ඩයලොග්, ටෙලිකොම් ප්‍රධානීන්ට ජනපතිගෙන් දෝස්මුරයක්!
ඩයලොග් ටී.වි. සහ පියෝ ටී.වි. විසින් සිරස මාධ්‍ය ජාලයට අයත් සිරස ටීවී, ශක්ති ටීවී, එම්.ටී.වී. ස්පෝර්ට්ස් නාලිකා අවහිර කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකා ටෙලිකොම් හා ඩයලොග් ආසියාටා ආයතන වල ප්‍රධානීන් හට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.
22 දිනයේදී සිරස නාලිකාව ඔස්සේ විකාශය වූ විශේෂ 'සටන' වැඩසටහන හේතුවෙන් මෙම බාධාකිරීම් සිදුකර තිබුණි.
දුරකථනයෙන් මෙම ආයතන ප්‍රධානීන් අමතා ඇති ජනපතිවරයා, වහාම මෙම බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙස නියෝග කර ඇත.
මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී කිසිඳු විමසීමකින් තොරව, තමා පිනවන්නට යැයි සිතා මේ ආකාරයෙන් කටයුතු නොකරන්නැයි ද ජනපතිවරයා අදාල ප්‍රධානීන් හට තරයේ අවවාද කර ඇතැයි වාර්තා වේ.
කෙසේ වුවද, මෙම අවවාදකිරීම සිදුකර ඇත්තේ ඉහත වැඩසටහන අවසන්වීමෙන් පසුවය.
source
Code:http://sinhala.lankanewsweb.net/news/14570-2014-11-23-11-43-52


