Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
සිරිලන්කන් දියුණු වූ ව්‍යාපාරිකයා - 秘 密
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]97083[/ATTACH]

මගෙන් ගොඩ දෙනෙක් අහලා තියෙනවා මම පටන් ගත්තෙ කොතනින්ද, දියුණු උනේ කොහොමද, ඒකෙ රහසක් තියෙනවද වගේ ප්‍රශ්න. ඒක පොදුවේ එලියෙ ඉදලා බලන හැමෝටම තියෙන ප්‍රශ්නයක්. රහසක් තියෙනවා. රහස තමයි "The Secret".

එහෙම කිව්වම නිකන් අපබ්‍රංශයක් වගේනේ.

"The Secret" කියන්නේ "Law of Attraction" ගැන මේ වෙනකල් මට හම්බුන හොදම documentary ෆිල්ම් එක. විශ්වස කරන්න කොච්චර මිනිස්සු, යාලුවෝ හිටියත්, අදහන්න කොච්චර ආගම්, දෙවිවරු හිටියත් අම මුලින්ම දැනගත්ත දවසේ ඉදලා අද වෙනකල් කිසිම බයක් නැතුව විශ්වාස කරන දේ තමයි "Law of Attraction".

සමහරු මේක ගැන අහලා ඇති, හැබැයි වැඩි උවමනාවක් නැතුව. අහලවත් නැතුව ඒ දේවල් කරන අයත් ඇති. හරියටම දැනගෙන follow කරන අයත් ඇති. මටත් මුලින්ම "The Secret" movie එක හම්බුනාම වැඩිය ගනන් ගත්තෙ නෑ. English වලින් තිබුන නිසා, ඕක මට වැඩිය තේරෙන්නෙත් නැති නිසා බලන්න උනන්දුවක් තිබුනෙත් නෑ. Download කරලා Lap එකේ නිකන් තිබුනා. ටික කාලෙකට පස්සේ අහම්බෙන් සිංහල ෆෝරම් එකක පෝස්ට් එකක් දැක්කා මේ ගැන. ලියලා තිබුනේ කවුද කියලා මතක නෑ. එතන ලින්ක් එකක් තිබුනා Baiscope.lk එකේ "The Secret" movie එකට රචිත ඉරේශ් කියලා කෙනෙක් කරපු සිංහල subtitles ටිකක්. අන්න ඒ subtitles එක්ක දාලා තිබුන විස්තරේ කියෙව්වම තමයි ආසාවක් ඇති උනේ මේක බලන්න ඕනෙ කියලා. ඒත් මේ ගැන ලොකු විශ්වාසයක් තිබුනේ නෑ. හැබැයි මම ඒ කාලෙ වෙනකොට කිසිම දෙයක් නැතුව හැම පැත්තෙන්ම වැටිලා හිටිය කාලයක්. ගොඩ යන්න ආසාවක් තිබුනට ඒක කරන්නෙ කොහොමද, පටන් ගන්න ඕනෙ කොතනින්ද කියල කිසිම දෙයක් පේන්නවත් තිබුනේ නෑ. නිකන් අඩි සීයක් විතර ගැඹුර ලිදක අඩියේ ඉදලා අහස දිහා බලනවා වගේ තමයි ගොඩ යන එක පෙනුනෙත්. යන්න පාරක්, එල්ලෙන්න වැලක් නැතුව හිටිය එකේ මොකක් හරි කමක් නෑ කියලා subtitles ටිකත් download කරගෙන මේක බලන්න පටන් ගත්තේ.

පටන් ගන්නකොට හිතේ විශ්වාසයක් තිබුනේ නැති උනාට movie එකේ පලවෙනි විනාඩි දෙක තුන බලනකොටම ඔලුවට දැනුනා මේක නිකම්ම නිකන් motivation film එකක් නෙමෙයි කියලා. ඒ දැනුන වෙලාවේ ඉදලා මම මුලු documentary එකම බැලුවේ ඒකෙ කියන හැම වචනයක් ගානෙම පුදුම විශ්වාසෙකින්.

මේකේ තනිකරම තියෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරලා, අපේ හිත ඇතුලේ තියෙන ශක්තිය පාවිච්චි කරලා අපිට ඕනෙ දේ, අපි ආසා කරන දේ ලබාගන්නේ කොහොමද කියන එක. ඒක වචන වලින් කියන්න අමාරුයි. positive thinking වලට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. මම කරපු එකම දේ මේ movie එකේ තිබුන හැම වචනයක් ගානෙම අකුරක් ගානෙම කිසිම condition එකක් නැතුව විශ්වාස කරපු එක. අදටත් ඒක ඒ විදිහටම තියෙනවා. කිසිස් වෙලාවක තර්ක කරන්න ගියේ නෑ මේක හරිද මේක කොහොමද වෙන්නේ කියලා.

පලවෙනි සැරේ බැලුවම මේක කරනන් ඕනෙ කියල හිතුනට එහෙම එක සරේ හිතන විදිහ වෙනස් කරන එක ලේසි නෑ. මම ඊට පස්සෙ මේ documentary එක සිය වතාවකට වඩා බලලා ඇති. මේකෙ තියෙන හැම වචනයක් ගානෙම තේරුම් යනකල්. අදටත් බලනවා පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර ඕනෙ උනාම, අමතක උන තැන් මතක් කරගන්න. මුලින් ගොඩක් අමාරු උනා negative attraction වලින් අයින් වෙලා ඉන්න, හිතෙන් ඒවා අයින් කරන්න. මාස ගානක් එක දිගට practice කරනකොට ටිකෙන් ටික හුරු උනා. ඒ එක්කම ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තා.

තමන් කවුරු උනත්, මොන දේවල් තිබුනත් නැති උනත්, දැන් ඉන්න තැන මොකක් උනත් එතන ඉදලා පටන් අරගෙන තමන්ට යන්න ඕනෙ තැනට යන්න පුළුවන්. හොද පැත්තට හෝ නරක පැත්තට. මේක හරියට බැලුවම තේරෙයි, මිනිස්සු ඒ ඒ තැන්වල හිර වෙලා ඉන්නෙ ඇයි, එයාලට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා. බුද්ධාගමේ කියලා තියෙනවා වගේම හැම දේටම මුල් වෙන්නේ හිත. හිත ඇතුලේ තියෙන power එක මොන වගේද කියලා තවම ගොඩක් දෙනෙක් දන්නේ නෑ. අපි මේකෙන් කරන්නෙත් අපිට ඕනෙ දේවල් ලබා ගන්න අපේ හිත පුරුදු කරන එක.

ඕනෙ කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් බුද්ධාගම අනුව මේ දේවල් මේ විදිහයි, විද්‍යාව අනුව මේක වෙන්නෙ මේ විදිහටයි කියලා. ඒක තමන්ගේ කැමැත්ත. කැමති අයට විශ්වාස කරන්න පුළුවන්.

මම හොදටම දන්නවා මම මේ ලියන දේ නිසා අනිවාර්යයෙන්ම මේක කියවන සෑහෙන දෙනෙක් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්නවා කියලා. මගේ ජීවිතේ ඇතුලේ මට පෙන්නන්න ඕනෙ තරම් example තියෙනවා මේ ගැන. මගේ වටේ ඉන්න යාලුවෝ, මට ලැබුන දේවල්, මම කරන දේවල් හැම එකක්ම මගේ Attraction එකේ ප්‍රථිපල.

මට අර අහම්බෙන් හම්බුන පෝස්ට් එකක් නිසා මගේ ජීවිතේ වෙනස් උනා වගේම. අපිට තියෙන ප්‍රශ්න, කරදර, ලෙඩ හැම එකකටම උත්තර මේක ඇතුලේ තියෙනවා. බලනවනම් කලඹල නැති නිදහස් වෙලාවක් මේකටම වෙන් කරගෙන මේකෙ තියෙන හැම වචනයක් ගානෙම ඔලුවට වදින්න බලන්න. මුළු ජීවිතේම වෙනස් වෙයි.

Movie එක download කරගන්න මෙතනින්.

https://mega.nz/folder/rVoFGKgC#45SMS49CFqzBwS4UOV188Q

මෙතනින් ගන්න Subtitles

https://www.baiscopelk.com/the-secret-2006-with-sinhala.../

- ලසන්ත වික්‍රමසිංහ

#theentrepreneurfe

වචනයක් අල්ලන් හැමිනෙන්න එන අයට ගැලපෙන පරිදි title එක දමන ලදී....

Entrepreneurship ගැන ගොඩක් කතාවෙනව මේ දවස් වල.

[QUOTE="The Entrepreneur, post: 25760295, member: 575634"] [ATTACH type="full" alt="sss.jpg"]97083[/ATTACH] මගෙන් ගොඩ දෙනෙක් අහලා තියෙනවා මම පටන් ගත්තෙ කොතනින්ද, දියුණු උනේ කොහොමද, ඒකෙ රහසක් තියෙනවද වගේ ප්‍රශ්න. ඒක පොදුවේ එලියෙ ඉදලා බලන හැමෝටම තියෙන ප්‍රශ්නයක්. රහසක් තියෙනවා. රහස තමයි "The Secret". එහෙම කිව්වම නිකන් අපබ්‍රංශයක් වගේනේ. "The Secret" කියන්නේ "Law of Attraction" ගැන මේ වෙනකල් මට හම්බුන හොදම documentary ෆිල්ම් එක. විශ්වස කරන්න කොච්චර මිනිස්සු, යාලුවෝ හිටියත්, අදහන්න කොච්චර ආගම්, දෙවිවරු හිටියත් අම මුලින්ම දැනගත්ත දවසේ ඉදලා අද වෙනකල් කිසිම බයක් නැතුව විශ්වාස කරන දේ තමයි "Law of Attraction". සමහරු මේක ගැන අහලා ඇති, හැබැයි වැඩි උවමනාවක් නැතුව. අහලවත් නැතුව ඒ දේවල් කරන අයත් ඇති. හරියටම දැනගෙන follow කරන අයත් ඇති. මටත් මුලින්ම "The Secret" movie එක හම්බුනාම වැඩිය ගනන් ගත්තෙ නෑ. English වලින් තිබුන නිසා, ඕක මට වැඩිය තේරෙන්නෙත් නැති නිසා බලන්න උනන්දුවක් තිබුනෙත් නෑ. Download කරලා Lap එකේ නිකන් තිබුනා. ටික කාලෙකට පස්සේ අහම්බෙන් සිංහල ෆෝරම් එකක පෝස්ට් එකක් දැක්කා මේ ගැන. ලියලා තිබුනේ කවුද කියලා මතක නෑ. එතන ලින්ක් එකක් තිබුනා Baiscope.lk එකේ "The Secret" movie එකට රචිත ඉරේශ් කියලා කෙනෙක් කරපු සිංහල subtitles ටිකක්. අන්න ඒ subtitles එක්ක දාලා තිබුන විස්තරේ කියෙව්වම තමයි ආසාවක් ඇති උනේ මේක බලන්න ඕනෙ කියලා. ඒත් මේ ගැන ලොකු විශ්වාසයක් තිබුනේ නෑ. හැබැයි මම ඒ කාලෙ වෙනකොට කිසිම දෙයක් නැතුව හැම පැත්තෙන්ම වැටිලා හිටිය කාලයක්. ගොඩ යන්න ආසාවක් තිබුනට ඒක කරන්නෙ කොහොමද, පටන් ගන්න ඕනෙ කොතනින්ද කියල කිසිම දෙයක් පේන්නවත් තිබුනේ නෑ. නිකන් අඩි සීයක් විතර ගැඹුර ලිදක අඩියේ ඉදලා අහස දිහා බලනවා වගේ තමයි ගොඩ යන එක පෙනුනෙත්. යන්න පාරක්, එල්ලෙන්න වැලක් නැතුව හිටිය එකේ මොකක් හරි කමක් නෑ කියලා subtitles ටිකත් download කරගෙන මේක බලන්න පටන් ගත්තේ. පටන් ගන්නකොට හිතේ විශ්වාසයක් තිබුනේ නැති උනාට movie එකේ පලවෙනි විනාඩි දෙක තුන බලනකොටම ඔලුවට දැනුනා මේක නිකම්ම නිකන් motivation film එකක් නෙමෙයි කියලා. ඒ දැනුන වෙලාවේ ඉදලා මම මුලු documentary එකම බැලුවේ ඒකෙ කියන හැම වචනයක් ගානෙම පුදුම විශ්වාසෙකින්. මේකේ තනිකරම තියෙන්නේ අපි හිතන විදිහ වෙනස් කරලා, අපේ හිත ඇතුලේ තියෙන ශක්තිය පාවිච්චි කරලා අපිට ඕනෙ දේ, අපි ආසා කරන දේ ලබාගන්නේ කොහොමද කියන එක. ඒක වචන වලින් කියන්න අමාරුයි. positive thinking වලට වඩා ගොඩක් එහාට ගිය දෙයක්. මම කරපු එකම දේ මේ movie එකේ තිබුන හැම වචනයක් ගානෙම අකුරක් ගානෙම කිසිම condition එකක් නැතුව විශ්වාස කරපු එක. අදටත් ඒක ඒ විදිහටම තියෙනවා. කිසිස් වෙලාවක තර්ක කරන්න ගියේ නෑ මේක හරිද මේක කොහොමද වෙන්නේ කියලා. පලවෙනි සැරේ බැලුවම මේක කරනන් ඕනෙ කියල හිතුනට එහෙම එක සරේ හිතන විදිහ වෙනස් කරන එක ලේසි නෑ. මම ඊට පස්සෙ මේ documentary එක සිය වතාවකට වඩා බලලා ඇති. මේකෙ තියෙන හැම වචනයක් ගානෙම තේරුම් යනකල්. අදටත් බලනවා පොඩි පොඩි ප්‍රශ්න වලට උත්තර ඕනෙ උනාම, අමතක උන තැන් මතක් කරගන්න. මුලින් ගොඩක් අමාරු උනා negative attraction වලින් අයින් වෙලා ඉන්න, හිතෙන් ඒවා අයින් කරන්න. මාස ගානක් එක දිගට practice කරනකොට ටිකෙන් ටික හුරු උනා. ඒ එක්කම ජීවිතේ හැම දෙයක්ම වෙනස් වෙන්න පටන් ගත්තා. තමන් කවුරු උනත්, මොන දේවල් තිබුනත් නැති උනත්, දැන් ඉන්න තැන මොකක් උනත් එතන ඉදලා පටන් අරගෙන තමන්ට යන්න ඕනෙ තැනට යන්න පුළුවන්. හොද පැත්තට හෝ නරක පැත්තට. මේක හරියට බැලුවම තේරෙයි, මිනිස්සු ඒ ඒ තැන්වල හිර වෙලා ඉන්නෙ ඇයි, එයාලට එහෙම වෙලා තියෙන්නෙ ඇයි කියලා. බුද්ධාගමේ කියලා තියෙනවා වගේම හැම දේටම මුල් වෙන්නේ හිත. හිත ඇතුලේ තියෙන power එක මොන වගේද කියලා තවම ගොඩක් දෙනෙක් දන්නේ නෑ. අපි මේකෙන් කරන්නෙත් අපිට ඕනෙ දේවල් ලබා ගන්න අපේ හිත පුරුදු කරන එක. ඕනෙ කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් බුද්ධාගම අනුව මේ දේවල් මේ විදිහයි, විද්‍යාව අනුව මේක වෙන්නෙ මේ විදිහටයි කියලා. ඒක තමන්ගේ කැමැත්ත. කැමති අයට විශ්වාස කරන්න පුළුවන්. මම හොදටම දන්නවා මම මේ ලියන දේ නිසා අනිවාර්යයෙන්ම මේක කියවන සෑහෙන දෙනෙක් තමන්ගේ මුළු ජීවිතේම වෙනස් කරගන්නවා කියලා. මගේ ජීවිතේ ඇතුලේ මට පෙන්නන්න ඕනෙ තරම් example තියෙනවා මේ ගැන. මගේ වටේ ඉන්න යාලුවෝ, මට ලැබුන දේවල්, මම කරන දේවල් හැම එකක්ම මගේ Attraction එකේ ප්‍රථිපල. මට අර අහම්බෙන් හම්බුන පෝස්ට් එකක් නිසා මගේ ජීවිතේ වෙනස් උනා වගේම. අපිට තියෙන ප්‍රශ්න, කරදර, ලෙඩ හැම එකකටම උත්තර මේක ඇතුලේ තියෙනවා. බලනවනම් කලඹල නැති නිදහස් වෙලාවක් මේකටම වෙන් කරගෙන මේකෙ තියෙන හැම වචනයක් ගානෙම ඔලුවට වදින්න බලන්න. මුළු ජීවිතේම වෙනස් වෙයි. Movie එක download කරගන්න මෙතනින්. [URL='https://l.facebook.com/l.php?u=https%3A%2F%2Fmega.nz%2Ffolder%2FrVoFGKgC%3Ffbclid%3DIwAR1kPyunX1vlkXPYBNaKgphsQKow77tPWl4mTIrAfmv9VEUXEbLxLFU4nDM%2345SMS49CFqzBwS4UOV188Q&h=AT3qJ65aPZLzBsSLEzFS6sUjrkEdK_5KQfZxAoIIG8yyHPyROTyrX1bj3QPL-kslz6e26kGXaJMj2q4G236sIq_jp7Lz_akdvKZ08LsXYXa4WXD-chvYA0rI9lTiXDSLlik&__tn__=-UK-y-R&c[0]=AT0spdJVixRWbcT97RXXSSGjhuVIuVyXY76V3C03RXXXBgoRsIBhiYvZPTPxg6PxGGVw0fs7Ksb6xV2LEz-USp-I9uQ3T-hM290mZT1xpEZ6xo7hTWrg2API2Fq5PWi64cXq-LHB9S3cP_S9UNoCsLG2DEBqdMYjjd4goLOyzok6MQq7_UJBZA0NpT1hb-IKPHgmYNPkpGBbw83tEThad9kJCIMaGEZsvGeBma9rNRmCyKp1vaGmKQf7yLqdsLkRNZblH4zXqrkIalC4dx8nwthMJaI']https://mega.nz/folder/rVoFGKgC#45SMS49CFqzBwS4UOV188Q[/URL] මෙතනින් ගන්න Subtitles [URL='https://www.baiscopelk.com/the-secret-2006-with-sinhala-subtitles/?fbclid=IwAR3zKalrGlmPpV8MrQ_JX6ZmPMyYm8hOOZMauUg6WGBpOE3sYLxbff1OIvs']https://www.baiscopelk.com/the-secret-2006-with-sinhala.../[/URL] - ලසන්ත වික්‍රමසිංහ [URL='https://www.facebook.com/hashtag/theentrepreneurfe?__eep__=6&__cft__[0]=AZXg7gYbOp3AsH0wkOHb7LI21dEvCsDI4fq9guCa8tpt-v0_78DZjq3OWRa2XyIK1RJGl1pUAu5HdP1WBLoJmZXLIqlJw5w932fAko3Z7EQrIEG424Rbvm2flkO-j1TQBsOFuaz9NK_3tRjAN15ivlPBBhKDXJAGUJeY6n9MZzQig3uRYZm57XJpWU3JQfyeUeTslnloAzs4zOmAmqqxmU6lMHiY1e8W0LWG6hwogPvGRVk_SQ7k9xnisVtyb_BjJ1Y&__tn__=*NK-R']#theentrepreneurfe[/URL] ------------------------------------------------------------------------------------------ [U]වචනයක් අල්ලන් හැමිනෙන්න එන අයට ගැලපෙන පරිදි title එක දමන ලදී....[/U] ------------------------------------------------------------------------------------------ [URL='https://elakiri.com/threads/entrepreneurship-%E0%B6%9C%E0%B7%90%E0%B6%B1-%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%80-%E0%B6%B8%E0%B7%9A-%E0%B6%AF%E0%B7%80%E0%B7%83%E0%B7%8A-%E0%B7%80%E0%B6%BD.1956502/'][SIZE=7][U]Entrepreneurship ගැන ගොඩක් කතාවෙනව මේ දවස් වල.[/U][/SIZE][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom