Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
සිත දියුණු කිරීමට නම් මහා වීර්යයක් තිබිය යුතුය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිත දියුණු කිරීමට නම් මහා වීර්යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය. සතිය අවශ්‍ය වන්නේ එබැවිනි. සතිය නැත්නම් මොනවා සිතනවාද, කිව්වාද, කරාද කියා නොදනී. කොතෙක් ධර්මය අසා , හොද නරක දැන සිටියද සතියෙන් තම සිත දෙස බැලීමට හැකියාවක් නොමැතිනම් ඒ දැන උගත් ධර්මය ක්‍රියාවට පත් කළ නොහැකිය.

සතිය පුහුණු කළ යුතුය. ධර්ම මාර්ගයට එන ආධුනිකයා විසින් මුල සිට පුහුණු කළ යුතු ඉතාමත්ම වැදගත් දෙයකි සතිය. ඒ සදහා වීර්යයක් තිබිය යුතුය. සතිය නැතිනම් සමාධියේ වැඩීමක් තිබිය නොහැකිය . සිත අයාලේ යයි.

උදාහරණයක් ලෙස අප අකමැති දෙයක් ඇසුණා, දුටුවා යැයි සිතමු. එවිට නිරායාසයෙන් මෙන් සිතට තරහක් එයි. ඒ පුද්ගලයා ගැන නොරිස්සීමක් හට ගනී. ඇතැම් විට බනින්නට පවා පෙළඹෙයි. ඒ සියල්ල සිදුවන්නේ සතිය නොමැති කම නිසාය. සතිය මනා ලෙස ක්‍රියාත්මක කළ හැකි නම් එවැනි අකමැති අරමුණක් හමුවූ කල්හි, එය අනිත්‍ය , අනාත්ම , අසුබ ආදී කවරාකාරයකින් හෝ විමසා බලා සිතට නැගෙන්නට තිබූ කෙලෙස් ජය ගත හැකි වනු ඇත. අසා දැනගෙන , කියවා තිබූ ධර්මය නිසි තැනට යොදා ගත හැකි වන්නේ සතිය නිසියාකාරව ක්‍රියා කරන්නේ නම් පමණි.

එය වැඩිය යුතු දෙයකි. සතිය වඩවාගැනීමට මුල සිට කළ හැකි නොයෙක් ආකාරයේ ක්‍රම තිබේ. එදිනෙදා වැඩ කරන අතරතුර සිත නොයෙක් අරමුණු වලට දිවීම නතර කොට "බුද්ධෝ " යන වචනයම අඛණ්ඩව සිතින් මෙනෙහි කිරීම ඉතාමත් ප්‍රචලිත හා ප්‍රතිඵලදායක ක්රමයකි. තවද ඔබ කරන ක්‍රියාව පිළිබඳව සිතින් සිතමින් එහි නියළීමද සාර්ථකය. එනම් සෝදන විට " සෝදනවා " ලෙසින් සිතින් සිහි කරමින් ඒ වැඩෙහි යෙදීමයි.

කෙළවරක් නැති සිතිවිලි වල පැටළෙමින්, අකුසල් උපදවා ගන්නවා වෙනුවට මෙවැනි පරිකම්ම වදන් භාවිතා කිරීම ඉතාමත් සුදුසුය.

කයින්, වදනින් වැළකී සිටියද සිතින් කොතෙක් නම් ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි ගලා යයිද..! ඒවා කොපමණදැයි කියා අප දන්නේත් නැත. අප නිරතුරුවම ඇසින්, කණින් ආදී ආයතන වලින් ලැබෙන අරමුණු අරඹයා කොපමණ නම් සිතිවිලි ජනිත කර ගන්නවාද..

උදාහරණයක් ලෙස ඔබ දකින රූපයක් ගැන සිතන්න. අපට ඒ අරඹයා නැඟෙන්නෙ කවරාකාර සිතිවිලිද..

ඇඳගෙන සිටින ඇඳුම... ලස්සනද..කැතද.. දමා සිටිනා සපත්තු..ඔරලෝසු.. මාල වළලු. අත්බෑග්..ඒවා ගන්නට ඇත්තේ කොහෙන්ද...ඒවා ලස්සනයි.. කැතයි... ඇය ආඩම්බරයි. අහින්සකයි. පණිඩිතයි...මේ ආදී කොතෙක් නම් සිතිවිලි පැන නඟීද.. මේ සියල්ල සසර දික් කරවන සිතිවිලිය.. සතිය නොමැතිකම නිසා හිතට ගලා එන සිතිවිලිය. ඔබ මනා සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුතු වූවා නම්, ඔබට ඒ රුව දකිත්ම එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු වලින් යුත් නිරන්තර අභාවයට යන රූපයක් බවත්.. දෙතිස් කුණපයෙන් යුත් රූපයක් බවත්..ඒ රුව අනාත්ම බවත්...ජරාව , ව්‍යාධිය, මරණය, ඒ රුව ඉක්මවා ඔබ මනසින් දකිනු ඇත..එයයි යෝනිසෝ මනසිකාරය.. එයයි සතිය...

පුහුණු කරත්ම මේවා නිරායාසයෙන් සිතට නඟී. ඔබේ පුහුණුව කුමන මට්ටමක පවතින්නේදැයි ඔබටම විමසා බැලිය හැක. සතිය සම්පූර්ණ වන්නේ රහත් මාර්ග ඵලයෙනි. එතෙක් සතිය වඩවා ගත යුතුය.

ධර්මය යනු පුහුණු කළ යුතු ප්‍රායෝගික දෙයක් විනා , හිඳගෙන අස අසාම සිටිය යුතු දෙයක් නොවේ. සසර පුරා අයාලේම දිවූ සිත මෙසේ හික්මවීම සුළුපටු වීර්යයකින් කළ නොහැක. වීර්යය අත්‍යවශ්‍යය. කළණ මිතුරු ඇසුර අත්‍යවශ්‍යයය. ගුරු ඇසුර අත්‍යවශ්‍යය..

එක මොහොතකදීවත් ගිළිහී නොයන සතියක් පවත්වා ගන්නට තරම් අප දියුණු විය යුතුය. මේ සෑම දෙයම කරන්නට අපට ඇත්තේ ඉතා සීමීත කාලයකි. සිනා කවටකම් මැද, ගේ දොර වැඩ පළ මැද, රූපවාහිනි නාට්‍ය, සංගීත , සාජ්ජ, ගමන් බිමන් මැද අපට මේ සත්‍යය වැසී යන්නේ නොදැනුවත්වමය.. සිත දියුණු තියුණු කරවන දේවල් නොව, කෙලෙස් ආගාධයේ ගිලෙමින් තව තවත් සිත මොට කරවන අරමුණු වැහි වැහැලාය.. රූපවාහින්යේ ප්රවෘත්ති විකාශයක් බැලූ විට කොතෙක් නම් හිස් ලෝකයක, හිස් අරමුණු වල මිනිසා ගිළී ඇද්දැයි සිතේ. චන්ද ව්‍යාපාර, මිනී මැරුම්, සොරකම්, අනතුරු, අපරාධ, ලෙඩ රෝග, ස්ත්‍රී ළමා දූෂණ ආදී කෙළවරක් නැති කෙලෙස් මඬ ගොහොරුවකි.

මම,මගේ , අපේ නොකර මමත්වයෙන් මිදී පොදු සත්වයන් යන හැගීමෙන් සිතින් බලන කල්හි මෙය කොතෙක් නම් දුක්ඛ සත්‍යයක්දැයි අවබෝධ වේ. නමුත් සාමාන්‍ය ජනතාව එසේ අවබෝධයක් ලබා ගන්නේ නැත. ඔවුන් ඒ පුවතක් පුවතක් පාසා කොපමණ නම් කෙලෙස් සිත් උපදවා ගන්නේද.. සිත අවුළුවා ගන්නේද... ඔබේ සිත නිවන හෝ අවුළුවන අරමුණු තෝරා බේරා ගෙන පරිශීලනය කළ යුත්තේ ඔබමය. පැයක් පුරා සිත නිවන දහම් දෙසුමක් අසනු පසෙකලා, පැයක් පුරා ප්රවෘත්ති , නාට්‍ය ආදී දෙයක් බැලීම තෝරා බේරා ගත යුත්තේ ඔබමය. ඒ පැය තුළ ඔබ සිතේ ජනිත වන කෙලෙස් සිතිවිලි කල්ප ගණනකට ඔබේ සසර සාදන්නේය. උතුම් දුර්ලභ මනුස්ස ජීවීතයේ ගතවී යන තත්පරයද අහක දැමිය යුතු නොවේ.. මන්ද යත් මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයකි. අද පවතින දේ හෙට පවත්නේ නැත.

එක මොහොතක් අපතේ හරින්නට වේලාවක් නොවේ.. ඒ අප්රමාදී බව සෑම මොහොතකම මෙනෙහි කරන්න..

සිත මුලා කරවන කෝටියක් දේ අතර, සිත හරි මඟට ගෙන්වන දේ අති දුර්ලභය. එය ඉදිරියට තව තවත් දුලභ වනවා හැරෙන්නට...

සුලභ නම් නොවනු ඇත...

[QUOTE="asliyanage, post: 29269395, member: 8764"] සිත දියුණු කිරීමට නම් මහා වීර්යයක් තිබිය යුතුය. සිතට නිරන්තරයෙන්ම නැගෙන අකුසල් සිතිවිලි මැඩගෙන කුසල් සිතිවිලි පැවැත්විය යුතුය. ඒ සදහා සිතට එන සිතිවිලි දැන ගත යුතුය. සතිය අවශ්‍ය වන්නේ එබැවිනි. සතිය නැත්නම් මොනවා සිතනවාද, කිව්වාද, කරාද කියා නොදනී. කොතෙක් ධර්මය අසා , හොද නරක දැන සිටියද සතියෙන් තම සිත දෙස බැලීමට හැකියාවක් නොමැතිනම් ඒ දැන උගත් ධර්මය ක්‍රියාවට පත් කළ නොහැකිය. සතිය පුහුණු කළ යුතුය. ධර්ම මාර්ගයට එන ආධුනිකයා විසින් මුල සිට පුහුණු කළ යුතු ඉතාමත්ම වැදගත් දෙයකි සතිය. ඒ සදහා වීර්යයක් තිබිය යුතුය. සතිය නැතිනම් සමාධියේ වැඩීමක් තිබිය නොහැකිය . සිත අයාලේ යයි. උදාහරණයක් ලෙස අප අකමැති දෙයක් ඇසුණා, දුටුවා යැයි සිතමු. එවිට නිරායාසයෙන් මෙන් සිතට තරහක් එයි. ඒ පුද්ගලයා ගැන නොරිස්සීමක් හට ගනී. ඇතැම් විට බනින්නට පවා පෙළඹෙයි. ඒ සියල්ල සිදුවන්නේ සතිය නොමැති කම නිසාය. සතිය මනා ලෙස ක්‍රියාත්මක කළ හැකි නම් එවැනි අකමැති අරමුණක් හමුවූ කල්හි, එය අනිත්‍ය , අනාත්ම , අසුබ ආදී කවරාකාරයකින් හෝ විමසා බලා සිතට නැගෙන්නට තිබූ කෙලෙස් ජය ගත හැකි වනු ඇත. අසා දැනගෙන , කියවා තිබූ ධර්මය නිසි තැනට යොදා ගත හැකි වන්නේ සතිය නිසියාකාරව ක්‍රියා කරන්නේ නම් පමණි. එය වැඩිය යුතු දෙයකි. සතිය වඩවාගැනීමට මුල සිට කළ හැකි නොයෙක් ආකාරයේ ක්‍රම තිබේ. එදිනෙදා වැඩ කරන අතරතුර සිත නොයෙක් අරමුණු වලට දිවීම නතර කොට "බුද්ධෝ " යන වචනයම අඛණ්ඩව සිතින් මෙනෙහි කිරීම ඉතාමත් ප්‍රචලිත හා ප්‍රතිඵලදායක ක්රමයකි. තවද ඔබ කරන ක්‍රියාව පිළිබඳව සිතින් සිතමින් එහි නියළීමද සාර්ථකය. එනම් සෝදන විට " සෝදනවා " ලෙසින් සිතින් සිහි කරමින් ඒ වැඩෙහි යෙදීමයි. කෙළවරක් නැති සිතිවිලි වල පැටළෙමින්, අකුසල් උපදවා ගන්නවා වෙනුවට මෙවැනි පරිකම්ම වදන් භාවිතා කිරීම ඉතාමත් සුදුසුය. කයින්, වදනින් වැළකී සිටියද සිතින් කොතෙක් නම් ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි ගලා යයිද..! ඒවා කොපමණදැයි කියා අප දන්නේත් නැත. අප නිරතුරුවම ඇසින්, කණින් ආදී ආයතන වලින් ලැබෙන අරමුණු අරඹයා කොපමණ නම් සිතිවිලි ජනිත කර ගන්නවාද.. උදාහරණයක් ලෙස ඔබ දකින රූපයක් ගැන සිතන්න. අපට ඒ අරඹයා නැඟෙන්නෙ කවරාකාර සිතිවිලිද.. ඇඳගෙන සිටින ඇඳුම... ලස්සනද..කැතද.. දමා සිටිනා සපත්තු..ඔරලෝසු.. මාල වළලු. අත්බෑග්..ඒවා ගන්නට ඇත්තේ කොහෙන්ද...ඒවා ලස්සනයි.. කැතයි... ඇය ආඩම්බරයි. අහින්සකයි. පණිඩිතයි...මේ ආදී කොතෙක් නම් සිතිවිලි පැන නඟීද.. මේ සියල්ල සසර දික් කරවන සිතිවිලිය.. සතිය නොමැතිකම නිසා හිතට ගලා එන සිතිවිලිය. ඔබ මනා සතියෙන් යෝනිසෝ මනසිකාරයෙන් යුතු වූවා නම්, ඔබට ඒ රුව දකිත්ම එය පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ධාතු වලින් යුත් නිරන්තර අභාවයට යන රූපයක් බවත්.. දෙතිස් කුණපයෙන් යුත් රූපයක් බවත්..ඒ රුව අනාත්ම බවත්...ජරාව , ව්‍යාධිය, මරණය, ඒ රුව ඉක්මවා ඔබ මනසින් දකිනු ඇත..එයයි යෝනිසෝ මනසිකාරය.. එයයි සතිය... පුහුණු කරත්ම මේවා නිරායාසයෙන් සිතට නඟී. ඔබේ පුහුණුව කුමන මට්ටමක පවතින්නේදැයි ඔබටම විමසා බැලිය හැක. සතිය සම්පූර්ණ වන්නේ රහත් මාර්ග ඵලයෙනි. එතෙක් සතිය වඩවා ගත යුතුය. ධර්මය යනු පුහුණු කළ යුතු ප්‍රායෝගික දෙයක් විනා , හිඳගෙන අස අසාම සිටිය යුතු දෙයක් නොවේ. සසර පුරා අයාලේම දිවූ සිත මෙසේ හික්මවීම සුළුපටු වීර්යයකින් කළ නොහැක. වීර්යය අත්‍යවශ්‍යය. කළණ මිතුරු ඇසුර අත්‍යවශ්‍යයය. ගුරු ඇසුර අත්‍යවශ්‍යය.. එක මොහොතකදීවත් ගිළිහී නොයන සතියක් පවත්වා ගන්නට තරම් අප දියුණු විය යුතුය. මේ සෑම දෙයම කරන්නට අපට ඇත්තේ ඉතා සීමීත කාලයකි. සිනා කවටකම් මැද, ගේ දොර වැඩ පළ මැද, රූපවාහිනි නාට්‍ය, සංගීත , සාජ්ජ, ගමන් බිමන් මැද අපට මේ සත්‍යය වැසී යන්නේ නොදැනුවත්වමය.. සිත දියුණු තියුණු කරවන දේවල් නොව, කෙලෙස් ආගාධයේ ගිලෙමින් තව තවත් සිත මොට කරවන අරමුණු වැහි වැහැලාය.. රූපවාහින්යේ ප්රවෘත්ති විකාශයක් බැලූ විට කොතෙක් නම් හිස් ලෝකයක, හිස් අරමුණු වල මිනිසා ගිළී ඇද්දැයි සිතේ. චන්ද ව්‍යාපාර, මිනී මැරුම්, සොරකම්, අනතුරු, අපරාධ, ලෙඩ රෝග, ස්ත්‍රී ළමා දූෂණ ආදී කෙළවරක් නැති කෙලෙස් මඬ ගොහොරුවකි. මම,මගේ , අපේ නොකර මමත්වයෙන් මිදී පොදු සත්වයන් යන හැගීමෙන් සිතින් බලන කල්හි මෙය කොතෙක් නම් දුක්ඛ සත්‍යයක්දැයි අවබෝධ වේ. නමුත් සාමාන්‍ය ජනතාව එසේ අවබෝධයක් ලබා ගන්නේ නැත. ඔවුන් ඒ පුවතක් පුවතක් පාසා කොපමණ නම් කෙලෙස් සිත් උපදවා ගන්නේද.. සිත අවුළුවා ගන්නේද... ඔබේ සිත නිවන හෝ අවුළුවන අරමුණු තෝරා බේරා ගෙන පරිශීලනය කළ යුත්තේ ඔබමය. පැයක් පුරා සිත නිවන දහම් දෙසුමක් අසනු පසෙකලා, පැයක් පුරා ප්රවෘත්ති , නාට්‍ය ආදී දෙයක් බැලීම තෝරා බේරා ගත යුත්තේ ඔබමය. ඒ පැය තුළ ඔබ සිතේ ජනිත වන කෙලෙස් සිතිවිලි කල්ප ගණනකට ඔබේ සසර සාදන්නේය. උතුම් දුර්ලභ මනුස්ස ජීවීතයේ ගතවී යන තත්පරයද අහක දැමිය යුතු නොවේ.. මන්ද යත් මේ ගෙවෙන්නේ බුද්ධෝත්පාද කාලයකි. අද පවතින දේ හෙට පවත්නේ නැත. එක මොහොතක් අපතේ හරින්නට වේලාවක් නොවේ.. ඒ අප්රමාදී බව සෑම මොහොතකම මෙනෙහි කරන්න.. සිත මුලා කරවන කෝටියක් දේ අතර, සිත හරි මඟට ගෙන්වන දේ අති දුර්ලභය. එය ඉදිරියට තව තවත් දුලභ වනවා හැරෙන්නට... සුලභ නම් නොවනු ඇත... [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom