සිසුවියන් තිදෙනෙක් අපයෝජනයට ලක්කළ නුවරඑළිය විද්‍යා ගුරුවරයා අත්අඩංගුවට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ, වලපනේ අධ්‍යාපන කලපයට අයත් පාසලක 9 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු පාසලේ විද්‍යාගාරය තුළ දී අපයෝජනයට ලක්කළ බවට සැකපිට එම විද්‍යාලයේ ම ගුරුවරයෙක්ව අත්අඩංගුවට ගෙන තිබේ.

    එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කිතුල්ලේ, පල්ලේදෝව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි විවාහක ගුරුවරයෙකි.

    එම ගුරුවරයා 9 වන ශ්‍රේණියේ පන්ති භාර ගුරුවරයා ද වන අතර, ඔහු විද්‍යාව විෂය උගන්වන අයෙක් බවත් පොලීසිය පවසයි.

    එම සැකකාර ගුරුවරයාගේ බිරිඳ ද ගුරුවරියක් බවට අනාවරණය වී තිබේ.



    අදාළ ගුරුවරයා එක් සිසුවියක් සමග ආදර සබඳතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර, එම සිසුවිය හරහා අනෙක් සිසුවියන් දෙදෙනා ද අපයෝජනයට ලක්කර ඇතැයි සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.

    සිසුවියන්ගෙන් ලද තොරතුරු මත අදාළ ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, එක් සිසුවියකගෙන් වට්සැප් මඟින් ඇඟේ නිරුවත් ඡායාරූප ඉල්ලා බලහත්කාරකම් කර ඇති බව ද හෙළි වී තිබේ.

    ගුරුවරයාගේ ජංගම දුරකථනය පොලිස් භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් ගුරුවරයා අද (21) වලපනේ මහෙසේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර,

    පාසල් සිසුවියන් තිදෙනා අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රිකිල්ලගස්කඩ මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.

    නුවරඑළිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාර හක්මන, වලපනේ සහකාර පොලිස් අධිකාරි 1 අනුර බණ්ඩාර යන මහත්වරුන්ගේ උපදෙස් මත කිර්තිබණ්ඩාරපුර පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක රෝමේෂ් රත්නායක මහතාගේ මෙහෙය විමෙන් පො.සැ 10557 කුමාරදාස, කා .පො.සැ 6808 දිසානායක යන නිලධාරින් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    @2osama me wwaren wesa balla
     
    • Dislike
    Reactions: 2osama

    Similar threads