Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හලු අපි පරක්කු උනා වැඩිද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිම්බාබ්වේ, සැම්බියාව, පකිස්ථානය, උගන්ඩාව, වැනිසියුලාව, අර්ජෙන්ටිනාව ආර්ථික වශයෙන් ආගාධයට පත්වන අවස්ථා මම මැනවින් නිරීක්ෂණය කර ඇත්තෙමි. ලෝකයේ රටවල් පිළිබඳව ඇතුලත තොරතුරු ලබා ගැනීමට බොහෝ ලාංකිකයන්ට නොමැති අවස්ථාවක් මට ඇත. එනම් විවිධ රටවලින් පැමිණි සිසු සිසුවියන් සහ අධ්‍යයන සඟයන් මා සමග ඉතා සමීපව කටයුතු කිරීමයි. ඔවුන්ගෙන් සමහර දෙනා අදාළ රටවල්වල රජයේ ඉහල නිලධාරින් හෝ ඔවුන්ගේ දරුවන්ය. කිහිප දෙනෙක් දේශපාලන අධිකාරියේ ඉහලම තැන් හා සම්බන්ධය. මේ නිසා මට බොහෝ දෙනෙක් නොදකින තොරතුරු ලබාගත හැකිය. මීට අමතරව රටවල් කිහිපයකම මගේ විෂය පථයට ඍජුවම අයත් නොවූ ව්‍යපෘති කිහිපයකට මම දායකවෙමි. එයද හොඳ අභ්‍යන්තර තොරතුරු ගඟුලකි.

ලංකාවේ සිදුවන විපත පිළිබඳව මට සෑහෙන්න අවබෝධය ලැබුණේ උගන්ඩානුවන් ගෙනි.

"මුලින්ම ඔවුන් විදේශ ණය මුදල් වලින් 10%-15% වගේ ප්‍රමාණයක් යටිමඩි ගහගත්තා. නමුත් චීනයෙන් ණය ලබාගන්න පටන්ගත්තට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. එක පැත්තකින් චීනය ඩොලර් මිලියනයක් ඕන වැඩේට මිලියන 4 ක් ණය දුන්න. ඒ මුදලින් 80% විතර කට්ටියම යටිමඩි ගැහුවා. පාරවල් සහ පාලම් තරම් මුදල් හොරකම් කරන්න පුළුවන් ව්‍යපෘති තවත් නම් නැහැ" මේ උගන්ඩාවේ ඉහලම රජයේ තනතුරක් දරණ කෙනෙකුගේ ප්‍රකාශයකි.

ලංකාවේ යම් යම් කටයුතුවලට සම්බන්ධ වන විට එහි රඟ දැක්වෙන්නේද උගන්ඩාවේ කතා පිටපතම බව මට මැනවින් පැහැදිලිවිය. නීතියේ හා සදාචාරයේ රාමුව තුල හිඳගෙන මම මේ පිළිබඳව ලාංකිකයාට හඬගා කීවෙමි. ඔබට මගේ බ්ලොගයේ ලියා ඇති කරුණු decode කරගත හැකි නම් එහි විසල් පින්තුරයක් දැකිය හැක.

දැන් බොහෝ දෙනෙක් අද රට පත්වී ඇති තත්වයට වසර 75ක පමණ අතීතය වගකිව යුතුයැයි පවසයි. නමුත් ඇත්තෙන්ම මේ ව්‍යසනය ඇරඹෙන්නේ 2010 වසරේදී පමණය. ඊට පෙර කාලය බොහෝ දියුණුවෙමින් පවතින රටවලට පොදු රටාවක් විය. ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, වියට්නාමය, තායිලන්තය ආදී රටවල් 2010 පමණ වනතෙක් පැමිණි මගත්, ලංකාවේ මගත් අඩුවැඩි වශයෙන් සමාන විය. ඉන් පසු ඒ ඒ රටේ පාලකයාගේ දක්ෂතාවය හෝ අදක්ෂතාවය මත ඔවුන් වෙනස් මගවල ගියහ. ලංකාව තිස් වසරක යුද්ධය, දුෂණය හා භීෂණය සමග, ආර්ථික වශයෙන් සතුටුවිය නොහැකි, එහෙත් බිය විය යුතුද නැති, යම් ස්ථාවරත්වයක් ලඟා කරගෙන සිටියේය.

නමුත් චීනාගේ සම්ප්රාප්තියත් සමගම බොහෝ දේ වෙනස් විය. පොලියට ණය, පොලිය සමග වාරිකය ගෙවීමට පොලියට ණය, ආදී වශයෙන් ණය මතම පදනම් වූ ආර්ථිකයක් බිහි විය. මේ ගැන මම අනෙක වර ලියා ඇත. 2010 දී ඇරඹි අභාග්‍යයේ වන්දනා ගමන ගතවන සෑම වසරකම වේගවත් විය. එය 2015-2019 යුගය තුල කිසිසේත්ම යහපත් වුයේ නැත. ඊට හේතුව ඉතා සරළය. සංදර්ශණ වේදිකාවෙන් පිටුපස ඔවුන් එක මත්පැන් වීදුරුව තොලගාන කලණ මිතුරන්ය. මෙය මා පෞද්ගලිකවම දන්නා කරුණකි. චීනය ඔවුන් එකම පොදියකට තබා ගැටගසා ඇත. අද කියාද වෙනසක් නැත.

නොසිතූ මොහොතක කඩා වැදුණු කොවිඩ් කුණාටුව අභාග්‍යයේ ගමනාන්තය වසර කිහිපයකින් කෙටි කළේය. අවාසනාවට පාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් කොවිඩ් උවදුර පවා තම මඩිය තර කිරීමට යොදාගත්හ. හොරා කන එකාට එය ඇබ්බැහියක් වෙයි. එය මරණ මංචකයේදීවත් ඔවුන්ට නවතා ගත නොහැක.

රටට වූ ඉතාම අභාග්‍යසම්පන්න කාරණය නම් ජනාධිපතිධූරය දේශපාලන කිරිදරුවකුගේ අතට යාමයි. ඔහු දැන් නුවර පෙරහැර බලන්න ගොස් දෙමව්පියන් මගහැරී අතරමන් වූ දරුවෙකුට සමානය. ඔහුගේ කතාව සහ සිරුරු බස පවසන්නේ ඔහු අන්දමන්දව සහ වික්ෂිප්තව ඇති බවයි. ඉදිරි මාස කිහිපයේදී ඔහුගේ මේ වික්ෂිප්තබාවය කුමන පසෙකට හැරෙයි දැයි මට අනුමාන කල නොහැක.

සමහර විට ඔහු ඉච්චා භංගත්වයට පත්වී බියගුළු ලෙස මුළු ගැන්වෙනු ඇත. නොඑසේ නම් ඉතා රෞද්‍ර වියරු ස්වභාවයකට පත්වනු ඇත. ඉන් කුමන තත්වය ඇති වුවත් මෙය අතිශයින්ම දරුණු ඛේදවාචකයකි.

රට අද පවතින තත්වය පිළිබඳව ලාංකිකයන් කී දෙනෙකුට මනා වැටහීමක් ඇත්දැයි මම නොදනිමි. එය "ගෑස් නැහැ, තෙල් නැහැ, කිරිපිටි නැහැ, ලයිට් නැහැ" ආදී වූ ද්‍රව්‍ය සහ සේවා අහේනියට වඩා ඉතා බැරෑරුම් සහගත තත්වයකි.

ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක් සිදුකරන්නේ කාරණා දෙකකටය. එනම් ශ්‍රේණිගත වන රටට තමා පිළිබඳව ඇගයීමක් ලබාගෙන දොස් නිදොස් කරගැනීමටත් අනෙක් රටවලට ශ්‍රේණිගත වන රටේ තත්වය පිළිබඳව යම් තක්සේරුවක් ලබා ගැනීමටත්ය. නමුත් ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත අංකනය අඩුවන විට ආණ්ඩුව කලේ ශ්‍රේණිගත කරන ආයතනවලට තදින් දොස් පැවරීමයි. මෙය දරුවා තම අදක්ෂතාවය නිසා විභාගය අසමත් වූ විට ගුරුවරයාට පස් පඩංගුවේ බැනීම වැනිය. අපි ශ්‍රේණිගත කරන ආයතනවලට දොස් පැවරීම අනෙක් රටවල් දකින්නේ අපගේ නොහැකියාව සහ විනය මද කමක් ලෙසය. මෙය අපට ශ්‍රේණිය පහල යාමෙන් ලැබෙන ඍණාත්මක අවධානය දෙගුණ කරවයි.

එක දිගටම වසර දෙකක් ලංකාව ඉදිරියට ආවේ අධික පොලියට විදේශ ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම යන කාරණා දෙක මතය. ශ්‍රේණිගත කරන ආයතන පෙන්වා දුන්නේ එය අතිශයින් බියකරු ගමනක් බවයි. නමුත් ආණ්ඩුව කලේ පණිවිඩකරුවාට වෙඩි තැබීමයි. චීනය සහ දියුණු රටවලින් ණය ලබා නොදෙන තැන ආණ්ඩුව විසින් ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, නයිජීරියාව ආදී අපටත් වඩා ඒක පුද්ගල ආදායම අඩු රටවල්වලින් සිඟමන් ඉල්ලන්න විය. දැන් අපිට නුදුරු දිනෙක ඉන්දියාවට සහ බංගලාදේශයටද ණය ගෙවීමට ඇත. කෙතරම් පිංසේන්ඩු වුවත් දැන් ලංකාවට අධික පොලියටවත් ණය දෙන්න රටක් නැත. ලංකාවේ මුදල් ඇමති අවට රටවල්වලට හිසරදයක් වී ඇත. සමහර විට ඊළඟ ණය වෙනුවෙන් අපිට රටේ මිල කළ නොහැකි දේපලක් පවරා දීමට සිදුවනු ඇත.

ලංකාවට ඖෂධ, කිරිපිටි හෝ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ගෙන ඒමට යන්තම් ඉතිරි කරගෙන ඇති මුදල ගෙවා හෙට ඩීසල් නැවක් නිදහස් කරගනු ඇත. තව දින කිහිපයක් එයින් රට දුවනු ඇත. ඉන් පසු එළඹෙන සතියේ එසේ වෙන යමකට වෙන් කල මුදල්ද නැත. රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලැබීමේ මගක් පෙනෙන තෙක් මානයක නැත. රට මෙතෙක් ඉදිරියට දිව්වේ කඳ මහත මැති ඇමතිවරුන් කල කී දෙයින් නොව විදේශවල කඹුරන සහෝදර සහෝදරියන්ගේ දහදිය මතින් බව මේ ආණ්ඩුවට අමතක විය. රට ඔසවාගෙන යන දෑත් මිනිස් බෝම්බ ලෙස නම් කෙරුණි. අද මේ නිසා ඔවුන් අතිශයින් කලකිරී ඇත. ඔවුන්ගේ මුදලට නියමිත වටිනා කම දීමට ආණ්ඩුව මැලිවී ඇත.

පසුගිය වසර දෙක තුල රටේ දුර්භාග්‍යය කූටප්රාප්තියට පත්වීමට මූලිකවන හේතු තුනක් මම දකිමි. මේ මූලික කාරණා තුලට මම කොවිඩ් ඇතුලත් නොකරමි. කොවිඩ් යනු උත්ප්‍රේරකයක් පමණි.

ප්‍රධාන රෝග කාරකය වන්නේ රටේ පාලනය අතට ගත් අතලොස්සක් වූ නුගත්, තක්කඩි, ඉතා බුද්ධි හීන මැති ඇමතිවරුන් පිරිසයි. හොරකම, මැරකම සහ ස්වාමියා වෙනුවෙන් බිරීම යන කරුණු තුනෙන් පිට ඔවුන්ට රාජ්‍ය පාලනය පිළිබඳව කිසිඳු අවබෝධයක් නැත. පාර්ලිමේන්තුව පාලනය කරන්නේද මේ සුළු පිරිසයි. ඔවුන්ගේ ප්‍රධානම රාජකාරිය බවට පත්වී ඇත්තේ කෙසේ හෝ ජනතාවට බොරු චිත්‍රයක් පෙන්වමින් පාලක පවුල රැකගැනීමයි.

ඊළඟ කාරණය නම් යම් බුද්ධියක් සහ හැකියාවක් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ රටේ වියතුන් යයි කියා ගත් පිරිස් ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් නිහඬව සිටීම හෝ පාලක රෙජීමයට කඩේ යාමයි. අද සුළුතරයක් හැරුණු විට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාලක රෙජිමයට දොස් පවරනු දක්නට ලැබේ. එහෙත් ඔවුන් පමා වුවා වැඩිය

ඔවුන් දෙස දැන් හෙලන්නේ සැක මුසු බැල්මකි. ඔවුන් ආණ්ඩුවේම තවත් උප්පරවැට්ටියක්දැයි බොහෝ දෙනෙකුට සැක පහළවී ඇත.

තුන්වන කාරණය නම් කිසිම එල්ලයක් නැති එමෙන්ම වියත් බවක් නොපෙන්වන ප්‍රධාන විපක්ෂයයි. තුන් හතර දෙනෙක් හැරෙන්නට, පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතත් ඔවුන්ගේ කතාබහ සහ හැසිරීම ඉතා ග්‍රාමය සහ බොළඳ ආකාරයක් පෙන්නුම් කරයි. ඔවුන් ඒ ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇතිකිරීම සඳහා කුමක් හෝ කියා කෑගසනු විනා රටේ යථා තත්වය ඉස්මතු කරමින් යායුතු මග පිළිබඳව ආණ්ඩුවට බලකිරීමක් කරනු අප දැක නැත (අර තුන් හතර දෙනා හැරෙන්නට).

මේ කණ්ඩායම් තුන අවබෝධ කරගැනීමට නොහැකි වූ බහුතරයක් ජනතාව අද සිදුවී ඇති විපතට වග කිව යුතු යයි මම නොකියමි. ලංකාව වැනි රටක ජනතාව තුලින් විශාල දේශපාලන සාක්ෂරතාවයක් අපට බලාපොරොත්තු විය නොහැක. ඔවුන් බොහෝ දෙනෙකුගේ දේශපාලන බුද්ධිය සහ අධ්‍යාපන තත්වය අතර කිසිඳු සම්බන්ධයක් නැත. ඉහල උගතුන් තුල දේශපාලන බුද්ධිය අවම තත්වයක පවතිනු මම දැක ඇත්තෙමි. දේශපාලන බුද්ධිය යනු මම කැමති පක්ෂයට එයත් කැමති විය යුතුය යන්න නොව, කුමන පක්ෂයකට චන්දය දුන්නත් දේශපාලකයා ගන්නා පියවර පිළිබඳව සිහි බුද්ධියෙන් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවයි.

මට සරල උදාහරණයක් දිය හැක. කොවිඩ් උත්සන්න වූ මුල් කාලයේ රට පුරාම ජනතාවට මුඛ ආවරණ පැළඳීම නීතිගත කළේය. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව ජනතාව අතරට යන අවස්ථා කිහිපයක් විය. මෙම හැසිරීම විවේචනය කරමින් මා මෙන්ම තවත් කිහිප දෙනෙක්ම සමාජ මාධ්‍යවල පෝස්ට් පළකළේය. සිදු විය යුතුව තිබුණේ බුද්ධියක් ඇති සියලු දෙනාම එයට විරුද්ධව මත පළකිරීමයි. එය ආණ්ඩුව පෙරලීමක් නොව සිදු වූ වරද නිවැරදි කරගනිමින් පොදු ජනතාවට ආදර්ශයක් දීමට රජයට බලකිරීමකි. නමුත් සිදු වුයේ ආණ්ඩුවට පක්ෂ වූ බහුතරයක් පෝස්ටුවට විරෝධය පළකිරීමයි. එසේ විරෝධය පලකල උදවියම පසු කලක උත්සව සමයේ ජනතාව අතර කිහිප දෙනෙකු මුඛ ආවරණ නොමැතිව සිටින චායාරූප පළකර ඒ මිනිසුන්ට පහත් අන්දමින් අපහාස කර තිබුණි.

මේ තත්වය ආණ්ඩුවේ සියලුම කටයුතු වලදී පොදු දර්ශනයක් විය. සමහරුන් කෙතරම් ආණ්ඩුවට ගැති වුවාදැයි යන්න පෙන්වීමට හොඳම උදාහරණය ගැසට් රිවර්ස් කිරීමේදී ඔවුන් පත් වූ ඉරණමයි. යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත විට, එහි හොඳ නරක නොවිමසා කෙසේ හෝ එය සාධාරණීකරණය කිරීමට මේ පාක්ෂිකයෝ දිවා රෑ නොබලා යුහුසුළු විය. දින කීපයකින් රජය එම මතය අංශක 180 කින් හැර වූ විට ඔවුන්ද ඉතා විහිළු සහගත ලෙස තම මතය වෙනස් කිරීමට උත්සහ ගත්තේය. මේ බොහෝ දෙනා සමාජයේ උගත් යයි කියා ගත් පිරිසකි. මේ අතර එසේ කිරීමෙන් තමන්ට ආණ්ඩුවෙන් පෞද්ගලිකව වාසියක් ලැබෙතැයි බලාපොරොත්තු වූ අතලොස්සක්ද විය. නමුත් බහුතරයක් කිසිම හේතුවක් නොමැතිව අතින් කා හරක් බලන පිරිසක් විය. ඔවුන්ගේ විචාර බුද්ධිය ඛේදජනක ලෙස පිරිහී තිබෙයි.

දැන් සියළුම දෙනා පමා වී වැඩිය.

මට සමාජ මාධ්‍ය තුලින් ලාංකීය සමාජයේ කුලක කිහිපයක් පෙනෙයි. ආණ්ඩුවට ඉතා තදින් බැඳී සිටි පිරිස දෙකට බෙදී ඇත. ඉන් සුළුතරය මේ වන විට යම් මනෝ භ්රාන්තික ස්වභාවයකට පත්වී ඇත. ඔවුන් රටේ අභාග්‍ය පිළිබඳව වූ කිසිම පුවතක් කතාවක් ඇසීමට, කියවීමට, බැලීමට දැඩි අකමැත්තක් දක්වමින් තමාම මවා ගත් සුන්දර ලෝකයක ජීවත්වෙයි. අනෙක් පිරිසෙන් වැඩි කොටසක් ඉච්චා භංගත්වයට පත්ව ඇත. මේ කුලකය මානසිකව ඉතා අසරණ තත්වයකට පත්වී ඇති සේයකි.

ආණ්ඩු විරෝධී කඳවුරුවල සිටි පිරිසද දෙකට බෙදී ඇත. ඉන්

බහුතරයක් ප්‍රීතියෙන් පිනා ගොස් ඇත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීමෙන්, කතාබහෙන් සහ සිරුරු බසින් පෙනෙන්නේ එම කුලකයට ව්‍යසනය ඉතා ප්‍රබෝධමත්ව කතා කල හැකි මාතෘකාවක් වී ඇති බවයි.

ආණ්ඩුවට සහයෝගය දුන් කුලකයෙන් ඉතා කුඩා කොටසක්, ආණ්ඩු විරෝධිව සිටි කුලකයෙන් කුඩා කොටසක් සහ සමාජයේ ඉතා කුඩා සුළුතරයක් වන ගතික මතධාරීන් (අවස්ථාවට අනුව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණ ගන්නා පිරිස) එකතු වූ විට ලැබෙන, සමස්ත සමාජයෙන් ඉතා කුඩා සුළුතරයක් වන පිරිස හතරවන කුලකයයි. ඔවුහු පවතින තත්වයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට උත්සහ ගනිමින් සිටිති.

පතුලට වැටෙන රට ගොඩ ගැනීමට කවදා හෝ උර දෙන්නේ මේ හතරවන කුලකයයි. රට වෙනුවෙන් අවැසි නායකත්වය එතැනින් ගොඩ නැගෙනු ඇත.

Copied from Chandima Gomas

[QUOTE="Willl_Turner, post: 27434223, member: 548153"] සිම්බාබ්වේ, සැම්බියාව, පකිස්ථානය, උගන්ඩාව, වැනිසියුලාව, අර්ජෙන්ටිනාව ආර්ථික වශයෙන් ආගාධයට පත්වන අවස්ථා මම මැනවින් නිරීක්ෂණය කර ඇත්තෙමි. ලෝකයේ රටවල් පිළිබඳව ඇතුලත තොරතුරු ලබා ගැනීමට බොහෝ ලාංකිකයන්ට නොමැති අවස්ථාවක් මට ඇත. එනම් විවිධ රටවලින් පැමිණි සිසු සිසුවියන් සහ අධ්‍යයන සඟයන් මා සමග ඉතා සමීපව කටයුතු කිරීමයි. ඔවුන්ගෙන් සමහර දෙනා අදාළ රටවල්වල රජයේ ඉහල නිලධාරින් හෝ ඔවුන්ගේ දරුවන්ය. කිහිප දෙනෙක් දේශපාලන අධිකාරියේ ඉහලම තැන් හා සම්බන්ධය. මේ නිසා මට බොහෝ දෙනෙක් නොදකින තොරතුරු ලබාගත හැකිය. මීට අමතරව රටවල් කිහිපයකම මගේ විෂය පථයට ඍජුවම අයත් නොවූ ව්‍යපෘති කිහිපයකට මම දායකවෙමි. එයද හොඳ අභ්‍යන්තර තොරතුරු ගඟුලකි. ලංකාවේ සිදුවන විපත පිළිබඳව මට සෑහෙන්න අවබෝධය ලැබුණේ උගන්ඩානුවන් ගෙනි. "මුලින්ම ඔවුන් විදේශ ණය මුදල් වලින් 10%-15% වගේ ප්‍රමාණයක් යටිමඩි ගහගත්තා. නමුත් චීනයෙන් ණය ලබාගන්න පටන්ගත්තට පස්සේ හැම දෙයක්ම වෙනස් වුණා. එක පැත්තකින් චීනය ඩොලර් මිලියනයක් ඕන වැඩේට මිලියන 4 ක් ණය දුන්න. ඒ මුදලින් 80% විතර කට්ටියම යටිමඩි ගැහුවා. පාරවල් සහ පාලම් තරම් මුදල් හොරකම් කරන්න පුළුවන් ව්‍යපෘති තවත් නම් නැහැ" මේ උගන්ඩාවේ ඉහලම රජයේ තනතුරක් දරණ කෙනෙකුගේ ප්‍රකාශයකි. ලංකාවේ යම් යම් කටයුතුවලට සම්බන්ධ වන විට එහි රඟ දැක්වෙන්නේද උගන්ඩාවේ කතා පිටපතම බව මට මැනවින් පැහැදිලිවිය. නීතියේ හා සදාචාරයේ රාමුව තුල හිඳගෙන මම මේ පිළිබඳව ලාංකිකයාට හඬගා කීවෙමි. ඔබට මගේ බ්ලොගයේ ලියා ඇති කරුණු decode කරගත හැකි නම් එහි විසල් පින්තුරයක් දැකිය හැක. දැන් බොහෝ දෙනෙක් අද රට පත්වී ඇති තත්වයට වසර 75ක පමණ අතීතය වගකිව යුතුයැයි පවසයි. නමුත් ඇත්තෙන්ම මේ ව්‍යසනය ඇරඹෙන්නේ 2010 වසරේදී පමණය. ඊට පෙර කාලය බොහෝ දියුණුවෙමින් පවතින රටවලට පොදු රටාවක් විය. ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, වියට්නාමය, තායිලන්තය ආදී රටවල් 2010 පමණ වනතෙක් පැමිණි මගත්, ලංකාවේ මගත් අඩුවැඩි වශයෙන් සමාන විය. ඉන් පසු ඒ ඒ රටේ පාලකයාගේ දක්ෂතාවය හෝ අදක්ෂතාවය මත ඔවුන් වෙනස් මගවල ගියහ. ලංකාව තිස් වසරක යුද්ධය, දුෂණය හා භීෂණය සමග, ආර්ථික වශයෙන් සතුටුවිය නොහැකි, එහෙත් බිය විය යුතුද නැති, යම් ස්ථාවරත්වයක් ලඟා කරගෙන සිටියේය. නමුත් චීනාගේ සම්ප්රාප්තියත් සමගම බොහෝ දේ වෙනස් විය. පොලියට ණය, පොලිය සමග වාරිකය ගෙවීමට පොලියට ණය, ආදී වශයෙන් ණය මතම පදනම් වූ ආර්ථිකයක් බිහි විය. මේ ගැන මම අනෙක වර ලියා ඇත. 2010 දී ඇරඹි අභාග්‍යයේ වන්දනා ගමන ගතවන සෑම වසරකම වේගවත් විය. එය 2015-2019 යුගය තුල කිසිසේත්ම යහපත් වුයේ නැත. ඊට හේතුව ඉතා සරළය. සංදර්ශණ වේදිකාවෙන් පිටුපස ඔවුන් එක මත්පැන් වීදුරුව තොලගාන කලණ මිතුරන්ය. මෙය මා පෞද්ගලිකවම දන්නා කරුණකි. චීනය ඔවුන් එකම පොදියකට තබා ගැටගසා ඇත. අද කියාද වෙනසක් නැත. නොසිතූ මොහොතක කඩා වැදුණු කොවිඩ් කුණාටුව අභාග්‍යයේ ගමනාන්තය වසර කිහිපයකින් කෙටි කළේය. අවාසනාවට පාලකයන් සහ ඔවුන්ගේ සහචරයන් කොවිඩ් උවදුර පවා තම මඩිය තර කිරීමට යොදාගත්හ. හොරා කන එකාට එය ඇබ්බැහියක් වෙයි. එය මරණ මංචකයේදීවත් ඔවුන්ට නවතා ගත නොහැක. රටට වූ ඉතාම අභාග්‍යසම්පන්න කාරණය නම් ජනාධිපතිධූරය දේශපාලන කිරිදරුවකුගේ අතට යාමයි. ඔහු දැන් නුවර පෙරහැර බලන්න ගොස් දෙමව්පියන් මගහැරී අතරමන් වූ දරුවෙකුට සමානය. ඔහුගේ කතාව සහ සිරුරු බස පවසන්නේ ඔහු අන්දමන්දව සහ වික්ෂිප්තව ඇති බවයි. ඉදිරි මාස කිහිපයේදී ඔහුගේ මේ වික්ෂිප්තබාවය කුමන පසෙකට හැරෙයි දැයි මට අනුමාන කල නොහැක. සමහර විට ඔහු ඉච්චා භංගත්වයට පත්වී බියගුළු ලෙස මුළු ගැන්වෙනු ඇත. නොඑසේ නම් ඉතා රෞද්‍ර වියරු ස්වභාවයකට පත්වනු ඇත. ඉන් කුමන තත්වය ඇති වුවත් මෙය අතිශයින්ම දරුණු ඛේදවාචකයකි. රට අද පවතින තත්වය පිළිබඳව ලාංකිකයන් කී දෙනෙකුට මනා වැටහීමක් ඇත්දැයි මම නොදනිමි. එය "ගෑස් නැහැ, තෙල් නැහැ, කිරිපිටි නැහැ, ලයිට් නැහැ" ආදී වූ ද්‍රව්‍ය සහ සේවා අහේනියට වඩා ඉතා බැරෑරුම් සහගත තත්වයකි. ආර්ථිකය වේවා, අධ්‍යාපනය වේවා, සංචාරක ව්‍යාපාරය වේවා, ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමක් සිදුකරන්නේ කාරණා දෙකකටය. එනම් ශ්‍රේණිගත වන රටට තමා පිළිබඳව ඇගයීමක් ලබාගෙන දොස් නිදොස් කරගැනීමටත් අනෙක් රටවලට ශ්‍රේණිගත වන රටේ තත්වය පිළිබඳව යම් තක්සේරුවක් ලබා ගැනීමටත්ය. නමුත් ලංකාවේ ආර්ථික ශ්‍රේණිගත අංකනය අඩුවන විට ආණ්ඩුව කලේ ශ්‍රේණිගත කරන ආයතනවලට තදින් දොස් පැවරීමයි. මෙය දරුවා තම අදක්ෂතාවය නිසා විභාගය අසමත් වූ විට ගුරුවරයාට පස් පඩංගුවේ බැනීම වැනිය. අපි ශ්‍රේණිගත කරන ආයතනවලට දොස් පැවරීම අනෙක් රටවල් දකින්නේ අපගේ නොහැකියාව සහ විනය මද කමක් ලෙසය. මෙය අපට ශ්‍රේණිය පහල යාමෙන් ලැබෙන ඍණාත්මක අවධානය දෙගුණ කරවයි. එක දිගටම වසර දෙකක් ලංකාව ඉදිරියට ආවේ අධික පොලියට විදේශ ණය ගැනීම සහ මුදල් අච්චු ගැසීම යන කාරණා දෙක මතය. ශ්‍රේණිගත කරන ආයතන පෙන්වා දුන්නේ එය අතිශයින් බියකරු ගමනක් බවයි. නමුත් ආණ්ඩුව කලේ පණිවිඩකරුවාට වෙඩි තැබීමයි. චීනය සහ දියුණු රටවලින් ණය ලබා නොදෙන තැන ආණ්ඩුව විසින් ඉන්දියාව, බංගලාදේශය, පකිස්ථානය, නයිජීරියාව ආදී අපටත් වඩා ඒක පුද්ගල ආදායම අඩු රටවල්වලින් සිඟමන් ඉල්ලන්න විය. දැන් අපිට නුදුරු දිනෙක ඉන්දියාවට සහ බංගලාදේශයටද ණය ගෙවීමට ඇත. කෙතරම් පිංසේන්ඩු වුවත් දැන් ලංකාවට අධික පොලියටවත් ණය දෙන්න රටක් නැත. ලංකාවේ මුදල් ඇමති අවට රටවල්වලට හිසරදයක් වී ඇත. සමහර විට ඊළඟ ණය වෙනුවෙන් අපිට රටේ මිල කළ නොහැකි දේපලක් පවරා දීමට සිදුවනු ඇත. ලංකාවට ඖෂධ, කිරිපිටි හෝ වෙනත් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් ගෙන ඒමට යන්තම් ඉතිරි කරගෙන ඇති මුදල ගෙවා හෙට ඩීසල් නැවක් නිදහස් කරගනු ඇත. තව දින කිහිපයක් එයින් රට දුවනු ඇත. ඉන් පසු එළඹෙන සතියේ එසේ වෙන යමකට වෙන් කල මුදල්ද නැත. රටට සැලකිය යුතු ඩොලර් ප්‍රමාණයක් ලැබීමේ මගක් පෙනෙන තෙක් මානයක නැත. රට මෙතෙක් ඉදිරියට දිව්වේ කඳ මහත මැති ඇමතිවරුන් කල කී දෙයින් නොව විදේශවල කඹුරන සහෝදර සහෝදරියන්ගේ දහදිය මතින් බව මේ ආණ්ඩුවට අමතක විය. රට ඔසවාගෙන යන දෑත් මිනිස් බෝම්බ ලෙස නම් කෙරුණි. අද මේ නිසා ඔවුන් අතිශයින් කලකිරී ඇත. ඔවුන්ගේ මුදලට නියමිත වටිනා කම දීමට ආණ්ඩුව මැලිවී ඇත. පසුගිය වසර දෙක තුල රටේ දුර්භාග්‍යය කූටප්රාප්තියට පත්වීමට මූලිකවන හේතු තුනක් මම දකිමි. මේ මූලික කාරණා තුලට මම කොවිඩ් ඇතුලත් නොකරමි. කොවිඩ් යනු උත්ප්‍රේරකයක් පමණි. ප්‍රධාන රෝග කාරකය වන්නේ රටේ පාලනය අතට ගත් අතලොස්සක් වූ නුගත්, තක්කඩි, ඉතා බුද්ධි හීන මැති ඇමතිවරුන් පිරිසයි. හොරකම, මැරකම සහ ස්වාමියා වෙනුවෙන් බිරීම යන කරුණු තුනෙන් පිට ඔවුන්ට රාජ්‍ය පාලනය පිළිබඳව කිසිඳු අවබෝධයක් නැත. පාර්ලිමේන්තුව පාලනය කරන්නේද මේ සුළු පිරිසයි. ඔවුන්ගේ ප්‍රධානම රාජකාරිය බවට පත්වී ඇත්තේ කෙසේ හෝ ජනතාවට බොරු චිත්‍රයක් පෙන්වමින් පාලක පවුල රැකගැනීමයි. ඊළඟ කාරණය නම් යම් බුද්ධියක් සහ හැකියාවක් ඇති ආණ්ඩුවේ මැති ඇමතිවරු සහ රටේ වියතුන් යයි කියා ගත් පිරිස් ලැබෙන වරප්‍රසාද වෙනුවෙන් නිහඬව සිටීම හෝ පාලක රෙජීමයට කඩේ යාමයි. අද සුළුතරයක් හැරුණු විට ඔවුන්ගෙන් වැඩි දෙනෙක් පාලක රෙජිමයට දොස් පවරනු දක්නට ලැබේ. එහෙත් ඔවුන් පමා වුවා වැඩිය ඔවුන් දෙස දැන් හෙලන්නේ සැක මුසු බැල්මකි. ඔවුන් ආණ්ඩුවේම තවත් උප්පරවැට්ටියක්දැයි බොහෝ දෙනෙකුට සැක පහළවී ඇත. තුන්වන කාරණය නම් කිසිම එල්ලයක් නැති එමෙන්ම වියත් බවක් නොපෙන්වන ප්‍රධාන විපක්ෂයයි. තුන් හතර දෙනෙක් හැරෙන්නට, පාර්ලිමේන්තුව තුල මෙන්ම ඉන් පිටතත් ඔවුන්ගේ කතාබහ සහ හැසිරීම ඉතා ග්‍රාමය සහ බොළඳ ආකාරයක් පෙන්නුම් කරයි. ඔවුන් ඒ ඒ අවස්ථාවේ ප්‍රේක්ෂකයාට වින්දනයක් ඇතිකිරීම සඳහා කුමක් හෝ කියා කෑගසනු විනා රටේ යථා තත්වය ඉස්මතු කරමින් යායුතු මග පිළිබඳව ආණ්ඩුවට බලකිරීමක් කරනු අප දැක නැත (අර තුන් හතර දෙනා හැරෙන්නට). මේ කණ්ඩායම් තුන අවබෝධ කරගැනීමට නොහැකි වූ බහුතරයක් ජනතාව අද සිදුවී ඇති විපතට වග කිව යුතු යයි මම නොකියමි. ලංකාව වැනි රටක ජනතාව තුලින් විශාල දේශපාලන සාක්ෂරතාවයක් අපට බලාපොරොත්තු විය නොහැක. ඔවුන් බොහෝ දෙනෙකුගේ දේශපාලන බුද්ධිය සහ අධ්‍යාපන තත්වය අතර කිසිඳු සම්බන්ධයක් නැත. ඉහල උගතුන් තුල දේශපාලන බුද්ධිය අවම තත්වයක පවතිනු මම දැක ඇත්තෙමි. දේශපාලන බුද්ධිය යනු මම කැමති පක්ෂයට එයත් කැමති විය යුතුය යන්න නොව, කුමන පක්ෂයකට චන්දය දුන්නත් දේශපාලකයා ගන්නා පියවර පිළිබඳව සිහි බුද්ධියෙන් විශ්ලේෂණය කිරීමට ඇති හැකියාවයි. මට සරල උදාහරණයක් දිය හැක. කොවිඩ් උත්සන්න වූ මුල් කාලයේ රට පුරාම ජනතාවට මුඛ ආවරණ පැළඳීම නීතිගත කළේය. මේ අවස්ථාවේ ජනාධිපතිවරයා මුඛ ආවරණ නොමැතිව ජනතාව අතරට යන අවස්ථා කිහිපයක් විය. මෙම හැසිරීම විවේචනය කරමින් මා මෙන්ම තවත් කිහිප දෙනෙක්ම සමාජ මාධ්‍යවල පෝස්ට් පළකළේය. සිදු විය යුතුව තිබුණේ බුද්ධියක් ඇති සියලු දෙනාම එයට විරුද්ධව මත පළකිරීමයි. එය ආණ්ඩුව පෙරලීමක් නොව සිදු වූ වරද නිවැරදි කරගනිමින් පොදු ජනතාවට ආදර්ශයක් දීමට රජයට බලකිරීමකි. නමුත් සිදු වුයේ ආණ්ඩුවට පක්ෂ වූ බහුතරයක් පෝස්ටුවට විරෝධය පළකිරීමයි. එසේ විරෝධය පලකල උදවියම පසු කලක උත්සව සමයේ ජනතාව අතර කිහිප දෙනෙකු මුඛ ආවරණ නොමැතිව සිටින චායාරූප පළකර ඒ මිනිසුන්ට පහත් අන්දමින් අපහාස කර තිබුණි. මේ තත්වය ආණ්ඩුවේ සියලුම කටයුතු වලදී පොදු දර්ශනයක් විය. සමහරුන් කෙතරම් ආණ්ඩුවට ගැති වුවාදැයි යන්න පෙන්වීමට හොඳම උදාහරණය ගැසට් රිවර්ස් කිරීමේදී ඔවුන් පත් වූ ඉරණමයි. යම් කරුණක් සම්බන්ධයෙන් ආණ්ඩුව තීරණයක් ගත විට, එහි හොඳ නරක නොවිමසා කෙසේ හෝ එය සාධාරණීකරණය කිරීමට මේ පාක්ෂිකයෝ දිවා රෑ නොබලා යුහුසුළු විය. දින කීපයකින් රජය එම මතය අංශක 180 කින් හැර වූ විට ඔවුන්ද ඉතා විහිළු සහගත ලෙස තම මතය වෙනස් කිරීමට උත්සහ ගත්තේය. මේ බොහෝ දෙනා සමාජයේ උගත් යයි කියා ගත් පිරිසකි. මේ අතර එසේ කිරීමෙන් තමන්ට ආණ්ඩුවෙන් පෞද්ගලිකව වාසියක් ලැබෙතැයි බලාපොරොත්තු වූ අතලොස්සක්ද විය. නමුත් බහුතරයක් කිසිම හේතුවක් නොමැතිව අතින් කා හරක් බලන පිරිසක් විය. ඔවුන්ගේ විචාර බුද්ධිය ඛේදජනක ලෙස පිරිහී තිබෙයි. දැන් සියළුම දෙනා පමා වී වැඩිය. මට සමාජ මාධ්‍ය තුලින් ලාංකීය සමාජයේ කුලක කිහිපයක් පෙනෙයි. ආණ්ඩුවට ඉතා තදින් බැඳී සිටි පිරිස දෙකට බෙදී ඇත. ඉන් සුළුතරය මේ වන විට යම් මනෝ භ්රාන්තික ස්වභාවයකට පත්වී ඇත. ඔවුන් රටේ අභාග්‍ය පිළිබඳව වූ කිසිම පුවතක් කතාවක් ඇසීමට, කියවීමට, බැලීමට දැඩි අකමැත්තක් දක්වමින් තමාම මවා ගත් සුන්දර ලෝකයක ජීවත්වෙයි. අනෙක් පිරිසෙන් වැඩි කොටසක් ඉච්චා භංගත්වයට පත්ව ඇත. මේ කුලකය මානසිකව ඉතා අසරණ තත්වයකට පත්වී ඇති සේයකි. ආණ්ඩු විරෝධී කඳවුරුවල සිටි පිරිසද දෙකට බෙදී ඇත. ඉන් බහුතරයක් ප්‍රීතියෙන් පිනා ගොස් ඇත. ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරීමෙන්, කතාබහෙන් සහ සිරුරු බසින් පෙනෙන්නේ එම කුලකයට ව්‍යසනය ඉතා ප්‍රබෝධමත්ව කතා කල හැකි මාතෘකාවක් වී ඇති බවයි. ආණ්ඩුවට සහයෝගය දුන් කුලකයෙන් ඉතා කුඩා කොටසක්, ආණ්ඩු විරෝධිව සිටි කුලකයෙන් කුඩා කොටසක් සහ සමාජයේ ඉතා කුඩා සුළුතරයක් වන ගතික මතධාරීන් (අවස්ථාවට අනුව ගත යුතු ක්‍රියාමාර්ගය පිළිබඳව තීරණ ගන්නා පිරිස) එකතු වූ විට ලැබෙන, සමස්ත සමාජයෙන් ඉතා කුඩා සුළුතරයක් වන පිරිස හතරවන කුලකයයි. ඔවුහු පවතින තත්වයේ යථා ස්වභාවය අවබෝධ කරගැනීමට උත්සහ ගනිමින් සිටිති. පතුලට වැටෙන රට ගොඩ ගැනීමට කවදා හෝ උර දෙන්නේ මේ හතරවන කුලකයයි. රට වෙනුවෙන් අවැසි නායකත්වය එතැනින් ගොඩ නැගෙනු ඇත. Copied from Chandima Gomas [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom