Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිය දිවි නසා ගන්නන් කලින් හඳුනා ගනිමු...!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිය දිවි නසා ගන්නන් කලින් හඳුනා ගනිමු...!

ශ්‍රී ලංකාවේ වසරකට 8000-6000 අතර වූ සංඛ්‍යාවක් සිය දිවි නසා ගනිති. මෙයින් ලේඛනගත වන්නේ ඉතා අඩු ප්‍රමාණයක් වන අතර සැබෑ ප්‍රමාණය මීට වඩා විශාල අගයක් ගත හැකිය. එබැවින් මෙම ආත්මහානිය අප රටේ පවතින්නා වූ බරපතල ගැටළුවකි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව සියදිවි නසා ගැනීම යනු මරණයෙන් ජීවිතය කෙටි කර ගැනීම සඳහා තම අනු දැනුමෙන් සහ කැමැත්තෙන් යොදා ගන්නා ජීවිතයට හානි ගෙන දෙන්නාවූ ක්‍රියාවක නිරතවීම වන අතර එම ක්රියාවේ නිරත වන පුද්ගලයා එහි අවසන් ප්‍රතිපලය අත් කර ගැනීම සඳහා ඔහු/ඇය ක්‍රියා මාර්ගයක් සිය කැමැත්තෙන්ම යොදා ගනියි.

මනෝ විද්‍යාඥයන් විසින් දිවි නසා ගැනීම අසාමාන්‍ය මානව චර්යාවක් ලෙස විග්රහ කරන අතර ඇතැම් පවුල් ආශ්‍රිතව දිවි නසා ගැනීම බෙහෙවින් දක්නට තිබේ. මේ සඳහා විෂාදය (Depression) හේතු කාරකයක් වන බවද ඔවුන් අනුමාන කරයි. තවද ඇතැම් පෞරුෂද දිවි නසා ගැනීම සඳහා ප්රවනතාවක් පෙන්වයි.

ඒ අතරම දිවි නසා ගන්නන් එම ක්රියාවේ නිරත වන්නේද පහත අරමුණු මුල් කොට ගෙනය.

1) පලායාම

2) පලිගැනීම

3) පරාර්ථය

4) අන්තරාවට ප්‍රිය කිරීම

5) මිශ්‍ර

වසරකට ලෝකයේ මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් දිවි නසා ගන්නා අතර මිලියන 10 වාර්ෂිකව දිවි නසා ගැනීමේ අසාර්ථක උත්සාහයන් වලද නිරත වෙති. දිවි නසා ගැනීම යනු ලෝකයේ 10 වන ප්‍රධානතම මරණීය සාධකයද වෙයි.

දිවි නසා ගැනීම ශ්‍රී ලංකාවේ හතරවන මරණ කාරකයයි. දිවි නසා ගැනීම පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන්ගේ අධ්‍යයන වාර්තා අනුව දිවි නසාගත් පුද්ගලයන්ගෙන් 18% - 38% ප්‍රමාණයක් මීට පෙර දිවි නසා ගැනීම් සඳහා අසාර්ථක උත්සාහයන්ගේ නිරතවූ කොටස්ය.

ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් අතරින් 50% සඳහා හේතු කාරකය ලෙස මානසික රෝග (විෂාදය, භීන්නෝන්මාදය, මධුලෝලිතාවය, උන්මාදය, පෞරුෂ අක්‍රමතා) හේතු වන බව සනාථ වී තිබේ.

ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම සඳහා මූලික හේතූන් ලෙස

1) මානසික රෝග

2) ප්‍රේම සබඳතා බිඳ වැටීම

3) මධුලෝලීතාවය

4) විභාග ආතතිය

5) ස්ථානමාරු සහ සේවා ස්ථානයේ ගැටුම්

6) අන්තර් පුද්ගල ගැටුම්

7) දුගී බව නිසා ඇති වන කලකිරීම

8) ශාරීරික රෝගාබාධ නිසා ඇති වන කලකිරීම

දැක්විය හැකිය.

මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට දිවි නසා ගැනීමට යොමු වී ඇති පුද්ගලයා ඒ සම්බන්ධයෙන් කෙලින් හෝ වක්‍ර ආකාරයෙන් කථා කරයි.

දිවි නසා ගැනීමට යොමු වී තිබෙන පුද්ගලයින් වර්ගීකරණය

දිවි නසා ගැනීමට යොමු වී තිබෙන පුද්ගලයින් වර්ගීකරණය මගින් ඒ අය හඳුනා ගැනීම, ක්ෂණික ක්‍රියාමාර්ග මගින් ඔවුන්ගේ මරණීය නැමියාව නිෂේධනය, අවදානම පිළිබඳව අන්‍යයන් දැනුවත් කිරීමට හැකි වීම වැදගත් වෙයි.

මූලික වශයෙන් දිවි නසා ගැනීමට යොමු වී තිබෙන පුද්ගලයින් වර්ග හතරකට බෙදිය හැකිය.

1. මේ වර්ගයට අයත් වන්නෝ ජීවිතය ගැන කලකිරීමෙන් කතා කරති. මරණයේ යහපත් පාර්ශ්වය හුවා දක්වති. ඔවුන් තුල යම් ආකාරයක කල කිරීම, බලාපොරොත්තු රහිත බව තිබෙන නමුදු මීට පෙර කිසිදු අවස්ථාවක දිවි නසා ගැනීම සඳහා සක්‍රීය ක්‍රියාවලියක නිරත නොවූ පුද්ගලයින්ය. මනෝ විද්‍යා උපදේශනය මඟින් මොවුන් තුල ඇති ජීවිතය පිළිබඳ සෘණ ආකල්ප වෙනස් කළ හැක.

2. මේ වර්ගයට අයත් වන්නෝ ජීවිතය පිළිබඳ කලකිරීමෙන් සිටි පුද්ගලයන් විය හැකි අතර මීට පෙර මරණීය නොවන ක්‍රම වේදයක් මගින් දිවි නසාගැනීමේ චර්යාව බාහිරට පෙන්වන ලද පුද්ගලයින් වීම විශේෂත්වයකි. උදාහරණ ලෙස වස ද්‍රව්‍ය තනුක කොට මරණීය නොවන මාත්රාවලින් ගැනීම, ඖෂධ පෙති සුළු සංඛ්‍යාවක් එකවර පානය කිරීම, පිරිස ඉදිරියේ ගෙල වැලලා ගැනීම දැක්විය හැක. මොවුන් තම චර්යාව මඟින් අන්‍යයන්ව නම්මවා ගැනීමේ හැකියාවෙන් යුක්තය. නමුත් නොසලකා හැරීම, අවතක්සේරුව ඇතැම් විට මාරාන්තික ප්‍රතිපල ඇති කල හැක. මේ ගණයට අයත්වන පුද්ගලයන්ට මනෝ විද්‍යා උපදේශන, මනෝ චිකිත්සක ප්‍රතිකාර, ඇතැම් අවස්ථාවලදී ආතතිය අඩු කරන ඖෂධද අවශ්‍ය කෙරේ.

3. මේ වර්ගයට අයත් වන්නෝ දැඩි ජීවිත කලකිරීම්වලට ලක් වූ පිරිසක් වෙති. ඔවුන් මීට පෙර දිවි තොර කර ගැනීම සඳහා මරණීය ක්‍රම යොදා ගත් කොටසක් වන අතර, අන්‍යයන්ගේ මැදිහත් වීම හෝ වෛද්‍ය ප්‍රතිකාර නිසා දිවි ගලවාගත් පුද්ගලයෝ වෙති. මොවුන් යලි දිවි තොර කර ගැනීමට ඇති හැකියාව සහ ප්‍රවණතාව ඉහළය. මේ ගණයට මනෝ විද්‍යා උපදේශනය, ඖෂධ ප්‍රතිකාර මෙන්ම නිරීක්ෂණයද අවශ්‍ය වෙයි. මොවුන් තුල පවත්නා මානසික පීඩනය අවම වන තෙක් මනෝ විද්‍යා උපදේශනය සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීමද, පසු විපරම් (Follow Ups) මඟින් යළි මරණීය සාධකයන්ගේ ගොඩනැඟීම ඉවත් කිරීමද කල යුතුය.

