සියත ටී.වී විකාශනය ඇණහිටියි..

dani_baba

Member
Jul 8, 2010
826
70
0
බබා ලන්තයේ
සියත ටී.වී විකාශනය ඇණහිටියි..

36838190tower.jpg
අද අලුයම ඇතිවූ ගින්න හේතුවෙන් සියත රූපවාහිනී විකාශන කටයුතු සම්පූර්ණයෙන්ම ඇණහිට තිබේ. එසේ වුවද සියත මාධ්‍ය ආයතනයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ උදිතමාල් හේමචන්ද්‍ර මහතා ප්‍රකාශ කරන පරිදි සියත මාධ්‍ය ජාලයට අයත් ගුවන් විදුලි නාලිකාවල කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරේ..

සියත මාධ්‍ය ආයතනයට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී මෙම ගිනිගැනීමක් හටගත් බව පොලීසිය සඳහන් කරන ලදී. අවිගත් පුද්ගලයින් පිරිසක් මෙම ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලිසිය සිදුකළ මූලික පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.

කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්.එම්.ඩී. හේරත් මහතා ප්‍රකාශ කළේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට කණ්ඩායම් තුනක් මේ වන විට යොදවා ඇති බවයි.



60964173siyatha%202.jpg

**********************************************************
සියත මාධ්‍ය ආයතනයට අද අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි එම මාධ්‍ය ආයතනය පිහිටි ගොඩනැගිල්ලේ බිම් මහල අදාළ ප්‍රහාරය හේතුවෙන් ගිනිගෙන ඇති අතර ගින්නෙන් තුවාල ලැබූ ආයතනයේ සේවකයින් දෙදෙනෙකු ද රෝහල් ගතකර තිබේ. අද අලුයම 1.30 ට පමණ ‍ඇති වූ මෙම ගින්නෙන් බිම් මහලේ පිහිටි පරිගණක විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇති බව ද වාර්තා විය. කොළඹ ගිනි නිවීමේ ඒකකයේ නිලධාරීන් විසින් ගින්න පැතිරීම මැඩ පවත්වා තිබේ. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකිරීමට කණ්ඩායම් තුනක් මේ වන විට යොදවා ඇති බව කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති එච්. එම්. ඩී. හේරත් මහතා ප්‍රකාශ කළේය.


(උපුටා ගැනිම අද දෙරණ)