Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nawakatha saha Ketikatha
සිහිනයකි ජීවිතේ (නවකථාව )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මදාරා කල ඉල්ලීම සිහිවූයේ දැන් ය.සොයා යන්නේ අම්මා නිසා වරදක් වන්නට ඉඩක්ද නැත .කලින් සිදුවීම නිසා ඇගේ හැසිරීම ස්ම්පූර්ණයෙන් වෙනස් වී ඇත.ගැහැණු දරුවකුට අම්මා කෙනෙකු නැති අඩුව ප්රබලව දැනෙනවාට සැක නැත.එසේ නමුත් මේ ගමනට සහබාගී වීමෙන් තම රැකියාව අනතුරේ හෙලීමට නොහැකිය.ඇය කිසියම් නොමනා ක්රියාවක් නොකරන බවට සහතිකයක් ලබා දෙන්නට කෙනෙක්ද නැත.හැමදේටම වඩා මෙය ඉරේෂා අක්කාට ආරංචි වුවහොත් ඇගේ සිත වුවත් බිඳී යා හැකිය.කවීශ තීරණය ක් ගැනීමට නොහැකිව දහ අතේ කල්පනා කලේය.ඉරේෂා අක්කාට කියා ගමන යන්නට පුලුවන් වුවත් ඇය කෙසේ භාර ගනීවිදැයි සිතාගත නොහැක.

අම්මා සොයා යන ගමන් ආයතනයටත් ඩැඩීටත් රහසින් සිදුවිය යුතුය.අම්මාට තමා නැවත ලං වනවාට ඩැඩී කිසිසේත් කැමැත්තක් නම් නොදක්වනු ඇත.අම්මා තමාව කෙසේ පිළිගනීවිදැයි කියාද හිතේ චකිතයක් ඇත.ඒ කෙසේ වෙතත් ඈ සොයා යා යුතුය.හෙට නිවාඩු දිනයක් නිසා කාර්යාලයට ආරංචි නොවන්නට මේ ගමන පිටත් විය හැකිය .විශේෂයෙන්ම කවීශ ගමනට එකතු වන්නේ නම් වඩා පරිස්සම් විය යුතුය.තමාටත් වඩා ඔහුගේ ආත්මගරුත්වයට හානියක් වීමට ඉඩ තැබිය නොහැකිය .කවීශ ගෙන් පසුගියදා යහපත් ප්රතිචාරයක් නොලැබුණත ඔහු එක එල්ලේ ප්රතික්ෂේප ද නොකල නිසා හිතේ බලාපොරොත්තුවක් ඇත.

දුරකථන ඇමතුම ගත්තේ ගමන කලින් සැලසුම් කරගතයුතු නිසාය.කීප වරක් උත්සාහ කලත් ඔහුගේ දුරකථනය ක්රියා කරන්නේ නැත.නිවසේ අංකයට ඇමතුවේ හිතේ චකිතයක් දරාගෙනය.

“හෙලෝ කවීශ ඉන්නවද අම්මා ෆෝන් එක වැඩ නෑනේ ”

අනෙක් පසින් ඇසෙන්නේ ගැහැණු කටහඬෙකි .පුතා ගැන කෙලින්ම අසන්නේ කවුරුන්ද කියා සිතේ පැනයකි.

“කවුද දන් නෑ මේ පුතා නම් නිදි තවම”

“අනේ මම මදාරා කියල එයාගෙ යාලුවෙක් අම්මා ඇහැරුනාම මට කෝල් එකක් ගන්න කියන්නකො ..මම තියන්නම් බුදු සරණයි “

“හොඳයි දුවේ මම කියන්නම්”

දුරකථනය තැබුවේ ප්රශ්නයක් හිතේ දරාගෙනය .පොඩීට මදාරා කියා යාලුවෙක් සිටියා මතක නැත.මේකා කෙල්ලෙක්වත් හොයාගෙනද.මොන සක්කරවට්ටමක්ද දන් නෑ.අම්මාවරු පිරිමි පුතුන් දන් දෙන්නට ලෝබය .කතා බහේ නම් වරදක් නැත කට පුරා අම්මේ කියා කීවාය.මම හොයාගන්නම්කෝ අම්මා තමාටම කියා ගත්තාය.

දුවේ කියා ආමන්ත්රණය කල විට හිත ගැස්සී ගියේ අම්මා සිහි වීමෙනි.අම්මා සොයා ගියත් ඈට අම්මා කියා ළං වීමට ඉඩ නැත.අප අතර කහසිවුරකින් වෙන්කල පවුරක් ඇත.බවුන් වඩන ඇගේ සිතට කෙලෙස් මූලයක් වන්නට උවමනාවක්ද නැත.කවීශ දැං දං කතා කරාවියැයි ඈ මග බලා උන්නාය.

ලොක්කීගේ ප්රශ්න ය අප්පච්චිට යන්තම් කියා ගත්තේ සැර බාල කරමිනි.කේන්ති ගෙන මොනවා හෝ මෝඩ කමක් කරන්නට බැරි නැත.කටේ ගිනිවතුර හලා ගත්විට ඉන්නේ වෙනස්ම පුද්ගලයකි.හිතේ ආවේගයකින් මොනවා හෝ ප්රශ්නයක් දමා ගත්තොත් එය ලොක්කීට හොඳ නැත .

“මොනවත් කියනව කරනව එහෙම නෙවෙයි හොඳද”

“මම කාටවත් මොනවත් කියන්න යන්නෙ නෑ අපි හොයලදීපු දේවල් නෙවෙයි නෙ “

ඒත් ඒ ඇස්වල ඇත්තේ කෝපය බව අම්මා දන්නේය.පවුලේ පළමු දරුවා වූ ලොක්කීට අප්පච්චි මහත්සේ ආදරේය.පොඩි කාලයේ සුලු අසනීපයකටත් මහත් සේ බියවී එහේ මෙහේ දඟලන හැටි තවම මතකය.දරුවන් කියන්නේ වගකීම් ය.

හන්දියට ගිය විට කරුණාපාල හමුවූයේ කලකට පසුවය.ආගිය තොරතුරු කතාකරමින් සිටි ඉරේෂා ගේ පියා පරණ මිතුරාට සංග්රහය ක් කිරීමට සිතුවේය.

“කරූ මොකෝ කියන්නේ මොනා හරි කරමුද”

“සල්ලී නෑ කුමාර මහත්තයො මේ වෙලාවෙ”

“දැං මම සල්ලි ඉල්ලුවද එන්නකො යන්න යාලුකම් අලුත් වෙන්නත් එක්ක අද මම ගානෙ”

දුරකථනය නාද වනු ඇසී ඉරේෂා පත්තර ය පසෙක තබා දිව ආවාය.

අම්මා කුස්සියේ සිට සාලයට ආවේත් ඒ සඳහා ය.ඉරේෂා අතින් සන් කොට අම්මාට ඉන්නට කියා දුරකථනය ගත්තාය.

“මේ ඕයි තමුසෙගේ අප්පච්චිට කියනව කෑවනම් බීවනම් පාඩුවෙ ඉන්න කියල මෙතන ඇවිත් අපට ලැජ්ජ කරන්නෙ නැතුව”

අනෙක්පසින් ඇසෙන බන්දුල ගේ හඬ අඳුනා ගැනීමට අපහසු නැත.කියනා කතාවේ අගක් මුලක් සිතාගනු බැරිව ඈ ලතවුනාය.

“ඇයි මොකක්ද ප්රශ්නෙ “

ඉරේෂා කඳුළු හිර කරගෙන ඇසුවාය.

“වෙලා තියෙන එක පොලිසිය ට ගිහින් බලා ගන්නව..”

ඉරේෂා ළඟ තිබූ පුටුවේ වාඩි උනා නොව ඒ මතට ඇදගෙන වැටුනාය.කලයුත්තේ කුමක්දැයි සිතාගැනීමට බැරිය.

“මොකද වෙලා තියෙන්නෙ කවුද කතා කලේ”

අම්මා ඉරේෂා අසලට දිව ආවාය.පොඩ්ඩීද අම්මාගෙ සද්දය නිසා කාමරයෙන් පිටතට ආවාය.

“අප්පච්චි බන්දුලගෙ ගෙදර අය එක්ක මොකක් හරි ප්රශ්නයක් දාගෙන..බන්දුල කතා කරල බනිණව” ඈට හැඩුම් ආවේ බයටය.

“අනේ මම ඔය මිනිහට කිව්වා ප්රශ්න ඇතිකරගන්න එපා කියල ...අනේ දෙයියනේ තියෙන ප්රශ්න මදිවට”

අම්මා කියවාගෙන ගියා ය.

[QUOTE="chamathkara 295, post: 24136607, member: 477761"] මදාරා කල ඉල්ලීම සිහිවූයේ දැන් ය.සොයා යන්නේ අම්මා නිසා වරදක් වන්නට ඉඩක්ද නැත .කලින් සිදුවීම නිසා ඇගේ හැසිරීම ස්ම්පූර්ණයෙන් වෙනස් වී ඇත.ගැහැණු දරුවකුට අම්මා කෙනෙකු නැති අඩුව ප්රබලව දැනෙනවාට සැක නැත.එසේ නමුත් මේ ගමනට සහබාගී වීමෙන් තම රැකියාව අනතුරේ හෙලීමට නොහැකිය.ඇය කිසියම් නොමනා ක්රියාවක් නොකරන බවට සහතිකයක් ලබා දෙන්නට කෙනෙක්ද නැත.හැමදේටම වඩා මෙය ඉරේෂා අක්කාට ආරංචි වුවහොත් ඇගේ සිත වුවත් බිඳී යා හැකිය.කවීශ තීරණය ක් ගැනීමට නොහැකිව දහ අතේ කල්පනා කලේය.ඉරේෂා අක්කාට කියා ගමන යන්නට පුලුවන් වුවත් ඇය කෙසේ භාර ගනීවිදැයි සිතාගත නොහැක. අම්මා සොයා යන ගමන් ආයතනයටත් ඩැඩීටත් රහසින් සිදුවිය යුතුය.අම්මාට තමා නැවත ලං වනවාට ඩැඩී කිසිසේත් කැමැත්තක් නම් නොදක්වනු ඇත.අම්මා තමාව කෙසේ පිළිගනීවිදැයි කියාද හිතේ චකිතයක් ඇත.ඒ කෙසේ වෙතත් ඈ සොයා යා යුතුය.හෙට නිවාඩු දිනයක් නිසා කාර්යාලයට ආරංචි නොවන්නට මේ ගමන පිටත් විය හැකිය .විශේෂයෙන්ම කවීශ ගමනට එකතු වන්නේ නම් වඩා පරිස්සම් විය යුතුය.තමාටත් වඩා ඔහුගේ ආත්මගරුත්වයට හානියක් වීමට ඉඩ තැබිය නොහැකිය .කවීශ ගෙන් පසුගියදා යහපත් ප්රතිචාරයක් නොලැබුණත ඔහු එක එල්ලේ ප්රතික්ෂේප ද නොකල නිසා හිතේ බලාපොරොත්තුවක් ඇත. දුරකථන ඇමතුම ගත්තේ ගමන කලින් සැලසුම් කරගතයුතු නිසාය.කීප වරක් උත්සාහ කලත් ඔහුගේ දුරකථනය ක්රියා කරන්නේ නැත.නිවසේ අංකයට ඇමතුවේ හිතේ චකිතයක් දරාගෙනය. “හෙලෝ කවීශ ඉන්නවද අම්මා ෆෝන් එක වැඩ නෑනේ ” අනෙක් පසින් ඇසෙන්නේ ගැහැණු කටහඬෙකි .පුතා ගැන කෙලින්ම අසන්නේ කවුරුන්ද කියා සිතේ පැනයකි. “කවුද දන් නෑ මේ පුතා නම් නිදි තවම” “අනේ මම මදාරා කියල එයාගෙ යාලුවෙක් අම්මා ඇහැරුනාම මට කෝල් එකක් ගන්න කියන්නකො ..මම තියන්නම් බුදු සරණයි “ “හොඳයි දුවේ මම කියන්නම්” දුරකථනය තැබුවේ ප්රශ්නයක් හිතේ දරාගෙනය .පොඩීට මදාරා කියා යාලුවෙක් සිටියා මතක නැත.මේකා කෙල්ලෙක්වත් හොයාගෙනද.මොන සක්කරවට්ටමක්ද දන් නෑ.අම්මාවරු පිරිමි පුතුන් දන් දෙන්නට ලෝබය .කතා බහේ නම් වරදක් නැත කට පුරා අම්මේ කියා කීවාය.මම හොයාගන්නම්කෝ අම්මා තමාටම කියා ගත්තාය. දුවේ කියා ආමන්ත්රණය කල විට හිත ගැස්සී ගියේ අම්මා සිහි වීමෙනි.අම්මා සොයා ගියත් ඈට අම්මා කියා ළං වීමට ඉඩ නැත.අප අතර කහසිවුරකින් වෙන්කල පවුරක් ඇත.බවුන් වඩන ඇගේ සිතට කෙලෙස් මූලයක් වන්නට උවමනාවක්ද නැත.කවීශ දැං දං කතා කරාවියැයි ඈ මග බලා උන්නාය. ලොක්කීගේ ප්රශ්න ය අප්පච්චිට යන්තම් කියා ගත්තේ සැර බාල කරමිනි.කේන්ති ගෙන මොනවා හෝ මෝඩ කමක් කරන්නට බැරි නැත.කටේ ගිනිවතුර හලා ගත්විට ඉන්නේ වෙනස්ම පුද්ගලයකි.හිතේ ආවේගයකින් මොනවා හෝ ප්රශ්නයක් දමා ගත්තොත් එය ලොක්කීට හොඳ නැත . “මොනවත් කියනව කරනව එහෙම නෙවෙයි හොඳද” “මම කාටවත් මොනවත් කියන්න යන්නෙ නෑ අපි හොයලදීපු දේවල් නෙවෙයි නෙ “ ඒත් ඒ ඇස්වල ඇත්තේ කෝපය බව අම්මා දන්නේය.පවුලේ පළමු දරුවා වූ ලොක්කීට අප්පච්චි මහත්සේ ආදරේය.පොඩි කාලයේ සුලු අසනීපයකටත් මහත් සේ බියවී එහේ මෙහේ දඟලන හැටි තවම මතකය.දරුවන් කියන්නේ වගකීම් ය. හන්දියට ගිය විට කරුණාපාල හමුවූයේ කලකට පසුවය.ආගිය තොරතුරු කතාකරමින් සිටි ඉරේෂා ගේ පියා පරණ මිතුරාට සංග්රහය ක් කිරීමට සිතුවේය. “කරූ මොකෝ කියන්නේ මොනා හරි කරමුද” “සල්ලී නෑ කුමාර මහත්තයො මේ වෙලාවෙ” “දැං මම සල්ලි ඉල්ලුවද එන්නකො යන්න යාලුකම් අලුත් වෙන්නත් එක්ක අද මම ගානෙ” දුරකථනය නාද වනු ඇසී ඉරේෂා පත්තර ය පසෙක තබා දිව ආවාය. අම්මා කුස්සියේ සිට සාලයට ආවේත් ඒ සඳහා ය.ඉරේෂා අතින් සන් කොට අම්මාට ඉන්නට කියා දුරකථනය ගත්තාය. “මේ ඕයි තමුසෙගේ අප්පච්චිට කියනව කෑවනම් බීවනම් පාඩුවෙ ඉන්න කියල මෙතන ඇවිත් අපට ලැජ්ජ කරන්නෙ නැතුව” අනෙක්පසින් ඇසෙන බන්දුල ගේ හඬ අඳුනා ගැනීමට අපහසු නැත.කියනා කතාවේ අගක් මුලක් සිතාගනු බැරිව ඈ ලතවුනාය. “ඇයි මොකක්ද ප්රශ්නෙ “ ඉරේෂා කඳුළු හිර කරගෙන ඇසුවාය. “වෙලා තියෙන එක පොලිසිය ට ගිහින් බලා ගන්නව..” ඉරේෂා ළඟ තිබූ පුටුවේ වාඩි උනා නොව ඒ මතට ඇදගෙන වැටුනාය.කලයුත්තේ කුමක්දැයි සිතාගැනීමට බැරිය. “මොකද වෙලා තියෙන්නෙ කවුද කතා කලේ” අම්මා ඉරේෂා අසලට දිව ආවාය.පොඩ්ඩීද අම්මාගෙ සද්දය නිසා කාමරයෙන් පිටතට ආවාය. “අප්පච්චි බන්දුලගෙ ගෙදර අය එක්ක මොකක් හරි ප්රශ්නයක් දාගෙන..බන්දුල කතා කරල බනිණව” ඈට හැඩුම් ආවේ බයටය. “අනේ මම ඔය මිනිහට කිව්වා ප්රශ්න ඇතිකරගන්න එපා කියල ...අනේ දෙයියනේ තියෙන ප්රශ්න මදිවට” අම්මා කියවාගෙන ගියා ය. [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom