Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සිරිපාදේ අවාරෙට මල් පුදන්නේ කවුද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක් ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්ථාවේදී කිසියම් ලෙනක් තුළ පන්සීයයක් රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්ථානයක් සොයාගත නොහැකිවූ බැවින් භගවා ලෙන එම ස්ථානයම බව පැවසේ. "දිවා ගුහා වඳිමුද අපි කවර කළේ" යනාදියෙන් ජන කවියා පවසන්නේ මෙම ස්ථානයයි.

"පළාබත්දල" නමැති ගම පිළිබඳවද ඉතා ප්‍රචලිත ජනප්‍රවාදයක් පවතී. සිරිපා වඳින්නට පිටත් වූ ගම්වැසියෙක් සිය ගමන් මඟදී අනුභව කිරීමට බත් මුදලක්ද ගෙන ගියේය. එහෙත් ඔහු ගමන ආරම්භ කරද්දීම භික්ෂුන් වහ්නසේ නමක් පිඬුqසිඟා වැඩියේය. පූජා කිරීම සඳහා තමා සතුව වෙනත් කිසිවක් නොවූ බැවින් ඔහු සිය බත්මුලෙහි වූ පළා ව්‍යංජන කොටස වෙන්කොට භික්ෂුන් වහන්සේට බත්මුල පූජා කළේය. දිවා කාලය වන විට කුසගිනි ඇතිවූ බැවින් ඔහු ඉතිරි කළ පලා ව්‍යංජනය අනුභව කිරීමට සිsතා බැලුවේය. එහෙත් ඔහු පුදුමයට පත්කරවමින් බත් මුලෙහි වූයේ "ඇල්හාලේ" බතකි. මේ සිද්ධිය වූයේ දොළක් අසලදීය. එබැවින් "පලා" බත් බවට පත්වී පසුව "පලාබත්දළ" වූ බව පැවසේ. මෙම සිදුවීම සමන් දෙවියන්ගේ හාස්කමින් සිදුවූවක් බව ගැමියන්ගේ විශ්වාසයයි.

රත්නපුර හරහා වඳින්නට යන විට හමුවන ගල් පර්වත දෙකක් අසලින් ප්රපාතයක් හමුවේ. මෙම ස්ථානය පෙර හැඳින්වූයේ "ස්ත්‍රී පුරය" ලෙස බව ජනප්‍රවාදයෙහි එයි. ඊට හේතුව සිංහල රාජ අවධියේදී ස්ත්‍රියක් මෙම ස්ථානය තුළ සඟවා තැබීම බව පැවසේ. සමහරෙකු පවසන්නේ "රාවණා රජු" විසින් ඉන්දියාවෙන් පැහැරගෙන ආ සීතා දේවිය මෙම ස්ථානයේ සඟවා තැබූ බවය.

රත්නපුර මාර්ගයේම තවත් ප්‍රකට ජනප්‍රවාදයකට හේතුවූ ස්ථානයකි "ලිහිණි හෙළ". සිරිපා වඳින්නට වැඩිහිටියන්ගේ වරම් ලබාගත නොහැකිවූ කාන්තාවක් මෙහි ඇති හෙළෙන් පැන දිවි නසාගත් බව පැවසේ. ඇතැමෙකු ප්‍රකාශ කරන්නේ ඈත කාලයේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ "ලීනි අක්කා" නමැති කාන්තාවක් සිය දරුවා සමඟ මෙම හෙළට වැටුණු බවයි.

වන්දනාකරුවෝ එම කන්දේ සිට "ලිහිණි අක්කේ... අපි යනවෝ" යෑයි පවසති. ශබ්දයෙන් දෝංකාරය එහා කන්දෙන් ඇසෙන විට එය ලිහිණි අක්කගේ පිළිතුරක් ලෙස ඇතැම්හු පවසයි.

එහෙත් මීට වඩා වෙනස් කතාවක්ද පවතී. "නිලී" නමැත්තිය වන්දනාකරුවන්ට පිළිසරණ වූ කාන්තාවකි. දිනක් ඇය තමා විසින් සෝදා වියළීමට දමන ලද රෙදි කිහිපයක් ගෙන එන්නට තම කුඩා පුතු පිටත්කොට හැරියාය. එතැනදී ගසක අත්තක නැංග දරුවා සමඟ ගස ප්‍රපාතයට බරවිය. මව දරුවා බේරා ගන්නට ගියද අවසන්හි දෙදෙනාම ප්‍රපාතයට ඇද වැටුණහ.

"ලිහිණි හෙළට" ඒ නම යෙදී ඇත්තේ වන්දනා නඩයක් සමඟ මුනි සිරිපා වඳින්නට ගිය "ලීනි" අක්කා නමැති කතක් ඒ මහා ප්‍රපාතයට ඇද වැටී මියගිය නිසා යෑයි තවත් කතාවකින් පැවසේ. "ලීනි හෙළ" අළලා ගෙතුණු ජනකවි දෙකක්ද වෙයි.

නින්ද නැතුව මහ හිමයේ යනවෝ

බැන්ද පඬුරු අපේ අතේ තියෙනවෝ

මන්ද දෙවියනේ අප නොබලන්නේ

කන්ද ලීනි හෙළ නැගලා යනවෝ

අක්ක ඉන්නේ ලීනි හෙලේ

මක්ක කීවත් නැත ලෝලේ

රැක්ක කදිම පන් සීලේ

අක්ක ලීනී කතා කළේ

ගල් පර්වතයේ කපන ලද පියගැට පෙළ සියයකට අධික ප්‍රමාණයක් තිබේ. එක්තරා කාලයක ධර්මරාජ නම්, තාපසයකු වාසය කළ බවත්, එතුමා "වෙද වනරාජ පෙරුමාල්" නම් ආරච්චිගේ උදව් ඇතිව මෙම පියගැට පෙළ කරවූ බවත් "ධර්මරාජ සෙල්ලිපියේ" සඳහන් වේ. මෙම සෙල් ලිපිය සමඟ එහි තාපසතුමාගේ රුවද කොටා තිබේ. කෙසේ වුවත් මෙම ගල්පඩි නොවරදවා ගණන් කිරීම කිසිවකුට කළ නොහැකි බව වන්දනාකරුවන්ගේ තවත් මතයකි. ධර්මරාජ ගල පිළිබඳව ගෙතුණ ජන කවියක්ද වෙයි.

ධර්මසේන නම් රජෙකුන් සිටියේ

ධර්ම අසා රජ පැහැදී සිටියේ

උරුම ලෙසට සිරිපා වැඳ සිටියේ

දරුම රාජ ගල නැග යමු පිරියේ

සිය වන්දනා ගමන සාර්ථක වුවහොත් සමන් දෙවියන්ට හැරමිටි පූජා කරන බවට අතීතයේදී වන්දනාවේ ගිය බැතිමතුන් පොරොන්දු වූ බව ජනප්රවාදයකින් කියෑවේ. මෙම ස්ථානයේ ඇති ප්‍රපාතාකාර බෑවුම නිසා හැරමිටිවල ආධාරයෙන් බැතිමතුන් කන්ද නැග යන්නට ඇතැයි සිතන්නට පුළුවන. දම්වැල්වල එල්ලී නැගීමට තිබුණු මහ ගිරි දඹය පාමුල පිහිටි මේ කොටසට නැග යැමට හැරමිටි භාවිතා කරන්නට ඇත. ඒ හැරමිටි කඳු පර්වත අසල ගොඩ ගැසෙන්නට වෙන්කළ අතර ඊට "හැරමිටිපාන" නම ව්‍යවහාර වූ බව මෙයින් පෙනේ.

හැරමිටිපානේ දී පසුකාලීනව නිරෝගී බව හා දීර්ඝායු පතා වන්දනාකරුවන් හැර ධර්ම පූජාකර ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඉදිරියේ නැගීමට ඇති මාර්ගය දුෂ්කර එකක් නිසා "හැරමිටි පානේදී" පඬුරු පවා බැඳ ඇති බව පුරාණ හිමගත වර්ණනාවෙන් පැහැදිලි වෙයි.

සීතාවක දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ පාලනය "ශිව" දෙවි භක්තිකයන්ට පවරන ලදී. දේවාලවල වතාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි හින්දු තාපසයන් එවක හඳුන්වන ලද්දේ "ආඬි" යන නමිනි. මොවුහු "සන්නාසි" යන නමින්ද පතළ වූහ. දෙමළ බසෙහි ගිහිගේ අත්හැර යන්න හැඳින්වීමට යොදන ලද "අන්ඩි" යන පදය මෙහිදී ව්‍යවහාරයට පත් වූ බව පෙනේ. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ "ආන්ද්‍ර" දේශයෙනි.

"සන්නාසි" යන්ගේ නායකයා මියගිය ස්ථානය "ආඬියා ල" තැන්න නමින් ජනවහරේ සඳහන් වෙයි. අඩි දෙකක් පමණ උස සිලින්ඩරාකාර ගලින් නිමැවුණු ස්ථම්භයක් වන "ඇහැල කණුව" මෙදා දැකිය හැක්කේ කොටස් දෙකක් වශයෙනි. අතීතයේදී මෙහි තිබෙන්නට ඇත්තේ ඇහැළ ලීයෙන් තැනූ කණුවක් විය හැකිය. එම නම ව්‍යවහාර වී ඇත්තේ ඒ අනුව බව පැවසේ. වන්දනාකරුවෝ මෙහිදීද සුදු පිරුවට අඳිති. චාරිත්‍රයක් ලෙස "ඇහැළ කණුවේදී" වන්දනාකරුවෝ හුණු තවරති.

සිරිපා ගමනේ දී හමුවන තවත් එක් ස්ථානයක් නම් "ගජමන්" හලයි. එය ශ්‍රී ලංකාවේ පහළ වූ සුප්‍රකට කිවිඳිය වන "ගජමන් නෝනා" විසින් කරවන ලද ගිමන් හලක් බව පැවසේ. පසු කලකදී මෙම අම්බලම තුළ රැය ගත කරන්නන්ගෙන් එක්කෙනෙක් හෝ අතුරුදන්වීම සිදුවීමට පටන් ගත් බව ජනප්‍රවාදයෙහි එයි. නිතර නිතර එහි පැමිණීමට පුරුදුව සිටි "ගජමන් නෝනා" කිවිඳිය මෙම ආරංචියෙන් පසුවද කණ්ඩායමක් සමග මාතර සිට පැමිණ ඇත. ඔවුන් අතුරින් එක්කෙනකුද අතුරුදන් වී ඇත. එබැවින් ඉන්පසු මෙම අම්බලම ජන පරිහරණයෙන් ඈත්වූ බව අසන්නට ලැබේ.

සිරිපා කඳු මුදුන හා ඇඳුණු තවත් විශ්වාසයක් නම්, කුමන සංඛ්‍යාවක් තරම් විශාල ප්‍රමාණයක ජනතාවක් සිරිපා මළුවට පැමිණියත් කිසි විටෙකත් එහි ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවන බවයි. සිරිපා ගමනේ දී හමුවන විශාල ගල් පුවරුවක් හා ගල් පහුරක් ගැන පැවසෙන ජනප්රවාදයට අනුව මෙම ගල් පහුර රැගෙන පැමිණියේ වසවර්ති මාරයා බව පැවසේ. බුදුන්ගේ අනුහසින් මාරයා ගල් පහුර එතැනම දමා පැන ගියේලු.

සිරිපාද වන්දනා කළ කීර්ති ශ්‍රී නිශ්ශංක (ක්‍රි.ව. 1198-1207) රජු ශ්‍රීපාද ස්ථානයට වන්දනාමාන කිරීමේදී තම ඔටුන්න ඇතුළු රාජ්‍ය භාණ්ඩ මේ කඳු බෑවුමේ පිහිටි විසල් ගල් ගුහාවක නිධන් කළ බව කියෑවේ. ඇතැමුන්ගේ ඇදහීම අනුව රජතුමා ස්වකීය භාණ්ඩ නිධන් කළ "නිස්සංගල ලෙන" මෙයයි.

එහෙත් මෙය සමන්ත කූඨ පර්වත මුදුනට ආසන්නව ඇතැයි ඇතැම්හු පවසති.

ශ්‍රී පාදයේ ඇති සමන් දේවාලය සම්බන්ධයෙන් ජන කතාවක් ඇත. එනම් සබරගමුවේ මැණික් ගැරීමට පැමිණි දඹදෙණියේ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250-1285) "අර්ය නාමදේව" ඇමැතිවරයා මැණික් ලැබුණහොත් සුමන දෙවියන් නමින් දේවාලයක් ඉදිකරවන බවට වූ භාරය අනුව මැණික් ලැබුණු එම රමණීය භූමි භාගයේ මුලින්ම එදා සමන් දේවාලයක් ඉදිකරවූ බවය.

අනාදිමත් කාලයක සිට මෙම ස්ථානයට අරක්ගත් ආත්මයන් සිටින බවටත්, එම ආත්මයන් පුදබිමටත්, වනාන්තරවලටත් ඇල්ම බැල්ම යොමා සිටින බවත් පැවසේ.

මල්වර වන වයසේ සිටින දැරියක් සිරිපා වන්දනාවට කැඳවාගෙන නොයා යුතු බවට විශ්වාසයක් පවතී. එසේ පැමිණි දැරියක් මල්වර වූ අවස්ථාවකදී වන්දනා කණ්ඩායමට මහත් කරදර සිදුවූ බවද, මඟ වැරැදීම් සිදුවූ බවද මෙසේ ප්‍රචලිත පුවතකි. මෙබඳු කතා බොහෝ සිද්ධාන්ත ආශ්රයෙන් ගෙතී ඇත.

සිරිපා මළුවේ ඝණ්ඨාරය නාද නැංවීම වන්දනාකරුවන් අතින් නොවරදවාම සිදුවෙයි. එසේ වුවද වන්දනාකරුවකු විසින් එය නාද කළ යුත්තේ තමන් ගිය වාර ගණන අනුව පමණි. එසේ නොමැති නම් එය නාද කළත් හඬ නොනංවන බවට මතයක් ඇතැයි කීර්තිමත් වාරිමාර්ග විද්‍යාඥයකු වූ "ආර්.එල්. බ්‍රොහියර්" සිය Seeing Ceylone පොතේ සඳහන් කරයි.

සිරිපා අඩවියේ ගංගාවන් සතරක් ගලා බස්නා බැවින් කඳු බෑවුම් හරහා ගලා බසින දිය ඇලිද රාශියකි. මින් එක් දිය ඇල්ලක් වන ............ ඇල්ල අඩි 571 ක් උසය. සිරිපා අඩවියේදි කිසියම් අකටයුත්තක නිරත වුවහොත් මෙම දියඇල්ල මගින් අනතුරට පත්වන බව ජනප්‍රවාදයෙහි එයි.

"රිබෙයිරෝ සෙයිලෝට" Ribeiros Ceilao අනුව ශ්‍රී පාද භූමියේ තපස්වරු භාවනාවේ යෙදී සිටියහ.

සිරිපා අඩවිය භාර සමන් දෙවියන් ගෞතම බුදුන් වහන්සේට තම ශ්‍රී පාදය මෙහි තැබීමට ආරාධනය කොට ඇත. එවක ශ්‍රී පාද අඩවියෙහි උසම කන්ද වී ඇත්තේ "කුණුදිය" පර්වතයයි. මෙම පර්වතය මේ සඳහා තෝරාගත් සමන් දෙවියන් තම සේවකයන්ට පර්වත මුදුන ශුද්ධ පවිත්‍ර කිරීමට උපදෙස් දී ඇත. පසුව මෙය පරීක්ෂා කිරීමට පැමිණි සමන් දෙවිඳුන්හට පර්වත මුදුනෙහි පොකුණට සර්පයකු වැටි එහි දිය අපවිත්‍රව ඇති බව පෙනුණි. මේ සම්බන්ධව කිපුණු සමන් දෙවි තම පාදයෙන් කුණුවූ දිව ඇති මෙම පර්වතයට පයින් ගසා කොටසක් කඩා දැමීය. අනතුරුව ශ්‍රී පාදය, සමන්ත කූට පර්වතයෙහි හෙවත් ශ්‍රී පාද කන්දෙහි තැබීමට කටයුතු කරන ලදී. ජනප්‍රවාදයෙහි පැවසෙන අයුරු එතැන් සිට මෙම කන්ද කුණුදිය පර්වතය නමින් ප්‍රසිද්ධ විය. අදත් ශ්‍රීපාද කන්දේ හැඩය ගන්නා මෙම කන්ද උඩින් කපා දමා ඇති සැටියෙන් පර්වත මස්තකය පිට්ටනියක හැඩරුව ගෙන ඇත.

සිරිපා පුදබිම වටා ඇති ගම්වල නම් ඇසුරෙන්ද බොහෝ ජනප්‍රවාද පවතී. උදාහරණයක් ලෙස "ගිලීමලේ කන්ද යනු ගිලා බැස්ස කන්දයි" මේ නම යෙදී ඇත්තේ මෙතැනට ගිය විට සිරිපා කන්ද නොපෙනී ගිය නිසාය. එහෙත් ඊට අදාළ තවත් ජන කතාවක් ඇත.

පුරාණයෙහි "කුණුදිය" පව්වට නැගුණු මිනිස්සු විශාල පිට්ටනියක් බඳු එහි මුදුනෙහි දැවැන්ත ගිනි ගොඩක් ගැසීම සිරිතක් කොට ගත්හ. මෙම ගිනිමැළය කොතරම් විශාල වීදයත් රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ ගමට පවා ගිනිමැළය පෙනිණි. මෙම ගමට නම ආවේණික වූයේ ජනප්රවාදයට අනුව මෙම ගිනිමැලය නිසාය. ගිනිමැළේ පසුව "ගිලී මලේ" විය. එම ගිණිමැළයේ රස්නය "එරත්න" ගමට පවා දැනී තිබේ. එම ගමේ නමද සෑදී ඇත්තේ එම රස්නය ආභාසයෙනි. ඒ රස්නය පසුව එරත්නය විය.

පලාබද්දල පාරේ ඇති විශාල වංගෙඩියක් පිළිබඳවද මතයක් පවතී. එනම් එම වංගෙඩිය කිසි විටෙකත් කෝඩුකාරයන්ට සෙලවිය නොහැකි බවයි.

මෙම කඳු මුදුනේ දී "ආදම්" තම පුතා වන "ආබේල්" ගැන සිතමින් අවුරුදු පන්සීයක පමණ කාලයක් පුරා එහි වැළපුණු බව ආදි පදිංචිකරුවන් පවසා ඇති බවද ජනප්රවාදයකි. මෙම කන්දෙහි එක්තරා ස්ථානයක ඇති රමණීය තැනිතලාවක, අති විශාල ජල ස්කන්ධයකින් පිරීගිය විලක් ඇති බවද, එම විල පිරී තිබෙන්නේ ආදම් සහ ඒවා හෙළන ලද කඳුවලින් බවද පැවසේ.

මහ පොළව මත පිහිටි පාරාදීසයකට සමාන කළ හැකි එකම ස්ථානය සමනළ කන්ද බවත්, එබැවින් "ආදම්" පාරාදීසයෙන් නෙරපූ අවස්ථාවේදී ඔහු තුළ අතිවිය හැකි කම්පනය සලකා දෙවියන් වහන්සේ ඔහු, සමනළ කන්දට හෙලූ බව සුප්‍රසිද්ධ ජනප්රවාදයක සඳහන් වෙයි.

සිරිපා කන්දේ දී ඉතා කලාතුරකින් ඝණ්ටාරයක හඬක් වැනි හඬක් පැතිර යන බව පැවසේ. බොහෝ විට එමගින් අසුබ පණිවිඩයක් ගෙනෙයි. හඬ කලින් අසා ඇති අය ඉන් බියට පත්වෙයි. අවසන් වරට කන්දෙන් පණිවිඩයක් නිකුත් වූයේ ශ්‍රී පාදස්ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වන අනාවැකිය බව තමන්ට සංඝයා වහන්සේ නමක් පැවසු බවද "ආර්. එල්. බ්‍රොaහියර්" සිය කෘතියේ Seeing Ceylone සඳහන් කරයි.

කෙසේ වුවද සිරිපා බිම හා මෑතකදී ඈඳුණු රසවත් කතාවක්ද ඇත. "නෝර්ටන් බ්රි-" ජල විදුලි බලාගාරය ආරම්භ කිරීමේදී එවකට රජයේ වැව් හා වාරිමාර්ග ඇමැතිව සිටි ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ඒ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගත හැකි වුවහොත් සමනළ මුදුනට විදුලි ආ ලෝකය සපයන බවට භාරයක් වී තිබුණි. මෙය භාරය ඔප්පු කිරීම පිළිබඳව පුවත "මේජර් ආර් රෙවන්ට් හට්" R. Raveni Hant සිය කෘතියෙහි (Ceylon History in Stone) සඳහන් කරයි. භාරය ඔප්පු කිරීමට නියමිතව තිබුණේ 1958 මාර්තු 04 වැනි පුන් පොහෝදා රාත්‍රී 8 ට යෙදුණු සුබ මොහොතිනි. සමනළ කන්දේ විදුලි ආලෝකය සැපයීමට විදුලි බොත්තම ඔබා ක්‍රියාත්මක කළ අවස්ථාවේදී පායා තිබූ පූර්ණ චන්ද්‍රයා වටා මහා රශ්මි මාලාවක් විනාඩි කිහිපයක් පැතිර ගියේ සියල්ලන්ම විශ්මයට පත් කරවමිනි. මේ අවස්ථාවට සහභාගි වූ බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට් ගි්රපික් නම් කාන්තාව එම අවස්ථාවේ සිදුවූ විශ්මයජනක සිදුවීම මෙසේ වාර්තා කරන්නීය.

"කඳු මුදුනේ විදුලි බුබුළු දල්වනවාත් සමඟම ඊට ඉහළින් දිස්වූ චන්ද්‍රයා විවිධ වර්ණ රාශියකින් වැසී ගියේය. චන්ද්‍රයා වටා රැස් වළලු මෙන් මෙම වර්ණයෙන් කැරකෙන්නට විය. මවිතයට පත්වූ දහස් ගණන් බැතිමතුන්ගේ සාධු නදින් මුළු පෙදෙසම දෙවනත් විය.

අවාරෙට කිසිවෙකු සිරිපාදේ කරුණා නොකරන්නේ සැඩ සුළං, වැසි සහ අකුණු අනතුරු බහුල බැවිනි. එහෙත් අවාර කාලයක හිමයේ මුරකරුවන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන බව රහසක් නොවේ. එහෙත් මෙම මුරකරුවන් කිසිවෙකු සිරිපාදේ කරුණා නොකළත් ඇතැම් දිනවලට හිමිදිරි පාන්දර සිරිපතුල මත මල් පූජාකර ඇති බව දැක ඇත. මෙම අසිරිමත් සිදුවීම ඉර සේවයට හෝරාවක් පමණ පෙරදී සිදුවන බවද ප්රකටය. එසේම එම අවස්ථාවට පෙර සැඩ සුළං හමන අතර විශාල නඩයක් එන ශබ්දය ඇසෙන බව මුරකරුවෝ පවසති.

එක්තරා දිනක ඉතාමත් උපශාන්ත පෙනුමෙන් යුත් පැවිදි උතුමෙකු අවාරයේදී සිරි පතුල වෙත පැමිණ තෙල් මල් පහන් පුදා දැහැනට සමවැදී පැයක් පමණ හිඳ නැවත ආපසු යද්දී මුරකරු විසින් මහත් භක්තියෙන් යුතුව උන් වහන්සේට දහවල දානය පිරිනමා ඇත. දානය වැළ» සිල් ඇත්තා මුරකරුට පින්දී පඩිපෙළ ළඟදී මුරකරුට සමුදී ඇත. මොහොතකින් ආපසු හැරී බැලූ මුරකරු කිසිවෙකු නොදැක මහත් විපිලිසරයට පත්වී ඇත.

මෙම කතා ගැන මේ රටේ විසු විදේශීය ජාතිකයකු වූ කීර්තිමත් වාරිමාර්ග විශේෂඥයකු වන "ආර්.එල්. බ්‍රොaහියර්" පවසන්නේ මෙසේය.

මේ අඩවියේ ඇති සෑම පර්වතයක්ම, සෑම ගිරි ශිඛරයක්ම අතීතයේ යම්කිසි පුරාවෘත්තයකින් දිදුළන බව නොකියාම නොහැකිය. විශාල ගල් පර්වතයට විවරව ඇති ලෙන් තුළ බොහෝ ඉතිහාස කතා ගැබ්ව ඇත. මේ ඕනෑම ලෙනක් පිළිබඳව අතීතය හාර අවුස්සා බැලුවහොත් ලෝකයාගෙන් ඈත්ව ලෞකික ආශාවන් මැඬ පවත්වා ගනිමින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට බවුන් වැඩූ තවුස් උතුමන් පිළිබඳව තොරතුරු සෙයාdගත හැකිය. නවීන ලෝකයාට මේ සිද්ධාන්තය පිළිබඳ තව කීමට ඇති පැරැණි කතා බෙහෙවි. ඒවා මේ කන්ද වටා සැඟවී ඇත්තේ මිහිදුම් සළුවෙන් දැවටෙමිනි. මින් ඇතැම් කතා කොතරම් පැරැණිද යත් ඒවා දැන් මිනිස් මතකයෙන් ඈත්වී ඇත. අලුත් කතා ඒවා වෙනුවෙන් ගෙතෙමින් පවතී. බැතිමතුන් නොනැවති මේ ස්ථාන කරා ඇදී එන තෙක් විවිධ විසිතුරු කතා සමනොළ වටා පැතිරි පවතිනවා ඇත.

[QUOTE="Mr.Myself, post: 23239185, member: 567147"] [SIZE="5"]සිරිපා තරණයේදී හමුවන "භගවාලෙන" සම්බන්ධයෙන්ද මෙබඳු පුවතක් ඇත. එනම් බුදුන් වහන්සේ සමනළ කන්දට වැඩි අවස්ථාවේදී කිසියම් ලෙනක් තුළ පන්සීයයක් රහතන් වහන්සේලා සමඟ දිවා විහරණය කළ බවයි. එම ස්ථානය දිවා ගුහාව නමින් හැඳින්වුවත් එයට නිශ්චිත ස්ථානයක් සොයාගත නොහැකිවූ බැවින් භගවා ලෙන එම ස්ථානයම බව පැවසේ. "දිවා ගුහා වඳිමුද අපි කවර කළේ" යනාදියෙන් ජන කවියා පවසන්නේ මෙම ස්ථානයයි. "පළාබත්දල" නමැති ගම පිළිබඳවද ඉතා ප්‍රචලිත ජනප්‍රවාදයක් පවතී. සිරිපා වඳින්නට පිටත් වූ ගම්වැසියෙක් සිය ගමන් මඟදී අනුභව කිරීමට බත් මුදලක්ද ගෙන ගියේය. එහෙත් ඔහු ගමන ආරම්භ කරද්දීම භික්ෂුන් වහ්නසේ නමක් පිඬුqසිඟා වැඩියේය. පූජා කිරීම සඳහා තමා සතුව වෙනත් කිසිවක් නොවූ බැවින් ඔහු සිය බත්මුලෙහි වූ පළා ව්‍යංජන කොටස වෙන්කොට භික්ෂුන් වහන්සේට බත්මුල පූජා කළේය. දිවා කාලය වන විට කුසගිනි ඇතිවූ බැවින් ඔහු ඉතිරි කළ පලා ව්‍යංජනය අනුභව කිරීමට සිsතා බැලුවේය. එහෙත් ඔහු පුදුමයට පත්කරවමින් බත් මුලෙහි වූයේ "ඇල්හාලේ" බතකි. මේ සිද්ධිය වූයේ දොළක් අසලදීය. එබැවින් "පලා" බත් බවට පත්වී පසුව "පලාබත්දළ" වූ බව පැවසේ. මෙම සිදුවීම සමන් දෙවියන්ගේ හාස්කමින් සිදුවූවක් බව ගැමියන්ගේ විශ්වාසයයි. රත්නපුර හරහා වඳින්නට යන විට හමුවන ගල් පර්වත දෙකක් අසලින් ප්රපාතයක් හමුවේ. මෙම ස්ථානය පෙර හැඳින්වූයේ "ස්ත්‍රී පුරය" ලෙස බව ජනප්‍රවාදයෙහි එයි. ඊට හේතුව සිංහල රාජ අවධියේදී ස්ත්‍රියක් මෙම ස්ථානය තුළ සඟවා තැබීම බව පැවසේ. සමහරෙකු පවසන්නේ "රාවණා රජු" විසින් ඉන්දියාවෙන් පැහැරගෙන ආ සීතා දේවිය මෙම ස්ථානයේ සඟවා තැබූ බවය. රත්නපුර මාර්ගයේම තවත් ප්‍රකට ජනප්‍රවාදයකට හේතුවූ ස්ථානයකි "ලිහිණි හෙළ". සිරිපා වඳින්නට වැඩිහිටියන්ගේ වරම් ලබාගත නොහැකිවූ කාන්තාවක් මෙහි ඇති හෙළෙන් පැන දිවි නසාගත් බව පැවසේ. ඇතැමෙකු ප්‍රකාශ කරන්නේ ඈත කාලයේ මෙම ප්‍රදේශයේ ජීවත් වූ "ලීනි අක්කා" නමැති කාන්තාවක් සිය දරුවා සමඟ මෙම හෙළට වැටුණු බවයි. වන්දනාකරුවෝ එම කන්දේ සිට "ලිහිණි අක්කේ... අපි යනවෝ" යෑයි පවසති. ශබ්දයෙන් දෝංකාරය එහා කන්දෙන් ඇසෙන විට එය ලිහිණි අක්කගේ පිළිතුරක් ලෙස ඇතැම්හු පවසයි. එහෙත් මීට වඩා වෙනස් කතාවක්ද පවතී. "නිලී" නමැත්තිය වන්දනාකරුවන්ට පිළිසරණ වූ කාන්තාවකි. දිනක් ඇය තමා විසින් සෝදා වියළීමට දමන ලද රෙදි කිහිපයක් ගෙන එන්නට තම කුඩා පුතු පිටත්කොට හැරියාය. එතැනදී ගසක අත්තක නැංග දරුවා සමඟ ගස ප්‍රපාතයට බරවිය. මව දරුවා බේරා ගන්නට ගියද අවසන්හි දෙදෙනාම ප්‍රපාතයට ඇද වැටුණහ. "ලිහිණි හෙළට" ඒ නම යෙදී ඇත්තේ වන්දනා නඩයක් සමඟ මුනි සිරිපා වඳින්නට ගිය "ලීනි" අක්කා නමැති කතක් ඒ මහා ප්‍රපාතයට ඇද වැටී මියගිය නිසා යෑයි තවත් කතාවකින් පැවසේ. "ලීනි හෙළ" අළලා ගෙතුණු ජනකවි දෙකක්ද වෙයි. නින්ද නැතුව මහ හිමයේ යනවෝ බැන්ද පඬුරු අපේ අතේ තියෙනවෝ මන්ද දෙවියනේ අප නොබලන්නේ කන්ද ලීනි හෙළ නැගලා යනවෝ අක්ක ඉන්නේ ලීනි හෙලේ මක්ක කීවත් නැත ලෝලේ රැක්ක කදිම පන් සීලේ අක්ක ලීනී කතා කළේ ගල් පර්වතයේ කපන ලද පියගැට පෙළ සියයකට අධික ප්‍රමාණයක් තිබේ. එක්තරා කාලයක ධර්මරාජ නම්, තාපසයකු වාසය කළ බවත්, එතුමා "වෙද වනරාජ පෙරුමාල්" නම් ආරච්චිගේ උදව් ඇතිව මෙම පියගැට පෙළ කරවූ බවත් "ධර්මරාජ සෙල්ලිපියේ" සඳහන් වේ. මෙම සෙල් ලිපිය සමඟ එහි තාපසතුමාගේ රුවද කොටා තිබේ. කෙසේ වුවත් මෙම ගල්පඩි නොවරදවා ගණන් කිරීම කිසිවකුට කළ නොහැකි බව වන්දනාකරුවන්ගේ තවත් මතයකි. ධර්මරාජ ගල පිළිබඳව ගෙතුණ ජන කවියක්ද වෙයි. ධර්මසේන නම් රජෙකුන් සිටියේ ධර්ම අසා රජ පැහැදී සිටියේ උරුම ලෙසට සිරිපා වැඳ සිටියේ දරුම රාජ ගල නැග යමු පිරියේ සිය වන්දනා ගමන සාර්ථක වුවහොත් සමන් දෙවියන්ට හැරමිටි පූජා කරන බවට අතීතයේදී වන්දනාවේ ගිය බැතිමතුන් පොරොන්දු වූ බව ජනප්රවාදයකින් කියෑවේ. මෙම ස්ථානයේ ඇති ප්‍රපාතාකාර බෑවුම නිසා හැරමිටිවල ආධාරයෙන් බැතිමතුන් කන්ද නැග යන්නට ඇතැයි සිතන්නට පුළුවන. දම්වැල්වල එල්ලී නැගීමට තිබුණු මහ ගිරි දඹය පාමුල පිහිටි මේ කොටසට නැග යැමට හැරමිටි භාවිතා කරන්නට ඇත. ඒ හැරමිටි කඳු පර්වත අසල ගොඩ ගැසෙන්නට වෙන්කළ අතර ඊට "හැරමිටිපාන" නම ව්‍යවහාර වූ බව මෙයින් පෙනේ. හැරමිටිපානේ දී පසුකාලීනව නිරෝගී බව හා දීර්ඝායු පතා වන්දනාකරුවන් හැර ධර්ම පූජාකර ඇති බව පැවසේ. කෙසේ වෙතත් ඉදිරියේ නැගීමට ඇති මාර්ගය දුෂ්කර එකක් නිසා "හැරමිටි පානේදී" පඬුරු පවා බැඳ ඇති බව පුරාණ හිමගත වර්ණනාවෙන් පැහැදිලි වෙයි. සීතාවක දෙවැනි රාජසිංහ රජතුමාගේ කාලයේ දී ශ්‍රී පාදස්ථානයේ පාලනය "ශිව" දෙවි භක්තිකයන්ට පවරන ලදී. දේවාලවල වතාවත් කිරීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටි හින්දු තාපසයන් එවක හඳුන්වන ලද්දේ "ආඬි" යන නමිනි. මොවුහු "සන්නාසි" යන නමින්ද පතළ වූහ. දෙමළ බසෙහි ගිහිගේ අත්හැර යන්න හැඳින්වීමට යොදන ලද "අන්ඩි" යන පදය මෙහිදී ව්‍යවහාරයට පත් වූ බව පෙනේ. ඔවුන් මෙහි පැමිණ ඇත්තේ දකුණු ඉන්දියාවේ "ආන්ද්‍ර" දේශයෙනි. "සන්නාසි" යන්ගේ නායකයා මියගිය ස්ථානය "ආඬියා ල" තැන්න නමින් ජනවහරේ සඳහන් වෙයි. අඩි දෙකක් පමණ උස සිලින්ඩරාකාර ගලින් නිමැවුණු ස්ථම්භයක් වන "ඇහැල කණුව" මෙදා දැකිය හැක්කේ කොටස් දෙකක් වශයෙනි. අතීතයේදී මෙහි තිබෙන්නට ඇත්තේ ඇහැළ ලීයෙන් තැනූ කණුවක් විය හැකිය. එම නම ව්‍යවහාර වී ඇත්තේ ඒ අනුව බව පැවසේ. වන්දනාකරුවෝ මෙහිදීද සුදු පිරුවට අඳිති. චාරිත්‍රයක් ලෙස "ඇහැළ කණුවේදී" වන්දනාකරුවෝ හුණු තවරති. සිරිපා ගමනේ දී හමුවන තවත් එක් ස්ථානයක් නම් "ගජමන්" හලයි. එය ශ්‍රී ලංකාවේ පහළ වූ සුප්‍රකට කිවිඳිය වන "ගජමන් නෝනා" විසින් කරවන ලද ගිමන් හලක් බව පැවසේ. පසු කලකදී මෙම අම්බලම තුළ රැය ගත කරන්නන්ගෙන් එක්කෙනෙක් හෝ අතුරුදන්වීම සිදුවීමට පටන් ගත් බව ජනප්‍රවාදයෙහි එයි. නිතර නිතර එහි පැමිණීමට පුරුදුව සිටි "ගජමන් නෝනා" කිවිඳිය මෙම ආරංචියෙන් පසුවද කණ්ඩායමක් සමග මාතර සිට පැමිණ ඇත. ඔවුන් අතුරින් එක්කෙනකුද අතුරුදන් වී ඇත. එබැවින් ඉන්පසු මෙම අම්බලම ජන පරිහරණයෙන් ඈත්වූ බව අසන්නට ලැබේ. සිරිපා කඳු මුදුන හා ඇඳුණු තවත් විශ්වාසයක් නම්, කුමන සංඛ්‍යාවක් තරම් විශාල ප්‍රමාණයක ජනතාවක් සිරිපා මළුවට පැමිණියත් කිසි විටෙකත් එහි ප්‍රමාණය පිළිබඳව ප්‍රශ්නයක් ඇති නොවන බවයි. සිරිපා ගමනේ දී හමුවන විශාල ගල් පුවරුවක් හා ගල් පහුරක් ගැන පැවසෙන ජනප්රවාදයට අනුව මෙම ගල් පහුර රැගෙන පැමිණියේ වසවර්ති මාරයා බව පැවසේ. බුදුන්ගේ අනුහසින් මාරයා ගල් පහුර එතැනම දමා පැන ගියේලු. සිරිපාද වන්දනා කළ කීර්ති ශ්‍රී නිශ්ශංක (ක්‍රි.ව. 1198-1207) රජු ශ්‍රීපාද ස්ථානයට වන්දනාමාන කිරීමේදී තම ඔටුන්න ඇතුළු රාජ්‍ය භාණ්ඩ මේ කඳු බෑවුමේ පිහිටි විසල් ගල් ගුහාවක නිධන් කළ බව කියෑවේ. ඇතැමුන්ගේ ඇදහීම අනුව රජතුමා ස්වකීය භාණ්ඩ නිධන් කළ "නිස්සංගල ලෙන" මෙයයි. එහෙත් මෙය සමන්ත කූඨ පර්වත මුදුනට ආසන්නව ඇතැයි ඇතැම්හු පවසති. ශ්‍රී පාදයේ ඇති සමන් දේවාලය සම්බන්ධයෙන් ජන කතාවක් ඇත. එනම් සබරගමුවේ මැණික් ගැරීමට පැමිණි දඹදෙණියේ පණ්ඩිත පරාක්‍රමබාහු රජුගේ (ක්‍රි.ව. 1250-1285) "අර්ය නාමදේව" ඇමැතිවරයා මැණික් ලැබුණහොත් සුමන දෙවියන් නමින් දේවාලයක් ඉදිකරවන බවට වූ භාරය අනුව මැණික් ලැබුණු එම රමණීය භූමි භාගයේ මුලින්ම එදා සමන් දේවාලයක් ඉදිකරවූ බවය. අනාදිමත් කාලයක සිට මෙම ස්ථානයට අරක්ගත් ආත්මයන් සිටින බවටත්, එම ආත්මයන් පුදබිමටත්, වනාන්තරවලටත් ඇල්ම බැල්ම යොමා සිටින බවත් පැවසේ. මල්වර වන වයසේ සිටින දැරියක් සිරිපා වන්දනාවට කැඳවාගෙන නොයා යුතු බවට විශ්වාසයක් පවතී. එසේ පැමිණි දැරියක් මල්වර වූ අවස්ථාවකදී වන්දනා කණ්ඩායමට මහත් කරදර සිදුවූ බවද, මඟ වැරැදීම් සිදුවූ බවද මෙසේ ප්‍රචලිත පුවතකි. මෙබඳු කතා බොහෝ සිද්ධාන්ත ආශ්රයෙන් ගෙතී ඇත. සිරිපා මළුවේ ඝණ්ඨාරය නාද නැංවීම වන්දනාකරුවන් අතින් නොවරදවාම සිදුවෙයි. එසේ වුවද වන්දනාකරුවකු විසින් එය නාද කළ යුත්තේ තමන් ගිය වාර ගණන අනුව පමණි. එසේ නොමැති නම් එය නාද කළත් හඬ නොනංවන බවට මතයක් ඇතැයි කීර්තිමත් වාරිමාර්ග විද්‍යාඥයකු වූ "ආර්.එල්. බ්‍රොහියර්" සිය Seeing Ceylone පොතේ සඳහන් කරයි. සිරිපා අඩවියේ ගංගාවන් සතරක් ගලා බස්නා බැවින් කඳු බෑවුම් හරහා ගලා බසින දිය ඇලිද රාශියකි. මින් එක් දිය ඇල්ලක් වන ............ ඇල්ල අඩි 571 ක් උසය. සිරිපා අඩවියේදි කිසියම් අකටයුත්තක නිරත වුවහොත් මෙම දියඇල්ල මගින් අනතුරට පත්වන බව ජනප්‍රවාදයෙහි එයි. "රිබෙයිරෝ සෙයිලෝට" Ribeiros Ceilao අනුව ශ්‍රී පාද භූමියේ තපස්වරු භාවනාවේ යෙදී සිටියහ. සිරිපා අඩවිය භාර සමන් දෙවියන් ගෞතම බුදුන් වහන්සේට තම ශ්‍රී පාදය මෙහි තැබීමට ආරාධනය කොට ඇත. එවක ශ්‍රී පාද අඩවියෙහි උසම කන්ද වී ඇත්තේ "කුණුදිය" පර්වතයයි. මෙම පර්වතය මේ සඳහා තෝරාගත් සමන් දෙවියන් තම සේවකයන්ට පර්වත මුදුන ශුද්ධ පවිත්‍ර කිරීමට උපදෙස් දී ඇත. පසුව මෙය පරීක්ෂා කිරීමට පැමිණි සමන් දෙවිඳුන්හට පර්වත මුදුනෙහි පොකුණට සර්පයකු වැටි එහි දිය අපවිත්‍රව ඇති බව පෙනුණි. මේ සම්බන්ධව කිපුණු සමන් දෙවි තම පාදයෙන් කුණුවූ දිව ඇති මෙම පර්වතයට පයින් ගසා කොටසක් කඩා දැමීය. අනතුරුව ශ්‍රී පාදය, සමන්ත කූට පර්වතයෙහි හෙවත් ශ්‍රී පාද කන්දෙහි තැබීමට කටයුතු කරන ලදී. ජනප්‍රවාදයෙහි පැවසෙන අයුරු එතැන් සිට මෙම කන්ද කුණුදිය පර්වතය නමින් ප්‍රසිද්ධ විය. අදත් ශ්‍රීපාද කන්දේ හැඩය ගන්නා මෙම කන්ද උඩින් කපා දමා ඇති සැටියෙන් පර්වත මස්තකය පිට්ටනියක හැඩරුව ගෙන ඇත. සිරිපා පුදබිම වටා ඇති ගම්වල නම් ඇසුරෙන්ද බොහෝ ජනප්‍රවාද පවතී. උදාහරණයක් ලෙස "ගිලීමලේ කන්ද යනු ගිලා බැස්ස කන්දයි" මේ නම යෙදී ඇත්තේ මෙතැනට ගිය විට සිරිපා කන්ද නොපෙනී ගිය නිසාය. එහෙත් ඊට අදාළ තවත් ජන කතාවක් ඇත. පුරාණයෙහි "කුණුදිය" පව්වට නැගුණු මිනිස්සු විශාල පිට්ටනියක් බඳු එහි මුදුනෙහි දැවැන්ත ගිනි ගොඩක් ගැසීම සිරිතක් කොට ගත්හ. මෙම ගිනිමැළය කොතරම් විශාල වීදයත් රත්නපුර දිස්ත්‍රික්කයේ ගිලීමලේ ගමට පවා ගිනිමැළය පෙනිණි. මෙම ගමට නම ආවේණික වූයේ ජනප්රවාදයට අනුව මෙම ගිනිමැලය නිසාය. ගිනිමැළේ පසුව "ගිලී මලේ" විය. එම ගිණිමැළයේ රස්නය "එරත්න" ගමට පවා දැනී තිබේ. එම ගමේ නමද සෑදී ඇත්තේ එම රස්නය ආභාසයෙනි. ඒ රස්නය පසුව එරත්නය විය. පලාබද්දල පාරේ ඇති විශාල වංගෙඩියක් පිළිබඳවද මතයක් පවතී. එනම් එම වංගෙඩිය කිසි විටෙකත් කෝඩුකාරයන්ට සෙලවිය නොහැකි බවයි. මෙම කඳු මුදුනේ දී "ආදම්" තම පුතා වන "ආබේල්" ගැන සිතමින් අවුරුදු පන්සීයක පමණ කාලයක් පුරා එහි වැළපුණු බව ආදි පදිංචිකරුවන් පවසා ඇති බවද ජනප්රවාදයකි. මෙම කන්දෙහි එක්තරා ස්ථානයක ඇති රමණීය තැනිතලාවක, අති විශාල ජල ස්කන්ධයකින් පිරීගිය විලක් ඇති බවද, එම විල පිරී තිබෙන්නේ ආදම් සහ ඒවා හෙළන ලද කඳුවලින් බවද පැවසේ. මහ පොළව මත පිහිටි පාරාදීසයකට සමාන කළ හැකි එකම ස්ථානය සමනළ කන්ද බවත්, එබැවින් "ආදම්" පාරාදීසයෙන් නෙරපූ අවස්ථාවේදී ඔහු තුළ අතිවිය හැකි කම්පනය සලකා දෙවියන් වහන්සේ ඔහු, සමනළ කන්දට හෙලූ බව සුප්‍රසිද්ධ ජනප්රවාදයක සඳහන් වෙයි. සිරිපා කන්දේ දී ඉතා කලාතුරකින් ඝණ්ටාරයක හඬක් වැනි හඬක් පැතිර යන බව පැවසේ. බොහෝ විට එමගින් අසුබ පණිවිඩයක් ගෙනෙයි. හඬ කලින් අසා ඇති අය ඉන් බියට පත්වෙයි. අවසන් වරට කන්දෙන් පණිවිඩයක් නිකුත් වූයේ ශ්‍රී පාදස්ථානයේ ප්‍රධාන සංඝනායක වහන්සේ අපවත් වන අනාවැකිය බව තමන්ට සංඝයා වහන්සේ නමක් පැවසු බවද "ආර්. එල්. බ්‍රොaහියර්" සිය කෘතියේ Seeing Ceylone සඳහන් කරයි. කෙසේ වුවද සිරිපා බිම හා මෑතකදී ඈඳුණු රසවත් කතාවක්ද ඇත. "නෝර්ටන් බ්රි-" ජල විදුලි බලාගාරය ආරම්භ කිරීමේදී එවකට රජයේ වැව් හා වාරිමාර්ග ඇමැතිව සිටි ශ්‍රීමත් සර් ජෝන් කොතලාවල මැතිතුමා ඒ වැඩ කටයුතු බාධාවකින් තොරව කරගත හැකි වුවහොත් සමනළ මුදුනට විදුලි ආ ලෝකය සපයන බවට භාරයක් වී තිබුණි. මෙය භාරය ඔප්පු කිරීම පිළිබඳව පුවත "මේජර් ආර් රෙවන්ට් හට්" R. Raveni Hant සිය කෘතියෙහි (Ceylon History in Stone) සඳහන් කරයි. භාරය ඔප්පු කිරීමට නියමිතව තිබුණේ 1958 මාර්තු 04 වැනි පුන් පොහෝදා රාත්‍රී 8 ට යෙදුණු සුබ මොහොතිනි. සමනළ කන්දේ විදුලි ආලෝකය සැපයීමට විදුලි බොත්තම ඔබා ක්‍රියාත්මක කළ අවස්ථාවේදී පායා තිබූ පූර්ණ චන්ද්‍රයා වටා මහා රශ්මි මාලාවක් විනාඩි කිහිපයක් පැතිර ගියේ සියල්ලන්ම විශ්මයට පත් කරවමිනි. මේ අවස්ථාවට සහභාගි වූ බ්‍රිතාන්‍ය ජාතික මාග්‍රට් ගි්රපික් නම් කාන්තාව එම අවස්ථාවේ සිදුවූ විශ්මයජනක සිදුවීම මෙසේ වාර්තා කරන්නීය. "කඳු මුදුනේ විදුලි බුබුළු දල්වනවාත් සමඟම ඊට ඉහළින් දිස්වූ චන්ද්‍රයා විවිධ වර්ණ රාශියකින් වැසී ගියේය. චන්ද්‍රයා වටා රැස් වළලු මෙන් මෙම වර්ණයෙන් කැරකෙන්නට විය. මවිතයට පත්වූ දහස් ගණන් බැතිමතුන්ගේ සාධු නදින් මුළු පෙදෙසම දෙවනත් විය. අවාරෙට කිසිවෙකු සිරිපාදේ කරුණා නොකරන්නේ සැඩ සුළං, වැසි සහ අකුණු අනතුරු බහුල බැවිනි. එහෙත් අවාර කාලයක හිමයේ මුරකරුවන් සිය රාජකාරි කටයුතුවල යෙදෙන බව රහසක් නොවේ. එහෙත් මෙම මුරකරුවන් කිසිවෙකු සිරිපාදේ කරුණා නොකළත් ඇතැම් දිනවලට හිමිදිරි පාන්දර සිරිපතුල මත මල් පූජාකර ඇති බව දැක ඇත. මෙම අසිරිමත් සිදුවීම ඉර සේවයට හෝරාවක් පමණ පෙරදී සිදුවන බවද ප්රකටය. එසේම එම අවස්ථාවට පෙර සැඩ සුළං හමන අතර විශාල නඩයක් එන ශබ්දය ඇසෙන බව මුරකරුවෝ පවසති. එක්තරා දිනක ඉතාමත් උපශාන්ත පෙනුමෙන් යුත් පැවිදි උතුමෙකු අවාරයේදී සිරි පතුල වෙත පැමිණ තෙල් මල් පහන් පුදා දැහැනට සමවැදී පැයක් පමණ හිඳ නැවත ආපසු යද්දී මුරකරු විසින් මහත් භක්තියෙන් යුතුව උන් වහන්සේට දහවල දානය පිරිනමා ඇත. දානය වැළ» සිල් ඇත්තා මුරකරුට පින්දී පඩිපෙළ ළඟදී මුරකරුට සමුදී ඇත. මොහොතකින් ආපසු හැරී බැලූ මුරකරු කිසිවෙකු නොදැක මහත් විපිලිසරයට පත්වී ඇත. මෙම කතා ගැන මේ රටේ විසු විදේශීය ජාතිකයකු වූ කීර්තිමත් වාරිමාර්ග විශේෂඥයකු වන "ආර්.එල්. බ්‍රොaහියර්" පවසන්නේ මෙසේය. මේ අඩවියේ ඇති සෑම පර්වතයක්ම, සෑම ගිරි ශිඛරයක්ම අතීතයේ යම්කිසි පුරාවෘත්තයකින් දිදුළන බව නොකියාම නොහැකිය. විශාල ගල් පර්වතයට විවරව ඇති ලෙන් තුළ බොහෝ ඉතිහාස කතා ගැබ්ව ඇත. මේ ඕනෑම ලෙනක් පිළිබඳව අතීතය හාර අවුස්සා බැලුවහොත් ලෝකයාගෙන් ඈත්ව ලෞකික ආශාවන් මැඬ පවත්වා ගනිමින් නිවන් මඟ සාක්ෂාත් කර ගැනීමට බවුන් වැඩූ තවුස් උතුමන් පිළිබඳව තොරතුරු සෙයාdගත හැකිය. නවීන ලෝකයාට මේ සිද්ධාන්තය පිළිබඳ තව කීමට ඇති පැරැණි කතා බෙහෙවි. ඒවා මේ කන්ද වටා සැඟවී ඇත්තේ මිහිදුම් සළුවෙන් දැවටෙමිනි. මින් ඇතැම් කතා කොතරම් පැරැණිද යත් ඒවා දැන් මිනිස් මතකයෙන් ඈත්වී ඇත. අලුත් කතා ඒවා වෙනුවෙන් ගෙතෙමින් පවතී. බැතිමතුන් නොනැවති මේ ස්ථාන කරා ඇදී එන තෙක් විවිධ විසිතුරු කතා සමනොළ වටා පැතිරි පවතිනවා ඇත.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom