You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
නෑ නෑ කෑම්රි ජෙප්පෝ තමයි කාලා තියෙන්නේ රට
@netudara උඹ O/L ෆේල් පොරක් නම් ගැම්මට මේකටත් Dislike එකක් ගහපන්
hari oka O/L fail lu
දැන් මේක අයකර ගනීද නැත්තං උක දීලා රටට පාඩු කරයිද
@erozan @weer 11 @hirugalbandara @redundent
නෑ නෑ කෑම්රි ජෙප්පෝ තමයි කාලා තියෙන්නේ රට
කව්ද හිතුවේ මෝඩ ජෙපි ආණ්ඩුවක් ඇවිල්ලා රාජපක්ෂලාව බේරාගනී කියල
"රුපියල් 50ක සීනි බද්ධ ශත 25ක් දක්වා අඩු කිරීමේ සිද්ධියේ අපරාධමය වරදක් සිදුව නැහැ" - නීතිපති අධිකරණයට දන්වයි
පසුගිය 2020 වසරේ ඔක්තෝම්බර් මස සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ධ ශත 25ක් දක්වා අඩු කිරීමේ සිද්ධියට අදාලව සිදුකළ විමර්ශනවලදී කිසිදු අපරාධමය වරදක් අනාවරණය වී නොමැති බවට නීතිපතිවරයා විසින් උපදෙස් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල ඊයේ (12) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.
ඒ අනුව ඊට අදාළ විමර්ශන කටයුතු අවසන් කිරීමට අවසර දුන් මහේස්ත්‍රාත්වරයා මෙම සිද්ධියේදී යම් දූෂණයක් හෝ අල්ලසක් සම්බන්ධයෙන් කරුණු අනාවරණය වෙන්නේ නම් මෙම නඩු ගොනුව අදාළ ආයතන වෙත යොමු කර විමර්ශන සිදු කිරීමට හැකියාව තිබෙන බවත් සඳහන් කර සිටියා.
2020 වසරේ ඔක්තෝබර් මස 13වනදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සීනි සඳහා පනවා තිබූ රුපියල් 50ක බද්ධ ශත 25ක් දක්වා අඩු කිරීමට රජය ගනු ලැබූ තීරණය තුළින් රජයට පාඩුවක් සිදු වී තිබේදැයි සොයා බැලීම සඳහා විමර්ශනයක් සිදු කරන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඉන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊට අදාල විමර්ශන පවත්වා සියලු උදෘත නීතිපති දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කළා.
ඒවා අධ්‍යයනය කිරීමෙන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වෙත දැනුම් දී තිබුණේ මෙම විමර්ශනය තුළින් අපරාධමය වරදක් උද්ගත නොවන බවයි.
ඒ අනුව නඩු කටයුතු අවසන් කෙරුණා.
-
https://hirunews.lk/407058/no-crimi...o-25-cents-attorney-general-informs-the-court