සිරිලන්කන් දියුණු වූ ව්‍යාපාරිකයා - 秘 密

The Entrepreneur

Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    sss.jpg


    මගෙන් ගොඩ දෙනෙක් අහලා තියෙනවා මම පටන් ගත්තෙ කොතනින්ද, දියුණු උනේ කොහොමද, ඒකෙ රහසක් තියෙනවද වගේ ප්‍රශ්න. ඒක පොදුවේ එලියෙ ඉදලා බලන හැමෝටම තියෙන ප්‍රශ්නයක්. රහසක් තියෙනවා. රහස තමයි "The Secret".
    එහෙම කිව්වම නිකන් අපබ්‍රංශයක් වගේනේ.
    "The Secret" කියන්නේ "Law of Attraction" ගැන මේ වෙනකල් මට හම්බුන හොදම documentary ෆිල්ම් එක. විශ්වස කරන්න කොච්චර මිනිස්සු, යාලුවෝ හිටියත්, අදහන්න කොච්චර ආගම්, දෙවිවරු හිටියත් අම මුලින්ම දැනගත්ත දවසේ ඉදලා අද වෙනකල් කිසිම බයක් නැතුව විශ්වාස කරන දේ තමයි "Law of Attraction".
    සමහරු මේක ගැන අහලා ඇති, හැබැයි වැඩි උවමනාවක් නැතුව. අහලවත් නැතුව ඒ දේවල් කරන අයත් ඇති. හරියටම දැනගෙන follow කරන අයත් ඇති. මටත් මුලින්ම "The Secret" movie එක හම්බුනාම වැඩිය ගනන් ගත්තෙ නෑ. English වලින් තිබුන නිසා, ඕක මට වැඩිය තේරෙන්නෙත් නැති නිසා බලන්න උනන්දුවක් තිබුනෙත් නෑ. Download කරලා Lap එකේ නිකන් තිබුනා. ටික කාලෙකට පස්සේ අහම්බෙන් සිංහල ෆෝරම් එකක පෝස්ට් එකක් දැක්කා මේ ගැන. ලියලා තිබුනේ කවුද කියලා මතක නෑ. එතන ලින්ක් එකක් තිබුනා Baiscope.lk එකේ "The Secret" movie එකට රචිත ඉරේශ් කියලා කෙනෙක් කරපු සිංහල subtitles ටිකක්. අන්න ඒ subtitles එක්ක දාලා තිබුන විස්තරේ කියෙව්වම තමයි ආසාවක් ඇති උනේ මේක බලන්න ඕනෙ කියලා. ඒත් මේ ගැන ලොකු විශ්වාසයක් තිබුනේ නෑ. හැබැයි මම ඒ කාලෙ වෙනකොට කිසිම දෙයක් නැතුව හැම පැත්තෙන්ම වැටිලා හිටිය කාලයක්. ගොඩ යන්න ආසාවක් තිබුනට ඒක කරන්නෙ කොහොමද, පටන් ගන්න ඕනෙ කොතනින්ද කියල කිසිම දෙයක් පේන්නවත් තිබුනේ නෑ. නිකන් අඩි සීයක් විතර ගැඹුර ලිදක අඩියේ ඉදලා අහස දිහා බලනවා වගේ තමයි ගොඩ යන එක පෙනුනෙත්. යන්න පාරක්, එල්ලෙන්න වැලක් නැතුව හිටිය එකේ මොකක් හරි කමක් නෑ කියලා subtitles ටිකත් download කරගෙන මේක බලන්න පටන් ගත්තේ.
    පටන් ගන්නකොට හිතේ විශ්වාසයක් තිබුනේ නැති උනාට movie එකේ පලවෙනි විනාඩි දෙක තුන බලනකොටම ඔලුවට දැනුනා මේක නිකම්ම නිකන් motivation film එකක් නෙමෙයි කියලා. ඒ දැනුන වෙලාවේ ඉදලා මම මුලු documentary එකම බැලුවේ ඒකෙ කියන හැම වචනයක් ගානෙම පුදුම විශ්වාසෙකින්.
    මේකේ තනිකරම තියෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරලා, අපේ හිත ඇතුලේ තියෙන ශක්තිය පාවිච්චි කරලා අපිට ඕනෙ දේ, අපි ආසා කරන දේ ලබාගන්නේ කොහොමද කියන එක. ඒක වචන වලින් කියන්න අමාරුයි. positive thinking වලට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. මම කරපු එකම දේ මේ movie එකේ තිබුන හැම වචනයක් ගානෙම අකුරක් ගානෙම කිසිම condition එකක් නැතුව විශ්වාස කරපු එක. අදටත් ඒක ඒ විදිහටම තියෙනවා. කිසිස් වෙලාවක තර්ක කරන්න ගියේ නෑ මේක හරිද මේක කොහොමද වෙන්නේ කියලා.
    පලවෙනි සැරේ බැලුවම මේක කරනන් ඕනෙ කියල හිතුනට එහෙම එක සරේ හිතන විදිහ වෙනස් කරන එක ලේසි නෑ. මම ඊට පස්සෙ මේ documentary එක සිය වතාවකට වඩා බලලා ඇති. මේකෙ තියෙන හැම වචනයක් ගානෙම තේරුම් යනකල්. අදටත් බලනවා පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර ඕනෙ උනාම, අමතක උන තැන් මතක් කරගන්න. මුලින් ගොඩක් අමාරු උනා negative attraction වලින් අයින් වෙලා ඉන්න, හිතෙන් ඒවා අයින් කරන්න. මාස ගානක් එක දිගට practice කරනකොට ටිකෙන් ටික හුරු උනා. ඒ එක්කම ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තා.
    තමන් කවුරු උනත්, මොන දේවල් තිබුනත් නැති උනත්, දැන් ඉන්න තැන මොකක් උනත් එතන ඉදලා පටන් අරගෙන තමන්ට යන්න ඕනෙ තැනට යන්න පුළුවන්. හොද පැත්තට හෝ නරක පැත්තට. මේක හරියට බැලුවම තේරෙයි, මිනිස්සු ඒ ඒ තැන්වල හිර වෙලා ඉන්නෙ ඇයි, එයාලට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා. බුද්ධාගමේ කියලා තියෙනවා වගේම හැම දේටම මුල් වෙන්නේ හිත. හිත ඇතුලේ තියෙන power එක මොන වගේද කියලා තවම ගොඩක් දෙනෙක් දන්නේ නෑ. අපි මේකෙන් කරන්නෙත් අපිට ඕනෙ දේවල් ලබා ගන්න අපේ හිත පුරුදු කරන එක.
    ඕනෙ කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් බුද්ධාගම අනුව මේ දේවල් මේ විදිහයි, විද්‍යාව අනුව මේක වෙන්නෙ මේ විදිහටයි කියලා. ඒක තමන්ගේ කැමැත්ත. කැමති අයට විශ්වාස කරන්න පුළුවන්.
    මම හොදටම දන්නවා මම මේ ලියන දේ නිසා අනිවාර්යයෙන්ම මේක කියවන සෑහෙන දෙනෙක් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්නවා කියලා. මගේ ජීවිතේ ඇතුලේ මට පෙන්නන්න ඕනෙ තරම් example තියෙනවා මේ ගැන. මගේ වටේ ඉන්න යාලුවෝ, මට ලැබුන දේවල්, මම කරන දේවල් හැම එකක්ම මගේ Attraction එකේ ප්‍රථිපල.
    මට අර අහම්බෙන් හම්බුන පෝස්ට් එකක් නිසා මගේ ජීවිතේ වෙනස් උනා වගේම. අපිට තියෙන ප්‍රශ්න, කරදර, ලෙඩ හැම එකකටම උත්තර මේක ඇතුලේ තියෙනවා. බලනවනම් කලඹල නැති නිදහස් වෙලාවක් මේකටම වෙන් කරගෙන මේකෙ තියෙන හැම වචනයක් ගානෙම ඔලුවට වදින්න බලන්න. මුළු ජීවිතේම වෙනස් වෙයි.
    Movie එක download කරගන්න මෙතනින්.
    https://mega.nz/folder/rVoFGKgC#45SMS49CFqzBwS4UOV188Q
    මෙතනින් ගන්න Subtitles
    https://www.baiscopelk.com/the-secret-2006-with-sinhala.../

    - ලසන්ත වික්‍රමසිංහ
    #theentrepreneurfe

    ------------------------------------------------------------------------------------------
    වචනයක් අල්ලන් හැමිනෙන්න එන අයට ගැලපෙන පරිදි title එක දමන ලදී....
    ------------------------------------------------------------------------------------------
    Entrepreneurship ගැන ගොඩක් කතාවෙනව මේ දවස් වල.
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    බ්‍රෝ පොඩි උදාහරනයක් කියන්නම්.

    කොල්ලෝ සෙට් එකක් එකම exam එකට ලෑස්ති වෙනවා කියල හිතහන්කෝ.

    ඔතනින් එකෙක්ට, කලින් exam එක ගොඩ ගිය වුන් use කරපු,

    past papers, පොත්, tutorial videos සෙට් වෙනවා.



    ඌ කිසිම කුහක කමක් නැතිව, උගේ සෙට් එකේ උන් එක්ක ඒවා ටික බෙදා ගන්නවා.

    එහෙම බෙදා ගද්දි,

    සියල්ලදත් එකෙක් අහනවා,

    "උඹ දැන් exam එක ගොඩ ගිහිල්ලද? ඕවා අපිට කියන්න එන්නේ"



    ඉතින් බන් සියල්ලදත් අය උන්ගෙ විදියට ගොඩ යාවි.

    දෙයක් ගන්න තියෙන වුන් ගනීවි.



    සරලයි බන්.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    මේ movie එකේ ලින්ක් එක තියෙනවද ?
    දියුණු වෙන්න ඕනේ නම් මේ movie එක බලන්න ඕනේ lap එකේද ? TV එකේද ?
    බලන්න ඕනේ දවල්ද රැට ද ?
    රාහු කාලේ පන්නල බැලුවොත් හරිද ?
     

    The Entrepreneur

    Well-known member
  • Jul 31, 2020
    319
    545
    93
    මේ movie එකේ ලින්ක් එක තියෙනවද ?
    දියුණු වෙන්න ඕනේ නම් මේ movie එක බලන්න ඕනේ lap එකේද ? TV එකේද ?
    බලන්න ඕනේ දවල්ද රැට ද ?
    රාහු කාලේ පන්නල බැලුවොත් හරිද ?
    බ්‍රෝ පොඩි උදාහරනයක් කියන්නම්.

    කොල්ලෝ සෙට් එකක් එකම exam එකට ලෑස්ති වෙනවා කියල හිතහන්කෝ.

    ඔතනින් එකෙක්ට, කලින් exam එක ගොඩ ගිය වුන් use කරපු,

    past papers, පොත්, tutorial videos සෙට් වෙනවා.



    ඌ කිසිම කුහක කමක් නැතිව, උගේ සෙට් එකේ උන් එක්ක ඒවා ටික බෙදා ගන්නවා.

    එහෙම බෙදා ගද්දි,

    සියල්ලදත් එකෙක් අහනවා,

    "උඹ දැන් exam එක ගොඩ ගිහිල්ලද? ඕවා අපිට කියන්න එන්නේ"



    ඉතින් බන් සියල්ලදත් අය උන්ගෙ විදියට ගොඩ යාවි.

    දෙයක් ගන්න තියෙන වුන් ගනීවි.



    සරලයි බන්.
     

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මම ගොඩක් කල් ඉඳන් දන්නවා ලසා Law of attraction පාවිච්චි කරනවා කියලා. මමත් LOA වලින් ගොඩක් වැඩ අරගෙන තියන නිසා මම මේ කතාවට එකඟයි. ගොඩක් උන් ලසාගේ i8 එක බලන වෙලාවේ මේ වගේ දෙයක් ඉගෙනගන්න එක වටිනවා.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,828
    15,198
    113
    Hitha thibbata witharak madi.
    A de ganna weda karannath ona.
    Kalpa gaanak perum piruwa budu hamuduruwoth budu wune sahena kattak kaala. Dushkara kriya ehemath kara neh.

    "Fake it till you make it" scene ekath mekata tikak samanai.
     
    • Love
    Reactions: The Entrepreneur

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,259
    1
    101,102
    113
    34
    Kalutara
    මෙන්න දැන් අපේ පැත්තේ කොල්ලෙක් මට මැසේජ් කරලා අහනවා සීක්‍රට් කියන ෆිල්ම් එක තියෙනවද කියල. ඌත් දැකලා ලසාගේ මේ පොස්ට් එක. ඔය ෆිල්ම් එකේ කෑලි වගයක් එෆ්බි එකේ ෂෙයාර් වුනා මීට අවුරුදු 2-3කට කලින්.

    මේ movie එකේ ලින්ක් එක තියෙනවද ?
    දියුණු වෙන්න ඕනේ නම් මේ movie එක බලන්න ඕනේ lap එකේද ? TV එකේද ?
    බලන්න ඕනේ දවල්ද රැට ද ?
    රාහු කාලේ පන්නල බැලුවොත් හරිද ?
    ඔය රාහු කාලේ සීන් එක අම්බානෙකට විශ්වාස කරනවලු නේද ධම්මික පෙරේරා. ඌ ඕන වැඩක් කරන්නේ රාහු කාලේ පන්නළලු.
     
    • Like
    Reactions: Boralugoda01

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ඔය රාහු කාලේ සීන් එක අම්බානෙකට විශ්වාස කරනවලු නේද ධම්මික පෙරේරා. ඌ ඕන වැඩක් කරන්නේ රාහු කාලේ පන්නළලු.
    ඔව් බන්, හැම පොහොසත් මනුස්සයම spiritual පැත්තෙන් විශ්වාස කරන දෙයක් තියෙනවා. අධික භෞතිකවාදිනුත් එහෙම තමයි.
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,669
    13,413
    113
    ප්‍රශ්නය - ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද ?
    උත්තරය - " ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද ?" කියල කෝස් හදලා විකුණන එක.

    මේකේ ඉන්න පොල් කාවයියන්ට අහුවෙන්නේ නැතිව හොදට ඉගෙනගනිල්ලා .
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,831
    645
    113
    ප්‍රශ්නය - ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද ?
    උත්තරය - " ඉන්ටනෙට් එකෙන් සල්ලි හොයන්නේ කොහොමද ?" කියල කෝස් හදලා විකුණන එක.

    මේකේ ඉන්න පොල් කාවයියන්ට අහුවෙන්නේ නැතිව හොදට ඉගෙනගනිල්ලා .

    අඩෝ විදා...
    උඹ මං නැති අතරේ මේකේ ආයිමත් රගන්න තියාගත්ත නේද?. මතකනේ අපේ අතීත කතා වෘත්තීන් ටික නේද? හෙහ් හෙහ් හෙහ්....
     
    Last edited:
    • Haha
    Reactions: D_Mad