Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තවමත් තමා හා කවීශ අතර ඇත්තේ වෘත්තීය මට්ටමේ සබඳතාවක් පමණක් වීම මදාරා ට හිස රදයක් වී තිබේ.කතා බහ කරන වචනයෙන් පවා පරිස්සම් වී කවීශ ඒ දුරස් බව සුරකිමින් සිටී.මේ පවුර බිඳගෙන ඔහුට ලංවිය හැකි ක්‍රමයක් පිළිබඳව ඈ නිරන්තරයෙන් කල්පනා කලාය.උදේ හවස කතා කලත් ලෙංගතු බවක් නම් නැත.ෆේස්බුක් ආදී සමාජ ජාලා කිසිවක පෙම්වතියක් ගැන සටහනක් නැත.

"හෙලෝ කවීශ වැඩක් ද"

"නෑ කියන්න මැඩම්"

"උදව්වක් ඉල්ලගන්න කතා කලේ මට මේ ගැන වෙන කියන්න කෙනෙකුත් නෑ ඩැඩීට හොරෙන් කරන්නත් ඕන කවීශ "

සියදිවි නසා ගැනීමේ මෙහෙයුම ක් වෙන්න ඕන.ජොබට ආයිබෝං කියල තමා එහෙනම් කරන්න වෙන්නේ.කවීශ හිතින් මිමිනුවේය.

"මම අහගන ඉන්නෙ මැඩම් කියන්න"

"මට අම්මා බලන්න ආසයි කවීශ ..අම්මා කුරුණෑගල ආරණ්‍යයක ඉන්නෙ නම දන්නව ඒත් හොයාගන තමයි යන්න වෙන්නෙ ඩැඩී දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙනව,මගෙ යාලුවෙක් නෑ මෙහෙම ගමනක් එක්ක යන්න ..ඔයාට පුලුවන් ද මගෙත් එක්ක එන්න"

තමා වැටුනේ ලෝක අමාරුවකය.අම්මා වැනි සංවේදී මාතෘකාවක් අරබයා ඈ බොරුවක් පවසනවා වන්නට බැරිය.ඈ කියන කාරනා අනුව උදව් නොකරත් බැරිය.එහෙත් එවැනි ගමනක් යන්නට තරම් අපි සමීප නැත සමීප වීමේ උවමනාවක්ද නැත.

"අනේ සොරි කවීශ කරදරයක් නම් මම තනියම යන්නම් මම මෙහෙම අහන එකත් වැරදි ඇති...ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් එක්ක එන්න එතකොට අවුලක් නෑනෙ"

මදාරා තුරුම්පුවක් ඇද්දේය.

"හිටියනම් එක්ක එන්න තිබුණා "

එය නොකියා සිටියානම් වඩා හොඳ ය.

හිතේ සතුට උතුරා ගියේ සුභ ආරංචියට ය.එහෙනම් එන්නකො වස්තුවේ.

"කමක් නෑ කවීශ මට තේරෙනව ඔයා හිතන්නෙ මොනවද කියල ඉට්ස් ඕකේ සොරි බායි"

කවීශ දිගටම නිහඬව සිටින නිසා මදාරා කීවේ හිතේ දුකිනි .මුල වරද්දා ගත්තේ තමන් ය දැන් ඒවාට විඳවිය යුතුය.

නිවසට ළඟා වනවිට හයට කිට්ටු වී තිබිණ .අද දවසේ නම් ලොක්කී සතුටින් සිටියා ය.එවන් හොඳ පුතෙකු ලබන්නට වාසනාව තිබිය යුතුය.පෙනුම ගතිගුණ ගැන තක්සේරු කරගන්නට ගතවූ පැය ගනණ ඇතිය.තාත්තෙක් වගේ හැමදේම සොයාබලා කල හැටි .ඒ දවස් වල ලොක්කී ලැබෙන්නට සිටියදී සියල්ල තමාට තනියෙන් කරගන්නට වූ හැටි මතකය.කවීශ පුතා ස්වාමියෙකු ලෙස ලබන්නට ගැහැනියක් පිං කර තිබිය යුතුය.

"ගෙදර ගියාද මල්ලියෝ"

"ආව අක්කා දැං ටිකක් වෙලා..ඔයාල ගියාද"

"අපි නම් දැං ආවෙ මල්ලි..තෑන්ක්ස් කරපු උදව් වලට"

"අනේ මම උදව් කරේ තෑන්ක්ස් බලාගෙන නෙවේ "

ඔන්න කේන්ති ගියා මේ කොල්ලාව බලා ගන්නට ලේසි වන්නේ නම් නැත.

"එහෙනම් මොනා බලාගෙනද"

කට වරද්දා ගත්තානම් හොඳ කතාවක් අහගන්නට සූදානම් විය යුතුය.

"අර සුදු රවුම් ඒව දෙකක් තියෙන්නෙ ඒව බලාන"

"ඊයා කියන කතා වල් කොල්ලෙක් මේකා නම්"

"ආ කවුද දන් නෑ වල් මම කිව්වෙ කම්මුල් දෙක ගැන"

එවරත් මා පරාදය.සිනා නැගුනේ කිව්ව කතාවටය.

"යනව යන්න බූරු පැටියා"

ගතේ වේදනා යටපත්ව යන තරම් හිත සතුටින් පිරී තිබේ.ඔබ මට ගෙනාවේ සිනාවක්ම පමණි .ඔබ ඉල්ලා සිටීනම් මේ ජීවිතය ඔබට දෙන්නම්.

ඉරේෂා කියන්නේ ආදරය කරන්නට එක්ව ජීවත් වන්නට වටින කෙල්ලෙකි .එවන් එකියක දමා යාමට තරම් බන්දුල මෝඩයෙකු වීම ගැන කවීශ සතුටට පත් වුනේය.ඈ තුටින් සිටින විට ඒ වෙන්වීමට හේතු විමසා හිත රිදවිය යුතු නැත.මේ මෙහොතේ ආදරය ඉල්ලා අවස්තාවාදියකු වීමට බැරිය ඈට තව ටිකක් කල් දිය යුතුය.එතකල් මම වෙනුවෙන් ඉන්නවා නේද.

තනියම සිනාවෙන ලොක්කී දෙස බලාසිටි අම්මාට සතුටක් දැනුනි.සිනා වෙන විට ඈ ලස්සනය.නෑ පරපුරේ හැඩම එකිය තම දුවනියම පමණි .දරු සම්පත් ඇතත් නැතත් ඈව දීගෙක දෙන්නට බැරි කමක් නැත.

"මොකද ලොකූ තනියම හිනා වෙන්නෙ"

"නෑ මේ අර පිස්සගෙ කතාවකට හිනා ගියෙ "

"මොන පිස්සද"

"කවීශ මල්ලි.."

අම්මා තමා ගැන මොනවා හිතනවාදැයි එක්වරම සිතුනෙන් ඈට ලැජ්ජාවක් ඇති විය.

"ආ ඒ දරුවද අන්න පිරිමි ..තාත්තෙක් වගේ හැමදේම හොයා බලල කරනව මේ පිට එවුන්ට ..ගෑනිට දරුවන්ට හරිම ආදරෙන් සලකාවි දවසක"

පිට වෙන්නෙ කොහොමද මගෙ මල්ලි කොල්ල.ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ බුදු දහමට අනුව නම් පව් පිං වලට අනුවය.ඔබව ලබන්නට පිං තියේ නම් අපි එකතු වේවි.නොදුටු අනාගතයකට බියෙන් ජීවත් විය යුතු නැත.ඔබ මගේ ආදරය ඉල්ලන්නට පෙර මගේ අඩු ලුහුඬුකම් කියා දිය යුතුය .ඒ දේවල් එක්කත් ඔබට මට ආදරය කල හැකි නම් මියෙන තුරු ඔබ නමින් පේවී ඉන්නට මම සූදානම් ය .

ඉරිදා දිනය නිසා දහවල් වනතුරු නිදාහුන් කවීශ අවදි කලේ අම්මාය.

"නැගිටිනව කොල්ලො ..අන්න කවුද කෙල්ලෙක් කතා කරල ෆෝන් එක ඔන් කරගන්න කියන්න කිව්ව"අම්මා කීවේ අවලාදයක් ලෙසිනි.

දෙය්යනේ ඉරේෂා අක්කා අම්මාට කතා කලාද.පිස්සු වැඩනෙ කරන්නෙ.

"ඊයෙ චාජ් කරන්න බැරි උනා..පණිවිඩයක් කිව්වද කවුරු කියලද කිව්වෙ"

"මදාර කියල යාලුවෙක් කිව්වෙ"

"මොකක් ඒ හොල්මන මොකට කතා කරාද"

"ඒව දන්නෙ ඉතිං කතා කරගත්තු අයනෙ "

අම්මා කියන්නේ තොල් නොපිට පෙරලා ඇද කරමිනි.

"කොරගත්තු අය තමා කවුද දන්නවද මදාරා කියන්නෙ , අපේ බොස් ඉද්දමල්ගොඩ මහත්තයගෙ එකම දූ ඉද්දමල්ගොඩ ව්‍යාපාර ජාලයේ අදිපති...ආ දැං හරිද"

"අප්පොච්චියෝ එහෙම ද ..මට අම්මා කියල කට පුරා කතා කලානෙ කිසිම ආඩම්බරයක් නැතුව..මාත් දුවේ කියලද කොහෙද කිව්වෙ ..සොරි කියල කියන්න දැම්ම කෝල් එකක් අරං ..එක්කො ඕකුන්ගෙ නම් කියල තියන්න ඕන වස ලැජ්ජාවක් උනේ"

ගෑනු මායම් අම්මපා..කවීශ සිතුවේය.

[QUOTE="chamathkara 295, post: 24135087, member: 477761"] තවමත් තමා හා කවීශ අතර ඇත්තේ වෘත්තීය මට්ටමේ සබඳතාවක් පමණක් වීම මදාරා ට හිස රදයක් වී තිබේ.කතා බහ කරන වචනයෙන් පවා පරිස්සම් වී කවීශ ඒ දුරස් බව සුරකිමින් සිටී.මේ පවුර බිඳගෙන ඔහුට ලංවිය හැකි ක්‍රමයක් පිළිබඳව ඈ නිරන්තරයෙන් කල්පනා කලාය.උදේ හවස කතා කලත් ලෙංගතු බවක් නම් නැත.ෆේස්බුක් ආදී සමාජ ජාලා කිසිවක පෙම්වතියක් ගැන සටහනක් නැත. "හෙලෝ කවීශ වැඩක් ද" "නෑ කියන්න මැඩම්" "උදව්වක් ඉල්ලගන්න කතා කලේ මට මේ ගැන වෙන කියන්න කෙනෙකුත් නෑ ඩැඩීට හොරෙන් කරන්නත් ඕන කවීශ " සියදිවි නසා ගැනීමේ මෙහෙයුම ක් වෙන්න ඕන.ජොබට ආයිබෝං කියල තමා එහෙනම් කරන්න වෙන්නේ.කවීශ හිතින් මිමිනුවේය. "මම අහගන ඉන්නෙ මැඩම් කියන්න" "මට අම්මා බලන්න ආසයි කවීශ ..අම්මා කුරුණෑගල ආරණ්‍යයක ඉන්නෙ නම දන්නව ඒත් හොයාගන තමයි යන්න වෙන්නෙ ඩැඩී දැන ගත්තොත් ප්‍රශ්නයක් වෙනව,මගෙ යාලුවෙක් නෑ මෙහෙම ගමනක් එක්ක යන්න ..ඔයාට පුලුවන් ද මගෙත් එක්ක එන්න" තමා වැටුනේ ලෝක අමාරුවකය.අම්මා වැනි සංවේදී මාතෘකාවක් අරබයා ඈ බොරුවක් පවසනවා වන්නට බැරිය.ඈ කියන කාරනා අනුව උදව් නොකරත් බැරිය.එහෙත් එවැනි ගමනක් යන්නට තරම් අපි සමීප නැත සමීප වීමේ උවමනාවක්ද නැත. "අනේ සොරි කවීශ කරදරයක් නම් මම තනියම යන්නම් මම මෙහෙම අහන එකත් වැරදි ඇති...ගර්ල් ෆ්‍රෙන්ඩ්වත් එක්ක එන්න එතකොට අවුලක් නෑනෙ" මදාරා තුරුම්පුවක් ඇද්දේය. "හිටියනම් එක්ක එන්න තිබුණා " එය නොකියා සිටියානම් වඩා හොඳ ය. හිතේ සතුට උතුරා ගියේ සුභ ආරංචියට ය.එහෙනම් එන්නකො වස්තුවේ. "කමක් නෑ කවීශ මට තේරෙනව ඔයා හිතන්නෙ මොනවද කියල ඉට්ස් ඕකේ සොරි බායි" කවීශ දිගටම නිහඬව සිටින නිසා මදාරා කීවේ හිතේ දුකිනි .මුල වරද්දා ගත්තේ තමන් ය දැන් ඒවාට විඳවිය යුතුය. *** නිවසට ළඟා වනවිට හයට කිට්ටු වී තිබිණ .අද දවසේ නම් ලොක්කී සතුටින් සිටියා ය.එවන් හොඳ පුතෙකු ලබන්නට වාසනාව තිබිය යුතුය.පෙනුම ගතිගුණ ගැන තක්සේරු කරගන්නට ගතවූ පැය ගනණ ඇතිය.තාත්තෙක් වගේ හැමදේම සොයාබලා කල හැටි .ඒ දවස් වල ලොක්කී ලැබෙන්නට සිටියදී සියල්ල තමාට තනියෙන් කරගන්නට වූ හැටි මතකය.කවීශ පුතා ස්වාමියෙකු ලෙස ලබන්නට ගැහැනියක් පිං කර තිබිය යුතුය. "ගෙදර ගියාද මල්ලියෝ" "ආව අක්කා දැං ටිකක් වෙලා..ඔයාල ගියාද" "අපි නම් දැං ආවෙ මල්ලි..තෑන්ක්ස් කරපු උදව් වලට" "අනේ මම උදව් කරේ තෑන්ක්ස් බලාගෙන නෙවේ " ඔන්න කේන්ති ගියා මේ කොල්ලාව බලා ගන්නට ලේසි වන්නේ නම් නැත. "එහෙනම් මොනා බලාගෙනද" කට වරද්දා ගත්තානම් හොඳ කතාවක් අහගන්නට සූදානම් විය යුතුය. "අර සුදු රවුම් ඒව දෙකක් තියෙන්නෙ ඒව බලාන" "ඊයා කියන කතා වල් කොල්ලෙක් මේකා නම්" "ආ කවුද දන් නෑ වල් මම කිව්වෙ කම්මුල් දෙක ගැන" එවරත් මා පරාදය.සිනා නැගුනේ කිව්ව කතාවටය. "යනව යන්න බූරු පැටියා" ගතේ වේදනා යටපත්ව යන තරම් හිත සතුටින් පිරී තිබේ.ඔබ මට ගෙනාවේ සිනාවක්ම පමණි .ඔබ ඉල්ලා සිටීනම් මේ ජීවිතය ඔබට දෙන්නම්. ඉරේෂා කියන්නේ ආදරය කරන්නට එක්ව ජීවත් වන්නට වටින කෙල්ලෙකි .එවන් එකියක දමා යාමට තරම් බන්දුල මෝඩයෙකු වීම ගැන කවීශ සතුටට පත් වුනේය.ඈ තුටින් සිටින විට ඒ වෙන්වීමට හේතු විමසා හිත රිදවිය යුතු නැත.මේ මෙහොතේ ආදරය ඉල්ලා අවස්තාවාදියකු වීමට බැරිය ඈට තව ටිකක් කල් දිය යුතුය.එතකල් මම වෙනුවෙන් ඉන්නවා නේද. තනියම සිනාවෙන ලොක්කී දෙස බලාසිටි අම්මාට සතුටක් දැනුනි.සිනා වෙන විට ඈ ලස්සනය.නෑ පරපුරේ හැඩම එකිය තම දුවනියම පමණි .දරු සම්පත් ඇතත් නැතත් ඈව දීගෙක දෙන්නට බැරි කමක් නැත. "මොකද ලොකූ තනියම හිනා වෙන්නෙ" "නෑ මේ අර පිස්සගෙ කතාවකට හිනා ගියෙ " "මොන පිස්සද" "කවීශ මල්ලි.." අම්මා තමා ගැන මොනවා හිතනවාදැයි එක්වරම සිතුනෙන් ඈට ලැජ්ජාවක් ඇති විය. "ආ ඒ දරුවද අන්න පිරිමි ..තාත්තෙක් වගේ හැමදේම හොයා බලල කරනව මේ පිට එවුන්ට ..ගෑනිට දරුවන්ට හරිම ආදරෙන් සලකාවි දවසක" පිට වෙන්නෙ කොහොමද මගෙ මල්ලි කොල්ල.ජීවිතේ දේවල් සිද්ධ වෙන්නේ බුදු දහමට අනුව නම් පව් පිං වලට අනුවය.ඔබව ලබන්නට පිං තියේ නම් අපි එකතු වේවි.නොදුටු අනාගතයකට බියෙන් ජීවත් විය යුතු නැත.ඔබ මගේ ආදරය ඉල්ලන්නට පෙර මගේ අඩු ලුහුඬුකම් කියා දිය යුතුය .ඒ දේවල් එක්කත් ඔබට මට ආදරය කල හැකි නම් මියෙන තුරු ඔබ නමින් පේවී ඉන්නට මම සූදානම් ය . *** ඉරිදා දිනය නිසා දහවල් වනතුරු නිදාහුන් කවීශ අවදි කලේ අම්මාය. "නැගිටිනව කොල්ලො ..අන්න කවුද කෙල්ලෙක් කතා කරල ෆෝන් එක ඔන් කරගන්න කියන්න කිව්ව"අම්මා කීවේ අවලාදයක් ලෙසිනි. දෙය්යනේ ඉරේෂා අක්කා අම්මාට කතා කලාද.පිස්සු වැඩනෙ කරන්නෙ. "ඊයෙ චාජ් කරන්න බැරි උනා..පණිවිඩයක් කිව්වද කවුරු කියලද කිව්වෙ" "මදාර කියල යාලුවෙක් කිව්වෙ" "මොකක් ඒ හොල්මන මොකට කතා කරාද" "ඒව දන්නෙ ඉතිං කතා කරගත්තු අයනෙ " අම්මා කියන්නේ තොල් නොපිට පෙරලා ඇද කරමිනි. "කොරගත්තු අය තමා කවුද දන්නවද මදාරා කියන්නෙ , අපේ බොස් ඉද්දමල්ගොඩ මහත්තයගෙ එකම දූ ඉද්දමල්ගොඩ ව්‍යාපාර ජාලයේ අදිපති...ආ දැං හරිද" "අප්පොච්චියෝ එහෙම ද ..මට අම්මා කියල කට පුරා කතා කලානෙ කිසිම ආඩම්බරයක් නැතුව..මාත් දුවේ කියලද කොහෙද කිව්වෙ ..සොරි කියල කියන්න දැම්ම කෝල් එකක් අරං ..එක්කො ඕකුන්ගෙ නම් කියල තියන්න ඕන වස ලැජ්ජාවක් උනේ" ගෑනු මායම් අම්මපා..කවීශ සිතුවේය. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom