Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?

සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?

ජයතිස්ස තෙන්නකෝන්

සිරිපාදය හෙවත් ශ්‍රී පාදස්ථානය ජාති, කුල, ආගම්, වර්ණ හා පන්ති භේදයෙන් තොරව මේ රටේ පොදු ජනයාගේ වන්දනා මානයට පාත්‍ර වූ පරම පූජනීය සිද්ධස්ථානයක් ලෙසද ශ්‍රී ලංකාවේ ඇති ස්වභාව සෞන්දර්යෙන් අනූන අති රමණීය ස්ථානයක් ලෙසද ප්රකටය. එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද වන්දනාමානයට මෙන්ම ගෞරවනීය ගැඹුරු අධ්‍යයනයට, විමර්ශනයට බඳුන් වී ඇත.

සිරිපා වන්දනා සමය පසුගිය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර අවසන් වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙහිය. ලෝකයේ පූජනීය සිද්ධස්ථානයක් වන්දනා කරන දීර්ඝතම කාලයද මෙය වෙයි.

ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධ හා හින්දු බැතිමතුන් ශ්‍රී පාදය වන්දනාමාන කරන අතර ඉස්ලාම් හා ක්‍රිස්තු භක්තිකයෝද සමනොළ ශ්‍රීපාද සටහනට බුහුමන් දක්වති. බොදුනුවන්ට එය "ශ්‍රී පාදය" ය. කිතුනුවන්ට එය "ආදම්ගේ පාදය" ද, හින්දු භක්තිකයන්ට "ශිව දෙවියන්ගේ පාදය" ද වන අතර ඉස්ලාම් භක්තිකයන්ටද ලොව මුල්ම මිනිසා "ආදම්" ලෙස පිළිගන්නා බැවින් එය එතුමන්ගේ පාදය බව විශ්වාස කරයි.

ශ්‍රී පාදස්ථානය බොදුනුවන්ට "සිරිපාදය" හෙවත් "සමනොළ" කන්ද ද කිතුනුවන්ට "ඇඩම්ස්පීක්" (Adems Peak) ඉස්ලාම් භක්තිකයන්ට "බමාද මලෙයි" ද, හින්දු භක්තිකයන්ට "ශිවනොලි පාදම්" ද වෙයි. මෙම කඳු මුදුන සියලුම ආගමිකයන්ගේ ගරු බුහුමනට පාත්රවීම පිළිබඳව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේද ඉතිහාසඥයන්ගේද ලිපි ලේඛනවල සඳහන්ව ඇත.

සිරිපතුල් පහස ලබන සමනොළ බිමට රැකවරණය ලබා දෙන්නේ සමන් දෙවියන් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට රැකවරණය දෙතැයි සැලකෙන සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙක් ලෙස සමන් දෙවියන් බුහුමනට ලක්වේ. ඉතිරි තිදෙනා වන්නේ විෂ්ණු, කතරගම හා විභීෂණ යන දෙවිවරුන්ය.

සිරිපද ලස පිහිටි සමනොළ කන්දට සමන්ත කූඨය, සමන් ගිර ආදී නම් භාවිතාවීමෙන් පෙනෙන්නේ එය සුමන සමන් දෙවියන්ගේ බල පෙදෙසක් වන බවයි. ලොව සමන් දෙවියන් පිළිබඳව පවත්නා ජනප්‍රවාද රාශියකි. "සැළලිහිණි" සන්දේශයෙහි සමන් දෙවියන් හා සමන්ගිර ගැන මෙසේ කියෑවෙයි.

සුර රද සමන් සමගින් සුරඟන එවර

පැහැනද මදාරා පරසතු මල් පතර

කැරපුද වඳින රැඳි මුණි සිරිපා තඹර

සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන හින්දු භක්තිකයන් සමනොළ කන්ද හඳුන්වන්නේ "සිව නොළි" පාදම් නමිනි. එහි අර්ථය ශිව "දෙවියන්ගේ ආලෝකය හෙවත් දීප්තිය ලබාදන පාදය" යන්නයි. ඔවුනගේ විශ්වාසය පරිදි සිරිපා කඳු මුදුනේ පිහිටා තිබෙන්නේ ශිව දෙවියන්ගේ පා සටහනයි.

ශ්‍රී පාදස්ථානය පිළිබඳව ඉන්දියානුවන්ගේ අදහස්වලට අනුව තව විශ්වාසයක් ඇත. රාම රජුගේ සොහොයුරු "ලක්ෂමන්", "සමන්" නමින්ද ඔවුහු හඳුන්වති. ඔහු ලංකාවට "සීතා" සොයාගෙන පැමිණි අවස්ථාවේ ඔහු හමුවූ සුමන සමන් දෙවි, දෙවි කන්ද සමන්ට භාර කළේය. එබැවින් එය සමන්ගිර බවට පත්වූ බව පැවසේ.

සමනොළ කන්ද පිළිබඳව හින්දු භක්තිකයන් ඉදිරිපත් කරන තවත් අදහසක් ඇත. හින්දුන් සමනළ කන්දට පුද පූජා පවත්වන්නේ ස්වර්ගයට ආසන්නව තිබෙන කන්ද යන අදහස නිසා ඔව්හු ස්වර්ගයට යන මාර්ගයට යන අදහසින් ශ්‍රී පාද කන්ද "ස්වර්ගර්හන්" ලෙසද හඳුන්වති. එහි අදහස "ස්වර්ගයට නුදුරු" යන්නයි. සමනළ ගිරෙහි තිබෙන ගස්වැල් සහ සතුන් විශේෂයෙන්, අලි ඇතුන් ආදීන් ස්වර්ගයෙන් මිනිසාට හිමිවූ දේවල් ලෙස ඔව්හු සලකති. ජනප්‍රවාදවලට අනුව මෙම කන්ද ශිව දෙවියන් වාසය කරන මහා මේරුව සමඟ සම්බන්ධ කෙරෙන අතර සදාතනිකත්වය ලබා දෙන්නාවූ ස "සන්සෙව්" නමැති පැළෑටිය මෙහි ඇතැයිද ඇතැම් හින්දු භක්තිකයෝ විශ්වාස කරයි.

සිරිපා පුදබිම, එහි ස්වභාවික පිහිටීමෙන් ලබා ඇති අසාමාන්‍ය ස්වරූපය අනුව සෞන්දර්යාත්මක මුහුණුවරටද, ආගමික පූජනීය ස්ථානයක් ලෙස විවිධ විශ්වාස පදනම් කොට ගැනීම නිසා කිසියම් ගුප්ත ස්වභාවයකටද හිමිකම් කියයි. මෙයට විශාල වශයෙන් හේතුවී ඇත්තේ සිරිපා පුදබිම හා සම්බන්ධ වූ විශ්වාස පදනම් කොටගත් විවිධ ජනප්රවාදයන්ය.

සිරිපා පුදබිමේ ආරම්භයට පදනම්වූ ජනකතා අතර ප්‍රචලිත කතාවකට පදනම් වන්නේ "රාජාවලියේ" කියෑවෙන පුවතකි. "විජය" කුමරු සහ පිරිස ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේම ඔවුන්ට ඈතදීම දක්නට ලැබී ඇත්තේ ඉතා උස්වූ දර්ශනීය කඳු මුදුනකි. ඔවුන් ලක්දිව තම වාසස්ථානය ලෙස තෝරාගත්තේ එම කඳු මුqදුනේ දර්ශනීයත්වය නිසා බව කියෑවේ.

සමනළ මුදුනේ පිහිටි සිරිපා ලකුණ සොයාගත් සැටි පිළිබඳ ජනප්‍රවාදයක් ඇත. ක්‍රි.පූ. පළමුවැනි සියවසේ ලක්දිව රජකළ වළගම්බා රජු මලබාර් ආක්‍රමණිකයන් විසින් සිහසුනෙන් නෙරපන ලදී. රජු වනගත විය. හේ දිගු කලක් අනාථයකු ලෙස කඳුකරයේ සැරිසැරීය. දිනක් ගුහාවක සිටිද්දී ඔහු ඈතින් මුවෙක් දුටුවේය. රජු මුවා වෙත ළංවීමට තැත්කළද රජුගේ වේගයෙන්ම මුවා දුවන්නේය. වේගයෙන් ලුහුබඳින විට වේගයෙන්ද, සෙමින් දුවන විට සෙමින්ද මුවා දුවන්නේය. රජු නැවතුණු විට මුවාද නැවතුණේය. සමනළ මුදුනට රජු ගිය විට මුවා අතුරුදන් විය. "වළගම්බා" රජ ඒ ස්ථානය දෙස විපරමින් බලද්දී ශ්‍රී පාද ලාංඡනය දුටුවේය. මේ අඩවියට අධිගෘහිත දෙවියන් විසින් තමන් සිරිපා අඩවියට කැඳවා ඇති බව රජු වටහා ගත්තේය.

මෙබඳු තවත් ජනප්‍රවාදයක් නම් "විජය" රජු විසින් පිටුවහල් කරන ලද "කුවේණිය" ජීවහත්ථ හා "දිසාල" නම් දරු දෙදෙනා සිරිපා භූමිය කරා ගිය වගයි. "පුලින්ද" නමැති ගෝත්‍රිකයන්ට ඔවුන් භාරදුන් බවද පැවසේ. "සබර" යනු වැද්දාට කියන නමකි. සබරගමුව යනු වැද්දන්ගේ ප්රදේශයයි. සබරගමුව ප්‍රදේශය ශ්‍රී පාදස්ථානයට අයත් වන අතර "පුලින්ද" යන නම වැද්දන්ටද යෙදෙන බව තවදුරටත් පැවසේ. එපමණක් නොව සබරගමුව ප්‍රදේශයේ ප්‍රචලිත කිරිමඩුවලදී සිදුවන කිරි ඉතිරිවීමේ ශාන්ති කර්මයේදී සිදු කෙරෙන කටයුතු වැද්දන්ගේ කිරි ඉතිරවීමේ ශාන්ති කර්ම කටයුතුවලට බෙහෙවින් සමාන බවද මෙහිදී සඳහන් කළ යුතුය.

ක්‍රි.ව. 1198 දී පොළොන්නරුවේ සිට මෙම ප්‍රදේශයට පැමිණි "නිශ්ශංකමල්ල" රජු සිරිපා බිමට නුදුරු "රංකොත් වෙහෙර" නමැති භූමිය දුටු වගද, එය රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වගද ජනප්‍රවාදයෙහි එයි. වෙහෙරට මල් පිදීම සඳහා රජු විසින් විහාරයට ආසන්නව මල් උයනක් කරවන ලද බවද, එය සමන් මල් උයන නම් වූ බවද ජනප්‍රවාදයෙහි එයි. මේ මල් උයනෙන් එක් කලකදී මල් අතුරුදන් වන්නට පටන් ගත් බව උයන්පල්ලන්ට වැටහී ඔව්හු ඒ බව රජුට දැන්වූහ.

රජුට මල් සොරකම් කරන්නවුන් අල්ලාගත නොහැකි විය. පසුව මල් සොරුන් අල්ලාදෙන ලෙස දන්වමින් රජු අණබෙර ලෑවේය. අවසානයේ මල් සොරකම ගැන තොරතුරු කියන්නට ඉදිරිපත් වූයේ දෙපා නැති පුද්ගලයෙකි. ඔහු මඟුල් උයනෙහි කුටියක් තනවා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. කුටියෙහි හිඳින ඔහු රාත්‍රී කාලයේ බණ පොතක් කියෑවීය. මෙම බණ පද අසන්න රෑ කළ කවුරුන් හෝ පැමිණෙන බව ඔහුට වැටහිණි. පසුව එසේ පැමිණ බණ අසන්නේ සුරංගනාවන් බව ඔහු දැන ගත්තේය. එපමණක් නොව ඔවුන් මල් උයනට පැමිණ මල් නෙළා ගන්නා බවද ඔහු දුටුවේය. සුරංගනාවන්ගෙන් මේ බව ඇසූ විට ඔවුන් පැවසුවේ සිරිපා පුදන්නට එම මල් රැගෙන යන බවයි. පසුව එම පුද්ගලයාගේද රාජපුරුෂයන්ගේද උත්සාහයෙන් සිරිපා පුදබිම සොයාගත් අතර රජු එතැන් සිට එහි වන්දනාමාන සඳහා ඉඩකඩ සැලසූ බව ජනප්‍රවාදයෙහි එයි.

සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් ස්ථානයක් වන "ගෙත්තම්පාන" පිළිබඳවද මෙබඳු ජනකතාවක් පවතී. බුදුන් වහන්සේ සමනළ කන්ද නගිද්දී සිවුර ඉරීගිය බැවින් එක් ස්ථානයකදී නැවතී සිවුර මසන ලද බවත්, එබැවින් එම ස්ථානය ගෙත්තම්පාන නමින් හැඳින්වෙන බවත්ය.

එක් ජනප්‍රවාදයකට අනුව පැවසෙන්නේ මෙතැන්හි පර්වතය මත වැඩසිට, ඉරීගිය තම චීවරය උන්වහන්සේ එළලූ බවයි. මේ බව දුටු මාරයා බුදුන් වහන්සේ විනාශ කිරීමට විශාල ජල ධාරාවක් කඳු මුදුනින් මවා පහළට එවූ බවත්, මහත් වූ වේගයකින් පහළට ඇදී ආ ජලස්කන්ධය බුදුන් වහන්සේ වැඩ සිටි තැනින් දෙකට බෙදී පහළට ගැලූ බවත් කියෑවේ.

ශ්‍රී පාදස්ථානයට බොහෝ විට භාරහාර වීම භක්තිමත් ජනයා අතින් සිදු වේ. රෝග පීඩාවලින් මිදීම සඳහා භාර වූ පුද්ගලයාගේ උසට සරිලන සුදු නූල් බෝලයක් ඔප්පු කිරීමට ඇතැම් වන්දනාකරුවෝ පුරුදුව සිටිති. සිරිපා කන්ද මුදුනට වැටෙන ජලයෙහි රෝග පීඩා සුව කිරීමේ අති විශේෂ බලයක් ඇති බවද විශ්වාසයකි.

සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක් ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්ථාවේදී කිසියම් ලෙනක් තුළ පන්සීයයක් රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්ථානයක් සොයාගත නොහැකිවූ

[QUOTE="araki, post: 23236611, member: 360239"] [b]සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?[/b] [SIZE=5]සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද? [/SIZE] [SIZE=5] [COLOR=#800000] ජයතිස්ස තෙන්නකෝන්[/COLOR] [IMG]http://divaina.com/daily/images/Paper/2018/05/23/Athireka/sripada.jpg[/IMG]සිරිපාදය හෙවත් ශ්‍රී පාදස්ථානය ජාති, කුල, ආගම්, වර්ණ හා පන්ති භේදයෙන් තොරව මේ රටේ පොදු ජනයාගේ වන්දනා මානයට පාත්‍ර වූ පරම පූජනීය සිද්ධස්ථානයක් ලෙසද ශ්‍රී ලංකාවේ ඇති ස්වභාව සෞන්දර්යෙන් අනූන අති රමණීය ස්ථානයක් ලෙසද ප්රකටය. එය දේශීය මෙන්ම විදේශීය සංචාරකයන්ගේද වන්දනාමානයට මෙන්ම ගෞරවනීය ගැඹුරු අධ්‍යයනයට, විමර්ශනයට බඳුන් වී ඇත. සිරිපා වන්දනා සමය පසුගිය උඳුවප් පුර පසළොස්වක පොහොය දිනයෙන් ආරම්භ වූ අතර අවසන් වන්නේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනයෙහිය. ලෝකයේ පූජනීය සිද්ධස්ථානයක් වන්දනා කරන දීර්ඝතම කාලයද මෙය වෙයි. ශ්‍රී ලංකාවේ වෙසෙන බෞද්ධ හා හින්දු බැතිමතුන් ශ්‍රී පාදය වන්දනාමාන කරන අතර ඉස්ලාම් හා ක්‍රිස්තු භක්තිකයෝද සමනොළ ශ්‍රීපාද සටහනට බුහුමන් දක්වති. බොදුනුවන්ට එය "ශ්‍රී පාදය" ය. කිතුනුවන්ට එය "ආදම්ගේ පාදය" ද, හින්දු භක්තිකයන්ට "ශිව දෙවියන්ගේ පාදය" ද වන අතර ඉස්ලාම් භක්තිකයන්ටද ලොව මුල්ම මිනිසා "ආදම්" ලෙස පිළිගන්නා බැවින් එය එතුමන්ගේ පාදය බව විශ්වාස කරයි. ශ්‍රී පාදස්ථානය බොදුනුවන්ට "සිරිපාදය" හෙවත් "සමනොළ" කන්ද ද කිතුනුවන්ට "ඇඩම්ස්පීක්" (Adems Peak) ඉස්ලාම් භක්තිකයන්ට "බමාද මලෙයි" ද, හින්දු භක්තිකයන්ට "ශිවනොලි පාදම්" ද වෙයි. මෙම කඳු මුදුන සියලුම ආගමිකයන්ගේ ගරු බුහුමනට පාත්රවීම පිළිබඳව බොහෝ සමාජ විද්‍යාඥයන්ගේද ඉතිහාසඥයන්ගේද ලිපි ලේඛනවල සඳහන්ව ඇත. සිරිපතුල් පහස ලබන සමනොළ බිමට රැකවරණය ලබා දෙන්නේ සමන් දෙවියන් ලෙස සැලකේ. ශ්‍රී ලංකාවට රැකවරණය දෙතැයි සැලකෙන සතර වරම් දෙවිවරුන්ගෙන් කෙනෙක් ලෙස සමන් දෙවියන් බුහුමනට ලක්වේ. ඉතිරි තිදෙනා වන්නේ විෂ්ණු, කතරගම හා විභීෂණ යන දෙවිවරුන්ය. සිරිපද ලස පිහිටි සමනොළ කන්දට සමන්ත කූඨය, සමන් ගිර ආදී නම් භාවිතාවීමෙන් පෙනෙන්නේ එය සුමන සමන් දෙවියන්ගේ බල පෙදෙසක් වන බවයි. ලොව සමන් දෙවියන් පිළිබඳව පවත්නා ජනප්‍රවාද රාශියකි. "සැළලිහිණි" සන්දේශයෙහි සමන් දෙවියන් හා සමන්ගිර ගැන මෙසේ කියෑවෙයි. සුර රද සමන් සමගින් සුරඟන එවර පැහැනද මදාරා පරසතු මල් පතර කැරපුද වඳින රැඳි මුණි සිරිපා තඹර සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර ශ්‍රී ලංකාවේ දෙමළ බස කතා කරන හින්දු භක්තිකයන් සමනොළ කන්ද හඳුන්වන්නේ "සිව නොළි" පාදම් නමිනි. එහි අර්ථය ශිව "දෙවියන්ගේ ආලෝකය හෙවත් දීප්තිය ලබාදන පාදය" යන්නයි. ඔවුනගේ විශ්වාසය පරිදි සිරිපා කඳු මුදුනේ පිහිටා තිබෙන්නේ ශිව දෙවියන්ගේ පා සටහනයි. ශ්‍රී පාදස්ථානය පිළිබඳව ඉන්දියානුවන්ගේ අදහස්වලට අනුව තව විශ්වාසයක් ඇත. රාම රජුගේ සොහොයුරු "ලක්ෂමන්", "සමන්" නමින්ද ඔවුහු හඳුන්වති. ඔහු ලංකාවට "සීතා" සොයාගෙන පැමිණි අවස්ථාවේ ඔහු හමුවූ සුමන සමන් දෙවි, දෙවි කන්ද සමන්ට භාර කළේය. එබැවින් එය සමන්ගිර බවට පත්වූ බව පැවසේ. සමනොළ කන්ද පිළිබඳව හින්දු භක්තිකයන් ඉදිරිපත් කරන තවත් අදහසක් ඇත. හින්දුන් සමනළ කන්දට පුද පූජා පවත්වන්නේ ස්වර්ගයට ආසන්නව තිබෙන කන්ද යන අදහස නිසා ඔව්හු ස්වර්ගයට යන මාර්ගයට යන අදහසින් ශ්‍රී පාද කන්ද "ස්වර්ගර්හන්" ලෙසද හඳුන්වති. එහි අදහස "ස්වර්ගයට නුදුරු" යන්නයි. සමනළ ගිරෙහි තිබෙන ගස්වැල් සහ සතුන් විශේෂයෙන්, අලි ඇතුන් ආදීන් ස්වර්ගයෙන් මිනිසාට හිමිවූ දේවල් ලෙස ඔව්හු සලකති. ජනප්‍රවාදවලට අනුව මෙම කන්ද ශිව දෙවියන් වාසය කරන මහා මේරුව සමඟ සම්බන්ධ කෙරෙන අතර සදාතනිකත්වය ලබා දෙන්නාවූ ස "සන්සෙව්" නමැති පැළෑටිය මෙහි ඇතැයිද ඇතැම් හින්දු භක්තිකයෝ විශ්වාස කරයි. සිරිපා පුදබිම, එහි ස්වභාවික පිහිටීමෙන් ලබා ඇති අසාමාන්‍ය ස්වරූපය අනුව සෞන්දර්යාත්මක මුහුණුවරටද, ආගමික පූජනීය ස්ථානයක් ලෙස විවිධ විශ්වාස පදනම් කොට ගැනීම නිසා කිසියම් ගුප්ත ස්වභාවයකටද හිමිකම් කියයි. මෙයට විශාල වශයෙන් හේතුවී ඇත්තේ සිරිපා පුදබිම හා සම්බන්ධ වූ විශ්වාස පදනම් කොටගත් විවිධ ජනප්රවාදයන්ය. සිරිපා පුදබිමේ ආරම්භයට පදනම්වූ ජනකතා අතර ප්‍රචලිත කතාවකට පදනම් වන්නේ "රාජාවලියේ" කියෑවෙන පුවතකි. "විජය" කුමරු සහ පිරිස ඉන්දියාවේ සිට ලංකාවට පැමිණි දිනයේම ඔවුන්ට ඈතදීම දක්නට ලැබී ඇත්තේ ඉතා උස්වූ දර්ශනීය කඳු මුදුනකි. ඔවුන් ලක්දිව තම වාසස්ථානය ලෙස තෝරාගත්තේ එම කඳු මුqදුනේ දර්ශනීයත්වය නිසා බව කියෑවේ. සමනළ මුදුනේ පිහිටි සිරිපා ලකුණ සොයාගත් සැටි පිළිබඳ ජනප්‍රවාදයක් ඇත. ක්‍රි.පූ. පළමුවැනි සියවසේ ලක්දිව රජකළ වළගම්බා රජු මලබාර් ආක්‍රමණිකයන් විසින් සිහසුනෙන් නෙරපන ලදී. රජු වනගත විය. හේ දිගු කලක් අනාථයකු ලෙස කඳුකරයේ සැරිසැරීය. දිනක් ගුහාවක සිටිද්දී ඔහු ඈතින් මුවෙක් දුටුවේය. රජු මුවා වෙත ළංවීමට තැත්කළද රජුගේ වේගයෙන්ම මුවා දුවන්නේය. වේගයෙන් ලුහුබඳින විට වේගයෙන්ද, සෙමින් දුවන විට සෙමින්ද මුවා දුවන්නේය. රජු නැවතුණු විට මුවාද නැවතුණේය. සමනළ මුදුනට රජු ගිය විට මුවා අතුරුදන් විය. "වළගම්බා" රජ ඒ ස්ථානය දෙස විපරමින් බලද්දී ශ්‍රී පාද ලාංඡනය දුටුවේය. මේ අඩවියට අධිගෘහිත දෙවියන් විසින් තමන් සිරිපා අඩවියට කැඳවා ඇති බව රජු වටහා ගත්තේය. මෙබඳු තවත් ජනප්‍රවාදයක් නම් "විජය" රජු විසින් පිටුවහල් කරන ලද "කුවේණිය" ජීවහත්ථ හා "දිසාල" නම් දරු දෙදෙනා සිරිපා භූමිය කරා ගිය වගයි. "පුලින්ද" නමැති ගෝත්‍රිකයන්ට ඔවුන් භාරදුන් බවද පැවසේ. "සබර" යනු වැද්දාට කියන නමකි. සබරගමුව යනු වැද්දන්ගේ ප්රදේශයයි. සබරගමුව ප්‍රදේශය ශ්‍රී පාදස්ථානයට අයත් වන අතර "පුලින්ද" යන නම වැද්දන්ටද යෙදෙන බව තවදුරටත් පැවසේ. එපමණක් නොව සබරගමුව ප්‍රදේශයේ ප්‍රචලිත කිරිමඩුවලදී සිදුවන කිරි ඉතිරිවීමේ ශාන්ති කර්මයේදී සිදු කෙරෙන කටයුතු වැද්දන්ගේ කිරි ඉතිරවීමේ ශාන්ති කර්ම කටයුතුවලට බෙහෙවින් සමාන බවද මෙහිදී සඳහන් කළ යුතුය. ක්‍රි.ව. 1198 දී පොළොන්නරුවේ සිට මෙම ප්‍රදේශයට පැමිණි "නිශ්ශංකමල්ල" රජු සිරිපා බිමට නුදුරු "රංකොත් වෙහෙර" නමැති භූමිය දුටු වගද, එය රජු විසින් ප්‍රතිසංස්කරණය කරන ලද වගද ජනප්‍රවාදයෙහි එයි. වෙහෙරට මල් පිදීම සඳහා රජු විසින් විහාරයට ආසන්නව මල් උයනක් කරවන ලද බවද, එය සමන් මල් උයන නම් වූ බවද ජනප්‍රවාදයෙහි එයි. මේ මල් උයනෙන් එක් කලකදී මල් අතුරුදන් වන්නට පටන් ගත් බව උයන්පල්ලන්ට වැටහී ඔව්හු ඒ බව රජුට දැන්වූහ. රජුට මල් සොරකම් කරන්නවුන් අල්ලාගත නොහැකි විය. පසුව මල් සොරුන් අල්ලාදෙන ලෙස දන්වමින් රජු අණබෙර ලෑවේය. අවසානයේ මල් සොරකම ගැන තොරතුරු කියන්නට ඉදිරිපත් වූයේ දෙපා නැති පුද්ගලයෙකි. ඔහු මඟුල් උයනෙහි කුටියක් තනවා දෙන ලෙස රජුගෙන් ඉල්ලා සිටියේය. කුටියෙහි හිඳින ඔහු රාත්‍රී කාලයේ බණ පොතක් කියෑවීය. මෙම බණ පද අසන්න රෑ කළ කවුරුන් හෝ පැමිණෙන බව ඔහුට වැටහිණි. පසුව එසේ පැමිණ බණ අසන්නේ සුරංගනාවන් බව ඔහු දැන ගත්තේය. එපමණක් නොව ඔවුන් මල් උයනට පැමිණ මල් නෙළා ගන්නා බවද ඔහු දුටුවේය. සුරංගනාවන්ගෙන් මේ බව ඇසූ විට ඔවුන් පැවසුවේ සිරිපා පුදන්නට එම මල් රැගෙන යන බවයි. පසුව එම පුද්ගලයාගේද රාජපුරුෂයන්ගේද උත්සාහයෙන් සිරිපා පුදබිම සොයාගත් අතර රජු එතැන් සිට එහි වන්දනාමාන සඳහා ඉඩකඩ සැලසූ බව ජනප්‍රවාදයෙහි එයි. සිරිපා වන්දනාවේදී ඉතා වැදගත් ස්ථානයක් වන "ගෙත්තම්පාන" පිළිබඳවද මෙබඳු ජනකතාවක් පවතී. බුදුන් වහන්සේ සමනළ කන්ද නගිද්දී සිවුර ඉරීගිය බැවින් එක් ස්ථානයකදී නැවතී සිවුර මසන ලද බවත්, එබැවින් එම ස්ථානය ගෙත්තම්පාන නමින් හැඳින්වෙන බවත්ය. එක් ජනප්‍රවාදයකට අනුව පැවසෙන්නේ මෙතැන්හි පර්වතය මත වැඩසිට, ඉරීගිය තම චීවරය උන්වහන්සේ එළලූ බවයි. මේ බව දුටු මාරයා බුදුන් වහන්සේ විනාශ කිරීමට විශාල ජල ධාරාවක් කඳු මුදුනින් මවා පහළට එවූ බවත්, මහත් වූ වේගයකින් පහළට ඇදී ආ ජලස්කන්ධය බුදුන් වහන්සේ වැඩ සිටි තැනින් දෙකට බෙදී පහළට ගැලූ බවත් කියෑවේ. ශ්‍රී පාදස්ථානයට බොහෝ විට භාරහාර වීම භක්තිමත් ජනයා අතින් සිදු වේ. රෝග පීඩාවලින් මිදීම සඳහා භාර වූ පුද්ගලයාගේ උසට සරිලන සුදු නූල් බෝලයක් ඔප්පු කිරීමට ඇතැම් වන්දනාකරුවෝ පුරුදුව සිටිති. සිරිපා කන්ද මුදුනට වැටෙන ජලයෙහි රෝග පීඩා සුව කිරීමේ අති විශේෂ බලයක් ඇති බවද විශ්වාසයකි. සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක් ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්ථාවේදී කිසියම් ලෙනක් තුළ පන්සීයයක් රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්ථානයක් සොයාගත නොහැකිවූ [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom