Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිතේ ඇතිවන අකුසල්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිතේ ඇතිවන අකුසල්

ලෝභ ද්වේෂ මෝහ යන මේ අවස්ථා තුන බුදු දහමේදී විස්තර කරන්නෙ අකුසල් මූලයන් හැටියටයි. ඒ කියන්නෙ අකුසල් සිදුවීමට හෝ සිදු කිරීමට මුල්වන කරැණු තමයි මේව. මෙම අකුසල් තුනෙන් තොරව සිදුවන අකුසලයක් නැහැ. හැම අකුසලයකටම හේතුව මෙම කරැණු තුනයි. එක් අකුසල් සිතක මේ තුනම බල පවත්වන්නෙ නැහැ. සමහර වෙලාවකට එක අකුසල් සිතක් බල පවත්වනව තවත් සමහර වෙලාවකට මෙම මූල තුනෙන් දෙකක් බලපවත්වනව. මේකෙන් තේරැම් ගන්න ඕනෙ දේ තමයි, අපට අකුසල් සිතක් ඇති වෙලාද නැත්ද කියල සැකයක් තියනවනම් සිහි බුද්ධියෙන් කල්පනා කරල බලන්න ඕනෙ මේ වෙලාවෙ මගේ හිතේ මේ කරැණු තුනෙන් එකක් හරි දෙකක් හරි තියනවද කියල. එහෙම තියාගෙන යම් දෙයක් සිදු කරනවනම් එයින් සිදු වෙන්නෙ අකුසලයක්.

ලෝභය

රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු වලට ඇලුම් කරන ආසා කරන ස්වභාවයට කියනව ලෝභය කියල. සරලව කියනවනම් ගේ දොර වතු පිටි ඉඩකඩම් යාන වාහන නිළතල අඹු දරුවන් මතිමතාන්තර ආදි වූ සැපගෙන දෙන සිත සතුටු කරවන හොඳයයි සලකන පුද්ගලයන් වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයයි. පරමාර්ථ වශයෙන් ගත්තම එක දෙයක් වුනත් ව්‍යාවහාර භාෂාවේදී නොයෙක් නම් වලින ලෝභය හඳුන්වන ආකාර ගොඩක් තියනව. යමක් රස විඳීමේ ලෝභයට ආසාව, පෙරේතකම, සල්ලාලකම, රාගය, කුණූකම, මසුරුකම වගේ වචන බොහෝ ගනනක් පාවිච්චි කරනව. අඹු දරුවන් නෑ මිතුරන් සම්බන්ධයෙන් ඇති ලෝභයට ආදරය, ප්‍රේමය, ස්නේහය,වගේ වචන පාවිච්චි කරනව. ධර්මය ගැන නොදන්න අය මෛත්‍රිය, කරැණාව යන වචනත් ලෝභයට ආදරයට සමාන කරල දක්වනව. මෛත්‍රිය කරුණාව ලෝභසහගත සිතක ඇතිවන තත්වයක් නෙමෙයි. සමහර අය ලෝභය "ඕනෑකම" කියන වචනයත් එක්ක පටලවා ගන්නව. ඕනෑකම කියන්නෙ ලෝභය නෙමෙයි, "සිල් ගන්න ඕනෙ", "භාවනා කරන්න ඕනෙ". "නිවන් අවබෝධ කරගන්න ඕනෙ", වගේ අදහස් ලෝභය නෙමෙයි.

ද්වේශය

අප අකමැති පුද්ගලයන්, වස්තූන්, ගුණයන්, ක්‍රියාවන් නුරුස්නා ස්වභාවය නැතහොත් ඒවාට විරුද්ධ වන, ගැටෙන ස්වභාවය ද්වේශය කියල හඳුන්වනව. ද්වේශයටත් අප එදිනෙදා ජීවිතයෙ ගොඩක් වචන පාවිච්චි කරනව. ක්‍රෝධය, වෛරය, පිළිකුල, නොසතුට, භය, කණගාටුව, තරහව. ද්වේශය බලයෙන් තමන්ට සමාන වන කෙනෙක් ගැන හරි තමන්ට වඩා දුබල කෙනක් ගැන නුරුස්නා නැත්නම් විරැද්ධවන ස්වභාවයකින් පහළ වෙනව ඒකට කියනව ක්‍රෝධය කියල. තමන්ට වඩා බලවත් කෙනෙක්ට හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න බැරි කෙනෙක් ගැන ද්වේශය පහළ වුනොත් එම බලවත් කෙනාගෙන් ඈත්වෙන පසුබසින ස්වභාවයකින් යුක්ත වෙනව. ඒ අවස්ථාවට කියනව බය කියල. දීර්ඝ කාලයක් තිස්සෙ නැවත නැවත උපදිමින් තියන ද්වේශයට කියනව වෛරය කියල. කිසියම් පුද්ගලයකු ගේ හරි වස්තුවක තියක අශෝභනත්වය නැත්නම් අවලස්සන නිසා ඇතිවන ද්වේශයට කියනව පිළිකුල කියල.

මෝහය

යම් කිසි දෙයක හෝ කරුණක පවතින ස්වභාවය නැතහොත් සත්‍ය ස්වභාවය වරදවා වටහාගන්නා වූ මානසිකත්වයට කියනව මෝහය කියල. මුළාව, නොදැනීම, වැරදීම,මෝඩකම යන වචන වලින් මෙය හඳුන්වනව.දුක් සඳහා පවත්නා කරුණූත් සැප සඳහා පවත්නා කරුණුත් වෙන්කර දැක්වීමට ඇති නොහැකි බව, සත්‍යය අසත්‍ය හැටියටත් අසත්‍යය සත්‍ය හැටියටත් පෙනීම ආදී වශයෙන් මෝහය තවත් ක්‍රම වලින් විග්රහ කරන්න පුළුවන්. තමන් කරන කියන දේ නුවණින් විමසා බලා නොකිරීම හේතුවෙන් බොහෝ විට මෙම අකුසලය සිදුවෙනව. මෝහයෙ ගැඹුරු තේරුම් තියනව මෙතනදි සරලව පහදා දෙන්නයි අවශ්‍ය වුනේ.

ඉහත ප්‍රධාන අකුසල් මූල වලට අමතරව ඒවායෙන් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග කිහිපයක් තියනව බලමු ඒවත් මොනවද කියල

ක්‍රෝධය

අන්‍යන්ට රිදවීමට ආශාකරන ආකාරයෙන් හටගන්නා ද්වේශයට කියනව ක්‍රෝධය කියල. මුලින් සිහින්ව හටගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අනුන් මෙන්ම තමන්වත් විනාශ නරන පාපයක් මේක. පළමුව මිහිරි ලෙසකින් ආරම්භවෙලා පස්සෙ දුකට පමුණුවන මුල මිහිරි අග නපුරු ධර්මයක්. ක්‍රෝධය නිසා සිදු කරන දේවල් වලින් කරන අවස්ථාවේ සතුටක් ලැබුනත් විපාක දෙන්න ගත්තම දරුණු දුකකට පත්වෙන්න සිදු වෙනව.

උපනාහය

නැවත නැවත සිතීම නිසා හෝ ක්‍රියා කිරීම නිසා පරණ වූන ක්‍රෝධයට උපනාහය කියල කියනව. වෛරය, එදිරිය යන වචන වලින්ද උපනාහය හඳුන්වනව. මේක දීර්ඝ කාලයක් පවතින අකුසලයක් සමහර වෙලාවට ආත්ම ගණනක් යනතුරුත් පවතින්න පුළුවන්. ආත්ම බොහෝ ගණනක් පවතින වෛරයක් හෙවත් උපනාහයක් හේතුවෙන් විශාල කාලයක් නිරයේ සිදුවීමට ඇති ඉඩ කඩද වැඩි වෙනව. අවසන් නොවන අකුසලයක් හින්ද මේක ගොඩක් අන්තරාදායක දෙයක්. ඒක නිසා හොඳම දේ තමා වෛරයක් ඇති වුනොත් ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නෙ නැතුව සමාදාන වෙලා ඉවරයක් කරගන්න එක. සමාදාන වීම හැර වෙනත් විකල්පයක් මෙයට නැහැ.

මක්ඛය

අනුන් විසින් තමන්ට කරපු උපකාර අමතක කිරීම නැතිකර දැමීම මක්ඛය කියල හඳුන්වනව. කළෙහි ගුණ නොසැලකීම කියල කියන්නෙත් මේකටම තමයි. තමන්ට දියුණු වෙන්න උදව් කරපු අයව අපි හැමදාම මතකයෙ තියාගන්න ඕනෙ. ඒ අයට උදව් උපකාර අවශ්‍ය වෙලාවකට උපකාර කිරීම අපගේ යුතුකමක්. ඒවගේම සත්පුරුෂ ගතියක්.

පලාසය

තමාව ගුණවත් අය සමඟ සමාන කර සිතන ස්වභාවය පලාසයයි. තමන්ගෙ තත්වය වටහා ගන්න තරම් අවබෝධයක් නොමැති අය, දුශ්ශීල වුන තමන්ව සිල්වත් අය සමඟ සමාන කරල හිතන්න පටන් ගන්නව. නූගත් වූ තමන්ව උගත් අය සමඟ සමාන කරනව. දුබල වූ තමන්ව බලවතුන්ට සමාන කරනව. දුප්පත් වූ තමන්ව පොහොසත් අයට සමාන කරනව. මේකෙ ගැටළුව තියෙන්නෙ සමාන කරල නිකන් ඉන්නෙ නැහැ. ඒ අය ගරු කළ යුතු අයට ගරු කරන්නෙ නැහැ. කීකරු විය යුතු අයට කීකරු වෙන්නෙ නැහැ. අවවාද අනුශාසනා දෙන අයව ගනන් ගන්නෙ නැහැ. මෙහෙම කටයුතු කරමින් ඉඳල මෙලොව පරලොව දෙකේම පිරිහෙනව.

ඊර්ෂ්‍යාව

අනුන්ගේ දියුණුව, සැප සම්පත් වලින් යුක්ත බව නුරුස්නා ස්වභාවය ඊර්ෂ්‍යාවයි. බාහිර දියුණුව විතරක් නෙමෙයි කෙනෙකුගෙ අභ්‍යන්තර දියුණුව වුනත් දැකීමට අකමැති අය ඉන්නව. නිතර සිල් ගන්න බණ භාවනා කරන පින් දහම් කරන අයගේ අධ්‍යාත්මික දියුණුව දැකල ඒවාට පවා ඊර්ෂ්‍යා කරනව. තමන්ට කරගත නොහැකි දේවල් අනිත් අය කරන ආකාරය ඉවසගෙන ඉන්න බැරිකම බොහෝ අවස්ථාවල මේකට හේතුවෙනව.

මාත්සර්‍ය්‍යය

තමන්ගෙ දෙයක් අනුන්ට අයිති වෙන්න හෝ එයින් අනිත් අය යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවට තියන අකමැත්ත මාත්සර්ය්යයයි. මේකට මසුරුකම කියලත් කියනව. සමහර මසුරු අය තමුන්ගෙ දේවල් විතරක් නෙමෙයි වෙනත් කෙනෙක් ඒ කෙනාගෙ දෙයක් අනුන්ට දෙනවටත් අකමැතියි. ඒකට කියනව තද මසුරැකම හෙවත් කදරියතාව කියල. මේ වර්ග දෙකේම මසුරු අය ඉන්නව. ඒ අය තමන් දෙන්නෙත් නැහැ අනිත් අය දෙනවට කැමතිත් නැහැ. තමන් පින් කරන්නෙත් නැහැ අනිත් අයට පින් කරන්න දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට විශාල පිනක් කරගන්න හදන කෙනාට එක එක දේවල් කියල කුඩා පිනක් ලැබෙන ආකාරයේ දෙයක් කරවනව. මේවගේ දේවල් වලින් ගොඩක් අකුසල් රැස් කරගන්නව.

මායාව

තමන් නොයෙක් අකුසලයන් පව් කම් කරන ගමන් සමාජයේ ඉදිරියේ ගුණවතෙක් වගේ පෙනී සිටිමින් අනිත් අයව රවටන ස්වභාවය මායාවයි. අදක්ෂ අය දක්ෂ අය ලෙස පෙනී සිටීම. නූගත් අය උගතුන් සේ පෙනී සිටීම. දුප්පත් අය පොහොසතුන් මෙන් පෙනී සිටීම වගේ නොයෙක් ආකාර වලිනුත් මේ මායාව දකින්නට පුළුවන්. ඉතින් සමාජය මේ අයට රැවටිලා නොයක් ගරු නම්බු තණතුරු ආදිය ලබා දෙනව. පස්සෙ ඇත්ත තත්වය දැන ගත්ත ගමන් මේ අය දුකට කරදරයට පත් වෙනව.

සාඨෙය්‍ය

බොරු හිතවත් කම්, බොරු නෑකම්, බොරු මිතුරුකම්, බොරු මෛත්‍රිය, බොරු කරුණාව ආදිය දක්වමින් අනුන් රවටන ස්වභාවය. තමාගේ කටයුතු කරගැනීම පිණිස තාවකාලිකව නැති ගුණ ඇති අයුරින් පෙන්වීම සාඨෙය්‍ය කියල හඳුන්වනව. කෛරාටිකයා කපටියා යන වචනද මේ යටතට වැටෙනව. යම් යම් අයගේ හිත සතුටු වන ආකාරයට කතා කරමින් ක්‍රියාකරමින් සිත් දිනාගෙන ඔවුන්ගෙන් ගතහැකි වස්තුවක් හෝ වැඩක් හෝ තමන්ගේ වාසිය පිණිස යොදාගැනීම මේ අයගෙ ගති ලක්ෂණයි. කෛරාටිකයා මොහොතකට වාසි ලැබුවත් එය දීර්ඝ කාලීනව දුකකට හේතුවෙනව.

ථම්භය

කීකරු විය යුත්තාට හෝ කීකරු විය යුතු අවස්ථාවන් වලදී නෙනැමෙන සුළු බව අකීකරුකම ථම්භයයි. ධර්මයට හෝ මා පිය ගුරුවරාදීන්ට නැමිය යුතු අවස්ථා වලදී නෙනැමීම නිසා, කීකරු නොවීම නිසා, මුරණ්ඩු වීම නිසා නෙයෙකුත් කරදර විපත් වලට මුහුණ දීමට සිදුවෙනව. වැරදි තීරණ අරගෙන දෙමව්පියන්ට අකීකරුව සිදු කරන ලද වැරදි හේතුවෙන් ජීවිත කාලය තුළම සිරගෙවල් වල ආදියේ වෙසෙමින් නොයෙක් දුකට පීඩාවන්ට පත්වනන් ඉන්නව.

සාරම්භය

අනුන් යටපත් කීරීමේ කැමැත්තෙන් අනුන්ට ඉහලින් වැඩ කරන ස්වභාවය සාරම්භයයි. සාරම්භය තියන කෙනා අනිත් අය යම් දෙයක් එක වරක් කරන කොට එයා දෙතුන්වරක් කරනව. කෙනෙක් මලක් පූජ කරන කොට මෙයා මල් වට්ටි දහයක් පූජ කරනව. කෙනෙක් රුපියලක් වියදම් කරන කොට මෙයා රුපියල් දාහක් වියදම් කරනව. කෙනෙක් වචනයකින් අපහාස කළොත් මෙයා වචන දහයකින් දොළහකින් බණිනව. අතින් ගැහුවොත් පොල්ලකින් ගහනව නැත්නම් පිහියකින් අනිනව. ඒත් අනුන් යටපත් කරල තමන් ඉහළින් සිටීමේ අදහසකින් තොරව අනුන් කරනවාට වඩා පින් කිරීමෙත්, අනුන්ට වඩා හොඳින් පින් කිරීමෙත් කිසි වරදක් නැහැ.

මානය

තමා අන්‍යයන්ට වඩා වටිනා වැදගත් කෙනෙක් යනුවෙන් තමා උසස් කොට මැනගන්න ස්වභාවය සරලව මානය කියල හඳුන්වනව. මානය තවත් විග්රහ කලොත් කොටස් 3 යුතුයි. සෙය්‍යමානය - තමා උසස් කෙනෙක් කියල උපදින උඩඟුකම. සදිස මානය -තමා අන්යන් හා සමානයයි කියල උපදින උඩඟු බව. හීන මානය- තමා පහත් කෙනෙක් යනුවෙන් ඇතිවන ලැජ්ජාව.

අතිමානය

බලවත්කම් ධනවත්කම් උගත්කම් ආදිය නිසා සාමාන්‍ය මානය වර්ධනය වීමෙන් අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට කතා කිරීම ක්‍රියාකිරීමට පටන් ගන්නා වූ මානය අති මානයයි. "මම තමයි මෙහි සිටින ඉහලම කෙනා අනිත් අය කවුද මට උපදෙස් දෙන්න" වගේ මෝඩ අදහස් වලට ලක් වීමෙන් නොයෙක් කරදර වලට මුහුණපෑමට සිදුවෙනව.

මදය

කුලය බලය පොහොසත් කම් ආදිය නිසා උඩඟුවීමෙන් ඇතිවන මත්වීම මදය ලෙස හඳුන්වනව. මානයෙන් මත්වුන අය මත්ද්‍රව්‍ය වලින් මත් වුන අය වගේම කළ යුතු දේවල් නොකර, නෙකළ යුතු දේවල් කරන්න ගිහින් දුකට කරදරයට පත්වෙනව. මත්ද්‍රව්‍ය වලින් මත්වන ගතිය තියෙන්නෙ පැය කිහිපයක්. ඒත් මදයෙන් මත් වුනහම අවුරුදු ගනන් පවතිනව සමහර වෙලාවකට මැරෙන තුරුත් පවතින්න පුළුවන්.

ප්‍රමාදය

කුසල් සිදුවන දේවල් පිළිබඳව අමතක කරල දාල අකුසලයට යොමු වී පස්කම් සැප විඳිමින් සිතට අවශ්‍ය ආකාරයට හැසිරීමට ඉඩදීම ප්‍රමාදයයි. ප්‍රමාදය හේතුවෙන් නිරයේ ඉපදෙමින්, දුක් විඳිමින්, පීඩාවට පත් වෙමින්, සසර සැරිසරමින් සිටීමට සිදුවෙනව. ප්‍රමාදයෙන් වැලකුන කෙනා සසර ජය ගන්නව.

thanks to ginimakara @ දහම් සෙවණ

[QUOTE="16412, post: 20002008, member: 557276"] [b]සිතේ ඇතිවන අකුසල්[/b] [CENTER][SIZE="4"]ලෝභ ද්වේෂ මෝහ යන මේ අවස්ථා තුන බුදු දහමේදී විස්තර කරන්නෙ අකුසල් මූලයන් හැටියටයි. ඒ කියන්නෙ අකුසල් සිදුවීමට හෝ සිදු කිරීමට මුල්වන කරැණු තමයි මේව. මෙම අකුසල් තුනෙන් තොරව සිදුවන අකුසලයක් නැහැ. හැම අකුසලයකටම හේතුව මෙම කරැණු තුනයි. එක් අකුසල් සිතක මේ තුනම බල පවත්වන්නෙ නැහැ. සමහර වෙලාවකට එක අකුසල් සිතක් බල පවත්වනව තවත් සමහර වෙලාවකට මෙම මූල තුනෙන් දෙකක් බලපවත්වනව. මේකෙන් තේරැම් ගන්න ඕනෙ දේ තමයි, අපට අකුසල් සිතක් ඇති වෙලාද නැත්ද කියල සැකයක් තියනවනම් සිහි බුද්ධියෙන් කල්පනා කරල බලන්න ඕනෙ මේ වෙලාවෙ මගේ හිතේ මේ කරැණු තුනෙන් එකක් හරි දෙකක් හරි තියනවද කියල. එහෙම තියාගෙන යම් දෙයක් සිදු කරනවනම් එයින් සිදු වෙන්නෙ අකුසලයක්. [/SIZE] [SIZE="3"] [/SIZE][/CENTER][SIZE="3"][B]ලෝභය [/B] රූප, ශබ්ද, ගන්ධ,රස, ස්පර්ශ, ධර්ම කියන අරමුණු වලට ඇලුම් කරන ආසා කරන ස්වභාවයට කියනව ලෝභය කියල. සරලව කියනවනම් ගේ දොර වතු පිටි ඉඩකඩම් යාන වාහන නිළතල අඹු දරුවන් මතිමතාන්තර ආදි වූ සැපගෙන දෙන සිත සතුටු කරවන හොඳයයි සලකන පුද්ගලයන් වස්තූන් කෙරෙහි ඇලීම ලෝභයයි. පරමාර්ථ වශයෙන් ගත්තම එක දෙයක් වුනත් ව්‍යාවහාර භාෂාවේදී නොයෙක් නම් වලින ලෝභය හඳුන්වන ආකාර ගොඩක් තියනව. යමක් රස විඳීමේ ලෝභයට ආසාව, පෙරේතකම, සල්ලාලකම, රාගය, කුණූකම, මසුරුකම වගේ වචන බොහෝ ගනනක් පාවිච්චි කරනව. අඹු දරුවන් නෑ මිතුරන් සම්බන්ධයෙන් ඇති ලෝභයට ආදරය, ප්‍රේමය, ස්නේහය,වගේ වචන පාවිච්චි කරනව. ධර්මය ගැන නොදන්න අය මෛත්‍රිය, කරැණාව යන වචනත් ලෝභයට ආදරයට සමාන කරල දක්වනව. මෛත්‍රිය කරුණාව ලෝභසහගත සිතක ඇතිවන තත්වයක් නෙමෙයි. සමහර අය ලෝභය "ඕනෑකම" කියන වචනයත් එක්ක පටලවා ගන්නව. ඕනෑකම කියන්නෙ ලෝභය නෙමෙයි, "සිල් ගන්න ඕනෙ", "භාවනා කරන්න ඕනෙ". "නිවන් අවබෝධ කරගන්න ඕනෙ", වගේ අදහස් ලෝභය නෙමෙයි. [B]ද්වේශය[/B] අප අකමැති පුද්ගලයන්, වස්තූන්, ගුණයන්, ක්‍රියාවන් නුරුස්නා ස්වභාවය නැතහොත් ඒවාට විරුද්ධ වන, ගැටෙන ස්වභාවය ද්වේශය කියල හඳුන්වනව. ද්වේශයටත් අප එදිනෙදා ජීවිතයෙ ගොඩක් වචන පාවිච්චි කරනව. ක්‍රෝධය, වෛරය, පිළිකුල, නොසතුට, භය, කණගාටුව, තරහව. ද්වේශය බලයෙන් තමන්ට සමාන වන කෙනෙක් ගැන හරි තමන්ට වඩා දුබල කෙනක් ගැන නුරුස්නා නැත්නම් විරැද්ධවන ස්වභාවයකින් පහළ වෙනව ඒකට කියනව ක්‍රෝධය කියල. තමන්ට වඩා බලවත් කෙනෙක්ට හරි ප්‍රතික්‍රියාවක් දක්වන්න බැරි කෙනෙක් ගැන ද්වේශය පහළ වුනොත් එම බලවත් කෙනාගෙන් ඈත්වෙන පසුබසින ස්වභාවයකින් යුක්ත වෙනව. ඒ අවස්ථාවට කියනව බය කියල. දීර්ඝ කාලයක් තිස්සෙ නැවත නැවත උපදිමින් තියන ද්වේශයට කියනව වෛරය කියල. කිසියම් පුද්ගලයකු ගේ හරි වස්තුවක තියක අශෝභනත්වය නැත්නම් අවලස්සන නිසා ඇතිවන ද්වේශයට කියනව පිළිකුල කියල. [B]මෝහය [/B] යම් කිසි දෙයක හෝ කරුණක පවතින ස්වභාවය නැතහොත් සත්‍ය ස්වභාවය වරදවා වටහාගන්නා වූ මානසිකත්වයට කියනව මෝහය කියල. මුළාව, නොදැනීම, වැරදීම,මෝඩකම යන වචන වලින් මෙය හඳුන්වනව.දුක් සඳහා පවත්නා කරුණූත් සැප සඳහා පවත්නා කරුණුත් වෙන්කර දැක්වීමට ඇති නොහැකි බව, සත්‍යය අසත්‍ය හැටියටත් අසත්‍යය සත්‍ය හැටියටත් පෙනීම ආදී වශයෙන් මෝහය තවත් ක්‍රම වලින් විග්රහ කරන්න පුළුවන්. තමන් කරන කියන දේ නුවණින් විමසා බලා නොකිරීම හේතුවෙන් බොහෝ විට මෙම අකුසලය සිදුවෙනව. මෝහයෙ ගැඹුරු තේරුම් තියනව මෙතනදි සරලව පහදා දෙන්නයි අවශ්‍ය වුනේ. [B] ඉහත ප්‍රධාන අකුසල් මූල වලට අමතරව ඒවායෙන් ව්‍යුත්පන්න වන තවත් අකුසල් වර්ග කිහිපයක් තියනව බලමු ඒවත් මොනවද කියල [/B] [B]ක්‍රෝධය[/B] අන්‍යන්ට රිදවීමට ආශාකරන ආකාරයෙන් හටගන්නා ද්වේශයට කියනව ක්‍රෝධය කියල. මුලින් සිහින්ව හටගෙන ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී අනුන් මෙන්ම තමන්වත් විනාශ නරන පාපයක් මේක. පළමුව මිහිරි ලෙසකින් ආරම්භවෙලා පස්සෙ දුකට පමුණුවන මුල මිහිරි අග නපුරු ධර්මයක්. ක්‍රෝධය නිසා සිදු කරන දේවල් වලින් කරන අවස්ථාවේ සතුටක් ලැබුනත් විපාක දෙන්න ගත්තම දරුණු දුකකට පත්වෙන්න සිදු වෙනව. [B]උපනාහය[/B] නැවත නැවත සිතීම නිසා හෝ ක්‍රියා කිරීම නිසා පරණ වූන ක්‍රෝධයට උපනාහය කියල කියනව. වෛරය, එදිරිය යන වචන වලින්ද උපනාහය හඳුන්වනව. මේක දීර්ඝ කාලයක් පවතින අකුසලයක් සමහර වෙලාවට ආත්ම ගණනක් යනතුරුත් පවතින්න පුළුවන්. ආත්ම බොහෝ ගණනක් පවතින වෛරයක් හෙවත් උපනාහයක් හේතුවෙන් විශාල කාලයක් නිරයේ සිදුවීමට ඇති ඉඩ කඩද වැඩි වෙනව. අවසන් නොවන අකුසලයක් හින්ද මේක ගොඩක් අන්තරාදායක දෙයක්. ඒක නිසා හොඳම දේ තමා වෛරයක් ඇති වුනොත් ඒක දිගින් දිගට පවත්වාගෙන යන්නෙ නැතුව සමාදාන වෙලා ඉවරයක් කරගන්න එක. සමාදාන වීම හැර වෙනත් විකල්පයක් මෙයට නැහැ. [B]මක්ඛය[/B] අනුන් විසින් තමන්ට කරපු උපකාර අමතක කිරීම නැතිකර දැමීම මක්ඛය කියල හඳුන්වනව. කළෙහි ගුණ නොසැලකීම කියල කියන්නෙත් මේකටම තමයි. තමන්ට දියුණු වෙන්න උදව් කරපු අයව අපි හැමදාම මතකයෙ තියාගන්න ඕනෙ. ඒ අයට උදව් උපකාර අවශ්‍ය වෙලාවකට උපකාර කිරීම අපගේ යුතුකමක්. ඒවගේම සත්පුරුෂ ගතියක්. පලාසය තමාව ගුණවත් අය සමඟ සමාන කර සිතන ස්වභාවය පලාසයයි. තමන්ගෙ තත්වය වටහා ගන්න තරම් අවබෝධයක් නොමැති අය, දුශ්ශීල වුන තමන්ව සිල්වත් අය සමඟ සමාන කරල හිතන්න පටන් ගන්නව. නූගත් වූ තමන්ව උගත් අය සමඟ සමාන කරනව. දුබල වූ තමන්ව බලවතුන්ට සමාන කරනව. දුප්පත් වූ තමන්ව පොහොසත් අයට සමාන කරනව. මේකෙ ගැටළුව තියෙන්නෙ සමාන කරල නිකන් ඉන්නෙ නැහැ. ඒ අය ගරු කළ යුතු අයට ගරු කරන්නෙ නැහැ. කීකරු විය යුතු අයට කීකරු වෙන්නෙ නැහැ. අවවාද අනුශාසනා දෙන අයව ගනන් ගන්නෙ නැහැ. මෙහෙම කටයුතු කරමින් ඉඳල මෙලොව පරලොව දෙකේම පිරිහෙනව. [B]ඊර්ෂ්‍යාව[/B] අනුන්ගේ දියුණුව, සැප සම්පත් වලින් යුක්ත බව නුරුස්නා ස්වභාවය ඊර්ෂ්‍යාවයි. බාහිර දියුණුව විතරක් නෙමෙයි කෙනෙකුගෙ අභ්‍යන්තර දියුණුව වුනත් දැකීමට අකමැති අය ඉන්නව. නිතර සිල් ගන්න බණ භාවනා කරන පින් දහම් කරන අයගේ අධ්‍යාත්මික දියුණුව දැකල ඒවාට පවා ඊර්ෂ්‍යා කරනව. තමන්ට කරගත නොහැකි දේවල් අනිත් අය කරන ආකාරය ඉවසගෙන ඉන්න බැරිකම බොහෝ අවස්ථාවල මේකට හේතුවෙනව. [B]මාත්සර්‍ය්‍යය [/B] තමන්ගෙ දෙයක් අනුන්ට අයිති වෙන්න හෝ එයින් අනිත් අය යම් කිසි ප්‍රයෝජනයක් ගන්නවට තියන අකමැත්ත මාත්සර්ය්යයයි. මේකට මසුරුකම කියලත් කියනව. සමහර මසුරු අය තමුන්ගෙ දේවල් විතරක් නෙමෙයි වෙනත් කෙනෙක් ඒ කෙනාගෙ දෙයක් අනුන්ට දෙනවටත් අකමැතියි. ඒකට කියනව තද මසුරැකම හෙවත් කදරියතාව කියල. මේ වර්ග දෙකේම මසුරු අය ඉන්නව. ඒ අය තමන් දෙන්නෙත් නැහැ අනිත් අය දෙනවට කැමතිත් නැහැ. තමන් පින් කරන්නෙත් නැහැ අනිත් අයට පින් කරන්න දෙන්නෙත් නැහැ. සමහර වෙලාවට විශාල පිනක් කරගන්න හදන කෙනාට එක එක දේවල් කියල කුඩා පිනක් ලැබෙන ආකාරයේ දෙයක් කරවනව. මේවගේ දේවල් වලින් ගොඩක් අකුසල් රැස් කරගන්නව. [B]මායාව[/B] තමන් නොයෙක් අකුසලයන් පව් කම් කරන ගමන් සමාජයේ ඉදිරියේ ගුණවතෙක් වගේ පෙනී සිටිමින් අනිත් අයව රවටන ස්වභාවය මායාවයි. අදක්ෂ අය දක්ෂ අය ලෙස පෙනී සිටීම. නූගත් අය උගතුන් සේ පෙනී සිටීම. දුප්පත් අය පොහොසතුන් මෙන් පෙනී සිටීම වගේ නොයෙක් ආකාර වලිනුත් මේ මායාව දකින්නට පුළුවන්. ඉතින් සමාජය මේ අයට රැවටිලා නොයක් ගරු නම්බු තණතුරු ආදිය ලබා දෙනව. පස්සෙ ඇත්ත තත්වය දැන ගත්ත ගමන් මේ අය දුකට කරදරයට පත් වෙනව. [B]සාඨෙය්‍ය [/B] බොරු හිතවත් කම්, බොරු නෑකම්, බොරු මිතුරුකම්, බොරු මෛත්‍රිය, බොරු කරුණාව ආදිය දක්වමින් අනුන් රවටන ස්වභාවය. තමාගේ කටයුතු කරගැනීම පිණිස තාවකාලිකව නැති ගුණ ඇති අයුරින් පෙන්වීම සාඨෙය්‍ය කියල හඳුන්වනව. කෛරාටිකයා කපටියා යන වචනද මේ යටතට වැටෙනව. යම් යම් අයගේ හිත සතුටු වන ආකාරයට කතා කරමින් ක්‍රියාකරමින් සිත් දිනාගෙන ඔවුන්ගෙන් ගතහැකි වස්තුවක් හෝ වැඩක් හෝ තමන්ගේ වාසිය පිණිස යොදාගැනීම මේ අයගෙ ගති ලක්ෂණයි. කෛරාටිකයා මොහොතකට වාසි ලැබුවත් එය දීර්ඝ කාලීනව දුකකට හේතුවෙනව. [B]ථම්භය[/B] කීකරු විය යුත්තාට හෝ කීකරු විය යුතු අවස්ථාවන් වලදී නෙනැමෙන සුළු බව අකීකරුකම ථම්භයයි. ධර්මයට හෝ මා පිය ගුරුවරාදීන්ට නැමිය යුතු අවස්ථා වලදී නෙනැමීම නිසා, කීකරු නොවීම නිසා, මුරණ්ඩු වීම නිසා නෙයෙකුත් කරදර විපත් වලට මුහුණ දීමට සිදුවෙනව. වැරදි තීරණ අරගෙන දෙමව්පියන්ට අකීකරුව සිදු කරන ලද වැරදි හේතුවෙන් ජීවිත කාලය තුළම සිරගෙවල් වල ආදියේ වෙසෙමින් නොයෙක් දුකට පීඩාවන්ට පත්වනන් ඉන්නව. [B]සාරම්භය[/B] අනුන් යටපත් කීරීමේ කැමැත්තෙන් අනුන්ට ඉහලින් වැඩ කරන ස්වභාවය සාරම්භයයි. සාරම්භය තියන කෙනා අනිත් අය යම් දෙයක් එක වරක් කරන කොට එයා දෙතුන්වරක් කරනව. කෙනෙක් මලක් පූජ කරන කොට මෙයා මල් වට්ටි දහයක් පූජ කරනව. කෙනෙක් රුපියලක් වියදම් කරන කොට මෙයා රුපියල් දාහක් වියදම් කරනව. කෙනෙක් වචනයකින් අපහාස කළොත් මෙයා වචන දහයකින් දොළහකින් බණිනව. අතින් ගැහුවොත් පොල්ලකින් ගහනව නැත්නම් පිහියකින් අනිනව. ඒත් අනුන් යටපත් කරල තමන් ඉහළින් සිටීමේ අදහසකින් තොරව අනුන් කරනවාට වඩා පින් කිරීමෙත්, අනුන්ට වඩා හොඳින් පින් කිරීමෙත් කිසි වරදක් නැහැ. [B]මානය[/B] තමා අන්‍යයන්ට වඩා වටිනා වැදගත් කෙනෙක් යනුවෙන් තමා උසස් කොට මැනගන්න ස්වභාවය සරලව මානය කියල හඳුන්වනව. මානය තවත් විග්රහ කලොත් කොටස් 3 යුතුයි. සෙය්‍යමානය - තමා උසස් කෙනෙක් කියල උපදින උඩඟුකම. සදිස මානය -තමා අන්යන් හා සමානයයි කියල උපදින උඩඟු බව. හීන මානය- තමා පහත් කෙනෙක් යනුවෙන් ඇතිවන ලැජ්ජාව. [B]අතිමානය [/B] බලවත්කම් ධනවත්කම් උගත්කම් ආදිය නිසා සාමාන්‍ය මානය වර්ධනය වීමෙන් අන්‍යයන් පහත් කොට තමන් උසස් කොට කතා කිරීම ක්‍රියාකිරීමට පටන් ගන්නා වූ මානය අති මානයයි. "මම තමයි මෙහි සිටින ඉහලම කෙනා අනිත් අය කවුද මට උපදෙස් දෙන්න" වගේ මෝඩ අදහස් වලට ලක් වීමෙන් නොයෙක් කරදර වලට මුහුණපෑමට සිදුවෙනව. [B]මදය[/B] කුලය බලය පොහොසත් කම් ආදිය නිසා උඩඟුවීමෙන් ඇතිවන මත්වීම මදය ලෙස හඳුන්වනව. මානයෙන් මත්වුන අය මත්ද්‍රව්‍ය වලින් මත් වුන අය වගේම කළ යුතු දේවල් නොකර, නෙකළ යුතු දේවල් කරන්න ගිහින් දුකට කරදරයට පත්වෙනව. මත්ද්‍රව්‍ය වලින් මත්වන ගතිය තියෙන්නෙ පැය කිහිපයක්. ඒත් මදයෙන් මත් වුනහම අවුරුදු ගනන් පවතිනව සමහර වෙලාවකට මැරෙන තුරුත් පවතින්න පුළුවන්. [B]ප්‍රමාදය[/B] කුසල් සිදුවන දේවල් පිළිබඳව අමතක කරල දාල අකුසලයට යොමු වී පස්කම් සැප විඳිමින් සිතට අවශ්‍ය ආකාරයට හැසිරීමට ඉඩදීම ප්‍රමාදයයි. ප්‍රමාදය හේතුවෙන් නිරයේ ඉපදෙමින්, දුක් විඳිමින්, පීඩාවට පත් වෙමින්, සසර සැරිසරමින් සිටීමට සිදුවෙනව. ප්‍රමාදයෙන් වැලකුන කෙනා සසර ජය ගන්නව. [/SIZE] thanks to ginimakara @ දහම් සෙවණ [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom