Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
සීනිගම දේවාලයේ මහා මුදල් වංචා…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුල රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙලිවන්නේ යැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේය.

කෝවිඩ් අරමුදලට 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කල බවට සඳහන්ව ඇතත් එම මුදල් නිසි පරිදි ජනාධිපති අරමුදලට බැර නොවිම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු සදහන් වන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.

කෝවිඩ් අරමුදල වෙනුවෙන් බැරකරන බව සඳහන් කර 2020.04.17 වන දින අංක 522358 දරණ චෙක්පතින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ද 2020.06.28 දින අංක 522366 දරණ චෙක්පතින් තවත් ලක්ෂ 05ක මුදලක්ද ලබා ගෙන ඇතත් එවැනි මුදලක් ජනාධිපති අරමුදලට බැර කර නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. දේව පූජාව සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය, පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු දක්වා ඇත.

දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත. එහි පළමු මහල සදහා රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් වැයකර තිබෙන බවද එහි සදහන්ය. මෙය විහාර දේවාලගම් පනත උල්ලංඝනය කිරීමක් බවද පළමු මහලේ ඉදිකිරීම් සදහා මුලු පිරිවැය ඇස්තමේන්තුවෙන් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්දැයි යන්න හා ඒ පිරිවැය ඉක්මවා වියදම් කර ඇත්ද යන්න දැන ගැනිම සඳහා කිසිම ගිණූම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලය සතුව නැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ.

1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ මහතාද පෙන්වා දී තිබේ.

එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගෙන් කල විමසීමේ දී මෙසේ කීය.

සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා. මම මේ වෙලාවේ ඉන්නෙ වෙනත් කටයුත්තක. 2022 ලිපි ගොනුව බලල වැඩි විස්තර කියන්නම්. ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන මහතා මෙසේ කීය.

ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා යනුවෙන්ද සදහන් කළේය.

[QUOTE="SLK_sri, post: 29107869, member: 569192"] හික්කඩුව, සීනිගම මහා දෙවොල් දේවාලයේ පසුගිය වසර දෙක තුල රුපියල් කෝටි ගණනක මහා පරිමාණයේ මුදල් වංචා සිදුව තිබෙන බව 2021 හා 2022 විගණන වාර්තා වලින් හෙලිවන්නේ යැයි බෞද්ධ හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ප්‍රකාශ කළේය. කෝවිඩ් අරමුදලට 2019 වසරේ දී රුපියල් ලක්ෂ 10 ක මුදලක් පරිත්‍යාග කල බවට සඳහන්ව ඇතත් එම මුදල් නිසි පරිදි ජනාධිපති අරමුදලට බැර නොවිම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු සදහන් වන බව ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය. කෝවිඩ් අරමුදල වෙනුවෙන් බැරකරන බව සඳහන් කර 2020.04.17 වන දින අංක 522358 දරණ චෙක්පතින් රුපියල් ලක්ෂ 05ක මුදලක් ද 2020.06.28 දින අංක 522366 දරණ චෙක්පතින් තවත් ලක්ෂ 05ක මුදලක්ද ලබා ගෙන ඇතත් එවැනි මුදලක් ජනාධිපති අරමුදලට බැර කර නොමැති බවද විගණන වාර්තාවේ සදහන් වේ. දේව පූජාව සඳහා විවිධ ප්‍රදේශවලින් පැමිණෙන බැතිමතුන් ලබා දෙන වියලි ආහාර ද්‍රව්‍ය, පූජා භාණ්ඩ නිසි ක්‍රමවේදයක් අනුගමනය නොකර හිතවතුන්ට ලබා දීම සම්බන්ධයෙන්ද විගණන වාර්තාවේ කරුණු දක්වා ඇත. දේවාල භූමියේ ඉදිකරන ලද නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වරයාගේ අනුමැති හා විධිමත් ඇස්තමේන්තු නොමැති බවද අදාල විගණන වාර්තාවල කරුණු දක්වා ඇත. එහි පළමු මහල සදහා රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් වැයකර තිබෙන බවද එහි සදහන්ය. මෙය විහාර දේවාලගම් පනත උල්ලංඝනය කිරීමක් බවද පළමු මහලේ ඉදිකිරීම් සදහා මුලු පිරිවැය ඇස්තමේන්තුවෙන් කොපමණ වැඩ ප්‍රමාණයක් අවසන් කර ඇත්දැයි යන්න හා ඒ පිරිවැය ඉක්මවා වියදම් කර ඇත්ද යන්න දැන ගැනිම සඳහා කිසිම ගිණූම් වාර්තාවක් සීනිගම දේවාලයේ කාර්යමණ්ඩලය සතුව නැති බව ද විගණන වාර්තාවේ සඳහන් වේ. 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනතේ 18 වන වගන්තිය හා 1922 අංක 01 දරණ මහා භාරකාර පනතේ සදහන් නිරික්ෂණ කිසිවක් නොමැතිව එවැනි ඉදිකිරිමක් කිරීම නිති විරෝධි බවද විගණකාධිපතිවරයාගේ අදහස වී තිබේ. සිනිගම දෙවොල් දේවාල භූමියේ ඉදිකිරිම එම චක්‍රලේඛණ උල්ලංගනය කිරිමක් බව බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන අභ්‍යන්තර විගණක විමල් ආර් ගමගේ මහතාද පෙන්වා දී තිබේ. එයට අමතරව වසර 13 ක කාලයක් දේවාලය සතු රුපියල් කෝටියක ස්ථිර තැන්පත් ගිණුමේ මුදල් ලබාගෙන තිබුණනත් එම මුදල් වියදම් කරන ලද ක්‍රමවේදයක් දේවාලය සතු කාර්යාලයේ කිසිදු ආකාරයකින් සදහන් නොවන බවද විගණන වාර්තාවෙන් පෙන්වා දී තිබේ. මේ සම්බන්ධයෙන් බෞද්ධ හා ආගමික කටයුතු පිළිබද අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදාන පතිරණ මහතාගෙන් කල විමසීමේ දී මෙසේ කීය. සීනිගම දේවාලයේ අකටයුතු සම්බන්ධව ඒ ප්‍රදේශයෙන් ලැබුණු පැමිණිලි මත අපි පරික්ෂණයක් සිදු කලා. දේවාලය සම්බන්ධයෙන් සිදුකල විගණන පරික්ෂණය අනුව එහි වත්මන් භාරකරු අත්තනෝමතිකව මුදල් පරිහරණය කිරිම හා විවිධ ඉදිකිරිම් කටයුතු කර තිබෙන බවද තහවුරු වුණා. ප්‍රසම්පාදන වැය ශීර්ෂ කිසිවක් නොමැතිව මුදල් වියදම් කිරීම නිති විරෝධි කටයුත්තක් බව අපි පෙන්වා දුන්නා. මම මේ වෙලාවේ ඉන්නෙ වෙනත් කටයුත්තක. 2022 ලිපි ගොනුව බලල වැඩි විස්තර කියන්නම්. ඒ සම්බන්ධව සියලු වාර්තා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල් තුමාවෙත යොමු කර ඊට අදාල පියවර ගන්නා ලෙස අපි දැනුම් දී තිබෙනවා. මේ සම්බන්ධයෙන් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වැඩබල කොමසාරිස් කේ සිරිවර්ධන මහතා මෙසේ කීය. ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් කරුණු විගණන වාර්තාවල සඳහන්ව තිබෙනවා. අදාල කාරණා සම්බන්ධව මේ වන විටත් අදාල බලධාරින් දැනුවත් කිරිමට අප කටයුතු කර තිබෙනවා. වත්මන් භාරකරුට මින් ඉදිරියට එවැනි කටයුතු නොකරන ලෙසත් විගණන පරික්ෂණ කාල සීමාවේදීම අපි තරයේ අවවාද කර තිබෙනවා යනුවෙන්ද සදහන් කළේය. [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom