සිහිනෙන්වත් ආණ්ඩුවට එකතු වෙන්නේ නෑ

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    වර්තමාන ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියටගෙන යෑමෙන් රටේ හෙට දවසට යපතක් නොවන්නාක් මෙන්ම එම වැඩපිළිවෙළින් රට අර්බුදයේ අගාදයට ගමන් කරන බවත් ඒ හේතුවෙන් ආණ්ඩුවේ දේශපාලන වැඩපිළිවෙළට එකතු වීමට සිහිනෙන්වත් අදහසක් නොමැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (8) පැවසීය.

    පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නාවල පිහිටි නිදහස ජනතා සභා ප්‍රධාන කාර්යාලයේදී අද (8) පැවැති මාධ්‍ය හමුවෙව්දී එසේ පැවසීය.

    ආණ්ඩුවේ වැඩපිළිවෙලට විකල්පයක් වන වැඩපිළිවෙළක් වෙනුවෙන් පමණක් නිදහස ජනතා සභා එකතු වන බව ද ඒ මහතා සඳහන් කළේය.

    ජනාධිපතිවරයාගේ කථාව සහ ක්‍රියාව අතර වෙනසක් ඇති බව කී ඩලස් අලහප්පෙරුම මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුවේ වැඩපිලිවෙළ ඉදිරියට ගියහොත් ‘ස්පා’වලට යන තරුණියන් සහ ත්‍රීිවිල්වලට යන තරුණයන් පමණක් මෙරට ඉතිරිව හැකියාවක් ඇති සියලුම දෙනා රට හැරයෑම නතර කළ නොහැකි බවත්ය.

    ආණ්ඩුව නිදහස් සෞඛ්‍ය ආදාහනාගාරයට යවා, නිදහස් අධ්‍යාපනය අවසන් හෝරාය දක්වා ගෙන ඇති බවත් අහිංසක දරුවන්ගේ පොත්වලටත් වැට් ගසා ගෝත්‍රික රටක් ලෙස දැනුමට වැට් ගහපු රටක් කළ සුළු පියෙක් රට පාලනය කරන බවත් ඒ මහතා කීය.

    නවවැනි පාර්ලිමේන්තුවේ 5 වැනි සැසිවාරය ආරම්භ කළ බවත් සැසිවාර කල්දැමීම සහ ප්‍රතිපත්ති ප්‍රකාශණ ඉදිරිපත් කිරීම විලාසිතාවක් වීමෙන්ම වසර හතරක් තුළ පස්වතාවක් සැසිවාර කල්දැමීම ප්‍රජාතන්ත්‍රවාදයේ පැවැත්මට නිරෝගීව බලපෑමක් නොදන්වන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

    lat udara, podi hujja kolla @netudara menna balapan anduwata kiyana dewal

    @2osama @John Dutton
     

    Similar threads