Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සින්හල වාසගම තියන මුශ්ලිම්..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සින්හල වාසගම තියන මුස්ලිම් අය නුවරත් ඉන්නවා බන් ,

උඹේ කතාවේ සමහර සිද්ධි අඩුයි නේ බන්

7 වැනි සියවසේ කාලීද් අබ්දුල් බින් මාලික් මර්වාන් මදීනාහි සිට අරාබිය පාලනය කළ පාලකයා යි. ඔහු පස්වැනි උමායා කාලිෆ්වරයා වුණා. ඒ කාලයේ ඔහුගේ ම්ලේච්ඡ පාලනය නිසා ජනතාවට පීඩාකාරී ජීවිතයක් උරුම වුණා. ඒ කාලෙම දෙවැනි මුස්ලිම් සිවිල් යුද්ධයත් ඇතිවී තිබෙනවා. බොහෝ අරාබි ජාතිකයෝ කාලීද් අබ්දුල්ගේ ම්ලේච්ඡ පාලනයෙන් ජීවිත ගලවා ගැනීමට රටින් පලාගිය බව සඳහන් වෙනවා.

ජනප්‍රවාද පවසන්නේ හත්වැනි ශත වර්ෂයේ දී සුල්තාන්වරුන් තිදෙනෙකු ද මුස්ලිම් ජනතාව ද රැගත් රැවල් නැව් හතරක් යේමනයේ සිට වෙනත් රටවල් බලා පිටත් වූ බව යි. සුල්තාන් බදුර්දීන්, සුල්තාන් සලාහුදීන්, සුල්තාන් සදුර්දීන් එම අය වශයෙන් සැලකෙනවා. මේ පිරිසෙන් සුල්තාන් සදුර්දීන් ගොඩබැස්සේ ලංකාවේ බේරුවලට යි. මේ සුල්තාන් ඇතුළු පිරිස වෙරළේ සිට නගරයට සේන්දු වූ පාරට අදටත් කියන්නේ අරාබි පාර කියල යි.

අරාබි යාත්‍රිකයෝ ලංකාවේ සහ ඉන්දියාවේ වෙරළබඩ පදිංචි වී ස්වදේශිකයින් සමග විවාහ වී දේශීය සමාජයේ වැදගත් කොටසක් බවට පත්වුණා. දකුණු ඉන්දියාවෙන් මුස්ලිම් දහම වැළඳගත් දෙමළ පිරිස් ද ලංකාවට ආවා.

මුස්ලිම් ජනතාව මුලින්ම ලංකාවට පැමිණ ජීවන වෘත්තිය ලෙස වෙළෙඳ කටයුතුවල යෙදුණා. සමහරු සත්ත්ව පාලනය, මුතු මැණික් වෙළෙඳාම, කුළුබඩු වෙළෙදාමේ යෙදුණා.

මුස්ලිම් අයට සමහර පළාත්වල කියන්නේ "මරක්කල" කියලා යි. ඒ වචනය ලැබුණු අන්දම ගැන ජනකතාවක් මෙහෙම කියැවෙනවා:

පඟරගම්මන කියලා මහියංගණයට කිට්ටුව මුස්ලිම් ගම්මානයක් තිබෙනවා. සිංහල රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කර බේරීමට පලායන අවස්ථාවක මේ ගමේ මුස්ලිම් කාන්තාවක් එළදෙනකගෙන් කිරි දොවමින් සිටියා. රජ්ජුරුවෝ කොස් ගසක බෙනේක හැංගෙනවා මේ කාන්තාව දැක්කා. රජු ලුහුබැඳගෙන ආපු සතුරෝ කාන්තාවගෙන් රජු ගැන ඇසුවත් ඇය රජු පාවා දෙන්නේ නැහැ. ඉන් කෝපයට පත් සතුරන් මුස්ලිම් කාන්තාව මරලා දැම්මා. රජු පසුව පිටතට විත් බැලුවාම කාන්තාව ලේ පෙරාගෙන වැටී සිටිනු දුටුවා. ‘මා රැකි ලේ’ කියලා ඔහු කිව්වාලු. පසුව ‘මරක්කල’ යන හැඳින්වීම ආවේ එහෙම බව කියැවෙනවා.

වෙදකමටත් මුස්ලිම් අය ලංකාවට පැමිණ තිබෙනවා. එවැනි එක් පරම්පරාවක නම වෛද්‍යතිලක මුහන්දිරම්ලාගේ ගෝපාල මුදියන්සේගේ කියා සඳහන් වෙනවා. ඒ වාසගම ලැබුණේ උඩරට රාජධානිය කාලේ රජ්ජුරුවන්ට වෙදකම් කිරීම නිසා යි. උඩුනුවර වගේම අවිස්සාවේල්ල තල්දූවෙත් මුස්ලිම් වෙද පරම්පරා අදත් ජීවත් වෙනවා.

මුස්ලිම් හෙවත් යෝනක ජනතාවට සිංහල රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුහු බේරුවල අවට මෙන්ම කොළඹ, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය, ගාල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි වුණා. මඩකලපුව, පොතුවිල්, අම්පාර වැනි නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම් අයට පදිංචිවීමට ඉඩකඩ සලසා දී ඇත්තේ උඩරට පාලනය කළ සෙනරත් (1604-1635) රජු යි. වෙළෙඳාමෙන් සිංහල රජුන්ට බදු ගෙවූ ඔවුහු ක්‍රමයෙන් ආර්ථිකයට බලපෑමක් කළ හැකි පිරිසක් බවට පත්වූණා

කුරුණෑගල රාජධානි යුගයේ දී පළමුවන බුවනෙකබාහු (1275-1283) රජු බේරුවල ප්‍රදේශයේ යෝනක කාන්තාවක් ගැන කැමැත්තක් ඇතිවී ඇය විවාහ කරගත් අතර, ඇයට උපන් පුත්‍රයා වූ වත්හිම් කුමරු පසුව දෙවැනි බුවනෙකබාහු නමින් රජවෙනවා. නමුත් ඔහුගේ බෞද්ධ විරෝධී පිළිවෙත් නිසා ඔහු කුමන්ත්රණයකින් මරණයට පත් කරවා තිබෙනවා. ඔහු උපක්‍රමයකින් ඇතුගල පාමුලට වැටී මරණයට පත්වන ලෙස කුමන්ත්රණකරුවන් සැලසුම් කළ බව ජනප්‍රවාදවල සඳහන්. මියගිය වත්හිමි බණ්ඩාර දෙවියකු ලෙස ඉපිද පිදුම් ලබන්නේ ගලේ බණ්ඩාර නමින්. ගලේ බණ්ඩාර දේවාලය ඇතුගල පාමුල පිහිටා තිබෙනවා.

16-17 වැනි ශතවර්ෂවල දී පෘතුගීසි ලිපි ලේඛනවල මුස්ලිම් ජාතිකයන් හඳුන්වා ඇත්තේ Mouros යනුවෙන්. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ පිරිස Mouris Naturais නොහොත් ‘මරක්කල’ ලෙස හැඳින්වුණා. තවත් කණ්ඩායමක් ඒ කාලයේ බෝට්ටු හා යාත්‍රාවලින් ලංකාවට පැමිණ, මාස කිහිපයක් රැඳී සිට වෙළෙඳාම් කර, පසුව පිටත්ව ගොස් තිබෙනවා. පසුගිය සියවසේ මැද භාගය දක්වා මාලදිවයිනේ සිට ඔරුවලින් මුස්ලිම් වෙළෙන්දන් ගාල්ලට, හම්බන්තොටට පැමිණ වෙළදාම් කර තිබෙනවා.

ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු කරන අතර සබඳතා ඇතිකර ගැනීම, මිතුරන් ඇතිකර ගැනීම, සමහරු විවාහ වී දරුවන් ඇති දැඩි කිරීම ද සිදුව තිබෙනවා. ලන්දේසි හා බ්‍රිතාන්‍ය ලිපි ලේඛනවල මෙම පිරිස ‘කෝස්ටල් මුවර්’ ලෙස හඳුන්වා තිබෙන්නේ වෙරළබඩ ජීවත්වූ නිසයි. සිංහල ජනතාව මොවුන් ‘හම්බයෝ’ යන නමින් හඳුන්වා තිබෙනවා. ඔවුන් ‘හම්බන්’ නමැති බෝට්ටු වර්ගයක නැගී පැමිණීම හේතුවෙන් ඒ නම ලැබී තිබෙනවා. "හම්බන්තොට" යන නම ද ඒ නිසා ඇතිවූ බව යි පැවසෙන්නේ

මුස්ලිම් ජනතාව 16-17 වැනි සියවස්වල බහුල ලෙස මෙරටට පැමිණ පදිංචි වූ බව පෘතුගීසි, ලන්දේසි වාර්තාවල දැක්වෙනවා. මේ නිසා අප රටේ මුස්ලිම් ජනගහනය සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පෘතුගීසි තෝම්බුවල සඳහන් ආකාරයට මෙම කාලසීමාවේ දී සැලකිය යුතු මුස්ලිම් ජනතාවක් පුත්තලම, හලාවත, මාදම්පේ, කොළඹ, කළුතර, බේරුවල, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම, මාතර හා බටහිර වෙරළ තීරයේ ව්‍යාප්ත වී සිටියා.

ps - වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා ,

සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට උඩරට රාජධානියේ පදිංචි වෙන්න අවසර දුන්නේ කොන්දේසියක් දාලා , ඒ කොන්දේසිය තමයි මුස්ලිම් අය පරම්පරා 2ක් ඇතුලත බුද්ධාගම වැළඳගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔවුන්ට සිංහල වාසගම් ලැබුනේ

ඒ උනාට මුස්ලිම් අය, තමන්ගේ ජීවිතය බේරපු රජුට පොරොන්දු උන විදියට බුද්ධාගම වැළඳගත්තේ නෑ

[QUOTE="hi.dushan, post: 30527809, member: 219284"] සින්හල වාසගම තියන මුස්ලිම් අය නුවරත් ඉන්නවා බන් , උඹේ කතාවේ සමහර සිද්ධි අඩුයි නේ බන් 7 වැනි සියවසේ කාලීද් අබ්දුල් බින් මාලික් මර්වාන් මදීනාහි සිට අරාබිය පාලනය කළ පාලකයා යි. ඔහු පස්වැනි උමායා කාලිෆ්වරයා වුණා. ඒ කාලයේ ඔහුගේ ම්ලේච්ඡ පාලනය නිසා ජනතාවට පීඩාකාරී ජීවිතයක් උරුම වුණා. ඒ කාලෙම දෙවැනි මුස්ලිම් සිවිල් යුද්ධයත් ඇතිවී තිබෙනවා. බොහෝ අරාබි ජාතිකයෝ කාලීද් අබ්දුල්ගේ ම්ලේච්ඡ පාලනයෙන් ජීවිත ගලවා ගැනීමට රටින් පලාගිය බව සඳහන් වෙනවා. ජනප්‍රවාද පවසන්නේ හත්වැනි ශත වර්ෂයේ දී සුල්තාන්වරුන් තිදෙනෙකු ද මුස්ලිම් ජනතාව ද රැගත් රැවල් නැව් හතරක් යේමනයේ සිට වෙනත් රටවල් බලා පිටත් වූ බව යි. සුල්තාන් බදුර්දීන්, සුල්තාන් සලාහුදීන්, සුල්තාන් සදුර්දීන් එම අය වශයෙන් සැලකෙනවා. මේ පිරිසෙන් සුල්තාන් සදුර්දීන් ගොඩබැස්සේ ලංකාවේ බේරුවලට යි. මේ සුල්තාන් ඇතුළු පිරිස වෙරළේ සිට නගරයට සේන්දු වූ පාරට අදටත් කියන්නේ අරාබි පාර කියල යි. අරාබි යාත්‍රිකයෝ ලංකාවේ සහ ඉන්දියාවේ වෙරළබඩ පදිංචි වී ස්වදේශිකයින් සමග විවාහ වී දේශීය සමාජයේ වැදගත් කොටසක් බවට පත්වුණා. දකුණු ඉන්දියාවෙන් මුස්ලිම් දහම වැළඳගත් දෙමළ පිරිස් ද ලංකාවට ආවා. මුස්ලිම් ජනතාව මුලින්ම ලංකාවට පැමිණ ජීවන වෘත්තිය ලෙස වෙළෙඳ කටයුතුවල යෙදුණා. සමහරු සත්ත්ව පාලනය, මුතු මැණික් වෙළෙඳාම, කුළුබඩු වෙළෙදාමේ යෙදුණා. මුස්ලිම් අයට සමහර පළාත්වල කියන්නේ "මරක්කල" කියලා යි. ඒ වචනය ලැබුණු අන්දම ගැන ජනකතාවක් මෙහෙම කියැවෙනවා: පඟරගම්මන කියලා මහියංගණයට කිට්ටුව මුස්ලිම් ගම්මානයක් තිබෙනවා. සිංහල රජතුමා පෘතුගීසීන් සමඟ සටන් කර බේරීමට පලායන අවස්ථාවක මේ ගමේ මුස්ලිම් කාන්තාවක් එළදෙනකගෙන් කිරි දොවමින් සිටියා. රජ්ජුරුවෝ කොස් ගසක බෙනේක හැංගෙනවා මේ කාන්තාව දැක්කා. රජු ලුහුබැඳගෙන ආපු සතුරෝ කාන්තාවගෙන් රජු ගැන ඇසුවත් ඇය රජු පාවා දෙන්නේ නැහැ. ඉන් කෝපයට පත් සතුරන් මුස්ලිම් කාන්තාව මරලා දැම්මා. රජු පසුව පිටතට විත් බැලුවාම කාන්තාව ලේ පෙරාගෙන වැටී සිටිනු දුටුවා. ‘මා රැකි ලේ’ කියලා ඔහු කිව්වාලු. පසුව ‘මරක්කල’ යන හැඳින්වීම ආවේ එහෙම බව කියැවෙනවා. වෙදකමටත් මුස්ලිම් අය ලංකාවට පැමිණ තිබෙනවා. එවැනි එක් පරම්පරාවක නම වෛද්‍යතිලක මුහන්දිරම්ලාගේ ගෝපාල මුදියන්සේගේ කියා සඳහන් වෙනවා. ඒ වාසගම ලැබුණේ උඩරට රාජධානිය කාලේ රජ්ජුරුවන්ට වෙදකම් කිරීම නිසා යි. උඩුනුවර වගේම අවිස්සාවේල්ල තල්දූවෙත් මුස්ලිම් වෙද පරම්පරා අදත් ජීවත් වෙනවා. මුස්ලිම් හෙවත් යෝනක ජනතාවට සිංහල රජුගෙන් හිරිහැරයක් නොවූ හෙයින් ඔවුහු බේරුවල අවට මෙන්ම කොළඹ, පුත්තලම, මන්නාරම, ත්‍රිකුණාමලය, යාපනය, ගාල්ල, හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි වුණා. මඩකලපුව, පොතුවිල්, අම්පාර වැනි නැගෙනහිර ප්‍රදේශවල මුස්ලිම් අයට පදිංචිවීමට ඉඩකඩ සලසා දී ඇත්තේ උඩරට පාලනය කළ සෙනරත් (1604-1635) රජු යි. වෙළෙඳාමෙන් සිංහල රජුන්ට බදු ගෙවූ ඔවුහු ක්‍රමයෙන් ආර්ථිකයට බලපෑමක් කළ හැකි පිරිසක් බවට පත්වූණා කුරුණෑගල රාජධානි යුගයේ දී පළමුවන බුවනෙකබාහු (1275-1283) රජු බේරුවල ප්‍රදේශයේ යෝනක කාන්තාවක් ගැන කැමැත්තක් ඇතිවී ඇය විවාහ කරගත් අතර, ඇයට උපන් පුත්‍රයා වූ වත්හිම් කුමරු පසුව දෙවැනි බුවනෙකබාහු නමින් රජවෙනවා. නමුත් ඔහුගේ බෞද්ධ විරෝධී පිළිවෙත් නිසා ඔහු කුමන්ත්රණයකින් මරණයට පත් කරවා තිබෙනවා. ඔහු උපක්‍රමයකින් ඇතුගල පාමුලට වැටී මරණයට පත්වන ලෙස කුමන්ත්රණකරුවන් සැලසුම් කළ බව ජනප්‍රවාදවල සඳහන්. මියගිය වත්හිමි බණ්ඩාර දෙවියකු ලෙස ඉපිද පිදුම් ලබන්නේ ගලේ බණ්ඩාර නමින්. ගලේ බණ්ඩාර දේවාලය ඇතුගල පාමුල පිහිටා තිබෙනවා. 16-17 වැනි ශතවර්ෂවල දී පෘතුගීසි ලිපි ලේඛනවල මුස්ලිම් ජාතිකයන් හඳුන්වා ඇත්තේ Mouros යනුවෙන්. ඒ අතරින් ශ්‍රී ලංකාවේ දීර්ඝ කාලයක් වාසය කළ පිරිස Mouris Naturais නොහොත් ‘මරක්කල’ ලෙස හැඳින්වුණා. තවත් කණ්ඩායමක් ඒ කාලයේ බෝට්ටු හා යාත්‍රාවලින් ලංකාවට පැමිණ, මාස කිහිපයක් රැඳී සිට වෙළෙඳාම් කර, පසුව පිටත්ව ගොස් තිබෙනවා. පසුගිය සියවසේ මැද භාගය දක්වා මාලදිවයිනේ සිට ඔරුවලින් මුස්ලිම් වෙළෙන්දන් ගාල්ලට, හම්බන්තොටට පැමිණ වෙළදාම් කර තිබෙනවා. ලංකාවට පැමිණ ව්‍යාපාරික කටයුතු කරන අතර සබඳතා ඇතිකර ගැනීම, මිතුරන් ඇතිකර ගැනීම, සමහරු විවාහ වී දරුවන් ඇති දැඩි කිරීම ද සිදුව තිබෙනවා. ලන්දේසි හා බ්‍රිතාන්‍ය ලිපි ලේඛනවල මෙම පිරිස ‘කෝස්ටල් මුවර්’ ලෙස හඳුන්වා තිබෙන්නේ වෙරළබඩ ජීවත්වූ නිසයි. සිංහල ජනතාව මොවුන් ‘හම්බයෝ’ යන නමින් හඳුන්වා තිබෙනවා. ඔවුන් ‘හම්බන්’ නමැති බෝට්ටු වර්ගයක නැගී පැමිණීම හේතුවෙන් ඒ නම ලැබී තිබෙනවා. "හම්බන්තොට" යන නම ද ඒ නිසා ඇතිවූ බව යි පැවසෙන්නේ මුස්ලිම් ජනතාව 16-17 වැනි සියවස්වල බහුල ලෙස මෙරටට පැමිණ පදිංචි වූ බව පෘතුගීසි, ලන්දේසි වාර්තාවල දැක්වෙනවා. මේ නිසා අප රටේ මුස්ලිම් ජනගහනය සීඝ්රයෙන් ඉහළ ගොස් තිබෙනවා. පෘතුගීසි තෝම්බුවල සඳහන් ආකාරයට මෙම කාලසීමාවේ දී සැලකිය යුතු මුස්ලිම් ජනතාවක් පුත්තලම, හලාවත, මාදම්පේ, කොළඹ, කළුතර, බේරුවල, මග්ගොන, පයාගල, අලුත්ගම, බෙන්තොට, ගාල්ල, වැලිගම, මාතර හා බටහිර වෙරළ තීරයේ ව්‍යාප්ත වී සිටියා. ps - වෙරළබඩ ප්‍රදේශ පෘතුගීසීන් විසින් අල්ලාගත්තට පස්සේ වෙරළබඩ ප්‍රදේශවල හිටපු මුස්ලිම් අය මරන්න පටන්ගත්තා , ඊටපස්සේ මුස්ලිම් අයට වෙනත් රටකට යන්නේ නැතිව ලංකාවේ ඉන්න ඕන නිසා ඔවුන් මහනුවර සෙනරත් බණ්ඩාර රජු හමුවෙලා උඩරට ඉන්න අවසර ඉල්ලුවා , සෙනරත් බණ්ඩාර රජු මුස්ලිම් අයට උඩරට රාජධානියේ පදිංචි වෙන්න අවසර දුන්නේ කොන්දේසියක් දාලා , ඒ කොන්දේසිය තමයි මුස්ලිම් අය පරම්පරා 2ක් ඇතුලත බුද්ධාගම වැළඳගන්න ඕන කියන එක. ඒ නිසා තමයි ඔවුන්ට සිංහල වාසගම් ලැබුනේ ඒ උනාට මුස්ලිම් අය, තමන්ගේ ජීවිතය බේරපු රජුට පොරොන්දු උන විදියට බුද්ධාගම වැළඳගත්තේ නෑ [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom