ඉඩ-කඩම්වලින් නො වේ. කෙනකු ශ්‍රේෂ්ඨයකු බවට පත් වන්නේ ඔහුගේ මනසෙහි ස්වභාවය අනුව ම ය. [CENTER]:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D[/CENTER] පෘථග්ජන පුද්ගලයාගේ මනස නිතර ම පවතින්නේ සැලෙන තත්ත්වයේ ය. මනස නිතර ම වෙනස් වන ස්වභාවයේ පවතියි. ඇතැම් විට ශාන්ත ව පවතින අතර, ඇතැම් විට අවුල් සහගත තත්ත්වයට පත් වෙයි. අපේ මනස කිලිටි නොවන බව සිතුව ද අපට හොරෙන් මනස කිලුටු වන අවස්ථා දැකිය හැකි ය. මනසෙහි ඇති චපල බව හෙවත් වෙනස් වනසුලු බව නිසා ම සත්ත්වයාට තව-තවත් සසරෙහි ගමන් කිරීමට සිදු වෙයි. මනස රැකගැනීම තරමක අපහසු කාර්යයකි. ඒ සඳහා මහා උත්සාහයක් අවශ්‍ය වෙයි. එලෙස මනස රැකගන්නේ නුවණ තිබෙන අය යි. නුවණ තිබෙන පුද්ගලයා යහපත් දෙය හඳුනාගනියි. අයහපත් දෙය හඳුනාගනියි. අයහපත් දෙය ඉවත් කර, යහපත් දෙය තව තවත් දියුණු කරගැනීමට උත්සාහ කරයි. මනස හෙවත් සිත එකඟ කරගැනීම මගින් අපගේ හදවත පවිත්‍ර කරගැනීමට හැකියාව ලැබෙයි. එවිට ශක්තිමත් මනසකින් යුතු ව, සත්‍යය සහ යථාර්ථය වටහාගැනීමට හැකියාව ලැබෙයි. නිරන්තරයෙන් ම අපගේ සිත නොයෙකුත් ආශාවන්, සහජ ගති, ප්‍රේමය, වෛරය, ආශාව වැනි සිතිවිලි රැසකින් පිරී පවතියි. නින්දේ දී වුව ද අපේ සිත කිසියම් ප්‍රමාණයකින් ක්‍රියාත්මක ව පවතියි. නින්දේ දී ඇති වන හැඟීම් සහ සිතිවිලිවලට උපවිඥානය ක්‍රියාත්මක වීමයි කියනු ලැබේ. එම උපවිඥානයේ ඇති වන සිතිවිලි දහරාවක් වශයෙන් නිරන්තරයෙන් ම පවතියි. සිතට නැග එන අප්‍රමාණ සිිතිවිලි අතරින් අපට ප්‍රයෝජනයක් නැති, අපට පීඩාවක් ගෙන දෙන සිතිවිලිවලින් මිදීමට අවශ්‍යතාවක් ඇති වෙයි. එවිට අප කරන්නේ කුමක් ද? ඒ සඳහා විවිධ පුද්ගලයෝ තම-තමන් කැමති පරිදි එක් එක් ක්‍රියාමාර්ග අනුගමනය කරති. ඇතැම්හු කලා නිර්මාණවලට යොමු වෙති. ඇතැම්හු හුදු විනෝදාස්වාදයට ම යොමු වෙති. තවත් අයෙක් මත් වතුර, මත් ද්‍රව්‍ය ලබාගැනීමෙන් අසහනය තාවකාලික ව යටපත් කරගැනීමට උත්සාහ දරති. ඇතැම්හු සිතෙහි ඇති වන අසහනය දුරු කරගනු වස් සියදිවි හානි කරගැනීමට පවා පෙලඹෙති. ජීවිතයට අවශ්‍ය කරන සියලු භෞතික සැප-සම්පත් කොතෙක් සම්පූර්ණ වී තිබුණත් බොහෝ දෙන මානසික වශයෙන් සහනයක් අත් නොවිඳිති. මනසෙහි සැහැල්ලු බව, සැනසීම නැති ව විඳවමින් සිටින බොහෝ දෙනකු වත්මන් සමාජයේ දැකගත හැකි ය. සියලු භෞතික සැප-සම්පත්වලින් සපිරි අමෙරිකාව වැනි බහිර රටවල පාසල් සිසුහු පවා සමූහ වශයෙන් මනුෂ්‍ය ඝාතන සිදු කරති. මානසික සැහැල්ලුව සමග සතුට බැඳී පවතියි. කුරුල්ලන් වැනි සතුන් අත්විඳීන මානසික සතුට අපට ද ආදර්ශයට ගත හැකි ය. හිමිදිරියේ අවදි වන කුරුල්ලෝ මිහිරි ගීත ගායනා කරති; එහෙ-මෙහෙ පියාඹමින් අත්තටුවලටත්, සිරුරටත් හොඳ ව්‍යායාමයක් ලබා දෙති; තුඩගින් අත්තටු පිරිමදිති. හිරු රැස් හොඳින් ස්නානය කරමින්, තම සහකරු හෝ සහකාරිය සමග ආදරය හුවමාරු කරගනිති. අනතුරු ව මිහිරි ගීතයක් ගයමින් ආහාර සොයා පියාඹති. එහෙත් මනුෂ්‍යයන්ට එවන් සැහැල්ලු බවක් තිබෙන බව නො පෙනෙයි. වැඩ-කටයුතු කන්දරාවක් හිස මත තබාගෙන අප්‍රසන්න මුහුණින් නික්ම යන මිනිසුන් ආපසු නිවෙසට එන්නේ ද අප්‍රසන්න හැඟීමෙන් ය. වැඩි වශයෙන් දක්නට ලැබෙන්නේ අප්‍රසන්න වූත්, කලකිරීමට පත් වූත් මුහුණු ය. මනස කොතෙක් අවුල් සහගත ද යත්: තාවකාලික තෘප්තිය උදෙසා ඉහත සඳහන් විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරති. සිතෙහි ඇති වන අසහනය දුරු කරගනු පිණිස ඔබ ඉහත සඳහන් කිසියම් නිරර්ථක ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු ද? කිසි සේත් ම නැත. ඔබ ඔබගේ මනසෙහි ශක්තිය වටහාගත යුතුª ය. සියලු දෙයට ප්‍රධාන වන්නේ ඔබගේ මනස බව වටහාගත යුතු ය. එම කරුණ අපගේ බුදු රජාණන් වහන්සේ ද දේශනා කර ඇත. ‘මනුෂ්‍ය’ යන වචනයෙහි අර්ථය ද මනසින් උසස් යන්න යි. මනස පැහැදිලි නම්, මනස නිරවුල් නම් ඔබට දැනෙන සැහැල්ලුව, සහනය මෙතෙකැයි කිව නොහැකි ය. ඔබ කරන කුමන කාර්යයක් වුව ද මැනවින්, සාර්ථක කිරීමට නම් මානසික ඒකාග්‍රතාව අනිවාර්යෙන් ම අවශ්‍ය වෙයි. ඔබ වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවරයෙක්, ව්‍යාපාරිකයෙක්, ගොවියෙක්, ඇමැති කෙනෙක්, මන්ත්‍රි කෙනෙක්, ඉගෙනගන්නා ශිෂ්‍යයෙක්, ක්‍රීඩකයෙක් වන්නට පිළිවන. කුමන තරාතිරමක අයකු වුව ද ඔබ කරන කාර්යය සාර්ථක ව කරගැනීමට නම් පළමු කොට ම තිබිය යුත්තේ ඔබගේ මානසික ඒකාග්‍රතාව යි. එය නැති නම් ඔබ කරන කාර්යය නිවැරදි ව, නිරවුල් ව, ක්රමානුකූල ව කිරීමෙහි හැකියාව නැති වෙයි. මෙයට පුංචි උදාහරණයක් ඉදිරිපත් කරමි. කළගෙඩියක වතුර පිරී ඇති අවස්ථාවක, එයට තව-තවත් වතුර දැමීම නිෂ්ඵල ක්‍රියාවකි. එමෙන් ම මනස නොයෙකුත් කුණු-කන්දල්වලින් පිරී ඇත් නම් අවුල් ජාලයක් බවට පත් වී ඔබ කරන කාර්යයන් නිෂ්ඵල වන්නට පිළිවන. ඔබ මානසික ඒකාග්‍රතාව ඇති කරගෙන, මනසට සහනයක් ලබාගැනීමට කැමති වන්නෙහි නම් බෞද්ධ භාවනා ක්රමයන් හැර වෙනත් ක්‍රියා මාර්ගයකට යොමු විය යුතු නැත. එමගින් ඔබට ඔබේ මානසික ශක්තියත්, සහජ කුශලතාත්, හඳුනාගැනීමට හැකියාව ලැබෙයි. මානසික පසුබෑමත්, හීන වූ උද්යෝගයත් ඇත් නම් භාවනා ක්‍රම මගින් යථා තත්ත්වයට පත් වීමේ හැකියාව ලැබෙයි. එවිට ඔබගේ මනසෙහි තිබෙන නොයෙකුත් අපවිත්‍ර දෑ ඉවත් ව, එය පළිඟු මිණක් මෙන්, එසේ නැත හොත් පිරිසිදු ජලාශයක් මෙන්, එසේත් නැත හොත් ඔප දමන ලද කැටපතක් මෙන් පැහැදිලි බවට පත් වෙයි. දුහුවිලි කුණු-රොඩු පිරුණ කාමරයක් අතුගා පිරිසිදු කළාක් මෙන්, එසේත් නැත හොත් සුනාමි ව්‍යසනයට ගොදුරු වූ නගරයක් සුන්බුන් ඉවත් කර පිරිසිදු කළාක් මෙන් තණ්හා, ආශා, වෛරය, ක්‍රෝධය වැනි නරක සිතුවිලි ඉවත් ව ගොස් මනස පවිත්‍ර බවට පත් වෙයි; සිතෙහි බයක්, තැතිගැන්මක්, හීනමානයක් ඇත් නම් ඉවත් වෙයි. ඇතැම් විට ඔබේ මනස තුළ මිථ්‍යා අදහස්, විශ්වාස තැන්පත් කරගෙන සිටිනවා විය හැකි ය. ඔබ කෙනකු කී පළියට, ඇත්ත නැත්ත සොයා නොබලා ක්‍රියා කරන්නෙහි ද? යමෙක් පැවසූ තරමින්, පොත්පත්වල තිබූ තරමින්, පරම්පරාවෙන් පැමිණි තරමින් විශ්වාස නොකළ යුතු බව බුදු රජාණන් වහන්සේ ද දේශනා කළහ. මානසක කුණු-රොඩු අපේ මනසට ඇතුළු වන්නේ අප අවට පරිසරයෙන් ම බව පෙනෙයි. අප ඇසුරු කරන සමාජයෙන්, ඇතැම් විට අපේ ම නිවෙසින්, පාසලෙන්, පන්සලෙන්, ආගමික ස්ථානයෙන් වුව ද මිථ්‍යා අදහස් ඔබේ සිතට ඇතුළු වීමට පිළිවන. කිසි ම විද්‍යාත්මක පදනමක් නැති දේවල් ඔබේ මනස තුළට දමා, ඔබව අන්ද-මන්ද කිරීමට හැකි අනාවැකිකරුවන්, ශාස්ත්රකරුවන් අප අවට සමාජයේ සුලභ ව සිටිති. එවැනි මිථ්‍යා විශ්වාස හිස තුළ පුරවාගෙන අවිදු අඳුරෙහි යා යුතු නැත. එබැවින් ඔබ ඔබේ සිත නිදහස් ව නිරවුල් ව තබාගන්න. යක්කු, හොල්මන්, හදි-හූනියම්, යන්ත්‍ර-මන්ත්‍ර, වශීගුරුකම් ඉනා වැනි දෙය හිත තුළින් ඉවත් කළ විට සිත ශක්තිමත් ව තබාගත හැකි වනු ඇත. අපගේ මනස තුළ විශාල ශක්තීන් සමූහයක් ක්‍රියාත්මක වෙමින් පවතියි. ආදරය, ආශාව, වෛරය, බලාපොරොත්තු, ආත්ම විශ්වාස, උත්සාහය, මේ සියල්ලක් ම එකී ශක්තීන් ගොන්නට අයත් වෙයි. උත්සාහය ද ඉතා ප්‍රබල ශක්තියකි. මට යම් කිසි දෙයක් කළ හැකි යි, එම කාර්යය කෙසේ හෝ කරන්නෙමි යි කියන, බලවත් ආත්ම විශ්වාසය සහ උත්සාහය තිබෙන කිසිවකුට එම කාර්යය කෙසේ හෝ කුමන දුෂ්කරතා මධ්‍යයේ වුව ද කිරීමට හැකියාව ලැබෙයි. ඇතැම් ශිෂ්‍යයන් දුර්වල විෂයයන් උත්සාහයෙන් හැදෑරීමෙන් උසස් ප්‍රතිඵල ලබන අවස්ථා ඇත. භූමිකම්පා, න්‍යෂ්ටික ව්‍යසන වැනි ඛේදවාචකවලින් විනාශ වූ රටවල් ද උත්සාහයෙන් කටයුතු කර දියුණු වී ඇත. එබැවින් කළ යුතු වන්නේ මනස තව-තවත් ශක්තිමත් කරගැනීම යි. සිදුහත් බෝසතුන් බවුන් වඩද්දී දසවිධ මාර සේනාවක් පැමිණ බාධා කළ බව ප්‍රසිද්ධ කරුණකි. පංච කාම සම්පත් අත්හැර, ගිහි ගෙයින් නික්මෙන විට ද අතරමග දී මාරයා පැමිණ ගමන වළක්වා ලීමට උත්සාහ කළේ ය. බුදු බව ලබන දින භාවනා කරමින් සිටින අවස්ථාවේ මාර දූවරු පැමිණ උන් වහන්සේට බාධා කළහ. එම සියලු මාරයන් සහ මාර දූවරුන් පරාජය කර, ජයග්‍රණය කිරීමට උන් වහන්සේට හැකියාව ලැබුණි. එම මාරයන් යනු විහාරස්ථානවල බිතුසිතුවම්වල දක්වා ඇති පරිදි පුද්ගල සමූහයක් නො වේ. ඒවා බෝසතුන්ට ඇති වූ සිතිවිලි සමූහයකි. එම සිතිවිලිවලට ඉඩ දුන්නේ නම් උන් වහන්සේට බුදු බව ලැබීමට හැකියාව නොලැබීමට ඉඩ තිබුණි. එම සිතිවිලි මාරයන් වශයෙන් හඳුන්වන ලදි. අප සිත් තුළ ද එවැනි මාරයෝ නොයෙකුත් වේශයෙන් ක්‍රියාත්මක වෙති. එම මාරයන් පරාජය කරන ඇතැම් දෙන තම ජීවිත ආලෝකවත් කරගනිති. ඇතැම් අය එවැනි මාරයන්ගේ වසඟයට පත් වී ජීවිත අඳුරට පත් කරගනිති. ඔබට එම මාරයන්ගෙන් මිදිය හැකි නම් ඒකාන්තයෙන් ජයග්‍රහණය ලැබිය හැකි ය. තරුණ-තරුණියන් අතරින් බොහෝ දෙන මානසික ආතතියෙන් පීඩාවට පත් වෙති. ඇතැම් තරුණ-තරුණියෝ විශාදයෙන් පීඩාවට පත් ව සිටිති. මේ හේතුව නිසා ඔවුන්ට තම අරමුණු කරා පහසුවෙන් ගමන් කිරීමට හැකියාව නොලැබෙයි. මෙම ගැටලුවට ප්‍රධාන හේතුව වශයෙන් දැක්වියහැකි වන්නේ මානසික සහනය නැති වීම යි. එබැවින් සියල්ලට ම පළමු ව තම-තමන්ගේ මානසික සැහැල්ලු භාවය ඇති කරගැනිමට උත්සාහ කිරීම බෙහෙවින් ම වැදගත් වෙයි. ඒ සඳහා මානසික අසහනය දුරු කරන යහපත් පුරුදු ඇති කරගැනීම බෙහෙවින් වැදගත් වෙයි. ඔබ තුළ වර්ධනය කරගත යුතු යහපත් පුරුදු කිහිපයක් ඇත. මෙම පුරුදු ඇති කරගැනීම මගින් අත්හදා බැලීමක් කළ හැකි ය. ටික කාලයකට හෝ මෙම පුරුදු අනුගමනය කරන්න. ඔබට ඉක්මන් ප්‍රතිඵල ලැබේවි. [CENTER][IMG]http://www.namaskara.lk/2014/08/5-4.jpg[/IMG][/CENTER] 1. ඔබ අදහන ආගමෙහි ඉගැන්වීම් ඔබේ ජීවිතයට සමීප කරගන්න. 2. සිත සමාධිගත කරගැනීමට (කිසියම් භාවනාවක් වැඩීමට) උත්සාහ කරන්න. 3. දිනපතා ශාරීරික ව්‍යායාමයක් කරන්න. 4. ගොරහැඩි කඨෝර සංගීතයෙන් මිදී සම්භාව්‍ය සෞම්‍ය සංගීතය පි‍්‍රය කරන්න. 5. ස්වභාව සෞන්දර්යය අත්විඳින්න. 6. පෝෂණ ගුණයෙන් උසස්, සරල, පි‍්‍රය මනාප, ආහාර පිළිවෙතක් ඇති කරගන්න. 7. අසීමිත ආශාවන්, බලාපොරොත්තු සීමා සහිත බවට පත් කරගන්න. 8. යහපත් මිතුරන් ඇසුරු කරන්න. 9. අසභ්‍ය ප්‍රකාශන, පොත්පත් වැනි දෙයින් දුරු වන්න. 10. අසභ්‍ය සහ බියකරු දර්ශන ඇතුළත් චිත්‍රපට, ටෙලි නාට්‍ය වැනි දේවලින් වළකින්න. [CENTER]:yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:[/CENTER] මෙවැනි යහපත් ක්‍රියා අනුගමනය නොකර, තව-තවත් මේවාට ඇබ්බැහි වීමෙන් ඔබට අනිවාර්යයෙන් නරක ප්‍රතිඵල අත්විඳීමට සිදු වනු ඇත. ඒ අනුව ඔබ, 1. මානසික අසහනයට පත් වනු ඇත 2. මානසික ආතතියට පත් වනු ඇත 3. කිසිදු සතුටක් නොලබන, කලකිරීමට සහ ඉච්ඡා භංගත්වයට පත් අයකු බවට පත් වනු ඇත. 4. තරුණ බව යටපත් ව, මහලු බව ඉක්මන් වනු ඇත. 5. විවිධ ශාරීරික රෝගාබාධවලට ගොදුරු වෙයි (අංශභාගය, රුධිරපීඩනය, දියවැඩියාව වැනි). 6. මිතුරන් ඔබෙන් ඉවත් වන අතර, ඔබ සමාජයේ හුදෙකලා තත්ත්වයට ඇදවැටෙනු ඇත. 7. ජීවිතය පිළිබඳ කලකිරීමට පත් වෙයි. 8. මෙලොව පිරිහෙයි, පරලොව ද පිරිහීමට පත් වෙයි. [CENTER]:no::no::no::no::no::no::no:[/CENTER] මෙවැනි අනිටු ප්‍රතිඵලවලට අනිවාර්යයෙන් ම ගොදුරු වනු ඇත. එබැවින් සරල වූත් සැහැල්ලු වූත් දිවි පැවැත්මකට හුරු වීම අතිශය වැදගත් වේ. ආධ්‍යාත්මික සැනසුම අත් කරගනු පිණිස තමන් අදහස ආගම අනුව දිනපතා වත්-පිළිවෙත්වල යෙදීමත්, ආගමික ශාස්තෘවරුන් නැමදීම, ගාථා, පිරිත්, ගීතිකා, ස්තෝත්ර වැනි දෙය ගායනා කිරීම බෙහෙවින් වැදගත් වෙයි. බෞද්ධ ඔබට දිනපතා සවස් භාගයේ මල් පහන් පුදා තෙරුවන් නැමදිය හැකි ය. අඩු තරමින් සතියකට වරක් හෝ සිද්ධස්ථානයට ගොස් බෝධි පූජාවක් පවත්වා තෙරුවන් නැමදීමට හැකි ය. බෝධි පූජාවක් කිරීමට විශාල මුදලක් අවශ්‍ය නො වේ. බොහෝ දෙනා හිතන්නේ බෝධිපූජාවක් කිරීමට විශාල මුදලක් තිබිය යුතු බව යි. එහෙත් මල් ස්වල්පයක්, එක් පහනක්, සුවඳකූරක් තිබුණත් බෝ්ධි පූජාවක් කළ හැකි ය. මනස සන්සුන් කරගනු පිණිස ඔබේ ආගම කුමක් වුව ද භාවනාවක නිරත වීමට පිළිවන. එසේ ම ඔබේ බාහිර කටයුතු ද යහපත් විය යුතු ය. ඇඳුම්-පැලඳුම් හැකි තාක් දුරට චාම්, පි‍්‍රය මනාප, සැහැල්ලු ඒවා විය යුතු ය. ඔබ පරිහරණය කරන සියලු භාණ්ඩ උපකරණ ඔබ නිදන කාමරය, මේසය ඇසුරේ ඇති සියල්ල අනවශ්‍ය දෙය ඉවත් කර, අත්‍යවශ්‍ය දේ පමණක් පිළිවෙළකට, ක්රමානුකූල ව තබාගැනීම මගින් මානසික සහනය උදා කරගත හැකි ය. ආහාර-පාන වුව ද ශරීර සෞඛ්‍යයට ගැළපෙන, පෝෂ්‍යදායක ඒවා වීම වැදගත් වෙයි. බොහෝ දෙන අධික තෙල්, මිරිස් රසකාරක යෙදූ ආහාරවලට රුචිකමක් දක්වති. එහෙත් ඒවා මගින් ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඉක්මනින් පිරිහෙනු ඇත. එය මානසික සහනයට බාධාවකි. එසේ ම මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි වැනි අහිතකර දේවලින් පූර්ණ වශයෙන් වැළකිය යුතු ය. මෙම කරුණු අනුගමනය කරන ඔබට මෙලෝ වශයෙන් ම සැනසිල්ල උදා කරගත හැකි ය. අපේ සිත කිලිටි වුව හොත් එය පිරිසිදු කරගැනීමට හැකියාව ඇත්තේ අපට ම පමණි. වෙනත් කිසිවකුට එය කළ නොහැකි ය. ‘අත්තාහි අත්තනෝ නාථෝ - කෝහි නාථෝ පරෝසියා’ තමාට පිහිට තමා ම ය. අනෙකකුට එය කළ නොහැකි ය, යනුවෙන් බුදු හිමියෝ වදාළහ. අකුසල්වලින් වැරදිවලින් මනස මුදාගත යුත්තේ තමා ම ය. එසේ ම මනස කුසල්හි පිහිටුවාගත යුතු වන්නේත් තමා විසින් ම ය. අනෙකකුට එය කළ නොහැකි ය. අප අපිරිසිදු මනසක් ඇති කරගෙන, අපිරිසිදු මනසින් අකුශල් කර්ම සිදු කරගත හොත් එහි විපාක අත්විඳිය යුත්තේ ද අප ම ය. අප වැරදි දේවල් එසේ නැත හොත් අකුශල කර්ම සිදු කරගෙන එහි විපාක අත්විඳින විට කිසිවකුටත් අප බේරාගැනීමට හැකියාවක් නැත. මනස සුරක්ෂිත කරගත හොත්, මනස ධර්මය තුළ පිහිටුවාගත හොත් අපගේ සිත, කය, වදන යන තිදොරින් සිදු වන අකුසල් වළක්වා, කුසල් සිදු කරගැනීමට හැකියාව ලැබෙයි. එයින් මෙලොව ජීවිතය වාසනාවන්ත කරගැනීමේ හැකියාව ලැබෙයි. මරණින් පසු සුගතියෙහි ඉපදීමට හැකියාව ලැබෙයි. එබැවින් මෙලොව-පරලොව දෙලොව සුභසිද්ධිය සඳහා පළමුවෙන් ම කළ යුත්තේ මනස සංවර කරගැනීම යි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom