Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීගිරියේ රන්මුවා සෝපානය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සීගිරියේ රන්මුවා සෝපානය

සීගිරියේ රන්මුවා සෝපානය සොරකම් කර එංගලන්තයට පැටවූ නැව මුහුදු බත්

මෙවර අපි රාවණා යුගයේ තිබු නිදන් වස්තූන් පිළිබඳ අවධානය යොමු කරමු. එදා මෙරට රත්තරන්, රිදී, යකඩ බහුලව පැවති අතර රත්තරන් නිෂ්පාදනය කිරිමට තරම් හෙළයෝ දක්ෂ වූහ. එදවස පැවති රත්තරන් බොහෝ වස්තූන් නිධන් කර ඇති බවත්, ඒවා නිධන් කර ඇති ස්ථාන පිළිබඳ සටහන් තබා ඇති පුස්කොළ පොත් කිහිපයක් එංගලන්තයට රැගෙන ගොස් ඇත. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන ආකාරයට ශ්‍රි ලංකාවේ නිදන් වස්තුන් පිළිබඳ ඇස ගසා ගෙන සිටින්නේ මෙරට නිදන් හොරුන් පමණක් නොවේ. එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ද කිසියම් පිරිසකි. ඒ බව ඔහුට දැන ගැනිමට ලැබි තියෙන්නේ යුරෝපිය ජාතිකයන් ගෙන් බවත් සඳහන් කරයි. තවදුරටත් ඔහු මෙසේද පවසයි.

”යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ සේවය කළ හියු නෙවිල් නැමති සිවිල් නිලධාරියා අපේ රටේ අගනා පුස්කොළ ග්රන්ථ රැසක් එංගලන්තයට රැගෙන ගියේ මේ රටට ඇති ආදරය නිසා නොවේ. එම පොත් පත් තුළින් රටේ යථා තත්ත්වය හාරා අවුස්සා බැලීමට ය. 1862 වසරේ දී හියූ ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය එම පොත් පත් තොගය අදටත් එංගලන්තයේ බ්ලැක්ෆයර් වීදියේ කෞතුකාගාරයේ නිරුපද්‍රිතව තිබෙනවා. එක්සත් රාජධානියේ වෙසෙන වස්තූලෝභීන් එම පොත් පත් කියවා, එහි වාසය කරන සිය ඥාති මිත්රාදින්ට ඒවායේ ජායාරූප පිටපත් ලබා දී ඇති අතර, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුන් ලංකාවට පැමිණෙන්නේ අපට උදව් කිරීමේ මුවාවෙන් ඒවා රැගෙන යාමටයි.”

එවැනි යුරෝපීය ජාතිකයින් කිහිප දෙනෙකුම ආචාර්ය ඔබේසේකරයන්ට හමු වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. විවිධ සමිති සංවිධාන හරහා ලක්දිවට පැමිණි ඔවුන් ගෙන් කිහිප දෙනෙක් රාවණා ඉතිහාසය දැන ගැනීමට ඔහු හමු වී ඇත. ලංකාවේ පුස්කොළ පොත් ඇතුළු ලියකියවිලි රැගෙන ගොස් ඇත්තේ හියූ නෙවිල් පමණක් නොවේ. යුරෝපීය වැවිලිකරුවන්, රජයේ සේවකයන් ද ඒ අතරේ සිටිනවා. පුස්කොළ පොත් පමණක් නොව රන්පත්, රිදීපත්, තඹපත් වල ලියැවුණු වටිනා පොත්පත් රැසක් ද ඒ අතරේ පවතිනවා.

රාවණා යුගයේ නිදන් වස්තූන් සහ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාස ගත තොරතුරු රැසක් රාවණා ග්රන්ථයට ද ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ. ආචාර්ය මිරැන්ඩෝ කියවා ඇති පුවතකට අනුව සීගිරියද නිදන් වස්තූන් පිරි පෞරාණික ස්ථානයක් වන අතර, සීගිරි ගල මුදුනට නැගීමට එකළ රන්මුවා සෝපානයක් තිබී ඇත. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ එච්.සී.පී බෙල් විසින් එම රන්මුවා සෝපානය කැබලිවලට කපා එංගලන්තයට ගෙන යාම පිණිස නැව්ගත කර තිබේ. එම නෞකාව කිරින්දේ දී මුහුදුබත් වී තිබේ. එය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු වුවා දැයි නොතේරේ.

නිදන් වදුල නමින් ලේඛනයක් ගැන සඳහන් වේ. රජයට අයත් වස්තුව මෙන්ම පෞද්ගලික වස්තුව නිදන් ගත කළ ලේඛනය නිදන් වදුල නමින් හැඳින්විණි. මෙම නිදන් වදුල හෙවත් ලේඛන වල සාවද්‍ය නිදන් වදුලූ ද තිබෙන අතර, ඒ ආකාරයෙන් සාවද්‍ය නිදන් වදුලූ ඇත්තේ සැබෑ නිදන් වදුල ආරක්ෂා කර ගැනිමට ය. ප්රාග් ඓතිහාසික යුගයේ සිට මෑතක් වන තුරු පැවති චාරිත්‍රයක් වනුයේ දීර්ඝ කාලීන තැන්පත් වස්තුව ගල් කඳු වලත්, කෙටි කාලීන පරිභෝජනය සඳහා තැන්පත් කළ වස්තුව පොළොවෙත් තැන්පත් කර ඇති බවකි. ඒ අනුව ඈත අතීතයේ අපේ රටේ බැංකු සේවයක් තිබී ඇති අතර, ඒවාද වර්තමානයේ නිධාන ගණයට අයත් වේ. ඉපැරණි පුස්කොළ ග්රන්ථයන්හි සමනල, හක්ගල, බමරගල සහ තලගල වැනි කඳු වල රාවණ යුගයේ නිදන් වස්තු රැසක් තැන්පත් කර ඇති බැව් සඳහන් වේ.

රාවණා රජුගේ මහා නිදන් හතර ගැන සඳහන් වන පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට ඉහත සඳහන් කළ කඳු වල ඇතුන් දස දෙනෙක් බර නිදන් වස්තු ඇති බවත්, ඒවා ලබා ගැනීමට බිලි පුද නොකළ යුතු බවත්, රාවණ පරපුරෙන් පැවත එන දැහැමි පුද්ගලයෙක් එම ස්ථානයට ගොස් කන්නලව් කළ විට ලැබෙන බවත් සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එනම් මෙම වස්තුව ලබා ගැනීමට හිමිකම් නැති අහිමි කෙනෙක් එහි ගොස් ගල කඩා දමා වස්තුව ලබා ගැනීමට උත්සාහ කළ හොත්, එම පුද්ගලයා නිසැකවම මිය යන බවත් එහි වැඩිදුරටත් උපදෙස් දී ඇත.

නිදන් කවි පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට සබරගමුවට අයත් රක්වාන කඳුවැටියේ පසිංගල් මැණික් නිධානයක් ඇති බවත්, එහි හිමිකරුවා මුහුදෙන් එතෙර සිට පැමිණෙන යක්ෂ ගෝත්‍රිකයෙක් බවත් සඳහන් වේ. තවදුරටත් එහි මෙසේ ද දැක්වේ. ඕමාරාගොල්ල කන්දේ රාවණ රජුගේ අවි ගබඩාවක් තිබුණු බවත්, බණ්ඩාරවෙල නමුණුකුල කන්දේ යගදාව නිධන් කර ඇති බවත් සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම නිධන් වස්තූන් ගත යුතු ක්‍රම හා විධි එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. එහෙත් නිධන් හොරුන් ගෙන් එම ජාතික වස්තුව ආරක්ෂා කර ගත යුතු බැවින් ඒ පිළිබඳව කිසිවක් පවසන්නේ නැති බවත්, ආචාර්ය ඔබේසේකරයෝ පවසති.

අප ගත කරමින් සිටින්නේ උමං මාර්ග ගැන කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින කාලයකය. මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරිම සඳහා සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් සාදන බවට වත්මන් රජය යෝජනා කර තිබේ. මේ වන විටත් බොහෝ නගර වල පදික උමං මාර්ග දක්නට ලැබේ. එහෙත් ලෝකයට උමං මාර්ග ගැන පළමුව හඳුන්වා දුන්නේ රාවණා රජතුමා ගේ කාලයේදී බව පුරාණ ලේඛන වල සඳහන් වේ. එදා ඉතා දියුණු උමං මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවේ පැවතිණි.

රාවණ කතා පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට එදා උමං මාර්ග භාවිත කර ඇත්තේ ඉතා ඉක්මනින් ආරක්ෂා සහිතව ගමන් කිරිම සඳහා ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ උමං මාර්ග සෑදීමේදී කළුගල් විදගෙන යාමට තරම් දියුණු තාක්ෂණයක් එදා තිබුණු බවට සාක්ෂි සොයා ගත නොහැකි වීමයි. එහෙත් මෑත අතීතයේ රජවරුන්ගේ පාලන කාලයේද උමං මාර්ග පැවති බවත්, එය රජවරුන් ගේ ආරක්ෂාව සඳහා පමණක් භාවිතා කර ඇති බවත් සමහර ප්‍රදේශ වලින් හමුවන වැසී ගොස් ඇති උමං කටවල් අධ්‍යයනයේදී පැහැදිළි වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ කිරිමුහුදට ද උමං මාර්ගයක් තිබී ඇත. වීදියේ බණ්ඩාර කුමාරයා නිදහස් කර ගෙන ගොස් ඇත්තේ ද, උමං මාර්ගයක් භාවිත කරමිනි.

රාවණා යුගයේදී උමං මාර්ග සෑදිමේ තාක්ෂණය කෙසේ නම් වන්නට ඇතිදැයි සොයා බැලීම වැදගත් යැයි සිතේ. එකළ ඖෂධ බෙහෙත් බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණයක් පැවති බව ආචාර්ය ඔබේසේකරන්ගේ අදහසයි. එය යක්ෂ ගෝත්‍රිකයන් සතුව පැවති ඒකාධිකාරියකි. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මුදු මොළොක් තත්ත්වයට පත් කරවන බෙහෙත් වර්ගයක් රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන් සතුව පැවතුණි. විශාල ගල් කඳු වල කුහර සාදමින් දර්ශනීය ලෙස උමං මාර්ග තැනුහ.

ඒ අනුව මෙරට උසම කන්ද වන නුවරඑළියේ තලගල කන්දේ සිට නුවරඑළියේ කිකිළියමාන කන්ද දක්වාත්, එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත්රීපුර කන්ද දක්වාත්, එහි සිට නුවරඑළියේ හක්ගලට ද උමං මාර්ග තිබී ඇත. වර්තමාන හග්ගල උද්භිද උද්‍යානය ඈත අතීතයේ රාවණ රජතුමා ගේ ඖෂධ උයන වශයෙන් පැවති බව පුරාණ තල්පත් වල ලියවී ඇත. රාවණ රජතුමා ගේ අන්තඃපුරය ඌව පරණගම ස්ත්රීපුර කන්දේ පිහිටා තිබූ අතර, එහි නවතා සිටි සීතා දේවියට කුෂ්ඨ රෝගයක් වැළඳීමෙන් පසු හිරු එළිය ලබා ගැනීම පිණිස නුවරඑළිය හග්ගලට ඇය රැගෙන පැමිණ තිබෙන්නේ ඌව පරණගම උමං මාර්ගය ඔස්සේ ය. සීතා දේවිය සිහිවීම පිණිස එහි දර්ශනීය කෝවිලක් සාදා ඇත. ඌව පරණගම සිට මහියංගණය දක්වා ද, මහියංගණයේ සිට ලග්ගල දක්වාත් රහසිගත උමං මාර්ගයක් පැවතියේ ය. මෙම උමං මාර්ගයේ මිනිසුන් හත් දෙනෙකුට එකපෙළට ගමන් කිරිමටත් හැකි වන අයුරින් පුළුල් ආකාරයෙන් නිමවා තිබුණි.

නුවරඑළිය ප්‍රදේශයේ පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවල උමං මාර්ග පැවති අතර, ඉන් තවත් වැදගත් උමං මාර්ග පද්ධතියක් සීගිරිය දක්වාත් තිබී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බව රාවණ කතා ග්‍රන්ථයේ සඳහන් වේ. හුලංගමුව ඇමිල්ල විහාර කන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගය දැනට ගරා වැටී ඇති ප්‍රකට උමං මාර්ගයකි. එම උමං මාර්ගය එක් පැරණි වලව්වක ඉඩමෙන් මතු වී තිබෙන අතර, එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමා ඇත. එදා සීගිරියේ සිට මුළු ලක්දිවම පාලනය කළ බව සඳහන් වේ. මේ නිසා උමං මාර්ග පද්ධතියේ කේන්ද්‍රස්ථානය එහි පිහිටා තිබේ. උමං මාර්ග බොහොමයක් අද ගරා වැටි ඇත්තේ මහවැලි යෝජනා ක්‍රමය යටතේ බිහිවුණු කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වලින් කාන්දු වන ජලය නිසා බවත්, එය රාවණා රජතුමාටවත් වැළැක්විය නොහැකි බාධාවක් බවත් ආචාර්ය ඔබේසේකරයන් ගේ අදහසයි. 1977න් පසු ශ්‍රී ලංකාවේ හදිසි නාය යෑම් රැසකින් උඩරට බොහෝ ගම්බිම් විනාශ වුණි. දැනටත් එය සිදු වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව මෙම ජලාශ වල ජලය උමං තුළට කාන්දු වීම හැර වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි.

භූ විද්‍යාඥයින්ගේ මතය අනුවත් මාතලේ හරහා උමං ගංගා මාර්ගයක් පවතින බවය. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංඟාවක් ලෙස විශ්වාස කළේ රාවණ යුගයේ පැවති ජල මාර්ගයක් විය හැකි බව දොස්තර ශ්‍රී වාස්තව මහතා ප්‍රකාශ කර ඇති බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එපමණක් ද නොව සීගිරිය පර්වතය යටින් ලග්ගල දක්වා තවත් උමං මාර්ගයක් ඇති බැව් තවත් වියත් මතයකි. ලග්ගල බොහෝ දෙනකුගේ අදහස වනුයේ සීගිරියේ සිට ලකේ ගලට උමං මාර්ගයක් ඇති බවය. රාවණ රජතුමාගේ පමණක් නොව ධාතුසේන රජතුමාගේ අන්තඃපුරයද සීගිරියේ පිහිටා තිබුණු බව විද්වතුන් ගේ අදහසයි.

මතු සම්බන්ධයි.

සිසිර කුමාර බණ්ඩාර

[QUOTE="banda065, post: 21836412, member: 27834"] [b]සීගිරියේ රන්මුවා සෝපානය[/b] [SIZE="4"]සීගිරියේ රන්මුවා සෝපානය සොරකම් කර එංගලන්තයට පැටවූ නැව මුහුදු බත් [IMG]http://static.lankadeepa.lk/assets/uploads/image_cf1ce0a99f.jpg[/IMG] මෙවර අපි රාවණා යුගයේ තිබු නිදන් වස්තූන් පිළිබඳ අවධානය යොමු කරමු. එදා මෙරට රත්තරන්, රිදී, යකඩ බහුලව පැවති අතර රත්තරන් නිෂ්පාදනය කිරිමට තරම් හෙළයෝ දක්ෂ වූහ. එදවස පැවති රත්තරන් බොහෝ වස්තූන් නිධන් කර ඇති බවත්, ඒවා නිධන් කර ඇති ස්ථාන පිළිබඳ සටහන් තබා ඇති පුස්කොළ පොත් කිහිපයක් එංගලන්තයට රැගෙන ගොස් ඇත. ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහතා පවසන ආකාරයට ශ්‍රි ලංකාවේ නිදන් වස්තුන් පිළිබඳ ඇස ගසා ගෙන සිටින්නේ මෙරට නිදන් හොරුන් පමණක් නොවේ. එක්සත් රාජධානියේ මෙන්ම එක්සත් ජනපදයේ ද කිසියම් පිරිසකි. ඒ බව ඔහුට දැන ගැනිමට ලැබි තියෙන්නේ යුරෝපිය ජාතිකයන් ගෙන් බවත් සඳහන් කරයි. තවදුරටත් ඔහු මෙසේද පවසයි. ”යටත් විජිත යුගයේ ශ්‍රී ලංකාවේ සේවය කළ හියු නෙවිල් නැමති සිවිල් නිලධාරියා අපේ රටේ අගනා පුස්කොළ ග්රන්ථ රැසක් එංගලන්තයට රැගෙන ගියේ මේ රටට ඇති ආදරය නිසා නොවේ. එම පොත් පත් තුළින් රටේ යථා තත්ත්වය හාරා අවුස්සා බැලීමට ය. 1862 වසරේ දී හියූ ශ්‍රී ලංකාවෙන් ගෙන ගිය එම පොත් පත් තොගය අදටත් එංගලන්තයේ බ්ලැක්ෆයර් වීදියේ කෞතුකාගාරයේ නිරුපද්‍රිතව තිබෙනවා. එක්සත් රාජධානියේ වෙසෙන වස්තූලෝභීන් එම පොත් පත් කියවා, එහි වාසය කරන සිය ඥාති මිත්රාදින්ට ඒවායේ ජායාරූප පිටපත් ලබා දී ඇති අතර, විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහා ඔවුන් ලංකාවට පැමිණෙන්නේ අපට උදව් කිරීමේ මුවාවෙන් ඒවා රැගෙන යාමටයි.” එවැනි යුරෝපීය ජාතිකයින් කිහිප දෙනෙකුම ආචාර්ය ඔබේසේකරයන්ට හමු වී ඇත්තේ වරක් දෙවරක් නොවේ. විවිධ සමිති සංවිධාන හරහා ලක්දිවට පැමිණි ඔවුන් ගෙන් කිහිප දෙනෙක් රාවණා ඉතිහාසය දැන ගැනීමට ඔහු හමු වී ඇත. ලංකාවේ පුස්කොළ පොත් ඇතුළු ලියකියවිලි රැගෙන ගොස් ඇත්තේ හියූ නෙවිල් පමණක් නොවේ. යුරෝපීය වැවිලිකරුවන්, රජයේ සේවකයන් ද ඒ අතරේ සිටිනවා. පුස්කොළ පොත් පමණක් නොව රන්පත්, රිදීපත්, තඹපත් වල ලියැවුණු වටිනා පොත්පත් රැසක් ද ඒ අතරේ පවතිනවා. රාවණා යුගයේ නිදන් වස්තූන් සහ ශ්‍රී ලංකාවේ ප්රාග් ඉතිහාස ගත තොරතුරු රැසක් රාවණා ග්රන්ථයට ද ඇතුළත් කර තිබෙන බව සඳහන් වේ. ආචාර්ය මිරැන්ඩෝ කියවා ඇති පුවතකට අනුව සීගිරියද නිදන් වස්තූන් පිරි පෞරාණික ස්ථානයක් වන අතර, සීගිරි ගල මුදුනට නැගීමට එකළ රන්මුවා සෝපානයක් තිබී ඇත. හිටපු පුරාවිද්‍යා කොමසාරිස්වරයෙකු වූ එච්.සී.පී බෙල් විසින් එම රන්මුවා සෝපානය කැබලිවලට කපා එංගලන්තයට ගෙන යාම පිණිස නැව්ගත කර තිබේ. එම නෞකාව කිරින්දේ දී මුහුදුබත් වී තිබේ. එය කිසියම් අදෘශ්‍යමාන බලවේගයකින් සිදු වුවා දැයි නොතේරේ. නිදන් වදුල නමින් ලේඛනයක් ගැන සඳහන් වේ. රජයට අයත් වස්තුව මෙන්ම පෞද්ගලික වස්තුව නිදන් ගත කළ ලේඛනය නිදන් වදුල නමින් හැඳින්විණි. මෙම නිදන් වදුල හෙවත් ලේඛන වල සාවද්‍ය නිදන් වදුලූ ද තිබෙන අතර, ඒ ආකාරයෙන් සාවද්‍ය නිදන් වදුලූ ඇත්තේ සැබෑ නිදන් වදුල ආරක්ෂා කර ගැනිමට ය. ප්රාග් ඓතිහාසික යුගයේ සිට මෑතක් වන තුරු පැවති චාරිත්‍රයක් වනුයේ දීර්ඝ කාලීන තැන්පත් වස්තුව ගල් කඳු වලත්, කෙටි කාලීන පරිභෝජනය සඳහා තැන්පත් කළ වස්තුව පොළොවෙත් තැන්පත් කර ඇති බවකි. ඒ අනුව ඈත අතීතයේ අපේ රටේ බැංකු සේවයක් තිබී ඇති අතර, ඒවාද වර්තමානයේ නිධාන ගණයට අයත් වේ. ඉපැරණි පුස්කොළ ග්රන්ථයන්හි සමනල, හක්ගල, බමරගල සහ තලගල වැනි කඳු වල රාවණ යුගයේ නිදන් වස්තු රැසක් තැන්පත් කර ඇති බැව් සඳහන් වේ. රාවණා රජුගේ මහා නිදන් හතර ගැන සඳහන් වන පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට ඉහත සඳහන් කළ කඳු වල ඇතුන් දස දෙනෙක් බර නිදන් වස්තු ඇති බවත්, ඒවා ලබා ගැනීමට බිලි පුද නොකළ යුතු බවත්, රාවණ පරපුරෙන් පැවත එන දැහැමි පුද්ගලයෙක් එම ස්ථානයට ගොස් කන්නලව් කළ විට ලැබෙන බවත් සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වන බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එනම් මෙම වස්තුව ලබා ගැනීමට හිමිකම් නැති අහිමි කෙනෙක් එහි ගොස් ගල කඩා දමා වස්තුව ලබා ගැනීමට උත්සාහ කළ හොත්, එම පුද්ගලයා නිසැකවම මිය යන බවත් එහි වැඩිදුරටත් උපදෙස් දී ඇත. නිදන් කවි පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට සබරගමුවට අයත් රක්වාන කඳුවැටියේ පසිංගල් මැණික් නිධානයක් ඇති බවත්, එහි හිමිකරුවා මුහුදෙන් එතෙර සිට පැමිණෙන යක්ෂ ගෝත්‍රිකයෙක් බවත් සඳහන් වේ. තවදුරටත් එහි මෙසේ ද දැක්වේ. ඕමාරාගොල්ල කන්දේ රාවණ රජුගේ අවි ගබඩාවක් තිබුණු බවත්, බණ්ඩාරවෙල නමුණුකුල කන්දේ යගදාව නිධන් කර ඇති බවත් සඳහන් වේ. කෙසේ වෙතත්, මෙම නිධන් වස්තූන් ගත යුතු ක්‍රම හා විධි එම ග්‍රන්ථයේ සඳහන් කර ඇත. එහෙත් නිධන් හොරුන් ගෙන් එම ජාතික වස්තුව ආරක්ෂා කර ගත යුතු බැවින් ඒ පිළිබඳව කිසිවක් පවසන්නේ නැති බවත්, ආචාර්ය ඔබේසේකරයෝ පවසති. අප ගත කරමින් සිටින්නේ උමං මාර්ග ගැන කතිකාවතක් නිර්මාණය වෙමින් පවතින කාලයකය. මහනුවර නගරයේ වාහන තදබදය අඩු කිරිම සඳහා සුදුහුම්පොළ සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් සාදන බවට වත්මන් රජය යෝජනා කර තිබේ. මේ වන විටත් බොහෝ නගර වල පදික උමං මාර්ග දක්නට ලැබේ. එහෙත් ලෝකයට උමං මාර්ග ගැන පළමුව හඳුන්වා දුන්නේ රාවණා රජතුමා ගේ කාලයේදී බව පුරාණ ලේඛන වල සඳහන් වේ. එදා ඉතා දියුණු උමං මාර්ග පද්ධතියක් ශ්‍රී ලංකාවේ පැවතිණි. රාවණ කතා පුස්කොළ ග්රන්ථයෙහි සඳහන් වන ආකාරයට එදා උමං මාර්ග භාවිත කර ඇත්තේ ඉතා ඉක්මනින් ආරක්ෂා සහිතව ගමන් කිරිම සඳහා ය. බොහෝ දෙනෙකුට ප්‍රශ්නයක් වන්නේ උමං මාර්ග සෑදීමේදී කළුගල් විදගෙන යාමට තරම් දියුණු තාක්ෂණයක් එදා තිබුණු බවට සාක්ෂි සොයා ගත නොහැකි වීමයි. එහෙත් මෑත අතීතයේ රජවරුන්ගේ පාලන කාලයේද උමං මාර්ග පැවති බවත්, එය රජවරුන් ගේ ආරක්ෂාව සඳහා පමණක් භාවිතා කර ඇති බවත් සමහර ප්‍රදේශ වලින් හමුවන වැසී ගොස් ඇති උමං කටවල් අධ්‍යයනයේදී පැහැදිළි වේ. ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ කිරිමුහුදට ද උමං මාර්ගයක් තිබී ඇත. වීදියේ බණ්ඩාර කුමාරයා නිදහස් කර ගෙන ගොස් ඇත්තේ ද, උමං මාර්ගයක් භාවිත කරමිනි. රාවණා යුගයේදී උමං මාර්ග සෑදිමේ තාක්ෂණය කෙසේ නම් වන්නට ඇතිදැයි සොයා බැලීම වැදගත් යැයි සිතේ. එකළ ඖෂධ බෙහෙත් බලයෙන් කළුගල් උණු කිරීමේ තාක්ෂණයක් පැවති බව ආචාර්ය ඔබේසේකරන්ගේ අදහසයි. එය යක්ෂ ගෝත්‍රිකයන් සතුව පැවති ඒකාධිකාරියකි. කළු ගලක් පාන් ගෙඩියක් මෙන් මුදු මොළොක් තත්ත්වයට පත් කරවන බෙහෙත් වර්ගයක් රාවණ යුගයේ යක්ෂ ගෝත්‍රිකයන් සතුව පැවතුණි. විශාල ගල් කඳු වල කුහර සාදමින් දර්ශනීය ලෙස උමං මාර්ග තැනුහ. ඒ අනුව මෙරට උසම කන්ද වන නුවරඑළියේ තලගල කන්දේ සිට නුවරඑළියේ කිකිළියමාන කන්ද දක්වාත්, එහි සිට වැලිමඩ ඌව පරණගම ස්ත්රීපුර කන්ද දක්වාත්, එහි සිට නුවරඑළියේ හක්ගලට ද උමං මාර්ග තිබී ඇත. වර්තමාන හග්ගල උද්භිද උද්‍යානය ඈත අතීතයේ රාවණ රජතුමා ගේ ඖෂධ උයන වශයෙන් පැවති බව පුරාණ තල්පත් වල ලියවී ඇත. රාවණ රජතුමා ගේ අන්තඃපුරය ඌව පරණගම ස්ත්රීපුර කන්දේ පිහිටා තිබූ අතර, එහි නවතා සිටි සීතා දේවියට කුෂ්ඨ රෝගයක් වැළඳීමෙන් පසු හිරු එළිය ලබා ගැනීම පිණිස නුවරඑළිය හග්ගලට ඇය රැගෙන පැමිණ තිබෙන්නේ ඌව පරණගම උමං මාර්ගය ඔස්සේ ය. සීතා දේවිය සිහිවීම පිණිස එහි දර්ශනීය කෝවිලක් සාදා ඇත. ඌව පරණගම සිට මහියංගණය දක්වා ද, මහියංගණයේ සිට ලග්ගල දක්වාත් රහසිගත උමං මාර්ගයක් පැවතියේ ය. මෙම උමං මාර්ගයේ මිනිසුන් හත් දෙනෙකුට එකපෙළට ගමන් කිරිමටත් හැකි වන අයුරින් පුළුල් ආකාරයෙන් නිමවා තිබුණි. නුවරඑළිය ප්‍රදේශයේ පමණක් නොව ලංකාවේ බොහෝ ප්‍රදේශවල උමං මාර්ග පැවති අතර, ඉන් තවත් වැදගත් උමං මාර්ග පද්ධතියක් සීගිරිය දක්වාත් තිබී ඇත. මාතලේ දිස්ත්‍රික්කයේ සීගිරිය ද උමං මාර්ග මධ්‍යස්ථානයක් ලෙස භාවිත කර ඇති බව රාවණ කතා ග්‍රන්ථයේ සඳහන් වේ. හුලංගමුව ඇමිල්ල විහාර කන්දේ සිට සීගිරිය දක්වා තිබෙන උමං මාර්ගය දැනට ගරා වැටී ඇති ප්‍රකට උමං මාර්ගයකි. එම උමං මාර්ගය එක් පැරණි වලව්වක ඉඩමෙන් මතු වී තිබෙන අතර, එම ඉඩමේ අයිතිකරුවන් විසින් එය වසා දමා ඇත. එදා සීගිරියේ සිට මුළු ලක්දිවම පාලනය කළ බව සඳහන් වේ. මේ නිසා උමං මාර්ග පද්ධතියේ කේන්ද්‍රස්ථානය එහි පිහිටා තිබේ. උමං මාර්ග බොහොමයක් අද ගරා වැටි ඇත්තේ මහවැලි යෝජනා ක්‍රමය යටතේ බිහිවුණු කොත්මලේ, වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ වලින් කාන්දු වන ජලය නිසා බවත්, එය රාවණා රජතුමාටවත් වැළැක්විය නොහැකි බාධාවක් බවත් ආචාර්ය ඔබේසේකරයන් ගේ අදහසයි. 1977න් පසු ශ්‍රී ලංකාවේ හදිසි නාය යෑම් රැසකින් උඩරට බොහෝ ගම්බිම් විනාශ වුණි. දැනටත් එය සිදු වෙමින් පවතී. එයට ප්‍රධාන හේතුව මෙම ජලාශ වල ජලය උමං තුළට කාන්දු වීම හැර වෙනත් කිසිදු හේතුවක් නිසා නොවන බව ඔහු වැඩිදුරටත් පවසයි. භූ විද්‍යාඥයින්ගේ මතය අනුවත් මාතලේ හරහා උමං ගංගා මාර්ගයක් පවතින බවය. ඉංග්‍රීසි ජාතික ඉංජිනේරුවරු එදා උමං ගංඟාවක් ලෙස විශ්වාස කළේ රාවණ යුගයේ පැවති ජල මාර්ගයක් විය හැකි බව දොස්තර ශ්‍රී වාස්තව මහතා ප්‍රකාශ කර ඇති බව ආචාර්ය ඔබේසේකරයෝ පවසති. එපමණක් ද නොව සීගිරිය පර්වතය යටින් ලග්ගල දක්වා තවත් උමං මාර්ගයක් ඇති බැව් තවත් වියත් මතයකි. ලග්ගල බොහෝ දෙනකුගේ අදහස වනුයේ සීගිරියේ සිට ලකේ ගලට උමං මාර්ගයක් ඇති බවය. රාවණ රජතුමාගේ පමණක් නොව ධාතුසේන රජතුමාගේ අන්තඃපුරයද සීගිරියේ පිහිටා තිබුණු බව විද්වතුන් ගේ අදහසයි. මතු සම්බන්ධයි. සිසිර කුමාර බණ්ඩාර[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom