සින්ඩරැල්ලා කුමරියනේ....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිතේ හැංගීලා... නිදා නොනිදා පහන් වෙන රෑ...
    පුරා මා දුටුවේ නෙතු දිලෙනා වත නුඹගේ...
    ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්...
    හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ....

    ඈ සදතලේ... සොමි සඳකැන් නැහැවීලා...
    සුර දෙව් දූ වැඩියාදෝ සුරලෝකෙන් මට සිතුනා..
    නිමේශයක් දැකගන්නම් හිනැහෙද්දී රූ සේයා...
    රැය තරුණයි කුමරියනේ.. මම තවමත් හිඳිමි බලා...

    ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්...
    හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ....

    ඔබ ඈතයි මා ඈතයි... කිසිදා නෑ එක් වන්නේ...
    මගෙ වත්කම් හරි සරදම් දුහුවිල්ලක් ලෙසින් පෙනුනේ...
    මැදුරු තනා දෝලාවෙන් නුඹ කැන්දා යනෙන ගමනේ...
    කෙලවරකයි දු‍ගී කතරේ මියෙන තුරා මගේ සර‍ණේ..

    ආදරයක් හිත රැඳුනත් තහනම් වී ඇත මටනම්...
    හමුවන්නම් යලි මතුදා.. සින්ඩරැල්ලා කුමරියනේ....
     
    • Like
    Reactions: kinkon