4. මේ වර්ගයට අයත් වන්නෝ අතිශයින් දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් දක්වන කොටස් ලෙස හැඳින්විය හැකිය. මීට පෙර සක්‍රීය උත්සාහයන්ද තිබී ඇත. මේ ගණයට අයත් වන පිරිස තුල පෞරුෂ අක්‍රමිකතා, මානසික රෝග මෙන්ම ඇතැම් විට සමාජ විරෝධී පෞරුෂ සාධකයන්ද පෙන්වීමේ නැඹුරුවක් තිබේ. මනෝ උපදේශනයට ප්‍රථම මනෝ චිකිත්සක ප්‍රතිකාර, ආයතනගතකරණය අවශ්‍ය වෙයි. ඇතැම් අධ්‍යයනයන් ගෙන් පෙනී යන පරිදි උපදේශනය මුල් අවස්ථාවලදී මේ කොටසට මුළුමනින්ම නුසුදුසුය. මොවුන්ගේ මානසික තත්වය සැලකිය යුතු ආකාරයකින් නිරවුල් වූ විට මානසික රෝග පිළිබඳ විශේෂඥයෙකුගේ නිර්දේශන් මත උපදේශනය ඇරඹිය හැකිය.

මනෝ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කල යුතු අවස්ථා

දිවිනසා ගැනීම යන ගැටළුව මනෝ විද්‍යා උපදේශන සේවා මගින් නිරාකරණය කිරීමේදී මතු වන විශාලතම ගැටළුව නම් මේ සඳහා කුසලතා ඇති පුහුණු උපදේශකයන්ගේ හිඟයයි.

පහත අවස්ථා වලදී මනෝ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ආත්ම ඝාතන අදහස් වලින් යුතු පුද්ගලයා යොමු කල යුතුය.

1) සායනික විෂාදය

2) කවර ආකාරයේ මනෝ ව්‍යාධි තත්වයන්

3) ඉතා සූක්ෂම සහ පැහැදිලි දිවි තොර කර ගැනීමට සැලසුම් තිබෙන පුද්ගලයින්

4) දිගින් දිගටම දිවි නසා ගැනීමට යොමු වූ චිත්තයෙන් සහ මීට පෙර අසාර්ථක උත්සාහයන් තිබූ පුද්ගලයින්

5) මධු ලෝලීතාවයෙන් පෙලෙන්නන්

මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට රෝහල් ගත කිරීම මගින් දිවි නසා ගැනීමේ චිත්තය අවම කල හැකිය.

අවදානම

1) මීට පෙර දිවි නසා ගැනීමට යොමුවක් සහ උත්සාහයන් තිබූ බව. (දිවි නසා ගත් 20% 50% අතර පිරිසක් තුල මීට පෙර දිවි නසා ගැනීම සඳහා උත්සාහයන් තිබූ බව හෙළිවී තිබේ.)

2) මනෝ ව්‍යාධි තත්වය (ශ්‍රී ලංකාවේ දිවි නසා ගන්නා පිරිස් වලින් 50% දිවි තොර කර ගන්නේ මනෝ ව්‍යාධි ජනක තත්වය නිසාය.)

3) ජීව විද්‍යාත්මක සාධක ඇති බව. (පවුලේ සාමාජිකයන් අතර දිවි නසා ගැනීමේ යොමුවක් තිබීම, විෂාදය සහ මනෝ රෝග තිබීම)

4) පෞරුෂ අක්‍රමතා තිබීම

5) ජන විකාශ විද්‍යාව (Demographics) අනුව පුරුෂයන් ස්ත්රීන්ට වඩා 3 - 5 වාරයන් අධිකව දිවි තොර කර ගැනීමේ යොමුවක් තිබේ. තරුණ කොටස් අතර දිවි නසා ගැනීම් බහුලය.

දිවි නසා ගැනීමට යොමුවක් තිබෙන පුද්ගලයින් විසින් බැහැරට පෙන්වන සංඥා

දිවි නසා ගැනීමට යොමුවක් තිබෙන ඇතැම් පුද්ගලයින් තුල මෙම සංඥා පැහැදිලිව දක්නට ඇති අතර ඇතැමෙක් තුල මෙම සංඥා බැහැරට නිරාවරණයව නොපවතියි.

දිවි තොර කර ගැනීමේ චිත්තයේ සිටින පුද්ගලයන් බොහෝ විට ඒ සම්බන්ධයෙන් කථා කරති. ඔවුන් තුල විෂාදයේ ලක්ෂණ දක්නට තිබේ. නින්ද සහ ආහාර රුචිය අඩු වීම, අන්‍යයන්ගේ සමාගමට ප්‍රබෝධමත් ලෙස සහභාගී නොවීම, විනෝදාංශ වලින් ඈත් වීම මේ අතර වෙයි.

ඇතැම් අවස්ථාවලදී දිවි නසා ගැනීමට සැලසුම් කරන පුද්ගලයින් ලිපි මගින් තම මරණීය ආශය බැහැරට ප්‍රකාශ කරති. මෙම ලිපි මනෝ විද්‍යාත්මකව විශ්ලේෂණය කල විට එහි අසරණ වූ මරණීය විලාපයක් ඇති බව මනෝ විද්වතුන් විසින් සඳහන් කොට තිබේ.

ඇතැම් කොටස් තුල චර්යාවේ නොසන්සුන්කම, අවදානම් තත්වයන්ට කැමැත්තෙන් මුහුණ දීම දක්නට ලැබේ. මේ හැර මත්පැන්/මත්ද්‍රව්‍ය කරා ඇති යොමුව අධික වීමද මෙම පුද්ගලයින් අතර තිබීමද විශේෂත්වයකි.

දිවි තොර කර ගැනීමට යොමුවක් තිබෙන පුද්ගලයින්ගෙන් කෙලින්ම ඒ පිළිබඳව විමසීමෙන් ඔවුන්ගේ දිවි තොර කර ගැනීමේ යොමුව උත්තේජනය වන බවට ඇතැමුන් තුල අහේතුක බියක් තිබේ. නමුත් එය පදනම් විරහිතය. නමුත් උන්මාදය වැනි මනෝ ව්‍යාධිජනක තත්වයේ සිටින පුද්ගලයින් අනෙකාගේ වචනය වැරදි අයුරින් වටහා ගැනීමට ඉඩ තිබේ. එම නිසා එකී ප්රශ්නය යොමු කිරීමට පෙර එම පුද්ගලයාගේ මානසික තත්වය වටහා ගත යුතුය.

මනෝ විද්‍යා උපදේශක සහ මනෝ චිකිත්සක

උදාර දේවමුණි විසිනි

උපුටා ගැනීම - හිරු Gozzip

[QUOTE="Beeper, post: 16336939, member: 435491"] [b]සිය දිවි නසා ගන්නන් කලින් හඳුනා ගනිමු...![/b] [IMG]http://gossip.hirufm.lk/data/gossip_images/690.jpg[/IMG] [SIZE="4"]ශ්‍රී ලංකාවේ වසරකට 8000-6000 අතර වූ සංඛ්‍යාවක් සිය දිවි නසා ගනිති. මෙයින් ලේඛනගත වන්නේ ඉතා අඩු ප්‍රමාණයක් වන අතර සැබෑ ප්‍රමාණය මීට වඩා විශාල අගයක් ගත හැකිය. එබැවින් මෙම ආත්මහානිය අප රටේ පවතින්නා වූ බරපතල ගැටළුවකි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව සියදිවි නසා ගැනීම යනු මරණයෙන් ජීවිතය කෙටි කර ගැනීම සඳහා තම අනු දැනුමෙන් සහ කැමැත්තෙන් යොදා ගන්නා ජීවිතයට හානි ගෙන දෙන්නාවූ ක්‍රියාවක නිරතවීම වන අතර එම ක්රියාවේ නිරත වන පුද්ගලයා එහි අවසන් ප්‍රතිපලය අත් කර ගැනීම සඳහා ඔහු/ඇය ක්‍රියා මාර්ගයක් සිය කැමැත්තෙන්ම යොදා ගනියි. මනෝ විද්‍යාඥයන් විසින් දිවි නසා ගැනීම අසාමාන්‍ය මානව චර්යාවක් ලෙස විග්රහ කරන අතර ඇතැම් පවුල් ආශ්‍රිතව දිවි නසා ගැනීම බෙහෙවින් දක්නට තිබේ. මේ සඳහා විෂාදය (Depression) හේතු කාරකයක් වන බවද ඔවුන් අනුමාන කරයි. තවද ඇතැම් පෞරුෂද දිවි නසා ගැනීම සඳහා ප්රවනතාවක් පෙන්වයි. ඒ අතරම දිවි නසා ගන්නන් එම ක්රියාවේ නිරත වන්නේද පහත අරමුණු මුල් කොට ගෙනය. 1) පලායාම 2) පලිගැනීම 3) පරාර්ථය 4) අන්තරාවට ප්‍රිය කිරීම 5) මිශ්‍ර වසරකට ලෝකයේ මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් දිවි නසා ගන්නා අතර මිලියන 10 වාර්ෂිකව දිවි නසා ගැනීමේ අසාර්ථක උත්සාහයන් වලද නිරත වෙති. දිවි නසා ගැනීම යනු ලෝකයේ 10 වන ප්‍රධානතම මරණීය සාධකයද වෙයි. දිවි නසා ගැනීම ශ්‍රී ලංකාවේ හතරවන මරණ කාරකයයි. දිවි නසා ගැනීම පිළිබඳ පර්යේෂණ පැවැත්වූ පර්යේෂකයන්ගේ අධ්‍යයන වාර්තා අනුව දිවි නසාගත් පුද්ගලයන්ගෙන් 18% - 38% ප්‍රමාණයක් මීට පෙර දිවි නසා ගැනීම් සඳහා අසාර්ථක උත්සාහයන්ගේ නිරතවූ කොටස්ය. ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම් අතරින් 50% සඳහා හේතු කාරකය ලෙස මානසික රෝග (විෂාදය, භීන්නෝන්මාදය, මධුලෝලිතාවය, උන්මාදය, පෞරුෂ අක්‍රමතා) හේතු වන බව සනාථ වී තිබේ. ශ්‍රී ලංකාවේ දිවි නසා ගැනීම සඳහා මූලික හේතූන් ලෙස 1) මානසික රෝග 2) ප්‍රේම සබඳතා බිඳ වැටීම 3) මධුලෝලීතාවය 4) විභාග ආතතිය 5) ස්ථානමාරු සහ සේවා ස්ථානයේ ගැටුම් 6) අන්තර් පුද්ගල ගැටුම් 7) දුගී බව නිසා ඇති වන කලකිරීම 8) ශාරීරික රෝගාබාධ නිසා ඇති වන කලකිරීම දැක්විය හැකිය. මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට දිවි නසා ගැනීමට යොමු වී ඇති පුද්ගලයා ඒ සම්බන්ධයෙන් කෙලින් හෝ වක්‍ර ආකාරයෙන් කථා කරයි. දිවි නසා ගැනීමට යොමු වී තිබෙන පුද්ගලයින් වර්ගීකරණය දිවි නසා ගැනීමට යොමු වී තිබෙන පුද්ගලයින් වර්ගීකරණය මගින් ඒ අය හඳුනා ගැනීම, ක්ෂණික ක්‍රියාමාර්ග මගින් ඔවුන්ගේ මරණීය නැමියාව නිෂේධනය, අවදානම පිළිබඳව අන්‍යයන් දැනුවත් කිරීමට හැකි වීම වැදගත් වෙයි. මූලික වශයෙන් දිවි නසා ගැනීමට යොමු වී තිබෙන පුද්ගලයින් වර්ග හතරකට බෙදිය හැකිය. 1. මේ වර්ගයට අයත් වන්නෝ ජීවිතය ගැන කලකිරීමෙන් කතා කරති. මරණයේ යහපත් පාර්ශ්වය හුවා දක්වති. ඔවුන් තුල යම් ආකාරයක කල කිරීම, බලාපොරොත්තු රහිත බව තිබෙන නමුදු මීට පෙර කිසිදු අවස්ථාවක දිවි නසා ගැනීම සඳහා සක්‍රීය ක්‍රියාවලියක නිරත නොවූ පුද්ගලයින්ය. මනෝ විද්‍යා උපදේශනය මඟින් මොවුන් තුල ඇති ජීවිතය පිළිබඳ සෘණ ආකල්ප වෙනස් කළ හැක. 2. මේ වර්ගයට අයත් වන්නෝ ජීවිතය පිළිබඳ කලකිරීමෙන් සිටි පුද්ගලයන් විය හැකි අතර මීට පෙර මරණීය නොවන ක්‍රම වේදයක් මගින් දිවි නසාගැනීමේ චර්යාව බාහිරට පෙන්වන ලද පුද්ගලයින් වීම විශේෂත්වයකි. උදාහරණ ලෙස වස ද්‍රව්‍ය තනුක කොට මරණීය නොවන මාත්රාවලින් ගැනීම, ඖෂධ පෙති සුළු සංඛ්‍යාවක් එකවර පානය කිරීම, පිරිස ඉදිරියේ ගෙල වැලලා ගැනීම දැක්විය හැක. මොවුන් තම චර්යාව මඟින් අන්‍යයන්ව නම්මවා ගැනීමේ හැකියාවෙන් යුක්තය. නමුත් නොසලකා හැරීම, අවතක්සේරුව ඇතැම් විට මාරාන්තික ප්‍රතිපල ඇති කල හැක. මේ ගණයට අයත්වන පුද්ගලයන්ට මනෝ විද්‍යා උපදේශන, මනෝ චිකිත්සක ප්‍රතිකාර, ඇතැම් අවස්ථාවලදී ආතතිය අඩු කරන ඖෂධද අවශ්‍ය කෙරේ. 3. මේ වර්ගයට අයත් වන්නෝ දැඩි ජීවිත කලකිරීම්වලට ලක් වූ පිරිසක් වෙති. ඔවුන් මීට පෙර දිවි තොර කර ගැනීම සඳහා මරණීය ක්‍රම යොදා ගත් කොටසක් වන අතර, අන්‍යයන්ගේ මැදිහත් වීම හෝ වෛද්‍ය ප්‍රතිකාර නිසා දිවි ගලවාගත් පුද්ගලයෝ වෙති. මොවුන් යලි දිවි තොර කර ගැනීමට ඇති හැකියාව සහ ප්‍රවණතාව ඉහළය. මේ ගණයට මනෝ විද්‍යා උපදේශනය, ඖෂධ ප්‍රතිකාර මෙන්ම නිරීක්ෂණයද අවශ්‍ය වෙයි. මොවුන් තුල පවත්නා මානසික පීඩනය අවම වන තෙක් මනෝ විද්‍යා උපදේශනය සහ මනෝ චිකිත්සක ප්‍රතිකාර ලබා දීමද, පසු විපරම් (Follow Ups) මඟින් යළි මරණීය සාධකයන්ගේ ගොඩනැඟීම ඉවත් කිරීමද කල යුතුය. 4. මේ වර්ගයට අයත් වන්නෝ අතිශයින් දිවි නසා ගැනීමේ ප්‍රවණතාවක් දක්වන කොටස් ලෙස හැඳින්විය හැකිය. මීට පෙර සක්‍රීය උත්සාහයන්ද තිබී ඇත. මේ ගණයට අයත් වන පිරිස තුල පෞරුෂ අක්‍රමිකතා, මානසික රෝග මෙන්ම ඇතැම් විට සමාජ විරෝධී පෞරුෂ සාධකයන්ද පෙන්වීමේ නැඹුරුවක් තිබේ. මනෝ උපදේශනයට ප්‍රථම මනෝ චිකිත්සක ප්‍රතිකාර, ආයතනගතකරණය අවශ්‍ය වෙයි. ඇතැම් අධ්‍යයනයන් ගෙන් පෙනී යන පරිදි උපදේශනය මුල් අවස්ථාවලදී මේ කොටසට මුළුමනින්ම නුසුදුසුය. මොවුන්ගේ මානසික තත්වය සැලකිය යුතු ආකාරයකින් නිරවුල් වූ විට මානසික රෝග පිළිබඳ විශේෂඥයෙකුගේ නිර්දේශන් මත උපදේශනය ඇරඹිය හැකිය. මනෝ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකුට යොමු කල යුතු අවස්ථා දිවිනසා ගැනීම යන ගැටළුව මනෝ විද්‍යා උපදේශන සේවා මගින් නිරාකරණය කිරීමේදී මතු වන විශාලතම ගැටළුව නම් මේ සඳහා කුසලතා ඇති පුහුණු උපදේශකයන්ගේ හිඟයයි. පහත අවස්ථා වලදී මනෝ රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත ආත්ම ඝාතන අදහස් වලින් යුතු පුද්ගලයා යොමු කල යුතුය. 1) සායනික විෂාදය 2) කවර ආකාරයේ මනෝ ව්‍යාධි තත්වයන් 3) ඉතා සූක්ෂම සහ පැහැදිලි දිවි තොර කර ගැනීමට සැලසුම් තිබෙන පුද්ගලයින් 4) දිගින් දිගටම දිවි නසා ගැනීමට යොමු වූ චිත්තයෙන් සහ මීට පෙර අසාර්ථක උත්සාහයන් තිබූ පුද්ගලයින් 5) මධු ලෝලීතාවයෙන් පෙලෙන්නන් මනෝ විද්‍යාඥයින් පවසන ආකාරයට රෝහල් ගත කිරීම මගින් දිවි නසා ගැනීමේ චිත්තය අවම කල හැකිය. අවදානම 1) මීට පෙර දිවි නසා ගැනීමට යොමුවක් සහ උත්සාහයන් තිබූ බව. (දිවි නසා ගත් 20% 50% අතර පිරිසක් තුල මීට පෙර දිවි නසා ගැනීම සඳහා උත්සාහයන් තිබූ බව හෙළිවී තිබේ.) 2) මනෝ ව්‍යාධි තත්වය (ශ්‍රී ලංකාවේ දිවි නසා ගන්නා පිරිස් වලින් 50% දිවි තොර කර ගන්නේ මනෝ ව්‍යාධි ජනක තත්වය නිසාය.) 3) ජීව විද්‍යාත්මක සාධක ඇති බව. (පවුලේ සාමාජිකයන් අතර දිවි නසා ගැනීමේ යොමුවක් තිබීම, විෂාදය සහ මනෝ රෝග තිබීම) 4) පෞරුෂ අක්‍රමතා තිබීම 5) ජන විකාශ විද්‍යාව (Demographics) අනුව පුරුෂයන් ස්ත්රීන්ට වඩා 3 - 5 වාරයන් අධිකව දිවි තොර කර ගැනීමේ යොමුවක් තිබේ. තරුණ කොටස් අතර දිවි නසා ගැනීම් බහුලය. දිවි නසා ගැනීමට යොමුවක් තිබෙන පුද්ගලයින් විසින් බැහැරට පෙන්වන සංඥා දිවි නසා ගැනීමට යොමුවක් තිබෙන ඇතැම් පුද්ගලයින් තුල මෙම සංඥා පැහැදිලිව දක්නට ඇති අතර ඇතැමෙක් තුල මෙම සංඥා බැහැරට නිරාවරණයව නොපවතියි. දිවි තොර කර ගැනීමේ චිත්තයේ සිටින පුද්ගලයන් බොහෝ විට ඒ සම්බන්ධයෙන් කථා කරති. ඔවුන් තුල විෂාදයේ ලක්ෂණ දක්නට තිබේ. නින්ද සහ ආහාර රුචිය අඩු වීම, අන්‍යයන්ගේ සමාගමට ප්‍රබෝධමත් ලෙස සහභාගී නොවීම, විනෝදාංශ වලින් ඈත් වීම මේ අතර වෙයි. ඇතැම් අවස්ථාවලදී දිවි නසා ගැනීමට සැලසුම් කරන පුද්ගලයින් ලිපි මගින් තම මරණීය ආශය බැහැරට ප්‍රකාශ කරති. මෙම ලිපි මනෝ විද්‍යාත්මකව විශ්ලේෂණය කල විට එහි අසරණ වූ මරණීය විලාපයක් ඇති බව මනෝ විද්වතුන් විසින් සඳහන් කොට තිබේ. ඇතැම් කොටස් තුල චර්යාවේ නොසන්සුන්කම, අවදානම් තත්වයන්ට කැමැත්තෙන් මුහුණ දීම දක්නට ලැබේ. මේ හැර මත්පැන්/මත්ද්‍රව්‍ය කරා ඇති යොමුව අධික වීමද මෙම පුද්ගලයින් අතර තිබීමද විශේෂත්වයකි. දිවි තොර කර ගැනීමට යොමුවක් තිබෙන පුද්ගලයින්ගෙන් කෙලින්ම ඒ පිළිබඳව විමසීමෙන් ඔවුන්ගේ දිවි තොර කර ගැනීමේ යොමුව උත්තේජනය වන බවට ඇතැමුන් තුල අහේතුක බියක් තිබේ. නමුත් එය පදනම් විරහිතය. නමුත් උන්මාදය වැනි මනෝ ව්‍යාධිජනක තත්වයේ සිටින පුද්ගලයින් අනෙකාගේ වචනය වැරදි අයුරින් වටහා ගැනීමට ඉඩ තිබේ. එම නිසා එකී ප්රශ්නය යොමු කිරීමට පෙර එම පුද්ගලයාගේ මානසික තත්වය වටහා ගත යුතුය. [/SIZE] [SIZE="4"][B]මනෝ විද්‍යා උපදේශක සහ මනෝ චිකිත්සක උදාර දේවමුණි විසිනි[/B][/SIZE] [SIZE="4"]උපුටා ගැනීම - හිරු Gozzip[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom